සුන්දර ගීයක ඇරබුම,..

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
නියමයි මචන්.මම මේ ත්‍රෙඩ් එක දැක්කේ ඊයේ.මේ වෙනකොට පළවෙනි පිටුවේ ඉදන් 52 වෙනකම් කියෙව්වා.මම සෞදි අරාබියේ රියද් නගරයේ ගුවන් සේවයක වැඩ කරන්නේ.මාව මේ දවස් දෙක ඇතුලත් ජීවිතේ අමුතුම විදිහට වෙනස් උනා.හුගාක් අයගේ ජීවිත කතාව නුරූපනය කරන්න පුලුවන්ද ගීතයකට මේ තරම්.මේ ත්‍රෙඩ් එකට පෝස්ට් දාන අයට මම අලුතින් සුභා ශීෂන දෙන්න ඕනේ නෑ.උපරිමයි. හැබැයි සහෝදරවරුනී මගෙත් පොඩි ඉල්ලිමක් තියෙනවා.මම හිතන් හිටියේ මේ ත්‍රෙඩ් එක සම්පූර්ණයෙන් කියවලාම ඉල්ලීම කරනවා කියලා.ඒත් ඒ ගීතයේ තෙරුම දැන ගන්න තියෙන ආසව වැඩි කමටම කියවන එක පොඩ්ඩකට නවත්තලා මගේ ඉල්ලීම කරනවා.ඒ තමයි රූකාන්ත ගුණතිලක මහත්මයාගේ *බොල් පිනි වෑහේන මේ යාමේ* මෙකේ විචාරය දෙන්න පුලුවන්නම් ගොඩක් පිං.මොකද අවුරුදු ගානක ඉදන් හොයනේනේ...ඔබලාට ජය...
geethaya tatamth labila nathnam...
geethaya maga arenne nathi wenna udawwak washayen ...podi bump ekak:D
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඒකත් එහෙමද? මෙහෙම ගෑණු අය ඉන්නවද මචන් මේ ලෝකේ..හැබැයි සැමියා රැකියාවක් කරගන්න බැරි රෝගී තත්වයකට වගේ වැටිල ඉන්න නිසා වෙන කරන්නම දෙයක් නැති නිසා මේ වගේ තත්වයකට වැටුන අය ඉන්නව වෙන්නත් පුළුවන්නේ නේද මචන්,,:(:(
    මම දන්න ඒ වගේ කෙනෙක් ඉන්නවා ධනුෂ්ක..........
    ඇය ඒ දේ කරන්නේ අනතුරකින් අබ්බගාක වුන තම සැමියා සහ පාසල් යන දරුවන් රකින්න පාට් ටයිම් ජොබ් එකක් විදියට.........!!!
    අපි නොදන්න සංවේදී දේවල් කොච්චර මිනිස්සුන් ගේ ජීවිතවල තියනව මචං.......!!!!!!
    :(:(:sorry:
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මම දන්න ඒ වගේ කෙනෙක් ඉන්නවා ධනුෂ්ක..........
    ඇය ඒ දේ කරන්නේ අනතුරකින් අබ්බගාක වුන තම සැමියා සහ පාසල් යන දරුවන් රකින්න පාට් ටයිම් ජොබ් එකක් විදියට.........!!!
    අපි නොදන්න සංවේදී දේවල් කොච්චර මිනිස්සුන් ගේ ජීවිතවල තියනව මචං.......!!!!!!
    :(:(:sorry:

    මචන් අර ලෙඩ මනුස්සය මේ ගැන දන්නවද බන්,,හතුරෙකුටවත් මෙහෙම දේවල් නම් වෙන්න එපා..:no::no:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන් අර ලෙඩ මනුස්සය මේ ගැන දන්නවද බන්,,හතුරෙකුටවත් මෙහෙම දේවල් නම් වෙන්න එපා..:no::no:
    ඔහු දන්නවා....අවාසනාව ඒකයි..........
    හිතපං කන හැම බත් ඇටයක් ගානෙම මේ කන්නේ මගේ දරුවන්ගේ අම්ම ගේ ලේ මස් නේද කියල හිතෙද්දී.........
    ජීවිතේ අපි හිතන කරං සුන්දර නෑ ධනුෂ්ක.........
    ඒ අතිං අපි වාසනාවන්තයි.........
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    ඔහු දන්නවා....අවාසනාව ඒකයි..........
    හිතපං කන හැම බත් ඇටයක් ගානෙම මේ කන්නේ මගේ දරුවන්ගේ අම්ම ගේ ලේ මස් නේද කියල හිතෙද්දී.........
    ජීවිතේ අපි හිතන කරං සුන්දර නෑ ධනුෂ්ක.........
    ඒ අතිං අපි වාසනාවන්තයි.........

