
ඔන්න පරිසමෙන්.
37. ගල් ඔරුව ඇල්ල.
උස 30m , අඩි 98. පිහිටලා තියෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම, ලංකා ගම ගම්මානයේ. පෝෂණය වන්නේ සිංහරාජ වනාන්තරේ උල්පතකින්. ගල් ඔරුව නම පට බැඳුනේ වැටෙන වතුර ඔරුවක හැඩයට පිහිටි ගල් පර්වත නිසයි. උඩ සිට වැටෙන වතුර 25m දිග 2m පළල ගල් දෙබෝක්කාවක් අතරින් 40m පමණ ගලාගෙන ගොස් උඩට මතු වෙනවා. මෑත කාලයක් වෙනකන් මේ ඇල්ල හා ලාදුරු රෝගීන් අතර බැඳීමක් තිබුණා කියලත් සඳහන් වෙනවා ඒ මොකද කියනවා නම් මේ ඇල්ලේ ලාදුරු සුව කිරීමේ බලයක් තියනවලු.
![]()
ගල් දෙබෝක්කාව
![]()
meka nan bayanaka thanak. dan railing ekak gahala thibbath langata yanna bayai.
