සුන්දර ගීයක ඇරබුම,..

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මම දන්නව මේ ගීතයනම් මට හිතේ හැටියට කවදාවත් විචාරය කරන්න බෑ.... ඒත් මගේ යාළුවො පී.එම්. මගිනුත් ඉල්ලනව මේ ගීතය දෙන්න කියල... ඔවුන් මොනව කරන්නද ඔවුන් දන්නවයැ කෙල්ලෙ ඔයා මට දීපු ගින්දර ගැන..... හැබැයි ඔයා තමයි මාව මෙතරම් ගීතයට ලං කලේ... ඒකට පිං ඔයාට. පුදුමයි වසර පහක් ළගින් ඉදල ඔබ ගිය අපූරුව... අපි බුද්ධිමත්... බුද්ධිමත්ව අවබෝධයෙන් වෙන්වෙමු.... ඔබ එහෙම කිවුවෙ ඔබවත් මමවත් බුද්ධිමත් නිසා නෙමෙයි.... අපි අපිවම රවට්ටල වෙන්වෙන්න ඕන නිසා සහ ඔයාට මම ගැන වදයක් නොවෙන්න කියල මම දන්නව.... රත්තරං කෙල්ලෙ මම කවදාවත් එහෙම ඔයාට වදයක් වෙනවද....? එහෙම වදයක් උනාද ඔයාට.....? එදත් නෑ... අදත් නෑ.... හෙටත් නෑ නේද....?
    OTE]



    බලන් ගිහාම අපි හමෝම එකයි යාලු.. උබත් සින්දු වට ලන් වෙලා තියෙන්නෙ ගෑහෑනු ලමයෙක් නිසා මමත් එහෙමයි.. හෑම සාර්තක මිනිහෙක් පිටිපස්සෙම ගෑහෑනියෙක් ඉන්නවලුනෙ..
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    සිංහල සංගීතයේ තියෙන පුදුම සහගත ගීතයක් මම අපේ යාළුවන්ට දෙන්න හදන්නෙ... රන්බන්ඩා සෙනෙවිරත්න සහ ප්‍රේමසිරි කේමදාසයන් කියන පිරිමින් යුගල එකතුවෙලා දඩාවතේ යන සැමියෙකුට සිය බිරිද දක්වන අහිංසක ස්නේහය ගැන නිර්මාණය කරල තියෙන ගීතයක් තමා මේ ගීතය. ගායනා කරන්නෙ නීලා වික්‍රමසිංහ. අපේ යාළුවො මේ ගීතය වැඩියෙ අහල නැතිව ඇති කියල හිතල තමා මේ ගීතය ඔබත් එක්ක බෙදාගන්න කියල හිතුවෙ. රසවිදල බලන්න යාළුවනේ කොච්චර අහිංසක ඉල්ලීමක්ද මේ බිරිද කරන්නෙ කියල......

    මේ ගීතයේ තිබෙන විශේෂත්ව කිහිපයක් තියෙනවා.... පළමු වැන්න තමා පිරිමින් දෙදෙනෙක් කාන්තාවකටත් වඩා හොදින් අසරණ කාන්තාවක්ව තේරුම් අරගෙන මේ ගීතය නිර්මාණය කිරීම.... දෙවැන්න තමා කාන්තාව ඇයටම රහසින් කියාගන්නා ආකරය අපට පිළිඹිබුවන සංගීතයක් හා කටහඩක් පාවිච්චි කිරීම... තෙවැන්න තමා අපට නිතර හමුනොවන මාතෘකාවක් එනම් සල්ලාල සැමියාට එම කටයුත්තට සමාව හා නිදහස දී ඔහුව රැකබලාගන්න බිරිදක් සූදානම් වීම......

    බලන්න හවස් වුනා, රෑ වුනා, එළිවෙන්නත් ළගයි ඔයා තාමත් නෑ.... මම දන්නව ඔයා මාව තනිකරල ගියේ කොහෙද කියල... මම ඒව ගැන හිතන්නෙ නෑ... මම ඔයාට වද දෙන්නෙ නෑ... ඔයා ගෙදර එන්න... දන්නවද මම ඔයා ගෙදර ආවම කරන්න ඉන්න දේවල්..... මම දන්නව ඔයා යන දිහා කමක් නෑ... ඔයාගෙ ඇගෙන් දුම් සුවද ආවට මම ඒක ගැන හිතන්නෙ නෑ... නිදිමතේ මහන්සියෙන් එන ඔයාගෙන් ගියේ කොහෙද මොනවද කලේ කියල අහල වද දෙන්නෙ නෑ සත්තයි.....

    ඔබ ගෙදර එන්න පහන් තරුවපායන විටවත්
    ඔබ ගෙදර එන්න කම්නැත මගෙ කුමරුවනේ
    දැස දුම් වෙලා තිබුනට
    මුව තැවරුන දුම සුවදයි
    නිදිබර සුසුමෙන් සුසුමට
    ආගිය තැන් නාසන්නෙමි සංකා නොම ගන්න


    කාන්තවන් තවරන පුයර ඔයාගෙ මූනෙ ගෑවිලා තිබ්බට කමක් නෑ.... ඔවුන්ගෙ කෙහෙරැළි ඔබේ ඇදුම්වල පැටලිලා තිබුනට කමක් නෑ.. මම ඒව ගැන හිතන්නෙ නෑ.... මට නිදිමතක් නෑ. මම ඔයා එනකල් අවදියෙන් මේ ඉන්නෙ.... කෑම බෙදල මම ඔයාට කන්න දෙන්නම්.... ඔයාට ආදරෙන් සළකන්නම්.....

    කම්පා නැත ලිය වත්සුණු ඔබේ වත තැවරී තිබුණට
    නාඳුනනා කෙහෙ රෑනක් සළුපිළි අතරේ රැඳුනට
    මට නිදිමත නැත කුමරුනි ඔබට බත බෙදන්න...


    රෑ තිස්සෙ ඇවිදල ඔයා මැළවිලා ඔයාට මහන්සියිනම් මම ඔයාව බලාගන්නම්. වතුර උණුකරල නාවල හිස පිහදල පීරන්නම්, නිදියනකල් ඔලුව අතගාන්නම්... ඔයා අහිංසක ලෙස නිදාගන්නව බලාගෙන ඉදල මම සැනසෙන්නම්.... සත්තයි මම ඔයාගෙන් වෙන මොනවත් බලාපොරොත්තු වෙන්නෙ නෑ... ඔයාට වද දෙන්නෙ නෑ....

