සුන්දර ගීයක ඇරබුම,..

DIGPRIYANKARA

Well-known member
  • Jul 20, 2011
    3,760
    859
    113
    ස්වර්ණවිමානේ
    හනිමූන් එකේ දී පබැදූ ගීතය....

    අපේ බාසාවෙන් කියනවනම් පිස්සු හැදෙන උඩ විසිවෙන සිද්ධියක් මම දැන් අපේ යාළුවන්ට කියන්න හදන්නෙ....

    ආචාර්ය පණ්ඩිත් අමරදේව ශූරීන් විසින් ගායනා කරන ලද , සෝමදාස ඇල්විටිගල මහතා සංගීතවත් කරන ලද "ආදර හැඟුම්" කියන ගීතය මම හිතන්නෙ හැමෝම අහල ඇති. මෙම ගීතය හැදුනෙ කොහොමද ඒ අත් දැකීම රචකයාට ලැබුන විදය හිතනකොටත් පුදුමයි. හොදයි මෙන්න මේකයි කතාව.

    අපේ මේ ගීය රචනා කරපු දයානන්ද ගුණවර්ධන මහතා දීර්ඝ කාලයක ප්‍රේම සම්බන්ධකින් අනතුරුව විවාහ වෙන්න සූදානම් උනා. විවාහ දිනයේ විවාහ උත්සව කටයුතු වලින් පස්සෙ මනාල යුවල සුභ මොහොතන් ගියා හනිමූන් එක ගතකරන්න තානායමට. දැන් මම ඔයාලගෙන් ඇහුවොත් මොකටද හනිමූන් එක ගතකරන්නෙ... ඇයි තානායමට යන්නෙ කියල අපේ එළකිරි යාළුවො කියයි සස්ලිට්ට පිස්සු හැදිල කියල... ඒත් මම ආයෙත් අහනව ඇයි හනිමූන් එක ගත කරන්න යන්නෙ කියල... මොකද දන්නවද යාළුවේ හනිමූන් එක ගතකරන්න ගියපු අපේ මේ ගීත රචකය හනිමූන් එක පැත්තක තියල කරල තියෙන්නෙ මේ ගීතය ලියපු එක. අන්න ඒවගේ පුදුම විදියේ කලාකරුවො ටිකක් තමයි අපිට අතීතයේ සිටියෙ. මධු සමය ගතකරන මොහොතේ එතුමා ලියපු ගීතය තමා මේ ආදර හැගුම් කියන ගීතය. අපි නම් ලියයි ගීත නේද යාළුවනේ...........?

    දැන් මම කියන්නෙ සින්දුව ලියපු විදිය... ඉතින් තානයමට ගියපු මේ යුවල ඇදුම් මාරුකරගන්න සූදානම් උනා. හොටෙල් එකට ගිහින් මංගල ඇඳුම් ඉවත් කරල මනාලිය බොහොම සැහැල්ලු ඇඳුමකින් සැරසිලා ඉන්නවලු. අපේ මේ ගීත රචක මහත්මයත් බැලුවලු පොඩි වොශ් එකක් දාගන්න. අනේ බලනකොට එයාගේ ඇඳුම් බෑග් එක නැතිලු, අමතකවෙලා දාල ඇවිත්. හරිවැඩේ..... දැන් ඉතින් මොනව කරන්නද අර මංගල ඇඳුම පිටින්ම දයානන්ද මහත්තයා පු‍ටුවක වාඩිවෙලා ඉන්නවා. මනාලිය ඇඳට වෙලා බලාගෙන ඉන්නවා. මෙහෙම ඉන්න ගමන් දයානන්ද මහත්තයා තමන්ගෙ මනාලියගෙ හැසිරීම නිරීක්ශනය කරනවා ඒ වගේම මනාලියගේ සිතුවිලි මොනවගේද කියල තේරුම් ගන්නත් බලනවා. ඔන්න ඔහොම ඉන්නකොට තමයි මේ ගීතය ලියවෙන්නෙ.

    ආදර හැඟුම්//
    නුපුරුදුයි මට නුපුරුදුයි
    ඒ හැඟුම් ආදර හැඟුම්
    කිති කවයි හද කිති කවයි
    ඒ හැඟුම් ආදර හැඟුම්.........

    මේ කොටසින් කියන්නෙ මෙහෙම තැන් දෙකකට වෙලා ඉන්න, ඇස් වලින් කතා කරන වැඩ අපි කවදාවත් කෙල් නෑ නේ. අපිට කරන්න අවශ්‍ය උනෙත් නෑ. නමුත් මොනව කරන්නද ඔයා ඔතන මම මංගල ඇදුම පිටින් මෙතන. දැන් තමා ඔයා ඇස්වලින් මාව අමතනව මට පේන්නෙ. ඒත් මට ඒව නුහුරුයි. ඔයා කවදාවත් මට ඇස් වලින් අමතල නෑ. මගේ හිතට ගතට මොනවදෝ වේනව.

    සැදෑ අඳුරේ සැලෙන තරු එළි
    මගේ හද තුල කරයි විමසිලි
    නැගෙන ගණදුර වඩයි සිතුවිලි
    මේ මගුල් රෑ බි‍ඳෙයි ඉවසිලි...........

    මනාලියගේ ඇස් අදුරේ දිලෙන තරු වලටයි උපමා කරන්නෙ. තරු කතා කරනව ඇයි මගේ ලගට නොඑන්නෙ කියල. ඒ කියන්නෙ බිරිද ඇස් වලින් ආයාචනා කරනව. රාත්‍රිය එන්න එන්නම වැඩිවෙනව, හැගීම් උද්දීපනය වෙනව.... ඉවසන්න අමාරුයි ඒත් ඉතින් අමාරුවෙන් හරි ඉවසනව ඇරෙන්න වෙන මොනව කරන්නද? කියල හිතල රචකය උත්සාහ කරනව මංගල ඇදුම පිටින්ම එතෙනට වෙලා ඉන්න.

    කිමද ඔබ මල් කුමරියන්නේ
    පෙතිවිදා සතුටින් නො ඉන්නෙ
    රහස නැතිවද මං නොදන්නෙ
    තුරුලෙ බඹරුන් නොවෙද ඉන්නෙ.........

    දෙවන අන්තරා කොටසේදී තම මනාලියගේ නෝක්කාඩු ස්වරූපය විස්තර කරන්නෙ. ඇය සතුටින් නොසිටින බව "කිමද ඔබ මල් කුමරියන්නේ පෙතිවිදා සතුටින් නො ඉන්නෙ" යන පදයෙන් කියවෙනවා. මධුසමය දවසෙ මනාලියගෙ මුහුණ එන්න එන්නම කණගාටු මුහුණුවරක් ගන්නව. කණගාටුනොවී කෙහොමද? ඉතින් අපේ මේ ගීත රචක දයානන්ද ගුණවර්ධන මහතා ඒ විදියට මනාලියගෙ මුහුණ සෝකබරිත වෙන්න හේතුව දන්නවා. අමුතුවෙන් කියන්න ඕන නෑනේ... හේතුව තමයි ඈ වෙතට නොපැමිණීම. ඔහු මෙය ගීයෙන් මෙසේ විස්තර කරනවා. "රහස නැතිවද මං නොදන්නෙ තුරුලෙ බඹරුන් නොවෙද ඉන්නෙ".

    ආදර හැඟුම්//
    නුපුරුදුයි මට නුපුරුදුයි
    ඒ හැඟුම් ආදර හැඟුම්
    කිති කවයි හද කිති කවයි
    ඒ හැඟුම් ආදර හැඟුම්.

    සැදෑ අඳුරේ සැලෙන තරු එළි
    මගේ හද තුල කරයි විමසිලි
    නැගෙන ගණදුර වඩයි සිතුවිලි
    මේ මගුල් රෑ බි‍ඳෙයි ඉවසිලි.

    කිමද ඔබ මල් කුමරියන්නේ
    පෙතිවිදා සතුටින් නො ඉන්නෙ
    රහස නැතිවද මං නොදන්නෙ
    තුරුලෙ බඹරුන් නොවෙද ඉන්නෙ.

    ඉතින් ඔන්න ඔහොමයි අපේ සිංහල ගීත සාහිත්‍යයට තවත් ලස්සන ගීතයක් එකතු උනේ. බලන්න ශෘංගාර රසය දනවන්න උපමා, උපමේය, භාෂාව යොදාගෙන තියෙන ලස්සන හා දක්ෂතාවය. ඒ විතරක්ද තැන නොතැන නැතිව ගලාගෙන එන අදහස් කැටි කරල අපවෙත ලබා දි තිබෙන ආකාරය. මේ කතාව කලින් අපේ යාළුවො අහල තියෙනවද? ලස්සන ගීතයක් නේද?

    අපි වගේනම් මේවගේ අවස්ථාවක ගීත ලිය ලිය ඉදීද....? ඒ නිසා වෙන්න ඇති ඔවුන්ට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කලාකරුවන් කියන්නෙ....

    මේ කතාව දන්න අය ඇරෙන්න මෙතනදී දැනගත් හැම කෙනාගෙන්ම මට කමෙන්ට්ස් ඕනමයි යාළුවනේ තවත් ගීයකින් හමුවෙමු...............

    හහ මම හිතාගෙන හිටියේ මේක පළමු ප්‍රේමය ගැන කියන එකක් කියල

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ගොඩක් සතුටක් හිතට දැනෙනවා..... දැන් අපේ යාළුවො සිංහල ගීත රසවින්දයෙන් මත්වී අපව දිරිමත් කිරීම ගැන.... ඔන්න එහෙනම් තවත් ගීතයක් අරගෙන ආව මම.... කලින් කිව්ව වගේ රජ මැදුරක ඉපදී සිටියානම් කියන ගීතය තමා දැන් මම ඔයාලට ගීපද විචාරයකින් දෙන්න හදන්නෙ..... රස වින්දොතින් කමෙන්ට්ස් වලින් අපිට සංග්‍රහ කරලම යන්න............

    ජීවිතය කියන්නෙ මොනතරම් අහම්බයක්ද....? ජීවිතය කියන්නෙ මොනතරම් අසාධාරණයක්ද....? ළමයෙකුට අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් හිනාවෙලා අඩවන්න පුළුවන් කියල ඔබල අහල තියෙනවද....? ඒත් දැන් අපි කතා කරන ගීතයේදි මේ පුතා අම්මව තමන්ගෙ සිනහවෙන් රිදවනව... අඩවනව.....හොදටම අඩවනව.....

    පුතේ උඹ හැබහින් හිනා උනානම් ඒක මට සැපතක්... උඹ හැබැහින් ඇඩුවත් මට ඒක සැපක්..... උඹව රජෙක් නොවුනෙ මගේ කරුම දුප්පත් කමට... ඒත් උඹ මේ දුප්පත් පැලේ හිරිකඩ වැටෙද්දි... පොල් අතු ගැලවෙන්න හදද්දි... හීනෙන් රජ සැප විදිමින් හිනාවෙනව.... මම කොහොමද උඹ ඒහෙම හිනාවෙනව අඩන්නෙ නැතිව බලාගෙන ඉන්නෙ පුතේ........

    රජ මැදුරක ඉපදී සිටියානම්
    නුඹත් රජෙකි
    පුතුනේ..
    හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි
    අද නුඹෙ සිරි යහනේ
    හීනෙන් හිනා නොවී
    මා හඬවාපන් මේ
    රෑ යාමේ...

    උඹ පුතෙක් නෙවෙයි දෙව්ලොවෙන් ආපු දේව කුමාරයෙක්.... නිහඩවම ඉදගෙන මාව ඇයි මගේ පුතේ මෙතරම් රිද්දන්නෙ.... ඇයි උඹ වගේම, උඹේ වයසේම ළමයි පාර දිගේ යනකොට රස කැවිළි දැකල ඉල්ල අඩනව.... සෙල්ලම් බඩු දිහා බලල පොරකනව ඒව ඉල්ලල..... ඒත් උඹ.... ඒව ලගදි අහක බලාගන්නව... ඇයි මගෙ පුතේ ඇයි.... උඹ තාම පොඩියිනේ... මෙච්චර පොඩි වයසෙන්ම උඹට කොහොමද පුතේ මගේ අසරණ කම, මගේ දුප්පත් කම තේරුණේ... මට උඹ ඉල්ලන දේවල් අරන් දෙන්න සල්ලි නැති නිසා මම දුක්වෙයි, මගේ හිත රිදෙයි කියල නේද මගේ පුතේ එහෙම අහක බලාගන්නෙ.... උඹ පුතෙක් නෙමෙයි බෝසත් කෙනෙක්.... ඒව ඉල්ලල මට වද නොදී, මාව අසරණ නොකර හීනෙන් ඒ රස විදින විදිය මට පේනව පුතේ.... මම කොහොමද දෙවියනේ මේක වාවගන්නෙ.....

    පුංචි පැටික්කන්
    මග දිග අඬවන
    සිල්ලර රස කැවිලි..
    දුව යන ඉගිලෙන
    විසිතුරු සෙල්ලම් යානා
    පෙනි පෙනී...
    අහක බලාගෙන
    මග දිග යනවිට
    නැහ මට වාවන්නේ..
    හීනෙන් හිනා නොවී
    මා හඬවාපන්
    මේ රෑ යාමේ..

    අපි කොයිතරම්නම් දුප්පත්ද .... හරියට තුන්වේල කන්න අපිට වත්කමක් නෑ.... වේලක් කන්නෙ තව වේල් දෙකක් බඩගින්නෙ ඉන්න ඕනි නිසා.... ඒ හදන කෑම වේලෙත් කන්න දෙයක් නෑ... ඒත් ඒ හුනු සාලයි ලුණුවතුරයි කිසිම දෝෂයක් කියන්නෙ නැතිව කන්නෙ කොහොමද පුතේ..... උඹ ඒක මට පේන්න හරිම ආසාවෙන් කනව... උඹ පුතෙක් නෙමෙයි තාත්ත කෙනෙක් ... ඔය පුන්චි වයසටම මේ තරම් මම ගැන, මගේ හිත ගැන හිතනවා..... මම දෙන මොනව හරි බඩට දාගන්න උඹ, හරි උද්යෝගයෙන් දුවගෙන යනව ඉස්කෝලෙ..... එහෙම කරන්නෙ ඇයි පුතේ.... වෙන ළමයි වගේ ආස කරන දේවල් ඉල්ලල මාවා අසරණ කරල මාව අඩවපන්, ඒත් ඒක යට වාවගන්න පුළුවන් ඒත් එහෙම නොකර අනේ නිහිඩවම තමන්ගෙ ආසාවල් යටපත් කරගන්න එපා... උඹ තවම පුන්චි වැඩිය රත්තරන් කොල්ලො.... ඒ උඹ යටපත් කරන හැම ආසාවක්ම හීනෙන් විදල හිනාවෙනකොට , ඒක දකිනකොට මට ඉවසගන්න බෑ.. මගේ පපුව පැලෙයි... මම අසරණයි මගේ පුතේ.... මම අසරණයි.....

    ඉඳහිට මොලවන
    ලිපත් දනී පුත
    ලුණු රස සුනු සහලේ...
    රස බොජුනක් සේ
    දිව ගා ඇල්මෙන්
    අකුරට දිව යන්නේ...
    ඇඳලා කල්ගිය රෙදි වැරළී
    නැහැ මට වාවන්නේ...
    හීනෙන් හිනා නොවී
    මා හඬවාපන්
    මේ රෑ යාමේ...

    ඇස් දෙකට කදුළු උනන තරම් සංවේදනීය කතාන්තරයක්... පුතෙක් හීනෙන් හිනාවෙලා අම්මව අඩවනව කියන එක කොතරම් නම් හැගුම්බර කාරනයක්ද.... මව කොච්චරටම අසරණවෙලාද... මේක තමා යාළුවනේ අපි නොදකින අපිට නොපෙනෙන සැබෑ සමාජ යථාර්ථය.... ඔබත් මමත් සැපට වාඩිවෙලා මේ විචාරය කයවන මොහොතෙදිත් අතේ මුදල් නැති කමට කොතරම් නම් පිරිසක් බඩගින්නෙ ඉන්නව ඇතිද කියල හිතන්න.... මොහොතකටවත් අපි ඒ අය වෙනුවෙන් දුක්වෙමු..... සමාජ අසාධාරණය ගැන කියවෙන මේ ගීතය නම් ඉතාම සංවේදී ගීතයක්.... යාළුවනේ මේ විචාරයෙන් පස්සෙ මේ පුළුවන්නම් ගීතය අහන්න... සමාජ යථාර්තය මේකයි... අපි කොතරම් උත්සාහකලත්.... සමාජයේ උස්-පහත්, කළු-සුදු, ඇති-නැති පරතරයන් තියෙනවා.... මේ ගීතය විචාරය මම අවසන් කරන්නෙ දිනයක අන්න ඒ දේ තුරන්වේවා කියල ප්‍රාර්ථනා කරමින්.....

    රජ මැදුරක ඉපදී සිටියානම්
    නුඹත් රජෙකි
    පුතුනේ..
    හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි
    අද නුඹෙ සිරි යහනේ
    හීනෙන් හිනා නොවී
    මා හඬවාපන් මේ
    රෑ යාමේ...

    පුංචි පැටික්කන්
    මග දිග අඬවන
    සිල්ලර රස කැවිලි..
    දුව යන ඉගිලෙන
    විසිතුරු සෙල්ලම් යානා
    පෙනි පෙනී...
    අහක බලාගෙන
    මග දිග යනවිට
    නැහ මට වාවන්නේ..
    හීනෙන් හිනා නොවී
    මා හඬවාපන්
    මේ රෑ යාමේ..

    ඉඳහිට මොලවන
    ලිපත් දනී පුත
    ලුණු රස සුනු සහලේ...
    රස බොජුනක් සේ
    දිව ගා ඇල්මෙන්
    අකුරට දිව යන්නේ...
    ඇඳලා කල්ගිය රෙදි වැරළී
    නැහැ මට වාවන්නේ...
    හීනෙන් හිනා නොවී
    මා හඬවාපන්
    මේ රෑ යාමේ...

    පද - ලූෂන් බුලත්සිංහල
    තනුව - එච් එම් ජයවර්ධන
    ගායනය - මාලනී බුලත් සිංහල

    මෙම විචාරය රසවත්නම් තව ගීතයක් තවත් ටික වේලාවකින්..........

    Last edited:
    • Love
    Reactions: Yastysan

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    රුවක් ඇදෙනවා..කව්දෝ එනවා...
    මීවිත ඇදිරිය දෑස වසනවා..
    හද පොදි බැදි දුක දිය කර පා කර
    ඔබේ ලොවට මා මොහොතින් එනවා...

    මේ ගීතයෙන් කියවෙන්නේ සමලිංගිකත්වය ගැන කියලා ඔබ දන්නවාද?

    :shocked::shocked::shocked: මොකක්......?? :shocked::shocked::shocked:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela

    මචන් මෙහෙම දරුවෝ ඉන්නවා,මම දැකල තියෙනවා ,,එත් මීට වඩා දෙයක් කියන්න බෑ,,ඒ දරුවා මීට අවුරුදු දෙකකට කලින් තිබ්බ ශිෂත්වය විභාගයෙන් ලංකාවෙන්ම 10 විදියට පාස් උනා....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඕව් මචන් දවසක් අමරදේව ලොක්කම ඕක ටීවී එකේ වැඩ සටහනකදී කිව්වා,,:):)

    :shocked: මේ ත්‍රෙඩ් එක මුල ඉදලා කියවපු නිසා හොදට ගියා....... එහෙනම් මම හිතන් හිටිය විදිහ වැරදි.......!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    පොස්ට් කරන සියලුම යාලුවන්ගෙන් ඉල්ලා සිටින්නේ, නිතරම සින්දුව යන වචනය වෙනුවට ගීතය යන නම යොදා ගන්නා ලෙසයි
    මොකද මේ ත්‍රෙඩ් එකේ යන ගීත සියල්ලම ඉතා වටිනා ගීත වේ............
    මම හිතන්නේ ගීතය ඉතා සාදාරණ වචනය කියලයි

    :yes: :yes: :yes: :yes:
     
    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,421
    390
    83
    මට හිතෙන තැන
    ඔෆිස් එකේ දාහක් වැඩ අතරේ කොහොම හරි මම පිටු 44 කියවල දැන් තමා ඉවර කලේ ආයේ කියන්න වචන නැහැ නියමයි,දිගටම කරගෙන යමු ජය වේවා.
    :love::love::love::love::love::love::love::love:
     
    imp

    Member
    Dec 31, 2010
    1,250
    76
    0
    ගහක මල් පිපිලා මෙකෙ තෙරුම දන්න කෙනෙක් ඉන්නවා නම් දාන්න....නියම නූලක් මෙක ජය වේවා
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ගහක මල් පිපිලා මෙකෙ තෙරුම දන්න කෙනෙක් ඉන්නවා නම් දාන්න....නියම නූලක් මෙක ජය වේවා
    තේරුම දැන් උනත් දෙන්න පුළුවන් .... නමුත් දුන්නට පස්සෙ එපා කියයිද දන්නෙ නෑ......
     
    Last edited:

    imp

    Member
    Dec 31, 2010
    1,250
    76
    0
    තේරුම දැන් උනත් දෙන්න පුළුවන් .... නමුත් දුන්නට පස්සෙ එපා කියයිද දන්නෙ නෑ......

    මම හිතන තෙරුමද කියලා දැන ගන්න ඔනේ සහොදරයා...මම එකේ තෙරුම කියලා කට්ටිය එක විවෙචනය කරා..එකයි....මම තාම මෙක කියවන්න ගත්තා විතරයි..පුලුවන් නම් දාන්න ලොකු උදව්වක්...
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    මචෝ දැන් වෙන ගීතයක අර්ථය පසදමින් ඉන්නේ... උබලට නොදෙන දෙයක් නෑ.... හෙට දිහාට දෙන්න උපරිම උත්සාහ කරනව අපේ කිඹුල සහෝදරය සමග එකතුවෙලා....

    එල එල මචෝ........!!!!!!

    අනිවා දාපන්.....!!!! ඒ ගීත 2 තමි මචන් මගේ අසම ගීත 2.....!!!!!

    පුලුවන්නම් තේරුමයි හැදුනු හැටි දාපන්කෝ බන්......!!!!!!!

    1) "ඔබේ සිනා ලග" ගීතය
    2) "එක්පෙති මලක්" ගීතය

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    මටත් දෙයක් කියන්න ඕන.......!!!!!!

    මිල්ටන් මල්ලවාරච්චි කියන ගායකයා බදින්න හිටපු කෙනාව බදින්න බැරිඋනාලු........!!!!

    එකලු ඒ ගායකයා ඔච්චර විරහ ගීත කියල තියෙන්නේ.......!!!!!

    ඇත්තද බොරුද නම් දන්නේ නෑ මචෝ.....!!!!!

    එත් මන් අහල තියෙන්නේ එහෙමයි......!!!!!
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මටත් දෙයක් කියන්න ඕන.......!!!!!!

    මිල්ටන් මල්ලවාරච්චි කියන ගායකයා බදින්න හිටපු කෙනාව බදින්න බැරිඋනාලු........!!!!

    එකලු ඒ ගායකයා ඔච්චර විරහ ගීත කියල තියෙන්නේ.......!!!!!

    ඇත්තද බොරුද නම් දන්නේ නෑ මචෝ.....!!!!!

    එත් මන් අහල තියෙන්නේ එහෙමයි......!!!!!
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    WOW....ඔය තියෙන්නෙ අපිටත් වැදගත් වෙන තොරතුරු..........:D:D:D
     
    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,760
    859
    113
    ස්වර්ණවිමානේ
    අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී ඒ ඉර හඳෙන් නුඹෙ ලෝකය එළිය උනී
    රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී
    පිය සෙනෙහසට කව් ගී ලියවුණා මදී

    ටී. එම්. ජයරත්නයන් ගේ ගීයකට මාලනී ජයරත්න ලියූ පද මාලාවකි. සුවහසක් කවියන් මවුගුණ ගැන ලියද්දී ගයද්දී පියගුණ ගැන අඩුවෙන් ලිවීම ගැන ප‍්‍රතිවිරෝධය ඒ මඟින් මතු කරයි. එහි යම් සත්‍යතාවක් ඇතත් පිය සෙනෙහස ගැන ලියවුණු අපූරු නිර්මාණ අප ගීත සාහිත්‍යයේ පවතී.

    පියාණනී මා නැවත උපන්නොත්
    අපාර වූ මේ සංසාරේ
    ඔබේ ම පුතු වේවා
    (මහාචාර්ය සුනිල් ආරියරත්න)

    කුමාර ලියනගේ නම් වූ ගේය පද රචකයා ද තම හදවතෙහි නිදන් වූ පියගුණ සමුදාය පොදු සමාජ අනුභූතියක් බව පත් කරමින් අපූරු පද මාලාවක් පියගුණ සාහිත්‍යයට එක් කරයි.
    කුමාර ලියනගේ අප ඉදිරියට ගෙන එන්නේ වන්නිකරය පසුබිම් කරගත්තා වූ පියකුගේ චිත්ත රූපයකි. මේ පියාගේ රූපකාය රචකයා මවනු ලබන්නේ අන්දර යාය, වැව් තාවල්ල පසුබිම් කරගෙනයි.

    “අන්දරයායේ වැව් තාවල්ලේ
    සක්මන්කරනා අප්පච්චී
    දොළේ දියයි මට කෙතේ නිලයි
    ගහවැලේ මලයි මට අප්පච්චී

    ගම්මානයට සශී‍්‍රකත්වය ගෙන එන්නේ, දොළේ දිය, කෙතේ නිල සහ ගහ කොළ මල් ය. ඒ නිසා තම ජීවිතය සශී‍්‍රක කළ අප්පච්චී වෙනුවෙන් රචකයා භාවිත කරන යෙදුම් නිර්මාණයට අපූර්වත්වයක් එක්කර තිබේ. පියා කෙරෙහි මෙහි කථකයා තුළ ඇතිවන භක්තිය ගෞරවය ඒ ඔස්සේ මැනවින් ප‍්‍රති නිර්මාණය වෙයි.
    ගමේ පියවරුන් අස්වද්දන්නේ කෙත්වතු පමණක් නොවේ. ඔවුහු අනාගත පරපුර ද අස්වද්දති. දිවා රෑ මහ පොළොව සමඟ ගැටී වගුරන දහදිය කඳුළු ඔස්සේ ඔවුන් තනන්නේ තම දරුවන්ට අනාගතයට පියනඟන මාවතයි. මට එඩ්වඩ් ජයකොඩි මහතා අතීතයේ ගැයු ගීයක් සිහි වෙයි.

    කරදිය ගැඹුරේ
    තුන්යම ගෙවුණේ
    නුඹගේ දෑතට දිරිය වඩන්නයි
    සුහුඹුල් අත් පා
    යදඬු කරන්නයි
    කිරි කැටි පුතුනේ...

    එහෙත් ඒ කැපවීම පියාගේ මුවින් නොව පුතුගේ මුවින් පීතෘ පූජාවක් ලෙස ඉදිරිපත් කිරීමට කුමාර සමත් වෙයි.

    “වලාකුළේ දාඩිය තවරා
    මහ පොළවට මහ වැසි ගේනා
    දිවිගමනේ ඉම, කඳු මුදුනේ ඉඳ
    p-16.jpg

    පුතු සෙනෙහේ කඳුළැලි සලන

    තමා දහඩිය මහන්සියෙන් අස්වැද්දු කෙත නිල්ල ඉහිරවද්දී දැනෙන සතුට ම තම දරුවන් ගේ පැහැබර අනාගතය දකිමින් මේ පියා භªක්ති විඳියි. පියාගේ ඒ තෘප්තිමත් මනස පුත‍්‍රයා විසින් ද හඳුනා ගනු ලබයි.

    “තුරු හිස මුදුනේ මල් පලඳ්‍ර
    කැකුළු මුවට පලවැල නෙළුවා
    ඒ දඬු මං බැලඳ සත්කුළු පව් බිඳ
    සිදාදියට එන මං තැනුවා

    තමා ආදරයෙන් වැවු පුංචි පැළය ගසක් බවට පත්කොට සුවඳ මල් පුබුදා එය පල දරන්නට සැලැස් වූ අප්පච්චී පිළිබඳ පුත‍්‍රයා තුළ හටගන්නා කෘතවේදී හැඟීම් සමුදාය කුමාර ලියනගේ මනාව ස්පර්ශ කරයි. ඒ සඳහා ගීතමය වූ අපූර්වතම කාව්‍යෝක්ති ඔහු තෝරා ගනියි.
    අප්පච්චීගේ කැපවීම එපමණක් ද? ඔහු තම පුතු යන මාවතේ ඇති බාධා ඉවත් කරයි. “ඒදඬු මං බැඳ” “සත්කුළු පව් බිඳ” යන අපූරු කාව්‍යෝක්ති තුළින් රචකයා ඒ බව එළිපෙහෙළි කරයි. මේ පියා පුතු සිදාදියට එවන්නේ සිදාදියේ දී ඔටුනු පලඳවන්නට නොවේ. ඔහු දැනටමත් ඔටුනු පලඳ්‍ර අවසන් ය. ඔහු සිදාදියට යන්නේ පියා විසින් පලඳවන ලද කිරුළත් සමඟයි. ඔහුට දැන් ඉතිරි ව තිබෙන්නේ ඒ ඔටුන්නේ රශ්මියෙන් සිදාදිය බැබළවීමට පමණි. ඒ මේ ගමේ අප්පච්චී ගෙන් සිදාදියට ලැබෙන උත්තම දායාදයයි.

    අන්දර යායේ වැව් තාවල්ලේ
    සක්මන් කරනා අප්පච්චී
    p-18.jpg

    දොළේ දියයි මට කෙතේ නිලයි
    ගහ වැලේ මලයි මට අප්පච්චී

    වලාකුළේ දා බිඳු තවරා
    මහ පොළොවට මහ වැසි ගෙනෙනා
    දිවි ගමනේ ඉම කඳු මුදුනේ ඉඳ
    පුතු සෙනෙහේ කඳුළැලි සලනා

    තුරු හිස මුදුනේ මල් පලඳ්‍ර
    කැකුළු මුවට පලවැල නෙළුවා
    ඒ දඬු මං බැඳ සත්කුළු පව් බිඳ
    සිදාදියට එන මං තැනුවා

    පද රචනය - කුමාර ලියනගේ
    සංගීතය - රෝහණ ධර්මකීර්ති
    ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
    කුමාර ලියනගේ කවියා ද එබඳු ගමේ අප්පච්චී කෙනෙකු සිදාදියට පුදන ලද දායාදයකි. ඔහු විවිධ ක්ෂේත‍්‍රවල ප‍්‍රතිභාව ඵල කරන්නෙකි. ඔහු දක්ෂ චිත‍්‍ර ශිල්පියෙකි. කවියෙකි. ගීත රචකයෙකි. රංගන ශිල්පියෙකි. මාධ්‍ය වේදියෙකි. යහපත් මිනිසෙකි.
    p-17.jpg
    මෙහි සංගීතය මෙන්ම ගායනය ද පද මාලාව ඔපවත් කරන්නෙකි. බට නළාව වැනි සංගීත භාණ්ඩ යොදා ගැනීමෙන් රසිකයා ගැමි පරිසරයට රැගෙන යාමට සංගීතඥයා සමත් වේ. දිවුල්ගනේ ගේ ගායන ශෛලියේ ආත්මය ගැමිකම බැවින් රචනය සංගීතය හා ගායනය, මනා ලෙස සුසංයෝගී වෙයි.

    මේ නිර්මාණයේ අනෙක් විශේෂත්වය වන්නේ අප්පච්චීගේ දහදිය මහන්සියෙන් සිදාදියේ කිරුළු පලඳින පුත‍්‍රයා අකෘතඥ ගුණ මකුවකු නොවීමයි. ඔහුට ගම අමතක වී නොමැත.
    සිදාදියට එන්නට පාර තැනුණු හැටි ඔහුට අමතක වී නොමැත. උපන්ගම අමතක කළ, තමන් ආ මග අමතක කළ නාගරික දූ පුතුන්ට මේ නිර්මාණය ඇසෙද්දී යම් කම්පනයක් යටි සිත තුළ හෝ ඇති නොවේ නම් එය ද අරුමයකි.
    මේ ලියවිල්ල මා අවසන් කරන්නේ එක්තරා පෞද්ගලිකත්වයකිනි. මගේ සිත මීට අවුරුදු විස්සකට ඉහත ඉතිහාසයට දිව යයි. මම එකල කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක්මි. මා කලා උපාධිය හැදැරූ අතර කුමාර වාණිජ විෂයයෙන් හැදෑරුවේ ය. විටෙක යහළු වෙමින් ද විටෙක තරහ වෙමින් ද අපි සරසවි දිවිය හමාර කළෙමු.
    මා ගැන මුලින් ම පුවත්පතකට ලිපියක් ලියු පුද්ගලයා කුමාර ය. ඔහුට කෘතවේදී වීමට මට තාමත් අවස්ථාවක් ලැබී නොමැත. මේ ලිපිය මා ලියන්නේ ද ඔහුට කෘතවේදී වීමට නොවේ. ඔහු විසින් දායාද කළ නිර්මාණ අල්ප වුවද ඒ විශිෂ්ට නිර්මාණයන්ට කෘතවේදී වීමටයි. මේ ගීතය අසද්දී ඔබට අන්දර යායේ වැව් තාවල්ලේ සිටින අප්පච්චී සිහි වනු ඇත.
    එහෙත් මට ඊට පෙර සිහි වන්නේ මුහුණේ මඳක් රැවුල වවාගෙන උපැස් යුවළක් පැලඳ පොකුටු කොණ්ඩයක් ඇතිව ෆයිල් කවරයක් ද අතැති ව කොළඹ විශ්වවිද්‍යාලයේ කඩිමුඩියේ එහා මෙහා ගමන් කළ හීන්දෑරි කොලු ගැටයෙකි.

    ධම්මික බණ්ඩාර