5. බෝපත් ඇල්ල.
හැමෝම දන්න දිය ඇල්ලක්. උසින් 30m අඩි 98. බෝපත් ඇල්ල කියන නම වැටුනේ ඇල්ල උඩින් තියන ගල් පර්වත වලින් වතුර බෝ කොලේක හැඩේට හැදිලා පහලට වැටෙන නිසා. පිහිටලා තියෙන්නේ අගලවත්ත කියන ගමේ. කුරුවිට නගරය කිට්ටුව රත්නපුර දිස්ත්රික්කයේ. මෙය හැදෙන්නේ කළු ගඟේ අතු ශාකාවක් වන කුරු ගගෙන්.
මේ ඇල්ල හා පට බැඳුනු කතා ගොඩක් තියනවා. එකක් තමයි කොළඹ ඉන්දලා මේක බලන්න ආපු එක්කෙනෙක් මේ ගමේ කෙල්ලෙක් එක්ක යාලු වෙලා එයට ළමයෙක් හම්බු වෙන්න ඉන්නකොට එයාව බලන්න ආපු නැති නිසා මේ ඇල්ලෙන් පැනල දිවි නසා ගත්තලු. එයාගේ හොල්මන රෑට රෑට නිල් පට එළියකින් මේ ඇල්ල අවට සක්මන් කරනවලු.
තව එකක් කියනවා මේකේ ලොකු නිදානයක් තියනවලු. එක ගොඩ ගන්න මිනිස් බිලි 1000 දෙන්න ඕනෙලු. කට්ටිය පරිසමෙන් හොඳේ?
e katha wa mama adamai ahuwe bopatha alla gawa ape gedara thiyenne...