සුන්දර ගීයක ඇරබුම,..

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
සිංහල සංගීතයේ තියෙන පුදුම සහගත ගීතයක් මම අපේ යාළුවන්ට දෙන්න හදන්නෙ... රන්බන්ඩා සෙනෙවිරත්න සහ ප්‍රේමසිරි කේමදාසයන් කියන පිරිමින් යුගල එකතුවෙලා දඩාවතේ යන සැමියෙකුට සිය බිරිද දක්වන අහිංසක ස්නේහය ගැන නිර්මාණය කරල තියෙන ගීතයක් තමා මේ ගීතය. ගායනා කරන්නෙ නීලා වික්‍රමසිංහ. අපේ යාළුවො මේ ගීතය වැඩියෙ අහල නැතිව ඇති කියල හිතල තමා මේ ගීතය ඔබත් එක්ක බෙදාගන්න කියල හිතුවෙ. රසවිදල බලන්න යාළුවනේ කොච්චර අහිංසක ඉල්ලීමක්ද මේ බිරිද කරන්නෙ කියල......

මේ ගීතයේ තිබෙන විශේෂත්ව කිහිපයක් තියෙනවා.... පළමු වැන්න තමා පිරිමින් දෙදෙනෙක් කාන්තාවකටත් වඩා හොදින් අසරණ කාන්තාවක්ව තේරුම් අරගෙන මේ ගීතය නිර්මාණය කිරීම.... දෙවැන්න තමා කාන්තාව ඇයටම රහසින් කියාගන්නා ආකරය අපට පිළිඹිබුවන සංගීතයක් හා කටහඩක් පාවිච්චි කිරීම... තෙවැන්න තමා අපට නිතර හමුනොවන මාතෘකාවක් එනම් සල්ලාල සැමියාට එම කටයුත්තට සමාව හා නිදහස දී ඔහුව රැකබලාගන්න බිරිදක් සූදානම් වීම......

බලන්න හවස් වුනා, රෑ වුනා, එළිවෙන්නත් ළගයි ඔයා තාමත් නෑ.... මම දන්නව ඔයා මාව තනිකරල ගියේ කොහෙද කියල... මම ඒව ගැන හිතන්නෙ නෑ... මම ඔයාට වද දෙන්නෙ නෑ... ඔයා ගෙදර එන්න... දන්නවද මම ඔයා ගෙදර ආවම කරන්න ඉන්න දේවල්..... මම දන්නව ඔයා යන දිහා කමක් නෑ... ඔයාගෙ ඇගෙන් දුම් සුවද ආවට මම ඒක ගැන හිතන්නෙ නෑ... නිදිමතේ මහන්සියෙන් එන ඔයාගෙන් ගියේ කොහෙද මොනවද කලේ කියල අහල වද දෙන්නෙ නෑ සත්තයි.....

ඔබ ගෙදර එන්න පහන් තරුවපායන විටවත්
ඔබ ගෙදර එන්න කම්නැත මගෙ කුමරුවනේ
දැස දුම් වෙලා තිබුනට
මුව තැවරුන දුම සුවදයි
නිදිබර සුසුමෙන් සුසුමට
ආගිය තැන් නාසන්නෙමි සංකා නොම ගන්න


කාන්තවන් තවරන පුයර ඔයාගෙ මූනෙ ගෑවිලා තිබ්බට කමක් නෑ.... ඔවුන්ගෙ කෙහෙරැළි ඔබේ ඇදුම්වල පැටලිලා තිබුනට කමක් නෑ.. මම ඒව ගැන හිතන්නෙ නෑ.... මට නිදිමතක් නෑ. මම ඔයා එනකල් අවදියෙන් මේ ඉන්නෙ.... කෑම බෙදල මම ඔයාට කන්න දෙන්නම්.... ඔයාට ආදරෙන් සළකන්නම්.....

කම්පා නැත ලිය වත්සුණු ඔබේ වත තැවරී තිබුණට
නාඳුනනා කෙහෙ රෑනක් සළුපිළි අතරේ රැඳුනට
මට නිදිමත නැත කුමරුනි ඔබට බත බෙදන්න...


රෑ තිස්සෙ ඇවිදල ඔයා මැළවිලා ඔයාට මහන්සියිනම් මම ඔයාව බලාගන්නම්. වතුර උණුකරල නාවල හිස පිහදල පීරන්නම්, නිදියනකල් ඔලුව අතගාන්නම්... ඔයා අහිංසක ලෙස නිදාගන්නව බලාගෙන ඉදල මම සැනසෙන්නම්.... සත්තයි මම ඔයාගෙන් වෙන මොනවත් බලාපොරොත්තු වෙන්නෙ නෑ... ඔයාට වද දෙන්නෙ නෑ....

‍තෝන්තුවා වෙන්න එපා ගතම මැලවිලා තිබුනට
උනුදිය සනහා පිසදා හිස පීරමි නිදියන විට
තව්සකු සේ සැතපෙනු දැක මට හැක හිනහෙන්න


මම මේ හැමදේම කරන්නම්. හැම සැපම ඔබට ලබාදෙන්නම්... ඒත් මම ඔබගෙන් ඉල්ලන්නෙ හරිම සුළුදෙයයි මම ඉල්ලන්නෙ.... හිමියනි ගෙදර එන්න හිමිදිරියෙවත්....



ඔබ ගෙදර එන්න පහන් තරුවපායන විටවත්
ඔබ ගෙදර එන්න කම්නැත මගෙ කුමරුවනේ
දැස දුම් වෙලා තිබුනට
මුව තැවරුන දුම සුවදයි
නිදිබර සුසුමෙන් සුසුමට
ආගිය තැන් නාසන්නෙමි සංකා නොම ගන්නම්

කම්පා නැත ලිය වත්සුණු ඔබේ වත තැවරී තිබුණට
නාඳුනනා කෙහෙ රෑනක් සළුපිළි අතරේ රැඳුනට
මට නිදිමත නැත කුමරුනි ඔබට බත බෙදන්න...

