සුන්දර ගීයක ඇරබුම,..

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මගුලක් කියනවා :rofl: :P

    අඩෝ මම අලුතෙන් එන සිංහල සින්දු වලින් 1%ක් වගේ තමා අහන්නේ
    සිංහල අහනවනම් අහන්නේ මිල්ටන්, මිල්ටන් පෙරේර, ජෝති, ක්ලැරන්ස්, වික්ටර්, කපුගේ, ආත්මා ලගෙ සිංදු තමා :D

    මේ ඒක නෙවෙයි..පොඩි ගෙට් එකක් දාමුද කස්ටිය සෙට් වෙලා :rolleyes:

    මාත් එහෙම තමා..අලුත් පඟර නැට්ටන්ගේ ඒවා අහන්නේ බොහොම කලාතුරකින් ...

    දාමුකෝ බන් .. කියල වැඩක් නෑ.. මේ ටිකේ කම්මැලි කමෙන් ඉන්නේ !!
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,101
    16,868
    113
    මේ ගීතය අපේ යාළුවො කවුරුත් අහල තියෙන ගීතයක්නේ.... අර්ථයත් සරලවම ඔබට තෙරෙන්ව ඇති කියල හිතනවා... කාලයක්‌ තමන් සමග ප්‍රේමයෙන් වෙලී සිටි ආදරවන්තිය, වෙනකෙනෙක් එක්කල ආදරෙන් වෙලිල ඉන්න ආකාරය දකින පැරණි පෙම්වතාට ඇතිවන හැගීම, වේදනාව තමා මේ ගීතයෙන් කියවෙන්නෙ...

    ඉතින් මේ ගීතයේ නිදානකතාව තමා මම ඔබට දෙන්නට හදන්නෙ.... (මේ කතාව මාවෙත එවූ සෞන්දර්ය විශ්වවිද්‍යලයේ චරිත් සොයුරාට ස්තූතිවන්ත වන අතර ඔහු එය එවූ පරිදිම පලකරමි.)

    සුනිල් ආර්. ගමගේ නම් මේ ගීතයේ පද රචකයා සිය අත්දැකීම පවසන්නෙ මෙන්න මේ අයුරින්,

    මේක සත්‍ය. අත්දැකීමක්‌.... පාසල් කාලයේ සිටම පෙම්කළ දෙදෙනෙක්‌... අවසනයේ තේරුණේ විශ්වවිද්‍යාල දෙකකට... මේ පෙම්වතා මගේ ළඟම යහළුවෙක්‌... ඔවුන් පෙම්කළ කාලයේ පටන්ම මා සමීපව ඇසුරු කළා... ඒත්... විශ්වවිද්‍යාලයට ගියාට පස්‌සේ... තරුණිය වෙනස්‌ වුණා.. ඈ වෙනත් කෙනෙකු සමඟ පෙම්කරන්න පටන් ගත්තා.

    ඇය ඔහුට තුරුළුවෙලා පෙම්කරන අයුරු මගේ මිතුරා දැක්‌කා... ඔහු සමඟ ඒ අත්දැකීම ලබන්න මටත් සිද්ධ වුණා. අපි දෙන්නට නිතරම දකින්න ලැබුණා. ඔවුන් දෙන්නා පෙමින් වෙලී සිටින හැටි... මගේ මිත්‍රයා විඳින වේදනාව මට හොඳින් දැනුනා... ඒ වේදනාව තමයි මේ විදිහට පද පෙළකට ඇමිණුවේ... සුනිල් ආර්. ගමගේ සහෘදයා ප්‍රකාශ කළා.

    ඔබ පෙම් කරනා ඔබේ කුමාරී
    ඔබට ආදරේ කියනා අයුරින්
    පෙර දවසක මා පෙම් කරනා සඳ
    මටද ආදරේ කියා තිබේ...

    සාගර වෙරළේ සොඳුරු සෑඳෑවක
    රඟහල කෙළවර අඳුරු නිමේෂක
    අද ඔබ ළඟ ඔබ සනසාලන ඈ
    පෙර දවසක මා තුරුළට වී හිඳ
    මටද ආදරේ කියා තිබේ...

    සක්‌මන් මළුවක දෙපා ගෙවෙද්දී
    දොඩමළු පෙම්බස්‌ ගොළුවී යද්දී
    මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඈ
    සනහස සඟවා දෙනෙත නුරාවෙන්
    මටද ආදරේ කියා තිබේ...

    පද රචනය - සුනිල් ආර්. ගමගේ
    ගායනය/තනුව - විශාරද ගුණදාස කපුගේ

    මේ ගීතයේ තියෙන ලස්සන තමා පැරණි පෙම්වතා අමතන්නෙ සිය පැරණි පෙම්වතියට නෙමෙයි... ඇයගේ අලුත් පෙම්වතාට. හරියට අලුත් පෙම්වතාට අවවාදයක් දෙනව වගේ.... “යාළුවේ ඔයා ඔය ආදරේ කරන කාන්තාව මට එදා ආදරේ කලේ ඔයවිදියටමයි.... ඒත් එහෙම ආදරේ කරල මාව තනිකරල ඔයාගෙ ලගට ආවා” කියන්න වගේ... අළුත් පෙම්වතාට මේ කාන්තාව විශ්වාස කරන්න එපා කියල අවවාදයක් දෙනවද කියලත් වෙලාවකට හිතෙනව.....

    තවත් ගීතයක් තව ටිකකින්.........

    1.gif
    sasliit සහෝ ජයවේවා....!
    1.gif
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මචන්ලා
    මට මෙන්න මේ ක්ලැරන්ස් ගේ සිංදු වල නිධාන කතා හරි විචාරයන් හරි තියෙනවනම් දාන්නකො :D

    1. ඈත එපිට හිම කන්දෙන්
    2. සඳ එකක් දිනක් තරු හා ගිලී

    හරිම ලස්සන ගීත දෙකක් , තොරතුරු සෙවිය යුතුය... සුළු කාලයක් ලබා දෙන්න යාළුවේ.... :yes::yes::yes:
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    මාත් එහෙම තමා..අලුත් පඟර නැට්ටන්ගේ ඒවා අහන්නේ බොහොම කලාතුරකින් ...

    දාමුකෝ බන් .. කියල වැඩක් නෑ.. මේ ටිකේ කම්මැලි කමෙන් ඉන්නේ !!

    සෙට් වෙමු අපේ දහ පහලොස් දෙනා :D
    උබලට බොට්ල් එකක් එහෙම ගේන්න බැරියයි :P
    යුරාජයත් හොරෙන් ශොට් එකක් දායි :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මගුලක් කියනවා :rofl: :P

    අඩෝ මම අලුතෙන් එන සිංහල සින්දු වලින් 1%ක් වගේ තමා අහන්නේ
    සිංහල අහනවනම් අහන්නේ මිල්ටන්, මිල්ටන් පෙරේර, ජෝති, ක්ලැරන්ස්, වික්ටර්, කපුගේ, ආත්මා ලගෙ සිංදු තමා :D

    මේ ඒක නෙවෙයි..පොඩි ගෙට් එකක් දාමුද කස්ටිය සෙට් වෙලා :rolleyes:

    :yes::yes: මොකද කියන්නේ 4 වෙනිදට නිදහස සමරමුද......?? :D:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    සෙට් වෙමු අපේ දහ පහලොස් දෙනා :D
    උබලට බොට්ල් එකක් එහෙම ගේන්න බැරියයි :P
    යුරාජයත් හොරෙන් ශොට් එකක් දායි :lol:

    :angry::angry: හොරෙන් මොකටද බොල.....??

    සසලිටාවත් සෙට් කරගෙන, අපි සෙට් එක, නිදහස සමරමුද....?? වෙලාව සහ ස්ථානය PM මගින් කතා කරගමු......!! :yes::yes:
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    :yes::yes: මොකද කියන්නේ 4 වෙනිදට නිදහස සමරමුද......?? :D:D

    :angry::angry: හොරෙන් මොකටද බොල.....??

    සසලිටාවත් සෙට් කරගෙන, අපි සෙට් එක, නිදහස සමරමුද....?? වෙලාව සහ ස්ථානය PM මගින් කතා කරගමු......!! :yes::yes:

    නියමයි
    මම පී එම ක්ලියර් කරන්නේ නෑ :rofl:
    මූනුපොත හරහා දැනුම් දෙන්න :D :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සෙට් වෙමු අපේ දහ පහලොස් දෙනා :D
    උබලට බොට්ල් එකක් එහෙම ගේන්න බැරියයි :P
    යුරාජයත් හොරෙන් ශොට් එකක් දායි :lol:

    අලි අලි ..ගේන්නම් ..යුරාජ් ට බෝතල් ? ලොල් .. ඌ ට මුඩියෙන් එකක් දුන්නත් හාන්සි ... බොරු ටෝක් විතරයි ඕකගේ :rofl::rofl: ... දිනේ වෙලාව කියහන් :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    [FONT=&quot]“ගාමන්ට් කෑල්ල”, “ගාමන්ට් බඩුව” යනුවෙන් අප මුවින් ම නිතොර ගර්හාවට ලක්වන අපේ කාලයේ වීර දියනියක වන සන්නාලි සොයුරියකගේ ශෝකාන්තය හෙවත් මරා දැමු අහිංසකාවියක ගේ පළිගැනීමේ නිමිත්ත...........

    [/FONT] [FONT=&quot]වැරහැළි ඇද අඩු කුළියට සළු මැසුව කුමාරී...................[/FONT]

    [FONT=&quot]ගීතයට ප්‍රස්තූතය සපයන්නේ ප්‍රවෘත්තියක සිරස්තලයකි.[/FONT]
    [FONT=&quot]“ඇගලුම් සේවිකාව දූෂණය කර මාරා දමලා-පැළද සිටි කණ කර අබරණ ද අතුරුදන්”[/FONT]
    [FONT=&quot]ගීතය රචනා කළ රත්න ශ්‍රී විජේසිංහයන් මේ ප්‍රවෘත්තියෙන් ප්‍රලය වූ ආකාරයයි ඔබ මේ විදින්නේ........[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]වැරහැළි ඇද අඩු කුළියට සළු මැසුව කුමාරී[/FONT]
    [FONT=&quot]ඉදි කටුව අතේ ඇණුනා ‍ දෝ නිදන කුමාරී......[/FONT]
    [FONT=&quot]වැරහැළි ඇද අඩු කුළියට සළු මැසුව කුමාරී[/FONT]

    [FONT=&quot]තණ පළසේ බිම හොවින දිගාවී[/FONT]
    [FONT=&quot]ළැම කිණිසි තුඩක් ඇනුන කුමාරී[/FONT]
    [FONT=&quot]කණ කර ගලවා රැයට මුවාවී[/FONT]
    [FONT=&quot]මරු රැගෙන ගියේ කොයිද කුමාරී......[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]බිම යකඩ කදන් වලට මුවාවී[/FONT]
    [FONT=&quot]සුදු මිනී මලක් නඩුව කියාවී[/FONT]
    [FONT=&quot]සත් පතිණි මව්නු අවදිව ඒවී[/FONT]
    [FONT=&quot]උන් උදුරා ගත් සළඹ ගෙනේවි............[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ඇය, අඩු කුළියට සළු මසන්නීය. ඒ ඇගේ සහ පවුලේ දුහුනන් ගේ උදර පොහොණිය පිණිසමය. බඩට නොකා, වැරහැළි ම ඇද, රෑ නිදි වරා අමතර පැය ගනනක් සේවය කොට උපයා ගන්නා සොච්චමිනි මේ සොයුරියන් කණ කර පළදින්නට තනවන්නේ. දැන් ඇය නිදන්නේ සුරංගනා කතාවල එන ඉදිකටුව අත ඇනී ද? නැත. ඇය මේ දෙරණත හෙලා ඇත්තේ අධම, පාපතර මස් වැද්දෙකු විසිනි. මේ සිද්ධියෙන් ප්‍රකම්පනය වන රචකයා සිය සිත අස්වසන්නට තැත් කරන්නේ “නෑ ඇය නිදනවා” යන හැදීම සිතට ඒත්තු ගන්වන්නට වද දෙමිනි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]තණ පළසේ බිම හොවින දිගාවී[/FONT]
    [FONT=&quot]ළැම කිණිසි තුඩක් ඇනුන කුමාරී[/FONT]
    [FONT=&quot]කණ කර ගලවා රැයට මුවාවී[/FONT]
    [FONT=&quot]මරු රැගෙන ගියේ කොයිද කුමාරී......[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ඇය මරා දමා, වැර වෑයමින් උපයා සපයා ගත් කණ කර ද ගලවා ගත් මරු. රුයට මුවා වී ම පලා ගොසිනි. මේ පද වැල අප තුල සානුකම්පිත කම්පනයක් ඇති කරවයි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]බිම යකඩ කදන් වලට මුවාවී[/FONT]
    [FONT=&quot]සුදු මිනී මලක් නඩුව කියාවී[/FONT]
    [FONT=&quot]සත් පතිණි මව්න් අවදිව ඒවී[/FONT]
    [FONT=&quot]උන් උදුරා ගත් සළඹ ගෙනේවි............[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මේ අවනඩුවට රැහැණිව කිසිදු සාක්ෂියක් නොමැති බව රචකයා පවසන අන්දම බලන්න. නඩුව කියන්නේ මිනී මලකි. ඒ ද බිම යකඩ කදන් වලට මුවා වී ගෙනය. දුටු වුන් වුවද සාක්ෂි දීමට දක්වන මැළිකම, හදවත ට ගසන කිනිසි පහරක් සේ අප ගේ ඇස් අරවා පෙන්වීමට රචකයා සමත් ව සිටී. ඔහු ගේ අවසාන පැතුම, කුමරි දිවියට, පතිවතට තෙද වරම් සපයන පත්තිනි දේවිය හෝ මේ දියණිය ගේ උදුරා ගත් සළඹ ලබා දේවා යන්නය. මෙම රුදුරු උපමාව අප ගේ හදවත් තුල කරුණු දෙකක් මවා පායි. පලමුවැන්න, අවනඩුව කීමට ඇත්තේ දෙවියන් ම පමණක් බවය, එනම් නීතියේ ඇති දුර්වලතාවයයි. දෙවැන්න උදුරා ගත් සළඹ, එනම් ඇගේ කුමරි දිවිය නැවත ලබා දිය හැක්කේ දෙවියන්ට ම පමණක් බවය.[/FONT]
    [FONT=&quot]රත්න ශ්‍රී, වික්ටර් සහ කපුගේ යන මේ තුන්පත් රෑන මේ ගීයෙන් අපගේ හදවත් වෙත කරන මේ ශාන්තිකර්මය සොයුරනි, දෙනෙතින් නොව හදවතින් ම කදුළු ඉනීමට සලස්වන්නකි.වෙසෙසින් ම සදහන් කළ යුත්තේ වික්ටර් මේ ගීතය පසුබිමින් ඇසීමට සලස්වන, හදවත කීරි ගස්වන වයලීන කිහිපයක වාදනයයි. එය ඇත්තටම මේ ගීතය ශ්‍රවණය කරන්නාගේ හදවත තුළට ගිලී වැදෙන්නේ පිහි තුඩක් කිදී යන ආකාරයටය.
    [/FONT]

    [FONT=&quot]මෙවැනි ම හද තලා පෙලා කම්පා කරවන ගීතයකි, සුනිලුන් ගයන “රෑ වැඩ මුරය අවසන් වන කණිසමට” ගීතය. බන්දුල නානායක්කාරවසම් විසින් විරචිත ඒම ගීතය සස්ලිට් සොයුරා කලින් කී සේම ඔහු විසින් එහි අරුත් පසිදිනු ඇතැයි පොරොත්තුවැ හිදිමි.[/FONT]
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අලි අලි ..ගේන්නම් ..යුරාජ් ට බෝතල් ? ලොල් .. ඌ ට මුඩියෙන් එකක් දුන්නත් හාන්සි ... බොරු ටෝක් විතරයි ඕකගේ :rofl::rofl: ... දිනේ වෙලාව කියහන් :D

    :angry::angry: කෝල් එක Answer කරපිය......... :angry::angry: නැත්නම් ඉතින් ඩෙල් එකේ කී බෝඩ් එක ආවහම, මගේ ෆෝන් එකත්......... :dull::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තොපිට බෝතලේ මතක් කලොත් ආයෙ....................!!!!!!:angry::angry::growl::growl::nerd::frown:
    දන්න තරමින් විචාරයක් කොටන්නවත් එපා...........!!!!:growl::growl::dull::dull:
    වරෙව් කෝ..........ඉතිරි ටික තියනව නේ......!!!!!:angry::angry::growl::frown::frown::nerd:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    [FONT=&quot]මෙවැනි ම හද තලා පෙලා කම්පා කරවන ගීතයකි, සුනිලුන් ගයන “රෑ වැඩ මුරය අවසන් වන කණිසමට” ගීතය. බන්දුල නානායක්කාරවසම් විසින් විරචිත ඒම ගීතය සස්ලිට් සොයුරා කලින් කී සේම ඔහු විසින් එහි අරුත් පසිදිනු ඇතැයි පොරොත්තුවැ හිදිමි.[/FONT]
    ඔබගේ ගුරුහරුකම් මධ්‍යයේ තත් ගීයෙහි අරුත පසිදමින් සිටිමි...
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    තොපිට බෝතලේ මතක් කලොත් ආයෙ....................!!!!!!:angry::angry::growl::growl::nerd::frown:
    දන්න තරමින් විචාරයක් කොටන්නවත් එපා...........!!!!:growl::growl::dull::dull:
    වරෙව් කෝ..........ඉතිරි ටික තියනව නේ......!!!!!:angry::angry::growl::frown::frown::nerd:

    අපිටත් අවසර දෙනවැයි......! :P:P:P
     
    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    [FONT=&quot]

    [/FONT] [FONT=&quot]වැරහැළි ඇද අඩු කුළියට සළු මැසුව කුමාරී..................
    [/FONT]

    කථා දෙකක් නෑ.අද ලංකාවේ කිසිම රේඩියෝ චැනල් එකක ඉන්න එක ගෑණියෙක් වත් මිනිහෙක් වත් මෙහෙම සිංදුවක් තියෙනවද?කියලවත් දන් නෑ.
     
    • Like
    Reactions: dath kimbula

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    [FONT=&quot]

    [/FONT] [FONT=&quot]වැරහැළි ඇද අඩු කුළියට සළු මැසුව කුමාරී..................
    [/FONT]

    කථා දෙකක් නෑ.අද ලංකාවේ කිසිම රේඩියෝ චැනල් එකක ඉන්න එක ගෑණියෙක් වත් මිනිහෙක් වත් මෙහෙම සිංදුවක් තියෙනවද?කියලවත් දන් නෑ.
    එකගය...........නමුත් එකග නොවන තැනක් ද තිබේ.........
    "කිසිම රේඩියෝ චැනල් එකක ඉන්න එක ගෑණියෙක් වත් මිනිහෙක් වත් මෙහෙම......."
    මේවායේ මිනිසුන් හෝ ගැහැනුන් නැත. සිටිත් නම් මිනිස් සන්තානයට දැනෙන සියළු ම හැගීම් සහ සුඛ දුක්ඛ වේදනා දැනිය යුත්ය.
    දැන් ගුවන් විදුලි සේවාවල බහුතරයක් ගිරවුන්ය. පො** ගිරවුන්ය.........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    තොපිට බෝතලේ මතක් කලොත් ආයෙ....................!!!!!!:angry::angry::growl::growl::nerd::frown:
    දන්න තරමින් විචාරයක් කොටන්නවත් එපා...........!!!!:growl::growl::dull::dull:
    වරෙව් කෝ..........ඉතිරි ටික තියනව නේ......!!!!!:angry::angry::growl::frown::frown::nerd:

    :lol::lol: අයියන්ඩිය කලබල නොවන්න..... මෙහි විචාර කිරීමට නොපැමිනියත්, සියලු විචාරයන් කියවා රස වින්දෙමි...... :yes::yes:

    තවත් ගී ටිකකට, අපේ ක්‍රමයට විචාරීමට, නිදහස් දින සැමරීම යෙහෙකි......!! :yes::yes: