සංධීය දේශපාලන ක්රමය යනු වෙනම ප්රාන්තයක් වශයෙන් වෙන්වී කටයුතු කිරීම
මේක නම් හොද විසදුමක් නෙමෙයි නේද යාළුවා ......

සංධීය දේශපාලන ක්රමය යනු වෙනම ප්රාන්තයක් වශයෙන් වෙන්වී කටයුතු කිරීම

මේක නම් හොද විසදුමක් නෙමෙයි නේද යාළුවා ......![]()










(ඉස්සරත් පුළුවන්, දැනුත් පුළුවන්) සිංහල අයට උතුරේ ඉඩම් එහෙම ගන්න පුලුවන්ද???






සිංහල අයට හිමි සියලුම අයිතිවාසිකම් පහසුකම් වරප්රසාද ලැබෙනවානම් (සමහරවිට ඊටත් වඩා 6. බලන්න ) කෑල්ලක් කඩලා වෙන්කරලා දෙන්නේ නැති එකද ප්රශ්නේ කියලා තමා අහන්න වෙන්නේ.! 


ඉතිං ත්රස්තවාදී යුද්ධය නිසා ප්රාදේශීය වශයෙන් තියන ගැටළු ඇරුනම විශාල වශයෙන් දෙමල අයට තියන ප්රශ්නය මොකක්ද කියන එකත් ලොකු ප්රශ්නයක්.!සිංහල අයට හිමි සියලුම අයිතිවාසිකම් පහසුකම් වරප්රසාද ලැබෙනවානම් (සමහරවිට ඊටත් වඩා 6. බලන්න ) කෑල්ලක් කඩලා වෙන්කරලා දෙන්නේ නැති එකද ප්රශ්නේ කියලා තමා අහන්න වෙන්නේ.!
ගැටළුව තම්යි , භාෂාව ඉස්සරහත් තිබ්බ දැනුත් තියෙනවා, ඒක ගැන කියන්න කලින් මම පුද්ගලිකව මූණ දීපු කාරණාවක් කියන්න, රාජකාරී කටයුත්තකට යාපනයට ගිය වෙලා ලිපිනයක් හොයාගන්න මාර කට්ටක් කන්න සිද්ධ උනා ,උන් සිංහල දන්නෑ , අපි දෙමළ දන්නෑ .අන්තිමට හමුදාවෙන් තම්යි උදව් කලේ , ඒ වගේ තමයි එහෙ ඉන්න උන්ට රාජයේ වැඩක් කරගන්න ගියාම ඉන්න උන්ට දෙමල බෑ , එහෙ දෙමළ කතාකරන අය විතරක් රාජ්ය සේවයට දැම්මොත් සිංහල එකෙක්ට හරියට වැඩක් කරගන්න බෑ, ඔය භාෂා සියල්ල හැසිරවිය හැකි සේවකයන් එහි පත්කර පාලන ක්රමවේදයක් ඇතිකල යුතුයි


උතුරේ ජනතාව තුළ ජාතිවාදී හැඟීම් පවතිනවා, ඔවුන්ගේ පොලීසියක් සමගින් බලතල පැවරුවහොත් සිංහල භාෂිකයන්ට කෙනෙහිලිකම් සිදිවිය හැකියි. එහෙ ගොඩක් දෙමළ මිනිස්සු සද්ද නැතුව ඉන්නේ හමුදාවෙ අය නිසා නැත්නම් තත්වෙ බලාගන්න තිබ්බ. අපේ මේ තියෙන ආකාරයටම රාජ්ය ත්රන්ත්රය ක්රියාත්මක වියයුතු අතර ඒකීය රාජ්ය ප්රතිපත්තිය තුල භාෂා ප්රශ්නය විසදිය යුතුයි
ŦĦĔ ƦȆƉǾӾ;10732804 said:උතුරේ විතරක් නෙමේ සිංහල,මුස්ලිම් කා ලගත් ජාතිවාදී හැගීම් තියනව.එහෙම කියල තවදුරටත් ඒව පාග ගෙන ඉදීමෙන් ඒ හැගීම් යටපත් වීමක් වෙන්නේ නෑ,තවත් දලුලනව මිස.එතකොට වෙන්න ආයෙත් කවද හරි දවසක පරන පුරුදු යුද්දෙටම ඔවුන් තල්ලු වෙන එක,එතකොටත් මහින්ද වගේ නායකයෙක් හිටියොත් හොදයි, නොහිටියොත් මොකද වෙන්නෙ..?ඒක නිසා සර්වකාලීන විසදුමක් දෙන්න ඕන මේ ප්රශ්නයට,ආණ්ඩුවත් එක්ක වෙනස් නොවන පිලිතුරක්
මම ඉදිරිපත් කලේ Tactical strategy එකක්..ඒක දෙපැත්තටම සාධාරනයි.ඔවුන් ඉල්ලන්නෙ පොලිස් බලතල,අපි දෙනව.ඔය බයයි සිංහලයන්ට කෙනෙහිලිකම් සිද්ද වෙයි කියල,ඒක නිසා තමයි සීමිත කරපු පොලිස් බලතල දෙන්නේ,හැමතැනම හමුදාව පිහිටුවන්නෙ...කොහොමත් මේ යන විදිහටම ඉදපල්ල කියල අත පීදාගෙන අපට ඉන්න බෑ...ආයේ කල්පයකට ගැටලුවක් ඇති නොවෙන ලෙස මේ ප්රශ්නේ විසදෙන්න ඕන,කාටවත් අපේ පැත්තට ඇගිල්ලක් යොමු නොකරන විදිහෙ සැලැස්මක් ඕන...ඒක ඔය පොත්වල තියන Textbook පරිදී විසදුමක් නෙම..අපේම කියල අපිම හදාගත්තු එකක් වෙන්න ඕන