සුන්දර ගීයක ඇරබුම,..

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දවසක් පැල නැති හේනේ
    අකාල මහ වැහි වැටුනා........

    ඒකයි ලොකු අදෝනාවකින් අවසන් කරන්නෙ...

    මචං රංබණ්ඩා සෙනෙවිරත්න එතුමා ගැනම සදහන් කරමින් දවසක් කිව්වේ
    " පුතා, මේ රංබංඩා මාමා ගොඩයෙක්, ගොඩේ බයියෙක්. ඒ ගොඩේ බයියා මේ ගෙංදගං පොලව පෑගුණාට පස්සේ ලබපු අත්දැකීම් ගමේ දි ලබපු ඒවත් එත්ත සංසන්දනය කරල තමා සිංදු ලියන්නේ" කියලා. එතුමා කොච්චර අධිනීතිඥයෙක් වුණත් හොද රසවතෙක්. හැබැයි කවදාවත් ගමේ කම අමතක නොකරපු කෙනෙක්...............
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    නැතෝ.........කිංදේවි නෙවෙයි ලියල තියෙන්නේ........
    මේක ලියල තියෙන්නේ ටී.එම්. ගේ දයාබර බිරිද මාලිනී ජයරත්න මහත්මිය.........
    "ලියල දුන්න නිසා ගායනා කලා...අපිත් ගෙවල් වල ඉන්න එපැයැ මල්ලිලා...." කියල තමා ටී.එම්. අපි කැම්පස් යන කාලේ කරපු සංගීත ප්‍රසංගයකට ඇවිත් අපට සිනහ උපදවමින් කිව්වේ......!!!!

    :)
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කිඹුල සහෝ.... කෝ අපේ කස්ටිය.... සින්දු දෙන්න පුළුවන් පැල් බැදගෙන නේද බන්..... ඒත් ප්‍රතිචාර තමා බදි.... දාල තියෙන චිචාර ගනන සමග සැසදුවම හා මේ ත්රෙඩ් එක කියවල තියෙන පිරිස දිහා බැලුවම ප්‍රතිචාර ගොඩාක් මදි.... අපි විචාර දානව හරි නැද්ද දන්නෑ බන්.... :(:(:(

    ඒකයි මේ තවත් ගීත විචාරයක් දැමීම ටිකක් ප්‍රමාද කලේ.....
     
    Last edited:
    • Like
    Reactions: sanddun

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    කොළඹ අහස කලු කරගෙන මුහුදු හුලග හඩලනකොට
    ඔටුන්න බිමදා දුවගෙන එන්නද එක පිම්මේ
    මං එනතුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ
    ඒ විතරක් නෙවෙයි මචං, අපි මේ කොළඹ ඇවිත් පොරවල් සේ හිටියට, කවදා හරි දවසක මේ සියල්ල කඩා ගෙන වැටුනට, ආයෙ ඉතිරි වෙන්නේ මව්පියන් විතරයි.......බලන්න යොදල තියල උපමාව...........
    "
    කොළඹ අහස කලු කරගෙන මුහුදු හුලග හඩලනකොට" එතකොට තමා ගම මතක් වෙන්නේ........තමන් ගේ උපයා ගත්ත දේවල් හුළගට ගහගෙන ගියාම ඉතුරු වෙන්නේ මේ ඉහ තියං ඉන්න ඔටුන්න බිම දාල දුවන එක විතරයි........
    ඒහෙම වුණ මොහොතෙදිත්, සියල්ල විනාශවෙලා ඔටුණු බිම වැටිල තියන වෙලාවෙදිත්, ආයේ හිගන්න වගේ, පරාජය වෙලා එන පුතා එන මග බලා ඉන්නේ අපේ අම්ම විතරයි.......

    මව් සෙනෙහේ මහිමය මෙච්චර අධ්‍යාත්මයට දැනෙන ගීතයක් නැති තරම්.........අහලකින් වත් තියන්න පුළුවන් සුනිල් කියල " දෙවැනි බුදන් ලෙස-ලොවම උවම් කළ" ගීතය විතරයි.....

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුල සහෝ.... කෝ අපේ කස්ටිය.... සින්දු දෙන්න පුළුවන් පැල් බැදගෙන නේද බන්..... ඒත් ප්‍රතිචාර තමා බදි.... දාල තියෙන චිචාර ගනන සමග සැසදුවම හා මේ ත්රෙඩ් එක කියවල තියෙන පිරිස දිහා බැලුවම ප්‍රතිචාර ගොඩාක් මදි.... අපි විචාර දානව හරි නැද්ද දන්නෑ බන්.... :(:(:(

    ඒකයි මේ තවත් ගීත විචාරයක් දැමීම ටිකක් ප්‍රමාද කලේ.....
    මමත් කැමතියි කවුරු හරි මගේ විචාර පතුරු අරිනව නම්......!!!:)
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    කිඹුල සහෝ.... කෝ අපේ කස්ටිය.... සින්දු දෙන්න පුළුවන් පැල් බැදගෙන නේද බන්..... ඒත් ප්‍රතිචාර තමා බදි.... දාල තියෙන චිචාර ගනන සමග සැසදුවම හා මේ ත්රෙඩ් එක කියවල තියෙන පිරිස දිහා බැලුවම ප්‍රතිචාර ගොඩාක් මදි.... අපි විචාර දානව හරි නැද්ද දන්නෑ බන්.... :(:(:(

    ඒකයි මේ තවත් ගීත විචාරයක් දැමීම ටිකක් ප්‍රමාද කලේ.....

    SORRY MACHO , ADA UDE HOME AWE , GEDARA HITIYE NA..
    BUMP
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මේ ගීත දෙකම ලියැවෙන්න හේතුව එකම අත්දැකීමක්.......

    මේ ගීතයන් ගායනා කරන අමරසිරිපීරිස් මහත්මාණන් ගේ යහළුවෙක්, එතුමා ගේම වයසේ පසුවන වගේ, කියා තිබෙනවා ඔහුට තම පාසලේ නැටුම් කණ්ඩායමේ සාමාජිකාවක් වන යෞවන සිසුවියක් වෙත ඔහු ගේ හදවතේ තිබූ ප්‍රේමය. නමුත් මැදි වයසත් මහළු වයසත් අතර සිටින අමරසිරි ගේ මිත්‍රයා මේ ගැන ඇයට කියන්නට හෝ බලපෑම් කරන්නට ගොස් නැහැ. ඔහු එය සිතෙහිම රහසේ සගවා ගෙන සිට ඇත්තේ සාධු සම්මතයෙන් එවැන පෙම් බැදීමක් බැහැරවන නිසාමයි. නමුත් ඔහු අමරසිරි ට කියා ඇත්තේ "අමරේ, ඒ ළමයා මගේ ගෙදර ඉන්නව නම් පුදුම ආලෝකයක් ගෙදර තියෙයි කියල මට හිතෙනවා" යනුවෙනි.
    අමරසිරි මේ අත්දැකීම ගීත රචකයන් දෙදෙනෙක් හා පැවසුවා. එක් අයෙක් ධම්මික බණ්ඩාර. ඔහු මේ කථාවේ හරය පමණක් ගෙන පබැදූ ගීයයි "මගේ පුංචි රෝස මලේ-මමයි නුඹේ වියපත් බඹරා" මෙය මැදි වයසේ පසුවන බොහෝ පිරිමින් ගේ පොදු අත්දැකීමක් බැවින් අතිශය ජනප්‍රිය වූවා.......




    අත්දැකීම ගැන අමරසිරි කිවූ දෙවැන්නා කැළුම් ශ්‍රීමාල්. ඔහු මේ මුළු කතාවම තම ගීතයට ග්‍රහණය කර ගත්තා.
    "සුහදිනියේ සගවන්-ඍජු බැල්මේ ඇරයුම්"


    ඇත්තට ම එතරම් ජනප්‍රිය නොවුනත්, සුභාවිත ගීතයක ලක්ෂන අතින් නම් මේ ගීතය පවතින්නේ පළමුවැන්නට වඩා ගව් ගානක් ඉදිරියෙන්. බලන්න මේ සිංහල භාෂාවේ මාධුර්යය නොවේද?