    ‍තෝන්තුවා වෙන්න එපා ගතම මැලවිලා තිබුනට
    උනුදිය සනහා පිසදා හිස පීරමි නිදියන විට
    තව්සකු සේ සැතපෙනු දැක මට හැක හිනහෙන්න


    මම මේ හැමදේම කරන්නම්. හැම සැපම ඔබට ලබාදෙන්නම්... ඒත් මම ඔබගෙන් ඉල්ලන්නෙ හරිම සුළුදෙයයි මම ඉල්ලන්නෙ.... හිමියනි ගෙදර එන්න හිමිදිරියෙවත්....



    ඔබ ගෙදර එන්න පහන් තරුවපායන විටවත්
    ඔබ ගෙදර එන්න කම්නැත මගෙ කුමරුවනේ
    දැස දුම් වෙලා තිබුනට
    මුව තැවරුන දුම සුවදයි
    නිදිබර සුසුමෙන් සුසුමට
    ආගිය තැන් නාසන්නෙමි සංකා නොම ගන්නම්

    කම්පා නැත ලිය වත්සුණු ඔබේ වත තැවරී තිබුණට
    නාඳුනනා කෙහෙ රෑනක් සළුපිළි අතරේ රැඳුනට
    මට නිදිමත නැත කුමරුනි ඔබට බත බෙදන්න...

    ‍තෝන්තුවා වෙන්න එපා ගතම මැලවිලා තිබුනට
    උනුදිය සනහා පිසදා හිස පීරමි නිදියන විට
    තව්සකු සේ සැතපෙනු දැක මට හැක හිනහෙන්න


    ගීතය සොයාදුන් තෝමියන් සහෝදරයාට සිය දහස්වාරයක් අපේ යාළුවන් වෙනුවෙන් පින්

    මට තේරෙන්නෙ නෑ... මෙහෙම පිරිමින්ට හිතක් පපුවක් නැද්ද කියල... ඒත් මෙහෙම පිරිමි ඉන්න බවනම් මම දන්නව.... ගැහැණිය වැද වැද කිවුවත් ගැහිනියට පයින් ගහල වෙන ස්ත්‍රීන් වෙත යන පිරිමි අනන්තවත් ඉන්නව... කොහොමද යාළුවනේ ගීතය... පවුනේද මේ අසරණ බිරිද.... අහල තියෙනවද මේ ගීතය....? කමේනට්ස් දෙන්න බලන්න....

    පිරිමි.. විතර්ක් නෙමේ යාලු ඔය වගේ ගෑහෙනු ත් ඉන්නව.. කවුරු කරත් ඔය වගේ මිනිස්සුන්ට අනිතිමට වතුර උගුරක් හරි දෙන්න ඉන්නෙ තමන්ගෙ ගෑනි හරි මිනිහ හරි විතයි
     
    • Like
    Reactions: sasliit

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    උඹ මොනවා කිව්වත් මේ අත්දැකීම විදපු සහ අදටත් විඳින එකෙක් තමයි මම..බිරිඳ ,දරුව නැතුව මේ ගෙවන ජිවිතේ ගැන මටම දුකයි මචන්,,:(:(

    මචන් දනුශ්ක.. උබට කවද හරි සතුටු වෙන්න පුලුවන් .. උබ උබේ ලමයට, බිරිදට යුතුකම් ඉශ්ට කලා කියල, උන් සතුටින් ජීවත් වෙනව කියල,
    අදට වඩා උබෙ හෙට ලස්සනයි යාලු.. සතුටුවෙයන්.. විශ්වාස කරපන් උබේ ඔය දුක් කදුලු... දවසක.. උබේ මුලු පවුලටම ඔටුනු පලන්දවි
     

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    හනිමූන් එකේ දී පබැදූ ගීතය....

    අපේ බාසාවෙන් කියනවනම් පිස්සු හැදෙන උඩ විසිවෙන සිද්ධියක් මම දැන් අපේ යාළුවන්ට කියන්න හදන්නෙ....

    ආචාර්ය පණ්ඩිත් අමරදේව ශූරීන් විසින් ගායනා කරන ලද , සෝමදාස ඇල්විටිගල මහතා සංගීතවත් කරන ලද "ආදර හැඟුම්" කියන ගීතය මම හිතන්නෙ හැමෝම අහල ඇති. මෙම ගීතය හැදුනෙ කොහොමද ඒ අත් දැකීම රචකයාට ලැබුන විදය හිතනකොටත් පුදුමයි. හොදයි මෙන්න මේකයි කතාව.

    අපේ මේ ගීය රචනා කරපු දයානන්ද ගුණවර්ධන මහතා දීර්ඝ කාලයක ප්‍රේම සම්බන්ධකින් අනතුරුව විවාහ වෙන්න සූදානම් උනා. විවාහ දිනයේ විවාහ උත්සව කටයුතු වලින් පස්සෙ මනාල යුවල සුභ මොහොතන් ගියා හනිමූන් එක ගතකරන්න තානායමට. දැන් මම ඔයාලගෙන් ඇහුවොත් මොකටද හනිමූන් එක ගතකරන්නෙ... ඇයි තානායමට යන්නෙ කියල අපේ එළකිරි යාළුවො කියයි සස්ලිට්ට පිස්සු හැදිල කියල... ඒත් මම ආයෙත් අහනව ඇයි හනිමූන් එක ගත කරන්න යන්නෙ කියල... මොකද දන්නවද යාළුවේ හනිමූන් එක ගතකරන්න ගියපු අපේ මේ ගීත රචකය හනිමූන් එක පැත්තක තියල කරල තියෙන්නෙ මේ ගීතය ලියපු එක. අන්න ඒවගේ පුදුම විදියේ කලාකරුවො ටිකක් තමයි අපිට අතීතයේ සිටියෙ. මධු සමය ගතකරන මොහොතේ එතුමා ලියපු ගීතය තමා මේ ආදර හැගුම් කියන ගීතය. අපි නම් ලියයි ගීත නේද යාළුවනේ...........?

    දැන් මම කියන්නෙ සින්දුව ලියපු විදිය... ඉතින් තානයමට ගියපු මේ යුවල ඇදුම් මාරුකරගන්න සූදානම් උනා. හොටෙල් එකට ගිහින් මංගල ඇඳුම් ඉවත් කරල මනාලිය බොහොම සැහැල්ලු ඇඳුමකින් සැරසිලා ඉන්නවලු. අපේ මේ ගීත රචක මහත්මයත් බැලුවලු පොඩි වොශ් එකක් දාගන්න. අනේ බලනකොට එයාගේ ඇඳුම් බෑග් එක නැතිලු, අමතකවෙලා දාල ඇවිත්. හරිවැඩේ..... දැන් ඉතින් මොනව කරන්නද අර මංගල ඇඳුම පිටින්ම දයානන්ද මහත්තයා පු‍ටුවක වාඩිවෙලා ඉන්නවා. මනාලිය ඇඳට වෙලා බලාගෙන ඉන්නවා. මෙහෙම ඉන්න ගමන් දයානන්ද මහත්තයා තමන්ගෙ මනාලියගෙ හැසිරීම නිරීක්ශනය කරනවා ඒ වගේම මනාලියගේ සිතුවිලි මොනවගේද කියල තේරුම් ගන්නත් බලනවා. ඔන්න ඔහොම ඉන්නකොට තමයි මේ ගීතය ලියවෙන්නෙ.

    ආදර හැඟුම්//
    නුපුරුදුයි මට නුපුරුදුයි
    ඒ හැඟුම් ආදර හැඟුම්
    කිති කවයි හද කිති කවයි
    ඒ හැඟුම් ආදර හැඟුම්.........


    මේ කොටසින් කියන්නෙ මෙහෙම තැන් දෙකකට වෙලා ඉන්න, ඇස් වලින් කතා කරන වැඩ අපි කවදාවත් කෙල් නෑ නේ. අපිට කරන්න අවශ්‍ය උනෙත් නෑ. නමුත් මොනව කරන්නද ඔයා ඔතන මම මංගල ඇදුම පිටින් මෙතන. දැන් තමා ඔයා ඇස්වලින් මාව අමතනව මට පේන්නෙ. ඒත් මට ඒව නුහුරුයි. ඔයා කවදාවත් මට ඇස් වලින් අමතල නෑ. මගේ හිතට ගතට මොනවදෝ වේනව.

    සැදෑ අඳුරේ සැලෙන තරු එළි
    මගේ හද තුල කරයි විමසිලි
    නැගෙන ගණදුර වඩයි සිතුවිලි
    මේ මගුල් රෑ බි‍ඳෙයි ඉවසිලි...........

    මනාලියගේ ඇස් අදුරේ දිලෙන තරු වලටයි උපමා කරන්නෙ. තරු කතා කරනව ඇයි මගේ ලගට නොඑන්නෙ කියල. ඒ කියන්නෙ බිරිද ඇස් වලින් ආයාචනා කරනව. රාත්‍රිය එන්න එන්නම වැඩිවෙනව, හැගීම් උද්දීපනය වෙනව.... ඉවසන්න අමාරුයි ඒත් ඉතින් අමාරුවෙන් හරි ඉවසනව ඇරෙන්න වෙන මොනව කරන්නද? කියල හිතල රචකය උත්සාහ කරනව මංගල ඇදුම පිටින්ම එතෙනට වෙලා ඉන්න.

    කිමද ඔබ මල් කුමරියන්නේ
    පෙතිවිදා සතුටින් නො ඉන්නෙ
    රහස නැතිවද මං නොදන්නෙ
    තුරුලෙ බඹරුන් නොවෙද ඉන්නෙ.........


    දෙවන අන්තරා කොටසේදී තම මනාලියගේ නෝක්කාඩු ස්වරූපය විස්තර කරන්නෙ. ඇය සතුටින් නොසිටින බව "කිමද ඔබ මල් කුමරියන්නේ පෙතිවිදා සතුටින් නො ඉන්නෙ" යන පදයෙන් කියවෙනවා. මධුසමය දවසෙ මනාලියගෙ මුහුණ එන්න එන්නම කණගාටු මුහුණුවරක් ගන්නව. කණගාටුනොවී කෙහොමද? ඉතින් අපේ මේ ගීත රචක දයානන්ද ගුණවර්ධන මහතා ඒ විදියට මනාලියගෙ මුහුණ සෝකබරිත වෙන්න හේතුව දන්නවා. අමුතුවෙන් කියන්න ඕන නෑනේ... හේතුව තමයි ඈ වෙතට නොපැමිණීම. ඔහු මෙය ගීයෙන් මෙසේ විස්තර කරනවා. "රහස නැතිවද මං නොදන්නෙ තුරුලෙ බඹරුන් නොවෙද ඉන්නෙ".

    ආදර හැඟුම්//
    නුපුරුදුයි මට නුපුරුදුයි
    ඒ හැඟුම් ආදර හැඟුම්
    කිති කවයි හද කිති කවයි
    ඒ හැඟුම් ආදර හැඟුම්.

    සැදෑ අඳුරේ සැලෙන තරු එළි
    මගේ හද තුල කරයි විමසිලි
    නැගෙන ගණදුර වඩයි සිතුවිලි
    මේ මගුල් රෑ බි‍ඳෙයි ඉවසිලි.

    කිමද ඔබ මල් කුමරියන්නේ
    පෙතිවිදා සතුටින් නො ඉන්නෙ
    රහස නැතිවද මං නොදන්නෙ
    තුරුලෙ බඹරුන් නොවෙද ඉන්නෙ.

    ඉතින් ඔන්න ඔහොමයි අපේ සිංහල ගීත සාහිත්‍යයට තවත් ලස්සන ගීතයක් එකතු උනේ. බලන්න ශෘංගාර රසය දනවන්න උපමා, උපමේය, භාෂාව යොදාගෙන තියෙන ලස්සන හා දක්ෂතාවය. ඒ විතරක්ද තැන නොතැන නැතිව ගලාගෙන එන අදහස් කැටි කරල අපවෙත ලබා දි තිබෙන ආකාරය. මේ කතාව කලින් අපේ යාළුවො අහල තියෙනවද? ලස්සන ගීතයක් නේද?

    අපි වගේනම් මේවගේ අවස්ථාවක ගීත ලිය ලිය ඉදීද....? ඒ නිසා වෙන්න ඇති ඔවුන්ට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කලාකරුවන් කියන්නෙ....

    මේ කතාව දන්න අය ඇරෙන්න මෙතනදී දැනගත් හැම කෙනාගෙන්ම මට කමෙන්ට්ස් ඕනමයි යාළුවනේ තවත් ගීයකින් හමුවෙමු...............



    Ela putha ela.....

    Digatama Yan..............
     
    • Like
    Reactions: sasliit

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    කිඹුල සහෝ.... කෝ අපේ කස්ටිය.... සින්දු දෙන්න පුළුවන් පැල් බැදගෙන නේද බන්..... ඒත් ප්‍රතිචාර තමා බදි.... දාල තියෙන චිචාර ගනන සමග සැසදුවම හා මේ ත්රෙඩ් එක කියවල තියෙන පිරිස දිහා බැලුවම ප්‍රතිචාර ගොඩාක් මදි.... අපි විචාර දානව හරි නැද්ද දන්නෑ බන්.... :(:(:(

    ඒකයි මේ තවත් ගීත විචාරයක් දැමීම ටිකක් ප්‍රමාද කලේ.....



    sorry ban

    Meka kiyawagena yanakota coment gena amathaka wenawa....


    Elama kiri.....


    digatama karagena yan..............................
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    :yes:
    මටත් ඒවගේම කෙනෙක් හිටියා මීට අවුරුදු තුනකට කලින්
    මම ඔය සින්දුව කියා කියා හිතින් කොච්චර ඇඩුවද කියලා දන්නේ හොස්ටල් එකේ ඇඳ විතරයි
    එත් දැන් එයා මගේ ආදරණීය පෙම්වතිය
    :):love::love:

    happy for you....:)
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    srdi.gif

    ...අභිමානවත් නිදහසක්...


     

    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    මචන් මේ ගීතය ලිව්වේ අපේ ඉස්කෝලේ (හාලිඅල ජාතික පාසලේ) සිංහල උගන්නපු සර් කෙනෙක්.එයා මේක නිකන් පත්තරේට ලියපු නිසදැසක්.:D:D
    ඔව්..සුදත් ගාමිණි බණ්ඩාර ඔහුගේ නම..දිවුල්ගනේ ගේ "හන්තාන දෙසින් එන " සින්දුව ලිව්වෙත් මොහු..........
    http://www.mediafire.com/?gznd2j2zhz2
     
    Sep 4, 2006
    59
    2
    0
    දවසක් බස් එකක යද්දි රේඩියෝ එකෙන් මට කිව්වා "අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නෑ.......එදා සෙනෙහෙන් නොබැඳුනානම් මෙදා වියෝවක් නෑ....." ඇත්ත..... එදා මම සෙනෙහෙන් නොබැඳුනානම් අද මට මෙච්චර දුකක් නැතිවෙන්න තිබුනා. ඒ අතීතය කොච්චර සුන්දරද...... අපි අවිද ගියහැටි, කතා කරපු හැටි, විහිලු කරපු හැටි, හිනා වුනු හැටි... මට චිත්‍රපටියක් වගේ මැවෙන්න ගත්තා..... කාලය කොතරම් නපුරුද............
    නමුත් ඒ ගීතය අවසානයේ "ගී පද පල්ලෙගම හේමරතන හිමියන් ගේ" කියල නිවේදිකාව මට හයියෙන් කනේ පාරක් ගහලා මාව අවදිකලා. හාමුදුරු කෙනක් මොකටද විරහ ගීත ලියන්නේ.... ලියන්න පුලුවන්..... ඒකෙ වරදක් නෑ..... නමුත් මෙ ගීතයෙ මොකක් හරි තියනවා........
    පස්සෙ මම හාමුදුරු කෙනක් මේ ගීතය දිහා බලන විදියට බලන්න පටන් ගත්තා..... සරල සිංහලෙන් මේක නම් මාරම මාරයි.....

    අතීතය සිහිනයක් පමණයි
    සැබෑ සුවඳක් නෑ.......
    එදා සෙනෙහෙන් නොබැඳුනානම්
    මෙදා වියෝවක් නෑ.....

    මේ ඉන්න අපි කොච්චර ආත්ම වල උපදින්නට ඇත්ද හැබැයි ඒ අතීතය දැන් ගෙවිල ඉවරයි. ඒක සුවදවත් එකක් නෙවෙයි. අපි ඒ කාලේ ඉදල තියෙන්නේ තෘශ්නාවෙන් බැදිලා..... ඒ පව නිසා අපි මෙ ආත්මෙ දුක් විදිනවා.. නමුත් එදා එහෙම නොබැදුනනම් අපි අද මෙ වගේ දුක් විදින්නෙ නැති වෙන්න තිබුනා......

    තැනූ මන්දිර බිඳී වැටුනත්
    නෙතේ කඳුලක් නෑ....
    සිනහ වෙන්නට වරම් නොලදත්
    සිතේ කිලුටක් නෑ.....

    අපි ජීවිතේ ලොකු බලාපොරොත්තු තියගෙන අහසෙ මාලිගා හදනවා. හැබැයි ඒව බිදුනු දවසට සමහරුන්ගෙ මුලු ජීවිතේම වැටෙනව..... සමහරු ජීවිතෙන් පැනල යනව....... තවත් සමහරු තමන්ට ජීවිතේ නොලැබුනු සතුට හිතල අනුන්ට ඉරිසියා කරනව...... නමුත් වෙන්න ඔනෙ මේ දේ නෙවෙයි...
    මේ පද පේලි වලින් රචකයා උත්සහ දරන්නෙ මේ ජීවිතේදී අපගේ අරමුන මොකක්ද යන්න අසන්නාට පහදාදීමට යැයි මට හැගේ එනම් අපි තෘශ්නාව නැතිකරගත යුතුයි යන්නයි. ඒය නැතිකර ගැනීමේ මාර්ගය රචකයා ඉලග කොටසේදී අත්‍යාලංකාරව පහදා දෙයි.

    සොබා දහමට නොවන අවනත
    ලොවේ කිසිවක් නෑ.....
    ලොවේ පැරදුම මිසක කිසිදා
    ලැබූ දිනුමක් නෑ....

    ලෝකයේ හැමදේකම නිර්මානය, පාලනය සහ පැවැත්ම තීරන වෙන්නේ ස්වභාවධර්මයට අනකූලව........ නැතුව කවුරුත් මේව මවල නැ...... ස්වභාවධර්මයට පිටින් කිසිවක් පවතින්නෙත් නෑ..........ඒ වගේම අපි ලෝකයේ ජය කියල හිතන දේ ඇත්තටම ජයක්ද?........ නෑ.. මේ සියලු දේ අනිත්‍යයි.... ඉතින් ලෝකයේ අනිත්‍ය සහ ස්වභාවධර්මය මත පදනම් වුනු එකම දෙය බුදු දහම පමනයි....
    පෙර පද වලින් රචකයා තෘශ්නාව නැති කිරීම හා නැතිකිරීමෙන් ලැබෙන ඵලය ගැන සදහන් කොට ඒ මාර්ගය මේ පද වලින් විස්තර කොට ඇති අපූරුව.

    මේ සම්පූර්න ගීතයෙන් අපෙ හාමුදුරුවො අපට චතුරාර්ය සත්‍ය ගැන පහදාදීමට ගත් උත්සහයක් දෝයි මට හැගේ.. මන්ද "එදා සෙනෙහෙන් නොබැඳුනානම් මෙදා වියෝවක් නෑ....." යන පදයෙන් දුක හා දුකට හේතුවත් දෙවැනි පද වලින් දුක නැතිකිරීමෙන් ලැබෙන ඵලයත් අවසානයට දුක නැතිකිරීමේ මාර්ගය බුද්ධ දර්ශනයට අනූව ගමන් කිරීම බවත් සාමාන්‍ය රසිකයගේ චින්තනයට ගැලපෙන අයුරින් පහදාදීම තුලින් අපට හෙලිවේ.......

    මොනව උනත් මම මේම තේරුම් ගන්නකොට මම ගොඩක් දුර ගිහිල්ල අන්තිමේ තව රුපියල් 7ක් දීල තව බස් එකක ආපහු අවා.ඒකත් මාරයි.......

    මම ඔය බස් එකේ හිටිය නම් කැබ් එකක් ඕඩර් කරලා උබව ගෙදරටම ගෙනත් දානවා. ඒ තරම් වටිනා වැඩක් කරලා තියෙන්නේ. ඇත්තටම මේ වගේ දෙයක් හිතුනෙම නෑ. ඉතාම හොඳ විග්‍රහයක්.
     

    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    සමහර ගීතවල මහා සැගවුනු අරුත් නැතිවුනත් ගොඩක් අය ඒ ගීත වලට ආදරය කරන්නේ ඒ ගීත්වලින් තමන්ගේ ජීවිතය හෝ ජීවිතයේ අතිදැකීමක් පුනරාවර්ජනය කරන නිසා වෙන්න පුලුවන් මේ ගීතයත් ඒ වගේ තමයි මගේ ජීවිතේ එක් කාලයක් මේ ගීත රචකයා අපූරුවට විග්‍රහ කරනව.........

    පැන මඩ කඩිති වැව් තාවුලු වැහි කාලේ
    පෙන්නා මග නොමග නොවැටී යන තාලේ

    මව හා ගුරුවරයා ලෝකයක් වෙනස් කරන්නට හැකියාව ඇති ප්‍රබල චරිත දෙකක් මොකද ළමයා කියන මැටි ගුලිය ඔපමට්ටිම් කරල ලොකයට දෙන්නෙ ඔවුන් නිසා එයිනුත් ගුරුවරයාගේ චරිතය ඉතා ප්‍රබලයි. මේ ගිතය මෙකී උත්තම ගුරුවරයාගේ හා ඔහුගේ පවුලේ සැබැ අදුර ලෝකයට පෙන්වන ඉතා අගනා නිර්මානයක්.
    මේ ගුරුවරයා දරුවන්ට ශිල්ප ශාස්ත්‍ර දුන්නේත් මගපෙන්වීම් කලේත් අවවාදයට වඩා ආදර්ශයෙනි. වැහි කාලෙ මඩ කඩිති වලින් එගොඩ වෙනහැටි ජීවිතේ බාදක වලට නොවැටී මුහුන දෙනහැටි අපට උගන්වන්න එතුමා දැරූ අප්‍රමාන වෙහෙස.............

    සිප් කිරි පෙවු මූසිලයන් උඩුමහලේ
    අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කොලේ

    මේ ගුරුතුමාගෙන් ශිල්ප ඉගෙනගත් සමහරුන් උඩුමහල් වල වැජබෙනව... ඔවුන්ට පහල මහල් ගැනවත් උඩුමහලට ආ හැටි වත් අමතක කල ඔවුන් මූසිලයන් ම වේ. නමුත් මේ කිසිවකින් නොසැලුනු අපේ ගුරුතුමා ඉස්සර වගේම තවමත් ඒ විදිහමයි මේ මූසිලයන් උඩුමහලෙන් පොලවට වැටුන දවසක ඉස්සර වගේම නැවතත් ආදරෙන් හරි පාර කියාදේවී.........

    සාමා අමර විකුනති බස්පොලේ කජු
    කුමාරෝද පිටු දන්දෙති එයින් මතු
    උගත මනා ශිල්පය පිල්කඩ නොපැතූ
    වේවැල වටා ඉකිබිද දඩුවමක් පැතූ

    සාමාලා අමරලා ඒනම් කුඩා දරුවන් කුඩාකලදිම ගුරුතුමා මහන්සියෙන් දෙන්න හදන ශිල්ප අතහැරල දාල ඔවනට එහි අගයක් දැනෙන්නෙ නෑ ඒ නිසයි වටිනා පොතපත ඉරා රටකජු ගොටු හදන්නෙ..... නමුත් ශිලපය බලාපොරොත්තු වන්නෙ ඒ දෙය නෙවෙයි එමනිසා ඒ ශිල්පයම නැවත ගුරුතුමාගෙන් දඩුවම් පතන්නේ ඒ නිසයි
    සෑම දෙයක්ම මුදලට යටවන යුගයක කුඩා දරුවන් පවා මුදල් පසුපස දුවන යුගයක මෙකී ගුරුතුමාගේ නොමිලයේ ලබා දෙන ශිල්ප වලට අත්ව ඇති ඉරනම රචකයා උපහාසාත්මකව ඉදිරිපත් කරයි.


    රන්මසු පට පිලී අබරන උරන වෙලා
    සමන් පිච්ච කැකුලිය එහි මිලින වෙලා
    ගුරු නිවහනම කදුලට උල්පතක් වෙලා
    ලොකු හාමිනේ ඇත බිතුසිතුවමක් වෙලා

    මේ ගුරුතුමා දරුවන්ට ශිලප ලබාදුන්නේ මුදල් අපේක්ශාවෙන් නොවන නිසා එතුමා මුදලින් පොහොසතෙක් නෙවෙයි. අලුත් ඇදුම් ස්වර්නාභරන හා දෑවැද්ද ඔවුනට නොමැති නිසා සමන් පිච්ච කැකුලියක් වන් ගුරුතුමාගෙ දියනිය ගෙදරටම නාකිවන අන්දම හා ඒ නිසා ගුරු නිවහන පුරා පැතිරීයන ශෝකය මෙන්ම සුන් වූ බලාපොරොත්තු සමග කරකියාගත හැකි දේයක් නොමැතිව මෙකී ගුරුතුමාගෙ බිරිද අනාගතය ගැන කල්පනා කරන අන්දම මෙම පද පේලි වලින් රචකයා අසන්නාගෙ සිත් තුල මනාවට විචිත්‍රනය කරන අයුරු...

    පාසලේ උසස් පෙල කරනකාලේ පන්තියේ බොහොදෙනක් මාව පන්තියෙන් කොන්කලේ ඔවුනට මෙන් මිලෙන් අදික ජංගම දුරකතන පරිඝනක හෝ ලැප්ටොප් මා සතුව නැති නිසා. වතාවක් කෙනක් මගෙ දිහා බලාගෙන "හිගන්නන්ට කොහෙන්ද බන් ඔවා" කියල හිනා උනා. මොකක හරි මිලගනන් ඇහුවාම "ඇයි උබ ගන්නද ඇගිල්ලෙ තරමට ඉදිමියන් බන්" කිව්වා. මම කරන්න ආසාවෙන් හිටිය සමහර පාථමාලාවන් මට කරන්න බැරි උනේ තාත්තා ලග සල්ලි නැති නිසා අම්මා ලග ඒ මුදලට හරියන්න උකස් කරන්න මාලයක් වලල්ලක් වත් නොතිබුනු නිසා.
    අපේ ලග නැදැයන් අපිට උත්සව වලට ආරාදනා නොකලේත් මට ජීවිතේ මුලින්ම හම්බවෙන්න තිබුනු රස්සාව නැතිඋනේත් අපේ නැයන්ට අපිව නැයන් කියන්න තිබුන ලැජ්ජාව නිසා.
    මගේ තාත්තා දහස් ගනනකගෙ දෑස පැදපු කෙනෙක් තාත්තට මට හැම සැපස්ම්පතක්ම දෙන්න බැරි උනා නමුත් තාත්ත මට දුකක් දුන්නෙත් නැ.... හැම සරදමක්ම නොලැබීමක්ම අරමුනක් වූ මම අද කිහිප දෙනෙකුගෙ ප්‍රධානියා වශයෙන් ආයතනයක තීරන ගන්නවා....... මට සරදම් කරපු උන් මගෙන් සප් එකක් ඉල්ලනව ජොබ් කට්ටක් හොයාගන්න ඒ තමයි මගේ තාත්තා මුදලට යටනොවුනු පින......
    මෑතකදි සාම විනිසුරු කෙනක් උන තාත්තා මට හැමදාම කියන කතාවක් තියනවා "අපිට සැප සම්පත් නැති උනාට අපි කාටවත් ණය නැ, කාටවත් දුක් දීල සල්ලි හම්බකරලවත් නැ ඒ නිසා උබට වරදින්නෙත් නැ"

    හැගීම්බර වීම නිසා ගීතයේ අදහසට හානියක් උනානම් සමාවෙන්න.....


    Code:
    පාසලේ උසස් පෙල කරනකාලේ පන්තියේ බොහොදෙනක් මාව පන්තියෙන් කොන්කලේ ඔවුනට මෙන් මිලෙන් අදික ජංගම දුරකතන පරිඝනක හෝ ලැප්ටොප් මා සතුව නැති නිසා. වතාවක් කෙනක් මගෙ දිහා බලාගෙන "හිගන්නන්ට කොහෙන්ද බන් ඔවා" කියල හිනා උනා. මොකක හරි මිලගනන් ඇහුවාම "ඇයි උබ ගන්නද ඇගිල්ලෙ තරමට ඉදිමියන් බන්" කිව්වා. මම කරන්න ආසාවෙන් හිටිය සමහර පාථමාලාවන් මට කරන්න බැරි උනේ තාත්තා ලග සල්ලි නැති නිසා අම්මා ලග ඒ මුදලට හරියන්න උකස් කරන්න මාලයක් වලල්ලක් වත් නොතිබුනු නිසා. 
    අපේ ලග නැදැයන් අපිට උත්සව වලට ආරාදනා නොකලේත් මට ජීවිතේ මුලින්ම හම්බවෙන්න තිබුනු රස්සාව නැතිඋනේත් අපේ නැයන්ට අපිව නැයන් කියන්න තිබුන ලැජ්ජාව නිසා.
    මගේ තාත්තා දහස් ගනනකගෙ දෑස පැදපු කෙනෙක් තාත්තට මට හැම සැපස්ම්පතක්ම දෙන්න බැරි උනා නමුත් තාත්ත මට දුකක් දුන්නෙත් නැ....  හැම සරදමක්ම නොලැබීමක්ම අරමුනක් වූ මම අද කිහිප දෙනෙකුගෙ ප්‍රධානියා වශයෙන් ආයතනයක තීරන ගන්නවා....... මට සරදම් කරපු උන් මගෙන් සප් එකක් ඉල්ලනව ජොබ් කට්ටක් හොයාගන්න ඒ තමයි මගේ තාත්තා මුදලට යටනොවුනු පින......
    මෑතකදි සාම විනිසුරු කෙනක් උන තාත්තා මට හැමදාම කියන කතාවක් තියනවා "අපිට සැප සම්පත් නැති උනාට අපි කාටවත් ණය නැ, කාටවත් දුක් දීල සල්ලි හම්බකරලවත් නැ ඒ නිසා උබට වරදින්නෙත් නැ"
    
    හැගීම්බර වීම නිසා ගීතයේ අදහසට හානියක් උනානම් සමාවෙන්න.....


    යාළුවා ..ජිවිතේ කියන්නේ ඔහොම තමයි .. සැලෙන්න හොද නෑ . අපිට තියෙනකොට අපි වටේම කට්ටිය ඉන්නවා ...නැති වෙනකොට කව්රුවත් නෑ ..අපේ අප්පච්චිත් කලේ මුළු ගමේම පාරවල් බෝක්කු ටික හදලා සමාජ සේවය.. දේශපාලන සම්බන්ද තියෙන නිසා ඒවගෙන් ගම හැදුවා.අපිට කර ගත්තේ නෑ . අපිට ගෙවල් දොරවල් පවා නැති වෙලා ගිය ඕක හන්ද.. සමහර දවස් වල කන්නත් නෑ ...අපිට ඒ කාලේ බස් එකේ යන්න 3.50 ක් තිබ්බේ නෑ බන් .. අම්මා 7 km දුරක් පයින් අවා ඒ නිසා බත් එක අරගෙන මට ඉස්කෝලෙට. ඔක්කොම නැති වෙනකොට නෑදෑයෝ ලග හිටපු හිතවතුන් අතුරුදහන් ... අපේ අප්පච්චි හරි ධෙර්යවන්තයි .. එතනින් පස්සේ අපි ඔක්කොම එකතු වෙලා නැගිට්ටා..අද අපිට තියෙන්න ඕනි ඔක්කොම තියෙනවා ..අර අතුරුදහන් වුන කට්ටිය අයිත් ඉන්නවා.. අප්පච්චියේ උත්සාහයෙන් ගමේ අඩි පාරවල් ලොකු පාරවල් වුනානේ .අපිට බැනපු අය දැන් ඒවගේ වාහන වල යනවා ..

    ''අපිට සැප සම්පත් නැති උනාට අපි කාටවත් ණය නැ, කාටවත් දුක් දීල සල්ලි හම්බකරලවත් නැ ඒ නිසා උබට වරදින්නෙත් නැ" ඔය කතාව අපේ අම්මත් කියනවා .. කිව්වත් වගේ මට වැරදිලත් නෑ . මමත් අද හොද තැනක ඉන්නවා ..දුක් විදලා ජිවිතේ ගොඩ ගියාම මර ගතියක් තියෙන්නේ .. මම හැදුනේ අම්මයි අප්පච්චියි දිහා බලන් .. ජිවිතේ කියන්නේ මේකයි කියල දැන් මම දන්නවා ..

    මම වගේම සමාන්තර අවස්ථා ඔයත් ලබල තියෙන නිසා මේක කිව්වේ
    මමත් ඔය කාලේ හිටියේ ලංකාවේ සුපිරි පාසලක .. මටත් ජංගම දුරකතන පරිගණක ඒ කාලේ හීනයක් විතරයි ..යාලුවෙක්ගෙ ජංගම දුරකතන පරිගණකයක් අරන් බලනවා විතරයි ..සමහරු නම් අපිට බලන්නවත් දෙන්නේ නෑ .එකේ දුක දරා ගන්නවා කියන්නේ..කියලා වැඩක් නෑ .. එත් අද කතාව හාත්පසින්ම වෙනස් .. ඔය අතරේ දෙවියන් ඉන්නවනේ.අදටත් මගේ දෙපැත්තෙන් ඉන්න යාලුවෝ දෙන්නා ඒ දෙවිවරු දෙන්නා තමා මේ පරිගණකය මට ගෙමක්ම නැති දෙයක් වෙනකම් කියලා දුන්නේ ... ඒ යාලුවෙක් තමා මට මුලින්ම ජංගම දුරකතනයක් තියා ගන්න දුන්නේ (NOKIA 3310 )

    ඔය හරි වාසනාවන්තයි යාළුවා ඔය වගේ දෙමවුපියෝ ලබන්න
     
    Last edited:
    • Like
    Reactions: Chinthaka_tc

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn

    ගහක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    හිතක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    නුඹට සිත බැදි කාරණේ මා
    තවම සොයන්නෙමී...


    හරි ලස්සන ප්‍රේමණීය සින්දුවක්.... ආදරවන්තයින් කී දෙනෙක් තමන්ගෙ පෙම් හසුන්වල, එස් එම් .......

    Awesome machan :D awesome
     

    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    උඹට දැන් හරි ගිහිල්ල තියනව නම් ඒ හරි යාමට 50% හේතුව උඹේ අම්මයි, තාත්තයි මචං......
    මේ ත්‍රෙඩ් එකේ දී මම බුදුන්ට, දෙවියන්ට, මගේ දෙමවුපියන්ට, ගුරුවරුන්ට එක් කරන මේ අත් දෙක එකතු කරල උඹේ තාත්තටත් වදිනවා............
    උඹේ තාත්තා වගේ මිහි පිට වැඩ ඉන්න දෙවිවරු නිර්ලෝභීව, දෙන පඩිය ගැන බලන්නේ නැතුව, වෙස්සන්තරවරු වගේ දුන්න ශිල්ප ශ්‍රාස්ත්‍රයෙන් තමා අපි අද මේ තැන් වල ඉන්නේ.........

    :yes::yes::yes::yes:ඔය හරි වාසනාවන්තයි යාළුවා ඔය වගේ දෙමවුපියෝ ලබන්න
    අපි අද මෙහෙම ඉන්නේ ඔයාගේ තාත්තා වගේ දෙවියන් තාමත් මිහි පිට ඉන්න නිසා
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    Office එකේ ඉදිද්දි thread මේ එක කියවන්න හරි ආමාරුයි මචන්ලා :sorry:
    ගොඩක් වෙලාවට ඇහැට කඳුලු එනවා..බොහොම අමාරුවෙන් හංගන් ඉන්නේ.. :dull:
    ධනුශ්ක අයියට බෝම ස්තූති මේක නූල පටන් ගත්තට :D
    sasliit සහෝටයි කිඹුල් මාමටයිත් ගොඩක් පින් :D :yes:
     

    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්
    නුඹ ඇවිත් හිත ළඟට හොරෙන්
    ආවාට නොකියාම ජීවිතෙන්
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්

    Code:
    http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=2626

    නින්ද නැති රැයේ
    සද කදුලු මීදුමේ
    හැංගිලා හඩන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ.....
    තාරකා දියේ ගිලී
    නිල් එළිය නිවේ
    වැහි බිංදු වැටේවී...රෝස පෙති කඩා හැළේ...........
    Code:
    www.mediafire.com/?53k4clrcvfl61ir

    පැන මඩ කඩිති වැව් තාවුලු වැහි කාලේ
    පෙන්නා මග නොමග නොවැටී යන තාලේ
    සිප් කිරි පෙවු මූසිලයන් උඩුමහලේ
    අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කොලේ
    Code:
    www.mediafire.com/?cgyftd2oxut

    පි-සමුගෙන යන්නෙමි මම ඔබ තනිකොට
    අපෙ මතු දියුන සොයා.................
    සිතකින් නොව මා නැව් නැග යන්නෙ සිත ඔබෙ තුරුලෙ තියා
    ගැ-ගතින් මෙතැන මම සිතින් ඔබගෙ ලග
    කිසිදා වෙනස් නොවේ...................
    ජීවිතයට නැත ඔබෙ සෙනෙහස වැනි මිනි කිරුලක් මෙලොවේ
    Code:
    http://www.mediafire.com/?jmhy0qg0m1w
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මේ ගීතය අපේ යාළුවො කවුරුත් අහල තියෙන ගීතයක්නේ.... අර්ථයත් සරලවම ඔබට තෙරෙන්ව ඇති කියල හිතනවා... කාලයක්‌ තමන් සමග ප්‍රේමයෙන් වෙලී සිටි ආදරවන්තිය, වෙනකෙනෙක් එක්කල ආදරෙන් වෙලිල ඉන්න ආකාරය දකින පැරණි පෙම්වතාට ඇතිවන හැගීම, වේදනාව තමා මේ ගීතයෙන් කියවෙන්නෙ...

    ඉතින් මේ ගීතයේ නිදානකතාව තමා මම ඔබට දෙන්නට හදන්නෙ.... (මේ කතාව මාවෙත එවූ සෞන්දර්ය විශ්වවිද්‍යලයේ චරිත් සොයුරාට ස්තූතිවන්ත වන අතර ඔහු එය එවූ පරිදිම පලකරමි.)

    සුනිල් ආර්. ගමගේ නම් මේ ගීතයේ පද රචකයා සිය අත්දැකීම පවසන්නෙ මෙන්න මේ අයුරින්,

    මේක සත්‍ය. අත්දැකීමක්‌.... පාසල් කාලයේ සිටම පෙම්කළ දෙදෙනෙක්‌... අවසනයේ තේරුණේ විශ්වවිද්‍යාල දෙකකට... මේ පෙම්වතා මගේ ළඟම යහළුවෙක්‌... ඔවුන් පෙම්කළ කාලයේ පටන්ම මා සමීපව ඇසුරු කළා... ඒත්... විශ්වවිද්‍යාලයට ගියාට පස්‌සේ... තරුණිය වෙනස්‌ වුණා.. ඈ වෙනත් කෙනෙකු සමඟ පෙම්කරන්න පටන් ගත්තා.

    ඇය ඔහුට තුරුළුවෙලා පෙම්කරන අයුරු මගේ මිතුරා දැක්‌කා... ඔහු සමඟ ඒ අත්දැකීම ලබන්න මටත් සිද්ධ වුණා. අපි දෙන්නට නිතරම දකින්න ලැබුණා. ඔවුන් දෙන්නා පෙමින් වෙලී සිටින හැටි... මගේ මිත්‍රයා විඳින වේදනාව මට හොඳින් දැනුනා... ඒ වේදනාව තමයි මේ විදිහට පද පෙළකට ඇමිණුවේ... සුනිල් ආර්. ගමගේ සහෘදයා ප්‍රකාශ කළා.


    ඔබ පෙම් කරනා ඔබේ කුමාරී
    ඔබට ආදරේ කියනා අයුරින්
    පෙර දවසක මා පෙම් කරනා සඳ
    මටද ආදරේ කියා තිබේ...

    සාගර වෙරළේ සොඳුරු සෑඳෑවක
    රඟහල කෙළවර අඳුරු නිමේෂක
    අද ඔබ ළඟ ඔබ සනසාලන ඈ
    පෙර දවසක මා තුරුළට වී හිඳ
    මටද ආදරේ කියා තිබේ...

    සක්‌මන් මළුවක දෙපා ගෙවෙද්දී
    දොඩමළු පෙම්බස්‌ ගොළුවී යද්දී
    මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඈ
    සනහස සඟවා දෙනෙත නුරාවෙන්
    මටද ආදරේ කියා තිබේ...

    පද රචනය - සුනිල් ආර්. ගමගේ
    ගායනය/තනුව - විශාරද ගුණදාස කපුගේ




    මේ ගීතයේ තියෙන ලස්සන තමා පැරණි පෙම්වතා අමතන්නෙ සිය පැරණි පෙම්වතියට නෙමෙයි... ඇයගේ අලුත් පෙම්වතාට. හරියට අලුත් පෙම්වතාට අවවාදයක් දෙනව වගේ.... “යාළුවේ ඔයා ඔය ආදරේ කරන කාන්තාව මට එදා ආදරේ කලේ ඔයවිදියටමයි.... ඒත් එහෙම ආදරේ කරල මාව තනිකරල ඔයාගෙ ලගට ආවා” කියන්න වගේ... අළුත් පෙම්වතාට මේ කාන්තාව විශ්වාස කරන්න එපා කියල අවවාදයක් දෙනවද කියලත් වෙලාවකට හිතෙනව.....

    තවත් ගීතයක් තව ටිකකින්.........
     
    Last edited: