උබලගේ හිතේ තවම තරහ තියන ගුරුවරු ඉන්නවද

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,566
    10,358
    113
    44
    Living in an Atom
    මට නිතරම අඩත්තේට්ටම් කරපු ගුරුවරයෙක් හිටිය. මිනිහගේ නම නාකන්දල. මෑන්ස් තමයි විනය බාර හිටියේ. ඉස්සර ඉස්කෝලෙදි මගේ කනට ගැහුවා ඉදිමෙන්න ඉස්කෝලේ බැජ් එක ගැහුවේ නැහැ කියල. එදා අලුත් කමිසයක් ඇඳගෙන ගියේ. ඒ වගේ කිහිප සැරයක්ම කනට ගලලා තියෙනවා ඉදිමෙන්නම ඉතා සුළු හේතු නිසා. ඉස්කෝලේ බැජ් එක නැත්නම් එකට විනය ක්‍රියාමාර්ගයක් ගන්න තිබ්බ. හැබැයි පහර දෙන්න බැහැ ඒ විදිහට. මම හිතන ව්දිහට ඒ දවස්වල මම හිටියේ 8 වසරේ.

    මගේ යාලුවෙක් ඉන්නවා. ඌටත් අමනුශීය ලෙස පහර දීලා තියනවා. දැන් ඌ ලංකාවේ ප්‍රසිද්දම ලෝයර් කෙනෙක්. මට වැඩිය වයස අවුරුදු තුනකින් වැඩියි. මට 42 උට 45 . එදා මට ගහපු එක ඌ දැක්ක. තවත් එකෙක් දෙන්නෙක් ඉන්නවා දැකපු උන්. උනුත් සර් එක මලෙන් ඉන්නේ තවමත්. උනුත් දරුණු ලෙස ප්‍රහාරයන්ට ලක්වෙලා තියනවා. එකෙක් කියනවා උගේ කනේ අමාරුවක් තවම තියනවලු .

    සාක්ෂි තියන නිසා උන් එකතුවෙලා නඩුවක් ගොනු කරන්න හදන්නේ. ළමා අපයෝජනය සහ හිංසනය යටතේ. හැමෝම සාක්ෂි සපයන්න හදන්නේ. උන් නඩු දාන්න කතා කරනවා. ලංකාවට ගිය වෙලාවක සාක්ෂි දෙන්න පුළුවන් කිවුවා.

    අපේ ගෙවල් වලින් බාල්දිය දානවා නඩු වලට යන්න එපා කියල. මිනිහා දැන් වයසයි. විශ්‍රාමිකයි. මිනිහගේ දුව ඉන්නේ නවසීලන්තයේ ද කොහෙද , මම දැක්ක නවසීලන්තයේ ගිහින් ඉන්නවා බුකියේ දාල තියනවා.

    උබලගේ හිතෙත් මේ වගේ තවම වෛරය තියන ගුරුවරු ඉන්නවද ? මටනම් තවම මල.
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,330
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අනිවා දාපං වේශිගේ පුතාලට. මටත් ඔහොම කේස් එකක් වැටිලා (ඕඩි කොලෝන් පොඩි බෝතලයක් බෑග් එකේ තිබිල හා රත්තරන් මාලයක් දාගෙන ඉඳලා) ගෙදරින් එන්න කියලා අම්මා ඉස්සරහා ගුරා මෑන් වෙන්න ගිහිං අතත් උස්සලා මට දෙනව කිව්ව කන කුඩුවෙන්න. අම්මා අනික්පැත්තට ඇහුවා ඔහොමද ගුරුවරුන්ට හැසිරෙන්න උගන්වලා තියෙන්නේ? කොහෙද ළමයින්ට කන කුඩුවෙන්න දෙන්න කියල තියෙන්නේ? මගේ ළමයගේ ප්‍රශ්නේ මම බලාගන්නම් ඔයා ප්‍රශ්ණ විසඳන්න ඉස්සෙල්ලා ඒ සම්බන්දව ඉගෙනගෙන එන්න කියල.

    ඔහොම ඒවා අහලවත් නැති කාළේ අම්මා මම වෙනුවෙන් ඉදිරිපත්වුනේ එයා කවුද මගේ ළමයට කනට ගහන්න කියල. ඒ කේස් එක ලොකුවට ඇදෙන්න ගියත් ප්‍රින්සිපල් අම්මව අඳුනන නිසා අරූ වැඩේ අතෑරියා.
     
