මිනිසා ඇතුළු ඕනෑම සත්වයෙක් සෑදී ඇති පංචස්ඛන්දය සංවේදී වන පරාසයක් පවතිනවා.උදාහරණයක් ලෙස අපේ කන් සංවේදී වන්නේ 20 Hz - 20 kHz අතරේ.අපේ ඇස ආලෝක තරංග පරාසයටත් අපේ සම අධෝරක්ත කලාපයටත් සංවේදී වෙනවා. ඒ වගේම අපේ සතු පංචස් ඛන්දයකුත් ශක්තියකුත් පවතිනවා. අපි කෙනෙක්ව දකින්නේ ඒ පුද්ගලයාගේ පදාර්තයයි. ඒ අපේ ඇස සංවේදී වෙන ආලෝක තරංග සංවේදී වෙන්නේ පදාර්ථයට නිසා. ඒ වගේම අපි අවට ඉන්න ජීවින් ට දැනෙන පරාස වෙනස්. ඒ ඒ සත්ව කොටස් වල පදාර්ථ පිහිටීමත් වෙනස්. ඒ වගේම අපි අවටත් අපේ ඇසට ගෝචර නොවන(පදාර්ථයක් නොවේ නම් ඇසට ගෝචර නොවේ) කනට නොඇසෙන ශක්ති විශේෂ අනන්ත ප්‍රමාණයක් තිබිය හැකිය.
අනිත් කාරණය අපි දන්නා මාන තුනට(දිග, පළල, උස) අමතරව තවත් මාන ඇති බව බටහිර විද්‍යාවද පිළිගනියි (මාන යන්න භෞතික විද්‍යාවේ භාවිත කරන වචනයක්) චතුර් මාන හා පංච මාන, ඒ වගේම අපි දකින්නේ ඇසින් පමණක් නොවෙයි. මනසින්ද දකිනවා. අසන්නේ කන් වලින් පමණක් නෙෙවයි . මනසින්ද අසනවා හැබැයි එහෙම වෙන්නට තරම් මනස දියුණු විය යුතුය. උදාහරණයක් ලෙස අපි ගාල්ල කොටුව ගැන සිතුවහොත් අපේ මනසේ රූපයක් ඇදෙනවා. හැබැයි ඒ වර්තමානයේ එම ස්ථානයේ පිහිටීම නොවේ. ඒ ස්ථානය පිළිබද අපිට තිබුණු මතකයක් පිංතූරයක් ලෙස පෙන්නවා. හැබැයි අපේ සිතට දකින දේ තේරුම් ගන්න පුළුවන් තරමට දියුණු කරලා තිබුනා නම් වර්තමානයේ තිබෙන ආකාරය දකින්නට පුළුවන. මෙලෙස දියුණු සිතකට පංච මානයම දැකීමට හැකියාවක් ඇත. මේ ආකාරයට එක් එක් සංක්යාත වල ජීවින් සිටිති.
අපි දන්නා මෙවන් ජීව කොටස් වෙන් වෙන් වශයෙන් සලකන බලමු
1.දේවතාවුන්වහන්සේලා.
ඉතා සියුම් ශරීර ඇත. මහත් වූ පෙර කුසල් බලයන් හේතු කරගෙන දිව්‍ය ආත්ම වල උපත ලබයි. බුදු දහමට අනුව දිව්‍ය ලෝක 6 ක්ද, බ්‍රහ්ම ලෝක 4 ක් ගැනද සදහන් වෙයි. ඒවා පියෙවි ඇසින් දකින්නට තරමක් අමාරුවනවා සේම එහි වසන දේවාතාවුන් වහන්සේලා දැකීමද අපහසුය.
නමුත් ගමන් කරන ආලෝක කදම්භ වශයෙන් දැකිය හැකි (දේවතා එලි) බවට විස්වාසයක් පවතියි, අනුමෝදම් කරන පින් ලබා ගැනීමට හැකියාවක් ඇත.
2. යක්ෂආත්ම
තරමක් ඝන සිරුරු ඇත. අපි දන්නා තරංග පරාස අතුරින් අධෝරක්ත (infared)කලාපයට අදාළ සංඛ්‍යාත දරයි. මෙවන් ආත්මයකට ලං වුනොත් තරමක උණුසුමක් දැනේ. විශේෂයෙන් චායාව දැකිය හැකිය. කණ්නාඩි තුළින් හොදින් දර්ශනය වේ. පෙර කුසල ශක්තිය අනුව විවිධ හැකියාවන් ඇත. අනුමෝදම් කරන පින් ලබා ගැනීමට පුළුවන.
මොවුන් අතර මලබිමේ උපන් යක්ෂයෝ නම් කොටසක් ඇත. අයහපත් වූ සිතුවිල්ලක් හේතු කරගෙන උත්පත්තිය ලබයි. අනුමෝදම් කරන පින් ලබා ගැනීමට හැකියාවක් නැත,මොවුන්ට පෙර ආත්මවල තිබු සම්බන්ධකම් මතක නැත.
යක්ෂ යැයි කියන අය ගේ සංඛ්‍යාත වල ශක්තිය වැඩි නිසා බෝතල් තුළ සිර කිරීමට නොහැක.
3. ප්‍රේතයන්/ කුම්භාණ්ඩයන්
අල්ප වූ කුසල කර්ම හේතු කරගෙන උත්පතියක් ලබයි. මොවුන් අවට සිහින් සීතලක් දැනෙයි. දුගදක් ඇත. ඇතැම් ප්‍රේතයන්ට අහරක් බුක්ති විදීමට අහාරය අසලටම යා යුතු උනත් ඊට වඩා කුසල් සහිත ප්‍රේතයින් එම ආහාරය ඊට වඩා දුර ඉදල බුක්ති විදියි. මොවුන් අයත් ශක්තිය අවශ්‍ය මොහොතක විශාල කාමරයක් තරමට විහිදුවාලීමට හෝ කුඩා කුප්පියක් තරමට හකුළුවා ගැනීමට පුළුවන. මෙනිසා මෙම සත්වයින් බෝතල් වල සිර කිරීමටද හැකියාවක් ඇත.
ඉදිරියේදී මේ සම්බන්ධව සවිස්තරාත්මකව කරුණු අනාවරණය කිරීමට බලාපොරොත්තු වෙමි.
මනුෂ්‍යන් ගැන විමසා බැලුවොත් ප්‍රේතයන්ටත් අන්ත වූ මිනිසුන්ගේ සිට ඉතාමත් උතුම් වූ මිනිසුන් දක්කවා වූ පරාසයේ විහිදී ඉන්න අය දකින්නට පුළුවන්. ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයට පත් වන්නේද සාමාන්‍ය මනුෂ්‍ය ලොකයේ මිනිසෙක්මය. උන්වහන්සේලා ලෝකයට පහල වන්නේ මෙවන් වූ උතුම් පරමාර්ථයකිනි. ‘‘බුද්ධෝහං බෝධයිස්සාමි, මුත්තෝහං මෝචයේ පරේ, තිණ්නෝහං තාරයිස්සාම්, සංසාරෝගා මහබ්භයා“ (තමන් විසින් බුද්ධත්වය අවබෝධ කරගෙන අන් අයට සත්‍ය අවබෝධ කරලීම පිණිසත්, තමන් මේ ඝෝර සසරෙන් මිදී අන් අය ඉන් මුදවාලීමටත්, තමන් මේ ඝෝර සසරෙන් එතර වී අන් අය එතෙර කරවීමටත්ය) එසේ පහළ වන උන්වහන්සේලාගේ පරම අරමුණ වන්නේ,
"සබ්බපාපස්සඅකරනං
කුසලස්සඋපසම්පදා
සචිත්තපරියෝදපනං
ඒතංබුද්ධානුසාසනං"
යනාදි ලෙසට සියලු පව් නොකිරීමද, කුසල් දහම් වැඩීමද, තම සිත පිරිසිදු කරගැනීමද, යන්න සියුලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.
-අංජන