‍තෝන්තුවා වෙන්න එපා ගතම මැලවිලා තිබුනට
උනුදිය සනහා පිසදා හිස පීරමි නිදියන විට
තව්සකු සේ සැතපෙනු දැක මට හැක හිනහෙන්න


ගීතය සොයාදුන් තෝමියන් සහෝදරයාට සිය දහස්වාරයක් අපේ යාළුවන් වෙනුවෙන් පින්

මට තේරෙන්නෙ නෑ... මෙහෙම පිරිමින්ට හිතක් පපුවක් නැද්ද කියල... ඒත් මෙහෙම පිරිමි ඉන්න බවනම් මම දන්නව.... ගැහැණිය වැද වැද කිවුවත් ගැහිනියට පයින් ගහල වෙන ස්ත්‍රීන් වෙත යන පිරිමි අනන්තවත් ඉන්නව... කොහොමද යාළුවනේ ගීතය... පවුනේද මේ අසරණ බිරිද.... අහල තියෙනවද මේ ගීතය....? කමේනට්ස් දෙන්න බලන්න....
 
Last edited:

thomian

Well-known member
  • May 20, 2011
    12,102
    16,870
    113
    සිංහල සංගීතයේ තියෙන පුදුම සහගත ගීතයක් මම අපේ යාළුවන්ට දෙන්න හදන්නෙ... රන්බන්ඩා සෙනෙවිරත්න සහ ප්‍රේමසිරි කේමදාසයන් කියන පිරිමින් යුගල එකතුවෙලා දඩාවතේ යන සැමියෙකුට සිය බිරිද දක්වන අහිංසක ස්නේහය ගැන නිර්මාණය කරල තියෙන ගීතයක් තමා මේ ගීතය. ගායනා කරන්නෙ නීලා වික්‍රමසිංහ. අපේ යාළුවො මේ ගීතය වැඩියෙ අහල නැතිව ඇති කියල හිතල තමා මේ ගීතය ඔබත් එක්ක බෙදාගන්න කියල හිතුවෙ. රසවිදල බලන්න යාළුවනේ කොච්චර අහිංසක ඉල්ලීමක්ද මේ බිරිද කරන්නෙ කියල......

    මේ ගීතයේ තිබෙන විශේෂත්ව කිහිපයක් තියෙනවා.... පළමු වැන්න තමා පිරිමින් දෙදෙනෙක් කාන්තාවකටත් වඩා හොදින් අසරණ කාන්තාවක්ව තේරුම් අරගෙන මේ ගීතය නිර්මාණය කිරීම.... දෙවැන්න තමා කාන්තාව ඇයටම රහසින් කියාගන්නා ආකරය අපට පිළිඹිබුවන සංගීතයක් හා කටහඩක් පාවිච්චි කිරීම... තෙවැන්න තමා අපට නිතර හමුනොවන මාතෘකාවක් එනම් සල්ලාල සැමියාට එම කටයුත්තට සමාව හා නිදහස දී ඔහුව රැකබලාගන්න බිරිදක් සූදානම් වීම......

    බලන්න හවස් වුනා, රෑ වුනා, එළිවෙන්නත් ළගයි ඔයා තාමත් නෑ.... මම දන්නව ඔයා මාව තනිකරල ගියේ කොහෙද කියල... මම ඒව ගැන හිතන්නෙ නෑ... මම ඔයාට වද දෙන්නෙ නෑ... ඔයා ගෙදර එන්න... දන්නවද මම ඔයා ගෙදර ආවම කරන්න ඉන්න දේවල්..... මම දන්නව ඔයා යන දිහා කමක් නෑ... ඔයාගෙ ඇගෙන් දුම් සුවද ආවට මම ඒක ගැන හිතන්නෙ නෑ... නිදිමතේ මහන්සියෙන් එන ඔයාගෙන් ගියේ කොහෙද මොනවද කලේ කියල අහල වද දෙන්නෙ නෑ සත්තයි.....

    ඔබ ගෙදර එන්න පහන් තරුවපායන විටවත්
    ඔබ ගෙදර එන්න කම්නැත මගෙ කුමරුවනේ
    දැස දුම් වෙලා තිබුනට
    මුව තැවරුන දුම සුවදයි
    නිදිබර සුසුමෙන් සුසුමට
    ආගිය තැන් නාසන්නෙමි සංකා නොම ගන්න


    කාන්තවන් තවරන පුයර ඔයාගෙ මූනෙ ගෑවිලා තිබ්බට කමක් නෑ.... ඔවුන්ගෙ කෙහෙරැළි ඔබේ ඇදුම්වල පැටලිලා තිබුනට කමක් නෑ.. මම ඒව ගැන හිතන්නෙ නෑ.... මට නිදිමතක් නෑ. මම ඔයා එනකල් අවදියෙන් මේ ඉන්නෙ.... කෑම බෙදල මම ඔයාට කන්න දෙන්නම්.... ඔයාට ආදරෙන් සළකන්නම්.....

    කම්පා නැත ලිය වත්සුණු ඔබේ වත තැවරී තිබුණට
    නාඳුනනා කෙහෙ රෑනක් සළුපිළි අතරේ රැඳුනට
    මට නිදිමත නැත කුමරුනි ඔබට බත බෙදන්න...


    රෑ තිස්සෙ ඇවිදල ඔයා මැළවිලා ඔයාට මහන්සියිනම් මම ඔයාව බලාගන්නම්. වතුර උණුකරල නාවල හිස පිහදල පීරන්නම්, නිදියනකල් ඔලුව අතගාන්නම්... ඔයා අහිංසක ලෙස නිදාගන්නව බලාගෙන ඉදල මම සැනසෙන්නම්.... සත්තයි මම ඔයාගෙන් වෙන මොනවත් බලාපොරොත්තු වෙන්නෙ නෑ... ඔයාට වද දෙන්නෙ නෑ....

    ‍තෝන්තුවා වෙන්න එපා ගතම මැලවිලා තිබුනට
    උනුදිය සනහා පිසදා හිස පීරමි නිදියන විට
    තව්සකු සේ සැතපෙනු දැක මට හැක හිනහෙන්න


    මම මේ හැමදේම කරන්නම්. හැම සැපම ඔබට ලබාදෙන්නම්... ඒත් මම ඔබගෙන් ඉල්ලන්නෙ හරිම සුළුදෙයයි මම ඉල්ලන්නෙ.... හිමියනි ගෙදර එන්න හිමිදිරියෙවත්....



