[B
හරිම සුන්දරයි නේද අපේ යාළුවනේ සිංහල සංගීතය..... කමේන්ට් දෙනවද...මට.....?
[/B]
සා ජහන් රජුව සිර භාරයට ගත්තාම ඉල්ලල තියෙන්නෙ දේවියගෙ සිරුර තැන්පත් කරල තියෙන කාමරය පෙනෙන තැනක සිර කරන්න කියල. අවසානයෙ රජතුම මැරිල තියෙන්නෙත් ඒ කාමරය දිහම බලාගෙන
[B
හරිම සුන්දරයි නේද අපේ යාළුවනේ සිංහල සංගීතය..... කමේන්ට් දෙනවද...මට.....?
[/B]
මෙන්න ඔයාලම උත්සාහ දරාපු ගීතයේ විචාරය ..... ඊට කිලින් මේ පින්තූර දෙක දිහා බලන්නකෝ.................................
![]()
![]()
හරි එහෙනම් අටුවා ටීකා ඔනි නෑ.... අපි යමු විචාරයට.... යාළුවනේ මේ ගීතයෙන් කියවෙන්නෙ ෂාජෙහාන් ඒ කියන්නෙ ටජ් මහල් හදපු රජතුමා තමාගෙ බිරිදගේ දෙහය ටාජ් මහල් වල තැන්පත් කරන්න හා තැන්පත් කරල එනවිට හිතපු සිතුවිල්ල...... දැන් අපි බලමු ඇයි එහෙම කියන්නෙ කියලා........(මෙතෙනින් එහාට මම විග්රාහ කරන්නෙ ෂාජෙහාන් රජතුමා හිතන විදියට හෝදේ.....)
ආදර සැමරුම් කැටිවූ නෙතු කඳුළින් මුතු පබළු
නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ..යමුනා තීරේ..
එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ..
මහද අඳුරු ලෙන අතහැර වඩින්න දේවියේ..
මාව තනිකරල.... අපිදෙදෙනාගේ ආදරේ කථාව නිමා කරල... ඔයා සදහටම දෙනෙත් පියාගත්ත දේවියේ.... ඒත් අපිදෙන්නගේ ආදරේ මතක සටහනක් විදියට, මගේ කදුළු වල අර්ථකතනයක් දෙන්න මගේ උපරිම ශක්තිය යොදල උපරිම බල යොදල මම ටාජ් මහල් මන්දිය අපි දෙන්නගේ ආදරයේ සිහිවටයක් විදියට ඔන්න යමුනා අසබඩ මම ඉදිකෙරුව.... අන්න ඒ ලස්සන සොහොන් ගැබ බලා දැන් යන්න වෙලාව ඇවිත් තියෙන්නෙ... අහිතක් නැත්නම් අපේ ආදරේ නාමයෙන් ඒ ටාජ් මහල් මන්දිරයේ ඔබ වෙනුවෙන්ම තැනූ කුටිය බලා වඩින්න මගේ දේවියේ..... දැන් මගේ ලග ඉදල වැඩක් නෑ.... ඔයා නැති නිසා මේ මුළු මාළිගයම පාළුයි, අදුරුයි.... ඉතින් මෙහි ඉදල වැඩැක් නෑනේ.... තරහ නොගෙන මට අවසර දෙන්න ඔය දේහය ටජ් මහල් වෙත රැගෙන යන්නට.....
දහසක් මිණි මල් ලිය කම්..පෙම පිදු වූ රන් කැටයම්..
යමුනාවේ තරඟ මතින් මත පිළිබිඹු වේවා..
චමත් කාර අතීත සඳ යළිත් ජනිත වේවා..
(ටාජ් මහල් වෙත දේහය රැගෙන යද්දී)
සිය දහස් ගණනක් ලස්සන ලිය රටා, මල් රටා, සිත්තම් රටා..... අප දෙදෙනාගේ ප්‍රේමය ගැන සනිටුහන් කරපු සහසක් කැටයිම් .... මෙහි එන හමෝටම , දකින හැමෝටම යමුනා ගංගාවේ දියමතින් (දියෙහි ඇදෙන සෙවනැල්ල) පෙනේවා කියල මම ප්‍රාර්ථනා කරනව සොදුරියෙ.... මම ඔයාගෙ දේහය අරන් යනකොට මට පේනව මේ යමුනා ගගට ටාජ් මහල් වල සෙවනැල්ල වැටෙන හැටි.... එතකොට මට අපේ ආදරේ සිහිවෙනවා වගේම.... මෙහි එන හැමෝටමත් ඒ විදියටම අපේ ආදරේ, අපේ ආදර කතාව බිදුවක් නෑරමි සිහිවේවා.... අපේ ආදර කතාව මේ තියෙන ස්මාරක ඔස්සේ සියළුම ආදරවන්තයින්ට සිතින් මවාගන්න ලැබේවා.... කියල මම ප්‍රාර්ථනා කරනව......
අපගේ පෙම් පුරාවතින් දෙරණ හෙළු කඳුළු ගලා
මැදුරත කිරිගරුඬ පවුරු පබා කැළුම් දේවා..
සනාතන වූ පෙම් සිතුවම් එහි සටහන් වේවා..
(ටාජ් මහල් තුල දේහය තබා එද්දී)
ඔන්න මම ඔබගේ දේහය තැබුව එහෙනම් මට යන්න අවසර දෙන්න.... හැබැයි මම ඔබ වෙනුවෙන් මේ කරපු නිර්මාණය නිසා, අපේ ප්‍රේම කතාව අසා මේ දෙරණෙ සිටින සෑම ප්‍රේමවන්තියක්ම ප්‍රේමවන්තයෙක්ම කදුළු සලාවි...... මෙහි ඒවි සැබූ ආදරවන්තයින්.... මම ඔබ වෙනුවෙන් කරපු නිර්මාණය දැකල මගේ, අපේ, ඔබේ ආදරේ දරාගන්න බැරිව කම්පා වෙලා ඔවුන් කදුළු සලාවි..... ඒ කදුළු වලින් තෙත් වෙන මේ මැදුරුවල කිරි ගරුඩෙන් මම කරපු නිර්මාණ තව තවත් දීප්තිමත් වෙලා එළිය දේවා..... තව තවත් සුව හසක් ආදර හදවත් තුලට අප දෙදෙනාගේ ආදර පුවත සන්නිවේදනය වේවා....
මෙය තමා මෙම ගීතයේ සරල වූ විචාරය..... මීට වඩා දෙයක් සදහන් නොකර ඉන්නයි මම කල්පනා කලේ... මොකද මෙය ආදරවන්තයින් විදිය යුතු ගීතයක්.... නමුත් තව එක් දෙයක් සදහන් කල යුතුයි ..... ඒ තමයි.... ඔබට හිතුනෙ නැද්ද ඇයි මම (ටාජ් මහල් වෙත දේහය රැගෙන යද්දී) හා (ටාජ් මහල් තුල දේහය තබා එද්දී) යැයි භැවිත් කලේ.... මෙහි කොතැනකදීවත් එහෙම සදහනක් නොකර ඇයි මම ඒ ලෙස භාවිතා කලේ කියල...... එය තමා යාළුවනේ ගීත විචාරයේ තිබෙන සුන්දර කම.... හොදන් බල්න්න මෙහි මුලින් කියන්නෙ .............
එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ..
මහද අඳුරු ලෙන අතහැර වඩින්න දේවියේ.. කියල... ඉන් පස්සෙ අවසානෙදි කියන්නෙ....
එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ..
හෙටදින මා එනතුරු එහි නිදන්න දේවියේ..කියල එහෙම නේද... දුටවද වෙනස මුල්ම කොටසේ හා අවසාන කොටසේ.....
ඒ කියනනෙ මුල් අවස්ථාවෙන් කියන්නෙ ඔය දේහය මට රැගෙන යන්න අවසර දෙන්න... අපි යමු දේවියේ ඒ සොහොන් ගැබට.... දෙවන අවස්ථාවෙන් කියන්නෙ.... එහෙනම් ඔයා ඔතන සැතපිලා ඉන්න .... ඔන්න මම මගේ සොහොනත් ඔයා ලගින්ම ඉදිකලා හෙට දවසෙදි මා මිය ගියාන් පසුව මගේ දේහයත් ඔබ ලිගින්ම තැන්පත් වෙනවනේ.... ඉතින් මම එනකල් මගේ කුමාරිය සැතපෙන්න කියන එක....................
ආදර සැමරුම් කැටිවූ නෙතු කඳුළින් මුතු පබළු
නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ..යමුනා තීරේ..
එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ..
මහද අඳුරු ලෙන අතහැර වඩින්න දේවියේ..
දහසක් මිණි මල් ලිය කම්..පෙම පිදු වූ රන් කැටයම්..
යමුනාවේ තරඟ මතින් මත පිළිබිඹු වේවා..
චමත් කාර අතීත සඳ යළිත් ජනිත වේවා..
අපගේ පෙම් පුරාවතින් දෙරණ හෙළු කඳුළු ගලා
මැදුරත කිරිගරුඬ පවුරු පබා කැළුම් දේවා..
සනාතන වූ පෙම් සිතුවම් එහි සටහන් වේවා..
ආදර සැමරුම් කැටිවූ නෙතු කඳුළින් මුතු පබළු
නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ..යමුනා තීරේ..
එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ..
හෙටදින මා එනතුරු එහි නිදන්න දේවියේ..
හරිම සුන්දරයි නේද අපේ යාළුවනේ සිංහල සංගීතය..... කමේන්ට් දෙනවද...මට.....?



taj mahalak gana kohomath hithunema nah.. niyama wigrahaya.. thanku thanku..නියමයි යාලුවා...සුපිරි වැඩක්..
.පුලුවන්නම් සුනිල් එදිරිසිංහ මහත්මයා ගායනා කරන "සදකඩ පහනක " ගීතයේ තෙරුම්ත් දාන්න පුලුවන්ද..? මම ඒකෙ තේරුම ගොඩක් කල් ඉදන් හොයනවා ඒත් දන්න කෙනෙක් තාම නෑ..![]()
![]()
![]()
ada uraja me petthe awoth aniwa bothal 5,6 k iwara wenakan bonna set wei...


අද බොන්න බඩු නෑ...... හැමදාම බොන්නේ නෑ අපි..... අපි හොද ළමයි (වෙන නැත්නම්
)රිදි නිම්නය - කදුලු නිම්නය ඔබමය මගේ ජිවිතයේ.........
[
මම පරණ ගී ගැන කියන්නේ මචංලා මේව ඇත්තට ම පුදුම ගිත සහ මෙවැනි රහ ගීත දැන් කාලෙ බිහිවෙනව අඩු නිසායි. නව පරම්පරාවේ අපේ උන් කමත්වා....!!!!![/COLOR][/SIZE]

taj mahalak gana kohomath hithunema nah.. niyama wigrahaya.. thanku thanku..


බලපන් මම ඒ ගැන කිව්වා ඒ වුනාට sasliit මහ එපා කරපු එකා..නිකමටවත් කියනවද ඕව් මචන් උඹ කිව්වා එක හරි කියල,,,![]()



බිහිවෙයි........මෙන්න මේ වගේ එවා නම්......Me wage sindhu aai bihi wena ekak ne![]()
![]()



Kiwe nehe nennam![]()


අම්ම ගහයි කිව්වලු,,ඉතුරු පද ටිකත් දාපං අනිවා ගොඩේ ගොඩ..බිහිවෙයි........මෙන්න මේ වගේ එවා නම්......
"ගාල කඩාලෙන හරක දුවනවා කොටියා ගොරවන හඩ ඇහිලා.........
එහා වැටේ මගේ ඉන්න චුට්ටි එකෙ ජංගියෙ ඇති මල් මං ගැන්නා........"![]()



දෛවයෝගයකින් නොවේදෝ හමුවුනේ අප හමුවුනේ...
දෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ අප වෙන්වුනේ...
කාලෙකට කලින් අහම්බෙන් මුණගැසුණ, කාලයක් හිතේ අංක එකේ තියාගෙන පෙම්කරපු, දෛවයේ සරදමින් මගෙන් සමුගත් මගේ පරණ කෙල්ලව මේ සින්දුව යද්දි මට මතක් වෙනවා...
අද උදේ මටත් මගේ පළමු පෙම්වතිය පාරෙදි මුන ගැහුනා..... කතා කරේ නම් නෑ..... ඒත්, ආපහු අතීතෙට ගියා මම ..... එයයි මමයි, එක ගමේ නිසා, අපේ ගෙදරින් ආව කප්පරක් ප්‍රශ්න නිසා, අපිට වෙන් වෙන්න උනා.......!! 
![]()
අද උදේ මටත් මගේ පළමු පෙම්වතිය පාරෙදි මුන ගැහුනා..... කතා කරේ නම් නෑ..... ඒත්, ආපහු අතීතෙට ගියා මම ..... එයයි මමයි, එක ගමේ නිසා, අපේ ගෙදරින් ආව කප්පරක් ප්‍රශ්න නිසා, අපිට වෙන් වෙන්න උනා.......!!
![]()
බෝතලයක් තිබුනා නම්, කියලා වැඩක් නෑ......
මේ අත්දැකීම මිවිතෙහි බැදුනු අපේ සොයුරන් විද ඇතැයි සිතමි. ඉන් සිදුවන්නේ මත්ව ගිය සිතිවිලි නිසල වි, වීකල් වි, අවසන දී අප අප ගැන ම සසලවිම ය. නැවත නැවතත් ප්‍රේමයේ දුක්බරිත කළු හලාහල විෂ ම හදවත පෙවීමය...............අවසන දී එහි මැ ඇලි, එහි ම ගැලී, දිවිය ම සසල විමය..............ඔහුට සිදුවන්නේත් එයමය........!!!!
(මම පෞද්ගලිකව ඉතාමත් ප්‍රිය කරන කොටස මෙයයි. මේ අත්දැකීම ඇත්තෝ මේ කියනා දේ පිලිබද ව දනිති.......මෙය සත්‍යයම වේ......බිදුනු හදැතිව මධුවිතෙහි සරණ සොයන්නෝ කෙදිනක වත් සැනසීමක් නොලබති!!!!!)


බලපන් මම ඒ ගැන කිව්වා ඒ වුනාට sasliit මහ එපා කරපු එකා..නිකමටවත් කියනවද ඕව් මචන් උඹ කිව්වා එක හරි කියල,,,![]()

ela ela umba dakshaya.. 
සොඳුරු අතීතයෙ නිමල පෑතුම වී
මගෙ හද තුල ඔබ ඉන්න ඈතී
ඒ හින්දා යළි සෙනෙහෙ සිතින් අපි
ආදරයෙන් හමුවෙන්න ඈතී . . .
කඳුළු සුසුම් මෑද සතුටු සිනා මෑද
භවය පුරා ලඟ ඉන්න ඈතී
එදත් මගේ සිත අද මෙන් කෑපවී
ඔබේ නමට පුද දෙන්න ඈතී . . .
නොසෑලී නොතෑවී බාධක හමුවේ
ආ හින්දා ජයගන්න ඈතී
ආත්ම ගණනේ පුරුදු ලෙසින් අපි
මේ අයුරින් හමුවෙන්න ඈතී . . .
ඒ 1998 ...වර්ෂයේ දවසක්,....විදු මවු සෙවනේ විද්‍යා අංශයේ එක් පන්තියක කොලුවෙක්, තම පන්තියේම කෙල්ලකට කොළකෑල්ලක ලියල දීපු සින්දුවක්...
අද ඒ කෙල්ල, මගේ පුතාගේ අම්මගේ භූමිකාව රඟපානව...
මේ සින්දුව, මගේ ප්‍රේම කතාව...වසර දාහතරක් පුරා දිවෙන...
අදටත් ආදරෙයි සින්දුවට![]()

මොනවද යකෝ මේ දොඩවන්නේ..![]()
අද උදේ මටත් මගේ පළමු පෙම්වතිය පාරෙදි මුන ගැහුනා..... කතා කරේ නම් නෑ..... ඒත්, ආපහු අතීතෙට ගියා මම ..... එයයි මමයි, එක ගමේ නිසා, අපේ ගෙදරින් ආව කප්පරක් ප්‍රශ්න නිසා, අපිට වෙන් වෙන්න උනා.......!!
![]()
බෝතලයක් තිබුනා නම්, කියලා වැඩක් නෑ......

වෙන්න තියන දේ වෙනවා එක නවත්තන්න බෑ..අවා මෙතන මගුලක් කතා කරන්න..

මොකද කියන්නෙ යාළුවනේ අපේ විචාරයන් හොදද......? එහෙනම් මේ ගීතයටත් ට්‍රයි එකක් දාමුද.....?
“මුව මුක්තා ලතා පිපි හංසන්ගනා -විල් නෙලුමාසනෙන් ආ ලඳේ
නුඹ භාග්‍යා සරෝජාවියේ - ස්වර්ණා වර්ණා පෑයෙන් දිලේ “
]



aneeee manda. hebrew wage.. ( laajaweeeee baruwa)umba pinthure balan neda kanawata kiwwe..hehehela ela umba dakshaya..
![]()


හප්පා...කොල්ලා...මේක නම් අම්බානක් ශෘංගාරාත්මක එකක්...........මොකද කියන්නෙ යාළුවනේ අපේ විචාරයන් හොදද......? එහෙනම් මේ ගීතයටත් ට්‍රයි එකක් දාමුද.....?
“මුව මුක්තා ලතා පිපි හංසන්ගනා -විල් නෙලුමාසනෙන් ආ ලඳේ
නුඹ භාග්‍යා සරෝජාවියේ - ස්වර්ණා වර්ණා පෑයෙන් දිලේ “