මචන් හොද දේවල් ලබා ගන්න ටිකක් දුක් විදින්න වෙනවා කියාවනේ..ඒක නිසා රුපියල් 7 ගැන වැඩිය හිතන්න එපා.අනික ඔයා මේ දාපු පොස්ට් එක දාස් ගණක් වටිනවා.
![]()




මචන් හොද දේවල් ලබා ගන්න ටිකක් දුක් විදින්න වෙනවා කියාවනේ..ඒක නිසා රුපියල් 7 ගැන වැඩිය හිතන්න එපා.අනික ඔයා මේ දාපු පොස්ට් එක දාස් ගණක් වටිනවා.
![]()




ලස්සනට ලියලා තියනවා බොහොම ස්තුතියිරඹුක්කන සිද්ධාර්ථ හාමුදුරුවෝ කියන්නේ සිංහල ගීතයේ යතිවර ලකුණ කියල කියන්න පුළුවන් කිසිම විවාදයකින් තොරව. උන්වහන්සේ විසින් සුරචිත, මගේ හිතට පුදුම විදියට දැනුන ගිතයක් , ඒ මට දැනුන හැඟීම අකුරු වලට හරවන්නයි යන්නෙ මම.. ජ්‍යෙෂ්ඨයන්ගෙන් තරහා අවසර....
ඇත්තමට ගීතයක කටහඬ සහ සංගීතයට විඳිනවා වගේම එහි පද වල අරුතත් හිමින් හිතින් මෙනෙහි කරමින් ඒ ගීතය රසවිඳින්න පුළුවන්නනම් දැනෙන මිහිර කියල නිම කරන්න බැහැ. මේ ගීතයේ අපූරුවට ගොණු කරල තියෙන පදවැල් , එච්. එම් ජයවර්ධනයන් ස්වර බන්ධනය කරල තියෙන සූක්ෂම බවත් එක්ක කරුණාරත්න දිවුල්ගනේ මහත්තයගේ නිකන් සීතලට ගලන දොල පාරක් වගේ වෑහෙන තැන්පත් කටහඬ එකතු වෙලා අති මනරම් නිර්මාණයක් බිහි වෙලා තියෙන්නෙ...
***********************************************************
සංසාරගතව බැඳුණු ප්‍රේමයක අවසානය....
![]()
***********************************************************
අපට අපි හදවතින්ම ආදරේ කරන කෙනා අහිමි වුනොත් මොන තරම් දුකක්ද? ඉස්සර ගත කරපු ජීවිතය, අත් එකට පටලවාගෙන මවපු හීන, කරපු කතා.. මොන තරම් නම් දේවල් අතීතයේ ඉඳන් ක්ෂණිකව හිතට ඇවිත් අපිව විරහා වේදනාවෙන් මරිකලා දානවද? එහෙම දෙයක් අපට වුණොත් හැමවෙලේම හිතන්නෙ.. කොහොම හරි ආයෙත් එයාව ලබාගන්න පුළුවන්නම් කියලයිත ඒ වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න අපි ලෑස්තියි , බැරි වෙලාවත් එයා මේ ජීවිතයෙන් සමු ගත්තොත්.... කියන්න දෙයක් නෑ, හිත ඇතුලෙන් අපි මැරෙයි.. මොනවා වුණත් ලබන ආත්මෙදි වත් මට ආයෙම මගෙ ආදරෙත් එක්ක එකට ඉන්න ලැබෙන්න කියලා අපි මොනතරම් ප්‍රාර්ථනා කරනවද? ඒ දේ වුනත් නැතත් අපිට එහෙම හිතන්නවත් ඉඩක් තියෙනවා. කොච්චර අභව්‍ය උනත් එහෙම දෙයක් නොවෙන්න බැරි නෑ.. අඩුම ගානෙ අපිට එහෙම පතන්නවත් ඉඩක් තියෙනව නෙ...
ඒත්... පොඩ්ඩක් හිතන්න.. අපේ ආදරේ ලබන ආත්මෙදිවත්, ආයෙ කවරමදාකවත් අපිට ලැබෙන්නෙ නෑ කියලා අපට හොඳටම විශ්වාස නම්???? ප්‍රත්‍යක්ෂ නම්?? ඒ වගේ වෙලාවකට අපිට ඇතිවෙන හැඟීම මොකක්ද? විශේෂයෙන්ම කාන්තාවකට මොන වගේ හැඟීමක් ඇතිවෙයිද?
සිදුහත් කුමරුන් ගිහි ගෙය හැර දාලා අබිනික්මන් කලේ සියළුම ලෝක සත්වයාව සසර දුකින් එතෙර කරවන මහා කාරුණික චේතනාවෙන්. එහෙම කරල සම්මා සම්බුද්ධත්වයට පත්වෙලා කිඹුල්වත් පුරයට වැඩම කරනවා. ඒ ගමනෙදි යශේධරාව දකිනවා ලෞකික ජීවිතයේ දී තමුන්ගේ ස්වාමියා, මේ භවයේ විතරක් නෙමෙයි, සංසාරයෙ භවයෙන් භවයෙ තමුන් එක්ක ඉඳපු කෙනා, එකට දුක සැප හැඟීම් බෙදාගත්ත කෙනා ආයෙ කවමදාවකවත් තමුන්ට හිමිකරගන්න වෙන්නෙ නෑ කියන දේ...
ලා දළු බෝපත්
සෙමින් සෑලෙන සේ
යශෝදරා දේවී...
වාවනු බෑරි තෑන රහසේ හෑඩුවා
පෙර සංසාරේ ඈසුර මතක් වී...
අපි පන්සලකට ගියාම මද සුළං රැල්ලක් වැදිලා බෝ පත් සෙලවෙනකොට එන හඬ මවාගන්න පුළුවන්ද? රඹුක්කන සිද්ධාර්ථ හාමුදුරුවෝ ඒ කාරණාව උපමාවකට යොදාගෙන තියෙන අපුරුව බලන්න... ඉතාම ලයාන්විතව මේ උපමා ව යොදාගෙන තියෙන්නෙ, දළු බෝපත් සෙමින් සැලෙනවා වගේ මේ ඇහෙන්නෙ යශෝදරාවන් රහසින් කරන හැඩුම, පෙර සංසාරෙ, අනන්ත වෙච්ච පෙර ආත්මවල තමන් සිදුහත් කුමාරයත් එක්ක ගතකරපු හැටි මතක් වෙලා... ආයෙ කවරමදාකවත් ඒ විදියට තමන්ට ඉන්න බැරි බව තේරිලා, තමන්ට ආරක්ෂාව, ආදරය, සෙනෙහස දුන්නු හැටි මතක් වෙලා... සිදුහත් කුමාරයා අහිමි වීම තාවකාලික බව හිතන්න ඇති ඉස්සර, කවදා හෝ ඔහු ආපසු එන බව හිතමින් කල් ගෙවන්නට ඇති, ඒත් දැන් නම් හොඳටම විශ්වාසයි ආයෙත් ඔහු මට හිමි නොවෙන වග... ඒත් ඒ ශෝකය හින්දා ඇත්වෙන හැඬුම අපිට කොච්චර හිතට වදින විදියට ද විස්තර කරලා තියෙන්නෙ...
ලේන කුලේ සිට
ආ ගිය මග තොට
සිටියා නොසෑලෙන
පහන් ටෑඹක් වී
නිවන් දකින තුරු
මේ සංසාරේ පසුපස ආවා
සෙවනෑල්ලක් වී
ගනන් කරන්න බැරි තරමක් වෙච්ච භවයන් පුරා තමන් හා තමන්ගෙ ආදරය එකතු වෙලා ඒ ජීවිත ජයගත්තු හැටි, මොනතරම් කරදර බාධක ආවත් තමන්ගෙ සෙවනැල්ල වී නිවන් දකින තුරුම මේ සංසාරෙ පුරාම තමන් එක්ක ආපු ඒ ශ්‍රේෂඨ කාන්තාවම නොවේද මේ? සෙවනැල්ලක් මෙන් ආවායැයි නොකියා, සෙවනැල්ලමයි යන අරුත් ගැනුමෙන් මේ නම් ජීවිත දෙකක් නොව එකක්ම යැයි කියා සඟවා පවසනුයේ එතුල කෙතරම් නම් ප්‍රේමයක් සෙනෙහසක් කුළු ගන්වා ද?? මේ ආවර්ජනය කරන්නෙ බුදුහිමියන්ම නොවේද??
තෑලී සෙනේ සිත
සෑලී හඩන විට
වෑටී දෙපා ළග
යශෝදරාවෝ
පිපී නිවන් මල්
සාදුකාර දී
නිවී පහන් විය
උදෑසනක් සේ
සෙනෙහෙ සිත තැලී ගිහින්, දෙපා මුල වැටි හඬන ඇගේ නෙත තෙමා වැටෙන්නෙ සංසාරය පුරාම දරාගෙන සිටි ශෝකයයි. ඇය කවදා හෝ දැන සිටියා මේ ගමන යන්නේ සසර ගමන, ආදරය අවසන් කිරීමට බව.. ඒ මෙහොත උදා වෙලා දැන්..
නිවන් මල් පිපීම නොහොත් ඒ උත්තරීතර සුවය ඈටත් හිමි වීමම නොවේද? නිවී පහන් වූ උදෑසනක් සේ ළය ප්‍රභාමත් වන්නේ අනන්ත වූ සංසාරයේ අනන්ත වූ භවයන් ගැන් කලා වූ අතීතාවලෝකනය අවසන උතුම් වූ නිර්වාණාවබෝධය ලබා ඇයත් අතීතයේ මෙන්ම නිවන් මගෙහිදී වත් තම ස්වාමියා තනි නොකලා යන්න නොවේද??
දෝෂ ඇත්නම් කමා කරන සේක්වා....


[FONT="]සැදැ කලුවර කුර ග ගා විත් - ඔබේ පැල්පත මගේ දසුනින්[/FONT] [FONT="]
ඈත් වූ සද -මගෙ සරා සද
තනිවෙලා මා තනි වෙලා............[/FONT]
[FONT="]ආ...ආ...ආ....ආ....ආ..........[/FONT]
[FONT="]
[/FONT]
සියළුම සුධීන් වෙත අපේ පින අනුමෝදන් කරවමු.!!!![/FONT][/COLOR][/SIZE]

ඒකත් එහෙමද? මෙහෙම ගෑණු අය ඉන්නවද මචන් මේ ලෝකේ..හැබැයි සැමියා රැකියාවක් කරගන්න බැරි රෝගී තත්වයකට වගේ වැටිල ඉන්න නිසා වෙන කරන්නම දෙයක් නැති නිසා මේ වගේ තත්වයකට වැටුන අය ඉන්නව වෙන්නත් පුළුවන්නේ නේද මචන්,,![]()

මම දන්න ඒ වගේ කෙනෙක් ඉන්නවා ධනුෂ්ක..........
ඇය ඒ දේ කරන්නේ අනතුරකින් අබ්බගාක වුන තම සැමියා සහ පාසල් යන දරුවන් රකින්න පාට් ටයිම් ජොබ් එකක් විදියට.........!!!
අපි නොදන්න සංවේදී දේවල් කොච්චර මිනිස්සුන් ගේ ජීවිතවල තියනව මචං.......!!!!!!![]()


ඔහු දන්නවා....අවාසනාව ඒකයි..........
හිතපං කන හැම බත් ඇටයක් ගානෙම මේ කන්නේ මගේ දරුවන්ගේ අම්ම ගේ ලේ මස් නේද කියල හිතෙද්දී.........
ජීවිතේ අපි හිතන කරං සුන්දර නෑ ධනුෂ්ක.........
ඒ අතිං අපි වාසනාවන්තයි.........

ane manda
mama meka eka eka kona walain baluwa
me sinduwa gena mamath hoya hoya hitiya kaalayak tibuna hihih
thanx ..eth oya therumama tiyenawa kiyala mata thaamath sure ne..meken kiyawenne wenth deyak wenna berimnada?
thanx anyway brother
ela ela ..oya wage hamuwena okkoma daahan kolla
jaya wewa!




wow mecchara lassana geethayak gena mama hithuwe ne me wenakam
pinak machan pinak meka!
maara lassana adahasak tiyenne
duppath minhekge duka kocchara lassana wachana walin liyala tiyenawada!


හෙමින් සැරේ පියා විදා..//
සුමුදු සයනේ සිනිදි ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම් සියොතුන්
සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්
.........................................
මලක් නම් එය මලක් උව මැන
සිනිදු සුකුමල....රුවෙන් සරසන
විලක් නම් එය විලක් උව මැන
නීල ඉදුවර ......දියෙන් උපදින
..................................
නැවුම් වත්සුනු රොනින් මත්වී
සිහින නිම්නය...සුපුෂ්පිත වෙයි
සිහින හදකින් මහද අමතයි
මුදා හැරදා...කවුලු සිරියහනේ
.................................
හෙමින් සැරේ පියා විදා......
සුනිලා අබේසේකර සහ ටි.එම් ජයරත්න
මෙන්න මෙ සින්දුවට විචාරයක් දෙන්න කවුරුහරි??
නැවුම් වත්සුනු රොනින් මත්වී
සිහින නිම්නය...සුපුෂ්පිත වෙයි

වචනෙකින් හරි මේ සත්කාරයට දායකවුනු හැමෝට නැවත වාරයක් ස්තුතියි,ඉන්න අපිත් එක්ක දිගටම........Congrats 1000....


වචනෙකින් හරි මේ සත්කාරයට දායකවුනු හැමෝට නැවත වාරයක් ස්තුතියි,ඉන්න අපිත් එක්ක දිගටම....![]()