    Last edited:

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    11 වසරෙ ඉන්නකොට අපේ පන්ති බාර පොර මගෙ කන් රතුවෙනව බලන්න කන මිරිකනව. වැරැද්දක් කරේ නැත්තත් අද උඹට ගහන්න බැරි උනා කියල ගහල යනව ලාවට හරි. හැබැයි මම උසස්පෙල කරන්න වෙන ඉස්කෝලෙකට ගියාට පස්සෙ සෙට් වෙච්ච වලි වලින් එහෙම පොර මාව ගොඩක් ගුරුවරුන්ට කතා කරල ශේප් කරලා තියෙනවා. ගහපු ගුරුවරු අන්තිමට බුදු බොක්කවල් කරගෙන තමයි නතර උනේ. ඉස්සර පඩි ගත්තාම අපි සෙට් එක්කට ලන්ච් එහෙම අරන් දෙන තරම් නසරානි ගුරුවරු අපි එක්ක ෆිට් වෙලා හිටිය. ඩැනටත් වෙලාවකට සෙට් උනොත් අපි සෙට් වෙලා අඩියක් ගහනවා. ගොඩක් වෙලාවට බොන්න සෙට් වෙන්නෙ අපි උසස් පෙල කරනකොට අපේ ඉස්කෝල වලට අලුතෙන් ආපු විද්‍යාපීට ගුරුවරු එක්ක තමයි. උන් අපිට මල්ලි කියල කතා කරන්නෙ වයස 6ක් 7ක් විතර පරතරයක් තියෙන්නෙ. :yes:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,395
    113
    එකමත් එක රටක
    පුද්ගලික තරහ තියන උන් නම් මතක් වෙන්නේ නෑ .
    හැබැයි මෙන්න මූට බිත්තරක් හරි ගහන්න තියනවනම් ගහනව . :rolleyes:

    QS50iUNm.jpg
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    ගොබෙල්ස් න්‍යාය මචන්.. හැමෝම ඒ ගුරුවරය ගැන වැරදි කියලා දැන් උබට හිතේ ඒව කා වැදිලා..උබත් දැන් මිනිස්සුන්ගෙ උප විඤ්ඤාණයේ තැම්පත් කරනවා පොර නරක ගුරුවරයෙක් කියලා. පොරගෙ උප විඤ්ඤාණයේ උබ ගැන පරණ තරහක් තිබිල තොයනවා ඒවටත් එක්ක තමයි කනේ පාර හම්බෙලා තියෙන්නෙ.

    දැන් ඒ මිනිහට පාඩුවෙ ඉන්න දීපන්. කරන දෙයක් ඒ කාලෙ කරන්න ඕනෙ.

    රනිලා ලොරියෙන් සල්ලි ඇද්දා කියල පොරත් හිතන් ඇත්තෙ.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    ඉතිං ඔහොම නඩුවක් දාලා ඒක ඔප්පු කරන්න පුලුවන් ද. උඹලා ඔක්කොම දැකපු ඒවා විතරයිනෙ . වෛද්‍ය වාර්තා පොලිස් පොත්වල පැමිණිලි එහෙම නෑනේ.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,206
    12,004
    113
    මට නිතරම අඩත්තේට්ටම් කරපු ගුරුවරයෙක් හිටිය. මිනිහගේ නම නාකන්දල. මෑන්ස් තමයි විනය බාර හිටියේ. ඉස්සර ඉස්කෝලෙදි මගේ කනට ගැහුවා ඉදිමෙන්න ඉස්කෝලේ බැජ් එක ගැහුවේ නැහැ කියල. එදා අලුත් කමිසයක් ඇඳගෙන ගියේ. ඒ වගේ කිහිප සැරයක්ම කනට ගලලා තියෙනවා ඉදිමෙන්නම ඉතා සුළු හේතු නිසා. ඉස්කෝලේ බැජ් එක නැත්නම් එකට විනය ක්‍රියාමාර්ගයක් ගන්න තිබ්බ. හැබැයි පහර දෙන්න බැහැ ඒ විදිහට. මම හිතන ව්දිහට ඒ දවස්වල මම හිටියේ 9 හෝ 10 වසරේ.

    මගේ යාලුවෙක් ඉන්නවා. ඌටත් අමනුශීය ලෙස පහර දීලා තියනවා. දැන් ඌ ලංකාවේ ප්‍රසිද්දම ලෝයර් කෙනෙක්. මට වැඩිය වයස අවුරුදු තුනකින් වැඩියි. මට 42 උට 45 . එදා මට ගහපු එක ඌ දැක්ක. තවත් එකෙක් දෙන්නෙක් ඉන්නවා දැකපු උන්. උනුත් සර් එක මලෙන් ඉන්නේ තවමත්. උනුත් දරුණු ලෙස ප්‍රහාරයන්ට ලක්වෙලා තියනවා. එකෙක් කියනවා උගේ කනේ අමාරුවක් තවම තියනවලු .

    සාක්ෂි තියන නිසා උන් එකතුවෙලා නඩුවක් ගොනු කරන්න හදන්නේ. ළමා අපයෝජනය සහ හිංසනය යටතේ. හැමෝම සාක්ෂි සපයන්න හදන්නේ. උන් නඩු දාන්න කතා කරනවා. ලංකාවට ගිය වෙලාවක සාක්ෂි දෙන්න පුළුවන් කිවුවා.

    අපේ ගෙවල් වලින් බාල්දිය දානවා නඩු වලට යන්න එපා කියල. මිනිහා දැන් වයසයි. විශ්‍රාමිකයි. මිනිහගේ දුව ඉන්නේ නවසීලන්තයේ ද කොහෙද , මම දැක්ක නවසීලන්තයේ ගිහින් ඉන්නවා බුකියේ දාල තියනවා.

    උබලගේ හිතෙත් මේ වගේ තවම වෛරය තියන ගුරුවරු ඉන්නවද ? මටනම් තවම මල.

    අපෝ ඉන්නවා..වෙන එකෙක් කරපු දේට හොයන්නේ බලන්නේ නැතුව මට ගැහැව්වා 07 වසරෙදී. කන රත්වෙන්න. හැබැයි සල්ලි තියන ඇපල් මුදලාලි කෙනෙක්ගේ පුතෙක් හිටියා. උ මොනව කරත් ගුටි කන්නේ නෑ.. මම ගියේ කොලඹ ඉස්කෝලෙකට... දැන් එයාලා වයසයි. තරහක් නෑ.. ඒත් කාටවත් ගහන්න අයිතියක් නෑ. විශේෂයෙන් පොඩි ලමයින්ට

    අපේ ලමයෙක්ගේ තාත්තා කෙනෙක් ට සල්ලි තියනවා. උට පන්තියේ වැලි පෑගෙනවා කියලා . මුලු පන්තියම ටයිල් කලා. පන්තිය ටයිල් කරාට පස්සේ ස්ටාෆ් රූම් එක බලු වුනා. අන්තිමට ඒකත් ටයිල් කලා.. ට්‍රැක් බන් ට්‍රැක්

    අපේ ට්‍රැක්ලන්තේ විනය කියන්නේ , රෙද්දේ රෙවුනත් බැජ් එක ගසා ගෙන සිටීම , පෑනක් ෂර්ට් එකේ ගසාගෙන නොසිටීම. බඩ ලගට කලිසම සහ ජොකා එකවර ඇදීම , සියලු ගුරු දෙගුරුන්ට කීකරුව ලතාවට සිටීම , කලිසමේ ලූප් තබා සිටීම . රැවුල කැපීම , කොන්ඩය ලස්සනට කැපිම ..කට් කැපිමෙන් විනය පශ්චාත් බාගෙන් පැන දුවයි

    බ්ලු සීඩි මාට්ටු වුනාම ඒක විනය භාරයා අම්මයි තාත්තයි ගෙන්නලා පුතාගේ වැඩ කියලා මහ උජාරුවට දාලා පෙන්නුවා කියලා මම අහල තිබ්බා..මොන තරම් බලු වැඩක්ද බන්. 18 කියන්නේ සෙකස් වලට උනන්දුවෙන කෙමිස්ට්‍රි එකක් තියනවා කියලා විද්‍යාත්මකව ඔප්පුවෙලා තියෙද්දී ප්‍රශ්නයක් හැන්ඩ් ල් කරගන්න බැරි ගුරුවරු ඉන්නේ හුගක් ඉස්කෝල වල
     

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    Iskole kaale name ehema asaagara widiyata karadara karapu kauruth na, passe leaving certificate ganna gihin podi siddiyak una. Ugannapu nati aluth sir kenek. Eakata poddak awul mahe ego ekath ekka.
     
    • Like
    Reactions: Mr.Wikirana

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    මට වේවැලෙන් ගහල තියනව කකුල් දෙකෙන් ලේ එන්න. කොට කලිසම් අදින කාලේ..
    වේවැල පැලිලා තිබුනේ. කීරි වලට කැපෙනව එක පාර ඇදල ගද්දි ගහලා.
    අච්චු පොත අරන් ගියෙ නෑ කියලා ඒ. දැන් ඉතින් ඒව ගැන හිතන් නෑ.
     
    • Like
    Reactions: tharakaf

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    පුද්ගලික තරහ තියන උන් නම් මතක් වෙන්නේ නෑ .
    හැබැයි මෙන්න මූට බිත්තරක් හරි ගහන්න තියනවනම් ගහනව . :rolleyes:

    QS50iUNm.jpg
    Why?
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,801
    3,229
    113
    37
    @ katubedda
    එලෙවල් කාලේ එකපාරාක් ගානක් හදන්නෙ නැතිව ඉදලා කනේ පාරක් කැව මතකයි එ ඇරෙන්න තදබල මතකයක් නම් නැ.. මොනවා උනත් ඔවුවා හිතෙ තියන් ඉදියා කියලා වැඩක් තියෙනවද බං. නඩු දාලා දඩුවමක් දුන්නා කියලත් උබටවත් ගහපු කෙනාටවත් ලැබෙන දෙයක් තියෙනවයැ.. අතඇරලාදාපන් මචං
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,283
    47,158
    113
    ඔව් එකම එක්කෙනෙක් ඉන්නවා..ඒ ගහපු නිසා නම් නෙමෙයි...නොකරපු වරදකට වැරදිකාරයෙක් කරපු නිසා..ඒත් ඉතින් දැන් ඒ ගුරුවරිය ජීවතුන් අතර නැහැ. ඒත් අදටත් ඒ සිද්ධිය මතකයි..
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,566
    10,358
    113
    44
    Living in an Atom
    ඉතිං ඔහොම නඩුවක් දාලා ඒක ඔප්පු කරන්න පුලුවන් ද. උඹලා ඔක්කොම දැකපු ඒවා විතරයිනෙ . වෛද්‍ය වාර්තා පොලිස් පොත්වල පැමිණිලි එහෙම නෑනේ.


    ඇසෙන් දුටු සාක්‍ෂි ගොනු කරන්න පුළුවන්. ඒ වගේම මේ නඩුව ගෙනියන්නේ ගුටි කාපු ලෝයර් කෙනෙක් නිසා උගේ නඩුවට කතා කරන අනෙක් ලෝයර් මුදල් අය කරන්නේ නැහැ. හැබැයි විනයබාර ගුරුවරයාට ලොයර්ස් ල අල්ලන්නම වෙනවා. මෑන්ස් ට මුදල් ගෙවාගෙන උසාවි යන්න වෙනවා. නඩුව අවුරුදු 10 වගේ ඇදෙයි. මිනිහ හෙම්බත් වෙනවා. නඩුව අවසානයේ පරද උනත් අවුලක් නැහැ . පාඩමක් උගන්වල ඔය වගේ අයට.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,930
    10,174
    113
    තරහක්ද මොකක්ද දන්නෙ නෑ, කොන්ඩෙ වැඩියි කියලා කොන්ඩෙ කැපුවා.. එදා ඉඳන්ම වගේ කොන්ඩෙ යන්න ගත්තා, ඔලුව පිටිපස්ස කොන්ඩෙ වැවෙන්නෙ මාරම slow එකේ. ඒකට අවුල්.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    නඩු දාලා දඩුවමක් දුන්නා කියලත් උබටවත් ගහපු කෙනාටවත් ලැබෙන දෙයක් තියෙනවයැ.
    ඔව්. ඒ වැඩේ ආපහු කරන්න හොඳ නෑ කියලා ඉගෙනගන්නවා.