Rise of the Planet of the Apes ~ OFFICIAL Thread :P

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.


    කාලයකට පස්සේ එළකිරි අඩවිය අපිට නැවට ලැබුනා..
    ඒ ගැන මුලින් ම අපේ ඇඩ්මින් සහෝදරයන්ට වගේම.. ඒ සම්බන්ධව හොයලා බලලා ක්‍රියා කරපු සියළුම සාමාජිකයන්ට..
    ස්තුතියි වන්ත වෙනවා..
    කොහොම වුනත් එළකිරි අඩවිය ටික කාලයකට නිහඩ වේලා ඉද්දි..
    බොහෝ දේවල් අපේ රටේ වගේම මුළු ලෝකයේම නොයෙකුත් ප්‍රවෘත්ති බිහි වුනා..
    ඒ හැම දෙයක් ගැනම කියන්න නෙවෙයි මම දැන් යන්නේ..

    අද මම කතා කරන්නේ චිත්‍රපටි නරඹන්න වැඩි ඇල්මක් තියෙන අපේ සහෝදර සහෝදරියන් වෙනුවෙන්මයි..

    ඉහළින් ම ත්‍රේඩ් එකේ මාතෘකාව දැක්කාම කට්ටියට තේරුම් යන්න ඇති..
    මම කතා කරන්න උත්සහ කරන චිත්‍රපටිය ගැන.. පොඩිවට හරි වැටහිමක් ඇවිල්ලා ඇති කියලා හිතනවා.
    කොහොමත් මේ චිත්‍රපටිය මාස දෙකකට කලින් අප වෙත ලගා කරපු " ට්‍රාන්ස්ෆොර්මර් 3 " චිත්‍රපටියට ලැබුන ප්‍රතිචාරයට
    සමාන කිසිම අඩුවකින් තොරව මේ චිත්‍රපටියටත් ජනප්‍රියත්වයක් ලැබෙයි කියලා කිසිම තැකිමකින් තොරව කියන්න පුලුවන් කම තියෙනවා..

    මුල් වරට වානරයන් සම්බන්ධව පදනම් කරලා නිර්මාණය කරපු චිත්‍රපටිය මේ චිත්‍රපටිය විතරක් ම නෙවෙයි..
    කලින් හදපු චිත්‍රපටි ගැන පොඩිවට හරි මතක් කරනවා නම්..



    • Planet of the Apes (1968)
    1968o.jpg








    • Beneath The Planet Of The Apes (1970)

    1970i.jpg







    • Conquest of the Planet of the Apes (1972)

    1972ch.jpg







    • Planet Of The Apes (2001)
    2001p.jpg








    Rise Of The Planet Of The Apes (2011)


    2011qi.jpg







    මේ මාසයේ අලුතින් ම
    (05/08/2011) බිහි වුන " රයිස් ඔෆ් දර් ප්ලැනට් ඔෆ් දර් එප්ස් " චිත්‍රපටිය විද්‍යාත්මක ප්‍රබන්ධ වු කතා මාලාවක් තමයි ගෙතිලා තියෙන්නේ..
    ත්‍රාසය කුතුහලය ආදරය එක් කරමින් නිර්මාණය වුන තවත් හොද චිත්‍රපටියක් කියලා අපිට කියන්න පුලුවන් කම තියෙනවා..


    මෙහි ඇතුලත් වේලා තියෙන කතාව කෙටියෙන් පැහැදිලි කරනවා නම්..
    මිනිසා විසින් කරනු ලබන ජාන වර්ධන පරික්ෂණ වලදි.. වානරයන්ගේ සිතුවිලි, ඒ වගේම හැගිම් වර්ධනය වේලා මිනිසුන්ව තමන්ගේ යටතේ
    ගෙන ලෝකයම තමන්ගේ ආධිපත්‍යය දැරිමට ගන්න උත්සහයක් පිළිබදවයි කතාවෙන් අඩංගු වේලා තියෙන්නේ..


    රූපට් වොයිට් ගේ අධ්‍යක්ෂණය යටතේ නිර්මාණය වුන මේ චිත්‍රපටියට..
    ඩෝලර් මිලියන 90 ක මුදලක් වැය කොට නිර්මාණය වුන මේ චිත්‍රපටිය අපි බැලිය යුතුම ච්ත්‍රපටියක් යන කාණ්ඩයට මම අඩංගු කරන්න කැමතියි..

    මේ චිත්‍රපටිය ගැන ඔගොල්ලන් දරණ අදහස් වගේම..
    මේ චිත්‍රපටිය අපේ සහෝදර සහෝදරියන් නැරඹුවා නම්.. ඒ අයගේ අදහස් දැන ගන්නත් කැමතියි..






     

    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    maxxa machang mama oka dakka,umbe thread eken wadi pura igena gatha,machang me awurude apu film eke Dvdrip torrent eka release welada???
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    maxxa machang mama oka dakka,umbe thread eken wadi pura igena gatha,machang me awurude apu film eke Dvdrip torrent eka release welada???

    සහෝදරයා මේ චිත්‍රපටිය රිලිස් වුනේ මේ මාසයේ දි..
    ඒ හින්දා ඩි.වි.ඩි. රිප් එකක් අපිට ටොරන් මාර්ගයෙන් ලැබෙන්න තව
    අඩුම තරමින් මාස 2 ක් වත් බලාගෙන ඉන්න වෙනවා..
     
    • Like
    Reactions: -Nipuna1989-

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    චිත්‍රපටිය ගැන දැනුවත් කලට ස්තුති යාළුවා... DVD rip එක ආවම Download කරගන්න ඕන... රේප් +
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay
    මේ චිත්‍රපටියෙ කතාව මුල් කෘතියෙන් බහිරව කතාවක් අනුව හදපු නිසා,මෙහි මුල් කතා මලාවන්ට හානියක් වෙලා කියලයි මට හිතෙන්නෙ මෙක බලපුවම.මෙකට RISE OF THE PLANET OF THE APES නැතුව' RISE OF THE APES ' කියල නම දැම්මනම් මුල් නිශ්පාදනවල අගය එහෙම්මම තියෙද්දි මෙකට මෙකට වෙනම වටිනාකමක් ගන්න තිබුනා.චිත්‍රපටියක් අතින් ගත්තහම නම් සාර්ථක නිර්මාණයක්.එකනෙ අපු ගමන් IMDB ශ්‍රේණිගත් කිරීම් වල 8 අගයක් ගන්න පුලුවන් උනෙ.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Rise Of The Planet Of The Apes (2011) DvDRiP XviD
    Download Torrenthabai mn meka DL kalenam na.quality kohomada danne na ithin
    1.gif
    11.gif

    බා ගන්න එපා ෆෙක්.. ඒවා..
    " ෆාස්ට් 5 " ෆිල්ම් එක රිලිස් වේලාම මාස 2ක් වෙනවා ඩි.වි.ඩි. රිප්
    රිලිස් වුනේ නැති එකේ..
    මේ මාසයේ රිලිස් වුන චිත්‍රපටි කොහොම ද රිලිස් වෙන්නේ..
    රිලිස් වුනත් කැම් තමයි තියෙන්නේ..
     

    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    සහෝදරයා මේ චිත්‍රපටිය රිලිස් වුනේ මේ මාසයේ දි..
    ඒ හින්දා ඩි.වි.ඩි. රිප් එකක් අපිට ටොරන් මාර්ගයෙන් ලැබෙන්න තව
    අඩුම තරමින් මාස 2 ක් වත් බලාගෙන ඉන්න වෙනවා..

    elaaz machang!! im waiting!!
     

    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    මම මේක බැලුවා බදාදා. හොඳ ‍ෆිල්ම් එකක්. වඳුරන් ගැන කරන පර්යේෂනයක් ගැන කියවෙන්නේ
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ චිත්‍රපටියෙ කතාව මුල් කෘතියෙන් බහිරව කතාවක් අනුව හදපු නිසා,මෙහි මුල් කතා මලාවන්ට හානියක් වෙලා කියලයි මට හිතෙන්නෙ මෙක බලපුවම.මෙකට RISE OF THE PLANET OF THE APES නැතුව' RISE OF THE APES ' කියල නම දැම්මනම් මුල් නිශ්පාදනවල අගය එහෙම්මම තියෙද්දි මෙකට මෙකට වෙනම වටිනාකමක් ගන්න තිබුනා.චිත්‍රපටියක් අතින් ගත්තහම නම් සාර්ථක නිර්මාණයක්.එකනෙ අපු ගමන් IMDB ශ්‍රේණිගත් කිරීම් වල 8 අගයක් ගන්න පුලුවන් උනෙ.

    එක හා සමානව හැම චිත්‍රපටියකම නම් ඇතුලත් වේලා තිබ්බාත්..
    අපේ ජිවිතයට බොහෝ ලෙස දැන හදුනා ගත්තේ, ජනප්‍රිය වුනේ 2001 වසරේදි රිලිස් වුන "ප්ලැනට් ඔෆ් ද එප්ස්" චිත්‍රපටියයි..
    ඒ නම් එක සමානව වුනත් මුල් කෘතියත් එක්ක බද්ධව නිර්මාණය වුන කතාවක් නම් නෙවෙයි..
    ඕය සහෝදරයා කියන විදියට නිර්මාණය වේලා තියෙන්නේ..

    කොහොම වුනත් ඒ නම් මුල් කරගෙන ඇත්තේ වානරයක් සම්බන්ධව නිකුත් කරපු හැම නමකම ඒ නම අඩංගු වේලා තිබුන හින්දා වෙන්න ඇති..
    නම ගැන ඒ තරම් හිතන්න එපා සහෝදරයා..
    චිත්‍රපටිය නම් අනිවාර්යෙන් ම අතිසර්ථක වෙයි..
     

    Similar threads