ඔබ භාෂා විශාරදයෙක් උනත් ඔබට පුළුවනිද කුරුල්ලෙකුගෙ ගීතයේ තේරුම කියල දේනන....? ඔබ කොයිතරම් හොද අසන්නෙක් උනත් ඔබට පුළුවන්ද ඈත කදු මුදුනක් පහු කරල එන සුලගෙ රහස අහ ගන්න.....? මේ වගේ කොයිතරම් දේවල් තියෙනවද පුංචි උනත් කවදාවත්ම හිතාගන්න බැරි....? කොයිතරම් ගීත ඇහුවත් අපි හැබෑවටම ඒ ගීත අහල තියෙනවද.....? විනාඩි තුනක් හතක් ධාවනය උනාට සමහර ගීතවල තියෙනව සියවස් ගානක් හිතන්න දේවල්....... අපි මෙහෙම හිතමුකෝ...... ඔබ මාව අදුනන්නෙ නෑ..... ඒත් මම උමතුවුන ගීතයකටම ඔබත් වසග වෙලා...... ඒත් අපි දැකලවත් නෑ...... ඉතින් අපි අපි අදුනන්නෙ නැති උනත්, අනුන් ලියපු, අනුන් හදපු, අනුන් කියපු ගීතයකින් අපි අපි සදාකාලික මිත්ර.යො වෙන්න පුළුවන්..... මම හොද උදාහරණයක් ඔබට කියන්නම්....
“1983 වසරෙ ධර්මසිරි ගමගේ අපේ ප්‍රවීණ කළාකරුව මට කියනව කොග්ගල පහන්වැට උළෙල සංවිධානය කරන්න මට උදව් කරන්න කියල. ගමගේ මහත්තය මට කියනව උත්සවය සංවිධානය කරන්න තියෙන්නෙ මාටින් වික්‍රසිංහයන්ගෙ මහගෙදරවූ කොග්ගල. මට ඔහු කියනව එහෙට ගිහින් එන්න කියල. ගමගේ මහත්තය ආපහු මට කියනව බන්ධු තනියම යන්න එපා. ගාල්ලෙ ටවුමෙ ඉන්නව ගාමිණී සමරරත්න කියල කෙනෙක්. එයාගෙ වෑන්එකේ එයත් එක්ක යන්න කියල. මම ඉන්නෙ ගාල්ලෙ කොටුවෙ බැංකුවෙ ගාමිණි ඉන්නෙ ගාල්ලෙ ටවුමෙ එයාටම අයිති තීන්ත සාප්පුවෙ. අපි දෙන්න එක්ක යනව ගාමිණීට අයිති 28 ශ්‍රී හයිඒස් වෑන් එකේ කොග්ගල. ගාල්ලෙ හිටියට අපි හදුනන්නෙ නෑ.... ඉස්කෝලත් දෙකක.... හැම අතින්ම අපි දෙන්න දෙන්නෙක්. අපි එකිනෙකා අදුනගන්නෙ ගාල්ලෙ ටවුමෙදි නෙමෙයි. මාගාල්ලෙ බුදුපිළිමෙ පහුවෙද්දි ගාමිණී දානව කැසට් එකක්. දෙයියනෙ මම කැමතිම සින්දු ඒකෙ තියෙන්නෙ.
“වික්ටර් රත්නායකට ආසයිද....?” ගාමිණි මගෙන් අහනව
“නැතුව.... මට ඕන සින්දුවක් පාඩම්.... මම සා ප්‍රසංගය 28 පාරක් බලල තියෙනව....” මම කියන්නෙ ආඩම්බරයෙන්
“එච්චර නැතිඋනත් මමත් සෑහෙන් සා බලනව” ගාමිණී කියනව
අපි මාගාල්ලෙ ඉදන් ගීත ගැන කතා කර කර යනව දිගට හරහට. කොග්ගල රේල් පාරෙ අනාරක්ෂිත හරස් මාර්ගය ලගදි තමයි අපේ කතාව නතර වෙන්නෙ. මොකද ගීතයක් හින්ද මොන පරිත්‍යාග කලත් මැරෙන්න බෑනේ.. රේල් පාර පැන්න විතරයි ආයෙත් සින්දු. එකම ගමක, නගරයක, ඉසව්වක හිටියට අපි දෙන්න හදුනගෙන හිටියෙ නෑ.... අදුන ගත්තත් අවුරුදු 30කට කිටුටුවෙන්න ඇසුරක් ඇති උනේ අපි වරුගනන් ගීත වින්ද හින්ද....”
........බන්ධුල නානායක්කාර වසම්........
ගීත කියන්නෙ මහ පුදුම ජාතියක් මට හිතෙනව. සමහර ගීත අහනකොට මොනතරම් සුන්දර දෙයක් ලියවිල තිබුනත් ඇස්වලට කදුලු එනව..... ඇල්ඩියස් හෂ්ලි කියන මහා දාර්ෂණිකය නම් කියන්නෙ, ඒ ගලන්නෙ Tears of tenderness නැත්නම් මුදු මොලොක්භාවයේ කදුලුයි කියල..... සමහර ගීත අහද්දි රෝම කූප අංශක 90 ට හිටිනව. මේ මේ කියල අපි අනිත් අයට පෙන්නනව. මේක මහ විකෘත්තියක්ද කියලත් මට වෙලාවකට හිතෙනව. එහෙමනම් ඉතින් නඋෂාර්ඩ්ගෙ ඉදල රහුමාන්ගෙ වෙනකල්ම විකෘති වෙන්න ඕන. මේක ප්‍රකෘතියක් මට ආපහු හිතෙනව. හොද ගීතයක් ඇහුවම ඇඩෙන්න ඕන, හැගීම් සසල වෙන්න ඕන... අන්න ඒදේයි අද අපට අහිමි වීගෙන යන්නෙ .........
ඒ ඇසෙන්නේ මොහිදින් බෙග් ගේ හඬයි. නාරිලතා මල පිළිබඳ ව අපූරු පුවතක් ජාතක පොතේ හමුවෙයි. එක්තරා තාපසයකු වනාන්තරයක භාවනා කරමින් සිටියේ ය. දිනක් ඔහුගේ ඇස ගැටෙන්නේ තම ආරණ්‍ය ඉදිරියේ පිපී ඇති අපූරු පුෂ්පයකි. ඒ පුෂ්පයේ විශේෂත්වය වන්නේ එහි ස්ත්‍රියකගේ හැඩරුව ඇඳී තිබීමයි.
මිනිස් ඇසුරෙන් බැහැර ව අපිස් ජීවිතයක් ගතකරමින් සිටි මේ තාපසයා ගේ මනසෙ හි එක්වර ම රාගය පිබිදෙයි. මේ පුෂ්පය නාරිලතා මල ලෙස හඳුන්වන්නේ ගැහැනියක ගේ රූපකාය මේ මලෙන් දැකිය හැකි බැවිනි. නමුත් ඒ මල සුපිපුණේ හිමාල වනාන්තරයේ ය. මේ මල පූදින්නේ යටලීයෙනි. එසේ ම මේ ගීයෙන් අපට මුණගැසෙන්නේ තාපසයකු ද නොවේ.
සමාජ ආර්ථික ගැටලු ගීතය සමඟ සම්මිශ්‍රණය කරගැනීමට ලූෂන් බුලත්සිංහලයෝ සමත්කම් දක්වති. ‘පිපුණු මලේ රුව‘ නමැති නිර්මාණය මේ සඳහා කදිම නිදර්ශනයකි. මේ නිර්මාණයෙන් ද මුණගැසෙන්නේ දරිද්‍රතාවයෙන් බැටකමින් තම යෞවනය තුළ පරාජිතභාවය උරුම කරගන්නා වූ පුද්ගලයෙකි.
ආර්ථික දරිද්‍රතාව ඉදිරියේ ඔහුගේ ජීවිතය ලිහාගන්නට නොහැකි අවුල් ජාලාවක පැටලෙයි. මේ නිසාම ආලය සෙනෙහස ඔහුගේ ජීවිතයෙන් ක්‍රමයෙන් ඈත්වෙයි. මේ සියල්ල සංකේතාත්මක ව රූපකාර්ථ නඟමින් ඉදිරිපත් කිරීමට බුලත්සිංහලයෝ සමත් වෙති.
”සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙළන රෑ
මකුළු දැලෙන් සිරි සිරියේ වියන් බඳින රෑ
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ...
ඔහුට නිදන්නට ඇත්තේ ලණු ඉහිරුණු සිරි යහනකි. සිරියහනට පවා ඔහු ගැන දුක සිතී සුසුම් හෙළයි. ඔහුගේ කුටිය පුරා මකුළුවෝ දැල් වියති. ඔහු පැටලී ඇති අවුල් ජාලාව ඒ මඟින් ප්‍රකාශිත වේ. සැබෑ ලෙස ම රචකයා අප ඉදිරියේ මවන සංකල්ප රූපය තුළ ජනනය වන්නේ ලනු ඇඳක නිදිවර්ජිත ව රාත්‍රිය ගත කරන්නා වූ යොවුන් වියෙන් මැදිවයසට ප්‍රවේශවෙමින් සිටින බලාපොරොත්තු කඩකරගත් පුද්ගලයෙකි.
එසේ නම් වහලය දෙස බලාගෙන සුසුම් හෙළන මොහු දකින නාරිලතා මල් මොනවාද? ඒ අනෙකක් නොව ජීවිතය වරින් වර ඔහුට මුණගැසුණු සුන්දර තරුණියෝ ඇර කවුරුන්ද? එහෙත් එදා තාපසයාට මෙන් ඒ නාරිලතා මල් සිහිවීමෙන් ඔහුට උපදින්නේ රාගයක් නොව ශෝකයකි. මන්ද ඔහුට ජීවිතයේ වරින් වර මුණගැසුණු තරුණියන් ඔහුට අහිමිවන්නේ ඔහු වෙලාගෙන ඇති දරිද්‍රතාව නිසා බැවිනි.
මේ ගීතය විචාරයට හසු කළ මගේ මිත්‍ර සිංහල ගුරුතුමකු සිසුන් ඉදිරියේ පවසා තිබුණේ තරුණියන් සිහිකරමින් ස්වයං වින්දනයක යෙදෙන්නකු මේ ගීතයෙන් මතුවන බවයි. එබඳු අර්ථ දැක්වීමක නිරතවීම මේ ගීතයට කරන බරපතළ හානියක් බව මගේ හැඟීමයි.
ආර්ථික දරිද්‍රතාවය ඉදිරියේ බිඳවැටුණු ආදරයක් සිහිපත් කරන්නකු රාගාධික උන්මත්තකයකු බවට පත්කිරීම නොකළ යුත්තකි. මේ මොහොතේ ඔහු සිටින්නේ තමා ගැන ම උපන් කළකිරීමකින් මිස අහිමි වූ ස්ත්‍රීන් සමඟ මානසික සම්භෝගයකින් නොවේ.
සදෙන් සඳට මුවා වෙලා
කල දවසත් ගෙවී ගිහින්
නෙතට නුහුරු කදුළු බිංදු
පැදුරට මුහුවෙලා හොරෙන්
ඔහු කිසිදාක හඬන්නට බලාපාරොත්තු වූවකු නොවේ. එහෙත් යෞවනය මෙසේ අකාලයේ ගෙවීයාම පිළිබඳ වාවාගත නොහැකි වේදනාවක් ඔහු තුළ පවතී. “සඳෙන් සඳට මුවාවී” යන යෙදුම අකාලයේ ගෙවී ගිය කාලය වෙනුවෙන් යෙදූ අපූර්වතම කාවේයීක්තියකි. කිසිදා අඬන්නට නොසිටි මිනිසකුගේ හඬා වැටීම වෙනුවෙන් නෙතට නුහුරු යන යෙදුම ප්‍රබල ප්‍රකාශනයක් බවට පත්වෙයි. සැම විට ම සමාජ ආර්ථික දේශපාන පරිසරය මිනිස් ජීවිතයට කෙතරම් බලපෑමක් කරන්නේ ද යන්න මේ ගීතයෙන් මනාව ප්‍රත්‍යක්ෂ වේ.
යහන තලා සැප විඳිනා
පල දී නැතුවා පෙර පින්
මාල වළලු නොතිත් අයට
අප අමතක වෙලා ගිහින්“
ගීත රචකයකු සාහිත්‍ය ඥානයෙන් භාෂා ඥානයෙන් කෙතරම් පිරිපුන් විය යුතු ද යන්න බුලත්සිංහලයන් ගේ නිර්මාණ අධ්‍යයනය කිරීමෙන් මනාව වටහාගත හැකිය. “මාල වළලු නොතිත් අය” නැමැති යෙදුම පැරැණි සම්භාව්‍ය සාහිත්‍ය ඔස්සේ ගලා එන්නකි. ස්ත්‍රීන් මාල වළලු වලට දක්වන අසීමිත ආසාව මේ මඟින් ප්‍රකාශිත වේ.
”දරුවන් වැදීමෙන්
අබරණ ලා සැදීමෙන්
රති කෙළි යෙදීමෙන්
වෙසෙත් අඟනුන් නොතිත් වීමෙන්
(කාව්‍යශේඛරය - තොටගමුවේ ශ්‍රී රාහුල හිමි)
ඔහු පවසන්නේ ඔහුගේ දරිද්‍රතාවයේ බරපතලකම වටහාගත් තරුණියන් ඔහු ව අමතක කර දැමූ බවයි. එහෙත් ඔහු කිසිවකුට දොස් නොපවසන අතර තමා ව වෙලාගත් ආර්ථික අගාධය පිළිබඳ ව තනිව ම පශ්චත්තාප වේ.
එඩ්වඩ් ජයකොඩි ගේ ගායන විශිෂ්ටතාව නිසාම මේ පදමාලාවට සුවිශේෂ අගයක් හිමිවෙයි. මෙහි සංගීත රිද්මය ගීතයේ රසය තීව්ර කිරීමට වඩා ගීතය ජනප්‍රිය කරවීම උදෙසා ම ගත් වෑයමක් බව මගේ හැඟීමයි.
සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙළන රෑ
මකුළු දැලෙන් සිරි සිරියේ වියන් බඳින රෑ
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ//
සඳෙන් සඳට මුවා වෙලා කල දවසත් ගෙවී ගිහින්
නෙතට නුහුරු කඳුළු බිංදු පැදුරට මුහුවෙලා හොරෙන්
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ//
සිරියහනේ ලණු ඉහිරී..
යහන තලා සැප හිඳිනා කලහී නැතුවා පෙර පිං
මාල වළලු නොතිබ් අයට අප අමතක වෙලා ගිහින්
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ//
ධම්මික බණ්ඩාර, සිළුමිණ
ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා...//
දුක්‌බරව කවියක් ලියා
එහි පද පෙළක් අඩුවෙන් තියා...//
අරුත පසදින්නට කියා
අවසානයට පෙර ඈ ගියා...
ශෝකාන්තය එන තුරා
එහි රැඳෙන්නට සිත් නැති නිසා...//
අනන්තය ළඟ මා දමා
අවසානයට පෙර ඈ ගියා...
පද පෙළ - දිලීප අබේසේකර
සංගීතය - නාලක අංජන කුමාර
ගායනය - කසුන් කල්හාර ජයවර්ධන
මේ ගීතය ගැන ලස්සන විග්‍රහයක් හා විචාරයක් අපේ කිඹූල සහෝදරය දාල තිබුන.... ඒත් ඒක දුටුවමයි මට මතක්උනේ තවත් කරුණු ටිකක්.... ඉතින් ඔන්න ඒ ටිකත් මම දානව අපේ යාළුවන්ට. මෙහි පදරචකයා සමග කරන ලද සාකච්ඡාව කොහෙන්දෝ සොයාගෙන මා වෙත එවූ මගේ හිතවත් සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සොයුරියවත් මේ වේලාවෙ ආදරයෙන් මතක් කරනව.
ඉස්සරනම් ආදර සම්බන්ධයක් පටන් ගත්තොත් දෙකක් නෑ අනිවාර්යයෙන්ම විවාහයෙන් නැතිනම් මරණයෙන් තමා අවසන් වෙන්නෙ. ඒවගේම තමයි හිතුමතේට සම්බන්ධකම් පටන්ගන්නෙත් නෑ. හොදට හොයල බලල ආශ්රයය කරල තමයි යාළුවෙන්නෙ.
ඒත් අද ආදරය.... අද ආදරයට ඉලක්‌කයක් අරමුණක් නැහැ. ගමනක් තියෙනවා. ඒත් යන්න තැනක් නැහැ......ඒ වගේ තමයි ආදරයත්......ආදරයක් තියෙනවා.......ඒත් ඊට අරමුණක් හේතුවක්, ඉමක් කොනක් නැහැ.......
දැන් මම පැහැදිලි කරන්න යන ගීතයෙත් අරුතත් අන්න ඒ වගේ. ඉතාමත් ගැඹුරින් ඉස්සර විදියට ආදරය කරන්න පටන් ගන්න ප්රේමමවන්තයෙකුට හමුවෙන ප්‍රේමවන්තිය අද කාලයේ කොත්තු රොටී ආදරය කරන තැනැත්තියක්. ඉතින් මේ සම්බන්ධයෙන් ප්‍රේමවන්තයා කරන අදෝනාව තමයි කසුන් කල්හාරගේ ගැඹුරු හඬින් ඉතා සංයමයෙන් වගේම හැඟුම්බරව ගායනාකරන්නෙ. මේ ගායනයනම් ලේසිපාසු ගායනයක් නෙමෙයි අවසානයට පෙර ඈ ගියා... කියල දෙවරක් ගැයෙනතැන් හොදට අහගෙන ඉන්න අපේ බාසාවෙන් කියනවනම් පලවෙනි වර එක නැලවිල්ලකුත් දෙවෙනි වර ඊට එහා ගිය ඉතා සංකීර්ණ නැලවිල්ලකුත් ගන්නව.... පුදුම හැකියාවක්....
ඇරඹුමම කඳුළක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා...
මෙහි ප්‍රේමවන්තයා පුදුම කතාවක් අපිට කියනවා. ඔහු කියනවා ඔහු සම්බන්ධෙ පටන් ගන්නනෙම කදුලකින්ළු.... ඇයි ඒ.... පටන් ගනිද්දීම ඒ ආදරයේ අවුලක් තියෙනවා....... ඉවරයක් දකින්නෙ නැහැ..........ප්‍රේමවන්තයා බලාපොරොත්තුවන ආදරයේ කෙළවරට කලින්ම ඈ ඔහු දමා යනවා.
ප්‍රවීණ ගීත රචකයා කරුණාරත්න අබේසේකරයන්ගේ පුතා දිලීප අබේසේකර තමා මේ ගීතය ලියල තියෙන්නෙ ඉතින් ඔහු පවසන්නෙ මෙන්න මේ වගේ අදහසක්......
මේ සිංදුවට මහා විශාල නිමිත්තක් නැහැ. වර්තමාන ප්‍රේමයේ තත්ත්වය ගැනයි කියන්නේ. අද ආදරය කරන්නේ ඉවරයක් දකින්න නොවෙයි. අද අපි අත්දකින්නේ ඉලක්‌කයක් නැති ප්‍රේමයක් විවාහයෙන් කෙළවර වන ආදරයත් නොවේ. මම මුළින්ම ලියුවේ "ආ දුරත් දුර නැති නිසා කියලා. ඒත් කසුන්ට දෙවැනිවර ගීය රෙකෝඩ් කරද්දී ආ දුරත් දුර වැඩි නිසා කියලා වැරදිලා කියෑවුණා. දැන් හිතෙනවා ඒ වැරැද්ද........හරි කියලා.......
දුක්‌බරව කවියක් ලියා
එහි පද පෙළක් අඩුවෙන් තියා...
අරුත පසදින්නට කියා
අවසානයට පෙර ඈ ගියා...
මෙතනදි හරිම පුදුම කතාවක් කියන්නෙ මේ ප්‍රේමවන්තය. අපිට පුරුදු විදියට කවියකට පද හතරයි.... නැතිනම් දෙකයි... ඒත් කවිපද තුනක් තියෙන කවියක් නම් මහ විකාරයක්. කොහොමද කියන්නෙ තාලයට.... කොහොමද තේරුමක් ගන්නෙ.... තේරුමක් නැතිව පදයක් අඩුව ලියන කවිය විකාරයක්. අන්න ඒ විකරය ප්‍රේමවන්තිය ප්‍රේමවන්තයට දීල ගිහින්..... ඉතින් පදයක් අඩුඋනාම හරියට තේරවිල්ලක් වගේ අර්ථය තියෙන්නේ අන්තිම පදයේ. ඒත් ඈ ඒ පදය ලියා නැහැ. අවසාන පදය තෝරාගන්න කියා ඇය ඔහුගෙන් ඈත්ව ගිහින්. ඔහුට මෙය ප්‍රෙහේළිකාවක් ඔන්න ඔය ආකාරයට තමයි අද පෙම්වතුන් ආදරය කරන්නේ යම්කිසි දුරකට එනවා ඒත් ඒ ඇවිත් අතරමැද නතර වෙනවා. මෙහි තවත් දෙයක් තියෙනවා හොදට අහන්න අවසානයට පෙර ඈ ගියා... කියන කොටස ගායනා කරන ස්වරූපය.... තේරුමක් ගන්න බෑ, අවසාන පදය අහගන්නත් ඇය නෑ ... මේ කාරනා නිසා අසරණවෙලා දුකෙන් කියන ස්වරූපයක් ඒ අවසන් පදය ගායනා කරන ස්වරූපයෙන් විද්‍යාමාන කරනව.
ශෝකාන්තය එන තුරා
එහි රැඳෙන්නට සිත් නැති නිසා
අනන්තය ළඟ මා දමා
අවසානයට පෙර ඈ ගියා....
ආරම්භයම ප්‍රශ්ණවලින් පටන්ගත් මේ ආදර කතාවෙ අවසානයනම් ශෝකයක්ම තමා. ඒක ආදරවන්තිය හොදටම දන්නව. අපි ඕන ප්‍රශ්ණයකට මුහුණ දෙමු, මම මොන ප්‍රශ්ණය ආවත් ඔයා ලග ඉන්නවා කියන දේ ආදරවන්තය ලග තිබුනත් ආදරවන්තිය එහෙම නෑ. ඒ ශෝකාන්තයට මුහුණ දෙන්න ඇය අකමැතියි. දැන දැනම ශෝකාන්තය වෙතට ගමන් කරන්නේ ඇයි....එසේ සිතන පෙම්වතිය ඔහුව අවසානයක් නොදකින තැනක දමා පිටව යනවා.
අනන්තය ළඟ මා දමා
අවසානයට පෙර ඈ ගියා...
අද ලාබ සංගීතය, ලාබ කතාන්දර, ලාබ ගීපද වගේම ආදරයත් කුණුකොල්ලයට වැටිල. ඒක අපේ ගීපද රචකය පැහැදිලි කරන්නෙ මෙන්න මේ විදියට...
මේ ගීයේ තේරුම ගැන සමහරු විවිධ විදියට අර්ථ දක්‌වනවා. කවුදෝ කෙනෙක් දවසක් කසුන්ගෙන් ඇහුවාලු ඔයා ඔය ගායනා කරන්නේ ඔයාගේ අම්මා ගැනද කියලා. කසුන්ට මේකට තරමක් කේන්ති ගිහිං. කීප දෙනෙක්‌ම මගෙනුත් ඇහුවා. ඔයා ඔය යම්කිසි කතාවක් ගැන ලියපු ගීයක්‌ද කියලා.
නාලකගෙයි කසුන්ගෙයි දායකත්වය නිසා මේ ගීය ගැඹුරටම ගෙන ගියා. ගීයේ හැම විදියකින්ම අර්ථවත් වන්නේ අරමුණක් නැති ස්‌වභාවයක් ගැනයි. මේ දෙදෙනාගෙන් පළමුව යන්නේ පෙම්වතිය.
මම මේ ගීතය හැදුවේ අවුරුදු හතරකට පහකට විතර කලින්. ගුවන් විදුලියේ අලුත් ගීත හදන වැඩසටහනකට. එහි මූලිකත්වය අරන් කටයුතු කළේ ඒරානන්ද හෙට්‌ටියාරච්චි තවමත් අලුත් ගීත හැදෙන්නේ ගුවන් විදුලියෙන්. ඒක වැදගත්. මේ ගීය තෝරා ගනිද්දී මමවත්, නාලකවත්. කසුන්වත් එකට හමුවුණේ නැහැ. අපි තුන්දෙනා එකතුවෙලා හදපු ගීතයක් නොවේ. මේ ගීයට ඉඩකඩ හැදුවේ ගුවන් විදුලියයි.
ඉතින් ඔන්න ඔය විදියට මම තවත් ගීතයක් අපේ යාළුවන්ට දුන්න... මෙහි හොද නරක ගැනත් අපේ කිඹුල සහ අනෙක් සහෝදරයන් දාන ගීත විචාරයන් ගැනත් අපිට අදහස් ලබා දෙන්න.... ගීත අපි දානව වැඩි වගේනම් ඔබලාම සාකච්ඡාකරල අපිට කියන්න. මේක එළකිරි යාළුවන් වෙනුවෙන් කරන දෙයක්. යාළුවොටික තීරණය කරන්න. තවත් ගීතයකින් හමුවෙමු..........
හැමෝම බොහෝ විට රස විදින්නේ විප්‍රලම්භ ශෘංගාරය තමා........!!!!!!!බලාගෙන ගියාම ඔක්කොම එකම බෝට්ටුවේ අය.![]()

සොඳුරු අතීතයෙ නිමල පෑතුම වී
මගෙ හද තුල ඔබ ඉන්න ඈතී
ඒ හින්දා යළි සෙනෙහෙ සිතින් අපි
ආදරයෙන් හමුවෙන්න ඈතී . . .
කඳුළු සුසුම් මෑද සතුටු සිනා මෑද
භවය පුරා ලඟ ඉන්න ඈතී
එදත් මගේ සිත අද මෙන් කෑපවී
ඔබේ නමට පුද දෙන්න ඈතී . . .
නොසෑලී නොතෑවී බාධක හමුවේ
ආ හින්දා ජයගන්න ඈතී
ආත්ම ගණනේ පුරුදු ලෙසින් අපි
මේ අයුරින් හමුවෙන්න ඈතී . . .
ඒ 1998 ...වර්ෂයේ දවසක්,....විදු මවු සෙවනේ විද්‍යා අංශයේ එක් පන්තියක කොලුවෙක්, තම පන්තියේම කෙල්ලකට කොළකෑල්ලක ලියල දීපු සින්දුවක්...
අද ඒ කෙල්ල, මගේ පුතාගේ අම්මගේ භූමිකාව රඟපානව...
මේ සින්දුව, මගේ ප්‍රේම කතාව...වසර දාහතරක් පුරා දිවෙන...
අදටත් ආදරෙයි සින්දුවට![]()

අම්මා ගහයි බැට් එකෙන් කිව්වලු.......!! එහෙනම් මෙහෙමයි අක්කව දැලේ දාගත්තේ.......!! 



මම දන්න සින්දුවක් දාන්නද , අමරදේවගේ එකක්
![]()
පෙර දිනයක මා පෙම් කල යුවතිය
සිය පුතු නලවනවා...
මේක ඇහෙද්දී ගොඩක් දෙනෙක් හිතන්නේ ආදරේ කරපු කෙල්ල දැන් වෙන කෙනෙක්ව බැඳලා , දරුවෙකුත් ලැබිල , දැන් ඒ දරුවාව නලවනවා කියලනේ..
එත් මෙතන වෙන්නේ මේකයි , පෙර දිනයේ මම පෙම් කරලා තියෙන්නේත් , මම බැඳලා තියෙන්නෙත් , දැන් මේ දරුවා නලවන්නෙත් එකම කාන්තාවක්.
මගේම ගීයක් , නැලවිලි ස්වරයෙන්
ඈතින් මතුවෙනවා..
දරුවා නලවන්න මෙයා කියන ගීතයත් මම මෙයාට කලින් කියපු එකක්ම තමා .
නුරාව වෙනුවට ඉදුනිල් දෙනයන
දයාව වෑහෙනවා ...
ඉස්සර වගේ නුරාවෙන් රාගයෙන් මෙය දිහා බලනවා වෙනුවට දැන් බලන්නේ දයාවෙන් , සෙනෙහසින් , දැන් වගකීම් වැඩියි , මෙය මගේ බිරිද , මගේ දරුවාගේ අම්ම ..
ඉතුරු ටික තේරුම් ගනිල්ලා , ටයිප් කරද්දී දෙක දෙල් වෙනවා![]()
සිරාවට මේකේ තේරුම ඒකද......?? 

සිරාවට මේකේ තේරුම ඒකද......??
![]()


ඔන්න මම අපේ යාළුවන්ගෙ ඉල්ලීමක් තමා දැන් දෙන්න හදන්නෙ...... අනිවා කමේනට් බලාපොරොත්තු වෙනව... ඔයාල දාන හැම කමෙන්ට් එකක්ම මේ ගීතවලටත් වඩා ආසාවෙන් මම කියවනවා....
මේ ගීතයේ අපිට ලොකූ කතාවක් කියන්න නෑ. හේතුව තමා සරල ගේය පදවලින් හා සංගීතයෙන් අපිට කියන්න තියෙන හැම දේම කියන එක. සරල සංගීතය හා සරල බස් වහරෙන් රසිකයන්ට දරු සෙනෙහස ඇති කරවන ගීත වලින් ඉතාමත් ඉහල තැනකලු මේක තියෙන්නෙ....
හොදයි.... ඒත ඊට කලින් මේ ගීතය නිර්මාණය වීමේ රසවත් කතාවක් තියෙනවා... මේ කතාව හරි හැටි ඔප්පු කරගන්න තවමත් අපිට බැරි උනා ... නමුත් දන්න දේ හංගන්න ඕනෙ නැති හින්දා මම කියනවා... කරුණාකරල මට පසුව චෝදනා කරන්න එපා බොරු දානවා කියල... අනික මේක එළකිරි සහෝදරයින්ට පමණය වෙන කිසිම තැනකට දෙන්න එපා.... මම හරි හැටි නොදන්න දෙයක් දාන නිසයි ඉල්ලන්නෙ............
හොදයි කතාවෙ හැටියට මේ ගීතය රචනා කරල තියෙන්නෙ ප්‍රවීණ ගීත රචක ප්‍රේම්නාත් ජයතිලක මහතා. ඔහු මේ ගීතය රචනා කරල තියෙන්නෙ හෙන්රි කල්දේරා මහත්මයටලු... කෙසේ වෙතත් දවසක් හෙන්රි කල්දේර මහත්මයා සහ කේ. සේන මහත්මයා දෙදෙනා ඉන්න තැනකදි මේ ගීතය මුල් වරට පෙන්නල තියෙනව අපේ රචකය.... ඉතින් කේ. සේන එකපාරටම ඒක අරගෙන කියවපු ගමන් ගොඩාක් සංවේදී වෙලා ගීතය ඔහුට ඉල්ලුවලු... කරන්න දෙයක් නෑ හෙන්රි කල්දේර ලවා කියවන්න හැදුවත් කේ. සේනට මේක දෙන්න උනා. කොහොමින් කොහොම හරි අන්තිමට මේ ගීය කේ. සේන ගායනා කලා. ඉතාමත් ජනප්‍රිය උනා ඒ කාලයේ..... ජනප්‍රිය වීමත් සමග ඔහුට චෝදනා දස අතින් එන්න පටන් ගත්ත අර සිද්ධිය මුල් කරගෙන... මේ හේතුවෙන් ගොඩාක් කම්පා උන කේ. සේන ගායකයා ගත්ත දැඩි තීරණයක්... ඒ තීරණය නිසා අපට ලස්සන කටහඩක් අහිමි උනා... තීරණය තමයි තවත් කිසිම දිනක ගී ගායනා නොකිරීම... ඇත්තටම ඔහු ගායනා කල පළමු සහ අවසන් ගීතය තමා මේ ගීතය.
මවකගෙ උණුසුම නොලබා
සැපට නිදන පුතේ...
ඔබටත් මට මෙන් තනිකම
දැනෙනවාද පුතේ...
ඔබෙන් සිඟිති පුතේ
මගෙ පාළුව මැකේ...
කිරි කැටියෙක් උපන් හැටියෙම අම්ම අහිමි වෙනව කියන්නෙ කොච්චර අසරණ වීමක්ද කියල පියෙකුට හෝ මවකට පමණයි තේරෙන්නෙ... එතනිනුත් මවක් නැතිඋනා කියන්නෙ පියාගෙත් එක පැත්තක් නැති උනා හා සමානයි. මෙතනදි පියා කොච්චර අසරණ වෙනවද අසරණ කිරකැටිය බලාගන්නත් ඕනි, තමාගෙ බිරිද නැතිඋන දුක විදගන්නත් ඕනි... දෙවියනේ මෙහෙම දෙයක් හතුරෙකුටවත් වෙන්නනම් එපා.... මීට වඩා දණුවමක් පියෙකුට දෙන්න පුළුවන්ද..... කොහොම උනත් තාත්ත අහනව කිරිකැටියගෙන් පුතේ උඹටත් මට වගේම පාළුව දැනෙනවද? මම නම් පාළුව නැති කරගන්නෙ මෙහෙම උඹත් එක්ක කතා කරල තමා පුතේ.....
හිතේ තියෙන පාළු ගතිය
මගහරින්න පුතේ...
සුර කුමරුන් සමගින් ඔබ
හිනැහෙනවද පුතේ...
අප දෙන්නා අඳුරු ලොවක
තනි කර දා පුතේ...
නුඹෙ අම්මා දිවිය ලෝකෙ
ගියා පුංචි පුතේ...
මා හට දී ඔයා - ඈ සුරලොව ගියා...
සුර විමනක වැදී - මගෙ රන්කද නිදී...
මම එහෙම කතා කලාට මගේ පුතාට කතා කරන්න බෑනේ.... අම්ම නැතිව හිතේ ඇතිවෙන පාළුව නැතිකරගනන ඔය හිනාවෙන්න සුර කුමාරයන් එක්කද? ඔයා කතා කරන්නෙ සුර කුමාරයන් එක්කනම් පුතේ උඹේ අම්මත් එහේ ඇති.... මට ඔයාව දීල අපි දෙන්නව තනි කරල දාල අම්ම එහෙට තමා ගියේ....... අනේ මගේ රත්තරන් කෙල්ලෙ ඔයා සුරංගනාවක් වෙලා දිව්‍ය ලෝකෙ ඉන්නව කිය මම විශ්වාස කරනව.......
තවමත් කිරි සුවඳ දැනේ
ඔබේ සිඟිති කටේ...
ඔබ නැති නම් මම දැනටත්
මැරී ඇතැයි සිතේ...
පුතුගෙ උපත මවගෙ විපත
එක දිනයෙම උනේ...
කොහොම ද මම සිහිකරන්නෙ
පුතුගෙ උපන් දිනේ...
මා හට දී ඔයා - ඈ සුරලොව ගියා...//
මගේ පුතාගෙ කිරි සුවද තවමත් මට දැනෙනව... ඒ සුවද ඔස්සේ මට උඹේ අම්මවත් සිහි වෙනව... උඹ හින්ද තමා මගේ පුතේ මම ජීවත් වෙන්නෙ... නැතිනම් මම ජීවත් වෙන එකක් නෑ කියල මට හිතෙනව. මගේ පුතා උපදිනකොටමයි පුතේ අම්මව නැති උනේ.... ඉතින් මට ජීවිතේ ලබන්න තියෙන උපරිම සතුටයි දුකයි දෙකම එක මොහොතකම ලැබුන මම මේ දෙකෙන් සමරන්නෙ කෝකද කියල මට වැටහෙන්නෙ නෑ .... මම පියෙකු උනෙත්, බිරිදක් නැති සැමියෙක් උනෙත් එකම දවසෙ එකම මොහොතෙ..... මේක කිසිම මනුස්සයෙකුට දරාගන්න පුළුවන් දෙයක් නෙමෙයි.... ඒත් මම දරාගන්නෙ මගේ රත්තරන් පුතා නිසයි, ඇය දිව්‍ය ලෝකයට යන්නැති කියල හිතෙන නිසයි...
ලොකු උනාම අම්මා ගැන
අහන්නෙපා පුතේ...
එතකොට මගේ දෙනෙත්
වලට කඳුළු පිරෙයි පුතේ...
සුර විමනක වැදී මගෙ රන් කද නිදී...//
මගේ පුතාව මම කොහොම හරි උස්මහත් කරනව... අනේ රත්තරන් පුතේ මම උඹව එහෙම කරන්නෙ දරාගන්න බැරි දුකක් හිත පතුලෙ බලෙන්ම තදකරගෙන.... උඹ ලොකුවෙනකොට මේව අමතක වෙලා අම්ම ගැනනම් අහන්න එපා... එහෙම උනොත් මීට වඩා දහස් ගානකින් දුක වැඩිවෙලා, ගිණිකන්දක් පුපුරණව වගේ මගේ යටපත් කරන් හිටපු වේදනව එළියට ඒවි. සමහරවිට මට ඒක අද වගේ දරාගන්න බැරිවේවි........
පිය සෙනෙහස සහ සැමියෙක් බිරිද ගැන දක්වන ආදරය ගැන කියවෙන මේ ගීතය විචාරය කරද්දි පවා අපේ ඇස් වලට කදුලු එනවා... මේ ගීතය සුවහසක් පියවරුන්ට උපාහාරයක්ම වේවා.....
මවකගෙ උණුසුම නොලබා
සැපට නිදන පුතේ...
ඔබටත් මට මෙන් තනිකම
දැනෙනවාද පුතේ...
ඔබෙන් සිඟිති පුතේ
මගෙ පාළුව මැකේ...
හිතේ තියෙන පාළු ගතිය
මගහරින්න පුතේ...
සුර කුමරුන් සමගින් ඔබ
හිනැහෙනවද පුතේ...
අප දෙන්නා අඳුරු ලොවක
තනි කර දා පුතේ...
නුඹෙ අම්මා දිවිය ලෝකෙ
ගියා පුංචි පුතේ...
මා හට දී ඔයා - ඈ සුරලොව ගියා...
සුර විමනක වැදී - මගෙ රන්කද නිදී...
තවමත් කිරි සුවඳ දැනේ
ඔබේ සිඟිති කටේ...
ඔබ නැති නම් මම දැනටත්
මැරී ඇතැයි සිතේ...
පුතුගෙ උපත මවගෙ විපත
එක දිනයෙම උනේ...
කොහොම ද මම සිහිකරන්නෙ
පුතුගෙ උපන් දිනේ...
මා හට දී ඔයා - ඈ සුරලොව ගියා...//
ලොකු උනාම අම්මා ගැන
අහන්නෙපා පුතේ...
එතකොට මගේ දෙනෙත්
වලට කඳුළු පිරෙයි පුතේ...
සුර විමනක වැදී මගෙ රන් කද නිදී...//
machan sadakada pahanaka sinduwatath wicharayak karapnko



පණදාගෙන ටයිප් කලාට අපේ යාළුවො කියවන්නෙ නැද්ද... කෝ කමෙන්ට්ස්....![]()

මේ තියෙන්නේ ගමකට කමෙන්ට්ස්......!! 

මේ හුය ඇරඹු *dhanushka* සොයුරාටත්, මෙයට විචාර, ප්‍රවාද සහ මතවාද එක් කරමින් එය පොහොණි කළ සකල එළකිරියන්ටත් එකසිය විස්සට දෙසිය විස්සක් ආවඩා ආයු බොහෝ මැ වේවා!!!!!
වැඩකට නැති අමුම අමු කුණු හබ්බ කියැවෙන, බුද්ධියට නිගා දෙන, රසිකත්වයට නිගාදෙන, කියවන්නන් ගේ මනස් කාළකන්නි කරවන ත්‍රෙඩ් වැටෙන මේ කාලේ මේ ත්‍රෙඩ් එකේ වටිනකමට උපමා දෙන්න බෑ........
අපේ මේ හෙළ බස කොතරම් රමණිය, අර්ථ පූර්ණ, භාව පූර්ණ එකක් දැයි මේ පෝස්ට් කියවද්දී තේරෙනවා. අධ්‍යාත්මය දැඩිව ග්‍රහණය කර ගන්නට සමත් මෙවන් බසක්, මව් බස වීම පිළිබද ව සකියනි, මට නම් ඇත්තේ සිරුරේ සෑම රෝම කූපයකට ම දැනෙන විදියේ ආඩම්බරයක්.........
නුඹලාටත් එවන් හැගීමක් දැනෙනවා ඇති මෙය කියවද්දී...........
මමත් කැමතියි කවුරු හරි මගේ විචාර පතුරු අරිනව නම්......!!!![]()


