වෙලාව අරන් දාන්න යාලු හදිස්සියක් නෑ..බාගයක් ඉවරෝ... ඉදපල්ලෝ...
දවසක් පැල නැති හේනේ
අකාල මහ වැහි වැටුනා
තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ
පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ
නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුනදා
බිරිදකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ
ඔබෙ සෙනෙහස සුවද දිදී දැනුනා මට අම්මේ
කොළඹ අහස කලු කරගෙන මුහුදු හුලග හඩලනකොට
ඔටුන්න බිමදා දුවගෙන එන්නද එක පිම්මේ
මං එනතුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ
පද රචනය - රන්බංඩා සෙනෙවිරත්න
සංගීතය - විශාරද ගුණදාස කපුගේ
ගායනය - විශාරද ගුණදාස කපුගේ
සියුම් ස්වරයෙන් පටන්ගෙන විලාපයකින් අවසන් වන මේ ගීතයේ එසේ විලාප ගැසීමට හේතුවක් තියෙනව.. හේතුව තමා දැන් හැමදේම තේරුනත් කරන්න දෙයක් නෑ . මොකද සියළුම සිදුවීම් වෙලා ඉවරයි. සිහිවෙනවිට දැනෙන වේදනාව පමණයි ඉතිරිව තියෙන්නෙ.
"දවසක් පැල නැති හේනේ
අකාල මහ වැහි වැටුනා"
පැලක් නැති හේනක් කියන්නෙ ඒ හේනට කිසිම ආරක්ෂාවක් නෑ. (ඇත්තටම රන්බංඩා සෙනෙවිරත්නගෙ මව මේ හේන්වල තියෙන ගස්වල ඉතිරිවෙලා තියෙන එළවලු කඩල කන්න දීල තියෙනවලු ) පියා නැති පුවලකටත් ඒ වගේ තමා. වැහි අනවශ්යය කාලෙට වැහි වැටෙනව වගේ කිසිම හේතුවක් නැතිව අම්මට එතකොට නින්දා අවමාන, අගහිගකම් එන්න පටන්ගත්ත.
"තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ"එහෙත් මව ඒ සියලු දුක් කරදර තමා විද ගනිමින් තම දරුවාට ඒ බාධක දැනෙන්න දුන්නෙ නෑ.
"පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ"
මෙහි "හිටි පියවර හිටියා" යන්නෙන් අර්ථවත් කරන්නෙ ලමය හරිතැනකට ඇවිත් ජීවිතේ දිහා බලනකොට ලමය හිතනව මම මේ තැනට එනකල් අම්ම "දෙවන වර විවාහයක්" නොවී නොකර ජීවිතයේ එකම අරමුණ සේ මාව සලකල නේද කියල.
ඔන්න එහෙම හිටපු පුතා ලොක්කෙක් වෙලා නගරයට එනව අම්ම එහේ දාල. පුතා උස් මහත් වෙලා අම්මා තනිකර නගරයට යාම ව්යංුගයෙන් හගවන්නෙ, මොකද නුවර ඉන්නකොටනේ ගැහැණියෙක් සෙනෙහසක් ගැන කියන්නෙ.
" නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුනදා
බිරිදකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ
ඔබෙ සෙනෙහස සුවද දිදී දැනුනා මට අම්මේ
"
කසාද බැදල අම්මටත් වඩා ගෑනිව ලොකු කරගෙන හිටිය.... හැබැයි ගෑනි කියන්නෙ කවුද කියල තේරුම් ගන්න , ගෑනිගෙ ආදරේ අම්මගෙ ආදරේට වඩා අඩුයි කියන්න ගොඩක් කාලයක් ගියා.... හරියට යෝධ ඇලේ බැම්ම වගේ... මොකද සැතපුමක් ගියාම තමා තේරෙන්නෙ අගලක බැස්මක් මේකෙ තියෙනව කියලා......යෝද ඇල වතුර ගලනව කියල පේන්නෙ නෑ. සැතපුමක් ගියාම තමා තේරෙන්නෙ ගලනව කියල. බිරිදත් එහෙමයි වෙනස් වෙනව තේරෙන්නෑ. කාලය ගෙවිල ගියාමයි තේරෙන්නෙ බිරදත් මවත් අතර වෙනස සහ ප්රිශ්ණ වලදි අගහිගකම් වලිද බිරිද තමාව තනිකරල වෙනතක ගිහින් තියෙන හැටි.
කොහොම හරි දැන් බිරිද මෙහෙම වෙනස් උනාම තමන්ට අර පරණ සෙනෙහස මතක් උනා. අම්මව සිහි උනා. කසාදයක කරගන්නැතිව, තමා ලොකු වෙනකල් දුකක් නොදී බලාගත් අම්මලගට ... ඒ සෙනෙහස ආරක්ෂාව සොයාගෙන යන්න ඕන.. යන්න හිතෙනව...
මං එනතුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ
ඒත් නගරයේ ඉදල එන මාව බලන්න අම්ම ඉදිකඩ ලග වෙනද වගේ ඉන්නෙ නෑනේ.. මොකද අම්ම මේ ලෝකෙ අතහැරල ගිහින්... ඒකයි ලොකු අදෝනාවකින් අවසන් කරන්නෙ...
හදිස්සියට ටයිප්කලේ... අකුරු වැරදිනම් සමාවෙන්න... කමෙන්ට් එකක් දීලම යන්න මචන්ල..
මචන් සිරා ද උබ මෙ කියන කතා මොකද මහාචාර්ය සරත්චන්ද්‍ර එයාහෙ ජිවිත කතාව ලියපු පොතෙ "පින් ඈති සරසවි වරමක් දෙන්නෙ " කියන විස්තර කරනවා මනමෙ හා සින්හබාහු නාට්ටියට පදනම් වෙච්ච් හෑටි ,එ කතා එයාට කොහොමද ආවෙ එවා කොයි තරම එයා වෙනස් කරාද කියලා
මට නම් පෙන්නෙ උබ කොල්ලො ජොලියට හදපු කතා ටිකක් මෙකෙ දාලා වගෙ .මචන් මෙ නාට්ය අපෙ නාට්ය වන්ශ කතාවෙ රන් අකුරෙන් ලියවෙන නාට්ය.මෙ නාට්ය තමයි අපිට ම කියලා නාට්ය කලාවක් හොයාගන්න කරපු මුලිකම පර්යෙශන .ඉතින් මචන් මෙ වගෙ දෙවල් වලට මෙ බහුබුත උබ ජොලියට ලියලා මෙවා ගෑන නොදන්න් අයව නොමග යවන්න එපා කියලා කාරුනිකව ඉල්ලනවා.මොකද මෙ උබගෙ ත්‍රෙඩ් එක බලපු එකෙක් මෙක සිරාවට අරගෙන වෙන තෑන් වලත් මෙ මොඩ කතා කියව කියව යන්න පුලුවන්


Meka machan prof ge private life eka gana scene ekak... eka nahai kiyanna umbata baane... umbe kawruth nemeine e... e nisa nodana mewata moda katha kiyanna epa.... eka umbe modakama... Namuth rasyak nahai kiyanna umbata ba...![]()
Meka machan prof ge private life eka gana scene ekak... eka nahai kiyanna umbata baane... umbe kawruth nemeine e... e nisa nodana mewata moda katha kiyanna epa.... eka umbe modakama... Namuth rasyak nahai kiyanna umbata ba...![]()
මෙන්න අපේ යාළුවන්ට තවත් ගීතයක්......
මූදු පතුල යට ඉඳලා
මුතු ඇටයක නිදි කරවා
පෙණ කැටියක පාකරලා
මගෙ දෝතට පුතු ආවා..........//
මේ ගීතය අහල තියෙනවනේ..... අපේ අම්මල එහෙම මේ ගීතය පොඩි ළමයි නිදිකරවන්න කියනව නේද... හොදයි එහෙනම් මේකෙ තේරුම දන්න කෙනෙක්, ළමයි නිදිකරවන්න නෙමෙයි මේ ගීතය අහන්නවත් ඉඩ දෙන්නෙ නෑ කියල මම කිව්වොත් මොකද කියන්නෙ..... හිතල බලන්න...

මෙන්න අපේ යාළුවන්ට තවත් ගීතයක්......
මූදු පතුල යට ඉඳලා
මුතු ඇටයක නිදි කරවා
පෙණ කැටියක පාකරලා
මගෙ දෝතට පුතු ආවා..........//
මේ ගීතය අහල තියෙනවනේ..... අපේ අම්මල එහෙම මේ ගීතය පොඩි ළමයි නිදිකරවන්න කියනව නේද... හොදයි එහෙනම් මේකෙ තේරුම දන්න කෙනෙක්, ළමයි නිදිකරවන්න නෙමෙයි මේ ගීතය අහන්නවත් ඉඩ දෙන්නෙ නෑ කියල මම කිව්වොත් මොකද කියන්නෙ..... හිතල බලන්න...








මෙන්න අපේ යාළුවන්ට තවත් ගීතයක්......
මූදු පතුල යට ඉඳලා
මුතු ඇටයක නිදි කරවා
පෙණ කැටියක පාකරලා
මගෙ දෝතට පුතු ආවා..........//
මේ ගීතය අහල තියෙනවනේ..... අපේ අම්මල එහෙම මේ ගීතය පොඩි ළමයි නිදිකරවන්න කියනව නේද... හොදයි එහෙනම් මේකෙ තේරුම දන්න කෙනෙක්, ළමයි නිදිකරවන්න නෙමෙයි මේ ගීතය අහන්නවත් ඉඩ දෙන්නෙ නෑ කියල මම කිව්වොත් මොකද කියන්නෙ..... හිතල බලන්න...