'මම' ඉන්නේ කොහෙද?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,443
    22,099
    113
    Gotland
    284021_229190027114245_100000697488059_732958_1415574_n.jpg
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    ලෝකය අවබෝධ කරගන්න අපිට තව කරුණු දෙකයි අඩු!! ඒ දෙකෙන් විඥාණය කියන එක අපි වෙනමම ගමු... මොකද ඒක තව දුරටත් සුළු කරන්න පුළුවන් කමක් නෑ!! ඒක මේ ලෝකයේ පවතින ස්වභාවික දෙයක්!!! හැබැයි ඉතින් ඔය විඥාණය තමයි දැන් කට්ටිය හප හප ඉන්න රසවත්ම කෑම... ඒ උනාට ජීවිතය අවබෝධ කරන්න නම් ඒක සම්පූර්ණයෙන්ම අවබෝධ කලයුතුමයි!!! මම නම් වඩාත්ම කැමති කස්ටියට විඥාණය අවබෝධකරවන්න දඟලන්නේ නැතුව, ඔය විඥාණය 'හමඅරින්නයි'!!! නැත්නම් 'පතුරු ගහන්නයි'!!! මොකද මට ඕනේ කරන්නේ සංසාරය නසා වනසා දාන්න!!! මට බුදුහාමුදුරුවෝ වෙනමම/විශේෂයෙන්ම කිව්වා, 'මොකෙකුටවත් සංසාරේ යන්න දෙන්න එපා!!!' කියල... ඒකයි.

    ඉතින් එතකොට අපිට හොයන්න ඉතුරු 'සංඥා' කියන එක විතරයි!! ඔය සංඥා කියන එක නම්, මේ සත්ව ජීවිත ඇතුලේ සිද්ධවෙන කතන්දරේදී තනිවම පවතින දෙයක් නෙවෙයි!!! බුදුරජාණන්වහන්සේ සංඥා කියන එක හඳුන්වල දුන්නේ 'වේදනා... සංඥා... චේතනා... ඵස්ස... මනසිකාර...' කියල සිදුවෙන සිදුවීම් මාලාවක් හැටියටයි!!! ඒක තමයි පණ ඇති සත්වයෙකුගේ සිතේ ක්‍රියාකාරිත්වය!! සත්වයාගේ 'මනෝමය' කොටස, නැත්නම් 'නාම කොටස' කියලත් කියනවා!!! මේ සිදුවීම් මාලාව සිද්ධවෙන නිසා තමයි සත්වයා සක්‍රිය / සජීවී තත්වයෙන් ඉන්නේ.

    බුදුහාමුදුරුවෝ මේ සත්ව ජීවිත කියන්නේ ආයතන 6ක එකතුවක්ය කියල පෙන්වල දුන්න නේ... ඒ වගේම, උන්වහන්සේ ඒ ඒ ආයතන වල සිද්ධවෙන දේත් හොඳටම පැහැදිලි කරලා දීල තියනවා!!

    * 'චක්කුන්ච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඥාණං, තින්නන් සංගති ඵස්සෝ' කියල කිව්වා!! ඒ කිව්වේ, ඇසට රූපයක් වැටුනාම ඇසේ විඥාණය හටගන්නවා... 'ඇසෙන් එය දැනගන්නවා!!' ඇසත් / රූපයත් / ඇසේ විඥාණයත් කියන කරුණු තුනේ එකතුව ඇසේ ස්පර්ශයයි!! කියල.
    * 'සෝතන්ච පටිච්ච සද්දෙච උප්පජ්ජති සෝත විඥාණං, තින්නන් සංගති ඵස්සෝ' කියල කිව්වා!! ඒ කිව්වේ, කණට ශබ්දයක් වැටුනාම කණේ විඥාණය හටගන්නවා... 'කණෙන් එය දැනගන්නවා!!' කණත් / ශබ්දයත් / කණේ විඥාණයත් කියන කරුණු තුනේ එකතුව කණේ ස්පර්ශයයි!! කියල.
    * මේ විදියට 'ජිව්හාච + රසේච + ජිව්හා විඥාණං => ඵස්සෝ', 'ඝානංච + ඝන්දේච + ඝාණ විඥාණං => ඵස්සෝ', 'කායන්ච + පොට්ඨබ්බේච + කාය විඥාණං => ඵස්සෝ', 'මනංච + ධම්මේච + මනෝ විඥාණං => ඵස්සෝ' කියල උන්වහන්සේ මේ ආයතන හයේම ක්‍රියාකාරිත්වය තෝරලා දුන්න!!!

