හැමෝම දිය ඇලි වලට කැමති ඇති නේද? කව්ද අකමැති නේද? මේක රි පොස්ට් ද දන්නෙත් නැහැ. මට හිතුන අපේ ලංකාවේ තියන දිය ඇලි ගැන ත්‍රෙඩ් එකක් පටන් ගන්න. ඔයාලටත් පුළුවන් මේකේ ඔයාල දන්න අපි නොදන්න දිය ඇලි ගැන පොස්ට් කරන්න. ඔන්න එහෙනං මම පටන් ගත්තා.
මම දන්න තරමින් ලංකාවේ ගොඩක් දිය ඇලි තියනවා. ගොඩක්ම තියෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කේ (109). දෙවනියට නුවරඑළිය (75), කෑගල්ල (40).
1. ඇබර්ඩීන් දිය ඇල්ල.
උසින් 98m අඩි 322. පළල 8m . පිහිටලා තියෙන්නේ ගිනිගත්හේන ප්‍රදේශයේ. ලංකාවේ උසම දිය ඇලි වලින් 18 වන ස්ථානයේ තියෙන්නේ. ඇබර්ඩීන් තේ වත්තේ තමයි මේක පිහිටලා තියෙන්නේ. කෙහෙල්ගමු ඔයෙන් තමයි මේක හැදිලා තියෙන්නේ.
2.බේකර්ස් දිය ඇල්ල.
ලංකාවේ ප්‍රසිද්දම දිය ඇල්ලක්. උසින් 20m අඩි 66. නම වැටුනේ සර් සැමුවෙල් වයිට් බේකර් කියන ප්‍රසිද්ද බ්‍රිතාන්‍ය සංචරකයගෙන් ඒ අවදියේ මේ අවට ගෝන දඩයමට ඇවිත්. මෙය බෙලිහුල්ඔය හෝර්ටන් තැන්නෙන් ගලාගෙන යන අතරේ හැදුන ඇල්ලක්.
3.බඹරකන්ද දිය ඇල්ල. (බඹර කැලේ කියලත් කියනවා)
ලංකාවේ උසම දිය ඇල්ල. උසින් 263m අඩි 863. ලෝකෙන්ම 299 වෙනි උසම දිය ඇල්ල. පිහිටලා තියෙන්නේ කළුපහන කියන ප්‍රදේශයේ බදුල්ල දිස්ත්‍රික්කයේ. මෙය හැදෙන්නේ වලවේ ගඟේ අතු ගංගාවක් වන කුඩා ඔයෙන්. බලන්නකෝ මේකේ ලස්සන.
4.බෝම්බුරු ඇල්ල. (පෙරවල ඇල්ලත් කියලා කියනවා)
උසින් 50m අඩි 164. ලංකාවේ පළලින් වැඩිම දිය ඇල්ල. පිහිටලා තියෙන්නේ ඌව පරණගම මැතිවරණ කොට්ටාශයේ. වැලිමඩ නගරය තමයි ලගම නගරය. උමා ඔයේ අතු ශාකාවකින් තමයි මේක හැදිලා තියෙන්නේ.
5. බෝපත් ඇල්ල.
හැමෝම දන්න දිය ඇල්ලක්. උසින් 30m අඩි 98. බෝපත් ඇල්ල කියන නම වැටුනේ ඇල්ල උඩින් තියන ගල් පර්වත වලින් වතුර බෝ කොලේක හැඩේට හැදිලා පහලට වැටෙන නිසා. පිහිටලා තියෙන්නේ අගලවත්ත කියන ගමේ. කුරුවිට නගරය කිට්ටුව රත්නපුර දිස්ත්‍රික්කයේ. මෙය හැදෙන්නේ කළු ගඟේ අතු ශාකාවක් වන කුරු ගගෙන්.
මේ ඇල්ල හා පට බැඳුනු කතා ගොඩක් තියනවා. එකක් තමයි කොළඹ ඉන්දලා මේක බලන්න ආපු එක්කෙනෙක් මේ ගමේ කෙල්ලෙක් එක්ක යාලු වෙලා එයට ළමයෙක් හම්බු වෙන්න ඉන්නකොට එයාව බලන්න ආපු නැති නිසා මේ ඇල්ලෙන් පැනල දිවි නසා ගත්තලු. එයාගේ හොල්මන රෑට රෑට නිල් පට එළියකින් මේ ඇල්ල අවට සක්මන් කරනවලු.
තව එකක් කියනවා මේකේ ලොකු නිදානයක් තියනවලු. එක ගොඩ ගන්න මිනිස් බිලි 1000 දෙන්න ඕනෙලු. කට්ටිය පරිසමෙන් හොඳේ?
තව ටිකකින් තව දාන්නම්...