මම දන්න තරමින් කතරගම අපේ බජට් එකේ හැටියට නවතින්න තියෙන හොදම තැනක් තමා සුව සෙවන හොලිඩේ රිසෝර්ට් එක. මේක කරන්නේ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයක් මගින්. ඒ උනාට ඕනෙම කෙනෙකුට කලින් වෙන් කරලා නවතින්න පුලුවන්. සාධාරණ ගානක් තමා අයකරන්නේ. හරිම පිරිසිදුයි. ඒ වගේම ලස්සනයි. කතරගමද කියලා හිතාගන්න බැරි තරම්. පිටිපස්සේ තියෙන්නෙ වෙල් යාය. ඈත වැඩහිටි කන්ද පේනවා. උදේ පාන්දර ඉර පායාගෙන එකකොට මොනරු ඇවිත් ඉන්නවා, මාර ලස්සනයි. ගිහින්ම බලන්න වටිනවා. කෑම උනත් හොද රසට හදලා දෙනවා. ඕනෙනම් අපටම උයා ගන්නත් පුලුවන්. යන්න කලින් කොලඹින් තමයි වෙන් කරන්න ඕනෙ. මෙන්න පින්තූර ටිකක් තියෙනවා. තව පින්තූර මගේ බ්ලොග් එකෙ තියෙනවා. Katharagama Holiday resort
![]()
machan meke web ekai contacet no. ekak denna puluwandha?
![]()
![]()
![]()
![]()
![]()
N♥K_forever;11423007 said:machan mata meke contacet no. ekai web ekai dhenna puluwnadha?????