සුන්දර ගීයක ඇරබුම,..

C.I.D

Member
Dec 31, 2011
2,523
186
0
TOP SECRET
(මේව මම අහපු කතා හරිද මචන්ල)

මහාචාර්ය එදිරිවීර **** ගැන අපි හැමෝම දන්නවනේ...........
ආයෙ අමුතුවෙන් කියන්න දෙයක්යැ.... මනමේ, සිංහබාහු නිර්මාණය කලේ ඔහුනේ....
හැබැයි මේව නිර්මාණය වෙන්න හේතුබූත වුන කරුණු තමා මේ කියන්න හදන්නෙ....
ඔන්න එතුමා විශ්වවිද්‍යාලයේ කටයුතු කරගෙන ඉන්නකොට එතුමගෙ හොදම යාළුවත් එක්ක නිතරම නාට්යෙ කටයුතුවල යෙදෙනවළු... නිතරම වගේ ගෙදරත් එනවලු ඒ යාලුව...
(නම් ගම් නොදා මේ වැඩේ කරන එක හොදයි කියල හිතුව මොකද වෙන එකෙකුගේ ත්රෙඩ් එකක දාන නිසා)

ඔන්න දවසක් හවස් වෙනකල් විශ්ව විද්යායලයේ වැඩකරපු අපේ මහාචාර්යවරය ආවලු ගෙදර ... බිරිද නෑ.... හැම තැනම බැලුවත් බිරිද නෑ.... පස්සෙ දැනගත්තලු තමන්ගෙ අර යාළුවත් එක්කම පැනල ගිහින් කියල...

හොදම වැඩේ ඒක නෙමෙයි... අපි වගේ ඇඩුවෙ නෑ... පිස්සු කෙළියෙ නෑ.... තනිවම කාරමරේ ඉදගෙන බුද්ධගමට නැඹුරුවීම හා පොත් කියවීම පමණයි කලේ... පස්සෙ තමන්ගෙ හිතේ තියෙන දුක නිවෙන්න හැදුව නාට්‍යයක්...මොකද්ද දන්නවද ? මනමේ .
හැබැයි...ව්‍යංගයෙන් සිය බිරිද ගැන, තමාගෙ හිතේ තියෙන තරහ ලස්සනට ප්‍රකාශ කරණව. ගෑනු කියන්නෙ විශ්වාස කරන්න බැරි ජාතියක්... කඩුව තියාගෙන කොපුව දෙන ජාතියක්.... ආලබස් තෙපලල වෙනඋන් එක්ක යන ජාතියක්...පෙරලෙනපිට හොදයි කියන ජාතියක්.... කොහොමද මහාචාර්යතුමාගෙ වැඩ....

දිරියෙන් යුධ කල ඔබ දුටු මොහොතේ.....
මගෙ හද ගැබ තුල ඇතිවෙයි ආලේ......

දිරියෙන් යුධකල ඔබදුටු මොහොතෙ
මගෙ හද ගැබතුල පිරුනයි ආලෙ
නැතිමුත් රජසැප හිමගිරි අරනේ
ඔබ හැර මෙමටා නැත අන් සරනේ

හැඩි දැඩි සිරුරට ආලය බැඳුනා
ඔබ හට අසිපත දෙන්නට සිතුනා
මණමෙ කුමරුන් මරුමුව වැටුනා
දැන් මම රැජිනකි හිමගිරි අරණා..


කැමතිනම් සිංහබාහු හැදුන විදියත් කියන්න පුළුවන්....

niyamai mchn..natya baluwata mewage nidana katawa danne nane:):):)
හරි ඔන්න මගෙන්ත් එකක්..
රන්බන්ඩා සෙනවිරත්න මහත්තයා සරසවියෙ ඉගන ගන්න කාලෙ තිබුන එක කෑත පුරුද්දක් ඒ තාමා යාලුවො හතර දෙනාටම එක ගනිකාවක් ගෙනල්ල හතරදෙනාම ඈත් එක්ක එක් වීම සින්හලෙන් ම කියනවනම් පෝලිමක් දෑමීම..

ඔන්න එකසති අන්තයක කට්ටිය පුරුදු විදිහට පෝලිමේ වෑඩේ කරනව.. ඊටපස්සෙ පෝය.. මේ ගොල්ලොත් මොන බලු වෑඩේ කරත් පෝය දවසට දලදා හාමුදුරුවන් වදින්න මාලිගාවට යනව. මෙන්න මෙහෙම ගිහාම අර කලින් තමන් කාමරයට ගෙනා ගනිකාව තෙල්, මල් අරන් දලදාව වදින්න ඈවිත්.. කලින් සතුටින් සිනා සෙමින් ඈ සමග එක්වුන මේ පිරිස මෙතනදි ඈට රවනව.. ඒ ඈය වෑරදි කාරියෙක් නිසා.. ඒත් කාටද ඈ වරදක් කරල තියෙන්නෙ??? බලන්ගිහාම ඈ කූබියෙකුටවත් වරදක් කරල නෑ

ඒත් ඈ වෑරදි කාරියක්.. පිරිමින්ගේ පහත් අශා නම් වූ පාප කදට දෝශ විදින පාප කාරියක්.. හෑම දෙනාම යෑහේ ලෑම දකිනව ඒත් කිසිම කෙනෙක් ඈහේ ලය බලන්නෙ නෑ..

එතෙක් මෙතෙක් ගනිකාවන් පිලිබදව් අලියවුන අතිශයෙන්ම සානුකම්පිත ගීතය වන ලදුනේ ගීතයේ නිදාන කතාව මම අහල තිය්න විදිහට ඕකයි



ela mchn..kathawa ahala tiyenawa
තමන්ගෙ බිරිද ගියා හරි කමක් නෑ ... දුව ඉන්නවනේ කියල හිතාගෙන මහාචාර්ය තුමා හිටිය....
දැන් වැඩ ඇරිල ගෙදර එනකොට දුවගෙන ඇවිත් තමන්ව බලාගන්නෙ දුව... තාත්ත බෙහෙත් ගැන, කෑම ගැන බලන්නෙ නෑ... ඉතින් තාත්තගෙ කෑම බීම ගැන බලන්නෙ මේ දුව තමා.... බිරිදට වඩා සෙනෙහසින් මේ වයසක මහාචාර්යවරය දැන් දුව ආදරෙන් බලාගන්නව....

කවන්නිය පොවන්නිය ... මා ගැන දුක් වන්නිය...
වනයේ දුකක්විද... සොයන්නිය... බලන්නිය....

මෙහෙම කාලයක් යනකොට දුවත් මහාචාර්යතුමාගෙ හොදම ගෝලයත් එක්ක පැනල ගියා. අම්මවගේ මාව දාල ගියේ ඇයි දුවේ... උඹටවත් මාව තේරුම් ගන්න බැරිඋනාද?... උඹටවත් මගේ ලග ඉන්න බැරිඋනාද...?

ඇයි සුදු දුවණිය නුඹවත් නොසිටියෙ..... ඇයි සුදු දුවණියෙ නුඹවත් නොසිටියෙ.......
==============================
ගල්ලෙන බිදලා
ලෙන් දොර ඇරලා
සින්හබා.... සින්හබා.... සින්හබා
මා සොදුර.....///

සින්හ සීවලී..... මා ප්‍රිය දියණිය
ගල්ලෙන බිදලා
ලෙන්දොර ඇරලා
ගොසින් සැමදෙන
නැතේ කිසිවෙක්

මම දැන ගතිමි
මම සැක කලෙමි
සින්හබා.....///

ලෙනතුල නොවෙති
පෙරලා නො එති
මම දැනගතිමි
මම සැක කලෙමි
සින්හබා......//

ඔන්න ඔහොමයි සිංහල නාට්යන කලාවේ ශේෂ්ඨතම නාට්‍ය දෙක බිහි වීමේ මුලික අඩිතාලම වැටුනේ....


කොහොමද මහාචාර්යතුමාට තව ළමයි හිටියනම්.........

niyamai mchn...:):):)
tawa damu

මේකත් කවුද කින්ද මන්ද කියන්න බෑ ....
හැමදාම වැඩකරල මහන්සිවෙලා ගෙදර එන මේ පුද්ගලයට සිය බිරදගෙන් ලැබුනෙ පුදුම ආදරයක්..... මෑනුත් එහෙමයි ඉතින් ආයේ උතුම් ආදරේ... බිරිද මෙයා එනකොටම ඉස්සරහට එනවා.. බෑග් එක ගන්නව... තේ එකක් ගෙනත් දෙනව.... නිවාඩු දවස්වල දෙන්න එකතුවෙලා තමා ගෙදර වැඩ ඔක්කොම කරන්නෙ... ඉතිං මෙහෙම කාලයක් ගියා කියමුකෝ....

ටික කාලයක් යනකො මෑන්ට තේරුනා ගෑනිගෙ වෙනසක්.... ඒත් තේරුම් ගන්න බෑ... දැන් ඔන්න රණ්ඩු ඒත් මිනිහට ඇයි මේ හේතුව කියල කොහොමවත් තේරෙන්නෑ.... තේ නෑ... ඉස්සරහට එන්නෑ... කියන්න ඕන නෑනේ ඉතින් මෑන්සට මේ වෙනස තේරෙනව මොනවහරි අවුලක් කියල....

පස්සෙ ටිකක් විමසිල්ලෙන් ඉන්න පටන්ගත්ත මොකද්ද මේ වෙන්නෙ කියල.... මෙන්න මෑන් ගෙදර සාලෙ වාඩිවෙලා පත්තරේ බලනව. හැබැයි බලනව නෙමෙයි බිරිද ගැන විමසිල්ලෙන් ඉන්නෙ...
බිරිද ඉදලත් අරගෙන මිදුලට ආව .... දැන් අතුගානව.....
හුටා.... මෙන්න අල්ලපු ගෙදර මිනිහ ඇවිදන් ඇහැ දානව මෑන්ස්ගෙ බිරිදට.... ගෑණිත් හිනාවෙනව, හොරෙන් බලනව.... මෑන් සද්ද නැතිව හිටිය මොනවත් කිව්වෙ නෑ.... ගියා කාමරයට ගත්ත කොලයක් මෙහෙම ලිව්වලු
ජීවිතයම මා සතු එකම සුවේ හී සර පහරක වෙලෙනු පෙනේ
මේ ලොව මා සතු ඇ සතු දේ නෙතු අසල්වාසියෙක් සොයනු පෙනේ

දැන් ඉතිරිටික පැහැදිලි කරන්න ඕන නෑනේ.... සින්දුව කියවනකොට තේරුම්ගන්න පුළුවන් (අත රිදෙනව ටයිප් කරල)

සඳ කැන් වැසිලා අඳුරේ එතිලා
ඝනදුරු රෑ තනිකම නෑ ............
සොයා එන්න ඝනදුර තරු නිවලා
මගේ එලිය අද ඔබ පමනී.........

ජීවිතයම මා සතු එකම සුවේ හී සර පහරක වෙලෙනු පෙනේ .............
මේ ලොව මා සතු ඇ සතු දේ නෙතු අසල්වාසියෙක් සොයනු පෙනේ ............

මා නැත අන්සතු සිත් බිඳලා දෑතම බැඳගෙන හිඳිමි බලා ............
මේ ලොව යම් දවසක අපි වෙන් වෙමු රහස් අහස් තලයට පවරා...........

මේකයි මචන් අපි දැන් මේකට අදාල මෑන් කවුද කියල නොකිව්වට දන්නවනේ... ඉතින් මෙන්න මෑන් රන්ඩු කලේ නෑ ගේ දාල ගියා හොදටම බොනව ඉදල හිටල තමා ගෙදර එන්නෙ... ඒ එන්නෙත් දුව බලල යන්න... දැන් ගෑනිටත් වැඩේ තේරුණා මිනිහට බඩු ආරන්චිවෙලා කියල.... ඒත් මොනව කරන්නද මිනිහ එන්නෙ නෑ.
ඒක නෙමෙයි ප්රවශ්ණෙ දුව... දුව තාත්තට හරිම ලෙංගතුයි... දුවට සාංකාව වගේ... වෙනද වගේ ඇක්ටිව් නෑ... ගේටුටව ලගමයි තාත්ත එයි කියලා... සෙල්ලම් කරන්නෙත් නෑත.... ඉතින් මේ සිද්ධිය මූලික කරගෙන හැදුනා ගීතයක්...

මා එක්කලා අමනාප වී දඹර
දූගේ තාත්තා එන්නේ නෑ ගෙදර

වැලි පොල්කටුයි හැදි වෑයයි පෙරලාලා
මිදුලේ වැටුන කොළ සේරම අතුගාලා
ගේ ලග වැට කඩුල්ලට බැරි බර දීලා
රෑ එලිවෙන තුරා ඉමු මිදුලට වීලා

හද මාමා නැගෙන තුරු අපි තරු ගනිමු
දෙදෙනාම දුකු තල් අත්තක ලියමු
හද මාමා අත ඒ පණිවුඩ යවමු
හෙටවත් ගෙදර ඒ දැයි බලමින් ඉදිමු

මා එක්කලා අමනාප වී දඹර
දූගේ තාත්තා එන්නේ නෑහැ ගෙදර


අදට ඇති ඉතිරිටික හෙට දෙන්නම් උඹලට රස විදින්න... කැමතිනම් කමෙන්ට් එකක් දාල තියපල්ල කොල්ලනේ..... ජයවේවා....!

ela mchn...:):):):)
thnx for sharing
 

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මේක මචන් මම මුල ඉඳල අගටම පිටු 17ක් කියෙව්ව.පැයක් වගේ ගියා තියෙන වැඩත් එක්ක කාර්යාලයේ. (මම ඉන්නෙ ලංකාවෙ නෙමේ.ඒකයි.. :P) මම ඒ-ලෙවල් වලට උපකාරක පන්ති ගිය සක්යා එකේ සිංහල වලට සේනාරත්න කාරියවසම් ගාවට (මෑන් ගාවට ගියේ රොටරියෙ සිංහල කරපු එකාට මම කැමති නැති නිසා, මෑන්ස් කෙල්ලොන්ගෙන් ලකුනු දාගන්න කොල්ලො නෝන්ඩි කරන නොසන්ඩාල පොරක් නිසා.) කාරියවසම් ගුරුතුමාත් හිටපුගමන් කරන පාඩම නවත්තල ඔය වගේ පැරනි ගීතයක ඇරඹුම කියල දෙනව. නිදාගෙන ඉන්න කොල්ලොත් ඇහැරිලා අහං ඉන්නව බං. මට ඒ කාලෙ මතක් වුනා. සිරාවට මේක නම් මසුරන්වලටත් වැඩිය වටිනව සහෝ. sasliit සහෝ, උඹ ජපුරෙද.??
     
    • Like
    Reactions: TonyMontana83

    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    දවසක් පැල නැති හේනේ
    අකාල මහ වැහි වැටුනා
    තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ
    පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ

    නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුනදා
    බිරිදකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ
    ඔබෙ සෙනෙහස සුවද දිදී දැනුනා මට අම්මේ

    කොළඹ අහස කලු කරගෙන මුහුදු හුලග හඩලනකොට
    ඔටුන්න බිමදා දුවගෙන එන්නද එක පිම්මේ
    මං එනතුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ

    පද රචනය - රන්බංඩා සෙනෙවිරත්න
    සංගීතය - විශාරද ගුණදාස කපුගේ
    ගායනය - විශාරද ගුණදාස කපුගේ


    සියුම් ස්වරයෙන් පටන්ගෙන විලාපයකින් අවසන් වන මේ ගීතයේ එසේ විලාප ගැසීමට හේතුවක් තියෙනව.. හේතුව තමා දැන් හැමදේම තේරුනත් කරන්න දෙයක් නෑ . මොකද සියළුම සිදුවීම් වෙලා ඉවරයි. සිහිවෙනවිට දැනෙන වේදනාව පමණයි ඉතිරිව තියෙන්නෙ.


    "දවසක් පැල නැති හේනේ
    අකාල මහ වැහි වැටුනා"

    පැලක් නැති හේනක් කියන්නෙ ඒ හේනට කිසිම ආරක්ෂාවක් නෑ. (ඇත්තටම රන්බංඩා සෙනෙවිරත්නගෙ මව මේ හේන්වල තියෙන ගස්වල ඉතිරිවෙලා තියෙන එළවලු කඩල කන්න දීල තියෙනවලු ) පියා නැති පුවලකටත් ඒ වගේ තමා. වැහි අනවශ්යය කාලෙට වැහි වැටෙනව වගේ කිසිම හේතුවක් නැතිව අම්මට එතකොට නින්දා අවමාන, අගහිගකම් එන්න පටන්ගත්ත.

    "තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ"
    එහෙත් මව ඒ සියලු දුක් කරදර තමා විද ගනිමින් තම දරුවාට ඒ බාධක දැනෙන්න දුන්නෙ නෑ.

    "පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ"​


    මෙහි "හිටි පියවර හිටියා" යන්නෙන් අර්ථවත් කරන්නෙ ලමය හරිතැනකට ඇවිත් ජීවිතේ දිහා බලනකොට ලමය හිතනව මම මේ තැනට එනකල් අම්ම "දෙවන වර විවාහයක්" නොවී නොකර ජීවිතයේ එකම අරමුණ සේ මාව සලකල නේද කියල.

    ඔන්න එහෙම හිටපු පුතා ලොක්කෙක් වෙලා නගරයට එනව අම්ම එහේ දාල. පුතා උස් මහත් වෙලා අම්මා තනිකර නගරයට යාම ව්යංුගයෙන් හගවන්නෙ, මොකද නුවර ඉන්නකොටනේ ගැහැණියෙක් සෙනෙහසක් ගැන කියන්නෙ.

    " නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුනදා
    බිරිදකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ
    ඔබෙ සෙනෙහස සුවද දිදී දැනුනා මට අම්මේ
    "

    කසාද බැදල අම්මටත් වඩා ගෑනිව ලොකු කරගෙන හිටිය.... හැබැයි ගෑනි කියන්නෙ කවුද කියල තේරුම් ගන්න , ගෑනිගෙ ආදරේ අම්මගෙ ආදරේට වඩා අඩුයි කියන්න ගොඩක් කාලයක් ගියා.... හරියට යෝධ ඇලේ බැම්ම වගේ... මොකද සැතපුමක් ගියාම තමා තේරෙන්නෙ අගලක බැස්මක් මේකෙ තියෙනව කියලා......යෝද ඇල වතුර ගලනව කියල පේන්නෙ නෑ. සැතපුමක් ගියාම තමා තේරෙන්නෙ ගලනව කියල. බිරිදත් එහෙමයි වෙනස් වෙනව තේරෙන්නෑ. කාලය ගෙවිල ගියාමයි තේරෙන්නෙ බිරදත් මවත් අතර වෙනස සහ ප්රිශ්ණ වලදි අගහිගකම් වලිද බිරිද තමාව තනිකරල වෙනතක ගිහින් තියෙන හැටි.

    කොහොම හරි දැන් බිරිද මෙහෙම වෙනස් උනාම තමන්ට අර පරණ සෙනෙහස මතක් උනා. අම්මව සිහි උනා. කසාදයක කරගන්නැතිව, තමා ලොකු වෙනකල් දුකක් නොදී බලාගත් අම්මලගට ... ඒ සෙනෙහස ආරක්ෂාව සොයාගෙන යන්න ඕන.. යන්න හිතෙනව...
    මං එනතුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ​

    ඒත් නගරයේ ඉදල එන මාව බලන්න අම්ම ඉදිකඩ ලග වෙනද වගේ ඉන්නෙ නෑනේ.. මොකද අම්ම මේ ලෝකෙ අතහැරල ගිහින්... ඒකයි ලොකු අදෝනාවකින් අවසන් කරන්නෙ...


    හදිස්සියට ටයිප්කලේ... අකුරු වැරදිනම් සමාවෙන්න... කමෙන්ට් එකක් දීලම යන්න මචන්ල..





    අනේ මචන් අපි නිකන් චාර්ටර් වෙන්න ඕනි නෑ මේ අනුන්ගෙ නූලකට ඇවිත්... ආස කොල්ලො ඉන්න නිසයි දැම්මෙ... මොකද සල්ලිවලටවත් මේව හොයාගන්න බැරිබව මම අත්දැකීමෙන් දන්නව... රූපවාහිනියෙ හරි උඹල හරි මුණගැහිල සින්දුවක සබෑ අර්ථය නිධාන කථාව ඇහුවොත් .. ඒක හොද එකක්නම් උඹලට කියයි.. නමුත් නරක නිධාන කතාවක් තියෙනවනම් ඒක වහල වෙනදෙයක් කියන්නෙ.(ළදුනේ ගීතය වගේ... රචකයා ගණිකාවක් එක්ක හිටිය කියල කියයිද). එතකොට නිවැරදිම එක දැනගන්න ඒ පුද්ගලයගෙ සමකාලීන ආශ්‍රයකරන්නන්ගෙන් විමසන්න ඕනි. මේක තමා ඇත්ත.

    උදා. මගේ පුන්චි කුමාරියේ ගීතයේ නිධාන කතාව හොයන්න... එතකොට වැටහේවි....

    කොහොම උනත් මම ආයෙ නොදා ඉන්නයි කල්පනාව..


    ehema karanna epa mchn....api me thred eke ubath ekka aniwa innawa...
    digatama dapan mchn:)

    මෙන්න අපේ යාළුවො ගොඩාක් ඉල්ලීම් කරපු ගීතයක්.....

    මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
    මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි

    වැව් ඉවුරේ දිය රළ පෙර සේම නැගෙනවා
    නුග ගස් පෙළ අප නැතිවත් තව දළු ලනවා
    සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා
    ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා

    ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
    සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
    ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා
    ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා

    ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
    සංගීතය හා ගායනය - මර්වින් පෙරේරා


    තමන්ගෙ විශ්ව විද්‍යාල ප්‍රේමවන්තිය හදිස්සියේ පාරෙදි මුණගැහෙනව , සුහදව ඇය හා කතාකරන රචකයා ඇය යනකල් බලාගෙන ඉන්නව එවිට ඔහුට ඇතිවෙන සංකල්පනාවක් තමා මේ ගීතයේ ගලාගෙන යන්නෙ... හරි අපි බලමු.........

    සරසවිය ආදරයට මුල පුරන්නා වූ සාධකයන් බොහෝ එක් කෙරෙන තැනකි. තරුණ තරුණියන් ලෙස සරසවියට පිවිසි පසු ජීවිතය තුළ ඇති වන කම්කටොලූ විසඳා ගැනීම, අධ්ය යන කටයුතු උදෙසා, විනෝදය හා කලා කටයුතු ආදී කරුණු වල දී නිතර නිතර ඔවුහු හමු වෙති. එලෙස ආදරයෙන් බැඳෙන අය තම ආදරය පරම රමණිය, නොබිඳෙන එකක් බව තරයේ අදහති. මේ ඒ ආදර කතාවේ එදා සහ අද තත්වයයි.....

    මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
    මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි


    ඉතින් ආදරෙන් බැදුන අපි විශ්ව විද්‍යාලයෙන් වෙන්වුනාට පසු අපි අපිවම අමතක කරල ඈත් කරල දාල... නමුත් එහෙම කලේ කමැත්තෙන් නෙමෙයි. කරන්න උනා.... ඔයා කොහෙද මම කොහෙද .... සහ අපේ ජීවිත ප්රතශ්ණ.... අපි විශ්ව විද්යාකලයේ හිටපු කාලෙ කරපුව දැන් කරන්න බෑ... ඒක නිසා අපි වෙන් උනා නෙමෙයි වෙන් කෙරුණා. ඒ නිසා තමා මේ ගීතයේ මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි කියල යෙදෙන්නෙ....

    වැව් ඉවුරේ දිය රළ පෙර සේම නැගෙනවා
    නුග ගස් පෙළ අප නැතිවත් තව දළු ලනවා
    සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා
    ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා

    අපි නෑ කියල නෑ... ඔයාටයි මටයි හොදට පුරුදු වැව් ඉවුර එදා වගේමයි.... නුග ගස් එදාවගේමයි... එහෙනම් ඉතින් සොදුරිය අපිටත් එදා වගේ ආදාරය කරන්න පුළුවන් නේද....? අපි එහෙනම් සරසවි බිමට යමුද? එදා වගේම ආදරයක් අපි කරමුද? නමුත් සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා......... මෙහි කදුරැල්ල කියල දක්වන්නෙ දෙදෙනාගේම විවාහ... ඉතින් අපිට ආයෙත් පෙමෙන් බැදුන්න හිතුනත්... හීන දුටුවත්.... ඒ හීන වලට ලොකු බාධාවක් තියෙනව ඒ තමා අපේ විවාහයන්... මේ විවාහයෙන් එතෙරව ඔයත් එක්ක මට යන්න හිතෙනවා සොදුරිය...... එහෙම හිතුනත් ඒ සිතිවිල්ල පාලනය වෙනව.... ඒකට හේතුව තමා පහලින් තියෙන්නෙ....

    ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
    සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
    ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා
    ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා


    මම ඔයාගෙ අත අල්ලගෙන ගියපු මේ පාරෙ දැන් මම මගේ බිරිද එක්කයි යන්නෙ. ඒක එක හේතුවක්.... නමුත් ඊට වඩා ප්රගබල වූ හේතුවක් තියෙනවා.... ඒ තමා මගේ අතැගිල්ලෙ එල්ලීඑන මගේ ලේ වලින් උපන්න මගේම පුතා. මේ විදියට යන්න අපි පතපු හැටි, මෙහෙම අපේ ළමයි ගැන අපි කතාකරපුව දැන් එකින් එක මට සිහිවෙනව...... සිතුදේ නොමවෙන... නොසිතූ දෙවල් වෙන මේ ජීවිතය හරියට හීනයක් වගේ....

    හැඟුම් වලට වහල් ව කරන්නා වූ ආදරයේ අනිත්ය. ස්වභාවයත් සිතූ දේ නොසිදුවන ලෝක ස්වභාවයත් පේරුම්මකීර්ති කවියාණෝ මනාවට විගර්ය.හ කරති. සිංහල සංගීතයේ කතෝලිකයන් ගේ ලකුණ මනාවට පිළිබිඹු කරන සුනිල් සාන්ත, අයිවෝ ඩෙනිස් ආදීන් ගේ ගණයටම වැටෙන මර්වින් පෙරේරා ශිල්පියා දෙව් මැදුරේ අසන්නට ලැබෙන යාතිකා වල ආභාසය මෙහි සංගීතයට මුසු කරනු පෙනේ. මෙම ගීය සිංහල ගීත වංශ කතාව තුළ දශක තුනක් තිස්සේ වැජඹෙමින් සහස් සංඛ්යා.ත ශරා වක සවන් පත් සනහා ලන්නකි. එසේම එය තවත් සියවසකටම රසික හදවත් ඇද බැඳ ගෙන තබා ගනු ඇත.

    ඔය ගීතය ප්‍රේමකීර්ති ද අල්විස් ලියලා ඉවර වෙලා, සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා කියන පදයට යටින් ඉරක් ඇදලා කිව්වලු මේ පදය තමා මේ සින්දුවේ ප්‍රබලම පදය කියලා.

    ඇත්තටම තමන්ගේ ළමයෙක් එක්ක ඉන්නකොට තමුන්ගේ පරණ පෙම්වතියව හම්බ උනොත් මොනා හිතෙයිද? ඇත්තටම ලස්සන සින්දුවක්.!!!!!!!

    අපිට දිරියක් වෙන්න රෙප් නැතත් කමක්නෑ.... කමෙන්ට් එකක් දෙන්න මචන්ස්ල....


    elakiri mchn...
    uba nam ela kollek aa...:yes::yes::yes:

    Visirunu_Mal_Pethi_Athula_Adhikari.jpg


    ඇසුව පමණින් ආදර විරහව ගැන කියවෙන ගීතයක් වුනත් මේක එහෙම එකක් නෙවේ.....අනූව දශකය මුල් භාගයේ මුලින්ම ඇසුණු මේ ගීතය යට සැඟවිලා තියෙන්නේ ඛේදාන්තයක්

    දවසක් නීතිඥ කාර්යාලයකට ගොඩවදින්නේ තරුණ අයිය කෙනෙක් සහ ඔහුගේ නැගණිය....මේ දෙන්න සල්ලි බාගේ තියෙන අය නෙවේ...දුප්පත් මිනිස්සු....මේ අහිංසක නංගිව සල්ලිකාර වගේම සෙල්ලක්කාර තරුණයෙකුගේ බහට රැවටිලා ඔහු අතින් කෙළෙසිලා....දැන් ඔහුව හොයාගන්නවත් තැනක් නෑ....තමන්ගේ අහිංසක නංගිව අනාථ වෙන්න නොදී කොහොමහරි වැරදිකාර තරුණයට එරෙහිව නීතියේ පිහිට පතන්නටයි මේ දෙන්නා ඇවිල්ල තියෙන්නේ...

    ඒත් ඒ සල්ලාලය බොහොම බලපුළුවන්කාරකම් තියෙන කෙනෙක්....මේ නංගිව විත්ති කුඩුවේ නග්ගලා ලෝකෙටම ඇහෙන්න දුක කියල පිහිටක් ගන්න මේ අයියට ඕන උනත් මේ සල්ලිකාරයෝ එක්ක හැප්පෙන්න මේ අයට සල්ලි වත් බලයවත් නෑ කියලා මේ තරුණ නීතිඥයාට වැටහෙනවා.....මේ කරන්න යන වැඩේ නිෂ්පලයි කියලා ඔහුට කල තියාම තේරෙනවා....

    ඒ නිසා මම මේ නංගිගේ මේ අයියා වුනානම් මම නංගිට මේ යතාර්ථය තේරුම කරල දෙන්නෙ මෙහෙමයි කියන එකයි මේ ගීතයෙන් කියවෙන්නේ....(ගීතය ලියපු මේ නිතිඥවරයාගේ නම මට මතක නෑ...ඒ ගැන කණගාටුයි)

    ගීතය ඇහුවම වෙලාවකට අපි ගැනම ලැජ්ජාවක් එනවා...

    විසිරුණු මල් පෙති දෝතට ගත් කුමරි...ඒ පෙති එක්කර මලක් සොයන බොලදී.....

    අහිංසක බොළඳ නැගණිය.....කෙලෙසුණු ඇගේ ජීවිතය නැවත නිකැළැල් කරන්නට නිෂ්පල උත්සාහයක යෙදෙයි.....


    වෙරළ සොයා රළ පෙළ දිව ආවත් වෙරළට කිසිදා දියඹ දකිනු හැකිදෝ...

    සල්ලිකාර පිරිමි අහිංසක දුප්පත් ගෑණු ළමයින්ගේ පහස අරගන්න විතරක් ඔවුන් වෙත ඇවිල්ල යනවා....එයින් පසු ඒ අයව කවදාවත් දකින්න ලැබෙන්නේ නෑ.....ඔවුන් අසරණ වෙලා තනි වෙනවා....

    බඳට පියාපත් යුවලක් ලැබුනත් අහස දෙකෙළවර නුඹට දිනනු හැකිදෝ...

    ඉහළින් වැජඹෙන සල්ලිකාර සමාජයේ ඒ අය අතරමං වෙනවා...

    බඹරුන් පසුපස මල් දිව නොගියත් අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ.....

    බොහෝවිට කාන්තාව පසුපස පිරිමින් යයි....එය සාධාරණීකරණය කිරීමට ඇගේ එක බැල්මක් වුවද ප්‍රමාණවත් ය....අවසානයේ හංවඩු ගැසෙන්නේ ඇය සංකර ගැහැණියක කියා ය....පිරිමියා සමාජය විසින් නිදොස් කොට නිදහස් කෙරේ....

    මෙදහම් නුවණින් නුඹ නොදුටුවොතින් නුඹේ සුසුම් ගිණි බොල් අහසම නොවෙදෝ....

    තිත්ත ඇත්ත මෙයයි.....මේ යතාර්ථය තේරුම් ගෙන කරබාගෙන සිටිනවා මිසක හැමදාම ඒ ගැන හිතමින් හිතින් සෝ සුසුම් බොල් අහසට මුසු කිරීමෙන් පලක් නැත......

    සරදම් නොකරමි ...ආදරයෙන් කියමී.....විසිරුණු පෙති යළි මලක් නොවේ නැගණි.....



    ela mchn:D:D:D

    මම දාන්නම් කියල කියපු සින්දුවට කලින් ලස්සන කතාවක් අපේ යාළුවන්ට කියන් කියල හිතුව..... මෙහෙමයි කතාව තිස්ස දොඩන්ගොඩ කියන්නෙ දක්ෂ ප්‍රවීණ ගේය පද විචාරකයෙක්..... ඉතින් එතුමා එතුමගේ අත්දැකීමක් පැහැදිලිකරල තිබුන... මම ඒක මේ විදියට එතුමා කියන විදියටම අපේ යාළුවන්ට දැනගන්න දාන්නම් එහෙනම්....

    1993 දවසක අප හමුවන්න කොලඹින් පිට ප්‍රසිද්ධ විදුහලක දෙ‍ටු සිසුවෙක් ආවා... ඔවුන්ගේ විද්‍යා ප්‍රදර්ශනයට අපේ විශ්ව විද්‍යාලයෙන් ප්‍රදර්ශන භාණ්ඩ ‍රැගෙන යන්න... ඔහුට අවශ්‍ය ඡායා පිටපත් වගයක් ලබාගන්න යන්ත්‍රය ලඟට මම ඔහුව ගෙන ගියා... දිග පෝලිමක්... වැඩියෙන්ම හිටියේ Architecture Faculty එකේ ගැහැණු ළමයි... මම ඔවුන් සියල්ලගෙන් අවසර ගෙන, මේ දරුවට පරක්කු වෙන නිසා වැඩේ කරලා දුන්නා...අපසු එන ගමනේදී මේ දරුවා මට කියනවා "මම බඳින්න හිටියේ ඉන්දියාවෙන්... බැලුවහම ලංකාවෙත් ලස්සන ඒවා ඉන්නවා නේද..." කියලා... මාව හොල්මං... විවාහය ගැන ඔහුගේ තිබ්බේ ඒ වාගේ අදහසක්...

    මාත් එක්ක අර අපට රන්බඩු ගන්න ගිය මිත්‍රයා තමයි අපේ නඩෙන් ඉස්සෙල්ලාම විවාහ වුනේ.. බැන්ද තරුණිය ඉතාම හැඩයි.. හරියට ශ්රීය දේවී වාගේ... ඔවුනගේ පලමු දරුවට අවුරුද්දක් වෙන්න ඔන්න මෙන්න කියලා ඇය ස්වාමියත් දරුවත් දමා හදිසියේ වෙනෙකෙකු සමග ගියා, මහ දවාලෙම... එදා රෑ, දරුවගෙ අත්තම්මත් මමත් මගේ මිත්රතයත් දරුවව නලවන්න පුදුම උත්සහයක් ගත්තා...දරුවා නිදන්න පුරුදු වෙලා හිටියේ කිරි උර උර... විකල්පයක් නැති තැන මම මගේ බිරිඳට කතාකලා.. මගේ දරුවට මාසයයි එතකොට ..ඇය එක පයින් එකඟ වුනා ඒ දරුවට කිරි දෙන්න... ඒත් අවසානයේ ඒ දරුවගෙත්, මගේ දරුවගෙත්, අත්තම්මලාගේ විප්රුකාර නිසා අඬලා අඬලා ඒ කිරිසප්පයා, බඩ ගින්නේම නිදා ගත්තා... ගැහැණු හතරදෙනෙක්ගේ, රාගයටයි, කරුණාවටයි, මාන්නයටයි, බොරු බයටයි මැදිවෙලා, බඩගින්නේ නිදාගත්තු ඒ කිරි සප්පයාව දු‍ටු මට හැබෑවටම මේ සිංදුව මතක් වුනා... ඔබේ හිතත් චංචල නම්, බැන්දත් දරුවො නම් හදන්න එපා... ඒ අහිංසකයෝ ඒ මොකකටවත් පලි නෑ...

    මේ ගීතයේ ආරම්භයත් හරිම අභව්යායි... ගීත 5 record කරන්න හිටපු ටී එම් ටයි, කේමදාස මාස්ටර් ටයි තිබිලා තියෙන්නේ ගීත 4යි...ගී 4 කට සංගීතය සපයපු ශිල්පියොත් පිටත්වෙලා, 5 වෙනි ගීතය ප්‍රමාද නිසා... කරන්නම දෙයක් නැතිව මාස්ටර් ධර්මසිරි බණ්ඩාරනායකට දුරකතනයෙන් ඇබැද්දිය කිව්වම, "එහෙමනම් කොලයක් ගනිමුකො..." කියල දුරකතනයෙන් මේ ගීයේ පද වැල් කිව්වලු... ඒවෙලාවෙම තණුවක් යොදලා, අතේ තිබුණු ගිටාරයෙන් පමණක් සංගීතය යෙදු මේ ගීය, සෝකයෙන් බර නොකරන්නේ කොයි තාත්තගෙ හිතද...?

    පවණට සැලෙනා... දොඹමල් සුවඳින්...
    ආදර හස‍රැල් මුවට නැගෙයිදෝ....
    සවනට කොඳුරා... පවසන වදනින්...
    ආදර හැඟුමන් හිතට දැනෙයිදෝ...

    මල් ඇතුරුණු ඒ සුව යහනේ ඔබ...
    අඩවන් දෙනෙතින් ආලවඩයි දෝ...
    මා ඇකයේ සිට පොඩි පුතු හඬනා...
    ඒ දුක්බර හඬ ඔබට ඇසෙයි දෝ...

    ඇකයේ සිට මා පුතු හඬනා සඳ...
    ලේ කිරි වීදැයි නොදනිමි මා ලඟ...
    අසරණ දෙනෙතින් පුතු දෙස බැලු සඳ...
    දු‍ටුවේ වැගිරුණු කඳුලු පමණි ලඳ...


    කොහොමද ගීතය හා එහි විචාරය කතාවකින් කියන ලස්සන.... මොකද අපේ යාළුවන්ට කියන්න තියෙන්නෙ මේක ගැන.....සංවේදී වෙනවද?


    ඔන්න මම යාළුවන්ට දෙනව කියපු "ඉක්මන් නොවුනා නම් අපි" ගීතය ගැන ගීත විචාරය ටිකක් වෙලා ගියා සමාවෙන්න ඒ සම්බන්ධයෙන් (උපුටාගැනීම සොයාගන්න වෙලා ගියා).......

    එක්තරා තරුණයෙකුට රැකියාවක් ලැබිල යනව සිය රාජකාරියට. ගිය දිනයේ ඉදලම ඔහුගේ සිත් ගත්ත කාන්තාවක් ඒ කාර්යාලයේ ඉන්නව. ඉතින් තරුණ වයසේදි ඔබ අප හැමෝම වගේම ඒ තරුණයත් අර කාන්තාව, ඒ ආයතනය, අවට පරිසරය එක්ක කියන්න බැරි තරමට බැදුන. ලංවුනා. වයස හා පළමු රැකියාව මේකට ප්‍රධානම හේතුව වෙන්න ඇති.....කාලය ගෙවුන තරුණයා වැඩිහිටියෙකු වෙමින් සිටියා, උසස්වීම් ලැබුවා. තරුණයා ඒ කාන්තාවගෙන් ඈත් වෙලා මාරුවක් අරගෙන ගියා..... ඈත් වෙන්නත් හේතුවක් තියෙනවා කාන්තාව විවාහ ගිවිසගෙන හමාරයි ඒ වනවිටත්..... දැන් බලමු මේ තරණයා දකින විදිය....

    මල් කැකුළු පුරවා අතු ඉතී
    අපෙ මූණ බැලුවා මතකැතී
    ඒ වසන්තය ඇවිදින් යලී
    ඔබ කොහිද කියපන් හිතවතී


    වසර පහකට පෙර ලෙසම එම ස්ථානය ඇත. ගහ කොලද එසේමය. සමහරුන් විශ්‍රාම ගොස් ඇත. නවක මුහුණුද දකින්නට ඇත. මේ සියල්ල අතර වසර පහකට පෙරදී බලන්නට පෙරුම් පුරමින් සිටි මුහුණද විය. ඇය මදක් වයස් ගතව ඇත. නමුත් පෙර සේම සුන්දරය. මාද වයස්ගතව ඇත. එකල මෙන් නොව දැන් මා ජේෂ්ඨ නිලධාරියෙකි. මගේ මතකය අතීතයට දිව යයි. එකට එක්වී සිනා සුණු, කතා බහ කල, අතිනත පටලා සක්මන් කල යුගය හීනයක් වාගේ මතකයට නැගෙයි. අපි පෙමින් වෙළී සිටියෙමු. නමුත් ඒ අපට එක්වන්නට ඉඩ නැති බව දන්නා අතරතුරදීමය. වසන්තය එකල අප වෙත විය. කුරුළු කිචි බිචිය කරච්චලයක් නොව ගීතයක්ම වූයේය. හැම පාටකම එළියක් අපි දැක්කෙමු. හෙට වන දේ නොසිතා අද පෙම් කළෙමු.

    ගෙට එන්ට කල් බැලු සේ අපි
    වෙන් වෙන්ට පෙර නොසිතූ සැටී
    ඒ වසන්තය ආයෙම ඉතින්
    හිමි නැතිද අප වෙත හිතවතී


    හෙට වන දෙය ගැන සිතන්නට වන් කල්හි අප පෙම දෙදරා ගියේ ඇයි? අපට ඇති ප්‍රශ්න විසඳා ගත නොහැකි බවට ඉක්මන් තීරණ අප ගත්තේ ඇයි? සමහර විට ටිකක් ඉවසුවා නම් ඔබ මා පියන් කැමති කරවා ගැන්මට හැකියාව තිබිණි. දුර රටක සිටින ඔබ විවාහ කර ගැන්මට බලා පොරොත්තු වන පුද්ගලයා නො එන්නට ඉඩ තිබිණි. අපි ඉක්මන් වූයේ ඇයි? ඒ ඉක්මන නිසාම එදා අප දෙපසට වීමු. ඔබත් ඉක්මන් විය, මමත් ඉක්මන් වීමි. කාලය ගෙවී ගොස් ඇත. අද මා විවාහකය. ජීවිතයේ වසන්තය අග ගිම්හානයට පිවිස ඇත්තෙමි. නමුත් මේ බිම තුල වසන්තයේ සොඳුරු සුවඳ තවමත් මා හට දැනෙයි. එහි සොඳුරු පැහැය ඔබ දකින විට සිතට නැගෙයි. ඔබ ඇඟිලි තවමත් හිස්ය. ඔබ විවාහ ගිවිස ගත් කෙනා වසර පහකට පසුත් පැමිණ නැත. ඔබ දෑසේ ඇත්තේ එක පැණයකි. "අපි ඉක්මන් වූයේ මන්ද" යන්නයි. එනමුත් මේ වසන්තය අපට හිමි නැත. ඒ වසන්තය නැවත කිසිදාක නො එයි. මල පුරා ගත් අතු රිකිලි නැවත අප දෙස බලා හිනැහෙන්නේ නැත. ඔබෙත් මගේත් දිවි මග ඒ සොඳුරු මොහොතක අතිපිහිත විය. නමුත් දැන් අප අපෙන් තව තවත් ඈතට ගමන් කරමින් සිටින්නෙමු.නැවත අප හමු නොවීමටද ඉඩ ඇත. එනිසා හිතවතිය ඒ වසන්ත නෑවිදින් සිටියා නම් හොඳ යයි නොසිතන්නේද?

    ඉක්මන් නොවුනා නම් අපි
    අපි අපගෙයි තාමත් හිතවතී
    මේ වසන්තය නෑවිදින් සිටියා නම්
    මේ තරම් දුක නෑ සඳවතී

    මල් කැකුළු පුරවා අතු ඉතී
    අපෙ මූණ බැලුවා මතකැතී
    ඒ වසන්තය ඇවිදින් යලී
    ඔබ කොහිද කියපන් හිතවතී

    ගෙට එන්ට කල් බැලු සේ අපි
    වෙන් වෙන්ට පෙර නොසිතූ සැටී
    ඒ වසන්තය ආයෙම ඉතින්
    හිමි නැතිද අප වෙත හිතවතී

    ගායනය: ක්‍රිෂාන්ත එරන්දක


    දැන් ආයෙත් මේ ගීතය අහල බලන්න යාළුවනේ.... කොච්චර දුකක් ගැබ්වෙලා තියෙනවද? කොච්චර සංවේදීද කියල....


    තව ගීතයක් තව ටිකකින්.....
    :yes::yes:


    hithata wadinawa maara widihata...
    sahodaraya me sinduwala mp3 hoyaganna puluwan weida??
    digatama karagena yanna mchn...!!!:yes::yes::yes::yes:

    නියමය් සහෝදරයා..... හොඳට තේරුම් කරලා දීල තියෙනවා වගේම හොඳට ලියලත් තියෙනවා.. ඔය සින්දුවේ මටත් වදිනම තැන තමය් පුංචි පුතාගේ පාර්ට් එක... එකෙන් කියවෙනවා කැම්පස් යන කාලේ අපි දෙයක් දකින විදියෙය් සහ බැඳලා ළමය හම්බ වුනාම අපිට ඒ දේම පෙන විදියෙය් වෙනස... ඒකම අමරදේවයන්ගේ පෙර දිනයක මා පෙම් කල යුවතිය.... කියන සින්දුවෙනුත් හොඳට විදහා දැක්වෙනවා...
    මොකා මොනා කිව්වත් මෙහෙම තේරුම් දාන එක නම් නවත්තන්න එපා... එක ඇත්තටම සාහිත්‍යට කරන සේවයක්...


    :yes::yes::yes::yes:

    මචන් sasliit ආඩම්බරයි උඹ ගැන..


    ekenma:yes::yes::yes::yes::yes:

     
    Last edited:

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    okkoma copy karala paste kala onna

    මේක මචන් මම මුල ඉඳල අගටම පිටු 17ක් කියෙව්ව.පැයක් වගේ ගියා තියෙන වැඩත් එක්ක කාර්යාලයේ. (මම ඉන්නෙ ලංකාවෙ නෙමේ.ඒකයි. :P ) මම ඒ-ලෙවල් වලට උපකාරක පන්ති ගිය සක්යා එකේ සිංහල වලට සේනාරත්න කාරියවසම් ගාවට (මෑන් ගාවට ගියේ රොටරියෙ සිංහල කරපු එකාට මම කැමති නැති නිසා, මෑන්ස් කෙල්ලොන්ගෙන් ලකුනු දාගන්න කොල්ලො නෝන්ඩි කරන නොසන්ඩාල පොරක් නිසා.) කාරියවසම් ගුරුතුමාත් හිටපුගමන් කරන පාඩම නවත්තල ඔය වගේ පැරනි ගීතයක ඇරඹුම කියල දෙනව. නිදාගෙන ඉන්න කොල්ලොත් ඇහැරිලා අහං ඉන්නව බං. මට ඒ කාලෙ මතක් වුනා. සිරාවට මේක නම් මසුරන්වලටත් වැඩිය වටිනව සහෝ.

    sasliit සහෝ, උඹ ජපුරෙද.??
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    sasliit සහෝ, උඹ ජපුරෙද.??
    නෑ මචෝ කොළඹ... ජපුරෙ, කොළඹ, සෞන්දර්යෙ... අපි කොල්ලො සෙට් එකක් හිටියා... අපි කොළඹ හිටපු අවුරුදු 6 පුරාවටම කලේ මේව හොයපු එක... ඩ්රින්ක් එකකට සතියකට සැරයක් සෙට්වෙලා රෑ වෙනකල් මේව විචාරය කරනව... තර්ක කරනවා... අඩුපාඩු හොයනවා... අන්තිමට එකගතාවයකට එනවා.... එහෙමයි මචෝ මේව දන්නෙ... අවුරුදු 6ක දේවල් මෙච්චර ඉක්මනට දෙනකොට අපේ අයට වටිනාකමක් නැතිවෙයිද බන්....:confused::confused::confused:
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    නෑ මචෝ කොළඹ... ජපුරෙ, කොළඹ, සෞන්දර්යෙ... අපි කොල්ලො සෙට් එකක් හිටියා... අපි කොළඹ හිටපු අවුරුදු 6 පුරාවටම කලේ මේව හොයපු එක... ඩ්රින්ක් එකකට සතියකට සැරයක් සෙට්වෙලා රෑ වෙනකල් මේව විචාරය කරනව... තර්ක කරනවා... අඩුපාඩු හොයනවා... අන්තිමට එකගතාවයකට එනවා.... එහෙමයි මචෝ මේව දන්නෙ... අවුරුදු 6ක දේවල් මෙච්චර ඉක්මනට දෙනකොට අපේ අයට වටිනාකමක් නැතිවෙයිද බන්....:confused::confused::confused:

    ජයවේවා.දැන් අවුට් ද නැත්නම් තාම කොළඹද.? ඔව් සහෝ.එහෙම විචාර කරනකොට කවුරු කොච්චර කිව්වත් අපි අපේ මතේම ඉන්නෙ..සෑහෙන්න වෙලා ගිහින් බෝතලෙත් හිස් වුනාම තමයි එකඟතාවයකට එන්නෙ නේද... හරිම සුන්දරයි මතක් වෙනකොටත්. එක පිට එක මේක දෙනකොට අගයක් නැති කට්ටියකුත් ඉන්නව සහෝ. මේව අගයන කොටසකුත් ඉන්නව.අපි බලන්න ඕන අන්න ඒ කොටස ගැනයි. ඔබට ජය.:love::love:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ජයවේවා.දැන් අවුට් ද නැත්නම් තාම කොළඹද.? ඔව් සහෝ.එහෙම විචාර කරනකොට කවුරු කොච්චර කිව්වත් අපි අපේ මතේම ඉන්නෙ..සෑහෙන්න වෙලා ගිහින් බෝතලෙත් හිස් වුනාම තමයි එකඟතාවයකට එන්නෙ නේද... හරිම සුන්දරයි මතක් වෙනකොටත්. එක පිට එක මේක දෙනකොට අගයක් නැති කට්ටියකුත් ඉන්නව සහෝ. මේව අගයන කොටසකුත් ඉන්නව.අපි බලන්න ඕන අන්න ඒ කොටස ගැනයි. ඔබට ජය.:love::love:
    අනිවා කොල්ල... 2008 අවුට්උනේ මචෝ.... ආයෙත් යන්න තියෙනවනම්....:(:(:(
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මෙන්න එහෙනම් යාළුවනේ ඊලග ගීතය.... මේකට දෙන කමෙන්ට්ස් මට වටිනව. ඊලග එක දාන්න ඒක ලොකු ධෛර්යයක්....

    ඔයාට මම කොච්චරනම් ආදරේ කලාද කෙල්ලෙ.... ඒක මෙච්චරයි කියල මැනල දෙන්න පුළුවන් මිනුම් දණ්ඩක් මම දන්නෙ නෑ... ඒක නිසාද ඔයාට මගේ ආදරේ ප්‍රමාණය, ගැඹුර තේරුම් ගන්න බැරි වුනේ... තේරුම් ගන්න කෙල්ලෙ ගැහැණියෙකුට වඩා පිරිමියෙකුගෙන් ඇස්වලින් ගලන කදුළු බර වැඩියි.......

    තම ජීවිතේම කියල හිතාගෙන ආදරය කරපු කෙල්ල දාල ගියාම හිතෙන දේ මොනවගේද කියල කියන්න ඕනි නෑ. ඒක තේරෙන්නෙත් නැතිව නෙමෙයි.... මම ඔයාගෙ ජීවිතේ එක්ක කොච්චර සිහින මැවුවද? ඔයා ඒ ඔක්කොම බිදල දාල එක මොහොතකින් වෙනකෙනෙක් එක්ක ඔයා ගියා.... මම දන්නව ඔයා එන්නෙ නෑ.... නමුත්.... මම එකපාරටම කොහොමද දෙවියනේ හිත හදාගන්නෙ.....

    මෙහෙම විරහ වේදනාව තනිවම කාමරයක ඉදගෙන විදවන එක ලේසි පහසු කටයුත්තක් නෙමෙයි... කොල්ලෙක් නිසා විලාප ගහල අඩන්නත් බෑ.... දවස් ගෙවෙනව... දිනෙන් දින කැලෙන්ඩරේ දින ගලාගෙන යනව.... දැන් ඒවගේ ඔයාටත් මාව අමතක වෙනව ඇති......

    දවසින් දවසට කොළයෙන් කොළයට
    කොළ අඩුවෙනවා දින දසුනේ
    මොහොතින් මොහොතට මා ගැන සටහන්
    වියැකී යනවා ඔබ මනසේ


    හද තියෙන රැයක හා නැති රැයක කොයිතරම් නම් වෙනසක් තියෙනවද.... ආලෝකය හා අදුර අතර කොතරම් වෙනසක්ද..... ඒත් කෙල්ලෙ ඔයා දන්නවද මට නම් ඒ දෙකේම කිසිම වෙනසක් තිබුණෙ නෑ.... ඒ වගේම ඒ දෙකම වැඩකුත් නෑ.... මොකද ඔයාට තේරුම් ගන්න බැරි උනාට මගේ හදවත නැමති කුටියෙ සද නැමති ආලෝකය උනේ ඔයා.... ඒ ආලෝකය ඔයා නිවල දැම්මෙ... මගේ ඒ සිතුවිලි ඔයාගෙ සිතුවිලි තරම් සියුම් නෑ කියල ඔයා කොහොමද කියන්නෙ ........? මම මේව ඔයාට ප්‍රකාශ නොකරපු නිසාද?

    පුරපස අවපස වෙනසක් වූවද
    ඔබ වෙයි සඳ මගෙ හද අඹරේ
    මගෙ ඒ සිතුවිලි හා සබැ‍ඳේවි ද
    මුදු සිතුවිලි ඔබ හද මැදුරේ


    කොහොමින් හරි ... කාලය ගෙවිල යනව මම පුරුදුවෙනව ඔයා මම ගැන කියපු විදියට හිතන්න... ආදරේ නෑ, ආදරේ කරන්න දන්නෑ, ඔයා හොදනෑ, ඔයා හැදෙන්නෑ, කියනදේ අහන්නෑ, එහෙමනේ ඔයා කියන්නෙ මට හා මගේ මේ ආදරේට... මෙහෙම කියන්නෙ තුන්හිතකින්වත් ඔයාට තියෙන තරහකට නෙමෙයි... ඔයා මට කරන චෝදනා මට හොදට හුරුයි මම ඒ විදියටම හිතන්නම්... මට තේරෙනව කාලය, දිනෙන් දින ගෙවෙනකොට .... ඒ විදියට හිතනකොට මට පුළුවන් වෙනව කියල හිත හදා ගන්න..... දැන් මගේ හිත මුළින් තිබුනු තරම් දුක්වෙන්නෙ නෑ..... ඒකටත් ඔයාට පින්. මොකද මොන විදියකින් වත් හදා ගන්න බැරිවුන හිත ඔයා මට කියපුව ගැනම හිතල මට හදාගන්න පුළුවන් උනාට.

    සිතුවෙම් සිතනෙමි හුරු ලෙස ඔබ ගැන
    මගෙ හිත චංචල වූයේ නෑ
    දින දසුනේ තව එක කොළයක් ඇත
    එක දවසකි ඉතිරිව ඇත්තේ


    මම හිත හදාගන්නම්.... ඔයා බොළද පොඩි කෙල්ලෙක් මට අන්තිමටත් කියන්න තියෙන්නෙත් එපමණයි කෙල්ලෙ. මම හැමදාම කිව්වෙත් එහෙමයි.... ඔයා මට රිදවන්න, මට පේන්න වෙන කෙනෙකු ලගට ගියාට ඇයි පොඩි කෙල්ලෙ, ඇයි දරුවො මාව තේරුම් ගත්තෙ නැත්තෙ .... ඔයා තේරුම් ගත්තෙ නෑ එහෙනම් දැනවත් මෝඩ කෙල්ලෙ තේරුම් ගන්න මාසයක්, අවුරුද්දක් ගිහින් හරි යතාර්ථයට මුහුණ දීල මටත් වෙන පැත්තක් බලන්න වෙනව කියන එක.........

    සිතන්න බොළඳියෙ මගේ කුටියටත්
    ඔබෙ කුටියට මෙන් වසරින් වසරට
    නව දින දසුනක් එනවා..

    කේ.ඩී.කේ.ධර්මවර්ධන නම් වූ අපූර්වතම ගේය පද රචකයා එඩ්වඩ්ට ලියූ එක ම ගීය මෙයයි. අවුරුදු 35 ක් විතර පැරණි මේ ගීය එඩ්වඩ්ගේ සංගීත දිවියේ එක කඩඉම් ගීතයක්. මේක එදා වගේම අදටත් ජනප්‍රියයි.

    දවසින් දවසට කොළයෙන් කොළයට
    කොළ අඩුවෙනවා දින දසුනේ
    මොහොතින් මොහොතට මා ගැන සටහන්
    වියැකී යනවා ඔබ මනසේ

    පුරපස අවපස වෙනසක් වූවද
    ඔබ වෙයි සඳ මගෙ හද අඹරේ
    මගෙ ඒ සිතුවිලි හා සබැ‍ඳේවි ද
    මුදු සිතුවිලි ඔබ හද මැදුරේ

    සිතුවෙම් සිතනෙමි හුරු ලෙස ඔබ ගැන
    මගෙ හිත චංචල වූයේ නෑ
    දින දසුනේ තව එක කොළයක් ඇත
    එක දවසකි ඉතිරිව ඇත්තේ

    සිතන්න බොළඳියෙ මගේ කුටියටත්
    ඔබෙ කුටියට මෙන් වසරින් වසරට
    නව දින දසුනක් එනවා..

    ගේය පද : - කේ.ඩී.කේ.ධර්මවර්ධන
    සංගීතය:- රෝහණ වීරසිංහ
    ගැයුම:- එඩ්වඩ් ජයකොඩි


    අපේ යාළුවනේ මොකද කියන්නෙ මචන්ස්ලා.......
     
    • Like
    Reactions: jontyc and C.I.D

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela


    සිතන්න බොළඳියෙ මගේ කුටියටත්
    ඔබෙ කුටියට මෙන් වසරින් වසරට
    නව දින දසුනක් එනවා..

    අපේ යාළුවනේ මොකද කියන්නෙ මචන්ස්ලා.......


    මචන් මේ ටික තව පොඩ්ඩක් පැහැදිලි කරපන් කෝ.මට මේ කොටස ටිකක් තේරෙනවා මදි..:(