විවාහ_වෙනකොට_මුලින්ම_හොයල_බලන්න_ඕන_මොනවද??

විවාහ_වෙනකොට_මුල


  • Total voters
    824

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    සල්ලි(දැවැද්ද):no::no:
    හොද රස්සාවක් :no:

    දෙමාපියන්ගේ කැමත්ත :no:
    දෙදෙනාගේ කැමැත්ත :yes:

    ආදරය(විශ්වාසය) :yes:

    ජාතිය ආගම ගැලපීම :no:

    කුලය ගැලපීම :no:

    චරිතය හොද කෙනෙක් වීම(ගති ගුණ) :yes:

    ලස්සන වීම :yes:

    කේන්දරය(හදහන) :no::no::no::no:
    :yes::yes::yes::yes:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    හොද රස්සාවක්
    දෙමාපියන්ගේ කැමත්ත
    දෙදෙනාගේ කැමැත්ත
    ආදරය(විශ්වාසය)
    චරිතය හොද කෙනෙක් වීම(ගති ගුණ)
    ලස්සන වීම

    ආදරයට නම් ඔය කිව්ව මොකුත් තියෙන්න ඔනෙ නැ:no: එත් සාර්තක විවාහයකට නම් මේ ටික තියෙන්න ඔනේ
    සරල ලව් එකක් නම් ඉතින් හීන ලෝකේ තමයි:rofl::lol:
    ජයවේවා
    11.gif
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    හොද රස්සාවක්
    දෙදෙනාගේ කැමැත්ත
    ආදරය(විශ්වාසය)
    ජාතිය ආගම ගැලපීම
    චරිතය හොද කෙනෙක් වීම(ගති ගුණ)

    මම නම් අනිවාර්ය අවශ්‍යතා කියලා එකඟ වෙන්නේ මේවට විතරයි.මේ ටික තමයි අනිවාර්යෙන්ම තියෙන්න ඕන...දෙන්නට දෙන්න අවබෝධයෙන් ඉන්නවනම් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැ..මේවා ගැන සැලකිල්ලක් දැක්කුවේ නැත්තම් පවුල් අවුල් වෙනවා අනිවාර්යෙන්..ජාතිය ආගම ගැලපීම
    බලන්න ඕන කියල දැම්මේ ඒවා අතර සැහෙන වෙනස්කම තියෙන නිසා..වෙනස් ජාති ආගම්වල අයත් විවාහවෙලා හොඳින් ඉන්න තැන් තියෙනවා හැබැයි බොහොම දුර්ලභයි.කුලය කියන එකට මම තදින්ම විරුද්ධයි .දෙදෙනාම හැදුන වැඩුන පරිසරය මත තමා දෙදෙනාගේම අදහස්වලට බලපාන්නේ..නැත්තම් මේ කොහේදෝ යන නමක් වාසගමක් නෙවේ...

    :yes::yes:eka aththa....:):)
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    වෙනස තියෙන්නෙ නමකින් විතරක් නම්.. එතකොට ඕක හොයන එකේ කිසිම තේරුමක් නෑ. ඒත් ඒකෙන් ලොකු වෙනසක් තියෙන පරිසරයක නම්, අර කට්ටිය කියපු දේ ඇත්තක් තියෙනවා. (Seriously, ගෙදර පිරිසිදුකම, කතා කරන වචන පවා ඕකෙන් වෙනස් වෙන සමහර තැන් තියෙනවා. ඔයා දැකල නැද්ද දන්නෙ නෑ. ඒ කුලේ වැරද්දක් නෙවෙයි. ඒ විදියට පරම්පරා ගානක් පුරුදු වෙලා ඒ පුරුදු නැති කරන්න අමාරුයි.)

    මම නම් කසාදෙදි අවශ්‍යයි කියල හිතන්නෙ මේ විදියට.

    1. සල්ලි- අදාල නෑ. පස්සෙ හොයාගන්න පුලුවන්. කොහොමටත් තමන් උත්සාහයෙන් හොයාගන්න දේයි වැදගත්.

    2. හොද රස්සාවක්- ඕන. හොඳ කියන්නෙ ගොඩක් සල්ලි හම්බවෙන කියන එක නෙවෙයි. ඉගෙන ගෙන තියෙන්න ඕන. වැදගත් යහපත් රස්සවක් වෙන්නෙ ඕන. කොච්චර සල්ලි තිබුනත් සිගරැට් වෙළඳාම් කරන කෙනෙක් එපා.

    3. දෙමාපියන්ගේ කැමත්ත- ඕන. එයාල කියන දේ අනිවාර්යෙන් ඇත්තක් තියෙනවා. (මගේ අම්මයි තාත්තයි නම් එහෙමයි. වෙන අයගෙ කොහොමද දන්නෙ නෑ.)

    4. දෙදෙනාගේ කැමැත්ත- අනිවාර්යෙන් ඕන නෙ. අදහස් ගැලපෙන්න ඕන. දෙන්නට දෙන්නගෙ නිදහස දෙන්න පුලුවන් වෙන්න ඕන.

    5. ආදරය(විශ්වාසය)- මේකත් අනිවා. විශ්වාසය නම් තියෙන්නම ඕන. සැක කරන අය එක්ක ඉන්න හරි අමාරුයි.

    6. ජාතිය ආගම ගැලපීම- තරමක් දුරට. මම මුස්ලිම් හරි, ක්‍රිස්තියානි හරි කෙනෙක් බඳින්න කැමති වෙන්නෙ නෑ. මොකද හිතන විදිය, සංස්කෘතිය ගොඩක් වෙනස් නිසා. ගෙදරිනුත් කැමති නෙවෙන නිසා. ඒ වගේම එහෙම අය ගොඩක් වෙලාවට ආගම මාරු කරන්න බලපෑම් කරනව නෙ. දෙමල හිංදු කෙනෙක්, ආගමක් අදහන්නෙ නැති කෙනෙක් ඒ තරම් ප්‍රශ්නයක් නෑ මට හිතෙන විදියට.

    5. කුලය ගැලපීම- අදාල නෑ. වැදගත්කමක් නෑ මට නම් .

    6. චරිතය හොද කෙනෙක් වීම(ගති ගුණ)- ගති ගුන හොඳ වෙන්න ඕන. අර අනික් "චරිතය" කියන එක නම් සාපේක්ශයි. කලින් කරපු දේවල් මට අදාල නෑ, යාලු වුනාට පස්සෙ ඉන්න ඕන විදියට ඉන්නව නම් ඒ ඇති.

    7. ලස්සන වීම- බොහෝ දුරට අදාල නෑ. ඕක කෙනාගෙන් කෙනාට වෙනස් නෙ. මට එකට ඉන්න පුලුවන් කෙනෙක් නම් ඕක කිසිම වැඩක් නෑ. අපි කැමති අය කොහොමත් අපිට ලස්සනට පේනවා.

    8. කේන්දරය(හදහන)- පිලිගන්නෙ නෑ. කොහොමටවත්ම බලන්නෙත් නෑ. ඒව විස්වාස කරන කෙනෙක් කසාද බඳින්නෙත් නෑ. (අදහස් ගැලපෙන්නෙ නැති වුනාම කරදරයි.)

    :yes::yes:ඔය හිතන විදිහට තම මමත් හිතන්නේ...එත් අර කුලය ගැන කිව එකනම් මම වෙනස්..මම නමකින් වෙනස් වන කුලේ ගැනනම් හිතන නැ..මමත් කේන්දරේ පොඩ්ඩක්වත් විශ්වාස කරන නැ..ඒවාට මම කැමතිත් නැ...දෙමපියයන්ගේ කැතමැත්ත ලැබෙනවානම් මමත් කැමති..එත් කුලේ වගේ මෝඩ දෙයක් නිසා එයාල අකමැති උනොත් මමනම් එයාල කියන දේ අහන් නැ...(අපේ ගෙදර එහෙම නැ..ඕව හොයන නැ..)

    ආගම ගැන කිවොත්නම් මමත් ඔය හිතන විදිහට හිතන්නේ...මගේ ආගම වෙනස් කරන්න මම කැමති නැ...කොහොමත් බැන්දට පස්සේ දරුවෝ අදහන්නේ පිරිමි කෙනාගේ ආගම නිසා මම ආගම වෙමස් වෙනවට කැමති නැ...අනික මුස්ලිම් සංස්කෘතියට එහෙම හැඩගැහෙන්න මට කොහොමත් බැ...:baffled::baffled:

    ඔය කිව අනිත් දේවල් ගැන නම් ඔය මේකේ සදහන් කරලා තියෙන විදිහට මමත් එහෙම තම හිතන්නේ....:)
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඕවා ඔක්කොම බලන්න ගියොත් විවාහය කවදාවත් වෙන්නේ නෑ

    එකනම් ඇත්ත..ඕව සේරම බලන අය නාකි වෙනකන් ඉනනව බදින්න කෙනෙක් නැතිව..අර බඩඉරිගු කතාව වගේ...:lol:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........