    සුහදිනියේ සගවන් - ඍජු බැල්මේ ඇරයුම්
    දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා.....
    සද වනියේ නුඹ නම්-සැනකෙළියයි මගෙ නම්
    කවියන් ගේ දෑසේ රස සීමා පණිනා........
    සිහිනෙක් රෑ අවුදින් - සුවදක් සේ ළග හුන්
    සංවරියේ රන් තිත කෝ මා පානනා........
    සුහදිනියේ සගවන් - ඍජු බැල්මේ ඇරයුම්
    දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා.....

    වාත්තු කර ඇති දේහ තලාවට හේත්තු වෙන්න ද හෙවනැල්ලෙන්
    කාන්ති ඉහිරෙන නයන ඉනාවට සාන්තුවර සිත හීදැල්ලෙන්
    හොර රහසේ හොර හිත පතනා ඒ පැතුමේ
    දග මෙනෙවිය ඔබ මා වල්මත් කළ අරුමැසියයි මෙලොවේ........

    සුහදිනියේ සගවන් - ඍජු බැල්මේ ඇරයුම්
    දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා.....

    වීණා බද වට කැරකෙන වරලස අණ දෙන හෘද ස්ඵන්දනයෙන්
    සුසුමේ රිද්මයට ම රග දෙයි ඔබ මගේ පෘථග්ජන සිතුවිල්ලෙන්
    හොර රහසේ හොර හිත පතනා ඒ පැතුමේ
    රතු නළගන මගේ හිත අවතැන් කළ එකම ළදයි මෙලොවේ.......

    සුහදිනියේ සගවන් - ඍජු බැල්මේ ඇරයුම්
    දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා.....
    සිහිනෙක් රෑ අවුදින් - සුවදක් සේ ළග හුන්
    සංවරියේ රන් තිත කෝ මා පානනා........
    සුහදිනියේ සගවන් - ඍජු බැල්මේ ඇරයුම්
    දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා.....


    කැළුම් මේ ගිතයට මේ මුළු කතාන්දරයම ඇතුලත් කරගන්නේ නාටිකාංගනාවක මේ ගීතය තුළට ගෙන ඒමෙන්. ඇය මේ පුද්ගලයා ගේ මුළු සිහිනයම අත්කරගෙන සිටින ආකාරය සැනකෙළියයි මගෙනම්, සිහිනෙන් රෑ අවුදින්-සුවදක් සේ ළග හුන් වැනි පද තුලින් අතිහය රමණිය සහ භාවාත්මක ලෙසට ගෙන එනවා..........එපමණක් නොවේ, ඇය පිළිබද ව ඇති රාග නිශ්‍රිත හැගීම් ද අතිශය චමත්කාර ජනක ලෙස කැළුම් දක්වන්නේ වීණා බද වට කැරකෙන වරලස වැනි අතිශය රමණිය සහ භාවාතිශය යෙදුමක් මගිනුයි.
    කවදාවත් ගීතයක හමු නොවූ මේ යෙදුම් දෙස බලන්න........

    "වාත්තු කර ඇති දේහ තලාවට හේත්තු වෙන්න ද හෙවනැල්ලෙන්
    කාන්ති ඉහිරෙන නයන ඉනාවට සාන්තුවර සිත හීදැල්ලෙන්"
    "වීණා බද වට කැරකෙන වරලස"
    "මගේ හිත අවතැන් කළ"
    "සැනකෙළියයි මගෙ නම්"

    ඇත්තෙන් ම මෙවන් රචනාවක් කැළුම් වැනි ජනප්‍රිය ගීත කලාවේ රචකයෙකු අතින් බිහිවීම විශ්මය දනවන ක්‍රියාවකි...........!!! මොන තරම් මනරම් ද මේ භාෂා මෙහෙයවීම......අපේ මනස තුළ මේ නළගන ගේ චිත්තරූප මැවෙන ලෙස මේ ගායනය ද, පද රචනය ද, ඒයට ම ගැලපෙන "ලැටිනෝ" තාලානු රූප සංගීත් වික්‍රමසිංහයන් ගේ සංගීතයද වෙත අප ගේ ප්‍රසාද පූර්වක ආචාරය පිරිනැමිය යුතුය.........
    මචන් ගොඩක් ස්තුතියි මේ කරන වැඩේට.කැලුම් ලියල තියන සිංදුවේ සමහර තැන් ඔයා කිව්වා නිසා මිසක් නැත්තන් මලාට මට තේරෙන්නේ නෑ මචන්..
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    කිඹුල සහෝ.... කෝ අපේ කස්ටිය.... සින්දු දෙන්න පුළුවන් පැල් බැදගෙන නේද බන්..... ඒත් ප්‍රතිචාර තමා බදි.... දාල තියෙන චිචාර ගනන සමග සැසදුවම හා මේ ත්රෙඩ් එක කියවල තියෙන පිරිස දිහා බැලුවම ප්‍රතිචාර ගොඩාක් මදි.... අපි විචාර දානව හරි නැද්ද දන්නෑ බන්.... :(:(:(

    ඒකයි මේ තවත් ගීත විචාරයක් දැමීම ටිකක් ප්‍රමාද කලේ.....

    අපි ඉන්නව දිගටම කරගෙන යමු + ;)
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    මම දන්න සින්දුවක් දාන්නද , අමරදේවගේ එකක්

    2076n3a.jpg


    පෙර දිනයක මා පෙම් කල යුවතිය
    සිය පුතු නලවනවා...


    මේක ඇහෙද්දී ගොඩක් දෙනෙක් හිතන්නේ ආදරේ කරපු කෙල්ල දැන් වෙන කෙනෙක්ව බැඳලා , දරුවෙකුත් ලැබිල , දැන් ඒ දරුවාව නලවනවා කියලනේ..
    එත් මෙතන වෙන්නේ මේකයි , පෙර දිනයේ මම පෙම් කරලා තියෙන්නේත් , මම බැඳලා තියෙන්නෙත් , දැන් මේ දරුවා නලවන්නෙත් එකම කාන්තාවක්.


    මගේම ගීයක් , නැලවිලි ස්වරයෙන්
    ඈතින් මතුවෙනවා..


    දරුවා නලවන්න මෙයා කියන ගීතයත් මම මෙයාට කලින් කියපු එකක්ම තමා .

    නුරාව වෙනුවට ඉදුනිල් දෙනයන
    දයාව වෑහෙනවා ...


    ඉස්සර වගේ නුරාවෙන් රාගයෙන් මෙය දිහා බලනවා වෙනුවට දැන් බලන්නේ දයාවෙන් , සෙනෙහසින් , දැන් වගකීම් වැඩියි , මෙය මගේ බිරිද , මගේ දරුවාගේ අම්ම ..


    ඉතුරු ටික තේරුම් ගනිල්ලා , ටයිප් කරද්දී දෙක දෙල් වෙනවා :no::no::no:



    AMMA GAHANAWA KIYANNE MEKATANE , MAMA HITUWET KELLA WENA EKEKWA BADALA KIYALA..
    PATTA ELA ELA
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මචං රංබණ්ඩා සෙනෙවිරත්න එතුමා ගැනම සදහන් කරමින් දවසක් කිව්වේ
    " පුතා, මේ රංබංඩා මාමා ගොඩයෙක්, ගොඩේ බයියෙක්. ඒ ගොඩේ බයියා මේ ගෙංදගං පොලව පෑගුණාට පස්සේ ලබපු අත්දැකීම් ගමේ දි ලබපු ඒවත් එත්ත සංසන්දනය කරල තමා සිංදු ලියන්නේ" කියලා. එතුමා කොච්චර අධිනීතිඥයෙක් වුණත් හොද රසවතෙක්. හැබැයි කවදාවත් ගමේ කම අමතක නොකරපු කෙනෙක්...............

    මචන් අපි පොඩි දවස් වල මෙයා ජාතික රූපවාහිනියට ඇවිත් එයාගේ අත්දැකීම් ගැන කතා කරනවා,..කොච්චර නිරහංකාර මසුස්සයෙක්ද කියල තේරෙන්නේ ඒවා බලපුවාම තමයි.අද කාලේ ළමයි ඒවා දකින්න පින් කරලා නෑ මචන්,,:D:D
     
    • Like
    Reactions: sameerasadaru

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    ~~~~~ මගේ ආත්මීය ගීතය~~~~~





    f6VQ.jpeg



    මේක අහන හැම වෙලේම මේ ගීතයේ පලමු පදයෙන්ම කියනවා වගේ ඈ මගේ සොඳුරු මතකයෙන් අවදි වෙන්නේ හිරු දැක විකසිත වෙන පුෂ්පයක් මෙන්.. ඇය නමින් භාග්‍යා.. නමේ අර්ථයට සරිලනමමමමමමම රූප සොභාවක් ඈට හිමිව තිබුනා.. දිගු වරලස, අහින්සක ඇස්, තේජාන්විත ගමන, ආඩම්ඹර බැල්ම, නැටුම් වලට උපන් හපන්කම් කීම, ඊට සරිලන් නාරි දේහය.. ශිෂ්‍යනායිකාවක් උන ඇගේ නායකත්වය භාර දීමේ උත්සවයේ වීඩියෝ පටය අමාරුවෙන් සොයාගත් මම තවමත් ඒක රස විඳිනවා.. කෙතරම් සුන්දර කෙල්ලක්ද.. ඒත්.. ඒ ආදරේ අදටත් දන්නේ මගෙ අහිOසක හිතත්, මේ නූල බලන ඔයාලත් විතරයි...

    "භාග්‍යා" ඔබ මගේ සිතේ අමරණීයයි..
    .. :love::love:




    උබේ විතරක් නෙමෙයි බන් , මගෙත් එහෙම එකක් තිබුනා..
    අවුරුදු 3ක්..
    මැරෙනකල් අමතක කරන්න බෑ බන්..
    ;)
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    සොඳුරු අතීතයෙ නිමල පෑතුම වී
    මගෙ හද තුල ඔබ ඉන්න ඈතී
    ඒ හින්දා යළි සෙනෙහෙ සිතින් අපි
    ආදරයෙන් හමුවෙන්න ඈතී . . .

    කඳුළු සුසුම් මෑද සතුටු සිනා මෑද
    භවය පුරා ලඟ ඉන්න ඈතී
    එදත් මගේ සිත අද මෙන් කෑපවී
    ඔබේ නමට පුද දෙන්න ඈතී . . .

    නොසෑලී නොතෑවී බාධක හමුවේ
    ආ හින්දා ජයගන්න ඈතී
    ආත්ම ගණනේ පුරුදු ලෙසින් අපි
    මේ අයුරින් හමුවෙන්න ඈතී . . .


    ඒ 1998 ...වර්ෂයේ දවසක්,....විදු මවු සෙවනේ විද්‍යා අංශයේ එක් පන්තියක කොලුවෙක්, තම පන්තියේම කෙල්ලකට කොළකෑල්ලක ලියල දීපු සින්දුවක්...:)
    අද ඒ කෙල්ල, මගේ පුතාගේ අම්මගේ භූමිකාව රඟපානව...
    මේ සින්දුව, මගේ ප්‍රේම කතාව...වසර දාහතරක් පුරා දිවෙන...
    අදටත් ආදරෙයි සින්දුවට :love::love:


    ඔයා නම් උපරිමයි අයියා..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අපේ යාළුවො ඉන්නවනම් .... තව දෙන්න පුළුවන්... අමතක උනා තව දෙයක් කියන්න.. අපි හොද දෙයක් කරනවනම් කොච්චර සප් එකක් දෙන්න කොල්ලො ඉන්නවද කියන එක ඇත්තටම තේරෙනව... මේව දාන්න පටන්ගත්තෙ ඊයෙ අද වෙකොට කී දෙනෙක් බලලද? කීදෙනෙක් උදව් කරනවද? කවුද කියන්නෙ අපේ සමාජ පිරිහිලා.. අද කාලෙ කොල්ලන්ට රසඥතාවක් නෑ කියල... මම හිතන්නෙ මේ ත්රෙඩ්එක ඒ චෝදනා බොරු බව ඔප්පුකලා... ආදරණීය සොයුරනේ මගේ ප්‍රණාමය ඔබ සියළුම දෙනාට.



    11.gif

    11.gif

    11.gif

    11.gif

    11.gif

    11.gif

    11.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මම ගියා බන් මැච් එල බලන්න...
    ශ්‍රි ල0කා ක්‍රිකට් කණ්ඩායම සහ ගැහැණිය යන දෙකම එක සමානය..
    කිසිම විටක විශ්වාස කල නොහැක..

    :yes::yes: :lol: :lol: :P :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    4000 මේ ත්රෙඩ් එක බලල.......:nerd::nerd::nerd:
    ඒත් රිප්ලයි 230 දීල තියෙන්නෙ මම දාපුවත් ඇතුලත්ව.........:(:(:(
    හිතනම් ටිකක් රිදෙනව........:no::no::no:
    මහන්සිය ගැන..........:baffled::baffled::baffled:

    :rolleyes: ඕවා ඔහොම තමා මචෝ........ වැදගත් දෙයක් බලන්න එකෙක්වත් නෑ...... :no: ඔන්න 18+ කියලා ත්‍රෙඩ් එකක් දැම්මොත්, ඔක්කොම ටික දායි රිප්ලයි.....!! :angry:


    මොකා මේකට රිප්ලයි නොකරත්, අපි මේක බලනවා..... රිප්ලයි කරනවා.... මේ ඔෆිස් එකේ වැඩ අස්සේ, මේ ත්‍රෙඩ් එක මුල ඉදන් කියවන් එන ගමන්.....!! :yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මේ ප්‍රකාශය අතිශය මඩකි. සාතිශය මඩකි.
    කා ඇති මඩ ගැන සැසදූ කල්හී නොසලකා හල හැකි බැවින් කම් නැතැ......!!!!!

    :lol: වෙච්ච දේවල් හැටියට මේවා මොනවද නේ...... :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    විදින්න පුළුවන් ගීත ඔක්කොම ඇඩෙන ඒව තමා............
    ඇයි...පිරිමින්ට අඩන්න තහනම් ද?
    සංවේදීකම කියන එක ශිෂ්ණය මත වත, යෝනිය මතවත් පරායත්ත නැති බව තේරුම් ගනින්......:angry::angry::angry:

    :shocked::lol: හැබැයි දත් ගලවනකොට නම් ඈඩේ.........!! :yes:;)
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔබ භාෂා විශාරදයෙක් උනත් ඔබට පුළුවනිද කුරුල්ලෙකුගෙ ගීතයේ තේරුම කියල දේනන....? ඔබ කොයිතරම් හොද අසන්නෙක් උනත් ඔබට පුළුවන්ද ඈත කදු මුදුනක් පහු කරල එන සුලගෙ රහස අහ ගන්න.....? මේ වගේ කොයිතරම් දේවල් තියෙනවද පුංචි උනත් කවදාවත්ම හිතාගන්න බැරි....? කොයිතරම් ගීත ඇහුවත් අපි හැබෑවටම ඒ ගීත අහල තියෙනවද.....? විනාඩි තුනක් හතක් ධාවනය උනාට සමහර ගීතවල තියෙනව සියවස් ගානක් හිතන්න දේවල්....... අපි මෙහෙම හිතමුකෝ...... ඔබ මාව අදුනන්නෙ නෑ..... ඒත් මම උමතුවුන ගීතයකටම ඔබත් වසග වෙලා...... ඒත් අපි දැකලවත් නෑ...... ඉතින් අපි අපි අදුනන්නෙ නැති උනත්, අනුන් ලියපු, අනුන් හදපු, අනුන් කියපු ගීතයකින් අපි අපි සදාකාලික මිත්‍රයො වෙන්න පුළුවන්..... මම හොද උදාහරණයක් ඔබට කියන්නම්....

    “1983 වසරෙ ධර්මසිරි ගමගේ අපේ ප්‍රවීණ කළාකරුව මට කියනව කොග්ගල පහන්වැට උළෙල සංවිධානය කරන්න මට උදව් කරන්න කියල. ගමගේ මහත්තය මට කියනව උත්සවය සංවිධානය කරන්න තියෙන්නෙ මාටින් වික්‍රසිංහයන්ගෙ මහගෙදරවූ කොග්ගල. මට ඔහු කියනව එහෙට ගිහින් එන්න කියල. ගමගේ මහත්තය ආපහු මට කියනව බන්ධු තනියම යන්න එපා. ගාල්ලෙ ටවුමෙ ඉන්නව ගාමිණී සමරරත්න කියල කෙනෙක්. එයාගෙ වෑන්එකේ එයත් එක්ක යන්න කියල. මම ඉන්නෙ ගාල්ලෙ කොටුවෙ බැංකුවෙ ගාමිණි ඉන්නෙ ගාල්ලෙ ටවුමෙ එයාටම අයිති තීන්ත සාප්පුවෙ. අපි දෙන්න එක්ක යනව ගාමිණීට අයිති 28 ශ්‍රී හයිඒස් වෑන් එකේ කොග්ගල. ගාල්ලෙ හිටියට අපි හදුනන්නෙ නෑ.... ඉස්කෝලත් දෙකක.... හැම අතින්ම අපි දෙන්න දෙන්නෙක්. අපි එකිනෙකා අදුනගන්නෙ ගාල්ලෙ ටවුමෙදි නෙමෙයි. මාගාල්ලෙ බුදුපිළිමෙ පහුවෙද්දි ගාමිණී දානව කැසට් එකක්. දෙයියනෙ මම කැමතිම සින්දු ඒකෙ තියෙන්නෙ.

    “වික්ටර් රත්නායකට ආසයිද....?” ගාමිණි මගෙන් අහනව
    “නැතුව.... මට ඕන සින්දුවක් පාඩම්.... මම සා ප්‍රසංගය 28 පාරක් බලල තියෙනව....” මම කියන්නෙ ආඩම්බරයෙන්
    “එච්චර නැතිඋනත් මමත් සෑහෙන් සා බලනව” ගාමිණී කියනව

    අපි මාගාල්ලෙ ඉදන් ගීත ගැන කතා කර කර යනව දිගට හරහට. කොග්ගල රේල් පාරෙ අනාරක්ෂිත හරස් මාර්ගය ලගදි තමයි අපේ කතාව නතර වෙන්නෙ. මොකද ගීතයක් හින්ද මොන පරිත්‍යාග කලත් මැරෙන්න බෑනේ.. රේල් පාර පැන්න විතරයි ආයෙත් සින්දු. එකම ගමක, නගරයක, ඉසව්වක හිටියට අපි දෙන්න හදුනගෙන හිටියෙ නෑ.... අදුන ගත්තත් අවුරුදු 30කට කිටුටුවෙන්න ඇසුරක් ඇති උනේ අපි වරුගනන් ගීත වින්ද හින්ද....”

    ........බන්ධුල නානායක්කාර වසම්........

    ගීත කියන්නෙ මහ පුදුම ජාතියක් මට හිතෙනව. සමහර ගීත අහනකොට මොනතරම් සුන්දර දෙයක් ලියවිල තිබුනත් ඇස්වලට කදුලු එනව..... ඇල්ඩියස් හෂ්ලි කියන මහා දාර්ෂණිකය නම් කියන්නෙ, ඒ ගලන්නෙ Tears of tenderness නැත්නම් මුදු මොලොක්භාවයේ කදුලුයි කියල..... සමහර ගීත අහද්දි රෝම කූප අංශක 90 ට හිටිනව. මේ මේ කියල අපි අනිත් අයට පෙන්නනව. මේක මහ විකෘතියක්ද කියලත් මට වෙලාවකට හිතෙනව. එහෙමනම් ඉතින් නඋෂාර්ඩ්ගෙ ඉදල රහුමාන්ගෙ වෙනකල්ම විකෘති වෙන්න ඕන. මේක ප්‍රකෘතියක් මට ආපහු හිතෙනව. හොද ගීතයක් ඇහුවම ඇඩෙන්න ඕන, හැගීම් සසල වෙන්න ඕන... අන්න ඒදේයි අද අපට අහිමි වීගෙන යන්නෙ .........
     
    Last edited:
    • Love
    Reactions: Yastysan