    ඉතින් එතකොට ආයතන හයෙන්ම ස්පර්ශ 6ක් හැදෙනවා නේ... ඔන්න ඔය ස්පර්ශ මනසිකාර වීම/කිරීම > විඳීම ඇතිවීම > විඳින දේ හඳුනා ගැනීම > හඳුනාගැනීමට අනුව චේතනා පහළකොට ප්‍රතිචාර/ප්‍රතික්‍රියා දැක්වීම කියන ක්‍රියාවලිය තමයි සත්වයාගේ 'වැඩ කෑල්ල'!!! පණ තියනකම් ඕනේ එකෙක් කරන්නේ ඔය ටික නේ?? ඔච්චරයි... වෙන මොකුත්ම නෑ!!! ඉතින් මෙන්න මේ මුළු ක්‍රියාවලිය ගැන තමයි බුදුරජාණන්වහන්සේ මෙතැනදී 'සංඥා' කියල අදහස් කරලා තියෙන්නේ!!! ඒ කියන්නේ, සත්වයාගේ මානසික කොටස, නැත්නම් 'නාම' ගැන!!!

    ඕං දැන් අපි 'මනස සහිත, සංඥා සහිත, විඥාණය සහිත බඹයක් පමණවූ ශරීරය' නැත්නම් 'අපිලගේ ලෝක' ගැන සැහෙන කරුණු ටිකක් එකතුකරගත්තා!! බලන්න, මොකද්ද මේ කියල තියෙන්නේ කියල... මනස කියන ආයතනයයි, බඹයක් පමණ වූ ශරීරයයි කිව්වේ නිකම්ම නිකම් හතරමහා ධාතු වලින් හැදිච්ච ඒවා!!! අන්න 'රූප'. ඊළඟට සංඥා කියන එක මූලික කරගෙන ඒ හැදිච්ච ඇඟේ 'වැඩ කෑල්ල' ගැන, නැත්නම් ක්‍රියාකාරීත්වය ගැන කිව්වා!!! අන්න 'නාම'. ඉතින් 'සත්වයෙක්' නැත්නම්, 'සජීවී කයක්' කිව්වම ඔන්න තියනවා, නාමරූප!!! හරිද?? දැන් ඊළඟට මේකටම විඥාණයත් සම්බන්ධ උනාම, බොලේ... මේ කියල තියෙන්නේ අර බුදුවරු අවබෝධකරගන්නා කතන්දරේ නොවැ??? අර, නාමරූප පච්චයා විඥාණං > විඥාණ පච්චයා නාමරූපං > ආයෙත් නාමරූප... 'loop' කතන්දරේ නොවැ???

    ඔව් ඉතින්!! ඕකම තමයි case එක!!! ඇත්තටම බුදුරජාණන්වහන්සේ අපිට කියල තියෙන්නේ, උන්වහන්සේ අවබෝධ කරගත්ත දේ අපිට එක එක පැත්තෙන්, එක එක විදියට තෝර තෝර කියල දීල, "ඔන්න ඕක උඹලත් හරියට අවබෝධ කරගනිල්ල!!" කියල තමයි!!! මේ මහපොළවෙන් ගත්තු හතරමහධතු වලින් හැදිච්ච ඇඟක් වැඩකරන්න ගත්තම, සත්වයෙක් උනාම, ඒ ඇඟේ උපකාරයෙන් විඥාණය කියල මොකද්ද එකක් තියනවා... ඒ විඥාණය කියන මොකද්ද එකේ උපකාරයෙන් සතරමහධාතු සජීවීව, සක්‍රියව පවතිනවා!!! ඔය දෙක වෙන්වුණේ කොයි වෙලේද, ක්‍රියාකාරීත්වය ඇණහිටියේ කොයි වෙලේද, සත්වයා මරණයට පත්වෙනවා!!! සතරමහා ධාතු නැවත පොලවට එකතු වෙනවා!!! එච්චරයි.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    වැල්ලෙ සිරා;11337194 said:
    Good work. Keep it up :D:D

    මගේ හිතවතුන්ගෙන් ඇරෙන්න, කාලෙකින් හොඳක් ඇහුව!! :)

    හරි යාළුවා, මම කරන දෙයින් ඔයාල උපරිම ප්‍රයෝජනය ගන්න!! ඒකයි ඕනේ!!!
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,443
    22,099
    113
    Gotland
    මගේ හිතවතුන්ගෙන් ඇරෙන්න, කාලෙකින් හොඳක් ඇහුව!! :)

    හරි යාළුවා, මම කරන දෙයින් ඔයාල උපරිම ප්‍රයෝජනය ගන්න!! ඒකයි ඕනේ!!!


    machan ubage asapuwata api enna inne. awoth monawa de apita denne ? :baffled:
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    දමිත් අයියේ තවමත් ඉන්න තැනක් හම්බ උනේ නැද්ද..?
    මොකද කියන්නේ සරල බජට් එකකට ස්ටාර් ප්ලේස් එකක් සෙට් කරලා දෙන්නද..?

    ඉන්න තැනක් හොයාගන්න මේ මනුස්සයා විදින දුක දැක්කම තනි ඇහැට ඇඩෙනවා:(
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දමිත් අයියේ තවමත් ඉන්න තැනක් හම්බ උනේ නැද්ද..?
    මොකද කියන්නේ සරල බජට් එකකට ස්ටාර් ප්ලේස් එකක් සෙට් කරලා දෙන්නද..?

    ඉන්න තැනක් හොයාගන්න මේ මනුස්සයා විදින දුක දැක්කම තනි ඇහැට ඇඩෙනවා:(

    kiyawala balapanko malayo...
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    ස්වභාවධර්මයේ තියන 'විඥාණ පච්චයා නාමරූපං නාමරූප පච්චයා විඥාණං' කතන්දරේ මොකද්ද කියල අපි මුලින්ම හොඳට කූරුගාල බැලුව නේ... එකක් උපකාරයෙන් අනික පවතින්න පුළුවන් ආකාරයට සකස්වෙච්ච පරිසරයක, 'විශේෂිත ආකාරයකට සකස්වෙච්ච' පරිසරයක, ඇතිවන විද්‍යුතයයි විද්‍යුත්චුම්බකත්වයයි ඒ දෙකේම අන්‍යෝන්‍ය උපකාරයෙන් දිගින් දිගටම නොනැසී පවතිනවා!!! දැන්, මේ අපිට අවබෝධ කරගන්න තියන 'ලෝකයට' ඒ කතන්දරය සම්බන්ධ වෙන්නේ කොහොමද කියල බලමු... මෙතැනදී, බඹයක් පමණවූ ශරීරයෙන් මේ කාර්යයට වැදගත් වෙන්නේ 'මනස' කියන විශේෂයෙන්ම සකස්වූ පරිසරය විතරයි!! ඒක බුදුහාමුදුරුවොම පැහැදිලිව වෙන්කරලා දක්වල තියනවා නේ!!! ඊළඟට මේකට විද්‍යුතය සම්බන්ධවෙන්න ඕනේ!! කොහෙන්ද විද්‍යුතය??

    නවීන තාක්ෂණයේ දියුණුවෙන් හොයාගෙන තියෙන විදියට මේ ඇඟ ඇතුලේ සිද්ධවෙන හැම දෙයක්ම විද්‍යුතය සම්බන්ධ ක්‍රියා තමයි!!! ඔය ECG / EEG කියල ගන්නේ ඒවායේ රටාවල් තමයි!! කොටින්ම 'නාම' කියල අඳුන්වපු මුළු ක්‍රියාවලියම විද්‍යුත් සංඥා විදියටයි ඇඟේ සිද්ධවෙන්නේ!!! දැන්නම් විද්‍යාඥයෝ ඒ ක්‍රියාවලිය 'අස්සට බැහැල' හොඳ හොඳ සෙල්ලම් දානවත් එක්ක!! ඔය ගොඩාක් තියෙන්නේ... ඇහෙන්නේ නැති අයට ඇහෙන්න හදන එක, පේන්නේ නැති අයට පේන්න හදන එක, අතපය නැති අයට රොබෝ අතපය හදන එක වගේ දේවල්!! හැබැයි ඉතින් විද්‍යාවෙන් මේ ජීවිත කතාව අල්ලන්න බෑ!!! කිට්ටුවට වත් එන්න බෑ!!! ඒක බුදුවරුන්ට විතරක් අයිති වැඩක්!!! මොකද මේක ප්‍රඥාවෙන් බලනවා ඇරෙන්න instruments ඔබල බලන්න පුළුවන් දෙයක් නෙවෙයි... එහෙම කූරුගාන්න ගියොත් සත්වයා 'halt' වෙනවා!!! වැඩ සටහන හිටිනවා!!!

    මේ මාතෘකාව කීයටවත් විද්‍යාව / විද්‍යාඥයෝ ඉස්සර කරගෙන කරන්න බෑ!!! මේක තනිකරම බුදුරජාණන්වහන්සේ නමක් ඉස්සර කරගෙන විතරක් කල හැකි දෙයක්!!! ඉතින් අපි බුදුහාමුදුරුවෝ මේ ආයතන ක්‍රියාවලියට විද්‍යුතය සම්බන්ධ හැටි කියල තියන විදිය බලමු!!! බුදුරජාණන්වහන්සේ මේ ඇඟ ආයතන 6ක ක්‍රියාකාරිත්වයක් හැටියට තෝරලා දීපු විදිය මතක් කරගන්න. නැත්නම් බලන්න. උන්වහන්සේ දක්වල තියෙන්නේ හැම ආයතනයකම 'ඒකෙ විඥාණය' උපදිනවා / හටගන්නවා කියල නේ?? මේ හැම ආයතනයකම 'ඒකෙ විඥාණය' උපදිනවා කියල උන්වහන්සේ කිව්වේ, ඒ ඒ මාධ්‍යයට සංවේදී අවයවය, උපකරණයක් කියමු, අදාළ මාධ්‍යය පිළිබඳව දැනගන්නවා කියන එකයි!! නැත්නම් detect කරනවා කියන එකයි!! ආලෝකයට සංවේදී උපකරණය, 'ඇස', ආලෝකය පිළිබඳව දැනගන්නවා... (detecting light). ශබ්දයට සංවේදී උපකරණය, 'කණ', ශබ්දය දැනගන්නවා... (detecting sound). ඔන්න ඔය විදියට අනික් හැම ආයතනයක්මත් ඊට අදාළ මාධ්‍යය පිළිබඳව දැනගන්නවා!!

    ඉතින්, ඔහොම වෙනස් වෙනස් දේවල් දැනගත්තට මේ හැම ආයතනයක්ම අන්තිමේ එකම ජාතියක 'ඵලයක්' හදනවා කියල නේ බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ?? අන්න ඒක තමයි point එක!!! උන්වහන්සේ මුළු කතන්දරේම ප්‍රඥාවෙන් දැකල තියනවා!!! බලන්න බුදුකෙනෙකුගේ හැකියාව කොහොමද කියල??? Hi-Tech instruments මොකුත් ඕනේ නෑ!!! සේරම පරතෙරටම දැකල!!! මේ හැම ආයතනයකම වෙන්නේ ඊට අදාළ මාධ්‍යයෙන් දැනගන්න දේවල් වලට අනුරූප විද්‍යුත් සංඥා නිකුත් කිරීම තමයි!!! විද්‍යුත් සංඥා කිව්වම ඔක්කොම එකයි... ඒ හන්ද 'ඉස්පර්ෂ' කියල කිව්වා සේරටම!!! හැබැයි ඉතින් electrical signals කිව්වම මහා බර කතන්දරයක්!!! ඒවායේ රටාවල් (signal patterns) වෙනස්... ඒවායේ අඩංගු දත්ත (data / information composition) වෙනස්... හැබැයි අපිට එච්චර දුරට වැඩක් නෑ!!! හැදෙන්නේ විද්‍යුත් තරංග කියන එක විතරයි ඕනේ.



    ** පොඩි point එකක්!! කට්ටිය හුඟ දෙනෙක් 'දන්නවා වගේ' කිව්වා / කියනවා / කියල තියනවා, මම / ආත්මය කියල එකක් නෑ. විඥාණය තමයි තියෙන්නේ... ඒක තමයි එක ජීවිතයකින් තව ජීවිතයකට යන්නේ... භවයකින් භවයකට යන්නේ... එහෙම කියල!! හලෝල / බොලල්ල, මෙතැනදී විඥාණය කිව්වේ 'දැනගන්නවා' කියල නේ?? ඉතින්, කොහොමද මේ 'විඥාණය' කියන එක කොහෙවත් යන්නේ?? කිසි දෙයක් හරියට දන්නේ නැතුව, එහෙන් මෙහෙන් අහුලා ගත්තු 'බණ කෑලි' දන්නවා වගේ කියවන්න යන්න එපා!!! එහෙම කියවන්න ගියාම, තමනුයි සාසනෙයි දෙකම 'බලුවෙනවා' විතරයි!!!
     
    Last edited:

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    පොර talk නැති හින්ද මේ post වල කරුණු තියනවා . ඔහොම යන්
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    ane po____
    balan hitapan mama umba yana thanath pennanna!!! :angry::angry:
    මේ අකුරු අඩු අපි නොන්ඩි කරන නිසාද?
    ගණන් ගන්න එපා ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් නේද ?
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Lord Buddah never told us to believe in anything unless we find it to be true.

    That's a good question,of course.:lol:
    Buddhism is not really a religion. It's more to the philosophy of life..
    One day you will learn to not take things so seriously..;)

    මේ... ඔය අහල තියන කුණුහරුප කතාවලට රැවටෙන්න එපා!!! ඕක බුදුරජාණන්වහන්සේ කියපු දෙයක් නෙවෙයි!!! ඔය ඇවිල්ල මාරය වැහිච්ච එවුන් මිනිස්සු ධර්මය අවබෝධ කරන එක වලක්වන්න කියපු එකක්!!!

    පොඩ්ඩක් හිතල බලනවා, තමුන් ආත්ම කෝටි 50ක් හරක් හැටියට ඉපදිලා මැරුම් කාල තියනවා!!! මේක, ඇත්තද?? බොරුද?? කොහොමද ඕකේ ඇත්ත නැත්ත හොයාගන්නේ??? හොයාගන්න විදියක් නෑ!!! ඒත්, ඇත්තටම වෙලා තියෙන්නේ ඔහොමයි!!!

    ඊළඟට තමුන් මේ ජීවිතයේදී ධර්මය අවබෝධ කර නොගත්තොත්, ඉදිරියට ආත්ම කෝටි 500ක් හරක් හැටියට ඉපදිලා මැරුම් කන්න නියමිතයි!!! ඇත්තද?? බොරුද?? කොහොමද ඇත්ත නැත්ත දැනගන්නේ??? ඇත්ත නැත්ත පෙන්නන්න විදියක් නෑ!!! මේ සංසාර ගමන කියන එක සිදුවෙන්නේ ඔන්න ඔහොමයි!!!

    ඔය තමයි ඇත්තම ඇත්ත!!! seriously ගත්තත් එකයි... නැතත් එකයි... වැඩේ වෙන්නේ ඒ විදියටයි!!! ආත්ම ගණන් ප්‍රමාණ කරන්නත් බෑ!!! unlimited!!! මම කිව්වේ උදාහරණයක් හැටියට විතරයි!!!

    රහත් වෙලා, ත්‍රිවිද්‍යාව උපදවා ගත්තම නම්, ඇත්ත නැත්ත හොඳ ලස්සනට තමන්ටම තේරෙනවා!!!


    ධර්මය අවබෝධ කිරීම / ජීවිතය අවබෝධ කිරීම කියන්නේ ඔය එක එක මැටි මෝල්ලු කියපු කතා අදහගෙන කරන්න තියන දෙයක් නෙවෙයි!!!

    තනිකරම භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ අවබෝධය අදහාගෙන, 'ශ්‍රද්ධාවෙන්' කරගන්න තියන දෙයක්!!!

    ඉතින්, මේ ආත්මෙත් 'හරක් වැඩ' කරලා සේරම අනාගන්නේ නැතුව, ඉක්මන් කරලා ජීවිතය අවබෝධ කරගන්නවා!!!

    මේ thread එක උවමනාවෙන් බැලුවොත්, මාත් එක්ක හැමිනෙන්න ආපු / හැමිනෙන්න එන එවුන්ට හැරෙන්න අනික් හැම කෙනාටම සත්‍ය අවබෝධකරගෙන මේ ජීවිතයෙන්ම ගොඩ යන්න පුළුවන්!!!
     
    Last edited: