සුන්දර ගීයක ඇරබුම,..

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මෙයත් අසාධාරණයයි කියමි. ගීතයක ගෞරවය ඒ ගීතය සදහා වාදනයෙන් සහය වූ වාදන හිල්පීන්ට සහ ගීතය මනාව පටිගත කළ ශබ්ද පරිපාලකවරයා වෙතද හිමිවිය යුතුයයි හගිමි.:nerd:
    අනිව .... ගායකය උඩ පෑන පෑන කියුවත් ශබ්ද පරිපාලක බුලක් ගෑහුවොත් සින්දුව ඉවරටම ඉවරයි...
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    විවහ වු යුවලක් දකින සොදුරුතම සිහිනය කුමක් දැයි ඇසුවොත් නිතැතින්ම මුවගට නැගෙන්නේ සිගිත්තෙකුගෙ මුහුන බැලිමයි.මවගෙ කුසේ දරුවකු පිලිසිදගත් බව දැනගත් මොහොතෙ පටන් මවත් පියත් ක්‍රියා කරන්නේ ජීවිතයේ මෙතුවක් ගතකල ආකාරයට නොව සපුරාම වෙනස් ආකාරයකටයි.පියෙකුගේ එකම පැතුම වන්නෙ කිසිදු කරදරයින් තොරව සිය
    බිරිදට නිරෝගි දරු උපතක් සිදු විමයි.සිය බිරිදගෙ ගර්භණි කාලය පුරාම ඇයව රැක බලා ගනිමින් ඇයගේ සියලු ආශාවන් නොපිරිහෙලා සපුරමින් පියා වෙහෙසෙන්නෙ සිය බිරිදත් දරුවාත් දෙදෙනාම රැක ගැනිමටයි. බිරිදට විලිරුදාව ඇතිවෙලා රොහල් ගත කල පසුව පියෙකුගේ මානසිකත්වය ඔබට සිතා ගත හැකිද තව මොහොතකින් තමා වෙත ලැබෙන ආරංචිය කුමක් දැයි සිතමින් ඔහු දස දහස් වර මැරි මැරි උපදිනවා තමන්ගෙ බිරිදට දරුවෙක් ලැබුන බව බිරිදයි දරුවයි දෙදෙනාම සනිපෙන් ඉන්නවා කියන ආරංචිය තමා ඔහු බලාපොරොත්තුවෙන්නෙ නමුත් හැම විටම සිතන දේ එ විදියටම සිදුවෙන්නෙ නැහැනෙ මම කියන්නට යන් මේ කතාවේ කතානායකයාට අහන්නට ලැබුන ආරංචිය නම් බිරිදට දරුවෙක් ලැබුන බවත් දරුවා සනිපෙන් සිටින බවත් පමණකි. සිදුවුයෙ කුමක්දැයි ඔබට සිතාගත් හැකියි
    මේ වෙදනාව ඔහුට දරාගත නොහැකි උවත් අලුත් උපන් කිරිකැටියා වෙනුවෙන්ම ඔහු ජීවත් වෙනවා.පොඩි පුතත් එක්ක ලොකෙ තනිවෙන ඔහු හදවතෙ බුර බුරා නැගෙන වෙදනාව දරාගන තම කිරිකැටියා නලවන ඔහුට ඇතිවන සිතුවිල්ල

    මවකගෙ උනුසුම නොලබා සැපට නිදන පුතේ...
    ඔබටත් මට මෙන් තනිකම දැනෙනවාද පුතේ...
    ඔබෙන් සිගිති පුතේ...මගෙ පාලුව මැකේ..........

    හිතේ තියන පාලු ගතිය මගහරින්න පුතේ
    සුර කුමරුන් සමගින් ඔබ හිනැහෙනවද පුතේ
    අප දෙන්නා අදුරු ලොවක තනිකරදා පුතේ
    නුබෙ අම්ම දිවිය ලෝකෙ ගියා චූටි පුතේ
    මා හට දී ඔයා ඈ සුර ලොව ගියා
    සුරවිමනට වැදී මගෙ රන්කද නිදි

    තවමත් කිරි සුවද දැනේ ඔබෙ සිගිති ගතේ
    ඔබ නැතිනම් මමද නැතැයි මැරී ඇතැයි සිතේ
    පුතුගෙ උපත මවගෙ විපත එක දිනයෙම උනෙ
    කොහොමද මම සිහි කරන්නෙ පුතුගෙ උපන්දිනේ
    මා හට දී ඔයා ඈ සුර ලොව ගියා......

    ලොකු උනාම අම්ම ගැන අහන්නෙපා පුතේ
    එතකොට මගෙ දෙනෙත් වලට කදුලු පිරෙයි පුතේ
    සුර විමනට වැදි මගෙ රන්කද නිදී
    ...........//

    මටනම් ගොඩක් හිතට අරගන මෙ සින්දුව නම් අහන්න බැ අප්පා අනිවා ඇඩෙනවා:sorry::sorry: ඒ වගෙම කියන්න කනගාටුයි මෙ ගීතය ගායනා කල ගායන ශිල්පියා කවුද කියලවත් බොහො අය දන්නෙ නැ ඔහු අප අතරින් සමුගත් කේ. සේන නම් සංවෙදි අසාහය ගායකයායි එතුමාට මෙ ගීතය උපහාරයක්ම වේවා:sorry::sorry:
     
    Cj live22

    Member
    Dec 9, 2011
    1,432
    434
    0
    dawas 5k baluwa mekam tamath 35 pituw dan phukala vetara maxxa vadak
    mama meke teyana sindu ahaa gaman balanne samahara awata net eka peranawa.
    hodaii me vadeee....
     
    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    ඈත රන් විමන්...

    ප්‍රියා සූරියසේන මහත්තයා ගායන කරන ඈත රන් විමන් සින්දුව ගැන දැනගන්න තියන දොලදුක තාම එහෙමමයි...:dull:
     
    Bole121

    Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    ලැබිල තියන ප්‍රතිචාර කියවනකොට මාර සතුටක් දැනෙනවා..........
    කිඹුලා අයියා කියනවා වගේ අපේ මිනිස්සු මාර සංවේදීයි.. පොඩි කතාවක් කියන්නම් මගේ යාලුවෙක් උගේ ගමේ ගිය වෙලාවක වනජීවී ඒකයි ගමේ මිනිස්සුයි ඒකතුවෙලා මිනීමරු අලියෙක් අල්ලලා තියනවා. ඉතින් මේ යාලුවත් පන්සලේ ලොකු හාමුදුරුවොයි මේ අලියව බලන්න ගිහිල්ල තියනවා. ටික වෙලාවකින් කලු කෙසග පුද්ගලයෙක් බොහොම දුක් මහන්සියෙන් පොල් අතු වගයක් ඇදගෙන ඇවිත් මේ අලියට දීල හාමුදුරුවන් ලගට ඇවිල්ල කිව්වලු "ගෙට බරවෙලා තිබ්බ පොල්ගහ කැපුවා හාමුදුරුවනේ" නැවත ටිකක්වෙලා කල්පනා කරපු ඔහු ඔලුව කසන ගමන් කිව්වලු "දරුවා මරපු එකා නම් තමයි හාමුදුරුවනේ....... දැන් මෙහෙන් ගෙනියන් ඒකේ ආපහු කොයිවෙලාවෙ කන්න හම්බවෙයිද දන්නෙ නෑනෙ"
    මේ අලිය ඔහුගේ වැඩිමහල් ගැහැනු දරුවව මරනකොට ඒ දරුවට අවුරුදු 7යි ලු.
    :yes::yes::yes::yes::yes::yes::yes:

    :yes::yes::yes:
     
    Baboon

    Member
    Jan 5, 2012
    633
    104
    0
    ගස් උඩ
    ප්‍රියා සූරියසේනනට සිංදුවක් ලියාගන්න ඔනවෙලා ගියාලු ප්‍රේම කීර්තිද අල්විස්ගෙ ගෙදර......

    හැබැයි ඉතින් නිකම් නෙමෙයි පොඩි බෝතලේකුත් අරගෙනලු ගියේ..........
    කරුමෙ කියන්නෙ ප්‍රේමකීර්තිත් හදිස්සියකට ගෙදරින් එළියට යන්න ලෑස්ති වෙනවළු , මිනිහට බස් එකත් පරක්කු වෙලාළු හරිද?
    ඉතින් මාර වැඩේ ප්‍රේම කීර්තිත් නියම කොල්ලනේ...... බෝතලේ දිහා බලනවළු... අතේ ඔරලෝසුව දිහා බලනවළු.... මාර අප්සට එක ..... කොළයක් අතට අරගෙන මොනවද පේලි 2,3ක් ලියල මිනිහ දිව්වළු බස් එකට.... හරි....
    ප්‍රියා සූරියසේන වැඩේ කෙරුණෙ නැති නිසා අපසෙට් එකේ .... පාරට බැස්සලු ... බහින ගමන් බැලුවලු අර ලියල තියෙන පේලි 2,3 මොකද්ද කියලා.....
    ඒකෙ තිබුනලු
    "හෙට දවසේ..... අපදෙදෙනා.....
    මේ වාගෙම හමු විය යුතුවේ.....
    අද දවසේ.... මවෙත ගෙනා.....
    මිහිර හෙටත් ගෙන ආ යුතුවේ.....
    නැහැ ප්‍රියා ගිහින් තිබුනේ මිල්ටන් මල්ලවආරච්චි ගේ ගෙදරට. ගිහින් අම්බානක බිව්වලු පෙරේතය වගේ. බීල එන ගමන් කියනවලු "හෙට දවසේ අප දෙදෙනා අද වාගේම හමු විය යුතු වේ." කියල. එතකොට මිල්ටන් කියනවලු "ආයේ නාවත් කම් නෑ ඉතින්" කියල.
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නැහැ ප්‍රියා ගිහින් තිබුනේ මිල්ටන් මල්ලවආරච්චි ගේ ගෙදරට. ගිහින් අම්බානක බිව්වලු පෙරේතය වගේ. බීල එන ගමන් කියනවලු "හෙට දවසේ අප දෙදෙනා අද වාගේම හමු විය යුතු වේ." කියල. එතකොට මිල්ටන් කියනවලු "ආයේ නාවත් කම් නෑ ඉතින්" කියල.
    :angry::angry::angry::angry::angry::angry::angry:
    :angry::angry::angry::angry::angry::angry::angry:
    :angry::angry::angry::angry::angry::angry::angry:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    නැහැ ප්‍රියා ගිහින් තිබුනේ මිල්ටන් මල්ලවආරච්චි ගේ ගෙදරට. ගිහින් අම්බානක බිව්වලු පෙරේතය වගේ. බීල එන ගමන් කියනවලු "හෙට දවසේ අප දෙදෙනා අද වාගේම හමු විය යුතු වේ." කියල. එතකොට මිල්ටන් කියනවලු "ආයේ නාවත් කම් නෑ ඉතින්" කියල.

    :angry::angry::angry::frown::frown:
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    විවහ වු යුවලක් දකින සොදුරුතම සිහිනය කුමක් දැයි ඇසුවොත් නිතැතින්ම මුවගට නැගෙන්නේ සිගිත්තෙකුගෙ මුහුන බැලිමයි.මවගෙ කුසේ දරුවකු පිලිසිදගත් බව දැනගත් මොහොතෙ පටන් මවත් පියත් ක්‍රියා කරන්නේ ජීවිතයේ මෙතුවක් ගතකල ආකාරයට නොව සපුරාම වෙනස් ආකාරයකටයි.පියෙකුගේ එකම පැතුම වන්නෙ කිසිදු කරදරයින් තොරව සිය
    බිරිදට නිරෝගි දරු උපතක් සිදු විමයි.සිය බිරිදගෙ ගර්භණි කාලය පුරාම ඇයව රැක බලා ගනිමින් ඇයගේ සියලු ආශාවන් නොපිරිහෙලා සපුරමින් පියා වෙහෙසෙන්නෙ සිය බිරිදත් දරුවාත් දෙදෙනාම රැක ගැනිමටයි. බිරිදට විලිරුදාව ඇතිවෙලා රොහල් ගත කල පසුව පියෙකුගේ මානසිකත්වය ඔබට සිතා ගත හැකිද තව මොහොතකින් තමා වෙත ලැබෙන ආරංචිය කුමක් දැයි සිතමින් ඔහු දස දහස් වර මැරි මැරි උපදිනවා තමන්ගෙ බිරිදට දරුවෙක් ලැබුන බව බිරිදයි දරුවයි දෙදෙනාම සනිපෙන් ඉන්නවා කියන ආරංචිය තමා ඔහු බලාපොරොත්තුවෙන්නෙ නමුත් හැම විටම සිතන දේ එ විදියටම සිදුවෙන්නෙ නැහැනෙ මම කියන්නට යන් මේ කතාවේ කතානායකයාට අහන්නට ලැබුන ආරංචිය නම් බිරිදට දරුවෙක් ලැබුන බවත් දරුවා සනිපෙන් සිටින බවත් පමණකි. සිදුවුයෙ කුමක්දැයි ඔබට සිතාගත් හැකියි
    මේ වෙදනාව ඔහුට දරාගත නොහැකි උවත් අලුත් උපන් කිරිකැටියා වෙනුවෙන්ම ඔහු ජීවත් වෙනවා.පොඩි පුතත් එක්ක ලොකෙ තනිවෙන ඔහු හදවතෙ බුර බුරා නැගෙන වෙදනාව දරාගන තම කිරිකැටියා නලවන ඔහුට ඇතිවන සිතුවිල්ල

    මවකගෙ උනුසුම නොලබා සැපට නිදන පුතේ...
    ඔබටත් මට මෙන් තනිකම දැනෙනවාද පුතේ...
    ඔබෙන් සිගිති පුතේ...මගෙ පාලුව මැකේ..........

    හිතේ තියන පාලු ගතිය මගහරින්න පුතේ
    සුර කුමරුන් සමගින් ඔබ හිනැහෙනවද පුතේ
    අප දෙන්නා අදුරු ලොවක තනිකරදා පුතේ
    නුබෙ අම්ම දිවිය ලෝකෙ ගියා චූටි පුතේ
    මා හට දී ඔයා ඈ සුර ලොව ගියා
    සුරවිමනට වැදී මගෙ රන්කද නිදි

    තවමත් කිරි සුවද දැනේ ඔබෙ සිගිති ගතේ
    ඔබ නැතිනම් මමද නැතැයි මැරී ඇතැයි සිතේ
    පුතුගෙ උපත මවගෙ විපත එක දිනයෙම උනෙ
    කොහොමද මම සිහි කරන්නෙ පුතුගෙ උපන්දිනේ
    මා හට දී ඔයා ඈ සුර ලොව ගියා......

    ලොකු උනාම අම්ම ගැන අහන්නෙපා පුතේ
    එතකොට මගෙ දෙනෙත් වලට කදුලු පිරෙයි පුතේ
    සුර විමනට වැදි මගෙ රන්කද නිදී
    ...........//

    මටනම් ගොඩක් හිතට අරගන මෙ සින්දුව නම් අහන්න බැ අප්පා අනිවා ඇඩෙනවා:sorry::sorry: ඒ වගෙම කියන්න කනගාටුයි මෙ ගීතය ගායනා කල ගායන ශිල්පියා කවුද කියලවත් බොහො අය දන්නෙ නැ ඔහු අප අතරින් සමුගත් කේ. සේන නම් සංවෙදි අසාහය ගායකයායි එතුමාට මෙ ගීතය උපහාරයක්ම වේවා:sorry::sorry:

    ඇත්තමයි පුදුම හැගුම්බර ගීතයක් සහෝ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නොපෙනෙන ගැඹුරක් දක්වන ගිතයක වගතුග.............

    බොල්පිණි වෑහෙන වේලාවේ........

    රූකාන්ත ගුණතිලක, අතිවිශිෂ්ට දක්ෂතා ඇති ගායකයෙකු වී නමුදු අපේ රටේ කුහක විචාරයේ ප්‍රතිඵලයක් ලෙස පීචං ගීත ගයන්නෙකු ලෙසට හංවඩු ගැසූ ගායකයෙකි. නමුත් ඔහු විසින් ගයන්නට යෙදුනු මේ ගීතයේ ජීවිතය, භවය පිළිබද ව දක්වන දාර්ශනික ගැඹුර, අපේ සහ ඔහු ගේ අවාසනාවකට නියමිත වූ විචාරයකට හසුනොවූ බව මම තරයේ ම විශ්වාස කරමි.

    බොල් පිණි වෑහෙන වේලාවේ
    ඔබ ගෙන් සමුගෙන යායුතු වේ
    තාමත් ඔබ ඇති සුව නින්දේ
    එනිසයි මම නොකියා යන්නේ........
    බොල් පිණි වෑහෙන මේ යාමේ

    ගැල්පිට නැගලා ඈත ගම් බලා පියමන් කරවන්නේ
    තවත නිවහනක ගිමන් නිවන විට ඔබ සිහියට එන්නේ
    ඔබ ගෙන් සමුගෙන මා යන්නේ...............

    ඔබ අවදිව මා සොයනු එපා ඈතයි මා ඉන්නේ
    තවලම්කරුවෝ කවරදාක දෝ එකම තැනක උන්නේ
    බොල් පිණි වෑහෙන මේ යාමේ
    ඔබ ගෙන් සමුගෙන යායුතු වේ
    තාමත් ඔබ ඇති සුව නින්දේ
    එනිසයි මම නොකියා යන්නේ........
    බොල් පිණි වෑහෙන මේ යාමේ

    මතුපිටින් බලන විට ගැල්කරුවෙකු තවමත් නින්දේ පසුවන තම පියඹ ගෙන් සමුගෙන රැකියාවට යන සෙයක් පෙනෙන මේ ගීතයේ හරය, අප සිතනවාට වඩා මහා දාර්ශනික එකකි.

    බොල් පිණි වෑහෙන වේලාවේ
    ඔබ ගෙන් සමුගෙන යායුතු වේ
    තාමත් ඔබ ඇති සුව නින්දේ
    එනිසයි මම නොකියා යන්නේ........

    නියමිත කල ආවිට, බොල්පිණි වැටෙන අවස්ථාවේ ම, මේ ගිහි ගෙයින් නික්මී යායුතුවෙයි. එවිට කිසිවෙකු කැදවාගෙන යා නොහැක. ඔබ සුව නින්දේය-එනම් තවමත් ඔබ මේ කෙළෙස් බර පුහුදුන් ලෝකය සැපය, සැපය යන මතයේ ගැලී හිදියි. නින්ද නම් මේ යථාස්වරූපය අවබෝධකර නොගෙන සිටින මනෝභාවයයි. මේ මතවාදය සමග අරගල කරගැනීම ඔහුට නොරිසිය. එනිසාය ඔහු නොකියාම යන්නේ, මේ ගිහි ගෙයින් නික්මී............

    ගැල්පිට නැගලා ඈත ගම් බලා පියමන් කරවන්නේ
    තවත නිවහනක ගිමන් නිවන විට ඔබ සිහියට එන්නේ
    ඔබ ගෙන් සමුගෙන මා යන්නේ...............

    මේ සංසාරයේ අපි තණ්හාව මත නැගී දිගුවූ ගමන් ගෙවා ඇවිදින්නෙමු. තණ්හාව නැමති ගැල පිට නැගී ඈත ගම් නියම් ගම් බදු සසරෙහි සැරිසරන විට තවත් භවයකදී ඇය සිහිපත්වී නැවත භවයට ඇලීම ඔහුට නොරිසිය. මේ ව්‍යායාමය සසරින් මිදෙනු පිණිසය. එනිසා ය ඔහු ඇයගෙන් සමුගෙන යන්නේ.

    ඔබ අවදිව මා සොයනු එපා ඈතයි මා ඉන්නේ
    තවලම්කරුවෝ කවරදාක දෝ එකම තැනක උන්නේ

    ඇයට යථාර්ථය අවබෝධවන විට මේ සසරින් ගැලවෙනු පිණිස ඔහුවද හවුල් කරගනු රිසියෙන් ඔහුව සොයනු ඇත. නමුත් ඒවන විට ඔහු ඈතට, එනම් සසරින් මිදෙනු පිණිස යන ගමනේ ඈතට ගොස්ය. මේ සසරින් මිදෙනු පිණිස යන තවලම්කරුවා එක තැනක නොරැදෙන බව, එනම් විදර්ශනා මගෙහි දිගින් දිගටම ගමන් කරන බවය ඔහු කියන්නේ.

    බෞද්ධ දර්ශනයේ එන සසර, ඉන් එතරවීම සහ ගිහිගෙය හැරයාම පිළිබදව මෙතරම් භාවාත්මක ගීයක් ලියවී ඇද්ද යන්නද ඇත්තෙන් ම සැක සහිතය. අපි මෙය අසමු, එහි උඩින් පල්ලෙන් අතගා රසවිදිමු. නමුත් අප කවදාද මෙහි යටිපෙළ අර්ථය අපේ දිවියට පසක් කර ගන්නේ.............??????????

    මේ යූ ටියුබ් වීඩියෝ පටය නිමැවූ සොයුරා ද මේ අදහස ග්‍රහණය කරගත්තෙක් බව පෙනේ. ඇත්තෙන් ම මා සිතා සිටියේ මෙහි යටි පෙල අරුත ග්‍රහනයට සමත් අය ජාලගතවූවන් විය නොහැකි බවය. නමුත් මා මතය හුඹසක් කරමින් සිද්ධාර්ථ ගෞතම ජීවිතය පසුබිමට යෙදූ මේ අරුතබර රූ පටය මට හමුවිය. මේ නිපැයූ ඒ සොයුරාණන් ද සසර කෙටිව පතන මගම යෙත්වා!!!!!!!!!!!!!!!!!!!!
    පහත දිගුව වෙත ගොස් මේ වෙනුවෙන් ඒ සොයුරාණන්හට ඔබේ ප්‍රසාදය පළකරන ලෙස ඉල්ලා සිටිමි.
    http://www.youtube.com/watch?v=EHCZiaHvUXI

    ගීතයේ පද නිවරද කරමින් මා දිරිමත් කළ user52 සොයුරාට පින්....!!!!
     
    Last edited:

    thomian

    Well-known member
  • May 20, 2011
    12,104
    16,876
    113
    නොපෙනෙන ගැඹුරක් දක්වන ගිතයක වගතුග.............

    බොල්පිණි වෑහෙන මේ යාමේ........

    රූකාන්ත ගුණතිලක, අතිවිශිෂ්ට දක්ෂතා ඇති ගායකයෙකු වී නමුදු අපේ රටේ කුහක විචාරයේ ප්‍රතිඵලයක් ලෙස පීචං ගීත ගයන්නෙකු ලෙසට හංවඩු ගැසූ ගායකයෙකි. නමුත් ඔහු විසින් ගයන්නට යෙදුනු මේ ගීතයේ ජීවිතය, භවය පිළිබද ව දක්වන දාර්ශනික ගැඹුර, අපේ සහ ඔහු ගේ අවාසනාවකට නියමිත වූ විචාරයකට හසුනොවූ බව මම තරයේ ම විශ්වාස කරමි.

    බොල් පිණි වෑහෙන මේ යාමේ
    ඔබ ගෙන් සමුගෙන යායුතු වේ
    තාමත් ඔබ ඇති සුව නින්දේ
    එනිසයි මම නොකියා යන්නේ........
    බොල් පිණි වෑහෙන මේ යාමේ

    ගැල්පිට නැගලා ඈත ගම් බලා පියමන් කරවන්නේ
    තවත නිවහනක ගිමන් හරින විට ඔබ සිහියට එන්නේ
    ඔබ ගෙන් සමුගෙන මා යන්නේ...............

    ඔබ අවදිව මා සොයන්නට එපා ඈතයි මා ඉන්නේ
    තවලම්කරුවෝ කවරදාක දෝ එකම තැනක රැදුණේ
    බොල් පිණි වෑහෙන මේ යාමේ
    ඔබ ගෙන් සමුගෙන යායුතු වේ
    තාමත් ඔබ ඇති සුව නින්දේ
    එනිසයි මම නොකියා යන්නේ........
    බොල් පිණි වෑහෙන මේ යාමේ

    මතුපිටින් බලන විට ගැල්කරුවෙකු තවමත් නින්දේ පසුවන තම පියඹ ගෙන් සමුගෙන රැකියාවට යන සෙයක් පෙනෙන මේ ගීතයේ හරය, අප සිතනවාට වඩා මහා දාර්ශනික එකකි.

    බොල් පිණි වෑහෙන මේ යාමේ
    ඔබ ගෙන් සමුගෙන යායුතු වේ
    තාමත් ඔබ ඇති සුව නින්දේ
    එනිසයි මම නොකියා යන්නේ........

    නියමිත කල ආවිට, බොල්පිණි වැටෙන අවස්ථාවේ ම, මේ ගිහි ගෙයින් නික්මී යායුතුවෙයි. එවිට කිසිවෙකු කැදවාගෙන යා නොහැක. ඔබ සුව නින්දේය-එනම් තවමත් ඔබ මේ කෙළෙස් බර පුහුදුන් ලෝකය සැපය, සැපය යන මතයේ ගැලී හිදියි. නින්ද නම් මේ යථාස්වරූපය අවබෝධකර නොගෙන සිටින මනෝභාවයයි. මේ මතවාදය සමග අරගල කරගැනීම ඔහුට නොරිසිය. එනිසාය ඔහු නොකියාම යන්නේ, මේ ගිහි ගෙයින් නික්මී............

    ගැල්පිට නැගලා ඈත ගම් බලා පියමන් කරවන්නේ
    තවත නිවහනක ගිමන් හරින විට ඔබ සිහියට එන්නේ
    ඔබ ගෙන් සමුගෙන මා යන්නේ...............

    මේ සංසාරයේ අපි තණ්හාව මත නැගී දිගුවූ ගමන් ගෙවා ඇවිදින්නෙමු. තණ්හාව නැමති ගැල පිට නැගී ඈත ගම් නියම් ගම් බදු සසරෙහි සැරිසරන විට තවත් භවයකදී ඇය සිහිපත්වී නැවත භවයට ඇලීම ඔහුට නොරිසිය. මේ ව්‍යායාමය සසරින් මිදෙනු පිණිසය. එනිසා ය ඔහු ඇයගෙන් සමුගෙන යන්නේ.

    ඔබ අවදිව මා සොයන්නට එපා ඈතයි මා ඉන්නේ
    තවලම්කරුවෝ කවරදාක දෝ එකම තැනක රැදුණේ

    ඇයට යථාර්ථය අවබෝධවන විට මේ සසරින් ගැලවෙනු පිණිස ඔහුවද හවුල් කරගනු රිසියෙන් ඔහුව සොයනු ඇත. නමුත් ඒවන විට ඔහු ඈතට, එනම් සසරින් මිදෙනු පිණිස යන ගමනේ ඈතට ගොස්ය. මේ සසරින් මිදෙනු පිණිස යන තවලම්කරුවා එක තැනක නොරැදෙන බව, එනම් විදර්ශනා මගෙහි දිගින් දිගටම ගමන් කරන බවය ඔහු කියන්නේ.

    බෞද්ධ දර්ශනයේ එන සසර, ඉන් එතරවීම සහ ගිහිගෙය හැරයාම පිළිබදව මෙතරම් භාවාත්මක ගීයක් ලියවී ඇද්ද යන්නද ඇත්තෙන් ම සැක සහිතය. අපි මෙය අසමු, එහි උඩින් පල්ලෙන් අතගා රසවිදිමු. නමුත් අප කවදාද මෙහි යටිපෙළ අර්ථය අපේ දිවියට පසක් කර ගන්නේ.............??????????

    මේ යූ ටියුබ් වීඩියෝ පටය නිමැවූ සොයුරා ද මේ අදහස ග්‍රහණය කරගත්තෙක් බව පෙනේ. ඇත්තෙන් ම මා සිතා සිටියේ මෙහි යටි පෙල අරුත ග්‍රහනයට සමත් අය ජාලගතවූවන් විය නොහැකි බවය. නමුත් මා මතය හුඹසක් කරමින් සිද්ධාර්ථ ගෞතම ජීවිතය පසුබිමට යෙදූ මේ අරුතබර රූ පටය මට හමුවිය. මේ නිපැයූ ඒ සොයුරාණන් ද සසර කෙටිව පතන මගම යෙත්වා!!!!!!!!!!!!!!!!!!!!
    පහත දිගුව වෙත ගොස් මේ වෙනුවෙන් ඒ සොයුරාණන්හට ඔබේ ප්‍රසාදය පළකරන ලෙස ඉල්ලා සිටිමි.
    http://www.youtube.com/watch?v=EHCZiaHvUXI

    :yes::yes::):):):)
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,104
    16,876
    113
    දෙනෝ දහක් ගැවසෙන සරසවියේ....

    දෙනෝ දහක් ගැවසෙන සරසවියේ
    පාලුව තනිකම දැනෙනව නම්

    කුටියේ කවුලුව විවර කරනු මැන
    සුලගක් වී ඔබ වෙත එන්නම්.....

    ඔබ සරසවියක මා පොඩි ගෙපැලක

    එක්වන්නට අද වරම් නැතේ.....//
    එකම පන්තියේ එක ලඟ ඉදගෙන
    පාසැල් ගිය හැටි සිතට නැගේ

    දෙනෝ දහක් ගැවසෙන.........

    ඔබ හා අත්වැල් බැද අවිදින්නට

    පෙරුම් පිරූ පාසැල් සමයේ......//
    සිල්ප සතර රුදුනේ නෑ මා සිත
    ඒ හින්දයි අප දුරස් වුනේ

    දෙනෝ දහක් ගැවසෙන.........