සුන්දර ගීයක ඇරබුම,..

bhanukanadeesha

Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    මට ගීත ගෑන විචාර කරන්න තරම් ඩෑනුමක් නෑ..ඒත් මම මේතරම් ගීතවලට යොමු වුනේඑක් අත් දෑකීමක් නිසා මෙච්චර කාලෙකට කාටවත්ම නොකියපු ඒ අත්දෑකීම මම උබඔලට කියන්නම්.. අදටත් ඒ සිදුවීම් මාලාව මත්ක් වෙනකඔට ඈඩෙනව..ඈත්තටම ඈඩෙනව...

    මම ගියෙ මිශ්‍ර පාසලකට දන්න කාලෙ ඉදන් මගෙ හොදම යාලුව වුනේ ගෑනු ලමයෙක්.. එයා මුස්ලිම් කෙනෙක්..
    අපි ටිකෙන් ටික වයසින් වෑඩෙද්දි අපේ යාලුකම ත් ඒත් එක්කම වෑඩි වුනා පිටින් මෙවෙනකොට ඉස්කෝලෙ ටීචස් ල පවා හිතන් හිටියෙ අපි අතරෙ සම්බන්දයක් තියනව කියල.. ඒත් අපේ අතරෙ එහෙම දෙයක් තිබුනෙ නෑ (එහෙමයි මම හිතුවේ)
    කොහොම හරි අපිදෙන්නගෙ අතරෙ තිබුනෙ පුදම බෑදීමක්.. පන්ති පවා ගියෙ අපි එකට අපේ ගෙවල් වලට පාවා අපිව අමුත්තො උනේ නෑ.. එයාගෙ අම්ම ඕනම රෑක මාත් එක්ක එයාව ඕනම තෑනකට යවන්න තරමට ගෙවල් වලට අපිව විශ්වාස වුනා..

    ඔහොම ඉද්දි සාමාන්යපෙල කරල අපි ගෙවල් වල නෑවතුනා. මම මෑලේසියාවට ගියා..

    මට මුලින්ම එතකොට තමා තේරුනේ එයාට මම කොච්චර ආදරය කාලාදකියලා.. මම එයාට පුලුවන් හෑම වෙලාවකදීම කාතා කලා.. මම කියිවා මම ඔයාට ආදරය කරනව කියල. එත කොට මගෙ මෑනික කියුව .. මම ඔයාට ආදරය කරන්නෙ මීට ගොඩකාලයකට කලින් ඉදන් කියල.. දෙයියනෙ... මට අදහ ගන්නත් බෑරිවුනා..

    කොහොම හරි රිසාල්ට් එන්න සුමාන දෙකකට කලින මම එන්නලෑස්ති වුනා..මගෙ මෑනික අක්කලගෙ ගෙදර ගියා නුවර එලියෙ.. මම එනදවසට එනව කියල.... ඊට පස්සෙ එක පාරක් කෝල්කරල කියුවා අක්කලගෙ ගෙදරට සිග්නල් නෑ ෆොන් එක ඕෆ් කරල තිබුනොත් බයවෙන්න එපා කියල.. මම එහෙන් නගිද්දිත් කෝල් කලා මගෙ මෑනිකගෙ ෆෝන් එක ඕෆ්.. මම බය වුනේනෑ සින්ග්නල් නෑකියපුනිසා


    ලන්කාවට බෑහෑපු ගමන් මම අම්මව බලල ගියෙ මගෙ ,ඈනිකව බලන්න..
    උබලට හිතාගන්න පුලුවන්ද මම මොනවද දෑක්කෙ කියලා???? මගෙ මෑනික මාව විතරක් නෙමේ.. මේ මුලු ලෝකෙම දාලගිල්ලා.. ඒ අම්ම අඩනව..මම යද්දිත් මගෙ මෑනිකව වල ලලා ඉර්යි.. ඒයා ,මුස්ලිම් නිසා..මගෙ මෑනිකව නෑතිවෙලා තියෙන්නෙ මාව බලන්න කොලබ එද්දි වාහනේ හෑප්පිලා..

    පොඩ්ඩ්ක් හිතපල්ල.. මාස තුනක් තිස්සෙ නොදෑකපු ඒ රූපෙ බලන්න මම එද්දි එයාව වලදාලත් ඉවයි.. මාව පිස්සෙක් නොවී බෙරුනේ මගෙ අම්ම තාත්ත නිසා

    අදටත් මම බලන් ඉන්නවමගෙ මෑනික කවදා හරි මම ගාවට එයි කියල මම ද්නනවා ඒක වෙන්නෙ නෑ කියලා.. ඒත් මම බලන් ඉන්නව.. අද මට ආදර වන්තියක් ඉන්නව එයත් දනන්ව අපි ගෑන ඒක නිසා පරශ්න නෑ..


    එත් මගෙ මෑනිකව මතක් වෙන පාරක් පාරක් ගනේ කකුල්දෙක පන නෑතිව ගිහින් ඈස්දෙක බොදවෙනව..

    ඊයෙ ඉපදී අද මිය යන්නට
    පෙරුම් පුරාගෙන උපන් ලයේ....
    හීයේ වේගෙන් අහස උසට බෑදි
    ආදාරය ලෝකය හෙතත් තියේ......
    ඒත් ඉතින් දෑන් සොදුරිය ඔබ නෑත
    ඈයිමේ ලොව මා තිනව මෙසේ...
    මාත් මගේ හිතටත් ඔබ සුවද්යි
    සදා රෑදේමයි ඒ සුවදේ...

    සමාවෙන්න යාලුවනේ මේ වගේ තෑනක ඔය කතාව දෑම්මට... එත් මෙතෙන තමා ඕක දන්න හොදම තෑන කිය්ල මමහිතන්නෙ....මොකද ගීතයකට ආදරය කරන හදවතකට ..මේවගේ කතාවක්ම්තේටුම් ගන්න පුලුවන් කියල මම හිතන නිසා
    godak dukai :(
    mamath love karanne muslim genu lamayekuta
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    mage paaal kaalaya......
    sihiwenawane samadina....
    age surathal alaya.....
    roosamalak wage penuna ne mata.......

    baila geethayak unata meke anthima tika maara widiyata wadenawa ne??????
     

    imp

    Member
    Dec 31, 2010
    1,250
    76
    0
    ගොඩක් සතුටක් හිතට දැනෙනවා..... දැන් අපේ යාළුවො සිංහල ගීත රසවින්දයෙන් මත්වී අපව දිරිමත් කිරීම ගැන.... ඔන්න එහෙනම් තවත් ගීතයක් අරගෙන ආව මම.... කලින් කිව්ව වගේ රජ මැදුරක ඉපදී සිටියානම් කියන ගීතය තමා දැන් මම ඔයාලට ගීපද විචාරයකින් දෙන්න හදන්නෙ..... රස වින්දොතින් කමෙන්ට්ස් වලින් අපිට සංග්‍රහ කරලම යන්න............

    ජීවිතය කියන්නෙ මොනතරම් අහම්බයක්ද....? ජීවිතය කියන්නෙ මොනතරම් අසාධාරණයක්ද....? ළමයෙකුට අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් හිනාවෙලා අඩවන්න පුළුවන් කියල ඔබල අහල තියෙනවද....? ඒත් දැන් අපි කතා කරන ගීතයේදි මේ පුතා අම්මව තමන්ගෙ සිනහවෙන් රිදවනව... අඩවනව.....හොදටම අඩවනව.....

    පුතේ උඹ හැබහින් හිනා උනානම් ඒක මට සැපතක්... උඹ හැබැහින් ඇඩුවත් මට ඒක සැපක්..... උඹව රජෙක් නොවුනෙ මගේ කරුම දුප්පත් කමට... ඒත් උඹ මේ දුප්පත් පැලේ හිරිකඩ වැටෙද්දි... පොල් අතු ගැලවෙන්න හදද්දි... හීනෙන් රජ සැප විදිමින් හිනාවෙනව.... මම කොහොමද උඹ ඒහෙම හිනාවෙනව අඩන්නෙ නැතිව බලාගෙන ඉන්නෙ පුතේ........

    රජ මැදුරක ඉපදී සිටියානම්
    නුඹත් රජෙකි
    පුතුනේ..
    හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි
    අද නුඹෙ සිරි යහනේ
    හීනෙන් හිනා නොවී
    මා හඬවාපන් මේ
    රෑ යාමේ...