    ඔබ ගෙදර එන්න පහන් තරුවපායන විටවත්
    ඔබ ගෙදර එන්න කම්නැත මගෙ කුමරුවනේ
    දැස දුම් වෙලා තිබුනට
    මුව තැවරුන දුම සුවදයි
    නිදිබර සුසුමෙන් සුසුමට
    ආගිය තැන් නාසන්නෙමි සංකා නොම ගන්නම්

    කම්පා නැත ලිය වත්සුණු ඔබේ වත තැවරී තිබුණට
    නාඳුනනා කෙහෙ රෑනක් සළුපිළි අතරේ රැඳුනට
    මට නිදිමත නැත කුමරුනි ඔබට බත බෙදන්න...

    ‍තෝන්තුවා වෙන්න එපා ගතම මැලවිලා තිබුනට
    උනුදිය සනහා පිසදා හිස පීරමි නිදියන විට
    තව්සකු සේ සැතපෙනු දැක මට හැක හිනහෙන්න


    ගීතය සොයාදුන් තෝමියන් සහෝදරයාට සිය දහස්වාරයක් අපේ යාළුවන් වෙනුවෙන් පින්

    මට තේරෙන්නෙ නෑ... මෙහෙම පිරිමින්ට හිතක් පපුවක් නැද්ද කියල... ඒත් මෙහෙම පිරිමි ඉන්න බවනම් මම දන්නව.... ගැහැණිය වැද වැද කිවුවත් ගැහිනියට පයින් ගහල වෙන ස්ත්‍රීන් වෙත යන පිරිමි අනන්තවත් ඉන්නව... කොහොමද යාළුවනේ ගීතය... පවුනේද මේ අසරණ බිරිද.... අහල තියෙනවද මේ ගීතය....? කමේනට්ස් දෙන්න බලන්න....

    ඇත්තටම දුක හිතෙන ලස්සන ගීතයක්....අපි අහලා නැති ලස්සන පැරනි ගීත කොයිතරම් නම් තියනවද...බොහොම කනගා‍ටුයි මෙ වගේ ගීත දැන් අහන්න ලැබෙන්නෙ නැති එක ගැන...sasliit සහෝ නොහිටින්න මමත් මෙ ගීතය ගැන දැන නොගන්න ඉඩ තිබුනා....බොහොම ස්තුති මෙ වගෙ වටිනා ගීත අපි වෙනුවෙන් ලබාදීම ගැන....
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මම දන්නව මේ ගීතයනම් මට හිතේ හැටියට කවදාවත් විචාරය කරන්න බෑ.... ඒත් මගේ යාළුවො පී.එම්. මගිනුත් ඉල්ලනව මේ ගීතය දෙන්න කියල... ඔවුන් මොනව කරන්නද ඔවුන් දන්නවයැ කෙල්ලෙ ඔයා මට දීපු ගින්දර ගැන..... හැබැයි ඔයා තමයි මාව මෙතරම් ගීතයට ලං කලේ... ඒකට පිං ඔයාට. පුදුමයි වසර පහක් ළගින් ඉදල ඔබ ගිය අපූරුව... අපි බුද්ධිමත්... බුද්ධිමත්ව අවබෝධයෙන් වෙන්වෙමු.... ඔබ එහෙම කිවුවෙ ඔබවත් මමවත් බුද්ධිමත් නිසා නෙමෙයි.... අපි අපිවම රවට්ටල වෙන්වෙන්න ඕන නිසා සහ ඔයාට මම ගැන වදයක් නොවෙන්න කියල මම දන්නව.... රත්තරං කෙල්ලෙ මම කවදාවත් එහෙම ඔයාට වදයක් වෙනවද....? එහෙම වදයක් උනාද ඔයාට.....? එදත් නෑ... අදත් නෑ.... හෙටත් නෑ නේද....?

    ඉතාම සරල වචන උපයෝගී කරගනිමින් අව්‍යාජ ආදරවන්තයෙකු තනිවම තම විරහ වේදනාව විදගැනීම පැහැදිලි කරන ආකාරය පුදුම සහගතයි... මේ ගීත රචකයා විරහව, දුක, වේදනාව, මේ සියල්ලම ඉතාම සියුම්ව නමුත් සුන්දරව රසිකයාට ඉදිරිපත් කරන්නට උත්සාහ කරනවා.. මම අහිංසක මිනිහෙක්.... කාටවත් වරදක් කරපු නැති මට, කවුරුවත් ගැන වැරැද්දක් නොදැකපු මටම වැරදුනා.... ආදරය කියන්නෙ විවධ පුද්ගලයන්ට විවිද විදියට දැනෙන දෙයක් බව ඇත්තයි... ඒත් මේ විදියටනම් හතුරෙකුටවත් දැනෙන්න එපා... ඔයා මාව තනිකරල ගියා.... මගේ හිතේ පුංචිම තැනකවත් පුංචිම තරහක්වත් නෑ.... ඒත් මමත් අනිත් හැම මනුස්සයෙක්ම වගේ ඇට මස් ලේ නහර වලින් හැදුන මනුස්සයෙක්.... මටත් හැගීම් දැනීම් තියෙනවා.... මුළු ලෝකයම ඔයා කියල හිතල, දෙවියන්ටත් වඩා උඩින් මගේ හදවතේ තැන්පත් කරපු ඔයාව මගෙන් වෙන්වෙලා යනඑක දරාගෙන ඉන්න තරම් මට ශක්තිමත් හිතක් නෑ.... ඔයාට වදයක් නොවෙන්න හොරෙන්ම මම මේ දුක විදිනවා....

    සමුගන්න මොහොතකට පෙර එක් වතාවක්
    හිනැහෙන්න පෙරදා වගේ..
    මුමුණන්න වදනක් පෙර සේම ලංවී
    මියඇදෙන මතකය වගේ...


    මේ ආත්මෙදි ඔයා මගේ ලග ඉන්න අන්තිම මොහොත.... මට මේක දරාගන්න තේරෙන්නෙ නෑ... ආයෙත් ඔයා මගේ ලග නෑ කියල හිතුවම... සොදුරියේ ඔයා යන්න කලින් තව එකම එක සැරයක් අර මගේ ළග වෙනද ඉන්න හුරතල් විදියටම හිනහ වෙනවද...? එකම එක පාරක්.... මට හොදට හිත ඇතුලෙ මතක තියාගන්න.. මේ අහින්සක ඉල්ලීම ඉටුකරනවද... දැන් ඉතින් අපේ ආදර මතකය හුස්ම අරගන්නෙ නෑ... අපි වෙනවෙලා යන්න ඕන කියල ඔයා කියනවනේ.... ඔයාට බැරිද තව එකම එක සැරයක් මගේ ලගට වෙලා ආදරෙන් කතා කරන්න... මොකද මේ අවසාන මොහොතෙදි වෙන්වෙන්න ඕන කියල මගේ හිත නොරිදෙන්න ඔයා කියන්න උත්සාහ කලත්... මගේ පපුවට ඔය එන්නෙ පිහි පාරවල් වැස්සක්....

    තුරු සෙවනෙ මල් අතරෙ වැලපෙන කථාවක්..
    මද සුලගෙ පාවී ගියේ..
    සුසුමකට ලං වෙන්න කදුලට රිදුම් දෙන්න
    ඇයි ආදරෙන් හමුවුනේ..
    ඇයි ආදරෙන් හමුවුනේ...


    ඔයා ගියා.... යන්නම ගියා.... ආයෙ නොඑන්නම ගියා. දැන් ඉතින් මම එතනම තනිවෙලා... ඔයාට නොදැනෙන්න, වදයක් නොවෙන්න මම දුක්වෙන්නම්.... මමත් ඔබ වගේම මනුස්සයෙක්... මටත් හොරෙන් කදුළු කැට මේ අපි වෙන්වුන බිමට වැටෙන්න පොර බදනවා... සුළගේ පාවෙලා යනව... කමක් නෑනේ... මම කාටත් හොරෙන් මේ තුරු සෙවනෙ ඉදගෙන තනියම නොවැ කදුලු හෙලන්නෙ... කදුළු, සුසුම් මේව පිරිමින්ට ඒ තරම් පුරුදු නෑනේ.... ඉතින් මේ නුපුරුදු දේවල් මම සීමාවක් නැතිව කරනව... මෙහෙම වෙන්න ඇයි කෙල්ලෙ අපි හමුවුනේ... ඇයි මේ කදුල, සුසුම මම මේතරම් ආදරය කල, විශ්වාස කල ඔයාම මට උරුම කලේ....?

    අවසන්ව යන මතක හද වේදනාවෙන්ම
    සතපන්න ලය මත මගේ..
    දිවි මං තලාවේ මා පරදවාලන්න..
    ඔබ කිමද මට පෙම් කලේ....


    මොනව කරන්නද ඔයා ගියා අහිංසක මාව අතරමං කරල ඔයා ගියා.... මම ලෝකෙට හොරෙන් අඩල, දුක්වෙලා මගේ වේදනාව හදවතේ හිරකරගන්නම්.... ඒත් මට එකම එක ප්‍රශ්ණයක් තියෙනව... අහිතක් නැතිනම් මට උත්තරයක් දෙනවද කෙල්ලෙ... මගෙත් එක්ක තරහ ගන්නෙ නැතිව මට පුංචිහරි උත්තරයක් දෙන්න... මට කොහොමවත් උත්තර නැති ප්‍රශ්ණෙට උත්තරයක් දෙන්න....ඒ ප්‍රශ්ණෙ තමයි....,
    දහසකුත් පැතුම් එක්ක ආදරලෝකයක් ගොඩනගල මාව ප්‍රේමයෙන් පරාජිතයෙකු කරල මගේ ජීවිතයෙන්, ආදරයෙන් පාලා යන්නට නම් මුලදී මහමෙරක් තරමට ඔයා මට ආදරය කලේ ඇයි.......?



    සමුගන්න මොහොතකට පෙර එක් වතාවක්
    හිනැහෙන්න පෙරදා වගේ..
    මුමුණන්න වදනක් පෙර සේම ලංවී
    මියඇදෙන මතකය වගේ...

    තුරු සෙවනෙ මල් අතරෙ වැලපෙන කථාවක්..
    මද සුලගෙ පාවී ගියේ..
    සුසුමකට ලං වෙන්න කදුලට රිදුම් දෙන්න
    ඇයි ආදරෙන් හමුවුනේ..
    ඇයි ආදරෙන් හමුවුනේ...

    අවසන්ව යන මතක හද වේදනාවෙන්ම
    සතපන්න ලය මත මගේ..
    දිවි මං තලාවේ මා පරදවාලන්න..
    ඔබ කිමද මට පෙම් කලේ....

    (පැන්තර් සහෝදරය ස්තූතියි වීඩියෝව සොයා දුන්නට)

    :nerd::nerd:
    adenawa :(
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    නන්දා මාලනී මහත්මිය කියන කුරුටු ගෑ ගී පොතී කියන ගීතයේ තේරුම දාන්න හිතුනා
    මම වැරදිනම් දන්නා කෙනෙක් නිවැරදි කරන්න:):)


    තරුණියක් තමුන්ගේ ප්‍රේම සම්බන්ධය (ටිකක් දුරදිග ගියපු එකක්) නවත්වලා වෙන කෙනෙක් එක්ක විවාහ වෙනවා


    කුරුටු ගෑ ගී පොතේ
    කුරුටු ගී ගායනා
    ගිලන් හද පාරවා
    ගෙනෙයි අද වේදනා ................


    මෙතැනදී කුරුටු ගී කියල කියන්නේ sex:shocked:

    ඔබෙන් පෙරදා උගෙන කවිකම්
    ලියු කවි ගීතිකා..........


    මේ තරුණිය මේ අත් දැකීම් මුලින්ම ලැබුවේ කින් ප්‍රේම කරපු තරුණයාගෙන්


    ඔබේ නාමෙන් හැඬු කඳුලින්
    ගයමි මම කිවින්දුනේ .............



    මේ ඒ තරුණියගේ මධුසමය වෙලාව

    මියුරු කවි වැල් කුරිරු ස්වරයෙන්
    ඇසේ රෑ යාමයේ


    ඒ අත්දැකීම් හරිම සුන්දරයි මියුරුයි:):)
    එත් ?:(

    නොලැබ කිවිඳුන් කුමට කවි කම්
    කිවිඳ මට කවි ලොවේ



    තමුන් එක්ක මුලින්ම ඒ දේවල් බෙදාගත්ත තමුන්ගේ කලින් ප්‍රේම වන්තයා නැතිව එයට මේ දේවල් වේදනාවක්


    හරි අමාරුවෙන්න් කෙටුවේ මේක මේ thread එකේ කලින් ගිහින් තියනවද දන්නේ නැහැ
    මම තාම කියෙවුවෙ 22 පිටුව විතරයි
    වැරද්දක් තියේනම් හදන්න
    :):)
    :D:D:D
    saralawa kiyala deela thiyenawa:D:D
    jaya wewa....share karamu ne tawa
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    [FONT=&quot]ලක්ෂ්මන් හිල්මිගේ මාලති නුඹයි ගීතය කව්දෝ දාලා තිබ්බා දැක්කා.ඇත්තටම හිල්මි දක්ෂ ගායකයෙක්.මාලති නුඹයි.සොදුර ජීවිතයේ,සිත හඩන අයුරු.රිදී පාට කල වැනි ගීත අග්‍ර ගණයේ ලා සැළකිය හැක..මොහු මරා දමන ලද්දේ කැසට් නිෂ්පාදකයන්ය.වාණිජ මට්ටමෙන් උපරිමයට ම ගිය අජිත් මුතුකුමාරණ ගේ පවා ඇතම් ගීත විශිෂ්ට මට්ටමක පැවතිනි..ඕන දේයි එපා දේයි මොවුන් ලවා කියවා බැංකු ගිණුම් වල බැර පැත්ත වැඩි කර ගැනීමට උපුල් ජයසිංහ.රන්ජිත් ප්‍රේමලාල් වැනි අය ගත් ඉක්මන් තීරණ නිසා මෙරට ගීත කලාව කනත්තට පියවර මැන්නේය....
    හිල්මිගේ සින්දුවක් දාන්න හිතුවේ ඒකත් මතක් කරගෙනම..............

    සිත හඩන අයුරු දෙවොල ගිනි අරන්....
    මම දනිමි සොදුර නුඹ තැවුනු තරම්...........
    හද පෙළෙනු කිමද අවරගිර බලන්.....
    මම එළිය ගෙනෙමි නුඹට ඇති තරම්..........

    දෙවොල යනු කන්‍යාභාවයයි.බටහිර ලෝකේ කොහොම වෙතත් අපේ සමාජයේ කන්‍යාභාවය ඉහළින් සලකයි.(මාගේ අදහස ද තාක්ෂණිකව අප කෙතරම් දියුණු වූවත් සංස්කෘතිය රැක ගත යුතු බවයි..ලක්ෂ 14 බ්‍රෑන්ඩ්නිව් ඔපරේෂන් ගැන මම නොදනමි.)ඇයගේ කැමත්තෙන් හෝ අකැමත්නෙන් ඇයව දූෂණයට ලක් වී තිබේ.ඒ බව ඇය ප්‍රේමවන්තයාට පවසා තිබේ.ඔහුගෙන් ඇයට යහපත් ප්‍රතිචාරක් ලැබෙමින් පවතී.
    කළුවරට පිපුනු මලද මලකි නම්..........
    අර මෙළෙක සොයන කෙනෙකු නොවෙමි මං....
    නෙතු අගිසි වලට සතුට උනන කන්...........
    ඔය කදුලු පබළු තැවොල මට දියන්..........
    මීට කලින් දෙවොල යැයි කිවූ කන්‍යාභාවය මෙතනදී මෙළෙක නමින් හදුන්වයි.මට ඒකෙන් ඇති වැඩක් නැත.උඹව විවාහ කරගත්තදාට උඹේ හිතට සතුට ලැබෙයි...එතකම් ඔය කදුලු වලින් දිළිසෙන ඇස් දෙක මට දියන්..........
    විෂ පෙවුනු බඹරු කොහෙද මට කියන්..........
    විත පොකුරු ඇනුනු තැන් කොහෙද බලන්........
    හිත රිදෙන තැනට කරුණු ඇද අරන්....
    කිසි දිනෙක නුඹට එරෙහි නොවෙමි මං..............
    උඹට ඔය අපරාදේ කරපු එකා කියපන්.ඒ හොයගෙන ගිහින් උගෙන් පළිගන්න නෙවෙයි.....ඒ තැනට ඌ පත්වුනේ කොහොමද කියල දැනගන්න.හැබයි කවදාවත් උඹෙන් මේ ගැන ආය අහන්නේ නෑ,,අපි සතුටින් ඉමු.එච්චරයි.
    [/FONT]
    niyamai sahodaraya niyamai
    tawa post karamu!
    thank you!
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    යම් සොයුරෙක් විසින් ඉල්ලා තිබූ ගීතයක පදරුත් පසිදිමි..........!!!
    හීනමාන මානසිකත්වයක යථාස්වරූපී කතාන්දරය.........


    විදුලි මිණි පහන් දැවී.........



    [FONT=&quot]විදුලි මිනි පහන් දැවී - බොළද ගී සිනා රැළි[/FONT]
    [FONT=&quot]නිලංකාර අදුරේ සිර වී - සැදෑ සාදයේ......[/FONT]
    [FONT=&quot]කුරා කුහුඹි මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ........[/FONT]
    [FONT=&quot]කුරා කුහුඹි මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ........[/FONT]

    [FONT=&quot]එන්න කන්න බොන්න මිහිරේ - සැමටයි ආරාධනා[/FONT]
    [FONT=&quot]ඔබේ හඩ කිදී සිදී යයි කතා සරිත් සාගරේ[/FONT]
    [FONT=&quot]ඔබේ හඩ කිදී සිදී යයි කතා සරිත් සාගරේ[/FONT]
    [FONT=&quot]පුරා ගෙන පිරූ විතේ - විසුළු කෙළි නැටුම් සිනා[/FONT]
    [FONT=&quot]යොමා ඇස බලන් යළි සොදුරේ - මැදුරු දොර දිහා.......[/FONT]

    [FONT=&quot]දෙන්න කන්න බොන්න නොකියා - දෙනෙතින් ආරාධනා[/FONT]
    [FONT=&quot]දෑස පා ඉදුල් යදී ඇස් - ගයා හංස ගීතිකා[/FONT]
    [FONT=&quot]දෑස පා ඉදුලි යදී ඇස් - ගයා හංස ගීතිකා[/FONT]
    [FONT=&quot]ඔබේ මන්දිරෙන් එහා - මගේ ලොව බලා සිටී[/FONT]
    [FONT=&quot]පළි යයි ඔබේ ලොවෙන් මා - දෙපා සමු නොදී......[/FONT]

    [FONT=&quot]ප්‍රේමය නම් ආත්මීය කාරණයේ දී ආර්ථිකය නම් කාරණය ඇති කරන මානසික පීඩනය අතිශය ම ආකර්ෂණිය සහ බුද්ධිමය ලෙස ගෙන එන ගීත රචනාවකි. එසේම පහල යයි සම්මත ආර්ථිකයක් හිමි තරුණයන්, ඉහල සමාජ ස්ථරයක් ඇති තරුණියක් හා ප්‍රේමයෙන් වෙලී සිටීමේ දී ඇතිවන හීනමානය බදු මානසික තත්ත්වයය මෙම ගීතයෙන් මනාව පෙන්වන ආකාරය බලන්න. [/FONT]

    [FONT=&quot]විදුලි මිනි පහන් දැවී - බොළද ගී සිනා රැළි[/FONT]
    [FONT=&quot]නිලංකාර අදුරේ සිර වී - සැදෑ සාදයේ......[/FONT]
    [FONT=&quot]කුරා කුහුඹි මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ........[/FONT]
    [FONT=&quot]කුරා කුහුඹි මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ........[/FONT]

    [FONT=&quot]ඔහු ගේ ලොවට අදාල නොවන සැදෑ සාදයක දී ඔහුට ඇතිවන හීනමානය පෙන්වන්නේ තමා කුරා කුහුඹි මිනිසෙක් මි යන හැගීම ඔහු කෙරේ ජනිත කරමිනි.[/FONT]
    [FONT=&quot]මේ සැදෑ සාදයේ දී ඔහු ගේ හදෙහි ජනිත වන්නේ මේ බහු රූ කෝලම් මැද ඔහු ගේ ලෝකයට අදිළ වන කුසගින්න, දරිද්‍රතාවය සහ ආර්ථික පීඩනයයි. ඔහු ගේ හදෙහි පවතින්නේ මේ පිළිබදව ජනිත වන යම් ආකාරයක නොරොක් වූ ස්වභාවයක් බව පෙනේ. “උඹලා ගේ ලෝකය නොවෙයි මගේ ලෝකය...බලපල්ලා ඔය ගේට්ටුවෙන් එහා” ඔහු කියන්නේ එහෙයිනි.[/FONT]
    [FONT=&quot]ඔහු ගේ ලෝකයේ ඉන්නා වැසියෝ සිගමන් නොයදිමින් සිගමන් යදිති. ඒ අයදින්නේ ද දෙනෙතිනි. ඔවුන් ඉදුල් යදින්නේද ඔවුන් ගේ අවසන් ගීතිකාව ගයමින්, එනම් පණ අදිමිනි. (හංසයන් ගීතිකා ගයන්නේ මරානාසන්න අවස්ථාවලදී බව සාහිත්‍යයේ දැක්වේ.)[/FONT]

    [FONT=&quot]ඔබේ මන්දිරෙන් එහා - මගේ ලොව බලා සිටී[/FONT]
    [FONT=&quot]පලා යයි ඔබේ ලොවෙන් මා - දෙපා සමු නොදී......[/FONT]

    [FONT=&quot]මේ මන්දිර වල හිද කරන කියනා දේ ඔහු ගේ ලොව බලා සිටින බැවින් ද, ඔහු ගේ සිතෙහි පවතින හීනමානය නිසා ද ඔහුට තවත් මේ ප්‍රේමපාරමිතාව පිරිය නොහැක. ඔහු ගේ දෙපා සමුනොදී පලා යන්නේ එහෙයිනි.[/FONT]

    [FONT=&quot]පන්ති වෛරය තුලින් දේශපාලනය කරන සමහර දේශපාලකයන් ගේ මනෝභාවයන් කදිමට පෙන්වන මේ ගීතරචනයට මුසුකර ඇති සංගීතය අවස්ථානෝචිතව ඉතාමත් විශිෂ්ඨ ආකාරයෙන් යොදා තිබේ. සැක්සෆෝනය පදනම් කර ගත් මේ සංගීතය මෙවන් සැදෑ සාදයක චමත්කාරය මනරම් ව කියාපායි.

    ප.ලි.
    දමා ඇති යූ ටියුබ් දිගුව පිළිබදව කමා කරත්වා..........මේ ජර බර සංගීතය රහිතව ගීතය යම් සොයුරෙක් මා වෙත එවත්වා.........ඔබේ රසඥතාවයට ඇතිවන බාධාව ගැන අවංකව ම කණගාටුවෙමි. වෙන හොයා ගන්නට පුළුවන් ගීතයක් නැත........
    [/FONT]
    wow
    atthenma mama priya karanama geethayak....
    eth dan thamai,me geethayen kiyawenne mokakda kiyala therungatthe!
    wachana ne ah!uparimay!!!!!
    9.gif
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    යාළුවනේ මේ ගීතය ඔබ වෙත ගෙන එන්නෙ මගේ පෞද්ගලික අත්දැකීමක් ඔබ සමග බෙදා ගන්න.... ගීතය විචාරය කරන්න ඕනෙ නෑ... කතාව කිව්වහම ඔබට හොදටම වැටහේවි....

    මේ සිද්දිය වුනේ පහුගිය ජනවාරි 19 වෙනිද.... මගේ ලගින් නෑදෑ වෙන නංගියෙක්ගෙආදර වන්තය හිටියෙ විදේශ රටක (දෙන්න විවාහ ගිවිසගෙන).... ඉතින් මේ දෙන්න යෝජිත සම්බන්ධයක් වුනත් නිතරම දුරකතනයෙන් කතාකරල ගොඩාක් ආදරෙන් බැදිල හිටියෙ... මේ නංගිය ගොඩාක් මා එක්ක එකතුයි. එයාට අයියල නෑ. ඒ නිසා වෙන්න ඇති... කොහොම හරි මේ කෙල්ල හරි දග මල්ලක්... මගෙත් එක්ක විනෝදෙන්මයි ඉන්නෙ... හිතේ තියෙන හැමදේම මට කියනව... මේ කොල්ල ගැනත් කියනව... එයා හොදයි වගේ... එයා හරම කිව්ව... එයා මෙහෙම කිව්ව... කියල කියවනව වෙලාවකට වදයක්....

    කොහොමින් කොහොමහරි මේ අපේ කිරිල්ලිගෙ කුරුල්ල ගිය දෙසැම්බර් මාසෙ ආව.... අම්මේ බලන්න එපායැ අපේ කෙල්ලගෙ සතුට... හිත මූණට ඇවිත්... සන්තෝසෙන් පිරිල... ඒ ආදරවන්තයත් ආයෙ පණවගේ තමා අපේ කෙල්ලට.... එයා මේ සැරේ ඇවිත් තියෙන්නෙ විවාහ උත්සවය අරගෙන යන්න... අපි ඇහුව ඇයි නංගිව එක්කරගෙන යන්නෙ නැත්තෙ කියල... එහෙම එක්කරගෙන යන්න අමාරුයි... තවම වීසා ප්‍රශ්ණ, ගිහිල්ල එයාව එහෙට ගන්නව කිවුව... ඇත්ත ඒ ප්‍රශ්ණ ගැනත් අපි සාධාරණ වෙන්න එපැයි... කෙල්ලගෙන් මම ඇහුවම කමක්නෑ එයා ඉතින් මාව ඉක්මනින් එහෙට ගනීවිනේ කිව්වා... ඇත්ත කොල්ල ඒ දේ කරයි... ඩොකියුමන්ට්ස් ඔක්කොමත් රෙඩි... මාස කිහිපයක් විතරයි ප්‍රමාද වෙන්නෙ... ඉතින් කෙල්ලටත් ප්‍රශ්ණයක් නෑ කියනවනේ.... ඒක නෙමෙයිනෙ මට ඔයාලට කියන්න ඕන කාරනය....

    ඔන්න ඉතින් විවාහය ජනවාරි මුල ගත්ත හරිම ලස්සනට. දෙන්න හොදින් සන්තෝසෙන් ජීවත් උනා... සති දෙකකට විතර පස්සෙ මේ 19 වෙනිද කොල්ලට නැවත රට යන්න උදාවුනා... මමත් ගියා නංගියත් එක්ක... අනේ කොල්ල ගොඩාක් දුකෙන්... ඒත් අපේ එකීනම් කාගෙන ඉන්නවද කොහෙදො .... වැඩි සද්දයක් නෑ.... දෙන්න අත්දෙක ඈත් කලේ නම් හරිම වේදනාවෙන්.... කොල්ල ඉතින් ගියා... අපි මෙයාව ආයෙත් ගෙදර ඇරළුව ... වැඩි සද්දයක් නෑ කෙල්ල... මමත් වද දෙන්න ගියේ නෑ....

    මෙන්න පස්සෙන්ද නැන්ද මට කෝල් එකක් දෙනව එන්න කියල... මමත් ගියා... ගියාම නැන්ද කියනව පුතේ කාමරේමයි ඔයාවත් පොඩ්ඩක් අවවාදයක් දෙන්න කියල.... මම ගියා කාමරේට කෙල්ල ඉන්නව කොට්ටෙට ඔළුව තියාගෙන..... මමත් ඉතින් පට්ට දාර්ශණිකය වගේ මෙයාට ලෝකෙ නැති අවවාද දෙනවා... බනිනවා... යථාර්තය කියල දෙනව...

    කෙල්ල නැගිට්ට... ෆෝන් එකේ හෑන්ඩ් ෆ්‍රී එක මගේ කණට තිබ්බ... මෙන්න යනව ගීතයක්.... දෙයියනේ.. පිස්සු හැදෙනව... මටත් උඩ බිම නෑ.... මෙන්න මගෙනුත් ඇස් දෙකෙන් කදුළු කට කට ගාල වැටෙනව........ ගීතයකට මෙච්චර බලයක් කොහෙන්ද ලැබුනෙ.... හරියට මාලනී බුලත්සිංහල මෙයාගෙ සිද්ධිය බලාගෙන ඉදල අඩන්න වගේ ගීතය කියනව... අපි දෙන්න අඩනව. අඩනව නෙමෙයි නිකම්ම ඇඩෙනව..කොහෙන් හොයාගත්තද මන්ද මේ ගීතය....

    ජීවන සටන ජයගන්න ඔබේ පෙම්වතියන්, බිරිද, දරුවො තනිකරල ඔබ ඈත දුර රටකට යන්නෙ රජ සැප විදින්න නෙමෙයි තමා.... ඒත් ඔබ දන්නවද ඔබේ සෙනහසට, රැකවරණයට හුරුවුනු බොළද, අහිංසක, පුංචි හදවත් වලට ඔබේ අඩුව දරාගන්න අමාරුයි, හරිම අමාරුයි.... පුළුවන් හැම මොහොතෙම ඒ සෙනෙහස ඔවුන්ට ලබා දෙන්න..... ඔවුන්ට ජීවිතේ ගත කරන හැම මොහොතකම, තනිවන, දුක්වන, පාළුව දැනෙන හැම මොහොතකම ඔබව සිහිවෙන බව තේරුම් ගන්න..... මේ ගීතය එසේ තම ජීවිතයේ තම සැමියා, ආදරවන්තයා, පිය නැතිව තනිවන, දුක්වන, පාළුව දැනෙන සියළුම බිරින්දෑවරුන්, කාන්තාවන්, දූ දරුවන්ට උපාහාරයක්ම වේවා.....

    ඔබට මම මෙච්චරටම ආදරේකලා කියල ඔයා මාව තනිකරල පිට රටකට පියාබනකල්ම මට තේරුනේ නෑ... මගේ සතුට නැතිවෙලා... ජීවිතේම කළුවර වෙලා, පාළුවෙලා.... හැම මොහොතකම ඔබ සිහිවෙනවා.... ඒ තරමටම පිස්සුවෙන් වගේ ඔයාට මම ආදරේ කරන බව, නිදි නැතිව රෑ පුරා ඔයාව සිහිකරන බව, ඔයාව මට ඕන බව ඔයාදන්නව නේද...................

    මෙන්න මේක තමා මම අහපු ගීතය.....


    ඔබට මා ආදරය කල බව මෙතරම්
    මා දමා ඔබ
    දුරු රට යනතුරු නොදනිම්...

    වළාවකින් ඔබ
    වැසී ගියා බොල් අහසේ
    සිනා පහන් වැට
    නිවී ගියා සැඩ සුළඟේ...

    ඉරත් මැරී
    පුන් සඳත් මැරී
    ලොව අඳුරේ
    කෙසේද ඉන්නේ
    පාළු පැලේ
    නිදි පැදුරේ....

    පද - සුනිල් ආරියරත්න
    තනුව - එච් එම් ජයවර්ධන
    ගායනය - මාලනී බුලත්සිංහල

    තවත් ගීතයක් තව ටිකකින්.............
    :D
    atthenma....
    mokuth nokiya innam....
    ara nangige adare koi taram da kiyala therun ganna puluwan:yes:
    meke athdakeem tiyena aadarawanthoyonta hithata wadina geethayak:rolleyes::D:D
     
    • Like
    Reactions: sasliit

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    උඹ මොනවා කිව්වත් මේ අත්දැකීම විදපු සහ අදටත් විඳින එකෙක් තමයි මම..බිරිඳ ,දරුව නැතුව මේ ගෙවන ජිවිතේ ගැන මටම දුකයි මචන්,,:(:(
    :(:( therun ganna puluwan kolla...
    ayeth kaalayak enawane ekata inna..ethakan..duken imu..:(
     

    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    sam@ සොයුරා කරන මේ ගීත බාගත කර ගැනීම දිගු ලබාදෙන සත්ක්‍රියාව අතිශයින්ම ප්‍රසාද සංවේග පූර්වක බැව් නොපවසා බැරිය...............!!!!!!!:yes::yes::yes::yes::cool::cool:

    Code:
    අතිශයින්ම ප්‍රසාද සංවේග පූර්වක බැව් නොපවසා බැරිය..
    :rolleyes::rolleyes::lol::lol::P:D
    අම්මෝ යාළුවා මට මේ ස්තුතිය වැඩියි..මම පොඩි හෙවිල්ලක් දාලා අන්තර්ජාලයේ මේවා හොයා ගන්නේ
    එපමණයි ...:P
    කොහොම නමුත් මට එක සතුටක් ...:D:D
    ඔබේ ස්තුතිය සාදරයෙන් පිලි ගන්නවා
    මේ ගීත අන්තර්ජාලයට එකතු කල සැමට ස්තුතියි
     
    Last edited:

    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    ඔබට මා ආදරය කල බව මෙතරම්
    මා දමා ඔබ
    දුරු රට යනතුරු නොදනිම්...

    Code:
    http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=242

    කදුළු බිදක් මා වෙනුවෙන්
    නොසැලෙන්නයි ඔබේ ඇසින්
    ආදරයේ අනුකම්පා
    අයදින්නට එපා මගෙන්
    Code:
    www.mediafire.com/?tkjtycxmbem

    ඔබ ගෙදර එන්න පහන් තරුවපායන විටවත්
    ඔබ ගෙදර එන්න කම්නැත මගෙ කුමරුවනේ
    දැස දුම් වෙලා තිබුනට
    මුව තැවරුන දුම සුවදයි
    නිදිබර සුසුමෙන් සුසුමට
    ආගිය තැන් නාසන්නෙමි සංකා නොම ගන්නම්
    Code:
    www.mediafire.com/?p3t2wniqziwk34s
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මේ දවස් වල මං අහන ලස්ස්නම සින්දුවක්...
    ආත්මා ලියනගේ මහත්මයා ගායනා කරන්නේ...

    ගීතය පිළිඹද ව්ග්‍රහයක් දෙන්න නම් මට එච්චර තේරුමක් දන්නේ නෑ...ඒ උනත් ඒ තනුවට, ඒ හඩට, ඒ ගීතයේ තේරුමට මට නම් මාරම හැගීමක් දැනෙනවා..


    පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්
    නුඹ ඇවිත් හිත ළඟට හොරෙන්
    ආවාට නොකියාම ජීවිතෙන්
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්

    දකින හිමිවන හීනේ නුඹ කොතැන හිටියා
    මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුනා
    හඬන හිනැහෙන නෙත් නුඹේ උරහිසේ තිබුනා
    ඇත්තමයි නුඹ අහසක් වගේමයි සිතුනා

    නුහුරු නුපුරුදු හීන අරන්
    ළඟට ඇවිදින් තුරුළු වෙමින්
    ආවාට නොකියාම ජීවිතෙන්
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්

    මිරිඟුවක හිත තියලා නුඹ දුරක ඇදුනා
    රංචු ගැහෙනා රෑනේ තනිකමත් දැනුනා
    ඇසිල්ලක දුටු හීනෙන් හිත හුඟක් රිදුනා
    අරුත නොදකින සෙනෙහේ ඔය නමත් රැඳුනා




    අහලම බලන්න අපේ අයත්