සුන්දර ගීයක ඇරබුම,..

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    යාළුවනේ මේ ගීතය ඔබ වෙත ගෙන එන්නෙ මගේ පෞද්ගලික අත්දැකීමක් ඔබ සමග බෙදා ගන්න.... ගීතය විචාරය කරන්න ඕනෙ නෑ... කතාව කිව්වහම ඔබට හොදටම වැටහේවි....

    මේ සිද්දිය වුනේ පහුගිය ජනවාරි 19 වෙනිද.... මගේ ලගින් නෑදෑ වෙන නංගියෙක්ගෙආදර වන්තය හිටියෙ විදේශ රටක (දෙන්න විවාහ ගිවිසගෙන).... ඉතින් මේ දෙන්න යෝජිත සම්බන්ධයක් වුනත් නිතරම දුරකතනයෙන් කතාකරල ගොඩාක් ආදරෙන් බැදිල හිටියෙ... මේ නංගිය ගොඩාක් මා එක්ක එකතුයි. එයාට අයියල නෑ. ඒ නිසා වෙන්න ඇති... කොහොම හරි මේ කෙල්ල හරි දග මල්ලක්... මගෙත් එක්ක විනෝදෙන්මයි ඉන්නෙ... හිතේ තියෙන හැමදේම මට කියනව... මේ කොල්ල ගැනත් කියනව... එයා හොදයි වගේ... එයා හරම කිව්ව... එයා මෙහෙම කිව්ව... කියල කියවනව වෙලාවකට වදයක්....

    කොහොමින් කොහොමහරි මේ අපේ කිරිල්ලිගෙ කුරුල්ල ගිය දෙසැම්බර් මාසෙ ආව.... අම්මේ බලන්න එපායැ අපේ කෙල්ලගෙ සතුට... හිත මූණට ඇවිත්... සන්තෝසෙන් පිරිල... ඒ ආදරවන්තයත් ආයෙ පණවගේ තමා අපේ කෙල්ලට.... එයා මේ සැරේ ඇවිත් තියෙන්නෙ විවාහ උත්සවය අරගෙන යන්න... අපි ඇහුව ඇයි නංගිව එක්කරගෙන යන්නෙ නැත්තෙ කියල... එහෙම එක්කරගෙන යන්න අමාරුයි... තවම වීසා ප්‍රශ්ණ, ගිහිල්ල එයාව එහෙට ගන්නව කිවුව... ඇත්ත ඒ ප්‍රශ්ණ ගැනත් අපි සාධාරණ වෙන්න එපැයි... කෙල්ලගෙන් මම ඇහුවම කමක්නෑ එයා ඉතින් මාව ඉක්මනින් එහෙට ගනීවිනේ කිව්වා... ඇත්ත කොල්ල ඒ දේ කරයි... ඩොකියුමන්ට්ස් ඔක්කොමත් රෙඩි... මාස කිහිපයක් විතරයි ප්‍රමාද වෙන්නෙ... ඉතින් කෙල්ලටත් ප්‍රශ්ණයක් නෑ කියනවනේ.... ඒක නෙමෙයිනෙ මට ඔයාලට කියන්න ඕන කාරනය....

    ඔන්න ඉතින් විවාහය ජනවාරි මුල ගත්ත හරිම ලස්සනට. දෙන්න හොදින් සන්තෝසෙන් ජීවත් උනා... සති දෙකකට විතර පස්සෙ මේ 19 වෙනිද කොල්ලට නැවත රට යන්න උදාවුනා... මමත් ගියා නංගියත් එක්ක... අනේ කොල්ල ගොඩාක් දුකෙන්... ඒත් අපේ එකීනම් කාගෙන ඉන්නවද කොහෙදො .... වැඩි සද්දයක් නෑ.... දෙන්න අත්දෙක ඈත් කලේ නම් හරිම වේදනාවෙන්.... කොල්ල ඉතින් ගියා... අපි මෙයාව ආයෙත් ගෙදර ඇරළුව ... වැඩි සද්දයක් නෑ කෙල්ල... මමත් වද දෙන්න ගියේ නෑ....

    මෙන්න පස්සෙන්ද නැන්ද මට කෝල් එකක් දෙනව එන්න කියල... මමත් ගියා... ගියාම නැන්ද කියනව පුතේ කාමරේමයි ඔයාවත් පොඩ්ඩක් අවවාදයක් දෙන්න කියල.... මම ගියා කාමරේට කෙල්ල ඉන්නව කොට්ටෙට ඔළුව තියාගෙන..... මමත් ඉතින් පට්ට දාර්ශණිකය වගේ මෙයාට ලෝකෙ නැති අවවාද දෙනවා... බනිනවා... යථාර්තය කියල දෙනව...

    කෙල්ල නැගිට්ට... ෆෝන් එකේ හෑන්ඩ් ෆ්‍රී එක මගේ කණට තිබ්බ... මෙන්න යනව ගීතයක්.... දෙයියනේ.. පිස්සු හැදෙනව... මටත් උඩ බිම නෑ.... මෙන්න මගෙනුත් ඇස් දෙකෙන් කදුළු කට කට ගාල වැටෙනව........ ගීතයකට මෙච්චර බලයක් කොහෙන්ද ලැබුනෙ.... හරියට මාලනී බුලත්සිංහල මෙයාගෙ සිද්ධිය බලාගෙන ඉදල අඩන්න වගේ ගීතය කියනව... අපි දෙන්න අඩනව. අඩනව නෙමෙයි නිකම්ම ඇඩෙනව..කොහෙන් හොයාගත්තද මන්ද මේ ගීතය....

    ජීවන සටන ජයගන්න ඔබේ පෙම්වතියන්, බිරිද, දරුවො තනිකරල ඔබ ඈත දුර රටකට යන්නෙ රජ සැප විදින්න නෙමෙයි තමා.... ඒත් ඔබ දන්නවද ඔබේ සෙනහසට, රැකවරණයට හුරුවුනු බොළද, අහිංසක, පුංචි හදවත් වලට ඔබේ අඩුව දරාගන්න අමාරුයි, හරිම අමාරුයි.... පුළුවන් හැම මොහොතෙම ඒ සෙනෙහස ඔවුන්ට ලබා දෙන්න..... ඔවුන්ට ජීවිතේ ගත කරන හැම මොහොතකම, තනිවන, දුක්වන, පාළුව දැනෙන හැම මොහොතකම ඔබව සිහිවෙන බව තේරුම් ගන්න..... මේ ගීතය එසේ තම ජීවිතයේ තම සැමියා, ආදරවන්තයා, පිය නැතිව තනිවන, දුක්වන, පාළුව දැනෙන සියළුම බිරින්දෑවරුන්, කාන්තාවන්, දූ දරුවන්ට උපාහාරයක්ම වේවා.....

    ඔබට මම මෙච්චරටම ආදරේකලා කියල ඔයා මාව තනිකරල පිට රටකට පියාබනකල්ම මට තේරුනේ නෑ... මගේ සතුට නැතිවෙලා... ජීවිතේම කළුවර වෙලා, පාළුවෙලා.... හැම මොහොතකම ඔබ සිහිවෙනවා.... ඒ තරමටම පිස්සුවෙන් වගේ ඔයාට මම ආදරේ කරන බව, නිදි නැතිව රෑ පුරා ඔයාව සිහිකරන බව, ඔයාව මට ඕන බව ඔයාදන්නව නේද...................

    මෙන්න මේක තමා මම අහපු ගීතය.....

    ඔබට මා ආදරය කල බව මෙතරම්
    මා දමා ඔබ
    දුරු රට යනතුරු නොදනිම්...

    වළාවකින් ඔබ
    වැසී ගියා බොල් අහසේ
    සිනා පහන් වැට
    නිවී ගියා සැඩ සුළඟේ...

    ඉරත් මැරී
    පුන් සඳත් මැරී
    ලොව අඳුරේ
    කෙසේද ඉන්නේ
    පාළු පැලේ
    නිදි පැදුරේ....

    පද - සුනිල් ආරියරත්න
    තනුව - එච් එම් ජයවර්ධන
    ගායනය - මාලනී බුලත්සිංහල

    තවත් ගීතයක් තව ටිකකින්.............

    :yes::yes: මේක ඒ දවස් වල, අපේ අම්මත් අහනවා මට ඈහිලා තියෙනවා.... තාත්තා රට ගිහින් හිටපු දවස් වල.....!!
     
    • Like
    Reactions: sasliit

    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    Code:
    අතිශයින්ම ප්‍රසාද සංවේග පූර්වක බැව් නොපවසා බැරිය..
    :rolleyes::rolleyes::lol::lol::P:D
    අම්මෝ යාළුවා මට මේ ස්තුතිය වැඩියි..මම පොඩි හෙවිල්ලක් දාලා අන්තර්ජාලයේ මේවා හොයා ගන්නේ
    එපමණයි ...:P
    කොහොම නමුත් මට එක සතුටක් ...:D:D
    ඔබේ ස්තුතිය සාදරයෙන් පිලි ගන්නවා
    මේ ගීත අන්තර්ජාලයට එකතු කල සැමට ස්තුතියි

    :):):):) Thawath hoyala daamu. Good work :) :)
     
    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    නින්ද නැති රැයේ
    සද කදුලු මීදුමේ
    හැංගිලා හඩන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ.....
    තාරකා දියේ ගිලී
    නිල් එළිය නිවේ
    වැහි බිංදු වැටේවී...රෝස පෙති කඩා හැළේ...........
    ඒකත් එක්තරා රාත්‍රියක්..සද යනු ගෑනු ළමයාගේ මුහුණයි.එය කදුලු වළාවෙන් වැසී තිබේ..තේරෙන භාෂාවෙන් කිව්වොත් ඇය හඩයි.ප්‍රථම ප්‍රේමය නම් ප්‍රථම රාත්‍රිය යන්නයි..
    තාරකා=ඇස්
    දියේ ගිලී=කදුලු වලින් පිරී
    නිල් එළිය නිවේ=ඇස් වල වෙනදා දුටු දීප්තිමත් බව දැන් නැත.
    වැහි බිංදු වැටේවී=කදුලු
    රෝස පෙති කඩා හැළේ=කම්මුල් මැළවී ගොස් ඇති සේයාවකි....
    කිලි පොළා යමින් නොයිම් ශීතලේ........
    තුරුලු වෙමි දෙනෙත් පියා ඔබගේ උණුසුමේ........
    ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ.......
    හෙට උදේම අවදි ව යා යුතුව තිබේ..........
    මේ ඇග කිලි පොළා යන්නේ ශීතලට නම් නොවෙයි...මේ අලුත් රාත්‍රීයේ තියෙන නැවුම් බවට.හැබයි මෙහෙම පපුවට තුරුල් වෙලා ඉන්න එක නම් නෙවෙයි ජීවිතය කියන්නේ..ඊට වඩා ජීවත් වෙන්න යුද්ධයක් කරන්න ඕනි.නිදා ගෙනම ඉදලා බෑ..ජීවන රැකියාවට හෙට උදෙන්ම මම යන්න ඕනි............
    රැය ගෙවේ සදත් නිවේ දුරයි ජීවිතේ............
    ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ..........
    කටු වලට දෙතොල් තියා මලක් නැති ගසේ......
    සිඹිමි එකම හාදුවයි සොදුර ඒ නුඹේ..........
    දැන් සදහටම ඔබ මගේ...මේ රාත්‍රියට විතරක් නෙවෙයි.සදාකාලිකව නුඹ ව රැක බලා ගන්නවා සොදුර...........................
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    :confused::confused::confused::confused::confused:
     
    user52

    Member
    Jan 25, 2012
    135
    36
    0
    සමහර ගීතවල මහා සැගවුනු අරුත් නැතිවුනත් ගොඩක් අය ඒ ගීත වලට ආදරය කරන්නේ ඒ ගීත්වලින් තමන්ගේ ජීවිතය හෝ ජීවිතයේ අතිදැකීමක් පුනරාවර්ජනය කරන නිසා වෙන්න පුලුවන් මේ ගීතයත් ඒ වගේ තමයි මගේ ජීවිතේ එක් කාලයක් මේ ගීත රචකයා අපූරුවට විග්‍රහ කරනව.........

    පැන මඩ කඩිති වැව් තාවුලු වැහි කාලේ
    පෙන්නා මග නොමග නොවැටී යන තාලේ

    මව හා ගුරුවරයා ලෝකයක් වෙනස් කරන්නට හැකියාව ඇති ප්‍රබල චරිත දෙකක් මොකද ළමයා කියන මැටි ගුලිය ඔපමට්ටිම් කරල ලොකයට දෙන්නෙ ඔවුන් නිසා එයිනුත් ගුරුවරයාගේ චරිතය ඉතා ප්‍රබලයි. මේ ගිතය මෙකී උත්තම ගුරුවරයාගේ හා ඔහුගේ පවුලේ සැබැ අදුර ලෝකයට පෙන්වන ඉතා අගනා නිර්මානයක්.
    මේ ගුරුවරයා දරුවන්ට ශිල්ප ශාස්ත්‍ර දුන්නේත් මගපෙන්වීම් කලේත් අවවාදයට වඩා ආදර්ශයෙනි. වැහි කාලෙ මඩ කඩිති වලින් එගොඩ වෙනහැටි ජීවිතේ බාදක වලට නොවැටී මුහුන දෙනහැටි අපට උගන්වන්න එතුමා දැරූ අප්‍රමාන වෙහෙස.............

    සිප් කිරි පෙවු මූසිලයන් උඩුමහලේ
    අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කොලේ

    මේ ගුරුතුමාගෙන් ශිල්ප ඉගෙනගත් සමහරුන් උඩුමහල් වල වැජබෙනව... ඔවුන්ට පහල මහල් ගැනවත් උඩුමහලට ආ හැටි වත් අමතක කල ඔවුන් මූසිලයන් ම වේ. නමුත් මේ කිසිවකින් නොසැලුනු අපේ ගුරුතුමා ඉස්සර වගේම තවමත් ඒ විදිහමයි මේ මූසිලයන් උඩුමහලෙන් පොලවට වැටුන දවසක ඉස්සර වගේම නැවතත් ආදරෙන් හරි පාර කියාදේවී.........

    සාමා අමර විකුනති බස්පොලේ කජු
    කුමාරෝද පිටු දන්දෙති එයින් මතු
    උගත මනා ශිල්පය පිල්කඩ නොපැතූ
    වේවැල වටා ඉකිබිද දඩුවමක් පැතූ

    සාමාලා අමරලා ඒනම් කුඩා දරුවන් කුඩාකලදිම ගුරුතුමා මහන්සියෙන් දෙන්න හදන ශිල්ප අතහැරල දාල ඔවනට එහි අගයක් දැනෙන්නෙ නෑ ඒ නිසයි වටිනා පොතපත ඉරා රටකජු ගොටු හදන්නෙ..... නමුත් ශිලපය බලාපොරොත්තු වන්නෙ ඒ දෙය නෙවෙයි එමනිසා ඒ ශිල්පයම නැවත ගුරුතුමාගෙන් දඩුවම් පතන්නේ ඒ නිසයි
    සෑම දෙයක්ම මුදලට යටවන යුගයක කුඩා දරුවන් පවා මුදල් පසුපස දුවන යුගයක මෙකී ගුරුතුමාගේ නොමිලයේ ලබා දෙන ශිල්ප වලට අත්ව ඇති ඉරනම රචකයා උපහාසාත්මකව ඉදිරිපත් කරයි.

    රන්මසු පට පිලී අබරන උරන වෙලා
    සමන් පිච්ච කැකුලිය එහි මිලින වෙලා
    ගුරු නිවහනම කදුලට උල්පතක් වෙලා
    ලොකු හාමිනේ ඇත බිතුසිතුවමක් වෙලා

    මේ ගුරුතුමා දරුවන්ට ශිලප ලබාදුන්නේ මුදල් අපේක්ශාවෙන් නොවන නිසා එතුමා මුදලින් පොහොසතෙක් නෙවෙයි. අලුත් ඇදුම් ස්වර්නාභරන හා දෑවැද්ද ඔවුනට නොමැති නිසා සමන් පිච්ච කැකුලියක් වන් ගුරුතුමාගෙ දියනිය ගෙදරටම නාකිවන අන්දම හා ඒ නිසා ගුරු නිවහන පුරා පැතිරීයන ශෝකය මෙන්ම සුන් වූ බලාපොරොත්තු සමග කරකියාගත හැකි දේයක් නොමැතිව මෙකී ගුරුතුමාගෙ බිරිද අනාගතය ගැන කල්පනා කරන අන්දම මෙම පද පේලි වලින් රචකයා අසන්නාගෙ සිත් තුල මනාවට විචිත්‍රනය කරන අයුරු...

    පාසලේ උසස් පෙල කරනකාලේ පන්තියේ බොහොදෙනක් මාව පන්තියෙන් කොන්කලේ ඔවුනට මෙන් මිලෙන් අදික ජංගම දුරකතන පරිඝනක හෝ ලැප්ටොප් මා සතුව නැති නිසා. වතාවක් කෙනක් මගෙ දිහා බලාගෙන "හිගන්නන්ට කොහෙන්ද බන් ඔවා" කියල හිනා උනා. මොකක හරි මිලගනන් ඇහුවාම "ඇයි උබ ගන්නද ඇගිල්ලෙ තරමට ඉදිමියන් බන්" කිව්වා. මම කරන්න ආසාවෙන් හිටිය සමහර පාථමාලාවන් මට කරන්න බැරි උනේ තාත්තා ලග සල්ලි නැති නිසා අම්මා ලග ඒ මුදලට හරියන්න උකස් කරන්න මාලයක් වලල්ලක් වත් නොතිබුනු නිසා.
    අපේ ලග නැදැයන් අපිට උත්සව වලට ආරාදනා නොකලේත් මට ජීවිතේ මුලින්ම හම්බවෙන්න තිබුනු රස්සාව නැතිඋනේත් අපේ නැයන්ට අපිව නැයන් කියන්න තිබුන ලැජ්ජාව නිසා.
    මගේ තාත්තා දහස් ගනනකගෙ දෑස පැදපු කෙනෙක් තාත්තට මට හැම සැපස්ම්පතක්ම දෙන්න බැරි උනා නමුත් තාත්ත මට දුකක් දුන්නෙත් නැ.... හැම සරදමක්ම නොලැබීමක්ම අරමුනක් වූ මම අද කිහිප දෙනෙකුගෙ ප්‍රධානියා වශයෙන් ආයතනයක තීරන ගන්නවා....... මට සරදම් කරපු උන් මගෙන් සප් එකක් ඉල්ලනව ජොබ් කට්ටක් හොයාගන්න ඒ තමයි මගේ තාත්තා මුදලට යටනොවුනු පින......
    මෑතකදි සාම විනිසුරු කෙනක් උන තාත්තා මට හැමදාම කියන කතාවක් තියනවා "අපිට සැප සම්පත් නැති උනාට අපි කාටවත් ණය නැ, කාටවත් දුක් දීල සල්ලි හම්බකරලවත් නැ ඒ නිසා උබට වරදින්නෙත් නැ"

    හැගීම්බර වීම නිසා ගීතයේ අදහසට හානියක් උනානම් සමාවෙන්න.....

    • Like
    Reactions: WICKILEAKS

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    සෑම දෙයක්ම මුදලට යටවන යුගයක කුඩා දරුවන් පවා මුදල් පසුපස දුවන යුගයක මෙකී ගුරුතුමාගේ නොමිලයේ ලබා දෙන ශිල්ප වලට අත්ව ඇති ඉරනම රචකයා උපහාසාත්මකව ඉදිරිපත් කරයි.
    hat off brooo...... hat off.........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    පාසලේ උසස් පෙල කරනකාලේ පන්තියේ බොහොදෙනක් මාව පන්තියෙන් කොන්කලේ ඔවුනට මෙන් මිලෙන් අදික ජංගම දුරකතන පරිඝනක හෝ ලැප්ටොප් මා සතුව නැති නිසා. වතාවක් කෙනක් මගෙ දිහා බලාගෙන "හිගන්නන්ට කොහෙන්ද බන් ඔවා" කියල හිනා උනා. මොකක හරි මිලගනන් ඇහුවාම "ඇයි උබ ගන්නද ඇගිල්ලෙ තරමට ඉදිමියන් බන්" කිව්වා. මම කරන්න ආසාවෙන් හිටිය සමහර පාථමාලාවන් මට කරන්න බැරි උනේ තාත්තා ලග සල්ලි නැති නිසා අම්මා ලග ඒ මුදලට හරියන්න උකස් කරන්න මාලයක් වලල්ලක් වත් නොතිබුනු නිසා.
    අපේ ලග නැදැයන් අපිට උත්සව වලට ආරාදනා නොකලේත් මට ජීවිතේ මුලින්ම හම්බවෙන්න තිබුනු රස්සාව නැතිඋනේත් අපේ නැයන්ට අපිව නැයන් කියන්න තිබුන ලැජ්ජාව නිසා.
    මගේ තාත්තා දහස් ගනනකගෙ දෑස පැදපු කෙනෙක් තාත්තට මට හැම සැපස්ම්පතක්ම දෙන්න බැරි උනා නමුත් තාත්ත මට දුකක් දුන්නෙත් නැ.... හැම සරදමක්ම නොලැබීමක්ම අරමුනක් වූ මම අද කිහිප දෙනෙකුගෙ ප්‍රධානියා වශයෙන් ආයතනයක තීරන ගන්නවා....... මට සරදම් කරපු උන් මගෙන් සප් එකක් ඉල්ලනව ජොබ් කට්ටක් හොයාගන්න ඒ තමයි මගේ තාත්තා මුදලට යටනොවුනු පින......
    මෑතකදි සාම විනිසුරු කෙනක් උන තාත්තා මට හැමදාම කියන කතාවක් තියනවා "අපිට සැප සම්පත් නැති උනාට අපි කාටවත් ණය නැ, කාටවත් දුක් දීල සල්ලි හම්බකරලවත් නැ ඒ නිසා උබට වරදින්නෙත් නැ"

    හැගීම්බර වීම නිසා ගීතයේ අදහසට හානියක් උනානම් සමාවෙන්න.....
    උඹට දැන් හරි ගිහිල්ල තියනව නම් ඒ හරි යාමට 50% හේතුව උඹේ අම්මයි, තාත්තයි මචං......
    මේ ත්‍රෙඩ් එකේ දී මම බුදුන්ට, දෙවියන්ට, මගේ දෙමවුපියන්ට, ගුරුවරුන්ට එක් කරන මේ අත් දෙක එකතු කරල උඹේ තාත්තටත් වදිනවා............
    උඹේ තාත්තා වගේ මිහි පිට වැඩ ඉන්න දෙවිවරු නිර්ලෝභීව, දෙන පඩිය ගැන බලන්නේ නැතුව, වෙස්සන්තරවරු වගේ දුන්න ශිල්ප ශ්‍රාස්ත්‍රයෙන් තමා අපි අද මේ තැන් වල ඉන්නේ.........
     
    thilinaff

    Member
    Aug 7, 2007
    224
    4
    0
    - * Capital of Down South * -
    උඹට දැන් හරි ගිහිල්ල තියනව නම් ඒ හරි යාමට 50% හේතුව උඹේ අම්මයි, තාත්තයි මචං......
    මේ ත්‍රෙඩ් එකේ දී මම බුදුන්ට, දෙවියන්ට, මගේ දෙමවුපියන්ට, ගුරුවරුන්ට එක් කරන මේ අත් දෙක එකතු කරල උඹේ තාත්තටත් වදිනවා............
    උඹේ තාත්තා වගේ මිහි පිට වැඩ ඉන්න දෙවිවරු නිර්ලෝභීව, දෙන පඩිය ගැන බලන්නේ නැතුව, වෙස්සන්තරවරු වගේ දුන්න ශිල්ප ශ්‍රාස්ත්‍රයෙන් තමා අපි අද මේ තැන් වල ඉන්නේ.........

    :yes::yes::yes:
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    උඹට දැන් හරි ගිහිල්ල තියනව නම් ඒ හරි යාමට 50% හේතුව උඹේ අම්මයි, තාත්තයි මචං......
    මේ ත්‍රෙඩ් එකේ දී මම බුදුන්ට, දෙවියන්ට, මගේ දෙමවුපියන්ට, ගුරුවරුන්ට එක් කරන මේ අත් දෙක එකතු කරල උඹේ තාත්තටත් වදිනවා............
    උඹේ තාත්තා වගේ මිහි පිට වැඩ ඉන්න දෙවිවරු නිර්ලෝභීව, දෙන පඩිය ගැන බලන්නේ නැතුව, වෙස්සන්තරවරු වගේ දුන්න ශිල්ප ශ්‍රාස්ත්‍රයෙන් තමා අපි අද මේ තැන් වල ඉන්නේ.........

    yes 1000% corect:yes::yes::yes::yes:
     
    hideanseek

    Member
    Oct 15, 2008
    792
    27

    Machan... Jaya WEwaaaa..!!!
     
    user52

    Member
    Jan 25, 2012
    135
    36
    0
    උඹට දැන් හරි ගිහිල්ල තියනව නම් ඒ හරි යාමට 50% හේතුව උඹේ අම්මයි, තාත්තයි මචං......
    මේ ත්‍රෙඩ් එකේ දී මම බුදුන්ට, දෙවියන්ට, මගේ දෙමවුපියන්ට, ගුරුවරුන්ට එක් කරන මේ අත් දෙක එකතු කරල උඹේ තාත්තටත් වදිනවා............
    උඹේ තාත්තා වගේ මිහි පිට වැඩ ඉන්න දෙවිවරු නිර්ලෝභීව, දෙන පඩිය ගැන බලන්නේ නැතුව, වෙස්සන්තරවරු වගේ දුන්න ශිල්ප ශ්‍රාස්ත්‍රයෙන් තමා අපි අද මේ තැන් වල ඉන්නේ.........

    බොහොම ස්තූතියි සහෝ....... ඇත්තම කියන්නම් මම තාත්තා ගැන ඉස්සර හිතුවේ මේ විදියට නෙවෙයි. මම ඇසුරුකල සමාජය මට හිතන්න දුන්නෙ වෙන විදියකට. නමුත් දැන් මම ඉස්සරට වඩා බුද්ධිමත් කියල හිතෙනව
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,102
    16,868
    113
    සමහර ගීතවල මහා සැගවුනු අරුත් නැතිවුනත් ගොඩක් අය ඒ ගීත වලට ආදරය කරන්නේ ඒ ගීත්වලින් තමන්ගේ ජීවිතය හෝ ජීවිතයේ අතිදැකීමක් පුනරාවර්ජනය කරන නිසා වෙන්න පුලුවන් මේ ගීතයත් ඒ වගේ තමයි මගේ ජීවිතේ එක් කාලයක් මේ ගීත රචකයා අපූරුවට විග්‍රහ කරනව.........

    පැන මඩ කඩිති වැව් තාවුලු වැහි කාලේ
    පෙන්නා මග නොමග නොවැටී යන තාලේ

    මව හා ගුරුවරයා ලෝකයක් වෙනස් කරන්නට හැකියාව ඇති ප්‍රබල චරිත දෙකක් මොකද ළමයා කියන මැටි ගුලිය ඔපමට්ටිම් කරල ලොකයට දෙන්නෙ ඔවුන් නිසා එයිනුත් ගුරුවරයාගේ චරිතය ඉතා ප්‍රබලයි. මේ ගිතය මෙකී උත්තම ගුරුවරයාගේ හා ඔහුගේ පවුලේ සැබැ අදුර ලෝකයට පෙන්වන ඉතා අගනා නිර්මානයක්.
    මේ ගුරුවරයා දරුවන්ට ශිල්ප ශාස්ත්‍ර දුන්නේත් මගපෙන්වීම් කලේත් අවවාදයට වඩා ආදර්ශයෙනි. වැහි කාලෙ මඩ කඩිති වලින් එගොඩ වෙනහැටි ජීවිතේ බාදක වලට නොවැටී මුහුන දෙනහැටි අපට උගන්වන්න එතුමා දැරූ අප්‍රමාන වෙහෙස.............

    සිප් කිරි පෙවු මූසිලයන් උඩුමහලේ
    අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කොලේ

    මේ ගුරුතුමාගෙන් ශිල්ප ඉගෙනගත් සමහරුන් උඩුමහල් වල වැජබෙනව... ඔවුන්ට පහල මහල් ගැනවත් උඩුමහලට ආ හැටි වත් අමතක කල ඔවුන් මූසිලයන් ම වේ. නමුත් මේ කිසිවකින් නොසැලුනු අපේ ගුරුතුමා ඉස්සර වගේම තවමත් ඒ විදිහමයි මේ මූසිලයන් උඩුමහලෙන් පොලවට වැටුන දවසක ඉස්සර වගේම නැවතත් ආදරෙන් හරි පාර කියාදේවී.........

    සාමා අමර විකුනති බස්පොලේ කජු
    කුමාරෝද පිටු දන්දෙති එයින් මතු
    උගත මනා ශිල්පය පිල්කඩ නොපැතූ
    වේවැල වටා ඉකිබිද දඩුවමක් පැතූ

    සාමාලා අමරලා ඒනම් කුඩා දරුවන් කුඩාකලදිම ගුරුතුමා මහන්සියෙන් දෙන්න හදන ශිල්ප අතහැරල දාල ඔවනට එහි අගයක් දැනෙන්නෙ නෑ ඒ නිසයි වටිනා පොතපත ඉරා රටකජු ගොටු හදන්නෙ..... නමුත් ශිලපය බලාපොරොත්තු වන්නෙ ඒ දෙය නෙවෙයි එමනිසා ඒ ශිල්පයම නැවත ගුරුතුමාගෙන් දඩුවම් පතන්නේ ඒ නිසයි
    සෑම දෙයක්ම මුදලට යටවන යුගයක කුඩා දරුවන් පවා මුදල් පසුපස දුවන යුගයක මෙකී ගුරුතුමාගේ නොමිලයේ ලබා දෙන ශිල්ප වලට අත්ව ඇති ඉරනම රචකයා උපහාසාත්මකව ඉදිරිපත් කරයි.

    රන්මසු පට පිලී අබරන උරන වෙලා
    සමන් පිච්ච කැකුලිය එහි මිලින වෙලා
    ගුරු නිවහනම කදුලට උල්පතක් වෙලා
    ලොකු හාමිනේ ඇත බිතුසිතුවමක් වෙලා

    මේ ගුරුතුමා දරුවන්ට ශිලප ලබාදුන්නේ මුදල් අපේක්ශාවෙන් නොවන නිසා එතුමා මුදලින් පොහොසතෙක් නෙවෙයි. අලුත් ඇදුම් ස්වර්නාභරන හා දෑවැද්ද ඔවුනට නොමැති නිසා සමන් පිච්ච කැකුලියක් වන් ගුරුතුමාගෙ දියනිය ගෙදරටම නාකිවන අන්දම හා ඒ නිසා ගුරු නිවහන පුරා පැතිරීයන ශෝකය මෙන්ම සුන් වූ බලාපොරොත්තු සමග කරකියාගත හැකි දේයක් නොමැතිව මෙකී ගුරුතුමාගෙ බිරිද අනාගතය ගැන කල්පනා කරන අන්දම මෙම පද පේලි වලින් රචකයා අසන්නාගෙ සිත් තුල මනාවට විචිත්‍රනය කරන අයුරු...

    පාසලේ උසස් පෙල කරනකාලේ පන්තියේ බොහොදෙනක් මාව පන්තියෙන් කොන්කලේ ඔවුනට මෙන් මිලෙන් අදික ජංගම දුරකතන පරිඝනක හෝ ලැප්ටොප් මා සතුව නැති නිසා. වතාවක් කෙනක් මගෙ දිහා බලාගෙන "හිගන්නන්ට කොහෙන්ද බන් ඔවා" කියල හිනා උනා. මොකක හරි මිලගනන් ඇහුවාම "ඇයි උබ ගන්නද ඇගිල්ලෙ තරමට ඉදිමියන් බන්" කිව්වා. මම කරන්න ආසාවෙන් හිටිය සමහර පාථමාලාවන් මට කරන්න බැරි උනේ තාත්තා ලග සල්ලි නැති නිසා අම්මා ලග ඒ මුදලට හරියන්න උකස් කරන්න මාලයක් වලල්ලක් වත් නොතිබුනු නිසා.
    අපේ ලග නැදැයන් අපිට උත්සව වලට ආරාදනා නොකලේත් මට ජීවිතේ මුලින්ම හම්බවෙන්න තිබුනු රස්සාව නැතිඋනේත් අපේ නැයන්ට අපිව නැයන් කියන්න තිබුන ලැජ්ජාව නිසා.
    මගේ තාත්තා දහස් ගනනකගෙ දෑස පැදපු කෙනෙක් තාත්තට මට හැම සැපස්ම්පතක්ම දෙන්න බැරි උනා නමුත් තාත්ත මට දුකක් දුන්නෙත් නැ.... හැම සරදමක්ම නොලැබීමක්ම අරමුනක් වූ මම අද කිහිප දෙනෙකුගෙ ප්‍රධානියා වශයෙන් ආයතනයක තීරන ගන්නවා....... මට සරදම් කරපු උන් මගෙන් සප් එකක් ඉල්ලනව ජොබ් කට්ටක් හොයාගන්න ඒ තමයි මගේ තාත්තා මුදලට යටනොවුනු පින......
    මෑතකදි සාම විනිසුරු කෙනක් උන තාත්තා මට හැමදාම කියන කතාවක් තියනවා "අපිට සැප සම්පත් නැති උනාට අපි කාටවත් ණය නැ, කාටවත් දුක් දීල සල්ලි හම්බකරලවත් නැ ඒ නිසා උබට වරදින්නෙත් නැ"

    හැගීම්බර වීම නිසා ගීතයේ අදහසට හානියක් උනානම් සමාවෙන්න.....

    සහෝ ඔබට ජය....:):):)
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    kauruhari me sinduwe athetha kathawa dannawada???

    perum puragena aa sansare......

    p.s menna magen me thread eka karagena yana ayata
    like.gif
    ekak!