සිංහල රටේ මුඳුන්මල්කඩ..(මහනුවර දළදා මැඳුර)

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සිංහල රටේ මුඳුන්මල්කඩ..(මහනුවර දළදා මැඳුර)

    ශ්‍රී දළඳා මාළිගය

    z_p18-SriDalada0.jpg





    කිත්සිරි මෙවන් රජ දවස දළදා වහන්සේ මෙරටට වැඩම කල දා පටන්ම හෙළ බිම රජකල සියළුම රජදරුවෝ එය තම රජකමේ ස්ථිර සංකේතය ලෙස සලකා ආරක්ෂා කරගෙන පූජෝපහාර පැවැත්වූහ.ඔවුහු දළදා වහන්සේ වැඩහිදුවීම සඳහා ස්වකීය රාජ භවන අසලම දන්ත ධාතු මන්දිරයද ඉදි කරවූහ.රාජධාණිය වෙනයම් තැනකට මාරු වී යාමත් සමඟම දළදා මැදුරද වෙනස් විය. අනුරාධපුරය,පොළොන්නරුව,දඹදෙණිය,යාපහුව,කුරුණෑගල හා කෝට්ටේ ආදී සෑම රාජධාණියකම දළදා මැදුරක් ගොඬනගා දළදා හිමි වැඬහිදුවා ගරු සැලකිලි දැක්වූහ.මහනුවර රාජධානි සමයේ ගොඩනගන ලද දළදා මාළිගය අද දක්වා සෙංකඩගල පුරවරයේ වැජඹෙන්නේ සිංහල බෞද්ධයාගේ අතීත ශ්‍රී විභූතිය අප හමුවේ විදහා පාමිනි.

    dalada_maligawa400.jpg


    මහනුවර දළදා මාලිගය පිහිටා තිබෙන්නේ රාජකීය ඇතුලු නුවර යනුවෙන් හැදින්වෙන භූමි ප්‍රදේශයේය.රජ මැදුර,දළදා මැදුර,මගුල් මඩුව මේ සීමාව තුල පිහිටා
    තිබෙන වැදගත් ගොඩනැගිලි වලින් කීපයකි.මහනුවර රාජධානි සමයට අයත් ගොඩනැගිලි අතරින් දළදා මාළිගාව සුවිශේෂ වාස්තු විද්‍යාත්මක නිර්මාණයක් වෙයි.
    එය දෙමහල් මැදුරකි.බැලූ බැල්මට මෙහි චීන ගෟහ නිර්මාණ ශෛලිය ඇතැයි එදා අපරදිග ලේඛකයෝ එදා ප්‍රකාශ කලහ.නිර්මාණ ශෛලිය අනූව බලන කල්හි
    නේපාලයේ ගොඩනැගිලි ක්‍රමයේ සේයාවක් දක්නට ඇතැයි තවත් කෙනෙක් කීහ.විචිත්‍ර ලෙස කැටයම් කල කුළුණු හා පේකඩ යටි පැත්තෙන් දැති කපා නිර්මාණය කල පරාල පියස්ස කෙලවර ඇති නෙත්ති උළු ආදියෙන් අලංකාර කල දළදා මැදුර සිංහල බෞද්ඨ සංස්කෟතියේ සාඩම්භර නිපැයුමකි.

    the-buddhist-temple-at-kandy-ceylon.jpg


    මහනුවර දළදා මැදුර පලමුව ගොඬනගන ලද්දේ පලවෙනි විමලධර්මසූරිය රජතුමා විසින් බව චූලවංශයේ සදහන් වෙයි. 1 වන රාජසිංයන්ට බියෙන් මහා සංඝයාවහන්සේ විසින් සබරගමුවේ දෙල්ගමු විහාරයේ තබා ආරක්ෂා කරන ලද දළදා සමිදුන් සෙංකඩල පුරවරයට වැඩම කල රජුන් ස්වකීය රාජමාලිගය අසල මහැඟි දළදා මැදුරක් කරවා නා නා විධ පූජෝපහාර පැවැත්වූ බව එය වැඩිදුරටත් කියයි.දළදා මැදුර ගොඩනගන කාලයේදී රජුන් නිතර නිතර එහි පිවිස මහත් ආශාවකින් එහි වැඩකටයුත් නැරඹීමට පුරුදුව සිටි බව එක්තරා පුස්කොලපොතක සඳහන් වෙයි.එක් දිනක ප්‍රධාන චිත්‍ර ශිල්පියා දළදා මැදුරේ අට්ටාලයක දිගාවී වියන් තලයේ චිත්‍රයක් අඳිමින් සිටියේය.ඔහුට එතැනට අවශ්‍ය දේවල් සැපයීමට එහි අතවැසියෙක්ද සිටියේය.අතවැසියා හදිස් කාරණාවක් සඳහා බැහැරව ගිය විටෙක ඒ බව නොදත් ශිල්පියා බුලත් විටක් අවශ්‍ය වී බිම නොබලා ළමයා මට බුලත් විටක් අරන් වරෙන් යැයි කීවේය.ගතවූයේ ඉතා සුළු වේලාවකි.ශිල්පියාට බුලත් විටක් ලැබුනි.ශිල්පියා පඩික්කමක් ඉල්ලූ විට එයද ලඟට ආවේය.බුලත් විට කා කෙල ගසද්දී බිම බැලූ ශිල්පියාට දක්නට ලැබුනේ අතවැසියා නොවමහරජතුමන්ය. බියෙන් වෙව්ලමින් වහා බිමට බැසගත් සිත්තරා රජු පා වැඳ වරදට සමාව අයැද සිටියේය.එවිට රජු කථාකොට තොප මට කල වරදක් නැත.මා මෙහි ආවේ දළදා මැදුරේ වැඩ කටයුතු බැලීමට මිස තොප පරීක්ෂා කිරීමට නොවේ යැයි පැවසීය.මෙයින් විමලධර්මසූරිය රජු කොතරම් දළදා වහන්සේ පිළිබද ආදර ගෞරවයක් තිබුනේද යන්න මැනවින් පැහැදිලි වන්නේය.

    news%5C2007%5C8%5Cimages%5CnewsDalada-perehera.jpg


    මෙසේ කාලයක් තිස්සේ මහනුවර බැබලෙමින් තිබූ දළදා මැදුර දෙවන විමලධර්මසූරිය රජතුමා විසින් යලිත් වරක් තුන්මහල් කොට බඳවා සිත්තම් වලින් අලංකාර කොට රිදී විසිපන්දහසකින් කරඬු වක්ද කරවා එය රනින් ආලේප කොට දළදා හිමියෝ තැන්පත් කරවූහ.විමලධර්මසූරිය රජතුමන් විසින් බඳවන ලග තෙමහල් දළදා මැදුර ශ්‍රී වික්‍රම පරාක්‍රම නරේන්ද්‍ර සිහ රජතුමාගේ කාලය වන විට පිලිසකර කල යුතු මට්ටමක පැවතුනි.මේ බව දුටු නරපතියෝ එම මැදුර යලිත් වරක් දෙමහල් කොට බන්ඳවා විසිතුරු සිතුවම් වලින් අලංකාර කරවූහ.දළදා මැදුරේ මාලක දෙකේ බිත්ති එදා අලංකාර කර තිබුනේ ජාතක කථා වස්තූන් වලින් බව වංශකථාවේ එයි.ඒ අනූව විධුර,ගුත්තිල,උම්මග්ග,ධර්මපාල,මහා පදුම,චුල්ල පදුම,වෙස්සන්තර ආදී ජාතක කථා දෙතිසකින් දළදා මැදුර අලංකාර කර තිබුනි.දළදා මැදුරට පිවිසීම සඳහා කරවූ දොරටුවද ඉතා චිත්තාක්ර්ෂණීය ලෙස සරසා තිබුනු අතර මෙම දෙමහල් පාය සිංහල බෞද්ධ ජනතාවගේ මේ සිංහල රටේ මුදුන්මල්කඩ බවට පත්වූයේය.

    ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජුට පසු සෙංකඩගල රජු වූ ශ්‍රී විජය රාජසිංහ රජුද මහනුවර දළදා මැදුර අත්‍යාලංකාර කොට බෞද්ධයන්ගේ පරම පාරිශුද්ධ සිද්ධස්ථානය පවත්වාගෙන යාමට මහත්සේ දිරි ගත්හ.එතුමා රනින් විසිතුරු කල නානාවිධ වස්ත්‍රෙයෙන් දළදා මැදුර සරසා සුවඳ තෙලින් පහන් දල්වා පුන්කලස් තබා දළදාව වැඩ හිදුවා පූජා පවත්වා මැදුර හාත්පස ඇතුළු මලුව පිට ආලින්දය හා මහ රජ මළුවේ සහ සියළුම වීදි වල තොරණ් බැඳ සැරසුවේය.

    දළදා මුදරට අටැස් හැඩයෙන් යුතු පත්තිරිප්පුව එක් කරන ලද්දේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා විසිනි.ඉතා කලාත්මක අංගයක් බවට පත්වී ඇති පත්තිරිප්පුව නිසා දන්ත ධාතූ මන්දිරයට උදාර පෙනුමක් ඇතිවෙයි.වැදගත් අවස්ථාවලදී රජුන් එහි සිට පහත චතුරශ්‍රෙය් රැස්වූ ජනකාය ඇමතූහ.

    sri-lanka277.jpg


    මෙසේ හාත්පස අභිමාණය හා සිංහල බෞද්ධ උරුමය මුලු ලොවටම විදහා පාමින් අදටත් සෙංකඩගලපුර වැජඹෙන මේ මහා මැදුර පවතින තාක් කල් මේ මගේ සිංහල රටට කිසිම උපද්‍රවයක් සිදු නොවන බවට ස්ථිරය.එසේම මේ අති උතුම් වූ දළදා වහන්සේ දිවිහිමියෙන් රැකගැනීමට කටයුතු කරන්නෙමි.ඒ අප මාතෟ භූමිය අප බෞද්ධ දර්ශණය,සිංහල ජාතිය හා අතිමහත් වූ බෞද්ධ ජනතාව උදෙසාය.
    :cool::cool::cool::cool::cool::cool:

    6921879.gif


    6921883.gif

     
    වටිනවා ම්චන් ත‍්‍රෙඩ් එක,
    කොච්චර ආවත් එපා වෙන්නෙ නැති තැනක් තමා මහනුවර,
    මම මේ අවුරුදු 4ටම මහනුවර ඇවිත් ඇති එක 20,30 ගානක්,
    ඇත්තමයි, දළදා මාළිගාව වදින්නයි
    නුවර වැව වටේ රවුමක් යන්නයි
    අමතක කරන්නෙම නෑ,
    එන්නෙත් ඒකටමයි.
     
    • Like
    Reactions: sudu pusa

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    බොහොම ස්තුති මචං විස්තර ටිකට. ඇත්තටම දළදා මැදුරේ තියෙන ප්‍රෞඩත්වය ගාම්භීරත්වය ඒකට අඩිය තියද්දීම දැනෙනවා.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    බොහොම වැදගත් ත්‍රෙඩ් එකක් යාළුවා,අපිනම් ඉතින් නිතරම වගේ යනවානේ,අපිට ඉතින් එ වාසනාව තියනවා,සමාවෙන්න රෙප් දෙන්න බැයිලු ස්ප්‍රෙඩ් කරන්න ඔනෙලු

    Vimaladharmasuriya I of Kandy

    http://en.wikipedia.org/wiki/Vimaladharmasuriya_I_of_Kandy
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    බුදු සරනයි........ ..

    ගල්පාත මහත්තයා;11383311 said:
    වටිනවා ම්චන් ත‍්‍රෙඩ් එක,
    කොච්චර ආවත් එපා වෙන්නෙ නැති තැනක් තමා මහනුවර,
    මම මේ අවුරුදු 4ටම මහනුවර ඇවිත් ඇති එක 20,30 ගානක්,
    ඇත්තමයි, දළදා මාළිගාව වදින්නයි
    නුවර වැව වටේ රවුමක් යන්නයි
    අමතක කරන්නෙම නෑ,
    එන්නෙත් ඒකටමයි.

    waina post ekak machn
    theruwan saranai!

    දළදා මාලිගවට ගියහම, හිතට දැනෙන සනීපේ..... :)

    බොහොම ස්තුති මචං විස්තර ටිකට. ඇත්තටම දළදා මැදුරේ තියෙන ප්‍රෞඩත්වය ගාම්භීරත්වය ඒකට අඩිය තියද්දීම දැනෙනවා.

    වටිනවා මචන්
    You have given out too much Reputation in the last 24 hours, try again later.


    Good Post Machan..... :)

    godak pin Bro.. +4:D

    බොහොම වැදගත් ත්‍රෙඩ් එකක් යාළුවා,අපිනම් ඉතින් නිතරම වගේ යනවානේ,අපිට ඉතින් එ වාසනාව තියනවා,සමාවෙන්න රෙප් දෙන්න බැයිලු ස්ප්‍රෙඩ් කරන්න ඔනෙලු

    Vimaladharmasuriya I of Kandy

    http://en.wikipedia.org/wiki/Vimaladharmasuriya_I_of_Kandy
    දළදා සමිදු සරණයි...!!!
     

    gim92

    Member
    Oct 11, 2010
    781
    45
    0
    මගේ ගමට මම ගොඩක් කැමති.... අනිවාර්යයෙන් දළදා මාලිගාවට යනවමය්.... :yes: