සුන්දර ගීයක ඇරබුම,..

gora

Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    මෙන්න එහෙනම් යාළුවනේ ඊලග ගීතය.... මේකට දෙන කමෙන්ට්ස් මට වටිනව. ඊලග එක දාන්න ඒක ලොකු ධෛර්යයක්....

    ඔයාට මම කොච්චරනම් ආදරේ කලාද කෙල්ලෙ.... ඒක මෙච්චරයි කියල මැනල දෙන්න පුළුවන් මිනුම් දණ්ඩක් මම දන්නෙ නෑ... ඒක නිසාද ඔයාට මගේ ආදරේ ප්‍රමාණය, ගැඹුර තේරුම් ගන්න බැරි වුනේ... තේරුම් ගන්න කෙල්ලෙ ගැහැණියෙකුට වඩා පිරිමියෙකුගෙන් ඇස්වලින් ගලන කදුළු බර වැඩියි.......

    තම ජීවිතේම කියල හිතාගෙන ආදරය කරපු කෙල්ල දාල ගියාම හිතෙන දේ මොනවගේද කියල කියන්න ඕනි නෑ. ඒක තේරෙන්නෙත් නැතිව නෙමෙයි.... මම ඔයාගෙ ජීවිතේ එක්ක කොච්චර සිහින මැවුවද? ඔයා ඒ ඔක්කොම බිදල දාල එක මොහොතකින් වෙනකෙනෙක් එක්ක ඔයා ගියා.... මම දන්නව ඔයා එන්නෙ නෑ.... නමුත්.... මම එකපාරටම කොහොමද දෙවියනේ හිත හදාගන්නෙ.....

    මෙහෙම විරහ වේදනාව තනිවම කාමරයක ඉදගෙන විදවන එක ලේසි පහසු කටයුත්තක් නෙමෙයි... කොල්ලෙක් නිසා විලාප ගහල අඩන්නත් බෑ.... දවස් ගෙවෙනව... දිනෙන් දින කැලෙන්ඩරේ දින ගලාගෙන යනව.... දැන් ඒවගේ ඔයාටත් මාව අමතක වෙනව ඇති......

    දවසින් දවසට කොළයෙන් කොළයට
    කොළ අඩුවෙනවා දින දසුනේ
    මොහොතින් මොහොතට මා ගැන සටහන්
    වියැකී යනවා ඔබ මනසේ

    හද තියෙන රැයක හා නැති රැයක කොයිතරම් නම් වෙනසක් තියෙනවද.... ආලෝකය හා අදුර අතර කොතරම් වෙනසක්ද..... ඒත් කෙල්ලෙ ඔයා දන්නවද මට නම් ඒ දෙකේම කිසිම වෙනසක් තිබුණෙ නෑ.... ඒ වගේම ඒ දෙකම වැඩකුත් නෑ.... මොකද ඔයාට තේරුම් ගන්න බැරි උනාට මගේ හදවත නැමති කුටියෙ සද නැමති ආලෝකය උනේ ඔයා.... ඒ ආලෝකය ඔයා නිවල දැම්මෙ... මගේ ඒ සිතුවිලි ඔයාගෙ සිතුවිලි තරම් සියුම් නෑ කියල ඔයා කොහොමද කියන්නෙ ........? මම මේව ඔයාට ප්‍රකාශ නොකරපු නිසාද?

    පුරපස අවපස වෙනසක් වූවද
    ඔබ වෙයි සඳ මගෙ හද අඹරේ
    මගෙ ඒ සිතුවිලි හා සබැ‍ඳේවි ද
    මුදු සිතුවිලි ඔබ හද මැදුරේ

    කොහොමින් හරි ... කාලය ගෙවිල යනව මම පුරුදුවෙනව ඔයා මම ගැන කියපු විදියට හිතන්න... ආදරේ නෑ, ආදරේ කරන්න දන්නෑ, ඔයා හොදනෑ, ඔයා හැදෙන්නෑ, කියනදේ අහන්නෑ, එහෙමනේ ඔයා කියන්නෙ මට හා මගේ මේ ආදරේට... මෙහෙම කියන්නෙ තුන්හිතකින්වත් ඔයාට තියෙන තරහකට නෙමෙයි... ඔයා මට කරන චෝදනා මට හොදට හුරුයි මම ඒ විදියටම හිතන්නම්... මට තේරෙනව කාලය, දිනෙන් දින ගෙවෙනකොට .... ඒ විදියට හිතනකොට මට පුළුවන් වෙනව කියල හිත හදා ගන්න..... දැන් මගේ හිත මුළින් තිබුනු තරම් දුක්වෙන්නෙ නෑ..... ඒකටත් ඔයාට පින්. මොකද මොන විදියකින් වත් හදා ගන්න බැරිවුන හිත ඔයා මට කියපුව ගැනම හිතල මට හදාගන්න පුළුවන් උනාට.

    සිතුවෙම් සිතනෙමි හුරු ලෙස ඔබ ගැන
    මගෙ හිත චංචල වූයේ නෑ
    දින දසුනේ තව එක කොළයක් ඇත
    එක දවසකි ඉතිරිව ඇත්තේ

    මම හිත හදාගන්නම්.... ඔයා බොළද පොඩි කෙල්ලෙක් මට අන්තිමටත් කියන්න තියෙන්නෙත් එපමණයි කෙල්ලෙ. මම හැමදාම කිව්වෙත් එහෙමයි.... ඔයා මට රිදවන්න, මට පේන්න වෙන කෙනෙකු ලගට ගියාට ඇයි පොඩි කෙල්ලෙ, ඇයි දරුවො මාව තේරුම් ගත්තෙ නැත්තෙ .... ඔයා තේරුම් ගත්තෙ නෑ එහෙනම් දැනවත් මෝඩ කෙල්ලෙ තේරුම් ගන්න මාසයක්, අවුරුද්දක් ගිහින් හරි යතාර්ථයට මුහුණ දීල මටත් වෙන පැත්තක් බලන්න වෙනව කියන එක.........

    සිතන්න බොළඳියෙ මගේ කුටියටත්
    ඔබෙ කුටියට මෙන් වසරින් වසරට
    නව දින දසුනක් එනවා..

    කේ.ඩී.කේ.ධර්මවර්ධන නම් වූ අපූර්වතම ගේය පද රචකයා එඩ්වඩ්ට ලියූ එක ම ගීය මෙයයි. අවුරුදු 35 ක් විතර පැරණි මේ ගීය එඩ්වඩ්ගේ සංගීත දිවියේ එක කඩඉම් ගීතයක්. මේක එදා වගේම අදටත් ජනප්‍රියයි.

    දවසින් දවසට කොළයෙන් කොළයට
    කොළ අඩුවෙනවා දින දසුනේ
    මොහොතින් මොහොතට මා ගැන සටහන්
    වියැකී යනවා ඔබ මනසේ

    පුරපස අවපස වෙනසක් වූවද
    ඔබ වෙයි සඳ මගෙ හද අඹරේ
    මගෙ ඒ සිතුවිලි හා සබැ‍ඳේවි ද
    මුදු සිතුවිලි ඔබ හද මැදුරේ

    සිතුවෙම් සිතනෙමි හුරු ලෙස ඔබ ගැන
    මගෙ හිත චංචල වූයේ නෑ
    දින දසුනේ තව එක කොළයක් ඇත
    එක දවසකි ඉතිරිව ඇත්තේ

    සිතන්න බොළඳියෙ මගේ කුටියටත්
    ඔබෙ කුටියට මෙන් වසරින් වසරට
    නව දින දසුනක් එනවා..

    ගේය පද : - කේ.ඩී.කේ.ධර්මවර්ධන
    සංගීතය:- රෝහණ වීරසිංහ
    ගැයුම:- එඩ්වඩ් ජයකොඩි

    අපේ යාළුවනේ මොකද කියන්නෙ මචන්ස්ලා.......

    මචන් පට්ට කියන්නේ උපරිමයි බන් ,,
    උබ නම් ආයේ ලොවෙත් නෑ බන් , මගේ ජීවන කතාවම එහෙම්ම දාලද මන්දා:rolleyes::rolleyes::rolleyes:...
    එල එල ,
    හෙට එලි වෙනකල් ඉන්නව මේ වගේ වදන් බලන්න..
    ජය වේවා...
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    මචන් පට්ට කියන්නේ උපරිමයි බන් ,,
    උබ නම් ආයේ ලොවෙත් නෑ බන් , මගේ ජීවන කතාවම එහෙම්ම දාලද මන්දා:rolleyes::rolleyes::rolleyes:...
    එල එල ,
    හෙට එලි වෙනකල් ඉන්නව මේ වගේ වදන් බලන්න..
    ජය වේවා...

    උඹේ පීඑම් එක තමා මට මේ ගීතය මතක්කලේ මචන්... ස්තූතියි ඔබට...:):):)
     
    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,760
    859
    113
    ස්වර්ණවිමානේ
    මම දන්නා විදිහට මේ ගීතය නිර්මාණය වෙන්නත් ලොකු අත් දැකීමක් මුල් වෙලා තියනවා
    කාටද කියන්න පුළුවන්
    MuthukudaRW.gif

    පද වැල් උපුටා ගැනීම sinhalajukebox.org
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මචන් මේ ටික තව පොඩ්ඩක් පැහැදිලි කරපන් කෝ.මට මේ කොටස ටිකක් තේරෙනවා මදි..:(

    මම හිත හදාගන්නම්.... ඔයා බොළද පොඩි කෙල්ලෙක් මට අන්තිමටත් කියන්න තියෙන්නෙත් එපමණයි කෙල්ලෙ. මම හැමදාම කිව්වෙත් එහෙමයි.... ඔයා මට රිදවන්න, මට පේන්න වෙන කෙනෙකු ලගට ගියාට ඇයි පොඩි කෙල්ලෙ, ඇයි දරුවො මාව තේරුම් ගත්තෙ නැත්තෙ .... ඔයා තේරුම් ගත්තෙ නෑ එහෙනම් දැනවත් මෝඩ කෙල්ලෙ තේරුම් ගන්න මාසයක්, අවුරුද්දක් ගිහින් හරි යතාර්ථයට මුහුණ දීල මටත් වෙන පැත්තක් බලන්න වෙනව කියන එක.........
    හිතන්න බොලදියේ කියන්නෙ සරලවම මචන් කෙල්ල ගැන වැරද්දක් හිතන්නෙ නෑ... ඒයා බොළද නිසා නොතේරුම් කමට තමා මාව රිද්දුවෙ... එයා මට දනවන්න මේක කලා.... ඔයා ගිහින් හොදින් ඉන්ව වගේ තමා හිතන්න එපා මමත් දුක් වෙවී ඉදීවි කියලා. මම මගේ හිත හදාගත්ත. ඒ වගේම ඔයා කිසිදෙයක් නොවුන ගානට මාව අමතක කරල ඉන්නව වගේ මමත් දවසක හිත හදාගන්නව.
    අනික අකමැත්තෙන් හරි හිත හදාගන්න බව පෙන්වන්න තමා නිව දින දසුනක් එනවා............. කියල කියාගෙනම සින්දුව නතර වෙන්නෙ....
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    දෙනෝ දහක් ගැවසෙන සරසවියේ
    පාලුව තනිකම දැනෙනවනම්
    කුටියෙ කවුලුව විවර කරනු මැන
    සුලගක් වී ඔබ වෙත එන්නම්

    ඔබ සරසවියක මා පොඩි ගෙපැලක
    එක් වන්නට නැත වරම් ලැබී
    එකම පන්තියේ එක ලග හිදගෙන
    පාසැල් ගිය හැටි සිතට නැගේ

    ඔබ හා අත්වැල් බැද ඇවිදින්නට
    පෙරුම් පිරූ පාසැල් සමයේ
    ශිල්ප සතර රැදුනේ නෑ මා සිත
    ඒ හිනදයි අප දුරස් උනේ

    මිල්ටන් මල්ලවාරච්චි

    Last edited:

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,760
    859
    113
    ස්වර්ණවිමානේ
    නෑ මචෝ කොළඹ... ජපුරෙ, කොළඹ, සෞන්දර්යෙ... අපි කොල්ලො සෙට් එකක් හිටියා... අපි කොළඹ හිටපු අවුරුදු 6 පුරාවටම කලේ මේව හොයපු එක... ඩ්රින්ක් එකකට සතියකට සැරයක් සෙට්වෙලා රෑ වෙනකල් මේව විචාරය කරනව... තර්ක කරනවා... අඩුපාඩු හොයනවා... අන්තිමට එකගතාවයකට එනවා.... එහෙමයි මචෝ මේව දන්නෙ... අවුරුදු 6ක දේවල් මෙච්චර ඉක්මනට දෙනකොට අපේ අයට වටිනාකමක් නැතිවෙයිද බන්....:confused::confused::confused:
    මේවගේ අගය නම් කවදාවත් බාල වෙන්නේ නැ
    තැන්ක්ස් මේ පොස්ට් වලට
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මම හිත හදාගන්නම්.... ඔයා බොළද පොඩි කෙල්ලෙක් මට අන්තිමටත් කියන්න තියෙන්නෙත් එපමණයි කෙල්ලෙ. මම හැමදාම කිව්වෙත් එහෙමයි.... ඔයා මට රිදවන්න, මට පේන්න වෙන කෙනෙකු ලගට ගියාට ඇයි පොඩි කෙල්ලෙ, ඇයි දරුවො මාව තේරුම් ගත්තෙ නැත්තෙ .... ඔයා තේරුම් ගත්තෙ නෑ එහෙනම් දැනවත් මෝඩ කෙල්ලෙ තේරුම් ගන්න මාසයක්, අවුරුද්දක් ගිහින් හරි යතාර්ථයට මුහුණ දීල මටත් වෙන පැත්තක් බලන්න වෙනව කියන එක.........
    හිතන්න බොලදියේ කියන්නෙ සරලවම මචන් කෙල්ල ගැන වැරද්දක් හිතන්නෙ නෑ... ඒයා බොළද නිසා නොතේරුම් කමට තමා මාව රිද්දුවෙ... එයා මට දනවන්න මේක කලා.... ඔයා ගිහින් හොදින් ඉන්ව වගේ තමා හිතන්න එපා මමත් දුක් වෙවී ඉදීවි කියලා. මම මගේ හිත හදාගත්ත. ඒ වගේම ඔයා කිසිදෙයක් නොවුන ගානට මාව අමතක කරල ඉන්නව වගේ මමත් දවසක හිත හදාගන්නව.
    අනික අකමැත්තෙන් හරි හිත හදාගන්න බව පෙන්වන්න තමා නිව දින දසුනක් එනවා............. කියල කියාගෙනම සින්දුව නතර වෙන්නෙ....

    ඔය තියෙන්නේ ගොඩක් පින් මචන් මේවා කියල දෙනවට...:D:D
     
    ShaniK99999

    Member
    Nov 22, 2009
    327
    10
    0
    Fantasy
    Machan This is and Exquisite thread..Continue please.,,We are so great full you and Salisit and thread creator. ......

    Machan Some thing come to my mind...I can recall myself that there was a program Called "Gee Mini Ara" , broadcast on BBC Sandeshaya..Prof Sucharitha Gamlath is the one who defined mater-piece Singhala song...

    Any thanks again keep the work continue
     
    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    මෙන්න එහෙනම් යාළුවනේ ඊලග ගීතය.... මේකට දෙන කමෙන්ට්ස් මට වටිනව. ඊලග එක දාන්න ඒක ලොකු ධෛර්යයක්....

    ඔයාට මම කොච්චරනම් ආදරේ කලාද කෙල්ලෙ.... ඒක මෙච්චරයි කියල මැනල දෙන්න පුළුවන් මිනුම් දණ්ඩක් මම දන්නෙ නෑ... ඒක නිසාද ඔයාට මගේ ආදරේ ප්‍රමාණය, ගැඹුර තේරුම් ගන්න බැරි වුනේ... තේරුම් ගන්න කෙල්ලෙ ගැහැණියෙකුට වඩා පිරිමියෙකුගෙන් ඇස්වලින් ගලන කදුළු බර වැඩියි.......

    තම ජීවිතේම කියල හිතාගෙන ආදරය කරපු කෙල්ල දාල ගියාම හිතෙන දේ මොනවගේද කියල කියන්න ඕනි නෑ. ඒක තේරෙන්නෙත් නැතිව නෙමෙයි.... මම ඔයාගෙ ජීවිතේ එක්ක කොච්චර සිහින මැවුවද? ඔයා ඒ ඔක්කොම බිදල දාල එක මොහොතකින් වෙනකෙනෙක් එක්ක ඔයා ගියා.... මම දන්නව ඔයා එන්නෙ නෑ.... නමුත්.... මම එකපාරටම කොහොමද දෙවියනේ හිත හදාගන්නෙ.....

    මෙහෙම විරහ වේදනාව තනිවම කාමරයක ඉදගෙන විදවන එක ලේසි පහසු කටයුත්තක් නෙමෙයි... කොල්ලෙක් නිසා විලාප ගහල අඩන්නත් බෑ.... දවස් ගෙවෙනව... දිනෙන් දින කැලෙන්ඩරේ දින ගලාගෙන යනව.... දැන් ඒවගේ ඔයාටත් මාව අමතක වෙනව ඇති......

    දවසින් දවසට කොළයෙන් කොළයට
    කොළ අඩුවෙනවා දින දසුනේ
    මොහොතින් මොහොතට මා ගැන සටහන්
    වියැකී යනවා ඔබ මනසේ

    හද තියෙන රැයක හා නැති රැයක කොයිතරම් නම් වෙනසක් තියෙනවද.... ආලෝකය හා අදුර අතර කොතරම් වෙනසක්ද..... ඒත් කෙල්ලෙ ඔයා දන්නවද මට නම් ඒ දෙකේම කිසිම වෙනසක් තිබුණෙ නෑ.... ඒ වගේම ඒ දෙකම වැඩකුත් නෑ.... මොකද ඔයාට තේරුම් ගන්න බැරි උනාට මගේ හදවත නැමති කුටියෙ සද නැමති ආලෝකය උනේ ඔයා.... ඒ ආලෝකය ඔයා නිවල දැම්මෙ... මගේ ඒ සිතුවිලි ඔයාගෙ සිතුවිලි තරම් සියුම් නෑ කියල ඔයා කොහොමද කියන්නෙ ........? මම මේව ඔයාට ප්‍රකාශ නොකරපු නිසාද?

    පුරපස අවපස වෙනසක් වූවද
    ඔබ වෙයි සඳ මගෙ හද අඹරේ
    මගෙ ඒ සිතුවිලි හා සබැ‍ඳේවි ද
    මුදු සිතුවිලි ඔබ හද මැදුරේ

    කොහොමින් හරි ... කාලය ගෙවිල යනව මම පුරුදුවෙනව ඔයා මම ගැන කියපු විදියට හිතන්න... ආදරේ නෑ, ආදරේ කරන්න දන්නෑ, ඔයා හොදනෑ, ඔයා හැදෙන්නෑ, කියනදේ අහන්නෑ, එහෙමනේ ඔයා කියන්නෙ මට හා මගේ මේ ආදරේට... මෙහෙම කියන්නෙ තුන්හිතකින්වත් ඔයාට තියෙන තරහකට නෙමෙයි... ඔයා මට කරන චෝදනා මට හොදට හුරුයි මම ඒ විදියටම හිතන්නම්... මට තේරෙනව කාලය, දිනෙන් දින ගෙවෙනකොට .... ඒ විදියට හිතනකොට මට පුළුවන් වෙනව කියල හිත හදා ගන්න..... දැන් මගේ හිත මුළින් තිබුනු තරම් දුක්වෙන්නෙ නෑ..... ඒකටත් ඔයාට පින්. මොකද මොන විදියකින් වත් හදා ගන්න බැරිවුන හිත ඔයා මට කියපුව ගැනම හිතල මට හදාගන්න පුළුවන් උනාට.

    සිතුවෙම් සිතනෙමි හුරු ලෙස ඔබ ගැන
    මගෙ හිත චංචල වූයේ නෑ
    දින දසුනේ තව එක කොළයක් ඇත
    එක දවසකි ඉතිරිව ඇත්තේ

    මම හිත හදාගන්නම්.... ඔයා බොළද පොඩි කෙල්ලෙක් මට අන්තිමටත් කියන්න තියෙන්නෙත් එපමණයි කෙල්ලෙ. මම හැමදාම කිව්වෙත් එහෙමයි.... ඔයා මට රිදවන්න, මට පේන්න වෙන කෙනෙකු ලගට ගියාට ඇයි පොඩි කෙල්ලෙ, ඇයි දරුවො මාව තේරුම් ගත්තෙ නැත්තෙ .... ඔයා තේරුම් ගත්තෙ නෑ එහෙනම් දැනවත් මෝඩ කෙල්ලෙ තේරුම් ගන්න මාසයක්, අවුරුද්දක් ගිහින් හරි යතාර්ථයට මුහුණ දීල මටත් වෙන පැත්තක් බලන්න වෙනව කියන එක.........

    සිතන්න බොළඳියෙ මගේ කුටියටත්
    ඔබෙ කුටියට මෙන් වසරින් වසරට
    නව දින දසුනක් එනවා..

    කේ.ඩී.කේ.ධර්මවර්ධන නම් වූ අපූර්වතම ගේය පද රචකයා එඩ්වඩ්ට ලියූ එක ම ගීය මෙයයි. අවුරුදු 35 ක් විතර පැරණි මේ ගීය එඩ්වඩ්ගේ සංගීත දිවියේ එක කඩඉම් ගීතයක්. මේක එදා වගේම අදටත් ජනප්‍රියයි.

    දවසින් දවසට කොළයෙන් කොළයට
    කොළ අඩුවෙනවා දින දසුනේ
    මොහොතින් මොහොතට මා ගැන සටහන්
    වියැකී යනවා ඔබ මනසේ

    පුරපස අවපස වෙනසක් වූවද
    ඔබ වෙයි සඳ මගෙ හද අඹරේ
    මගෙ ඒ සිතුවිලි හා සබැ‍ඳේවි ද
    මුදු සිතුවිලි ඔබ හද මැදුරේ

    සිතුවෙම් සිතනෙමි හුරු ලෙස ඔබ ගැන
    මගෙ හිත චංචල වූයේ නෑ
    දින දසුනේ තව එක කොළයක් ඇත
    එක දවසකි ඉතිරිව ඇත්තේ

    සිතන්න බොළඳියෙ මගේ කුටියටත්
    ඔබෙ කුටියට මෙන් වසරින් වසරට
    නව දින දසුනක් එනවා..

    ගේය පද : - කේ.ඩී.කේ.ධර්මවර්ධන
    සංගීතය:- රෝහණ වීරසිංහ
    ගැයුම:- එඩ්වඩ් ජයකොඩි

    අපේ යාළුවනේ මොකද කියන්නෙ මචන්ස්ලා.......

    uparimay mchn:yes::yes:
    :):):)

    anthimata kiyana peli deken mehema hithanna barida??
    kollage jeewithayata aluthin kellek enawa ho eya wiwaha wenawa kiyala:):):)

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මාරු කාසි වැඩිපුර ගැවසෙන ලෝකෙක උඹල වගේ කොල්ලො සම කරන්න වෙන්නෙ 1000 නෝට්ටුවලට බන් පට්ට... නියම සප් එකක් ආවෙ... එල..
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    anthimata kiyana peli deken mehema hithanna barida??
    kollage jeewithayata aluthin kellek enawa ho eya wiwaha wenawa kiyala:):):)
    ඒ තීරණේට හිත හදාගත්ත බවයි අගවන්නෙ.. එච්චරටම විවාහය කියන පැත්ත හිතට ගන්න එපා මචන්.... ඒකට හේතු තුනක් තියෙනවා
    1) බොලදියක් වගේ වචනයක් භාවිතා කිරීම.
    2) සමස්ත ගීතයේම තම මුල් ප්‍රේමවන්තියට සිය ආදරය තේරුම් කිරීමට උත්සාහ කිරීම.
    3) නව දින දසුනක් එනවා... යැයි පවසාගෙනම ඔහුත් ගීතයත් සංගීතයත් නිහඩ වීම.
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අපේ යාළුවො ඉන්නවනම් .... තව දෙන්න පුළුවන්... අමතක උනා තව දෙයක් කියන්න.. අපි හොද දෙයක් කරනවනම් කොච්චර සප් එකක් දෙන්න කොල්ලො ඉන්නවද කියන එක ඇත්තටම තේරෙනව... මේව දාන්න පටන්ගත්තෙ ඊයෙ අද වෙකොට කී දෙනෙක් බලලද? කීදෙනෙක් උදව් කරනවද? කවුද කියන්නෙ අපේ සමාජ පිරිහිලා.. අද කාලෙ කොල්ලන්ට රසඥතාවක් නෑ කියල... මම හිතන්නෙ මේ ත්රෙඩ්එක ඒ චෝදනා බොරු බව ඔප්පුකලා... ආදරණීය සොයුරනේ මගේ ප්‍රණාමය ඔබ සියළුම දෙනාට.
     
    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18

    Machan mekata denne nathi sup gana ay katha larala wedak naa... thread ekata witharak newei wen aonama dekata kiyapan... BOKKEN bahinne... echcharatama age athi meanings tikak meke daala tyenne... awankenma... mama me elakiriye post karanneth mechchara... sahena kalekata passe... :):):):):)
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Machan mekata denne nathi sup gana ay katha larala wedak naa... thread ekata witharak newei wen aonama dekata kiyapan... BOKKEN bahinne... echcharatama age athi meanings tikak meke daala tyenne... awankenma... mama me elakiriye post karanneth mechchara... sahena kalekata passe... :):):):):)

    ammatasiri uba innawaada.. koheda gihin hitiye onna sinduwak dekak daala ethi... thawa ekak daanna mathak karamin inne aniwaaa daanawaaa kohomahari ubala wenuwen.....
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    ගුනදාස කපුගේ මහතාගේ අයියණ්ඩියේ ඔබ ඇවිදින් ගීතයෙත් මොකක් හරි දෙයක් තියෙනවා නේද බන්..
    ඒකත් ඔහොම්ම වෙලාවක ටයිප් කරලා දාපන් මචෝ..
     
    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    ඒ තීරණේට හිත හදාගත්ත බවයි අගවන්නෙ.. එච්චරටම විවාහය කියන පැත්ත හිතට ගන්න එපා මචන්.... ඒකට හේතු තුනක් තියෙනවා
    1) බොලදියක් වගේ වචනයක් භාවිතා කිරීම.
    2) සමස්ත ගීතයේම තම මුල් ප්‍රේමවන්තියට සිය ආදරය තේරුම් කිරීමට උත්සාහ කිරීම.
    3) නව දින දසුනක් එනවා... යැයි පවසාගෙනම ඔහුත් ගීතයත් සංගීතයත් නිහඩ වීම.
    ela:):):)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හදිස්සියේ ඔළුව දාල යන්න ආවට දැක්කම නම් රිප්ලයි නොකර බැරියෝ.........!!!!!!

    මම පෞද්ගලිකව දන්න දෙයක්, ගීතයේ රචිකාව අපේ පවුලේ මිතුරියක් නිසා
    අසුරු සැනින් එක මොහොතක දී..............

    ප්‍රවීන නිවේදිකා කුසුම් පීරිස් මහත්මිය ගුවන් විදුලියේ වැඩ කරන කාලයේ දී ඉතාම ළගම ඇසුරක් තිබුණු කෙල්ලෙක් සහ කොල්ලෙක් ඉදලා තියනවා. හැම දෙනාම හිතා ගෙන ඉදලා තියෙන්නේ මේ දෙන්නා පෙම්වතුන් කියලා.....නමුත් එහෙම දෙයක් තිබිල නෑ.
    පස්සේ කාලෙක ආපු යෝජනාවකින් තරුණිය විවාහ වෙනවා. ඒ එක්කම ඇය තීරණය කරණව රැකියාවට සමුදෙන්න.
    තුසුම් ආන්ටි ඇර ගෑණු ළමයගෙන ඇහුවාම මේ සම්බන්ධයක් වගේ තිබ්බ දේ ගැන ඇය කිව්වලු මම බලං හිටියේ එයා මගෙන් අහනකං, හේතුව ම ගෑනු ළමයෙක් නිසා මට ෆස්ට් මූව් එක කරන්න බෑ නේද අක්කේ කියලා. ඇත්තටම අර ගෑණු දරුව ඉදලා තියෙන්නේ මේ කොල්ලා ගැන ප්‍රේමයෙන්.
    ගෑනු දරුව රැකියාවෙන් ඉවත් වුණ දවසේ කුසුම් ආන්ටි කොල්ලට කියල තියනව, ඇයි අර ළමය ගෙන් ඇහුවෙ නැත්තේ එයා හිතේ තියා ගෙන නේ ඉදලා තියෙන්නේ කියලා, ටිකක් චෝදනා මුඛයෙන්. අර කොල්ලා කිව්වලු අනේ අක්කේ මම ඇහුවෙ නැත්තේ බෑ කිව්ව නම් අපේ මේ මිත්‍රත්වයත් ඉවරනේ, ඇත්තට ම මම එයාට ආදරේ කලා, එයා පොඩ් හරි ඉගියක් දෙනකන් මම හිටියේ, නමුත් එහෙම පෙන්නුවේ නැති නිසා මම අහන්න ගියේ නෑ කියලා.
    පසුව දවසක අර ගෑණු දරුව හමු වුණාම කුසුම් ආන්ටි මේ ගැන ඇයට පවසලා තියනවා. ඇය වැළපෙමින් කියල තියෙන දේ තමා මේ ගීතයට පාදක වෙලා තියෙන්නේ. ඇය කිව්වලු, අනේ අක්කේ, ලෝකය නතර වෙලා ආයෙ අපි අතීතයට ගියොත් මම එයාට ආදරේ කරනව කියලා එයාට කියනව කියලා................(ටිකක් ඉන්නනම්.....ස්ක්‍රීන් එක පේන්නේ නැති තරමට ඇස් දෙක බොද වෙලා....මේ ගීතය මගේ ජීවිතයට ඉතාමත් සමීපයි.......!!!)

    අසුරු සැනින් එක මොහොතක දී - කාලය නැවතී යළි ඇරඹී
    විශ්වය අළතින් බිහිවේවා-ඔබේ ම වී මා- ම ගේ ම වී ඔබ
    අපේ ම වී අප ඉපදේවා......!!!!

    යෙහෙළියන් ගෙ ඉගි දිනක සැබෑ වී - ඔබේ ම කුළ ගෙයි පතිනිය වන්නට
    එන සෙවනැල්ලක හමු වෙවා.....
    ඔබේ ම වී මා- ම ගේ ම වී ඔබ
    අපේ ම වී අප ඉපදේවා......!!!!

    සෙනෙහෙ විමානේ කිරුළ දරන දා - සිගිති තොලක කිරි සිනා දකින්නට
    මතුයම් දවසක හැකි වේවා......
    ඔබේ ම වී මා- ම ගේ ම වී ඔබ
    අපේ ම වී අප ඉපදේවා......!!!!

    මමත් මේ ලෝකෙ නතරවෙලා ආයෙ පටන් ගත්ත තැනට ගියොත් මම කරපු ඒ වැරැද්ද කරන්නේ නෑ මචංලා..................!!!!
    මම යන්නම්.....ආයෙ රිප්ලයි ලියන්න බෑ මචංලා...සොරි...!
    :(:(