සුන්දර ගීයක ඇරබුම,..

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    මම දන්න සින්දුවක් දාන්නද , අමරදේවගේ එකක්

    2076n3a.jpg

    පෙර දිනයක මා පෙම් කල යුවතිය
    සිය පුතු නලවනවා...

    මේක ඇහෙද්දී ගොඩක් දෙනෙක් හිතන්නේ ආදරේ කරපු කෙල්ල දැන් වෙන කෙනෙක්ව බැඳලා , දරුවෙකුත් ලැබිල , දැන් ඒ දරුවාව නලවනවා කියලනේ..
    එත් මෙතන වෙන්නේ මේකයි , පෙර දිනයේ මම පෙම් කරලා තියෙන්නේත් , මම බැඳලා තියෙන්නෙත් , දැන් මේ දරුවා නලවන්නෙත් එකම කාන්තාවක්.

    මගේම ගීයක් , නැලවිලි ස්වරයෙන්
    ඈතින් මතුවෙනවා..

    දරුවා නලවන්න මෙයා කියන ගීතයත් මම මෙයාට කලින් කියපු එකක්ම තමා .

    නුරාව වෙනුවට ඉදුනිල් දෙනයන
    දයාව වෑහෙනවා ...

    ඉස්සර වගේ නුරාවෙන් රාගයෙන් මෙය දිහා බලනවා වෙනුවට දැන් බලන්නේ දයාවෙන් , සෙනෙහසින් , දැන් වගකීම් වැඩියි , මෙය මගේ බිරිද , මගේ දරුවාගේ අම්ම ..

    ඉතුරු ටික තේරුම් ගනිල්ලා , ටයිප් කරද්දී දෙක දෙල් වෙනවා :no::no::no:

    mama hithan hitiyeth waradiyata
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හොදයි අපේ යාළුවනේ.... අපි ගොඩක් ගීත විචාරය කලානේ... ඒක නිසා මම හිතුව ඔයාලට ගීතයක නිධාන කතාව කියන්න ඕන කියල.. මම කලින් කිව්ව වගේ දයාරත්න රණතුංග ගායනා කරන මේ ගීතයේ නිධාන කතාව එහෙම නැතිනම් ඒ ගීතය හැදුන හැටි තමා මේ කියන්න හදන්නෙ... ඔන්න හොදනම් කමෙන්ට්ස් ඕන....

    හරි එහෙනම් අපි පටන්ගමු,
    මෙහෙමයි මේ ගීතය රචනා කරල තියෙන්නෙ උපාලි ධනවලවිතාන කියල රචකයෙක්. 1970 දශකෙ මැද භාගයේදි මේ රචකය සේවය කලේ වෙළද දැන්වීම් කරන ආයතනයක. ඉතින් ඒක නිසා නිතරම වගේ ගුවන් විදුලියට එනවලු. ඒ කාලෙදි දයාරත්න රණතුංග වැඩසටහන් අධ්‍යක්ෂක කෙනෙක් විදියට ගුවන් විදුලියේ සේවය කරල තියෙනවලු. ඉතින් මේ දෙන්න ගොඩාක් හිතවත් වෙලා. දවසක් මේ උපාලි කියන ගීත රචකය කිව්වලු එයාටත් ගුවන් විදුලියට ගීතයක් ලියන්න අවස්ථාවක් දෙන්න කියල.

    ඉතින් දයාරත්න රණතුංග කිව්වලු හරි එහෙනම් ලියන්න කියල... ඒත් සති ගණන් ගියා මිනිහ ලියන පාටක් නෑ... පස්සෙ විමසුවම ඇයි කියල උපාලි කිව්වලු කිසිම නිමිත්තක් නෑ, මාතෘකාවක් නැතිව කොහොමද ලියන්නෙ කියල.... හොද අත්දැකීමක් ලැබුනොත් ලියන්න පුළුවන් කියල.... ඉතින් දෙන්න කරල තියෙන්නෙ අපි අපේ වටපිටාව ගැන බලමු කියල කතා කර කර ඔළුව හැරුණ අතේ වාහනෙන් යන්න පටන්ගත්ත ගීතයක් ලියන්න හොද අත්දැකීමක්, නිමිත්තක් හොයාගෙන..... මෙහෙම ගියපු මේ දෙන්න නතර උනේ බේරුවල මුහුදු තීරෙ... දැන් දෙන්න කතා කර කර ඈත සයුර දිහා බලාගෙන ඉන්නවලු.

    මෙහෙම ඉන්නකොට මේ දෙන්නට පේනවළු වෙරළ දිගේ ඇවිදගෙන එන තරුණ යුවලක්. පිරිමියා මුහුදු රස්සාවට යන්න ආම්පන්න ටිකත් අරගෙන බිරිදත් එක්ක එනවා... දෙන්නම තරුණයි. අපේ ගී පද රචකයා දැන් මත් වෙලාවගේ මේ දර්ශණය දිහා බලාගෙන ඉන්නවලු. ඊට පස්සෙ බිරිදගෙ ඔළුව අතගාල ආම්පන්න ටිකත් අරගෙන මේ පිරිමිය ඔරුවෙ නැගල යන්න ගියාලු. බිරිදත් ටික වෙලාවක් බලාගෙන ඉදල හැරිල වෙරළ දිගේම යනවලු. හැබැයි ඇය තබන අඩි දෙක තුනකට වරක් අර ඈත යන ඔරුව දිහා බලනවලු. පස්සෙ දයාරත්න දෙසට හැරුණු උපාලි දැන් අපි යමු නේද කියල නැගිටල යන්න ගියාලු. පහුවෙනිද උදේ මෙන්න කොලයක් ගෙනත් දයාරත්නගෙ අත උඩින් තිබ්බ. එහි තියෙනව මෙන්න මේ විදියට......

    මංගල මදු සමය පතා
    කුලගෙට ආ රූපිකාව
    පාළු ලොවක තනිකරදා
    දියඹට යනවා...
    කුස ගින්දර නිවා ගන්න
    දියඹට යනවා...

    හෝ... හෝ... හෝයියා...

    රැල්ල බිඳින අඳෝනාව
    ජීවන මලපොත කියවයි
    නිම් නැති නිම් වළලු පෙලේ
    සම්පත ඇය සැනසුමයි
    ඇය මට අත වනනු පෙනේ
    ඉවුරු කොනේ තොටුපලේ...

    හෝ... හෝ... හෝයියා...

    අදුර බිඳින තාරකාව
    කළු ලන්තෑරුම් එළියයි
    ඔරුකද ඇතුලේ දැනුනේ
    ඊයෙ ලද උණුසුමයි
    ඇය මට අත වනනු පෙනේ
    ඉවුරු කොනේ තොටුපලේ...

    හෝ... හෝ... හෝයියා...

    අළුත විවාහ වුනු යුවලක් කියන්නෙ කොච්චර සුන්දර, කොච්චර ප්‍රේමණිය දෙදෙනෙක්ද... ඒත් ප්‍රේමය, ආශාව කැපකරන්න සිදුවෙනව ආර්ථික ප්‍රශ්ණ හමුවේ.... එවිටදි දැනෙන හැගීම් මනාවට මෙහිදී මේ පද රචකයා විසින් මතුකරනව... ඒ විතරක් නෙමෙයි එක මොහොතක්වත් දුරස් වී ඉදීමට නොහැකි මේ දෙදෙනගේ මානසික තත්වයන් විවිධ ආකාරයට හිතන්න පුළුවන් ස්වාභාවයක් මේ ගීතයෙන් ජනිත කරනව.

    තව දෙයක් මෙහි සංගීතය ගැනත් සදහනක් නොකලොත් එය ලොකුම අඩුවක් වෙනව හින්දුස්ථාන් රාගධාරී සංගීතයේ ධර්බාරි කතඩා කියන රාගය ඇසුරු කරගෙන තමා සරත්ද අල්විස් නම් සංගීතඥයා මෙහි සංගීතය නිර්මාණය කරන්නෙ. ගුප්ත බව, රැල්ල නැගෙන ස්වභාවය හා ඔරුකද පැද්දෙන ස්වභාවය සංගීතයෙන් ඉතා මනරම් ලෙස අපේ සිත් වලට ඇතුල් කරනව... තව දෙයක් හෝ... හෝ... හෝයියා... කියන හඩත් මේ ගීතයට පුදුම හැගීම්බර බවක් මුසු කරනව....

    ඔන්න දැන් අපේ යාළුවො ආයෙත් මේ ගීතය අහල බලන්නකො.... හිතට දැනෙනදේ කොහොමද කියල...
     
    Last edited:
    • Love
    Reactions: TonyMontana83

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,760
    859
    113
    ස්වර්ණවිමානේ
    ai machan sada sochaniyai kiyane comments madi nisada??
    ඔව් බන් මේක බලල තියනවා 6,000 කට වඩා
    comment තියනවා 300 ගානක්
    මේකෙන් thread එක කරගෙන යන සෙට් එක කීයක් නම් දාන්න ඇත්ද?
    sasliit සහෝදරයම දාල ඇති 150 ක් වත්.
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ලස්සන ගීතයක්... අපේ යාළුව සාර්ථක උත්සාහයක යෙදිල තියෙනව ගීතය විග්‍රහ කරන්න... තව තව දන්න දේවල් දාන්න යාළුවේ... මගෙන් +5 රෙප්...
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    රීදී පාට කළ පාතුඩු පයට පෑගිලා
    නපුරු වී ඔයා මා සලලෙකුට සම කළා
    සුමුදු මුදු දෙපා තුඩු වල පහස නොදැනෙනා
    යකඩ පය මගේ නුඹ ළඟ හඬා වැළපෙනා

    මචෝ...... මේ song 1 තියෙන කෙනෙක් මට PM 1k දාපන්කෝ.........!!!!!!!!!!!

    Plez .........!!!!!!!!
     
    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    හොදයි අපේ යාළුවනේ.... අපි ගොඩක් ගීත විචාරය කලානේ... ඒක නිසා මම හිතුව ඔයාලට ගීතයක නිධාන කතාව කියන්න ඕන කියල.. මම කලින් කිව්ව වගේ දයාරත්න රණතුංග ගායනා කරන මේ ගීතයේ නිධාන කතාව එහෙම නැතිනම් ඒ ගීතය හැදුන හැටි තමා මේ කියන්න හදන්නෙ... ඔන්න හොදනම් කමෙන්ට්ස් ඕන....

    හරි එහෙනම් අපි පටන්ගමු,
    මෙහෙමයි මේ ගීතය රචනා කරල තියෙන්නෙ උපාලි ධනවලවිතාන කියල රචකයෙක්. 1970 දශකෙ මැද භාගයේදි මේ රචකය සේවය කලේ වෙළද දැන්වීම් කරන ආයතනයක. ඉතින් ඒක නිසා නිතරම වගේ ගුවන් විදුලියට එනවලු. ඒ කාලෙදි දයාරත්න රණතුංග වැඩසටහන් අධ්‍යක්ෂක කෙනෙක් විදියට ගුවන් විදුලියේ සේවය කරල තියෙනවලු. ඉතින් මේ දෙන්න ගොඩාක් හිතවත් වෙලා. දවසක් මේ උපාලි කියන ගීත රචකය කිව්වලු එයාටත් ගුවන් විදුලියට ගීතයක් ලියන්න අවස්ථාවක් දෙන්න කියල.

    ඉතින් දයාරත්න රණතුංග කිව්වලු හරි එහෙනම් ලියන්න කියල... ඒත් සති ගණන් ගියා මිනිහ ලියන පාටක් නෑ... පස්සෙ විමසුවම ඇයි කියල උපාලි කිව්වලු කිසිම නිමිත්තක් නෑ, මාතෘකාවක් නැතිව කොහොමද ලියන්නෙ කියල.... හොද අත්දැකීමක් ලැබුනොත් ලියන්න පුළුවන් කියල.... ඉතින් දෙන්න කරල තියෙන්නෙ අපි අපේ වටපිටාව ගැන බලමු කියල කතා කර කර ඔළුව හැරුණ අතේ වාහනෙන් යන්න පටන්ගත්ත ගීතයක් ලියන්න හොද අත්දැකීමක්, නිමිත්තක් හොයාගෙන..... මෙහෙම ගියපු මේ දෙන්න නතර උනේ බේරුවල මුහුදු තීරෙ... දැන් දෙන්න කතා කර කර ඈත සයුර දිහා බලාගෙන ඉන්නවලු.

    මෙහෙම ඉන්නකොට මේ දෙන්නට පේනවළු වෙරළ දිගේ ඇවිදගෙන එන තරුණ යුවලක්. පිරිමියා මුහුදු රස්සාවට යන්න ආම්පන්න ටිකත් අරගෙන බිරිදත් එක්ක එනවා... දෙන්නම තරුණයි. අපේ ගී පද රචකයා දැන් මත් වෙලාවගේ මේ දර්ශණය දිහා බලාගෙන ඉන්නවලු. ඊට පස්සෙ බිරිදගෙ ඔළුව අතගාල ආම්පන්න ටිකත් අරගෙන මේ පිරිමිය ඔරුවෙ නැගල යන්න ගියාලු. බිරිදත් ටික වෙලාවක් බලාගෙන ඉදල හැරිල වෙරළ දිගේම යනවලු. හැබැයි ඇය තබන අඩි දෙක තුනකට වරක් අර ඈත යන ඔරුව දිහා බලනවලු. පස්සෙ දයාරත්න දෙසට හැරුණු උපාලි දැන් අපි යමු නේද කියල නැගිටල යන්න ගියාලු. පහුවෙනිද උදේ මෙන්න කොලයක් ගෙනත් දයාරත්නගෙ අත උඩින් තිබ්බ. එහි තියෙනව මෙන්න මේ විදියට......

    මංගල මදු සමය පතා
    කුලගෙට ආ රූපිකාව
    පාළු ලොවක තනිකරදා
    දියඹට යනවා...
    කුස ගින්දර නිවා ගන්න
    දියඹට යනවා...

    හෝ... හෝ... හෝයියා...

    රැල්ල බිඳින අඳෝනාව
    ජීවන මලපොත කියවයි
    නිම් නැති නිම් වළලු පෙලේ
    සම්පත ඇය සැනසුමයි
    ඇය මට අත වනනු පෙනේ
    ඉවුරු කොනේ තොටුපලේ...

    හෝ... හෝ... හෝයියා...

    අදුර බිඳින තාරකාව
    කළු ලන්තෑරුම් එළියයි
    ඔරුකද ඇතුලේ දැනුනේ
    ඊයෙ ලද උණුසුමයි
    ඇය මට අත වනනු පෙනේ
    ඉවුරු කොනේ තොටුපලේ...

    හෝ... හෝ... හෝයියා...

    අළුත විවාහ වුනු යුවලක් කියන්නෙ කොච්චර සුන්දර, කොච්චර ප්‍රේමණිය දෙදෙනෙක්ද... ඒත් ප්‍රේමය, ආශාව කැපකරන්න සිදුවෙනව ආර්ථික ප්‍රශ්ණ හමුවේ.... එවිටදි දැනෙන හැගීම් මනාවට මෙහිදී මේ පද රචකයා විසින් මතුකරනව... ඒ විතරක් නෙමෙයි එක මොහොතක්වත් දුරස් වී ඉදීමට නොහැකි මේ දෙදෙනගේ මානසික තත්වයන් විවිධ ආකාරයට හිතන්න පුළුවන් ස්වාභාවයක් මේ ගීතයෙන් ජනිත කරනව.

    තව දෙයක් මෙහි සංගීතය ගැනත් සදහනක් නොකලොත් එය ලොකුම අඩුවක් වෙනව හින්දුස්ථාන් රාගධාරී සංගීතයේ ධර්බාරි කතඩා කියන රාගය ඇසුරු කරගෙන තමා සරත්ද අල්විස් නම් සංගීතඥයා මෙහි සංගීතය නිර්මාණය කරන්නෙ. ගුප්ත බව, රැල්ල නැගෙන ස්වභාවය හා ඔරුකද පැද්දෙන ස්වභාවය සංගීතයෙන් ඉතා මනරම් ලෙස අපේ සිත් වලට ඇතුල් කරනව... තව දෙයක් හෝ... හෝ... හෝයියා... කියන හඩත් මේ ගීතයට පුදුම හැගීම්බර බවක් මුසු කරනව....

    ඔන්න දැන් අපේ යාළුවො ආයෙත් මේ ගීතය අහල බලන්නකො.... හිතට දැනෙනදේ කොහොමද කියල...

    :yes:elazzzzzzz

    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    හොදයි අපේ යාළුවනේ.... අපි ගොඩක් ගීත විචාරය කලානේ... ඒක නිසා මම හිතුව ඔයාලට ගීතයක නිධාන කතාව කියන්න ඕන කියල.. මම කලින් කිව්ව වගේ දයාරත්න රණතුංග ගායනා කරන මේ ගීතයේ නිධාන කතාව එහෙම නැතිනම් ඒ ගීතය හැදුන හැටි තමා මේ කියන්න හදන්නෙ... ඔන්න හොදනම් කමෙන්ට්ස් ඕන....

    ඔන්න දැන් අපේ යාළුවො ආයෙත් මේ ගීතය අහල බලන්නකො.... හිතට දැනෙනදේ කොහොමද කියල...

    Ahala nam ne. ath ahanna ona den. hoda ekak :):)
     
    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    ඔව් බන් මේක බලල තියනවා 6,000 කට වඩා
    comment තියනවා 300 ගානක්
    මේකෙන් thread එක කරගෙන යන සෙට් එක කීයක් නම් දාන්න ඇත්ද?
    sasliit සහෝදරයම දාල ඇති 150 ක් වත්.

    කියන්න තියෙන්නෙ කලින් කෙනෙක් කියපු එක තමයි. මේකෙ XX තිබුන නම් තියෙන කමෙන්ට් ගාන. :(
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    මේකයි මචන් අපි දැන් මේකට අදාල මෑන් කවුද කියල නොකිව්වට දන්නවනේ... ඉතින් මෙන්න මෑන් රන්ඩු කලේ නෑ ගේ දාල ගියා හොදටම බොනව ඉදල හිටල තමා ගෙදර එන්නෙ... ඒ එන්නෙත් දුව බලල යන්න... දැන් ගෑනිටත් වැඩේ තේරුණා මිනිහට බඩු ආරන්චිවෙලා කියල.... ඒත් මොනව කරන්නද මිනිහ එන්නෙ නෑ.
    ඒක නෙමෙයි ප්රවශ්ණෙ දුව... දුව තාත්තට හරිම ලෙංගතුයි... දුවට සාංකාව වගේ... වෙනද වගේ ඇක්ටිව් නෑ... ගේටුටව ලගමයි තාත්ත එයි කියලා... සෙල්ලම් කරන්නෙත් නෑත.... ඉතින් මේ සිද්ධිය මූලික කරගෙන හැදුනා ගීතයක්...

    මා එක්කලා අමනාප වී දඹර
    දූගේ තාත්තා එන්නේ නෑ ගෙදර

    වැලි පොල්කටුයි හැදි වෑයයි පෙරලාලා
    මිදුලේ වැටුන කොළ සේරම අතුගාලා
    ගේ ලග වැට කඩුල්ලට බැරි බර දීලා
    රෑ එලිවෙන තුරා ඉමු මිදුලට වීලා

    හද මාමා නැගෙන තුරු අපි තරු ගනිමු
    දෙදෙනාම දුකු තල් අත්තක ලියමු
    හද මාමා අත ඒ පණිවුඩ යවමු
    හෙටවත් ගෙදර ඒ දැයි බලමින් ඉදිමු

    මා එක්කලා අමනාප වී දඹර
    දූගේ තාත්තා එන්නේ නෑහැ ගෙදර

    අදට ඇති ඉතිරිටික හෙට දෙන්නම් උඹලට රස විදින්න... කැමතිනම් කමෙන්ට් එකක් දාල තියපල්ල කොල්ලනේ..... ජයවේවා....!
    ube post tika ela kiri machan.
    thawa dapanko danna ewa. rep witarai apita denna puluwan ithin
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,176
    487
    83
    EaRtH
    ලස්සන ගීතයක්... අපේ යාළුව සාර්ථක උත්සාහයක යෙදිල තියෙනව ගීතය විග්‍රහ කරන්න... තව තව දන්න දේවල් දාන්න යාළුවේ... මගෙන් +5 රෙප්...
    තැනක් යු මචන් :cool::cool:
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    කියන්න වචන නෑ මචෝ........!!!!!!!!!! 10 ඉදන් මේ වෙනකම් වචනෙන් වචනේ මේක කියෙව්වා........!!!!!! :yes::yes::yes::yes::yes::yes::yes:

    උබල රටට සම්පත් බන්.......!!!!!! නියමයි.....!!!!!!!

    මිල්ටන් මල්ලවාරච්චි ගැන උබලට කියන්න තියෙන්නේ මොකද්ද????

    1) "ඔබේ සිනා ලග" ගීතය ගැන;

    2) "එක්පෙති මලක්" ගීතය ගැන;
    කියන්න තියෙන්නේ මොනවද????
    ඒවගෙත් තේරුම් දාපන්කෝ බන් දන්නවනම්......!!!!!!!
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කියන්න වචන නෑ මචෝ........!!!!!!!!!! 10 ඉදන් මේ වෙනකම් වචනෙන් වචනේ මේක කියෙව්වා........!!!!!! :yes::yes::yes::yes::yes::yes::yes:

    උබල රටට සම්පත් බන්.......!!!!!! නියමයි.....!!!!!!!

    මිල්ටන් මල්ලවාරච්චි ගැන උබලට කියන්න තියෙන්නේ මොකද්ද????

    1) "ඔබේ සිනා ලග" ගීතය ගැන;

    2) "එක්පෙති මලක්" ගීතය ගැන;
    කියන්න තියෙන්නේ මොනවද????
    ඒවගෙත් තේරුම් දාපන්කෝ බන් දන්නවනම්......!!!!!!!

    මචෝ දැන් වෙන ගීතයක අර්ථය පසදමින් ඉන්නේ... උබලට නොදෙන දෙයක් නෑ.... හෙට දිහාට දෙන්න උපරිම උත්සාහ කරනව අපේ කිඹුල සහෝදරය සමග එකතුවෙලා....
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මෙන්න අහසින් තරුවක් කඩා වැටෙනවා ගීතයේ විචාරය....

    මුල් පද හතර තමා මේ ගීතයේ තියෙන ප්‍රභලතම යෙදුම්... උපමා උපමේය යොදාගෙන තියෙනව කඩු පහරවල් වගෙ.... හරියට කාන්තාව මේ විදියට කියනව වගේ...
    හරිවැඩක්නෙ මගෙයි ඒ කොල්ලගෙයි සම්බන්ධෙ... වෙන උන්ටනේ අමාරුව
    මට ප්‍රශ්ණයක් නෑ, එයාටත් ප්‍රශ්ණයක් නෑ... අනිත් අයනේ මෙතන කෑ ගහ ගහ දගලන්නෙ......

    අන්න ඒවගේ ප්‍රබල චෝදනාවක් තමා පළමු පද හතරෙන් කරනු ලබන්නෙ. තරුව කඩාගෙන වැටුනම තරුවටයි වේදනාව තියෙන්න ඕනි.... ඒත් අහසනේ වැලපෙන්නෙ, සුළං පාරට නෑඹුල් මලක් වැටුනම දුක් වෙන්න ඕන මල ... ඒත් සුළග අඩනව....

    අහසින් තරුවක් කඩා වැටෙනවා
    තරුව කතා නැහැ අහසයි වැළපෙන්නේ

    හරි.. දැන් යමු අපි විචාරයට මෙහි තරුව කියන්නෙ පිරිමිය. මේ කාන්තාව දුප්පත්, පිරිමිය පොහොසත්... ඉතින් කාන්තාව බදිනවනම් පෝසත් පවුල අතාරින්න වෙනව... කොල්ල ඒක කරන්න සූදානම්. නමුත් කෙල්ල කියනව ඔයා කරන්න සූදානම් උනාට ඔයාට නෙමෙයිනෙ පවුලට අවනම්බු කලා කියල ඔයාගෙ පවුලෙ අයනෙ ඔයාව දෝෂ දර්ෂණයට ලක් කකරන්නෙ.

    නටුවෙන් නෑඹුල් මලක් වැටෙනවා
    මලේ කතා නැ සුළඟයි වැළපෙන්නේ

    නෑඹුල් මල කියන්නෙ පිරිසිදු කාන්තාව... සුළග සමාජය.... ඉතින් පෝසත් පවුලක් එක්ක සම්බන්ධකමක් ඇතිකරගත්තට නොයේක නින්දා අවලාද කරනව. ඒ නින්දා අවලාද (සුළග) නිසා අන්තිමේ මේ මල බිමට වැටෙනව. අන්තිමේ සම්බන්ධෙ කරන්න බැරිවෙනව. නමුත් ඒකට දුක්වෙන්න ඕන කෙල්ල... නමුත් දුක්වෙන්නෙ ඒ කෙල්ලව වට්ටපු සමාජයමයි.

    පෑහිමක් නැ නොකෙරෙන දීගේ - සෙවනැල්ලක් ඇද ලූ
    දවල් වැටුනු වල මෙදා වැටුනේ රෑ - හිත හොද වැඩිකම ලූ

    ඔයාවත්, මමවත් කොපමණ උත්සාහ කලත් පලක් වෙන්නෙ නෑ.... මේක හරියන්නෑ... අපේ හැම දේම වැරදියටයි දකින්නෙ.. අනිත් එක නොකෙරෙන්නමයි වැඩසලස්වන්නෙ කියන එකයි මේ පද වලින් අර්ථ දැක්වෙන්නෙ.

    දවල් වැටුනු වල මෙදා වැටුනේ රෑ - හිත හොද වැඩිකම ලූ

    (මෙතන ප්‍රබල යෙදුමක් තියෙනව.... නමුත් විවිද අය විවිද අර්ථකථන ලබාදෙන නිසා.. මම සරල අර්ථයක විතරක් යන්නම්.) කෙල්ල පැහැදිලවම සිය ආදරවන්තයට කියනය මමවගේ දුප්පත් කෙල්ලෙක් ඔයා වගේ පොහොසත් කොල්ලෙක් එක්ක සම්බන්ධකමක් පටන් ගත්ත. ඒක වැරදියි... ඒ වැරැද්ද තියෙද්දිත් ඔයාව විවාහ කරගන්නවා කියන සිහිනය දකිනන්න තරම් මම තවත් මෝඩ උනා... මම හිතුව සමාජය අපේ දෙමාපියන් නෑදැයන් අපිට ආශිර්වාද කරාවි කියල... නමුත් මමයි අන්තිමට අමාරුවෙ වැටුනෙ.

    මලෙන් උපන් මල් පත්තිනි දේවී - කැන්දන් එන නැකතේ
    ඇස් කූඩෙන් මං වතුර අදින්නම් - ඔබේ මඟුල් දවසේ

    කමක් නෑ... මම දුප්පත් කෙල්ලෙක්... මට මොනතරම් අවමන් චෝදනා කලාද, මගේ අඩුපාඩු කොච්චර විවේචනය කලාද, මම නොකරපු දේවල් වලට කොච්චර චෝදනා කලාද..... කමක් නෑ.. අපි බලමු ඔය මට කියපු ගරහපු අය දැන් මගේ වැරදි, අඩු පාඩු නැති කෙල්ලෙක් ඔයාට හොයල දේවිනේ. හැබැයි එහෙම කෙල්ලෙක් මේ ලෝකෙ ඉන්න බෑ... එහෙමනම් එයා මලෙන් උපන් පත්තිනි අම්ම කෙනෙක් වෙන්න ඕනි. මගේ චරිතය, ක්‍රියාවන් හා ආදරය මට හොදටම විශ්වාසයි... ඒ වගේ කෙල්ලෙක් හොයාගත්තොතින් ඒ විවාහය වෙනදාට මම හිල් තියෙන කූඩයකින් එදාට ඕන වතුර ඇදල දෙනව.... (කරන්න බැරි වැඩක්) ඒතරම් මට විශ්වාසයක් කෙල්ලට විශ්වාසයක් තියෙනව ඔය කියන විදියෙ කල්ලො නෑ කියන එක ගැන.

    අහසින් තරුවක් කඩා වැටෙනවා
    තරුව කතා නැහැ අහසයි වැළපෙන්නේ
    නටුවෙන් නෑඹුල් මලක් වැටෙනවා
    මලේ කතා නැ සුළඟයි වැළපෙන්නේ

    පෑහිමක් නැ නොකෙරෙන දීගේ - සෙවනැල්ලක් ඇද ලූ
    දවල් වැටුනු වල මෙදා වැටුනේ රෑ - හිත හොද වැඩිකම ලූ

    අහසින් තරුවක්....

    මලෙන් උපන් මල් පත්තිනි දේවී - කැන්දන් එන නැකතේ
    ඇස් කූඩෙන් මං වතුර අදින්නම් - ඔබේ මඟුල් දවසේ

    අහසින් තරුවක්....

    ගායනය.... මාලනී බුලත්සිංහල

    කොහොමද යාළුවනේ.... මේ කාන්තාවගේ වේදනාව, අදෝනාව, ආදාරය හා තමා පිළිබදව තියෙන ආත්මාභිමාණය ප්‍රකාශ කරල තියෙන විදිය.... අපේ යාළුවො මොකද කියන්නෙ ... ඔයාලගෙ අදහසත් මගේ විචාරය වගේද වෙනස්ද....? මොකද කියන්නෙ තව දාමුද....?

    පට්ට යකෝ.....
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    සංගීතයෙන් අප හදවත් ප්‍රකම්පනයට පත්කරන මේ ගීතය මාගේ සිත්ගත් ගී අතුරින් ඉහලින්ම තියෙන ගීතයක්. අපි රසවිදිමු ගීතය....

    මම ඔබත් එක්ක කොතරම්නම් ආදරේකින්ද හිටියෙ... අපි කොතරම් ආදරේ කරන්න ඇද්ද...... ගිරවියෙක් වගේ ඔයා කියවනව කියවනව ඉවරයක්න නෑ. වැඩේ කියන්නෙ මමත් පුදුම විදියට ඒ කියවිල්ලට ආදරේකලා..... මට ලෝකයක් කියල දෙයක් තේරුනේ නෑ. මොකද මගේ මුළු ලෝකයම උනේ ඔයා නිසා. පාළුව තනිකමට පුරුදුව හිටපු මම මටත් නොදැනෙන ලෙසින් ඔයා ගලවගත්ත.... පුදුමයි කෙල්ලෙ පුදුමයි......

    ඉතින් එච්චරටම මට ආදරේ කලේ ඇයි....... මේ තරමටම මට ඔයා නැතිව ඉන්න බැරි තැනට පත්කලේ ඇයි... ඒතරමටම ආදරේ කරල ඔයා මාව තනිකරල දාල ගියා.... එහෙම ගියානම් යන්න යන්න යන්න යන්න ඔයා යන්න.... ඇයි මේ ඔයාගෙ මතක, සුවද ඉතිරි කරල ගියේ.... මට බෑ ජීවිතේ ගෙවන්න... මට බෑ නැවතත් පරණ මගේ පාළු ජීවිතේ ගතකරන්න... හැම තැනක්ම ඔයා සින්නක්කර ලියාගෙන ඉවරයි. මට මාවත් අයිති නෑ දැන්.....

    තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
    රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ළඟින්.....

    තව දෙන්නම්.... කමේනට්ස් දෙන්නෝ............

    katakara kellek ekka yalu wela matath me wage athdakimak jiwitheta ithiri una.
    dukak unath a athdakima matak wenakota mihirey. virahaweth rasayak
    thiyenawa kalayak giyata passe. eyage gedarin mata wada hoda kenek hoyala
    dunnama adarayay yalukamay 2ma amataka karanna sathiyakwath giye na.
    mata ithin waraddak kiyannath ba. inna kiwwa. eth giya. man hita hada
    gaththa.
    sindu walata godakma asa kenek nisa eyath me thread eka kawada hari
    kiyaway aniwaryenma . sindu walin lankawenma pita pita 1 gahuwath sindu
    walin jiwitheta artha rasayak aran na
    dulanjalee i dnt hate u. i dnt lv u either. but i still miss your friendship
     
    • Like
    Reactions: TonyMontana83

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,760
    859
    113
    ස්වර්ණවිමානේ
    මචෝ දැන් වෙන ගීතයක අර්ථය පසදමින් ඉන්නේ... උබලට නොදෙන දෙයක් නෑ.... හෙට දිහාට දෙන්න උපරිම උත්සාහ කරනව අපේ කිඹුල සහෝදරය සමග එකතුවෙලා....
    අද දවසම කොම්පුටර් එක ළඟ නේද