සුන්දර ගීයක ඇරබුම,..

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සොඳුරු අතීතයෙ නිමල පෑතුම වී
    මගෙ හද තුල ඔබ ඉන්න ඈතී
    ඒ හින්දා යළි සෙනෙහෙ සිතින් අපි
    ආදරයෙන් හමුවෙන්න ඈතී . . .

    කඳුළු සුසුම් මෑද සතුටු සිනා මෑද
    භවය පුරා ලඟ ඉන්න ඈතී
    එදත් මගේ සිත අද මෙන් කෑපවී
    ඔබේ නමට පුද දෙන්න ඈතී . . .

    නොසෑලී නොතෑවී බාධක හමුවේ
    ආ හින්දා ජයගන්න ඈතී
    ආත්ම ගණනේ පුරුදු ලෙසින් අපි
    මේ අයුරින් හමුවෙන්න ඈතී . . .


    ඒ 1998 ...වර්ෂයේ දවසක්,....විදු මවු සෙවනේ විද්‍යා අංශයේ එක් පන්තියක කොලුවෙක්, තම පන්තියේම කෙල්ලකට කොළකෑල්ලක ලියල දීපු සින්දුවක්...:)
    අද ඒ කෙල්ල, මගේ පුතාගේ අම්මගේ භූමිකාව රඟපානව...
    මේ සින්දුව, මගේ ප්‍රේම කතාව...වසර දාහතරක් පුරා දිවෙන...
    අදටත් ආදරෙයි සින්දුවට :love::love:

    :baffled::baffled:;):P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ගුණදාස කපුගේ කියපු සින්දු, දැන් කාලේ තියෙන ජරාවට වඩා කොච්චර ලස්සනද....?? කොච්චර අර්ථවත්ද.....?? :)
     

    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    රුවක් ඇදෙනවා..කව්දෝ එනවා...
    මීවිත ඇදිරිය දෑස වසනවා..
    හද පොදි බැදි දුක දිය කර පා කර
    ඔබේ ලොවට මා මොහොතින් එනවා...

    මේ ගීතයෙන් කියවෙන්නේ සමලිංගිකත්වය ගැන කියලා ඔබ දන්නවාද?

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එකම අත්දැකීමක්...ගීත දෙකක්......!!!

    මේ ගීත දෙකම ලියැවෙන්න හේතුව එකම අත්දැකීමක්.......

    මේ ගීතයන් ගායනා කරන අමරසිරිපීරිස් මහත්මාණන් ගේ යහළුවෙක්, එතුමා ගේම වයසේ පසුවන වගේ, කියා තිබෙනවා ඔහුට තම පාසලේ නැටුම් කණ්ඩායමේ සාමාජිකාවක් වන යෞවන සිසුවියක් වෙත ඔහු ගේ හදවතේ තිබූ ප්‍රේමය. නමුත් මැදි වයසත් මහළු වයසත් අතර සිටින අමරසිරි ගේ මිත්‍රයා මේ ගැන ඇයට කියන්නට හෝ බලපෑම් කරන්නට ගොස් නැහැ. ඔහු එය සිතෙහිම රහසේ සගවා ගෙන සිට ඇත්තේ සාධු සම්මතයෙන් එවැන පෙම් බැදීමක් බැහැරවන නිසාමයි. නමුත් ඔහු අමරසිරි ට කියා ඇත්තේ "අමරේ, ඒ ළමයා මගේ ගෙදර ඉන්නව නම් පුදුම ආලෝකයක් ගෙදර තියෙයි කියල මට හිතෙනවා" යනුවෙනි.
    අමරසිරි මේ අත්දැකීම ගීත රචකයන් දෙදෙනෙක් හා පැවසුවා. එක් අයෙක් ධම්මික බණ්ඩාර. ඔහු මේ කථාවේ හරය පමණක් ගෙන පබැදූ ගීයයි "මගේ පුංචි රෝස මලේ-මමයි නුඹේ වියපත් බඹරා" මෙය මැදි වයසේ පසුවන බොහෝ පිරිමින් ගේ පොදු අත්දැකීමක් බැවින් අතිශය ජනප්‍රිය වූවා.......




    අත්දැකීම ගැන අමරසිරි කිවූ දෙවැන්නා කැළුම් ශ්‍රීමාල්. ඔහු මේ මුළු කතාවම තම ගීතයට ග්‍රහණය කර ගත්තා.
    "සුහදිනියේ සගවන්-ඍජු බැල්මේ ඇරයුම්"


    ඇත්තට ම එතරම් ජනප්‍රිය නොවුනත්, සුභාවිත ගීතයක ලක්ෂන අතින් නම් මේ ගීතය පවතින්නේ පළමුවැන්නට වඩා ගව් ගානක් ඉදිරියෙන්. බලන්න මේ සිංහල භාෂාවේ මාධුර්යය නොවේද?

    සුහදිනියේ සගවන් - ඍජු බැල්මේ ඇරයුම්
    දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා.....
    සද වනියේ නුඹ නම්-සැනකෙළියයි මගෙ නම්
    කවියන් ගේ දෑසේ රස සීමා පණිනා........
    සිහිනෙක් රෑ අවුදින් - සුවදක් සේ ළග හුන්
    සංවරියේ රන් තිත කෝ මා පානනා........
    සුහදිනියේ සගවන් - ඍජු බැල්මේ ඇරයුම්
    දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා.....

    වාත්තු කර ඇති දේහ තලාවට හේත්තු වෙන්න ද හෙවනැල්ලෙන්
    කාන්ති ඉහිරෙන නයන ඉනාවට සාන්තුවර සිත හීදැල්ලෙන්
    හොර රහසේ හොර හිත පතනා ඒ පැතුමේ
    දග මෙනෙවිය ඔබ මා වල්මත් කළ අරුමැසියයි මෙලොවේ........

    සුහදිනියේ සගවන් - ඍජු බැල්මේ ඇරයුම්
    දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා.....

    වීණා බද වට කැරකෙන වරලස අණ දෙන හෘද ස්ඵන්දනයෙන්
    සුසුමේ රිද්මයට ම රග දෙයි ඔබ මගේ පෘථග්ජන සිතුවිල්ලෙන්
    හොර රහසේ හොර හිත පතනා ඒ පැතුමේ
    රතු නළගන මගේ හිත අවතැන් කළ එකම ළදයි මෙලොවේ.......

    සුහදිනියේ සගවන් - ඍජු බැල්මේ ඇරයුම්
    දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා.....
    සිහිනෙක් රෑ අවුදින් - සුවදක් සේ ළග හුන්
    සංවරියේ රන් තිත කෝ මා පානනා........
    සුහදිනියේ සගවන් - ඍජු බැල්මේ ඇරයුම්
    දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා.....


    කැළුම් මේ ගිතයට මේ මුළු කතාන්දරයම ඇතුලත් කරගන්නේ නාටිකාංගනාවක මේ ගීතය තුළට ගෙන ඒමෙන්. ඇය මේ පුද්ගලයා ගේ මුළු සිහිනයම අත්කරගෙන සිටින ආකාරය සැනකෙළියයි මගෙනම්, සිහිනෙන් රෑ අවුදින්-සුවදක් සේ ළග හුන් වැනි පද තුලින් අතිහය රමණිය සහ භාවාත්මක ලෙසට ගෙන එනවා..........එපමණක් නොවේ, ඇය පිළිබද ව ඇති රාග නිශ්‍රිත හැගීම් ද අතිශය චමත්කාර ජනක ලෙස කැළුම් දක්වන්නේ වීණා බද වට කැරකෙන වරලස වැනි අතිශය රමණිය සහ භාවාතිශය යෙදුමක් මගිනුයි.
    කවදාවත් ගීතයක හමු නොවූ මේ යෙදුම් දෙස බලන්න........

    "වාත්තු කර ඇති දේහ තලාවට හේත්තු වෙන්න ද හෙවනැල්ලෙන්
    කාන්ති ඉහිරෙන නයන ඉනාවට සාන්තුවර සිත හීදැල්ලෙන්"
    "වීණා බද වට කැරකෙන වරලස"
    "මගේ හිත අවතැන් කළ"
    "සැනකෙළියයි මගෙ නම්"

    ඇත්තෙන් ම මෙවන් රචනාවක් කැළුම් වැනි ජනප්‍රිය ගීත කලාවේ රචකයෙකු අතින් බිහිවීම විශ්මය දනවන ක්‍රියාවකි...........!!! මොන තරම් මනරම් ද මේ භාෂා මෙහෙයවීම......අපේ මනස තුළ මේ නළගන ගේ චිත්තරූප මැවෙන ලෙස මේ ගායනය ද, පද රචනය ද, ඒයට ම ගැලපෙන "ලැටිනෝ" තාලානු රූප සංගීත් වික්‍රමසිංහයන් ගේ සංගීතයද වෙත අප ගේ ප්‍රසාද පූර්වක ආචාරය පිරිනැමිය යුතුය.........
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    රුවක් ඇදෙනවා..කව්දෝ එනවා...
    මීවිත ඇදිරිය දෑස වසනවා..
    හද පොදි බැදි දුක දිය කර පා කර
    ඔබේ ලොවට මා මොහොතින් එනවා...

    මේ ගීතයෙන් කියවෙන්නේ සමලිංගිකත්වය ගැන කියලා ඔබ දන්නවාද?


    palayan do boru nokiya. oken kiyanne kollo dennek dukata bona seen ekak gana.

    රුවක් ඇදෙනවා කවුදෝ එනවා
    මීවිත ඇදිරිය දෑස වසනවා


    බාර් එකක බිබී ඉන්න කෙනෙක් දකිනවා කවුද එයාගේ පැත්තට එනවා. ඒත් වෙරි මත හින්දා අඳුන ගන්න බැහැ. ඒ කියන්නේ බොහෝ දුරට නොදන්න කෙනෙක්...

    හද පොදි බැදි දුක දියකර පා කර
    ඔබේ ලොවට මා..මොහොතින් එනවා...


    අනෙක් පුද්ගලයා, හිතන්නේ එයාගෙ හිතේ තියෙන දුක නැති කරගෙන බාර් එකේ සතුටින් වගේ ඉන්න අය එක්ක එකතු වෙනවා කියලා. මෙයා ඒ වෙනකොටත් බාර් එකේ හිටිය පළවෙනියට වඩා තරුණ කෙනෙක්... ඇත්තටම හිරිමල් යෞවනයෙක්...

    සොදුරු යොවුන්විය මල් මඟ මුල හිද
    කිම තොල මීවිත පොඟවන්නේ...


    පලවෙනියා දෙවනියාගේ අහනවා මෙච්චර තරුණ ඔබත් ඇයි මේ වගේ තැනක ඇවිත් මේ විදිහට බොන්නේ කියලා...

    නුරා විරහ ගිනි නිවා දමන්නයි
    සුරා වෙතින් මා දෙතොල තෙමන්නේ


    දෙවනියා කියනවා එයාගේ හිතේ තියෙන විරහා දුක නැති කරගන්නයි මෙහෙම බොන්නේ කියලා...

    නැගුනු නුරා ගිනි මිනි පොද වැටිලා
    හතර අතින් දළුලා එනවා...


    ඒත් දෙවනියාට තේරෙනවා බීලා ටික ටික වැදී ගෙන එනකොට හිතේ තිබිච්ච දුක තව තවත් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ කියලා...

    අවන්හලේ මීවිත තනිකරලා
    වරෙන් මලේ පියවර නගලා..


    එතකොට දෙවනියා කියනවා බීම නවත්තලා වරෙන් යන්න කියලා...

    මේකෙන් කියන්නේ ජීවිතය කියන්නෙ ප්‍රශ්ණ පත්තරයක්. විරහව වගේ දේවල් එක ප්‍රශ්ණයක් විතරයි. ඉතින් ඒ වගේ දෙයකට බීලා උත්තර හොයන්න යන්න හොඳ නැහැ. මොකද බොනවා නම් බොන්න ඊට වඩා ලොකු ප්‍රශ්ණ ජීවිතය ඉස්සරහට ගලාගෙන යද්දී අපට එනවා කියලා...
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    සදකඩ පහනක කැටයම් කියන සින්දු තේරුම මොක්කක්ද බන්

    සඳකඩ පහනක කැටයම් ඔපලා පාවෙන දේදුනු ලැගුම් ගනී
    කැලතුනු රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක ලියවෙයි
    යුගයෙන් යුගයට නොමියෙන දහනක ගීයක පදනම මතුවෙද්දී
    නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා සියුමැලි කැකුලක් මැලවෙද්දී
    සියුමැලි කැකුලක් මැලවෙද්දී

    දහසක් පෙති මත රහසක් කොඳුරා තුඩින් තුඩක ගෙනයන බිංදු
    ගව්වක් ඉහලට ගොනුකොට රඳවා පොපියන දෙතොලක් එහි කැන්දු
    අහස ගුගුරා කළුවක් වපුරා එ් හා මුහුවුනු වැහි බිංදු
    ඈ ගෙන යද්දී නටබුන් අතරේ තවකෙක් ඈ වෙත හද රැන්දූ
    තවකෙක් ඈ වෙත හද රැන්දූ

    හදවිල ඉපැදුනු කැකුළක් නොතලති නටුවෙන් ගලවා දුරක යවා
    මිහිලිය තෙත්කොට ගිලිහුන කඳුලක් සත්සමුදුරට මුහුව ගියා
    ඔබට උරුම වු රිදුනු තැවුනු හද එක්ටැම් මැදුරක කඳුලු අරා
    රුවන් විමානේ පියාඹා එනතුරු පොපියන හදවත සිටියි බලා
     
    Last edited:
    ෙම් ෙත්‍රඩ් ඒක අාරම්භ කල මිතුරාෙග් සිට ෙමහි ෙපා්ස්ට් දාපු සියළු ෙදනාට ෙගාඩක් ස්තුතියි. ෙනාදන්න ෙගාඩක් ෙද්වල් ඉෙගන ගත්තා.

    ගීතය පිළිබද ෙසායන අයට වටින වැඩසටහනක් *ගීසර* ජාතික රූපවාහිනිෙය ෙසනසුරාදා උෙද් 10 ට යනව. ඒ්කත් බලන්න.

    කරුණාකරල ම ෙග යකා අවුස්සෙන නැතුව ෙම් ෙත්‍රඩ් ඒක දිගටම කර ෙගන යන්න:P:lol:

    ම ෙගන් සුභ පැතුම්
    !



    201107300317183660.jpg
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    sasliit මචන් උඹ ගැන කියන්න දේවල් නෑ..දිගටම දාපන් දන්න සේරම ඔබට ජය....
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    රීදී පාට කළ පාතුඩු පයට පෑගිලා
    නපුරු වී ඔයා මා සලලෙකුට සම කළා
    සුමුදු මුදු දෙපා තුඩු වල පහස නොදැනෙනා
    යකඩ පය මගේ නුඹ ළඟ හඬා වැළපෙනා

    මචෝ...... මේ song 1 තියෙන කෙනෙක් මට PM 1k දාපන්කෝ.........!!!!!!!!!!!

    Plez .........!!!!!!!!

    http://tinyurl.com/6rdfzqb
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    සදකඩ පහනක කැටයම් කියන සින්දු තේරුම මොක්කක්ද බන්

    සඳකඩ පහනක කැටයම් ඔපලා පාවෙන දේදුනු ලැගුම් ගනී
    කැලතුනු රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක ලියවෙයි
    යුගයෙන් යුගයට නොමියෙන දහනක ගීයක පදනම මතුවෙද්දී
    නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා සියුමැලි කැකුලක් මැලවෙද්දී
    සියුමැලි කැකුලක් මැලවෙද්දී

    දහසක් පෙති මත රහසක් කොඳුරා තුඩින් තුඩක ගෙනයන බිංදු
    ගව්වක් ඉහලට ගොනුකොට රඳවා පොපියන දෙතොලක් එහි කැන්දු
    අහස ගුගුරා කළුවක් වපුරා එ් හා මුහුවුනු වැහි බිංදු
    ඈ ගෙන යද්දී නටබුන් අතරේ තවකෙක් ඈ වෙත හද රැන්දූ
    තවකෙක් ඈ වෙත හද රැන්දූ

    හදවිල ඉපැදුනු කැකුළක් නොතලති නටුවෙන් ගලවා දුරක යවා
    මිහිලිය තෙත්කොට ගිලිහුන කඳුලක් සත්සමුදුරට මුහුව ගියා
    ඔබට උරුම වු රිදුනු තැවුනු හද එක්ටැම් මැදුරක කඳුලු අරා
    රුවන් විමානේ පියාඹා එනතුරු පොපියන හදවත සිටියි බලා

    ඕකෙ තේරුම වෙන නුලක දාල තිබ්බද කොහෙද
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    සොඳුරු අතීතයෙ නිමල පෑතුම වී
    මගෙ හද තුල ඔබ ඉන්න ඈතී
    ඒ හින්දා යළි සෙනෙහෙ සිතින් අපි
    ආදරයෙන් හමුවෙන්න ඈතී . . .

    කඳුළු සුසුම් මෑද සතුටු සිනා මෑද
    භවය පුරා ලඟ ඉන්න ඈතී
    එදත් මගේ සිත අද මෙන් කෑපවී
    ඔබේ නමට පුද දෙන්න ඈතී . . .

    නොසෑලී නොතෑවී බාධක හමුවේ
    ආ හින්දා ජයගන්න ඈතී
    ආත්ම ගණනේ පුරුදු ලෙසින් අපි
    මේ අයුරින් හමුවෙන්න ඈතී . . .


    ඒ 1998 ...වර්ෂයේ දවසක්,....විදු මවු සෙවනේ විද්‍යා අංශයේ එක් පන්තියක කොලුවෙක්, තම පන්තියේම කෙල්ලකට කොළකෑල්ලක ලියල දීපු සින්දුවක්...:)
    අද ඒ කෙල්ල, මගේ පුතාගේ අම්මගේ භූමිකාව රඟපානව...
    මේ සින්දුව, මගේ ප්‍රේම කතාව...වසර දාහතරක් පුරා දිවෙන...
    අදටත් ආදරෙයි සින්දුවට :love::love:

    මචන් සිරාවටම මේක ඔයාද ලිව්වේ...මාර ලස්සනන සිංදුව මචන්..:D:D
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    ගායනය: [ටී.එම්. ජයරත්න]
    පද රචනය: නොදනී

    :shocked::shocked::shocked:

    එකනේ බන් මු මේක ලිව්වා නම් මුව තියන්න වටින්නේ නෑ.:P:P හැබැයි නෙට් එකේ තිබ්බේ නම් මාලිනී ජයරත්න කියල කෙනෙක් ලියපු කතාවක්..
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන් සිරාවටම මේක ඔයාද ලිව්වේ...මාර ලස්සනන සිංදුව මචන්..:D:D
    නැතෝ.........කිංදේවි නෙවෙයි ලියල තියෙන්නේ........
    මේක ලියල තියෙන්නේ ටී.එම්. ගේ දයාබර බිරිද මාලිනී ජයරත්න මහත්මිය.........
    "ලියල දුන්න නිසා ගායනා කලා...අපිත් ගෙවල් වල ඉන්න එපැයැ මල්ලිලා...." කියල තමා ටී.එම්. අපි කැම්පස් යන කාලේ කරපු සංගීත ප්‍රසංගයකට ඇවිත් අපට සිනහ උපදවමින් කිව්වේ......!!!!
     
    • Love
    Reactions: TonyMontana83

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    දවසක් පැල නැති හේනේ
    අකාල මහ වැහි වැටුනා
    තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ
    පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ

    නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුනදා
    බිරිදකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ
    ඔබෙ සෙනෙහස සුවද දිදී දැනුනා මට අම්මේ

    කොළඹ අහස කලු කරගෙන මුහුදු හුලග හඩලනකොට
    ඔටුන්න බිමදා දුවගෙන එන්නද එක පිම්මේ
    මං එනතුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ

    පද රචනය - රන්බංඩා සෙනෙවිරත්න
    සංගීතය - විශාරද ගුණදාස කපුගේ
    ගායනය - විශාරද ගුණදාස කපුගේ


    සියුම් ස්වරයෙන් පටන්ගෙන විලාපයකින් අවසන් වන මේ ගීතයේ එසේ විලාප ගැසීමට හේතුවක් තියෙනව.. හේතුව තමා දැන් හැමදේම තේරුනත් කරන්න දෙයක් නෑ . මොකද සියළුම සිදුවීම් වෙලා ඉවරයි. සිහිවෙනවිට දැනෙන වේදනාව පමණයි ඉතිරිව තියෙන්නෙ.


    "දවසක් පැල නැති හේනේ
    අකාල මහ වැහි වැටුනා"

    පැලක් නැති හේනක් කියන්නෙ ඒ හේනට කිසිම ආරක්ෂාවක් නෑ. (ඇත්තටම රන්බංඩා සෙනෙවිරත්නගෙ මව මේ හේන්වල තියෙන ගස්වල ඉතිරිවෙලා තියෙන එළවලු කඩල කන්න දීල තියෙනවලු ) පියා නැති පුවලකටත් ඒ වගේ තමා. වැහි අනවශ්යය කාලෙට වැහි වැටෙනව වගේ කිසිම හේතුවක් නැතිව අම්මට එතකොට නින්දා අවමාන, අගහිගකම් එන්න පටන්ගත්ත.

    "තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ"
    එහෙත් මව ඒ සියලු දුක් කරදර තමා විද ගනිමින් තම දරුවාට ඒ බාධක දැනෙන්න දුන්නෙ නෑ.

    "පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ"​

    මෙහි "හිටි පියවර හිටියා" යන්නෙන් අර්ථවත් කරන්නෙ ලමය හරිතැනකට ඇවිත් ජීවිතේ දිහා බලනකොට ලමය හිතනව මම මේ තැනට එනකල් අම්ම "දෙවන වර විවාහයක්" නොවී නොකර ජීවිතයේ එකම අරමුණ සේ මාව සලකල නේද කියල.

    ඔන්න එහෙම හිටපු පුතා ලොක්කෙක් වෙලා නගරයට එනව අම්ම එහේ දාල. පුතා උස් මහත් වෙලා අම්මා තනිකර නගරයට යාම ව්යංුගයෙන් හගවන්නෙ, මොකද නුවර ඉන්නකොටනේ ගැහැණියෙක් සෙනෙහසක් ගැන කියන්නෙ.

    " නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුනදා
    බිරිදකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ
    ඔබෙ සෙනෙහස සුවද දිදී දැනුනා මට අම්මේ
    "

    කසාද බැදල අම්මටත් වඩා ගෑනිව ලොකු කරගෙන හිටිය.... හැබැයි ගෑනි කියන්නෙ කවුද කියල තේරුම් ගන්න , ගෑනිගෙ ආදරේ අම්මගෙ ආදරේට වඩා අඩුයි කියන්න ගොඩක් කාලයක් ගියා.... හරියට යෝධ ඇලේ බැම්ම වගේ... මොකද සැතපුමක් ගියාම තමා තේරෙන්නෙ අගලක බැස්මක් මේකෙ තියෙනව කියලා......යෝද ඇල වතුර ගලනව කියල පේන්නෙ නෑ. සැතපුමක් ගියාම තමා තේරෙන්නෙ ගලනව කියල. බිරිදත් එහෙමයි වෙනස් වෙනව තේරෙන්නෑ. කාලය ගෙවිල ගියාමයි තේරෙන්නෙ බිරදත් මවත් අතර වෙනස සහ ප්රිශ්ණ වලදි අගහිගකම් වලිද බිරිද තමාව තනිකරල වෙනතක ගිහින් තියෙන හැටි.

    කොහොම හරි දැන් බිරිද මෙහෙම වෙනස් උනාම තමන්ට අර පරණ සෙනෙහස මතක් උනා. අම්මව සිහි උනා. කසාදයක කරගන්නැතිව, තමා ලොකු වෙනකල් දුකක් නොදී බලාගත් අම්මලගට ... ඒ සෙනෙහස ආරක්ෂාව සොයාගෙන යන්න ඕන.. යන්න හිතෙනව...
    මං එනතුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ​
    ඒත් නගරයේ ඉදල එන මාව බලන්න අම්ම ඉදිකඩ ලග වෙනද වගේ ඉන්නෙ නෑනේ.. මොකද අම්ම මේ ලෝකෙ අතහැරල ගිහින්... ඒකයි ලොකු අදෝනාවකින් අවසන් කරන්නෙ...


    හදිස්සියට ටයිප්කලේ... අකුරු වැරදිනම් සමාවෙන්න... කමෙන්ට් එකක් දීලම යන්න මචන්ල..


    මම ආසම සින්දුවක් :yes::yes::yes::yes: Rep+ :D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රුවක් ඇදෙනවා..කව්දෝ එනවා...
    මීවිත ඇදිරිය දෑස වසනවා..
    හද පොදි බැදි දුක දිය කර පා කර
    ඔබේ ලොවට මා මොහොතින් එනවා...

    මේ ගීතයෙන් කියවෙන්නේ සමලිංගිකත්වය ගැන කියලා ඔබ දන්නවාද?
    palayan do boru nokiya. oken kiyanne kollo dennek dukata bona seen ekak gana.
    මචං ලා මේක තමා නියම නිර්මාණයක ලක්ෂණය. තම තම අත්දැකීම් පමණින් විග්‍රහ කර ගත හැකියි. එක එක පුද්ගලයා ලබල තියන අත්දැකීම් අනුව ලබන සංවේදනය සහ රසය වෙනස් වෙනවා.