දැන් සුළු මොහොතකට කලින් ( 10.55 PM ) මහනුවර මහයියාවේ අලුතින් ඉදි වු කේ.එෆ්.සි. එක ලග සිදු වු මේ රිය අනතුර ගැන..
මම වාර්ථා කරන්න හිතුවා..
කාලයකට පස්සේ චිත්රපටියක් ගෙදරදි බලාගෙන ඉද්දි එක පාරටම හඩක් ඇහුනා..
ඊට පස්සේ වතුර පාර ඉහළට විදිනවා දැකලා ගියා බලන්න.. මොනවා ද වුනේ කියලා..
ඒ අනුව ගත්ත රූප රාමු ටිකයි මේ..
මොන වගේ අවස්ථාවක් වුනත් එළකිරි අඩවිය අමතක කරන්න බැරි හින්දා..
මේ රිය අනතුරේදි මම රූපගත කරපු හැම දෙයක් ම බේදා ගන්න හිතුවා..
කේ.එෆ්.සි. ඉදිරිපිට මේ සිදු වු රිය අනතුර හේතුවෙන්.. වතුර බටයක් කැඩියාම හේතුවෙන්..
ඉහළටම වතුර විදිමක් සිදු වුනා.. ඒ දේ.. විඩියෝ ගත කරපු රූප රාමුවේ දැක ගන්න පුලුවන්..
මේ වාහනය ෆුල් ඉන්ෂුවරන්ස් දාලා තියෙන හින්දා අවුලක් නෑ..
මේ අනතුර දැක්කාම මට මතක් වුන දෙයක් තමයි.. මැතකදි බොහෝ අනතුරු වලට එක් හේතුවක් තමයි නින්ද.. නින්ද මිනිස් වර්ගයාට වුවමනා නිසා..
ඒ නින්ද කලට වේලාවට ගත්තේ නැත්නම් අපේ ශරිරය ඒ නින්ද කොයි මොහොතේ වුනත් ගන්න උත්සහ දරයි..
අපි ඒ වේලාවේ අපි නින්දත් එක්ක තරග කරන එක නෙවෙයි සිදු කරන ඕනේ..
ඒ නින්දට අවස්ථාවක් දෙන එකයි..
ඒ නින්ද වෙනුවෙන් කාලය වෙන් කරන්න බැරි නම්.. ඒ නින්ද නැති කරන්න ක්රම කිහිපයක් ම තියෙනවා..
එකක් ච්විංගම් එකක් සපාගෙන ගමන් කිරිම..
එහෙමත් නැත්නම් වාහනයේ ඉදිරිපසින් ඉන්න පුද්ගලයාත් එක්ක කතා බහා කිරිමෙන් එළවන්න ඕනේ..
එහෙමත් නැත්නම්.. වාහනයේ සෙටප් එකක් තියෙනවා නම්.. සද්දේට දාගෙන ගමන් කරන්න.. නින්ද පහ වෙන තුරු..
ඒහෙමත් නැත්නම් වාහනයෙන් බැහැලා මුහුණට වතුර ටිකක් ගහලා වාහනය වටේට රවුමක් ගහන එක කරන්න..
එතකොට නින්ද පහ වේලා යයි.
මරණය කියන්නේ අපේ ජිවිතයට එක් අවස්ථාවකදි විතරයි එකතු වෙන්නේ..
ඒ හින්දා ඒ මරණයට අවස්ථාව දෙන්නේ නැතිව ඒ මරණය අපේ ජිවිතයෙන් ඇත් කරලා තියා ගන්න අපි වග බලා ගමු..
කොහොමත් මේ ජිවිතයේ කෙදිනක හෝ මරණයක් අපේ ජිවිතයට එකතු වෙන එක අනිවාර්යයි..
ඒත්.. ඒ මරණය අපි විසින් ම හොයා ගෙන යෑම නම්.. බොළද ක්රියාවක් හැටියටයි මම නම් දකින්නේ...
අපේ සහෝදරයන් මොනවා ද හිතන්නේ මේ ගැන...
Last edited:






