රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇදිරිය දෑස වසනවා
බාර් එකක බිබී ඉන්න කෙනෙක් දකිනවා කවුද එයාගේ පැත්තට එනවා. ඒත් වෙරි මත හින්දා අඳුන ගන්න බැහැ. ඒ කියන්නේ බොහෝ දුරට නොදන්න කෙනෙක්...
හද පොදි බැදි දුක දියකර පා කර
ඔබේ ලොවට මා..මොහොතින් එනවා...
අනෙක් පුද්ගලයා, හිතන්නේ එයාගෙ හිතේ තියෙන දුක නැති කරගෙන බාර් එකේ සතුටින් වගේ ඉන්න අය එක්ක එකතු වෙනවා කියලා. මෙයා ඒ වෙනකොටත් බාර් එකේ හිටිය පළවෙනියට වඩා තරුණ කෙනෙක්... ඇත්තටම හිරිමල් යෞවනයෙක්...
සොදුරු යොවුන්විය මල් මඟ මුල හිද
කිම තොල මීවිත පොඟවන්නේ...
පලවෙනියා දෙවනියාගේ අහනවා මෙච්චර තරුණ ඔබත් ඇයි මේ වගේ තැනක ඇවිත් මේ විදිහට බොන්නේ කියලා...
නුරා විරහ ගිනි නිවා දමන්නයි
සුරා වෙතින් මා දෙතොල තෙමන්නේ
දෙවනියා කියනවා එයාගේ හිතේ තියෙන විරහා දුක නැති කරගන්නයි මෙහෙම බොන්නේ කියලා...
නැගුනු නුරා ගිනි මිනි පොද වැටිලා
හතර අතින් දළුලා එනවා...
ඒත් දෙවනියාට තේරෙනවා බීලා ටික ටික වැදී ගෙන එනකොට හිතේ තිබිච්ච දුක තව තවත් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ කියලා...
අවන්හලේ මීවිත තනිකරලා
වරෙන් මලේ පියවර නගලා..
එතකොට දෙවනියා කියනවා බීම නවත්තලා වරෙන් යන්න කියලා...
මේකෙන් කියන්නේ ජීවිතය කියන්නෙ ප්රශ්ණ පත්තරයක්. විරහව වගේ දේවල් එක ප්රශ්ණයක් විතරයි. ඉතින් ඒ වගේ දෙයකට බීලා උත්තර හොයන්න යන්න හොඳ නැහැ. මොකද බොනවා නම් බොන්න ඊට වඩා ලොකු ප්රශ්ණ ජීවිතය ඉස්සරහට ගලාගෙන යද්දී අපට එනවා කියලා...