උතුරේ දෙමළ ප්‍රශ්නයට විසදුම?

උතුරේ දෙමළ ප්‍රශ

  • සන්ධීය ක්‍රමය

    Votes: 3 16.7%
  • ඒකීය ක්‍රමය තුල භාෂා ප්‍රශ්නය විසදීම

    Votes: 15 83.3%
  • ඒකීය ක්‍රමය තුළ පොලිස් බලතල, ඉඩම් ආදී බලතලද පවරා දීම

    Votes: 0 0.0%

  • Total voters
    18

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මේක නම් හොද විසදුමක් නෙමෙයි නේද යාළුවා ...... :)

    කොහෙත්ම නෑ , භූමිය සතු සියලුම ආර්ථික ශක්තිය එවිට ඔවුන්ටයි , තනිව කටයුතු කිරීමේ හැකියාව , ඊලම දුන්නා සේ සමානයි
     
    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    1. දෙමල අයට දෙමල මාධ්‍යයෙන් ඉගෙනගන්න ඕනේ තරම් පාසල් තියනවා(උතුරු නැගෙනහිරින් පිට පවා) නිදහස් අධ්‍යාපනය ලබන්න සිංහල අයට වගේම.!(ඉස්සරත් පුළුවන්, දැනුත් පුළුවන්) :yes::)
    2. දෙමල අයට රටේ ඕනෙම විශ්ව විද්‍යාලයකට ඇතුල් වෙන්න, ඒවායේ අධ්‍යාපනය ලබන්න පුළුවන්
    සිංහල අයට වගේම.! (ඉස්සරත් පුළුවන්, දැනුත් පුළුවන්) :yes::)
    3. ලංකාව ඇතුළේ ඕනෑම රජයේ හෝ බොහෝ පුද්ගලික ආයතනවල සේවය කරන්න පුළුවන් සිංහල අයට වගේම.! සිංහල අයට වගේම.!(ඉස්සරත් පුළුවන්, දැනුත් පුළුවන්) :yes::)
    4. ඕනෑම කෙනෙක් එක්ක විවාහ වීමටත් කිසිම බාධාවක් නෑ.! :yes::)
    5. සියලුම මුලික අයිතිවාසිකම් සහ රැස්වීම් තියන්න, උද්ඝෝෂණ පවත්වන්න, etc. ආදියට සම්පුර්ණ නිදහස තියනවා සිංහල අයට වගේම.!
    (ඉස්සරත් පුළුවන්, දැනුත් පුළුවන්) :yes::)
    6. ලංකාව ඇතුළේ ඕනෙම තැනක ඉඩමක් ගන්න ජීවත් වෙන්න පුළුවන්.! :yes::) (ඉස්සරත් පුළුවන්, දැනුත් පුළුවන්) සිංහල අයට උතුරේ ඉඩම් එහෙම ගන්න පුලුවන්ද???:oo::growl:
    7. ආගමික හෝ සංස්කෘතික කටයුතු සඳහා කිසිම සීමාවක් නැහැ දෙමල අයටත්
    සිංහල අයට වගේම.! (ඉස්සරත් පුළුවන්, දැනුත් පුළුවන්) :yes::)
    8. දෙමල භාෂාවත් රාජ්‍ය භාෂාවක්.! :yes::)
    etc.......!

    ඉතිං ත්‍රස්තවාදී යුද්ධය නිසා ප්‍රාදේශීය වශයෙන් තියන ගැටළු ඇරුනම විශාල වශයෙන් දෙමල අයට තියන ප්‍රශ්නය මොකක්ද කියන එකත් ලොකු ප්‍රශ්නයක්.! :baffled::confused: සිංහල අයට හිමි සියලුම අයිතිවාසිකම් පහසුකම් වරප්‍රසාද ලැබෙනවානම් (සමහරවිට ඊටත් වඩා 6. බලන්න ) කෑල්ලක් කඩලා වෙන්කරලා දෙන්නේ නැති එකද ප්‍රශ්නේ කියලා තමා අහන්න වෙන්නේ.! :dull::dull::dull:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    ඉතිං ත්‍රස්තවාදී යුද්ධය නිසා ප්‍රාදේශීය වශයෙන් තියන ගැටළු ඇරුනම විශාල වශයෙන් දෙමල අයට තියන ප්‍රශ්නය මොකක්ද කියන එකත් ලොකු ප්‍රශ්නයක්.! :baffled::confused: සිංහල අයට හිමි සියලුම අයිතිවාසිකම් පහසුකම් වරප්‍රසාද ලැබෙනවානම් (සමහරවිට ඊටත් වඩා 6. බලන්න ) කෑල්ලක් කඩලා වෙන්කරලා දෙන්නේ නැති එකද ප්‍රශ්නේ කියලා තමා අහන්න වෙන්නේ.! :dull::dull::dull:

    ගැටළුව තම්යි , භාෂාව ඉස්සරහත් තිබ්බ දැනුත් තියෙනවා, ඒක ගැන කියන්න කලින් මම පුද්ගලිකව මූණ දීපු කාරණාවක් කියන්න, රාජකාරී කටයුත්තකට යාපනයට ගිය වෙලා ලිපිනයක් හොයාගන්න මාර කට්ටක් කන්න සිද්ධ උනා ,උන් සිංහල දන්නෑ , අපි දෙමළ දන්නෑ .අන්තිමට හමුදාවෙන් තම්යි උදව් කලේ , ඒ වගේ තමයි එහෙ ඉන්න උන්ට රාජයේ වැඩක් කරගන්න ගියාම ඉන්න උන්ට දෙමල බෑ , එහෙ දෙමළ කතාකරන අය විතරක් රාජ්‍ය සේවයට දැම්මොත් සිංහල එකෙක්ට හරියට වැඩක් කරගන්න බෑ, ඔය භාෂා සි‍යල්ල හැසිරවිය හැකි සේවකයන් එහි පත්කර පාලන ක්‍රමවේදයක් ඇතිකල යුතුයි
     
    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    ගැටළුව තම්යි , භාෂාව ඉස්සරහත් තිබ්බ දැනුත් තියෙනවා, ඒක ගැන කියන්න කලින් මම පුද්ගලිකව මූණ දීපු කාරණාවක් කියන්න, රාජකාරී කටයුත්තකට යාපනයට ගිය වෙලා ලිපිනයක් හොයාගන්න මාර කට්ටක් කන්න සිද්ධ උනා ,උන් සිංහල දන්නෑ , අපි දෙමළ දන්නෑ .අන්තිමට හමුදාවෙන් තම්යි උදව් කලේ , ඒ වගේ තමයි එහෙ ඉන්න උන්ට රාජයේ වැඩක් කරගන්න ගියාම ඉන්න උන්ට දෙමල බෑ , එහෙ දෙමළ කතාකරන අය විතරක් රාජ්‍ය සේවයට දැම්මොත් සිංහල එකෙක්ට හරියට වැඩක් කරගන්න බෑ, ඔය භාෂා සි‍යල්ල හැසිරවිය හැකි සේවකයන් එහි පත්කර පාලන ක්‍රමවේදයක් ඇතිකල යුතුයි

    ඕක අදාළ වෙන්නේ ප්‍රධාන වශයෙන්ම වර්තමානයට.! ඉස්සර යාපනේ හිටපු සිංහල අයට හොඳට දෙමල හසුරුවන්න පුළුවන්.! යාපනෙන් පිට හිටපු දෙමල අයගෙන් සිංහල අයත් දෙමල කතා කරන්න ඉගෙන ගත්තා.! නමුත් පහුගිය කාලේ තිබුණු තත්වය අනුව සිංහල අය යාපනෙන් පලවා හැරීම මත ඒ කාලයෙන් පස්සේ උතුරු ප්‍රදේශවල ඉපදුනු අය (අවු 35 දක්වා) LTTE නොවුනත් සිංහල අය දිහා බලන්නේ යම් ප්‍රමාණයක සතුරු ආකල්පයකින්.! (හොඳම උදාහරණය දෙමල පිරිස් ලංකාවේ කොහේ ගියත් අනිත් අය ඔවුන්ට වෙනස් විදිහට සලකන්නේ නැහැ ඒත් දැන් නාගදීපයට යන සිංහල අය දිහා ඔවුන් බලන්නේ ආක්‍රමණිකයන් පිරිසක් දිහා බලන විදිහට)
    නමුත් දැන් ඉස්සරට වඩා තත්වය සම්පුර්ණයෙන්ම වෙනස්.! උතුරේ රජයේ/පුද්ගලික සිවිල් ආයතන ගොඩකම ඉන්නේ දෙමළ නිලධාරීන්.!
    (පොලිසිය සහ හමුදාව ඇර) (සමහර බැංකුවල සිංහල දන්නා එක්කෙනක් වත් නැහැ!) අනික දැන් 99% වැඩ කටයුතු ප්‍රාදේශීය වශයෙන්ම කරගන්න පුළුවන්.!(කොළඹ එන්න අවශ්‍ය නැහැ.!) ඉතිං තවදුරටත් ඔයතරම් ලොකු භාෂා ගැටළුවක් තියනවා කියලා හිතෙනවා නම් වැඩි වශයෙන් දෙමළ භාෂාව හසුරුවන්න පුළුවන් අය සහ දෙමළ අයම අවශ්‍ය නිලතල සඳහා යොදානොගෙන වෙනත් රටවල් සංවිධාන වල අවශ්‍යතාවමත රාජ්‍ය පාලන ව්‍යුහය වෙනස් කිරීම කොච්චර දුරට සුදුසුද කියලා හිතලා බලන්න ඕන.! :yes::yes::yes:
     
    Sep 1, 2009
    2,359
    215
    0
    උතුරේ ජනතාව තුළ ජාතිවාදී හැඟීම් පවතිනවා, ඔවුන්ගේ පොලීසියක් සමගින් බලතල පැවරුවහොත් සිංහල භාෂිකයන්ට කෙනෙහිලිකම් සිදිවිය හැකියි. එහෙ ගොඩක් දෙමළ මිනිස්සු සද්ද නැතුව ඉන්නේ හමුදාවෙ අය නිසා නැත්නම් තත්වෙ බලාගන්න තිබ්බ. අපේ මේ තියෙන ආකාරයටම රාජ්‍ය ත්‍රන්ත්‍රය ක්‍රියාත්මක වියයුතු අතර ඒකීය රාජ්‍ය ප්‍රතිපත්තිය තුල භාෂා ප්‍රශ්නය විසදිය යුතුයි

    උතුරේ විතරක් නෙමේ සිංහල,මුස්ලිම් කා ලගත් ජාතිවාදී හැගීම් තියනව.එහෙම කියල තවදුරටත් ඒව පාග ගෙන ඉදීමෙන් ඒ හැගීම් යටපත් වීමක් වෙන්නේ නෑ,තවත් දලුලනව මිස.එතකොට වෙන්න ආයෙත් කවද හරි දවසක පරන පුරුදු යුද්දෙටම ඔවුන් තල්ලු වෙන එක,එතකොටත් මහින්ද වගේ නායකයෙක් හිටියොත් හොදයි, නොහිටියොත් මොකද වෙන්නෙ..?ඒක නිසා සර්වකාලීන විසදුමක් දෙන්න ඕන මේ ප්‍රශ්නයට,ආණ්ඩුවත් එක්ක වෙනස් නොවන පිලිතුරක්
    මම ඉදිරිපත් කලේ Tactical strategy එකක්..ඒක දෙපැත්තටම සාධාරනයි.ඔවුන් ඉල්ලන්නෙ පොලිස් බලතල,අපි දෙනව.ඔය බයයි සිංහලයන්ට කෙනෙහිලිකම් සිද්ද වෙයි කියල,ඒක නිසා තමයි සීමිත කරපු පොලිස් බලතල දෙන්නේ,හැමතැනම හමුදාව පිහිටුවන්නෙ...කොහොමත් මේ යන විදිහටම ඉදපල්ල කියල අත පීදාගෙන අපට ඉන්න බෑ...ආයේ කල්පයකට ගැටලුවක් ඇති නොවෙන ලෙස මේ ප්‍රශ්නේ විසදෙන්න ඕන,කාටවත් අපේ පැත්තට ඇගිල්ලක් යොමු නොකරන විදිහෙ සැලැස්මක් ඕන...ඒක ඔය පොත්වල තියන Textbook පරිදී විසදුමක් නෙම..අපේම කියල අපිම හදාගත්තු එකක් වෙන්න ඕන
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ŦĦĔ ƦȆƉǾӾ;10732804 said:

    ඒක හරි අපිගාවත් ජාතිවාදී හැඟීම් තමයි තියෙන්නේ, පොලි බලතල වගේ දුන්නොත් ඔවුන් සංධීය ලෙස කැඩෙයිදෝ ප්‍රශ්නයක් තියෙනවා , යූන් එක , බටහිර රටවල් කොහොමත් අපි එක්ක තරහයි. ඒදේවලුත් එක්ක උන්ට අපිව සංධීය කරන්න ඔය එක කාරණාවත් ඇති, ලේසියි. කොසෝවෝ වගේ රාජ්‍ය අපූරුවට දෙකට කැඩුවේ, මේක ගැන ගොඩක් ගැබුරින් හිතන්න ඕන, එක්කො ලෝකය රවට්ටන්න මෙන් මොකඛරි කරල හොරාට හමුදා පාලනයක් උතුරේ ඇතිකරන්න ඕන. හරියට දැන් වගේ..