    :(:(:(
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මටත් එහෙමයි මචන්,,කප්පරක් වැඩ,,අද හවස සංගීතයකුත් තියෙනවා,,එක නිසා ටිකක් කලින් පැන ගන්නත් ඕන,,(C & C බෑන්ඩ් කියල එකක් එක්ක චාන්දනී හෙට්ටිආරච්චි සහ දුෂ්‍යන්ත වීරමන් එනවලු););)
    oya patthata චාන්දනී හෙට්ටිආරච්චි සහ දුෂ්‍යන්ත වීරමන් lath enawada?
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe

    මුලින්ම කියන්න ඔන මේක මම විචාරය කරපු එකක් නෙමෙයි. අපෙ sasliit යාලුව මට එවුව එකක්. මෙකෙත් සම්පූර්න ප්‍රනාමය අපෙ sasliit යාලුවට

    මෙතනින් සින්දුව බා ගන්න http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=624

    පුන් සඳ රෑට ඇවිදින් හේනේ කලුව බිඳ..
    රන්කෙඳි සේම රන්වන් ඉරිඟු ඉබිනවද..
    තුන් යම හීන දැක දැක මොටදැයි ගෙදර ඉඳ
    රන්කඳ තාම පැල් රකිනවාදෝ නිදි නැතිද

    නිල් තරු රෑන ඉඟි බිඟි පාන අහස යට
    පිල්කඩ උඩම ඇලවී ඉන්න හිතයි මට
    මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට
    මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට

    රන් කඳ සේම පින්සර මාගෙ ඇතු නිදන
    රන්මල් යාන හීනෙන් දකින පින පමන
    තුන්පත් රෑන වේදෝ කෝම අප දෙදෙන
    රන්කැටි පුතුට ඉඩ මදිවාද මගෙ යහන

    මෙකෙ පලවෙනි කොටසින් කියන්නෙ එයාගෙ මිනිහ පැල් රකින්න ගියා කියල.
    හද තියෙන කාලෙට වගා වලට සත්තු එනවා වැඩියි. මිනිහගෙ පීදීගෙන එන හේනෙ තියෙන වගාවන් වලට හානි වෙන්න තියෙන ඉඩ වැඩියි..... ගෙදර ඉන්න පුලුවන්කමක් නෑ එතකොට... එක නිසයි මිනිහ ගිහින් තියෙන්නෙ.

    නිල් තරු රෑන ඉඟි බිඟි පාන අහස යට
    පිල්කඩ උඩම ඇලවී ඉන්න හිතයි මට
    මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට
    මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට


    දෙවැනි කොටසින් කියන්නෙ එහෙම ගියාම ගැහැනු හිත වැඩ කරන හැටි. නිල් තරු පායන, හද තියෙන රාත්‍රියෙ මිනිහත් එක්ක පිල උඩට වෙලා ආදරෙන් ඉන්න ආසයි. ඒ උනුසුම මතක් කරගෙන මිනිහ නෙතත් මට එහෙමම ඉන්න හිතෙනවා.
    මෙච්චර ආසාවෙන් ඉන්න ගැහැනු කෙනාට ලමයෙක් ලැබෙන ලකුනු තියෙනවද කියල අහල සතුටු වෙන්න හිතවතුන්ට, නෑදෑයන්ට, දෙමුපියන්ට එන්න එපා කියනවා. මොකද සෘන්ගාත්මක රාත්‍රියක් උනත් ඒ හැගීම් තුරුලු කරගෙන ගැහැනු කෙනා තනියම හාන්සිවෙලා ඉන්න නිසා. ලමයෙක් ලැබෙන්න අවශ්ය හැමදෙම තිබුනත් ලමයෙක් නැතිවෙන්න හේතුව මිනිහා නැතිකම. ඒකයි මල් පිපුනාට ගෙඩි නෑ තම අඹ ගහට කියන්නෙ.

    අවසාන කොටස
    "රන් කඳ සේම පින්සර මාගෙ ඇතු නිදන
    රන්මල් යාන හීනෙන් දකින පින පමන
    තුන්පත් රෑන වේදෝ කෝම අප දෙදෙන"

    මෙකෙ කියන්නෙ රන්කද ඒ කියන්නෙ මිනිහා නිදි එත් දැන් පැල් රකින්න ගිහින්....
    මෙතන වැදගත් "පින්සර මාගෙ ඇතු නිදනා" කියන කොටස.... ඒ කියන්නෙ මහාමායා දේවි දැකපු හිනෙ වගෙ ඇත් පැටවා එන්නෙ නෙති එක ගැන....
    මිනිහා සහ ලමයෙක් කියන දෙන්නම නෑ මෙයාට. ....
    දෙන්න එකතුවෙනව දකින්නෙ හීනෙන් විතරයි... ඉතින් කවද්ද, කොහොමද මෙ පවුලට 3 වෙනියෙක් එකතු වෙන්නේ........??

    "රන්කැටි පුතුට ඉඩ මදිවාද මගෙ යහන"
    මෙ ඔක්කොම දේවල් ටික ඇත්ත උනත් කාටවත් දොස් කියන්න නෑ. සමහරවිට මේ හැමදේම වෙන්නෙ මගෙ කුසෙ ඉඩමදිවෙලාද දන්නෙ නෑ කියල අහින්සකව ගෑනු කෙනා දුක් වෙනවා.

    ane manda
    mama meka eka eka kona walain baluwa
    me sinduwa gena mamath hoya hoya hitiya kaalayak tibuna hihih
    thanx ..eth oya therumama tiyenawa kiyala mata thaamath sure ne..meken kiyawenne wenth deyak wenna berimnada?
    :baffled::baffled::baffled::baffled:
    thanx anyway brother
     

    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    හසරැල්ලක් නුහුරු මුවට.....
    සැනසිල්ලක් නොමැති සිතට.......
    පවනැල්ලක් වත් හමන්න..........
    ජීවිතයේ මද්දහනට........
    කොල්ලෙක්ට වගේ නෙවෙයි කෙල්ලෙක්ට වයස අවුරුදු 28ක් 30ක් වෙනකොට කිසි කෙනෙක් දීගෙක එක් කරගෙන යන හැඩක් නැත්තම් විශාල මානසික ඇද වැටීමකට වැටෙනවා.කුල,බල,වයස මොකක් වුනත් කමක් නෑ දැන් නම්.
    දැනුමට ලද නෙක සහතික...
    ඉකිලන කල ගේ මුල්ලක...........
    උස් අසුනට යන මාවත අපට නොවේ ඇරුනේ.....
    ගොම රිටි යට යන වතුරෙන් ලොව පැන් සනහන්නේ.........
    උපාධි සහතිකය ප්‍රමුඛ සහතික ඔක්කොම ගේ මුල්ලේ තියෙන රෙදි පෙට්ටියේ දාලා තියෙන්නේ....ඒත් තාම ජොබ් එකක් නෑ..කිසි සුදුසුකමක් නැති එවුන් ජොබ් වලට ගිහිල්ලා.වයස සම්පූර්ණ නැති එවුනුත් දීග ගිහිල්ලා.මම එතනම.. ...........
    මව්පිය විවරන ලබමින............
    උන් සුවපත් කරන සිහින...........
    පොල් අතු වියසින් ගලනා පිණි වැස්සෙන් නැගුනේ.....
    මේ හැටි දඩුවම් විදිනට කල වරදක් නොදැනේ............
    අම්මා තාත්තා සතු සියලු දේ කැප කලේ තමාගේ ඉගෙනීමට....අම්මා තාත්තාත් පුලුවන් හැමදේම ලෝභ නැතුව වියදම් කරා..දෝණි ඉගෙන ගෙන රස්සාවක් කරලා පවුල ගොඩ දායි කියලා..ඒත් උපාධි සහතිකයත් තියාගෙනම ආයෙත් අම්මා තාත්තාට බරක් වුනා.පොල් අතු වහලෙන් වැටෙන පිණි තමන්ගේ ඇස් වලින් උනනවා කියල හිතෙන්නේ ඒක නිසා...........

    වසන්ත කුමාර කොබවක මේක ලිව්වේ...ප්‍රදීපා ධර්මදාස ගේ හඩ....
    http://www.mediafire.com/?4zq5bx4zqj5i27q





     

    Leitan

    Active member
  • Aug 20, 2007
    700
    154
    43
    මට ගීත ගෑන විචාර කරන්න තරම් ඩෑනුමක් නෑ..ඒත් මම මේතරම් ගීතවලට යොමු වුනේඑක් අත් දෑකීමක් නිසා මෙච්චර කාලෙකට කාටවත්ම නොකියපු ඒ අත්දෑකීම මම උබඔලට කියන්නම්.. අදටත් ඒ සිදුවීම් මාලාව මත්ක් වෙනකඔට ඈඩෙනව..ඈත්තටම ඈඩෙනව...

    මම ගියෙ මිශ්‍ර පාසලකට දන්න කාලෙ ඉදන් මගෙ හොදම යාලුව වුනේ ගෑනු ලමයෙක්.. එයා මුස්ලිම් කෙනෙක්..
    අපි ටිකෙන් ටික වයසින් වෑඩෙද්දි අපේ යාලුකම ත් ඒත් එක්කම වෑඩි වුනා පිටින් මෙවෙනකොට ඉස්කෝලෙ ටීචස් ල පවා හිතන් හිටියෙ අපි අතරෙ සම්බන්දයක් තියනව කියල.. ඒත් අපේ අතරෙ එහෙම දෙයක් තිබුනෙ නෑ (එහෙමයි මම හිතුවේ)
    කොහොම හරි අපිදෙන්නගෙ අතරෙ තිබුනෙ පුදම බෑදීමක්.. පන්ති පවා ගියෙ අපි එකට අපේ ගෙවල් වලට පාවා අපිව අමුත්තො උනේ නෑ.. එයාගෙ අම්ම ඕනම රෑක මාත් එක්ක එයාව ඕනම තෑනකට යවන්න තරමට ගෙවල් වලට අපිව විශ්වාස වුනා..

    ඔහොම ඉද්දි සාමාන්යපෙල කරල අපි ගෙවල් වල නෑවතුනා. මම මෑලේසියාවට ගියා..

    මට මුලින්ම එතකොට තමා තේරුනේ එයාට මම කොච්චර ආදරය කාලාදකියලා.. මම එයාට පුලුවන් හෑම වෙලාවකදීම කාතා කලා.. මම කියිවා මම ඔයාට ආදරය කරනව කියල. එත කොට මගෙ මෑනික කියුව .. මම ඔයාට ආදරය කරන්නෙ මීට ගොඩකාලයකට කලින් ඉදන් කියල.. දෙයියනෙ... මට අදහ ගන්නත් බෑරිවුනා..

    කොහොම හරි රිසාල්ට් එන්න සුමාන දෙකකට කලින මම එන්නලෑස්ති වුනා..මගෙ මෑනික අක්කලගෙ ගෙදර ගියා නුවර එලියෙ.. මම එනදවසට එනව කියල.... ඊට පස්සෙ එක පාරක් කෝල්කරල කියුවා අක්කලගෙ ගෙදරට සිග්නල් නෑ ෆොන් එක ඕෆ් කරල තිබුනොත් බයවෙන්න එපා කියල.. මම එහෙන් නගිද්දිත් කෝල් කලා මගෙ මෑනිකගෙ ෆෝන් එක ඕෆ්.. මම බය වුනේනෑ සින්ග්නල් නෑකියපුනිසා


    ලන්කාවට බෑහෑපු ගමන් මම අම්මව බලල ගියෙ මගෙ ,ඈනිකව බලන්න..
    උබලට හිතාගන්න පුලුවන්ද මම මොනවද දෑක්කෙ කියලා???? මගෙ මෑනික මාව විතරක් නෙමේ.. මේ මුලු ලෝකෙම දාලගිල්ලා.. ඒ අම්ම අඩනව..මම යද්දිත් මගෙ මෑනිකව වල ලලා ඉර්යි.. ඒයා ,මුස්ලිම් නිසා..මගෙ මෑනිකව නෑතිවෙලා තියෙන්නෙ මාව බලන්න කොලබ එද්දි වාහනේ හෑප්පිලා..

    පොඩ්ඩ්ක් හිතපල්ල.. මාස තුනක් තිස්සෙ නොදෑකපු ඒ රූපෙ බලන්න මම එද්දි එයාව වලදාලත් ඉවයි.. මාව පිස්සෙක් නොවී බෙරුනේ මගෙ අම්ම තාත්ත නිසා

    අදටත් මම බලන් ඉන්නවමගෙ මෑනික කවදා හරි මම ගාවට එයි කියල මම ද්නනවා ඒක වෙන්නෙ නෑ කියලා.. ඒත් මම බලන් ඉන්නව.. අද මට ආදර වන්තියක් ඉන්නව එයත් දනන්ව අපි ගෑන ඒක නිසා පරශ්න නෑ..


    එත් මගෙ මෑනිකව මතක් වෙන පාරක් පාරක් ගනේ කකුල්දෙක පන නෑතිව ගිහින් ඈස්දෙක බොදවෙනව..

    ඊයෙ ඉපදී අද මිය යන්නට
    පෙරුම් පුරාගෙන උපන් ලයේ....
    හීයේ වේගෙන් අහස උසට බෑදි
    ආදාරය ලෝකය හෙතත් තියේ......
    ඒත් ඉතින් දෑන් සොදුරිය ඔබ නෑත
    ඈයිමේ ලොව මා තිනව මෙසේ...
    මාත් මගේ හිතටත් ඔබ සුවද්යි
    සදා රෑදේමයි ඒ සුවදේ...

    සමාවෙන්න යාලුවනේ මේ වගේ තෑනක ඔය කතාව දෑම්මට... එත් මෙතෙන තමා ඕක දන්න හොදම තෑන කිය්ල මමහිතන්නෙ....මොකද ගීතයකට ආදරය කරන හදවතකට ..මේවගේ කතාවක්ම්තේටුම් ගන්න පුලුවන් කියල මම හිතන නිසා

    මචං මට මොනා කියන්නද කියලා නම් තේරෙන්නේ නෑ.. ඒත් දවසක උබේ ආදරය දිනනවා, මොකද දන්නවාද උබේ ආදරය සදාකාලික නිසා...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හසරැල්ලක් නුහුරු මුවට.....
    වසන්ත කුමාර කොබවක මේක ලිව්වේ...ප්‍රදීපා ධර්මදාස ගේ හඩ....
    http://www.mediafire.com/?4zq5bx4zqj5i27q
    මචං අපේ ගීත සාහිත්‍යයේ එන විරෝධාකල්ප ගීත සාහිතය වෙනමම විග්‍රහ කරන්න තරම් වටින සහ ඒ තරම්ම පොහොසත් එකක්. බලපං මේ ගීතය, කේමදාස මාස්ටර් ගේ killer ඇල්බම් එකේ මේක තියෙන්නේ........

    වන මල්ය වන මල්ය තැන තැන ගිනි වැදි දැවෙනා වන මල්ය
    මරු වැල්ය මරු වැල්ය නෙක නෙක රකුසු දත් නිය රැදි මරු වැල්ය
    සිත සිත පලා ගෙන නැගෙනා ගිනි දැල්ය
    නෙත නෙත පැලී ගලනා උණු කදුළැල්ය.....

    සිරි ලක් දෙරණ මත කදවුරු ලා ගත්තු
    පදක්කම් පැළදි නොපැළදි අලි ඇත්තු
    කිරි වදිනා ගොයම් කෙත වැනසූ අත්තු
    ලේ වැකි සිල්වතින් සැරසුණු බෝසත්තු

    සද හිරු තරු කඩා ගෙන කෑ මහ රූට
    ගිනි මල් පිපිලා හඩ දෙයි විටින් විට
    කදු කවුළුවෙන් ලා හිරු එබෙනා පැයට
    දැකගන් යෞවනය ගිනි ගත් ටයර් යට.....

    පුරන් කෙත මැදින ගලනා ගගුලැල්ල
    හැපි හැපි හඩයි තුරු හිස ගණ වන නිල්ල
    යකුන් පිසච් රැල විත් කෑ මංකොල්ල
    දෙවියනි බුදුනි පාළුයි සිරි ලක් දෙරණ.......

    මම හිතන්නේ විග්‍රහ වුවමණා නෑ කියලයි.......!!
     
    • Like
    Reactions: sEE_dA_trUth

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මම ත්‍රෙඩ් එකට ආවෙ උදේ 9ට විතර... තාමත් මම ත්‍රෙඩ් එක කියවනව... කරන්න වැඩ කන්දරාවක් තිබුනත් මේක දාල යන්න හිතෙන්නෙ නෑ... නූලට දායක නොවී යන්න හිතෙන්නෙත් නෑ... කලාතුරකින් දකින්න ලැබෙන විදියෙ වටින ත්‍රෙඩ් එකක්....

    අපේ කිඹුල් දොස්තර මහත්තය "රුවල් ඉරී ගිය නෞකාවේ..." ගීතයට විචාරයක් පළ කරල තිබුන මෙන්න මේ විදියට...




    සම්පූර්ණ පිළිතුර

    ඔය ගීතයෙ තවත් තේරුමක් මෙන්න මේ වීඩියෝ එකෙ තියනවා..



    කට්ටිය තම තමන්ගෙ අදහසුත් එකතු කරන්න...
    wow
    thank you brother
    meka me geethayata sameepama katha wasthuwa wenna ona!
    e wagema dath kibula gattha utsahayath sampurnai wagema hoda saadharanayak itu karala tiyenawa kiyala wishwashai!
    denuma kiyanne,adyanaya karana deyak!
    oyageth tiyena watina adahas wagema,me wage geetha wala tiyena gaburu arthaya soyan yana me deta ekathu wenna!denuma bedha ganna!
    obatath jaya!
    denna tiyenne reps saha comments thamai!:(
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඔහු දන්නවා....අවාසනාව ඒකයි..........
    හිතපං කන හැම බත් ඇටයක් ගානෙම මේ කන්නේ මගේ දරුවන්ගේ අම්ම ගේ ලේ මස් නේද කියල හිතෙද්දී.........
    ජීවිතේ අපි හිතන කරං සුන්දර නෑ ධනුෂ්ක.........
    ඒ අතිං අපි වාසනාවන්තයි.........
    :eek::eek::eek:
    :sorry::sorry::sorry::(:(:(:(
    හෆ්ෆා මාර සීන් එකක් නේ. හිතාගන්නත් බෑ ඒවගේ සිටුවේශන් එකක් :no::dull:
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    oya patthata චාන්දනී හෙට්ටිආරච්චි සහ දුෂ්‍යන්ත වීරමන් lath enawada?
    එනවද නෙමෙයි බොල ඊයෙ අවා..:angry::angry: තෝ හිතාගෙන ඉන්නේ මම කොහේ ඉන්නව කියලද ?? ඒක අහපු කැත..:baffled::baffled:
     
    Last edited:

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මෙ ගීතය ඇහෙද්දී ලංකාවේ සංගීත කලාව තුල පැතිර පවතින මහා අදුරක් මගේ හිත වසාගන්නව වගේ දැනෙනවා. හේතුව අවසානයට තියල බලන්න මෙ ගීතය.

    සොඬින් නෙළුම් මල ගෙනියන
    බතික් රන් පටින් දිදුලන ඇතින්නියේ
    යදම් අමතක ද පා රැඳි විලංගුවේ

    පෙරහැරක යන ඇතින්නියක්, අපි කතාවට කියන්නෙ කොට අදින අලි සහ පෙරහැරෙ යන අලි ගැන. ඒකියන්නෙ පෙරහැරක යන ඇතින්නියක් සමාජ තත්වය උසස් යැයි සම්මත හොද රැකියවක් කරන කරන කාන්තාවකට රචකයා මෙම උපමාවෙන් ආමන්ත්‍රනය කලා නොවන්නේද.? මොකද ඇය සොඩින් නෙලුම් මලක් රැගෙනයන අතර විචිත්‍ර විස්ත්‍රයෙන් සැරසි සිටීම පෙරකී මතය තහවුරු කිරීමට රචකයා දුන් රැකුලක් වැනිය.
    නමුත් ඇතින්නියේ අමතක කරන්න එපා.... අපේ කකුල් විලංගු වලින් බැදලයි තියෙන්නෙ... රචකයා විසින් අප සියලුදෙනාම බැදි ඇති සංස්කෘතිය සදාචරය සභ්‍යත්වය විලංගු ලෙස උපමා කොට අති අපූරුව.

    වටින් මහ සෙනඟ ඇවිදින්
    සාදු කියා වැන්දයි
    නෙළුම් මලට නොවේ නුඹට
    නුඹ අම්මා හින්දයි

    පෙරහැරෙ යනකොට මිනිස්සු උබට ව්දියි හැබැයි මතක තියාගන්න ඒ වැදුම්, ගරුකිරීම් කරන්නෙ නෙලුම් මලට වත් උබ ඇතින්නියක් හින්දවත් නෙවෙයි උබ අම්ම කෙනක් හින්දා ඒක මතකතියාගන්න..
    ලංකාවේ මාතෘත්වය කියන කාරනාවට කෙනෙකුට දෙන්න පුලුවන් උපරිම විග්‍රහය පද පේලී දෙකකට කැටිකරන්නට රචකයා දරු උත්සාහය,
    ලොකේ මොන දේ තමන් සතුව තියනව උනත් එයාට අම්ම කෙනෙක් වෙන්න බැරිනම් මුලු ලෝකෙම තිබුනත් වැඩක් තියනවද? දරුවෙක් නැති කාන්තාවක් දිහා ලූකය මොනවිදියට බලයිද.... උදේකට දකින්නවත් කැමතිවෙයිද.....

    පුතුන් හිසින් ඇන ඇන
    කොයි ලෙසිනේ කිරි බොම් දැයි
    ඇතින්නියේ දරු සෙනෙහස
    ගාල් කලේ මන්දැයි

    මෙවන් උත්තරීතර මතෘත්වය අනේ ඇයි උබ ගාල්කලේ වෙන කෙනකුට පැවරුවෙ ඇයි... ඒ දරුවා කොහොමඩ අම්මගෙ උනුසුම ලබන්නෙ පිට කෙනෙකුගෙන් අම්මට තුරුල්වෙලා අම්මගෙ උනුසුසුම විදගෙන අම්මගෙ හදවතේ ගීතය රසවිදිමින් අම්මගේ කිරි බොන්නෙ කොහොමද?..... ඇතින්නියේ අම්මගෙන් ලැබෙන අම්ම කම ඒ දරුව ලබන්නෙ කොහොමද?....... ඇතින්නියේ ඇයි එහෙම කලේ.?......
    ඇත් ගාලක අලුත උපන් පැටවෙකු බොහෝවිට රැක බලාගන්නේ මව නොවේ. කතාවට කියන්නෙ අනික් ඇතින්නියන්ටත් කිරි එරෙනව කියල. එමනිසා මෙහි "ගාල් කිරීම" මගින් තමාගේ දරුවා රැකවරනය සදහා වෙන අයෙකුට පැවරීම සදහන් වේ.තරගකාරී ආර්ථික රටාව තුල දරුවන් කුඩාකලම මව දරුවාගෙන් වෙන්වීම රචකයා ඒ ආකාරයෙන් දකී. මෙම දරුවා ඉන්පසු තම මුතුන් මිත්තන් ඇසුරේ හෝ වෙනත් නාදුනන කෙනෙක් සමග වැඩෙයි ඒත් ඒයට කවදාවත් අම්ම වෙන්න බෑ. ඉතින් මෙ ආකාරයේ බොහොඅ දරුවන් මෙ රික්තකය පුරවාගැනීමට දරන උත්සාහයේදී ජීවිතෙන් පවා වන්දිගෙවු අවස්ථා බොහො සුලබයි.

    මම මුලින්ම කියපු අන්දකාරයට මූලික වෙන්නෙ මෙහි ගායකයා ඒ අතුල අධිකාරි, ඔහු වික්ටර් රත්නායකයන් සුනිල් එදිරිසිංහයන් සමග එක ඛාන්ඩයට නොවැටීම මෙ ගීතය සැගවී තිබීමට හේතු වූවා වියහැක. පෙරකී ඛාන්ඩයට අයත් අයගේ සාමාන්‍ය ගීත පවා අධි තක්සේරුවෙන් හෝ මහා ලොකු විචාර දක්වන ප්‍රවීන විචාරකයනට මෙවැනි ගීත මගහැරුනේ කෙසේද?.... නැතහොත් මෙවැනි විචාර ඔවුනට මදිකමක්ද?... අනේමන්දා...............

    niyamai sahodaraya!
    mama me geethaya ahannan wale ahala tiyenawa eth me taram deyak hithuwe ne!
    hoda paniwidayak dena geethayak
    bohoma sthuthiy!
    ( mama oya awasanen kiyala tiyena de gena ketiyen yamak kiyannam)
    ape watina geetha atharin,dan wenakam me thread eke e geethayan pilibadawa wicharaya karala tiyenne ithamath seemitha pramanayak! wagema methanata e de karananna daayaka wela tiyenne ithama seematha saamajikayan pramanayak pamanai!(4-5 denek)
    e atharinuth,wedi washayen api illapu geetha gena saakaccha une!
    oya kemathi geethath apith ekka bedha ganna!
    obata jaya!:D
     

    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    sam@ සහෝදරයටත් ගොඩක් ස්තුතියි හොයන්න මහන්සියක් වෙන්නෙ නැතුවම අපිට මේ සිංදු බා ගන්න උදවු කලාට :yes:

    ස්තුත්යි යාළුවා.. හොද වැඩකට පුළුවන් විදියට උදවු දෙන්න ඕනේ ..
    එතකොට අලුත් අයත් ඒවාට හුරු වෙනවා ..
    ඉස්සර එළකිරි එකට මම හරිම ආසයි
    හරිම හර බර දේවල් තම ගියේ
    මම ඉගෙන ගත්ත ඒවා අනන්තයි එළකිරි එකෙන්
    වැඩේ කරගෙන යමු
     
    • Like
    Reactions: xxc

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    pemkalawaradataky5.jpg
    ela ela ..oya wage hamuwena okkoma daahan kolla
    jaya wewa!
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    hih hih:lol:
    uba kaanthareka ne innawa kiwwe....:frown:
    yako dubai ewith gahana bands innawada?:shocked:

    ලොක්ක මම ඉන්නේ ඕමාන් ,සල්ලි දෙනවනම් කවුද බන් එන්නේ නැත්තේ,,ලබන මාසේ 24 මේරියන්ස් එනවා(එදාට අපි මල් පැණියෙන් නවනවා)...:rofl::rofl:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ලොක්ක මම ඉන්නේ ඕමාන් ,සල්ලි දෙනවනම් කවුද බන් එන්නේ නැත්තේ,,ලබන මාසේ 24 මේරියන්ස් එනවා(එදාට අපි මල් පැණියෙන් නවනවා)...:rofl::rofl:
    oman mokada dubai mokada...kaanthare ne
    hahah:P

    ado siraama:(
    niyamai ne
    11.gif
    apita nam ithin joli seeyawath ne adu gaane:(:nerd:
    ehema tiya ape ekekwath ne ban dakinna:oo:
    inna ekama eka mama..thu nodhakin:frown: