එළකිරි භූත කොටුව.........

scylla4444

Active member
  • Jul 8, 2011
    496
    254
    43
    අත්දැකීමක් ලෙසට උපරිමයි!!


    කාටවත් බලෙන් විස්වාස කරන්න කියල නැ. හැබෙයි ටිකක් හොයල බැලුවොත් බෝදිලිමගේ වගේම තනි හාවාගේ ද කතා ගොඩක් හොයා ගන්න පුළුවන්
    තව දෙයක් කියන්න ඕනේ
    ඔය කියන ස්ථානයෙන් අදටත් ඔය වෙලාවට මම යනවා. හැබෙයි එදායින් පස්සේ නම් හමු වෙලා නැ.
    රොබට් අයිය මොකද කියන්නේ තනි හාවා ගැන


    අත්දැකීමක් ලෙසට උපරිමයි:cool:....... උඹ දැක්කේ හාවෙක් කියල විශ්වාසද??:rolleyes: (පොඩි උගුඩු පැටියෙක් ගහට නැග්ග වෙන්න බැරිද? ) (මම මේ කියන්නේ හිත ගැස්සිල තනියම ඉන්න කෙනෙක්ට තමුන්ගේ හෙවනැල්ලත් ඇති බයවෙන්න:dull:) කලු හාවෙක්ගේ සීන් එකක් ඇහුවමයි......... ඒත් කලු සතුන්ට යක්ශ ප්‍රේත දිස්ටි වැඩියි, කියල ප්‍රසිද්ධයි:growl::growl:...........

    උඹට ජය.....

    :frown:රොබොට් අයියා..
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥


    අත්දැකීමක් ලෙසට උපරිමයි:cool:....... උඹ දැක්කේ හාවෙක් කියල විශ්වාසද??:rolleyes: (පොඩි උගුඩු පැටියෙක් ගහට නැග්ග වෙන්න බැරිද? ) (මම මේ කියන්නේ හිත ගැස්සිල තනියම ඉන්න කෙනෙක්ට තමුන්ගේ හෙවනැල්ලත් ඇති බයවෙන්න:dull:) කලු හාවෙක්ගේ සීන් එකක් ඇහුවමයි......... ඒත් කලු සතුන්ට යක්ශ ප්‍රේත දිස්ටි වැඩියි, කියල ප්‍රසිද්ධයි:growl::growl:...........

    උඹට ජය.....

    :frown:රොබොට් අයියා..

    මෙහෙ සින්ගපුරුවේ හොල්මන් නිසා හොස්පිටල් එකක් එහෙමපිටින් වහල දාලා තියෙඅන්නවා. එක ගෙන කතා හේනට, changi hospital කිවම සමහර උන් වෙව්ලනවා. හවස් උනාම. ඒ කිට්ටිව්ව යන්න මෙහෙ උන් කැමති නැ.. :growl::growl:
     
    • Like
    Reactions: Ccssdd

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව


    dj ice cold
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif


    උඹ මට දාපු පලවෙනි රෙප්ලයි එක :P
    එල එල ඉක්මනට කතාවක් දාපන් කෝ :)
    ගමන සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කන්නෝ :D



    http://www.elakiri.com/forum/showpost.php?p=11817370&postcount=500

    http://www.elakiri.com/forum/showpost.php?p=11817650&postcount=503

    රොබොටාට කින්ඩි දමා පලක් නැත!!!!:D:P එතකොට මේ උඹේ ආච්චිද මට රිප්ලයි කළේ???:love::love::rolleyes::P

    මචන්, මොනමහරි ප්‍රශ්ණයක් අහල තියෙනවනම් උත්තරය දන් නෑ නම් "දන් නෑ" කියල හරි රිප්ලයි කරල ඇති;).......ත්‍රෙඩ් එකේ මම වැඩියෙන්ම කරල ඇත්තේ ප්‍රශ්ණ වලට උත්තර දෙන එකයි සහයෝගයට බම්ප් එකක් හරි අත්දැකීමක් හරි දාපු උන්ට ස්තූතිකරන එකයි:yes:.......... ඉතින් නාමිකව නොවුනත් උඹටත් ස්තූතිකරල තියෙනව..... හැම බම්ප් එකටම තනි තනියෙම රෙප්ලයි කලොත් ත්‍රෙඩ් එක චා වෙනව:(................

    මචන්, උඹ මොනවත් හිතන්න එපා.... මම මේ ඇවිත් තියෙන රිප්ලයි වලට
    ත් කීදෙනෙක්ට ලියන්නද කියල කල්පණාකරන්නේ.........:confused::confused:මුන්ගේ සහයෝගය දෙගොඩ තලා ගිහින්:love::love::cool::)..... ඉතින් රොබොට් අයියා ෆුල් රිලෑක්ස්;):rofl:.....


    ඒක නෙමෙයි, කො මේ අලිපැටියයි කිඹුලයි???
    කාලෙකින් දැක්කෙනෑ......... කට්ටියට බූත කොටුව එපාවෙලාද
    ත් මන්ද????:baffled::(


    ආ කට්ටියගෙන් තව පොඩි දෙයක් අහන්න හිටියේ......... හොඳට සිංහල දන්න කෙනෙක් මේකට උත්තර දෙන්න........
    මේකෙ නම එන්න ඕන "
    භූත කොටුව"ද "බූ කොටුව"ද??:confused:
    මට හිතෙන්නෙම "බූත කොටුව" කියල:rolleyes:...... එහෙම වුනොත් ත්‍රෙඩ් එකේ නම වෙනස්කරන විදියත් කියපියෝ;)...........


    :frown:රොබොට් පැටිය..... (තාම ඉපදිල දවසයි)


    හැපී බර්ත් ඩේ රොබෝට් අයිය :cool:
    පල පල :P
    රොබෝට් අක්කට කිව්වොත් උඹට නොඑන ගමන් යන්න වෙන්නේ :rofl:
    විහිළුවක් බං කරේ :sorry:
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    දෙන සහයෝගයට ගොඩක් තුති.......උඹට ජය.....

    මගේ මුල්ම කෙටීමට මේ වගේ අදහසක් දාල මාව දිරිමත් කල රොබට් අයියට මාගේ විශේෂ ස්තුතිය සහ ගෞරවය!!!:love::love::love:

    සුභ උපන් දිනයක් වේවා රොබට් අයියා!!! :yes:
    එකසිය විස්සට දෙසිය විස්සක් ආවඩා ආයුබෝ වේවා!!! :love:
    ......................................
    ගොඩක් දෙනා පහුගිය දවස් වල කතා කරලා තිබ්බ හෙණ රාජ තෛලය ගැන. කියල තිබුන කාරණා හැමදේම වගේ වටිනවා.

    මේ අස්ථිර ලෝකෙක කොහෙද ඉස්තිර දේවල් ?

    ආයිත් තව කතාවක් එක්ක හමුවීමේ බලාපොරොත්තුවෙන් සමු ගන්නවා අදට!!!

    භූත කොටුවට අපි :love:


    දීල තියෙන විස්තර වලට හා දාල තියෙන අත්දැකීම්, සුබපැතීම්වලට ගොඩක් ස්තූතියි:love::)

    දිගටම භූත කොටුවේ හොල්මන් කරයි කියල බලාපොරොත්තුවෙනව:);)......
    දෙන සහයෝගයට ගොඩක් තුති:love:.......

    උඹට ජය.....


    :frown:රොබොට් අයියා..


     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    සුභපැතුම් වලට ස්තූතියි......

    උදේ පාන්දර නිදි පදුරෙන්ම ආව බූත කොටුව පැත්තේ. කතා ගොඩයි. බූත කොටුවට කතා දාපු හැමදෙනාටම හදපිරි ප්‍රණාමය. එල කතා ටික මචන්ලා. මහසෝනා ගැන කතාවක් දාන්නම් අද හෙටම කොටන්න වෙලාවක් ලැබුන ගමන්. රොබෝට් අයියට උපන්දිනේට තෑගි බෝග ගොඩක් ලැබිල. සන්තෝසේ බැරුව අන්න අරෙහෙ උඩ පනිනවා බොලන්ලා. pm එකක් දාල wish කරාට ප්‍රසිද්දියේ කරන්න බැරි උනා. ඔන්න එහෙමනම් රොබෝට් අයියේ උඹට සුබ උපන්දිනයක් වේවා. උඹත් එක්කම මම දන්නා තව දෙන්නෙකුගේ උපන් දිනේ අද.



    එළ මචන්...... භූත කොටුවට දෙන සහයෝගය උපරිමයි:)...... සුභපැතුම් වලට ස්තූතියි...... ටච් එකේ හිටපන්........:love:;)

    උඹටත් ජය:):).....


    :frown:රොබොට් අයියා.

     

    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    සව්සිරි සැප ගෙනෙන විස්‌මය ජනක තෙල්

    ඔන්න භූත කොටුවට ලගකදි කොමෙන්ට් කරන්න බැරි වුනත් පොඩි කතාවක් දාන්න ඕනෙ කියල හිතුන.
    ගොඩක් කට්ටිය අහල තිබුන හෙන රාජ
    තෛලය ගැන
    මේක ගැන හොයද්දි (google දෙය්යාට පින් සිද්ද වෙන්න )හම්බ වුනා එල ලිපියක් .
    එහෙනම් බලපල්ලා...!!!
    :P:P:P

    Code:
    http://www.divaina.com/2011/10/21/naka03.html
    සව්සිරි සැප ගෙනෙන විස්‌මය ජනක තෙල්

    අප විසින් බොහෝවිට බෙහෙත් තෙල් වර්ග භාවිත කරනු ලබන්නේ විවිධ ලෙඩ රෝග සුව කර ගැනීම සඳහාය. දේශීය වෛද්‍ය ශාස්‌ත්‍රයේ මෙවැනි තෙල් වර්ග රැසක්‌ ඇත. මේවායින් වෙනස්‌ වූ ධනය, බලය, ශක්‌තිය, ආරක්‌ෂාව සලසන ගුප්ත ශක්‌තියෙන් අනූන මහ බලැති තෙල් වර්ග කිහිපයක්‌ද අප අතර පවතී. මේ ඒ පිළිබඳව කෙරෙන විමසුමකි.

    පැරැණි පුස්‌කොළ අතර ලියෑවුණ හෙනරාජ තෛලය, ඉරු දැපන තෛලය, රාජ තරංගනී තෛලය, දිව්‍යරාජ තෛලය, චින්තාමාණිකම් තෛලය, තෙයියෝරු තෛලය නාරනන්දනම් විෂ්ණුරාජ තෛලය හා නැණ නුවණ විස්‌මිත ලෙස වැඩි දියුණු කරන සරස්‌වතී තෛලය මේවා අතර මුල්තැනක්‌ ගනී. මෙම තෙල් භාවිත කිරීමෙන් රාජ තේජසත් බ්‍රාහ්මණයකුගේ නුවණත් සිටුවරයකුගේ ධන සම්පත්තියත් ලබාගත හැකි බව පැරැණි ලේඛනවල සටහන්ව ඇත. මෙම තෙල් වට්‌ටෝරු අතර මහා දේවකුමාර තෛලය නමින් වට්‌ටෝරුවක්‌ද ඇත. නොයෙක්‌ හාස්‌කම් දැක්‌විය හැකියෑයි සඳහන් එම තෙල් වට්‌ටෝරුව අනෙකුත් සිංහල තෙල් වට්‌ටෝරුවලට බෙහෙවින් වෙනස්‌ එකකි. එය ආඬි ගුරුන් විසින් සිංහල තෙල් වට්‌ටෝරු අවුල්කිරීම සඳහා යෙදූ උපක්‍රමයක්‌දැයි සැක පහළ වේ.

    මේවා අතරින් වඩාත් ජනතා අවධානය දිනා ඇත්තේ හෙනරාජ තෛලයයි. හෙනරාජය පළඳින අයකුට වෙඩි නොවදින බවට තද විශ්වාසයක්‌ පවතී. උතුවන්කන්දේ සරදියෙල් සතුව එවැනි තෙල් සුරයක්‌ තිබුණ බවත් ඔහුට වෙඩි වැදුණේ එහි බලය බිඳී සුරය පුපුරාගිය පසු බවත් ජනප්‍රවාදයේ එයි. තවත් ඇතැම් අය සතුවද හෙනරාජතෙල් පැවැති බවට කතා තිබුණත් පසුව ඒවා ව්‍යාජ ඒවා බව හෙළිවී ඇත.

    සැබෑ හෙනරාජ තෛලය සකස්‌කර ගැනීම සඳහා ඇත්දෙමට, වෙනිවැල්ගැට, පතන්පෙති, අංකෙන්ද වැනි ඖෂධ වර්ග රාශියක යුෂද තිපල්, ලසුනු, රත්සඳුන් ආදී බේත් රැසක කල්කද යොදා සුපිරිසිදු මඩුවක වියන් වලුමල් බැඳ සරසා පිරිත් මංත්‍රා පුරමින් පැඟිරි හෝ කුරුඳුÊදරින් තෙල් සිඳගත යුතුය. මෙහිදී සුවිශේෂ ගැටලුවක්‌ මතුවේ. මේ තෙලට කල්ක යෙදීමේදී "අක්‍රමදුක දෙවුදුරුද උපුල්කොල ත්‍රිවර්ගත් කඟවේන අඟිත්" කියෑවෙන තැන කඟවේන අං සොයාගත නොහැකි වීමයි. කඟවේනා මනඃකල්පිත සතකු ලෙස සැලකෙන අතර කඟවේනකු මේ දක්‌වා කිසිවකුට හමුව නැත. මේ වෙනුවට තෙලට ගවර අං යොදනු ලැබේ. එවිට තෙලෙන් අපේක්‌ෂිත ප්‍රතිඵල නොලැබේ. එහෙත් එය වළක්‌වාගෙන තෙල නිසිපරිදි බලගැන්වීමට නිසි පරිදි පුද පූජා තබා මන්ත්‍ර ජප කිරීමෙන් පුළුවන.

    එසේ බලගැන්වූ හෙනරාජ තෛලය රෝග සුවයට මෙන්ම විවිධ හපන්කම් කිරීමටද යොදාගත හැක. ඉන් සමහරක්‌ මෙසේය.



    වදන්ඩ බැරිවන හිරවැලකුත් සහ කළොත් යමෙක්‌ වාද මෙලෙසින්

    තුවක්‌කු හිර සහ බන්ධන අවහිර පොඩිවෙයි හෙන පිපුරුන විලසින්

    ආවුදවල සහ ඇඟේද ගාගිය ගජරැළ සිහ විලසින් දඩයන්

    ගලක්‌ පිපුරු ලෙස වැලකුන්හිර පොඩිවෙයි කළවුන් ඇස්‌ පිපිරීමෙන්



    මේ තෙල් පිරිසිදු විලසින් ගාගිය රාජසබෙන් දිනවා දෙන්නේ

    කැපුම් කෙටුම් සහ අවිසැර දුනුසැර වෙඩි සැර නොවදී දැනගන්නේ

    වගවලසුන් දිවි ගජ විස ගොර සපු කුලමදයින් ළං නොවදින්නේ

    පිසසුන් යක්‌බය අකල් මරණයද රාජ උදහසුත් නොවදින්නේ



    යක්‍ෂ හොල්මන් බැල්ම ඇති තැන පහන් අවුළනු ලසින්නේ

    සීන සොල්මන් නොයෙක්‌ උවදුරු හැරදමා යකු දුවන්නේ

    සෑම යක්‌බිය දොaෂ ඇත්නම් මදට බෙර කන හෙළන්නේ

    දීර බල ඇති එඉසිවරයෝ දෙසූ බස්‌ බොරු නොවන්නේ



    ඉනා බන්ධන බෙහෙත් ජීවම් බුලත් මැතුරම් බන්ධනත්a

    යන්ත්‍ර මන්ත්‍රා වැල්ද ඉරිපැන රූප කටුගැසු අවහිරත්

    දෙවොල් පුනා නැකැත් හින්මර යොදා කළ දඬු මරණයත්

    මෙකී දේ දුරුකරන යමයෙකි හෙනරාජ මේ තෛලයත්



    මෙහි සඳහන් පරිදි හෙනරාජ තෛලය භාවිත කිරීමෙන් සියලු සතුරු උවදුරු නසා අනතුරු සියල්ල වළක්‌වාගෙන තමා බලාපොරොත්තුවන සියලු ජයග්‍රහණ හා සැප සම්පත් ලබාගැනීමටත් සියලු ආරක්‌ෂාව සලසා ගැනීමටත් හැකියාව තිබෙන බව පෙනේ.

    මෙවැනිම බලයක්‌ ඉරුදැපන තෛලයටද තිබේ. ඉර දැපන කළහැකි බැවින් මේ නම ලැබී ඇත. මෙම තෙල සිඳගැනීම සඳහාද ගන්සූරිය, ඉරිවේරිය සපුමල් නාමල් එළබිම්කඹුරු ආදී ඔසු වර්ග රැසක්‌ අවශ්‍ය වේ. කෙම්මුර දිනක මල් බුලත් තටු සහිතව පිරිත් මණ්‌ඩපයක්‌ තනා මන්ත්‍ර පිරිත් පුරවමින් ඇදුරා බමුණකු විලස සැරසී තෙල් සිඳගත යුතුය. තෙල සිඳෙන කල නොයෙක්‌ හොල්මන් ඇතිවේ. සිඳගත් තෙල නිසි පරිදි ජපකරගත යුතුය. එසේ බලගැන්වූ තෙල දෙවුර නළල ගා ගියකල ඕනෑම කෙනකු වසඟ වේ. බෝල හින්මර යමකාල අංගම් කාලම් මල්සැර ගිනිසැර වෙඩි සැර නොවදී. සිතූ දේ ඉටුවේ. ලොවම වසඟ වේ. මේ ඒ තෙලේ බලය කී සැටියකි.



    සතුන් මොක්‌පුර හරින බුදුරැස්‌ එදා බෝමුල දී සුගත්

    මෙතුන් ලොව සැම සතුන් ගලවා ඉසිහු කිව්වා බොරු ෙ නාවෙත්

    කතුන් දැපනේ ඉනා කරවයි බුලතලා සුනු දීපු වොත්

    උතුන් නාමය නොකිය වියතුනි ඉරු දැපන තෛලය තමත්

    ලොවම වසඟකර සිතූ පැතූ සැපත් දිනාගත හැකි මහත් බලයක්‌ සහිත රාජතරංගනී තෛලය හෙළවෙද සතර හා ගුප්ත විද්‍යාව එකට එක්‌වූ තැනකි. මේ තෙල සිඳ ගැනීමට සැවැන්දන, ඉරිවේරිය, වම්මුතු පලොල් විෂදූවිලිය ආදී ඔසුවර්ග රැසක්‌ යොදා ගැනේ. තැඹිලි තෙල්, අබතෙල්, නිඹතෙල්, තලතෙල් ආදී තෙල් වර්ග හා දෙසඳුන්, ඉඟිනි, ගෝරෝචන, රන්, රිදී, තඹ, සුනු, කඟවේන අං ආදී ඔසුවර්ගද අවශ්‍ය වේ.

    මේ තෙල පදමට සිඳෙන විට යකුන් පැන දුවන බවත් ඇදුරා පිස්‌සුවන බවත් කියා ඇත. වට රැකවල් යොදා නියමිත පූජා විධි පවත්වා සිඳගත් තෙල් රන් හෝ රිදී බඳුනක වක්‌කර පිරිසිදුව මන්ත්‍ර පුරවාගත යුතුය. එසේ බලගැන්වූ තෙල් ඉරපායා එනකල සුරතගල්වා ඉරට පෑ කල සත් පැයකට ඉර දැපනය වේ. එවිට තෙල බලගැන්වී ඇත. මේ තෙලෙහි බලය හා අනුහස මෙසේය.


    සියලු සතුන්ගේ රෝදුක්‌ නැස්‌මට ඉසිවරු වදහළ මේ පනතේ

    උතුම් මෙතෛලය ගෙන වැළඳුවොත් අමු ඇටයක්‌ පමණ ඇතේ

    මෙකී සියලු ලෙඩ පිළිකා උදරද පිස්‌සු විකාරක්‌ ගුණ කරතේ

    යොදුන් ගණන් පිසාචයෝ දුව පැනලා ගම ඇරලා නොසිටයතේ


    බලන්නටනම් බහිරවයකු සිටිනා ගලක නිධානක්‌ දුටු කැනෙකා

    රාජතරංගනි තෛලේ ගෙන ගොස්‌ ගල පිටලූ කල දුවති යකා

    මෙලෙසින් වද කළහොත් ඒ තුන් දින නිධානයට මුර සිටිය යකා

    ආලෙස වෙසමුනි බසින් සලිතවී නොසිටම දුවති එතනින් යකා


    යකුහැර ගියකල ලකුණු තිබෙන තැන ගිනි මොළවනු එහි පැඟිරි දරින්

    එළකිරි නැළියක්‌ සහමේ තෛලෙන් කලඳක්‌ ගෙන ලනු එගිනි ගොඩින්

    තුන් බඩයක්‌ යට ලෙළදී මතුවෙයි අකුණ ගැසී හෙනයක්‌ විලසින්

    මදකුත් බොරුනැත ඉසිබස්‌ දැනගත් රාජතරංගනි මේ තෛලෙන්


    කැපුන් කෙටුන් වෙඩි ඊසැර නොවදින බවට කියමි ලකුණක්‌ එවරේ

    තෙලෙන් ටිකක්‌ ගෙන පුවකේ ගාලා කැපුවොත් මුව අතත් දෙයි ගිරේ

    එයින් තිලකලංගියහොත් සබයට රාජ සබට කරුණාව කෙරේ

    සොඳින් රාජකරුණාලැබ දින දින අඳුරට ඇවුලු පාන යුරේ


    සොල්ලා දෙරණත දන්නා තෙක්‌ වින කළහොත් සැක නොවෙමින් යාළ

    අල්ලා සැමරට විඡ්ජාවෙන් ජය ගෙන එන දසඅත කල්ලූ

    ගල්ලා මේ තෙල සතුන් සියලු දෙන පිල්ලිද අංගං නොවදීලූ

    කලාමැදිරි සේ පෙනෙයි සතුන්හට නොවදී උණ්‌ඩ ආපසු වදිලූ


    මෙතෙලින් මංචාඩියක්‌ කිරාගෙන එළකිරි එකතුව බොන්න යොදා

    දරුවන් නැති වඳ අඟනන් කුසයට දීපන් සත්රුවක්‌ සාදා

    සැපතින් රූබර එපුතුන් එකලට ලබමින් දසමාසිත් මේදා

    කියමින් ඉසිවර පනතින් මෙලොවට දෙසමින් රංගිරි තෛලෙ එදා


    ඉසුරෙන් ඉඳ එනරන් දූ කෙළිමින් ජයගන්නට පැමිණි කලා

    මෙතෙලින් තිලකය ලාගෙන ගිය නම් සොඳ ලෙස දිනමින් සතුටුවෙලා

    මසුරු සැම දූ කෙළියෙන් තමහට ගනිමින් සිතයට ප්‍රීති වෙලා

    ඉසුරෙන් සහ දූකෙළියෙන් ජයගෙන සැණෙකින් එයි දුව පසු නොබලා

    මෙවැනිම වූ ආනුභාවසම්පන්න තෙලකි දිව්‍යරාජ තෛලය. එය සර්වජන වෛශ්‍යාවකි. තෙල නළල තිලකදී යුද්ධයට ගිය කල සතුරෝ පැරද පලායති. අංගම් පොර දිනත්, සතුරෝ මිතුරුවෙති. තෙල ගෑ තැන සුවඳ ගව්වක්‌ පැතිරේ. යක්‌ෂ ප්‍රේත, භූතයෝ පැන දුවති තෙල තිබෙන තැනට සම්පත් වැහි වසී. කිලි නොවදින සේ රැකගත යුතුය.

    තමාගේ බලාපොරොත්තු ඉටුකරන හැමදෙනා වසඟ වන විපත්, කරදර, ග්‍රහ අපල, යක්‌ෂ භූත කරදර, අනවින ලෙඩදුක්‌ දුරුකර ආරක්‌ෂාව, ධන සම්පත් තනතුරු ලබාදෙන චින්තා මාණික්‍ය තෛලයද මේ හැම සමග දේව ප්‍රසාධනයද ලබාදෙන තෙයියෝරු තෛලයද විෂ්ණු දෙවියන් දේශනාකළ නාර නන්දනම් විෂ්ණුරාජ තෛලයද මෙවැනිම බලවත්වූ තෙල් කිහිපයකි. මේ කවිය විෂ්ණු රාජ තෛලය පිළිබඳ වූවකි.

    මෙලක්‌දිවට තෙද අධිපති මේ තෙල විෂ්ණු දෙවිඳු සිට පවසන්නේ

    සලක්‍ෂයක්‌ ලොවනරයින් සැමටම මේතෙල පිහිටකි දැනගන්නේ

    කෙළක්‌ සතුන් සමගව සිට ඉල්ලුව නොදෙව්ව තෙල පිටතට යන්නේ

    මෙලක්‌දිවට එවු නාරනන්දනම් විෂ්ණු රාජ තෛලය දන්නේ

    සැප සම්පත්, බලය, ශක්‌තිය, ආරක්‍ෂාව පමනක්‌ නොව නැන නුවණ, උගත්කම ලබාදීමේ බලයක්‌ද තෙල්වලට ඇත. සරස්‌වතී තෛලය එබඳු තෙලකි. වීදාගම මහනාහිමි සතුව තිබූ සරස්‌වතී තෛලය පමණ ඉක්‌මවා රහල් හිමි පානය කර අනතුරට පත්විය. සුවය ලැබූ එතුමෝ නුවණින් හා මතක ශක්‌තියෙන් අගතැන්පත්විය. ඒ තෙල් වට්‌ටෝරුවද අප සතුව පවතී. නමුත් සරසවි තෙල් කිහිපයක්‌ අතර එය සඟවා තිබේ.

    නිවැරැදි සරස්‌වතී තෛලය නිවැරැදිව සිඳගෙන නිසි පරිදි ජපකර ගත්විට දිව්‍යමය මතක ශක්‌තියක්‌ ලැබේ. නා පිරිසිදුව අශ්වලෝමයෙන් තෙල් දිවගාගත යුතුය. තෙල විෂ සහිත නිසා විෂ නැසීමට අවශ්‍ය ප්‍රතිකර්මද කළ යුතුය. මෙම තෙල භාවිත කිරීමෙන් කටහඬ මිහිරි වේ. පුදුම මතක ශක්‌තියක්‌ ලැබේ. එක්‌ වරක්‌ ඇසූදේ මතකහිටී. බලය, නුවණ වැඩේ. ආරක්‌ෂාව සැලසේ. ශ්‍රියාව වැඩේ.

    මෙහි දැක්‌වුණේ ගුප්ත බලැති තෙල් වර්ග කිහිපයක තොරතුරු පමණි. එහෙත් මේ කිසිවක්‌ වර්තමානයේ භාවිත වන බවක්‌ නොපෙනේ. ඒ නිසා මේවා ප්‍රලාප ලෙසට යමකුට තර්ක කළ හැක. එසේ වුවද පැරැණි ලක්‌දිව මේවා භාවිත නොකළානම් මේ දක්‌වා මෙම තෙල් වට්‌ටෝරු පැවැත එන්නේ නැත. මහ පැරකුම්, විජයබා, රාජසිංහ වැනි ප්‍රතාපවත් රජවරු, දෙවැනි පැරකුම්, සිරිරහල්, වීදාගම, වෑත්තෑව වැනි මහ පඬිවරු දැයට ඉමහත් සේවයක්‌ සැලසීම සඳහා මෙවැනි දේශීය උරුමයන්ගේ පිහිටද ලබා නොගත්තා යෑයි කිව හැකිද? විදේශීය බලපෑමට නතුව දේශීය උරුමයන් හැර දැමීමේ විපාකයක්‌ ලෙස අද අපට එදා මුතුන් මිත්තන් පෑ දස්‌කම් දැක්‌විය නොහැකිව ඇත. ඒ නිසා මෙවැනි දේ ගැන අප වඩාත් විමසීමෙන් යුතුව බැලීම කාලෝචිත වන දෙයකි. එවිට මෙයින්ද වැඩක්‌ ගත හැකි වනු ඇත.


    :D:frown::frown:
     
    • Like
    Reactions: ♥-Aurora-♥

    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    රොබාටත් සුබ උපන්දිනයක් වේවා ...........!!!!!!
    ඒ වගේම මේ භූත කොටුවේ කතා දාල තියෙන හැමෝම මැක්සියට කතා දාල තියෙනව .
    කොල්ලනේ දිගටම ලියපල්ලා.. එලකිරි.....!!!
    ජයවේවා .....!!!!
    11.gif
    11.gif
    11.gif
     

    dm_anjana

    Member
    Dec 20, 2011
    77
    14
    0
    අත්දැකීමක් ලෙසට උපරිමයි:cool:....... උඹ දැක්කේ හාවෙක් කියල විශ්වාසද??:rolleyes: (පොඩි උගුඩු පැටියෙක් ගහට නැග්ග වෙන්න බැරිද? ) (මම මේ කියන්නේ හිත ගැස්සිල තනියම ඉන්න කෙනෙක්ට තමුන්ගේ හෙවනැල්ලත් ඇති බයවෙන්න:dull:) කලු හාවෙක්ගේ සීන් එකක් ඇහුවමයි......... ඒත් කලු සතුන්ට යක්ශ ප්‍රේත දිස්ටි වැඩියි, කියල ප්‍රසිද්ධයි:growl::growl:...........

    උඹට ජය.....

    :frown:රොබොට් අයියා..

    hodatama wiswasayi robet ayiye. e wele kisima hithe gassimak thibune na. siddiya unata paase nam thigassmak awa.:rolleyes::rolleyes:

    hodatama thigassma awe wisthra dana gaththata passe.
    :frown::frown:
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    අලුත් යමක් ඉගෙනගත්ත

    යක්ෂ උදවිය වැනි ඇසට නොපෙනන අයත් එක්ක සෙල්ලම් කරන අය අනිවාර්යයෙන්ම දැන් ගන්න ඕනේ කෙනෙක්:D:D

    ලංකාවේ අලුත්නුවර යයි පැවසු විට නොදන්නා කෙනෙක් නොමැති තරම් ය.ශ්‍රී ලාංකීය දේව ඇදහිලි අතර දැඩිමුන්ඩ දෙවියන්ට සුවිශේෂ තැනක් හිමිය.

    දැඩිමුන්ඩ දෙවියන්ද සම්බුදු සාසනයේ ඉන්නා බුදු දහම පිළිගන්නා දෙවි කෙනෙක් වේ. දෙවියන්ව පලතුරු වට්ටියකට කුලියට ගැනීමට නොහැක. එ අපිට වඩා කුසල් ශක්තියක් ඇතිව සිතු පතු සම්පත් සහිතව උපත ලබා ඇති බැවිනි.නමුත් පෞද්ගලික හිතවත් කමක් ඇත්නම් උදව්වක් ඉල්ලීම නම් අසාදාරණ නැත.


    අලුත් යමක් ඉගෙනගත්ත:)...... ස්තූතියි අපව දැනුවත්කිරීම ගැන:)......

    ටච් එකේ හිටපන්;)......

    :frown:රොබොට් අයියා..




     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    ලස්සන කෙල්ලෝ ඇප්ලයි කරත්වා......

    ආහ්හ්හ්හ්හ් මටත් පොඩි සීන් එකක් මතක් උනා ... මේක උනේ අපි A/L කරල රිසල්ට්ස් එනකන් රස්තියාදු ගහපු කාලෙ :P ... ඒ දවස් වල අපේ ගෙවල් පැත්තෙ ගෑනියෙක් බෙල්ල වැල දා ගෙන මැරුණ...................

    වැඩේ කියන්නෙ ඊළඟ දවසෙ මම අපේ එවුන්ට නිකමට සීන් එක කියද්දි අර තනියෙන් ඉන්න එකත් ඒ වගේම එකෙක් දැකල බයවෙලා
    ... :baffled:

    PS: එදයින් පස්සෙ නම් අද වෙනකන් එහෙම විශේෂ සිදුවීමක් උනෙත් නෑ :oo:
    :frown:
    ඇම්. එල්


    අත්දැකීම බෙදාගත්තට ස්තූතියි:)...... ඔය වගේ සීන් මටත් අනන්තවත් වෙලා තියෙනව:baffled:.......

    බුදුඅම්මෝ....... මටනම් දැන් ඇතිවෙලා:(:baffled::baffled:........ රිප්ලයි කරල කරල පන ගියා:baffled:..... මම බිසී මචන්ලා, ඉඩ තියෙන විදියටයි කොටන්නේ.........:dull: කවුරු හරි ලියපු දෙයකට මම කමෙන්ට් කරල නැත්නම් සමාවෙන්න ඕන:dull:.... මට මේකට වැඩි කාලයක් යොදවන්න බෑ...... අනික් දේ, මේ නිසා මට අත්දැකීමක් කොටන්න යන වෙලාවත් පහුවෙනව......:(

    රොබොට් අයියට සෙකට්‍රි නංගියෙක් ගන්න කාලෙ හරිවගේ:):love::love:......

    ලස්සන කෙල්ලෝ ඇප්ලයි කරත්වා:love::love::love:......
    උම්
    ම්මා.................. kIs.... kIs!!:P:love:


    :frown:රොබොට් අයියා..
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    අත්දැකීම බෙදාගත්තට ස්තූතියි:)...... ඔය වගේ සීන් මටත් අනන්තවත් වෙලා තියෙනව:baffled:.......

    බුදුඅම්මෝ....... මටනම් දැන් ඇතිවෙලා:(:baffled::baffled:........ රිප්ලයි කරල කරල පන ගියා:baffled:..... මම බිසී මචන්ලා, ඉඩ තියෙන විදියටයි කොටන්නේ.........:dull: කවුරු හරි ලියපු දෙයකට මම කමෙන්ට් කරල නැත්නම් සමාවෙන්න ඕන:dull:.... මට මේකට වැඩි කාලයක් යොදවන්න බෑ...... අනික් දේ, මේ නිසා මට අත්දැකීමක් කොටන්න යන වෙලාවත් පහුවෙනව......:(

    රොබොට් අයියට සෙකට්‍රි නංගියෙක් ගන්න කාලෙ හරිවගේ:):love::love:......

    ලස්සන කෙල්ලෝ ඇප්ලයි කරත්වා:love::love::love:......
    උම්
    ම්මා.................. kIs.... kIs!!:P:love:


    :frown:රොබොට් අයියා..



    හිටපන්කෝ උඹට දෙන්න වැඩේ :P
    එක්කෝ මන උඹේ මැනේජර් වෙලා සේකට්‍රි අක්කල ටික මම හැන්ඩ්ල් කරන්නද :)
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    එළකිරි භූත කොටුවේ 100 වෙනි පිටුවට මාගේ සුබ පැතුම්!
    තව සිය ගණනක් පිටු එකතු වේවා කියා පතමි :)


    congratz-1.gif
     
    Last edited:

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    මම දැනගත්ත උඹ ටාං ගාල ෆෝම් වෙයි කියල......

    හිටපන්කෝ උඹට දෙන්න වැඩේ :P
    එක්කෝ මන උඹේ මැනේජර් වෙලා සේකට්‍රි අක්කල ටික මම හැන්ඩ්ල් කරන්නද :)

    මම දැනගත්ත උඹ ටාං ගාල ෆෝම් වෙයි කියල...... lolzzzzzz:lol::lol::lol::lol::lol::lol:

    නෑ නෑ මමම කෙල්ලො ටික හැන්ඩ්ල් කරගන්නම්:lol:.......... උඹේ ඉතිහාසේ හොඳමදි:baffled:....... මම බලන් හිටියේ:nerd:........ එල්ලිල මැරිච්චි එකියෙකුටත් ට්‍රයි:rofl:..... ඉතින් තව මොන කතාද???

    තූ තෝ............... ලොල්zzzz :lol::lol: තොට ගිනියම..... සෙකට්‍රිල හරියන් නෑ, හොල්මනක්ම තමයි හොඳ:growl::love::growl:


    :frown:රොබොට් අයියා
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    ස්තූතියි මතක්කලාට

    ♥-Aurora-♥;12013480 said:
    එළකිරි භූත කොටුවේ 100 වෙනි පිටුවට මාගේ සුබ පැතුම්!
    තව සිය ගණනක් පිටු එකතු වේවා කියා පතමි :)


    congratz-1.gif



    හප්පේ....... දවස් පහකට පටන්ගත්ත භූත කොටුව පිටු 100ක් පුරවලාද???:shocked::shocked: ස්තූතියි මතක්කලාට:love:......... රිප්ලයිස් 997යි හිට්ස් 36174........ හොඳයිදත් මන්ද:rolleyes::dull:....... හදිස්සියක් නෑ.......... හෙමිහිට ඇදන්යන්:).......

    භූත කොටුවත් එක්ක ඉන්න ඔක්කෝටම ස්තූතියි:love::love:

    :frown:රොබොට් අයියා...
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මම දැනගත්ත උඹ ටාං ගාල ෆෝම් වෙයි කියල...... lolzzzzzz:lol::lol::lol::lol::lol::lol:

    නෑ නෑ මමම කෙල්ලො ටික හැන්ඩ්ල් කරගන්නම්:lol:.......... උඹේ ඉතිහාසේ හොඳමදි:baffled:....... මම බලන් හිටියේ:nerd:........ එල්ලිල මැරිච්චි එකියෙකුටත් ට්‍රයි:rofl:..... ඉතින් තව මොන කතාද???

    තූ තෝ............... ලොල්zzzz :lol::lol: තොට ගිනියම..... සෙකට්‍රිල හරියන් නෑ, හොල්මනක්ම තමයි හොඳ:growl::love::growl:


    :frown:රොබොට් අයියා



    අනේ පිස්සුද බං සේකට්‍රි අක්කල හොඳට බලාගන්නන් :sorry: