Login Approvals. මේක දාගත්තාම වෙන්නෙ අපි වෙන computer එකකින් FB usename password දිලා ලොග් වෙනවා නම් අපේ phone එකට code එකක් එවනවා. usename password හරියට දුන්නට පස්සේ එන ඊලග window එකේ අපේ phone එකට එන code එක දෙනකන් account එකට ලොග් වෙන්න බෑ. code එක හරියට දුන්නට පස්සේ අපි පාවිච්චි කරන බ්‍රව්සර් එකේ cookie එකක් save වෙනවා. ඒ නිසා ඊලග පාර ඒ computer එකේ ඒ බ්‍රව්සෙර් එකෙන් ලොග් වෙන කොට confirmation code ගහන්න ඔනේ නෑ.( අදාල device එක අපේ FB account එකට save වෙනවා. account settings -> security -> recognized devices වල save කරපු devices බලන්න පුලුවන්).තමන්ගේ account එකට devices ගොඩකින් log වෙනවා නම්. ඒ ඔක්කොම save කරලා තියාගන්න පුලුවන්. මේක දාගත්තාම තියන වාසිය තමා online phishin attack එකකින් හෝ වෙන ක්‍රමේකින් අපේ username password දැනගත්තට log වෙන්න බැරිය. මොකද 99% අවස්තා වල hacker ට අපේ recognised devices වලට හෝ phone එක හම්බවෙන්නේ නැති හින්දා.
නමුත් ප්‍රශ්නේ එන්නේ ඔය code එක Facebook හෝ mobile service provider ගේ ප්‍රශ්නයක් හින්දා ඔක ආවේ නැතොත්. recognaise devices ගොඩක් save කරලා තියන වෙලාවක recognised devices එකකින් හරි ලොග් වෙලා ඔක disable කරලා ශේප් වෙන්න පුලූවන්. එකම එක recognised device එකක් save කරලා තියන වෙලාවක බ්‍රව්සෙරේ cookies clear කරොත් හරි computer එක format කරපු etc... වෙලාවක code එක ආවේ නැතොත් FB log වෙලා හමාරයි.
FB එකේ account setting -> security -> login approvals වල තියන "Require me to enter a security code each time an unrecognised computer or device tries to access my account" වල tick එක අයින් කරාම ඕක disable වෙනවා.
මම නම් දැන් ඔක disable කරලා තියෙන්නේ. ඔක දාගෙනම ඉන්න ඔනේ කියලා හිතෙනවා නම් Firefox,Chrome හෝ IE

portable browser එකකින් ලොග් වෙලා FB එකට device එක save කරලා, portable browser එක CD එකකට write කරලා ගෙදර සුරක්ශිත තැනක ගබඩා කරන්න.

එතොකොට case එකක් උන ගමන් " FB Backup Disk"

එකෙන් ගොඩ දාගන්න පුලුවන්.