    උඹ පුතෙක් නෙවෙයි දෙව්ලොවෙන් ආපු දේව කුමාරයෙක්.... නිහඩවම ඉදගෙන මාව ඇයි මගේ පුතේ මෙතරම් රිද්දන්නෙ.... ඇයි උඹ වගේම, උඹේ වයසේම ළමයි පාර දිගේ යනකොට රස කැවිළි දැකල ඉල්ල අඩනව.... සෙල්ලම් බඩු දිහා බලල පොරකනව ඒව ඉල්ලල..... ඒත් උඹ.... ඒව ලගදි අහක බලාගන්නව... ඇයි මගෙ පුතේ ඇයි.... උඹ තාම පොඩියිනේ... මෙච්චර පොඩි වයසෙන්ම උඹට කොහොමද පුතේ මගේ අසරණ කම, මගේ දුප්පත් කම තේරුණේ... මට උඹ ඉල්ලන දේවල් අරන් දෙන්න සල්ලි නැති නිසා මම දුක්වෙයි, මගේ හිත රිදෙයි කියල නේද මගේ පුතේ එහෙම අහක බලාගන්නෙ.... උඹ පුතෙක් නෙමෙයි බෝසත් කෙනෙක්.... ඒව ඉල්ලල මට වද නොදී, මාව අසරණ නොකර හීනෙන් ඒ රස විදින විදිය මට පේනව පුතේ.... මම කොහොමද දෙවියනේ මේක වාවගන්නෙ.....

    පුංචි පැටික්කන්
    මග දිග අඬවන
    සිල්ලර රස කැවිලි..
    දුව යන ඉගිලෙන
    විසිතුරු සෙල්ලම් යානා
    පෙනි පෙනී...
    අහක බලාගෙන
    මග දිග යනවිට
    නැහ මට වාවන්නේ..
    හීනෙන් හිනා නොවී
    මා හඬවාපන්
    මේ රෑ යාමේ..

    අපි කොයිතරම්නම් දුප්පත්ද .... හරියට තුන්වේල කන්න අපිට වත්කමක් නෑ.... වේලක් කන්නෙ තව වේල් දෙකක් බඩගින්නෙ ඉන්න ඕනි නිසා.... ඒ හදන කෑම වේලෙත් කන්න දෙයක් නෑ... ඒත් ඒ හුනු සාලයි ලුණුවතුරයි කිසිම දෝෂයක් කියන්නෙ නැතිව කන්නෙ කොහොමද පුතේ..... උඹ ඒක මට පේන්න හරිම ආසාවෙන් කනව... උඹ පුතෙක් නෙමෙයි තාත්ත කෙනෙක් ... ඔය පුන්චි වයසටම මේ තරම් මම ගැන, මගේ හිත ගැන හිතනවා..... මම දෙන මොනව හරි බඩට දාගන්න උඹ, හරි උද්යෝගයෙන් දුවගෙන යනව ඉස්කෝලෙ..... එහෙම කරන්නෙ ඇයි පුතේ.... වෙන ළමයි වගේ ආස කරන දේවල් ඉල්ලල මාවා අසරණ කරල මාව අඩවපන්, ඒත් ඒක යට වාවගන්න පුළුවන් ඒත් එහෙම නොකර අනේ නිහිඩවම තමන්ගෙ ආසාවල් යටපත් කරගන්න එපා... උඹ තවම පුන්චි වැඩිය රත්තරන් කොල්ලො.... ඒ උඹ යටපත් කරන හැම ආසාවක්ම හීනෙන් විදල හිනාවෙනකොට , ඒක දකිනකොට මට ඉවසගන්න බෑ.. මගේ පපුව පැලෙයි... මම අසරණයි මගේ පුතේ.... මම අසරණයි.....

    ඉඳහිට මොලවන
    ලිපත් දනී පුත
    ලුණු රස සුනු සහලේ...
    රස බොජුනක් සේ
    දිව ගා ඇල්මෙන්
    අකුරට දිව යන්නේ...
    ඇඳලා කල්ගිය රෙදි වැරළී
    නැහැ මට වාවන්නේ...
    හීනෙන් හිනා නොවී
    මා හඬවාපන්
    මේ රෑ යාමේ...


    ඇස් දෙකට කදුළු උනන තරම් සංවේදනීය කතාන්තරයක්... පුතෙක් හීනෙන් හිනාවෙලා අම්මව අඩවනව කියන එක කොතරම් නම් හැගුම්බර කාරනයක්ද.... මව කොච්චරටම අසරණවෙලාද... මේක තමා යාළුවනේ අපි නොදකින අපිට නොපෙනෙන සැබෑ සමාජ යථාර්ථය.... ඔබත් මමත් සැපට වාඩිවෙලා මේ විචාරය කයවන මොහොතෙදිත් අතේ මුදල් නැති කමට කොතරම් නම් පිරිසක් බඩගින්නෙ ඉන්නව ඇතිද කියල හිතන්න.... මොහොතකටවත් අපි ඒ අය වෙනුවෙන් දුක්වෙමු..... සමාජ අසාධාරණය ගැන කියවෙන මේ ගීතය නම් ඉතාම සංවේදී ගීතයක්.... යාළුවනේ මේ විචාරයෙන් පස්සෙ මේ පුළුවන්නම් ගීතය අහන්න... සමාජ යථාර්තය මේකයි... අපි කොතරම් උත්සාහකලත්.... සමාජයේ උස්-පහත්, කළු-සුදු, ඇති-නැති පරතරයන් තියෙනවා.... මේ ගීතය විචාරය මම අවසන් කරන්නෙ දිනයක අන්න ඒ දේ තුරන්වේවා කියල ප්‍රාර්ථනා කරමින්.....

    රජ මැදුරක ඉපදී සිටියානම්
    නුඹත් රජෙකි
    පුතුනේ..
    හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි
    අද නුඹෙ සිරි යහනේ
    හීනෙන් හිනා නොවී
    මා හඬවාපන් මේ
    රෑ යාමේ...

    පුංචි පැටික්කන්
    මග දිග අඬවන
    සිල්ලර රස කැවිලි..
    දුව යන ඉගිලෙන
    විසිතුරු සෙල්ලම් යානා
    පෙනි පෙනී...
    අහක බලාගෙන
    මග දිග යනවිට
    නැහ මට වාවන්නේ..
    හීනෙන් හිනා නොවී
    මා හඬවාපන්
    මේ රෑ යාමේ..

    ඉඳහිට මොලවන
    ලිපත් දනී පුත
    ලුණු රස සුනු සහලේ...
    රස බොජුනක් සේ
    දිව ගා ඇල්මෙන්
    අකුරට දිව යන්නේ...
    ඇඳලා කල්ගිය රෙදි වැරළී
    නැහැ මට වාවන්නේ...
    හීනෙන් හිනා නොවී
    මා හඬවාපන්
    මේ රෑ යාමේ...

    පද - ලූෂන් බුලත්සිංහල
    තනුව - එච් එම් ජයවර්ධන
    ගායනය - මාලනී බුලත් සිංහල


    මෙම විචාරය රසවත්නම් තව ගීතයක් තවත් ටික වේලාවකින්..........

    සිරාවටම ඇඩුනා මචන්...මෙවා බෙදා ගන්නවට උබට පින් මචන්...අපෙ කලාව දැන් නැති වෙන එක ගැන මාර දුකයි....උබලා හිටියෙ නැත්තම් මෙ ටික වත් දැනගන්න විදියක් නෑ.......
     

    imp

    Member
    Dec 31, 2010
    1,250
    76
    0
    ඔන්න ආයෙත් මම ගීතයක් අරගෙන ආව..... දැන් ටිකකට කලින් යාළුවෙක්ගෙ ඉල්ලීමක් තමයි මම මේ දැන් දෙන්නෙ. අනේ යාළුවනේ කිහිපදෙනයි කමෙන්ට් දෙන්නෙ.... ඔයාලම හිතන්න මෙච්චර අමාරුවෙන් ටයිප් කරල අපි ආසාවෙන් බලාගෙන ඉන්නව ඔයාල අපේ විචාරය ගැන කියන අදහස් මොනවද කියලා... නමුත් විචාර දෙකක් අතර කමෙනට්ස් 5,6 කට වඩා නෑ. ඒකත් නිතරම එන අයගෙන්... 9000ට ආසන්න පිරිසක් මේ වනවිටත් බලල තියෙනවනම්........................ අනේ මන්ද................. හරි කමක් නෑ , අපි යමු ගීතයට.......

    ගහක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    හිතක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    නුඹට සිත බැදි කාරණේ මා
    තවම සොයන්නෙමී...


    හරි ලස්සන ප්‍රේමණීය සින්දුවක්.... ආදරවන්තයින් කී දෙනෙක් තමන්ගෙ පෙම් හසුන්වල, එස් එම් එස් වල, ඊමේල් වල මේ ගීතය ලියන්න ඇත්ද.....? ආදරවන්තියින් කීදෙනෙක් මේ ගීතය සිය සහකරු හෝ සහකාරිය ළග තියාගෙන ගායනා කරන්න ඇත්ද....? ඒ තරමටම ප්‍රේමණීයවූත්, සුන්දරවූත්, ඉත්මත් ඉක්මනින් සිත්තුල තැන්පත්වී ජනප්‍රිය වූත් ගීතයක් තමා මේ.

    ඒත් මේ ගීතය සමලිංගික ඇසුර සාධාරණයයි පවසමින් සමලිංගික ආදරය ගැන ප්‍රකාශකරන ගීතයක්... දැන් අපි බලමු කොහොමද එහෙම වෙන්නෙ කියල.....

    හැමෝම වගේ මේ ගීතයේ මුල් කොටසන්ම තීරණයකට ඇවිත් ඉවරයි ආදර වන්තයෙක් ආදර වන්තියකට කියන ගීතයක් කියල.... ඇත්ත ඕන කෙනෙකුට එහෙම හිතෙනව තමා .... මොකද සරලව පද ගැලපීමක් සිදුකරල තියෙනව ඒ මුල් කොටසෙ. මේ මුලු ලෝකයම සුවද කරන්නට ගස් වල මල් පිපෙන්නේ ඇයි කියල මට තාමත් තේරෙන්නෑ.. ඒ ගස් වලින් දෝරෙ ගලන මල් සුවද වගේම සුවදට.. (සමහරවිට ඒ සුවද ඊටත් වඩා වෙන්නැති ) මගේ සිතේ විකසිත වෙන මල් සුවද .. සුවදක් වෙන්නෙ ඇයි කියල මම දන්නෑ... ඒ මල් පිපෙන්නෙ ඇයි කියල දන්නෑ වගේම ඔබ වෙනුවෙන් මගෙ හිත ඇදුනෙ ඇයි කියලත් මම දන්නෑ...

    ගහක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    හිතක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    නුඹට සිත බැදි කාරණේ මා
    තවම සොයන්නෙමී...


    නමුත් දෙවන කොටස ගැඹුරින් විශ්ලේෂණය කලොත් අපිට ගීතය තුල මුල් බැසගත් සැබෑ අර්ථය හොයාගන්න පුළුවන්.. සැබෑ අර්ථය බුද්ධිමත් ශ්‍රාවකයාට පමණක් තේරුම්ගැනීමට අවස්ථාවක් ලබාදීමටත් සාමාන්‍ය ශ්‍රාවක රසයෙන් එය වසන් කිරීමට මෙහි ගීත රචකයා ප්‍රභල සාර්ථක උත්සාහයක් දරල තියෙනව.

    ලෝක ස්වභාව අනුව පිරිමියෙක් ප්‍රේම කරන්නෙ කාන්තාවකට හරියට කාන්තාරය සූර්ය රශ්මියට ප්‍රේම කරනව වගේ. නමුත් කාන්තාරයට අවැසිනම් නිතරම නොලැබෙන වර්ෂාවට උනත් පණවගේ ආදරේ කරන්න පුළුවන්. අපූරු උපමා යොදාගනිමින් යමුනා මාලනී නම් පද රචිකාව ඉතාම සංයමයෙන් සමලින්ගික ප්‍රේමයක පැටලුනු අයෙකුගේ සිතුවිල්ලක් මෙහි ප්‍රකාශවෙනව. එනම් ලෝක ධර්මතාවයට අනුව ගැහැණියක් හා පිරිමියෙක් එකිනෙකාට ආලය කිරීම සිදුවූවත් විශම ලිංගිකත්වයෙන් ඔබ්බට ගොස් සමලිංගිකයන් කෙරේත් ආදරය නම් හැගීම ඇතිවිය හැකි බවයි. මෙම පදපෙල අවසානයේ රචකයා යොදා ඇති "ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගෙයි මනරම්.. කරනු බැහැ තහනම්.." පද පෙලින් සමලිංගික ආදරය සම්මතයෙන් ඔබ්බට ගොස් අසම්මතයේ ක්‍රියාවක් බැවින් මෙකී සෙනෙහස ලොවෙන් සගවනා සෙනෙහසක් බවත් කිසිවෙකුට ඒ හැගීම යටපත් කරන්නට බැරි බවත් කියන්න උත්සාහ කරනව...

    "කතරෙ වැලි කැට හිරුට පෙම්බැද
    ඇතත් ලෝ දහමින්
    සොදුරු වැස්සට දැවෙන කතරත්
    ආදරෙයි පණමෙන් "


    ගීතයේ අවසන් කොටසෙදිත් පද රචකයා සිංහල භාෂාවේ තිබෙන හරිම සුන්දර වචන උපමා උපමේ යොදාගනිමින් තමා අපට මේ අසම්මත කතාව පැහැදිලි කරන්නෙ. "සදට සදහට සෙනේ පෑ මුත් උදුල තරු කැටයම්..." සද , තරු දෙකම අයිති රාත්‍රි අහසට ඒක තමා ලෝක සම්මතය.. සද තරුවටත්, තරුව සදටත් පෙම් කරනව ... ගැහැණිය පිරිමියටත් පිරිමිය ගැහැනියටත් වගේ... සම්මතය එපරිදි උනත් ඒ සම්මතයට එපිටින් ගිහින් සදට පෙම්බදින්නෙ නැතිව දිවා කාලයේ හිරුට පෙම්බදින අයත් ඉන්න පුළුවන් නේද.... ? කියල තමයි අවාසාන පදයෙන් අහන්නෙ.

    "සදට සදහට සෙනෙහෙ පෑමුත්
    උදුල තරු කැටයම්
    හිරුටපෙම් බැදි එකම තරුවක්
    සිටිය නොහැකිද යම් "

    සරලව පැහැදිලි කරන්න හරිම අපහසු ගීතයක් .... ඒත් ඉල්ලීමක් කල නිසා පුලුවන් තරම් සරලව විග්රසහ කලා.... දැන් අපේ යාළුවො තවමත් ඉන්නෙ ආදරවන්තයෙක් ආදරවන්තිට කියනවා කියන මතයේද.... ඔන්න දන්නකෙනෙකුට මම මුළින් සදහන් කලා වගේ ලියුම් වල ලියල යවන්න දෙන්න එපා හොදේ.... හිතන්න ඔබේ ප්‍රේමවන්තිය හෝ ප්‍රේමවන්තය දැන් ඔබට මේ ගීතය ලියල දුන්නොතින් වෙන දේ.......... හොදට අහගනී නේද යාළුවනේ..... සිංහල ගීතයේ තියෙන රසය ඒක තාමා කියන්නෙ එකක් නමුත් යටින් හැමෝටම හොරෙන් ගලාගෙන යන්නෙ තවත් අර්ථයක්..... ඒ යටි අර්ථය සැබෑවටම හදුනගන්නෙ ඔබ වගේ බුද්ධිමත් හා ඉහල රසයක් තියෙන සීමිත පිරිසක් පමණයි....

    කොහොම උනත් අපිට මේ ගීතය විවිධ පැතිකඩයන් හා විවිධ මාන ඔස්සේ හා විවිධ බුද්ධිමට්ටම් වලින් දකින්න විදින්න පුළුවන් කමක් තියෙනවා..... තවත් ගීතයක් තව ටිකකින් දෙන්නම්... දැනට නවතින්නම්..... කමෙන්ට්ස් ඕනී......

    ගහක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    හිතක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    නුඹට සිත බැදි කාරණේ මා
    තවම සොයන්නෙමී...

    කතරෙ වැලි කැට හිරුට පෙම්බැද
    ඇතත් ලෝ දහමින්
    සොදුරු වැස්සට දැවෙන කතරත්
    ආදරෙයි පණමෙන්
    ලොවට නොපෙනෙන අරුම සෙනෙහස
    ඒ වගෙයි මනරම්
    කරනුබැරි තහනම්

    සදට සදහට සෙනෙහෙ පෑමුත්
    උදුල තරු කැටයම්
    හිරුටපෙම් බැදි එකම තරුවක්
    සිටිය නොහැකිද යම්
    නුඹට නොහැගෙන මගේ ප්රේුමය
    ඒ වගේ මනරම්
    පුදුමවෙයි නුඹ නම්

    ගායනය - කරුනාරත්න දිවුල්ගනේ
    පද රචනය - යමුනා මාලනී පෙරේරා
    තනුව - ගුණදාස කපුගේ

    නියමයි
    මචන්
     

    imp

    Member
    Dec 31, 2010
    1,250
    76
    0
    මට ගීත ගෑන විචාර කරන්න තරම් ඩෑනුමක් නෑ..ඒත් මම මේතරම් ගීතවලට යොමු වුනේඑක් අත් දෑකීමක් නිසා මෙච්චර කාලෙකට කාටවත්ම නොකියපු ඒ අත්දෑකීම මම උබඔලට කියන්නම්.. අදටත් ඒ සිදුවීම් මාලාව මත්ක් වෙනකඔට ඈඩෙනව..ඈත්තටම ඈඩෙනව...

    මම ගියෙ මිශ්‍ර පාසලකට දන්න කාලෙ ඉදන් මගෙ හොදම යාලුව වුනේ ගෑනු ලමයෙක්.. එයා මුස්ලිම් කෙනෙක්..
    අපි ටිකෙන් ටික වයසින් වෑඩෙද්දි අපේ යාලුකම ත් ඒත් එක්කම වෑඩි වුනා පිටින් මෙවෙනකොට ඉස්කෝලෙ ටීචස් ල පවා හිතන් හිටියෙ අපි අතරෙ සම්බන්දයක් තියනව කියල.. ඒත් අපේ අතරෙ එහෙම දෙයක් තිබුනෙ නෑ (එහෙමයි මම හිතුවේ)
    කොහොම හරි අපිදෙන්නගෙ අතරෙ තිබුනෙ පුදම බෑදීමක්.. පන්ති පවා ගියෙ අපි එකට අපේ ගෙවල් වලට පාවා අපිව අමුත්තො උනේ නෑ.. එයාගෙ අම්ම ඕනම රෑක මාත් එක්ක එයාව ඕනම තෑනකට යවන්න තරමට ගෙවල් වලට අපිව විශ්වාස වුනා..

    ඔහොම ඉද්දි සාමාන්යපෙල කරල අපි ගෙවල් වල නෑවතුනා. මම මෑලේසියාවට ගියා..

    මට මුලින්ම එතකොට තමා තේරුනේ එයාට මම කොච්චර ආදරය කාලාදකියලා.. මම එයාට පුලුවන් හෑම වෙලාවකදීම කාතා කලා.. මම කියිවා මම ඔයාට ආදරය කරනව කියල. එත කොට මගෙ මෑනික කියුව .. මම ඔයාට ආදරය කරන්නෙ මීට ගොඩකාලයකට කලින් ඉදන් කියල.. දෙයියනෙ... මට අදහ ගන්නත් බෑරිවුනා..

    කොහොම හරි රිසාල්ට් එන්න සුමාන දෙකකට කලින මම එන්නලෑස්ති වුනා..මගෙ මෑනික අක්කලගෙ ගෙදර ගියා නුවර එලියෙ.. මම එනදවසට එනව කියල.... ඊට පස්සෙ එක පාරක් කෝල්කරල කියුවා අක්කලගෙ ගෙදරට සිග්නල් නෑ ෆොන් එක ඕෆ් කරල තිබුනොත් බයවෙන්න එපා කියල.. මම එහෙන් නගිද්දිත් කෝල් කලා මගෙ මෑනිකගෙ ෆෝන් එක ඕෆ්.. මම බය වුනේනෑ සින්ග්නල් නෑකියපුනිසා


    ලන්කාවට බෑහෑපු ගමන් මම අම්මව බලල ගියෙ මගෙ ,ඈනිකව බලන්න..
    උබලට හිතාගන්න පුලුවන්ද මම මොනවද දෑක්කෙ කියලා???? මගෙ මෑනික මාව විතරක් නෙමේ.. මේ මුලු ලෝකෙම දාලගිල්ලා.. ඒ අම්ම අඩනව..මම යද්දිත් මගෙ මෑනිකව වල ලලා ඉර්යි.. ඒයා ,මුස්ලිම් නිසා..මගෙ මෑනිකව නෑතිවෙලා තියෙන්නෙ මාව බලන්න කොලබ එද්දි වාහනේ හෑප්පිලා..

    පොඩ්ඩ්ක් හිතපල්ල.. මාස තුනක් තිස්සෙ නොදෑකපු ඒ රූපෙ බලන්න මම එද්දි එයාව වලදාලත් ඉවයි.. මාව පිස්සෙක් නොවී බෙරුනේ මගෙ අම්ම තාත්ත නිසා

    අදටත් මම බලන් ඉන්නවමගෙ මෑනික කවදා හරි මම ගාවට එයි කියල මම ද්නනවා ඒක වෙන්නෙ නෑ කියලා.. ඒත් මම බලන් ඉන්නව.. අද මට ආදර වන්තියක් ඉන්නව එයත් දනන්ව අපි ගෑන ඒක නිසා පරශ්න නෑ..


    එත් මගෙ මෑනිකව මතක් වෙන පාරක් පාරක් ගනේ කකුල්දෙක පන නෑතිව ගිහින් ඈස්දෙක බොදවෙනව..

    ඊයෙ ඉපදී අද මිය යන්නට
    පෙරුම් පුරාගෙන උපන් ලයේ....
    හීයේ වේගෙන් අහස උසට බෑදි
    ආදාරය ලෝකය හෙතත් තියේ......
    ඒත් ඉතින් දෑන් සොදුරිය ඔබ නෑත
    ඈයිමේ ලොව මා තිනව මෙසේ...
    මාත් මගේ හිතටත් ඔබ සුවද්යි
    සදා රෑදේමයි ඒ සුවදේ...

    සමාවෙන්න යාලුවනේ මේ වගේ තෑනක ඔය කතාව දෑම්මට... එත් මෙතෙන තමා ඕක දන්න හොදම තෑන කිය්ල මමහිතන්නෙ....මොකද ගීතයකට ආදරය කරන හදවතකට ..මේවගේ කතාවක්ම්තේටුම් ගන්න පුලුවන් කියල මම හිතන නිසා
    im realy sry bro...
    මොනවා කියන්නද කියල තෙරෙන්නෙ නෑ...ගොඩක් දුකයි සහෝ
     

    imp

    Member
    Dec 31, 2010
    1,250
    76
    0
    උඹත් මාර රසිකත්වයක් තියෙන කොල්ලෙක්නේ.... එල එල...

    එක විනඩියක්වත් කම්මැලි හිතුනෙ නෑ.. අසාවට එකදිගට කියවගෙන අවා...coment දාන්නත් බැරි උනා..එකට සමාවෙන්න සහෝදරයා
     

    imp

    Member
    Dec 31, 2010
    1,250
    76
    0
    දන්නෙම නැතිව වෙලාව ගිහින්...දැන් යන්න වෙනවා...හෙට හමුවෙමු....
    සුභ රාතියක්...
     

    Apahu

    Junior member
  • Dec 27, 2008
    87
    1
    8
    NIYAMAI
    MULU THREAD EKAMA KIYAWA AWASAN UYE DEN THAMAI
    SUBA PATHAMI
    KEEP IT UP BROTHERS
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    පැය 4ක් තිස්සෙ එක දිගට කියවනවා...නියමයි සහො...දිගටම යන්න..ජය වෙවා!

    දන්නෙම නැතිව වෙලාව ගිහින්...දැන් යන්න වෙනවා...හෙට හමුවෙමු....
    සුභ රාතියක්...


    NIYAMAI
    MULU THREAD EKAMA KIYAWA AWASAN UYE DEN THAMAI
    SUBA PATHMI
    KEEP IT UP BROTHERS

    :love::love::love::yes::yes::yes::love::love::love:
     
    [SIZE="5"[COLOR="Red"]]ෙදඅර විලිකුන් සුරත් ඵ ෙල් :love:
    ෙපම් මදිරා අයැදිමින් සැෙල්

    ෙදඅදර - ෙද ෙතාල්
    විලිකුන් - ඉදුනු
    සුරත් - තද රතු
    ඵ ෙල් - ෙගඩිය/ඵලය

    [/COLOR]

    අර්ථය හිතා ගන්න :P
    මම දන්ෙන ඔච්චරයි:rofl:

    ෙම් ෙත්‍රඩ් ඒක දිගට:love: කර ෙගන යන්න - සියළු ෙදනාට ජය!
    ;)[/SIZE]()
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,479
    5,872
    113
    මටත් දෙයක් කියන්න ඕන.......!!!!!!

    මිල්ටන් මල්ලවාරච්චි කියන ගායකයා බදින්න හිටපු කෙනාව බදින්න බැරිඋනාලු........!!!!

    එකලු ඒ ගායකයා ඔච්චර විරහ ගීත කියල තියෙන්නේ.......!!!!!

    ඇත්තද බොරුද නම් දන්නේ නෑ මචෝ.....!!!!!

    එත් මන් අහල තියෙන්නේ එහෙමයි......!!!!!
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    Milton mallawarachchi yalu wela hitiye Nawaloka mudalali ge duwa ekka.. eya Doc bandala USA giya.. ethana indan thama boot sindu kiyala thiyenne..issara milton awilla sindu kiyaddi..meya wa ahan innawa lu. mama thama meka kiyonawa.umbe prashne ta coment ekak dannama hithuna..:P :P
     
    • Like
    Reactions: aneasarayana

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මම තාම ඉන්නේ 41 වෙනි පිටුවේ,ඊයේ වැඩ වැඩි කම නිසා මේකට එන්න බැරි උනා.. :(
     
    Weraliyadda08.gif




    දන්න ෙක ෙනක් ඉන්නවනම් ෙම් සිංදුව ගැන දාන්නෙකා, ජය ෙව්වා !
     

    RoshanSAM

    Junior member
  • Dec 19, 2011
    72
    3
    8
    machan puluwan nam Rookantha Gunathilakage
    "Sande aida oba" sinduwath me widihata dapan loku udauwak machan,
    me thread eka thawa issarahata aran yanna labewa machan,,, Jaya wewa...