හොද ප්‍රශ්ණයක්... ඒ තර්කයට කලින් මට මේක කියන්න... දැන් ඒ කලබ ගෑනියෙන් අපේ යාළුවො බුදු දහම බේරගන්න කියල දාගන්න රණ්ඩුවලින් බුදු දහමට නිගා වෙනවද නැද්ද... කියවල බලන්න ඒ නූල්.... බුදු හිමියන් අපිට මේකද දේශනා කලේ.......
බොහොම ස්තූතියි සහෝ දැනුම බෙදාගත්තට.
කඳුළ ඉතින් සමාවෙයන්
අපි වෙන්වෙමු අද හවසට
මගෙ ගෙපැලට ඈ එනවා
සිරියහනේ තනි රකින්න
කළුවළාව නැගෙන්නෙපා
ගඟට උඩින් හැන්දැවට
මුදුන් ලීය යටින් පොළොවේ
ගොම හේදෙයි අලුත් පිටම
කන්ද කපා සඳ පායා
සඳරැස් යහනට වඩින්න
සඳ එළියෙන් ඇගේ ගතේ
පෙති ගෝමර මල් දකින්න
මල් දෙවැටේ වතුසුදු මල්
පිපේවි ඈ පිළිගන්නට
කොපුල් තලා ඔමරි සිනා
මතුවෙයි මල් පරදන්නට
බිළිඳු ගෙනා කිරි සුවඳක්
ගෙපැල දොරින් හමා එන්න
ඉඩදීයන් වළාකුළේ
මගෙ සිහිනයෙ මල් පිපෙන්න
ගී පද - ලක්මාලි කාරියවසම්
සංගීතය - සුරේෂ් ද සිල්වා
ගායනය - කීර්ති පැස්කුවෙල්
යාලුවනේ ටිකෙන් ටික ගීතය මහා කලබෑනියක් නිර්මානයකරල රට තුල.. ඒකෙන් බුදු දහමට නිගාවුනා කියල ඈත්තටම එහෙම දෙයක් වෙලා තියනවද???
හොද ප්‍රශ්ණයක්... ඒ තර්කයට කලින් මට මේක කියන්න... දැන් ඒ කලබ ගෑනියෙන් අපේ යාළුවො බුදු දහම බේරගන්න කියල දාගන්න රණ්ඩුවලින් බුදු දහමට නිගා වෙනවද නැද්ද... කියවල බලන්න ඒ නූල්.... බුදු හිමියන් අපිට මේකද දේශනා කලේ.......
.....

කවුරුවත් නැද්ද.........?
!!ස්තූතියි ඔබට ලබා දුන් සහායට.....නෑ!!
සාරවත් හරවත් සටහන් පෙලගැස්මට ගොඩක් ස්තුතියි.
කඳුළ ඉතින් සමාවෙයන්
අපි වෙන්වෙමු අද හවසට
මගෙ ගෙපැලට ඈ එනවා
සිරියහනේ තනි රකින්න
"ඔබ හා මෙමා අතිනත් අරන්" ගීතය හැදුනු හැටි දෙන්න
මේ ගීතය ලිවුවෙ ලක්මාලි කාරියවසම්.... මේ ගීතයේ තියෙන විශේෂත්වයත් ඒකම තමා... අපි පද රචකයන් විසින් කාන්තාවන් සිතන පතන අයුරින් ලියපු ගීත දැකල තියෙනවා... මේ නූලෙ මම ඒ වගේ ගීත කිහිපයක් ඔබට දීල ඇති... නමුත් මෙම ගීතයේ තියෙන වෙනස තමා කාන්තාවක් ඒ කියන්නෙ පද රචිකාවක් පිරිමියෙකු සිතන විදියට හිතල තමා මේ ගීතය ලියල තියෙන්නෙ.... ගීතය ගැන කතා කරන්න කලින් ඒ හා බැදුනු සිදුවීම් කිහිපයක් අපේ යාළුවන්ට පැහැදිලි කරන්න ඕන....
මම හැම තිස්සෙම කියන දෙයක් තමයි යාළුවනේ පද රචකයෙක් සිය හැගීම් තමයි මේ ගීතවල පොවල අපට දෙන්නේ කියන එක.... ඒ වගේ සන්වේදී හැගීමක් ප්‍රකාශ කලාම ඔවුන්ට මාකට් වෙන්න අවශ්‍ය නෑ... ඔවුන්ට අවැසි ගීතය රසවිදීම පමණයි... අන්න ඒ වගේ හරිම නිහතමානී සංවේදී පදරචිකාවක් තමයි මේ ලක්මාලි කාරියවසම් කියන්නෙත්.... ඒ දේ ඔබට පැහැදිලි කරන්නයි මම මේ ගීතය ගෙන ආවේ....
මේ ගීතය ලියපු රචිකාව මේ ගීතය රචනා කරල තියෙන්නෙ තම පෙම්වතා ඇයට කියන ආදරණීය වදන් නිසා ඇතිවූ අදහසක් අනුව... ඇය වෙළද දැන්වීම් ආයතනය වැඩ කරන කාලෙ මේ ගීතය ලියල එම ආයතනයේ දැන්වීම් වලට සංගීතය සැපයූ සුරේෂ් ද සිල්වා කියන සංගීතඥයට දීල තියෙනවා... වැඩේ තියෙන්නෙ ඒ ගීතය දුන්නා පමණයි ආයෙ ඒ ගීතයට මොකද උනේ කියලවත් ඇය හොයල නෑ....
ඉතින් මේ සුරේෂ් කියන්නෙ කීර්ති පැස්කුවෙල් මහතාගේ හොද යාළුවෙක්. ඔහු මේ ගීතයට තනුවක් දාල එහෙම ගීතය කීර්ති පැස්කුවෙල් මහතාට දීල තියෙනවා ගායනා කරන්න කියල... නමුත් ඒ වෙනකොට(1998) විදේශගත වෙන්න සූදානම් වෙලා හිටි නිසා කීර්ති පැස්කුවෙල් මහතාට ගායනා කරන්න බැරි උනා... පස්සෙ ඔහු 2000 වසරේදී ලංකාවට පැමිණිය... ඇවිත් ඔය ගීතයට හඩ එකතු කලා... එතනින් තමයි ගීතය අපිට අහන්න ලැබුනෙ....
නමුත් හොදම දේ ඒක නෙමෙයි අපේ පද රචිකාව... ලක්මාලි කාරියවසම් මේ ගැන නිහඩයි... ඇය නිකම්වත් මේ මගේ ගීතයක් කියල නෑ... ඒ විතරක් නෙමෙයි කීර්ති පැස්කුවෙල් මහත්මා ඇය දැකලවත් ඇය සමග වචනයක් වත් කතා කරල නෑ... ඇයට උවමනාවක් තිබිලත් නෑ. ඉතින් වසර ගානක් මේ ගීතය කොච්චර ජනප්‍රිය උනත් ඉන් දශමයකවත් ප්‍රයෝජනයක් ඇය ගත්තෙ නෑ.... පුදුමයි නේද..... සැබෑ කලා කරුවො එහෙම වෙන්න ඇති.
ඉතින් මෑතකදි කීර්ති පැස්කුවෙල් මහත්මා පැවත්වූවා සිය ගීත ප්‍රසංගයක් බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවෙදි... සිය ගායන ජීවිතයේ ගැයූ ගීත එකතුවක්... මට මතක විදියට ප්‍රදර්ශණයේ නමත් කදුල ඉතින් සමාවෙයන්... කොහොම හරි ඔහු මේ ප්‍රදර්ශණයේ ගීත ගායනා කරමින් සිටින අතරතුර මේ ගීතය හදපු සංගීතඥය දුවගෙන ආවලු කීර්ති මුණගැහෙන්න... ඇවිත් කිවුවලු කීර්ති කදුල ඉතින් සමාවෙයන් ගීතය ලියපු ලක්මාලි කාරියවසම් ඉන්ව වගේ මම දැක්ක... මට වරදින්න විදියක් නෑ ඇය මේ කොහේ හරි ඉන්නව කියල.... කීර්තිටත් හරි ආස හිතුනලු මේ නිහඩ රචිකාව දකින්න.. ඉතින් ඔහු කදුල ඉතින් සමාවෙයන් ගීතය ගායනා කරන්න සූදානම් වෙලා කිවුවලු ලක්මාලි ඔයා මෙතන ඉන්නවනම් නිහඩව ඉන්න එපා... ලොකෙටම පේන්න එන්න... ඔබේ ගීතයයි ගායනා කරන්න හදන්නෙ නැගිටල එන්න කියල... ටික වෙලාවක් ගියාම මෙන්න ඈත ඉදල ඇය එනවපු.... කීර්තිට ඇඩෙන්න වගේලු.... බලන්න ඇය හොරෙන් ඇවිත් ඈ ලියූ ගීතය රසවිදින්න සූදානම් වෙලා හිටපු හැටි.... නම්බුනාම නෙමෙයි වැදගත් වෙන්නෙ ඇයට ඒව ඕනෙ නෑ... ඇයට ආස හිතෙන්න ඇති ඇගේ ගීතය හැබැහින් රසවිදින්න... ඔබ දන්නවද ඇයගේ ඒ වෙනකොට පදිංචිය ඕස්ට්‍රේලියාවේ.... ඇය එදා මෙම ගීතය අහන්නමලු ලංකාවට ඇවිත් තියෙන්නෙ... ඒ ඇවිත් නිහඩවම ඒ ගීතය අහල රසවිදල යන්නයි ඇය සූදානම් වෙලා තියෙන්නෙ....
තවත් දෙයක් යාළුවනේ මේ ගීතය අපට ඇසුණු කාලය මතකද.... මල් ගී රැල්ලත්, පන්සල් ගැන ලියූ ගී රැල්ලත් තිබුන කාලයක්.... ඒත් එම රැලි දෙකම කදුලක් විසින් පරාජය කලා කියලයි ඒ කාලයේදී බොහෝ විචාරකයින් මේ ගීතය හැදිනවූයේ.....
කදුල තවත් මම දුක විදින්නෙ නෑ... තනි වෙන්නෙත් නෑ... මම යුවතියක් සමග අතිනත ගන්නව හෙට දිනයේ... දැන් ඉතින් ඇය මගේ ලග ඉදියි... මට දුකක් නොදී ඇය මා හා ඉදීවි... අපි ලස්සන ජීවිතයක් ගෙවනව... ඉතින් මට හරිම සතුටුයි... අපි මැවූ සිහින එකින් එක ජයගෙන අපි ආදරයෙන් ජීවත් වෙනවා.....
කඳුළ ඉතින් සමාවෙයන්කතාව ගොඩාක් දිගට ඇදුනා... ඒ නිසා විචාරයක් කලේ නෑ... ඒ ගැන සමාවෙන්න....තවත් ගීතයකින් හමුවෙමු.... ඔබගේ අදහසුත් දෙන්න...
අපි වෙන්වෙමු අද හවසට
මගෙ ගෙපැලට ඈ එනවා
සිරියහනේ තනි රකින්න
කළුවළාව නැගෙන්නෙපා
ගඟට උඩින් හැන්දැවට
මුදුන් ලීය යටින් පොළොවේ
ගොම හේදෙයි අලුත් පිටම
කන්ද කපා සඳ පායා
සඳරැස් යහනට වඩින්න
සඳ එළියෙන් ඇගේ ගතේ
පෙති ගෝමර මල් දකින්න
මල් දෙවැටේ වතුසුදු මල්
පිපේවි ඈ පිළිගන්නට
කොපුල් තලා ඔමරි සිනා
මතුවෙයි මල් පරදන්නට
බිළිඳු ගෙනා කිරි සුවඳක්
ගෙපැල දොරින් හමා එන්න
ඉඩදීයන් වළාකුළේ
මගෙ සිහිනයෙ මල් පිපෙන්න
ගී පද - ලක්මාලි කාරියවසම්
සංගීතය - සුරේෂ් ද සිල්වා
ගායනය - කීර්ති පැස්කුවෙල්


හොදයි අපේ යාළුවනේ... මේ මගේ 50වන ගීතයයි.... ගීත පනහක තොරතුරු හා නිදාන කතා මෙහි දමන්නට මට අවස්ථාව ලබාදුන් මෙම නූල ඇරඹූ *ධනුෂ්ක* සොයුරාටත්... මාව දිරිමත් කල සියළුම යහළු යෙහෙළියන්ටත් ගොඩාක් ස්තූතිවන්ත වෙනවා... ඔබ හැම ලබා දුන් ධෛර්යය නිසයි මෙතෙක් දුරක් පැමිණියේ... ඔබ සියළු දෙනාටම පින්....
හරි එහෙනම් අපි යමු ගීතයට.. පනස්වන ගීතය ටිකක් විශේෂ වන්නත් එක්ක වෙනස් ආකාරයේ ගීතයක් ඔබවෙත ලබාදෙන්නයි මගේ උත්සාහය. මේ ගීතය මීට පෙර ඔබ කොහෙදිවත් අහල තියෙන්න විදියක් නෑ මම හිතන්නෙ... ඊට හේතුව මේ කතාව කියවා අවසන් උනාම ඔබට වැටහේවි. මේ ගීතයේ විචාරයත් නිදාන කතාවත් දෙකම එකක්... ඒ නිසා මම ඔබට කතාව කියන්නම්...
මේ සිද්ධියට සම්බන්ධ තාත්ත ලංකාවේ අධ්‍යාපනට සම්බන්ධ ප්‍රසිද්ධ මහාචාර්ය කෙනෙක්. ඉතින් ඔහුගෙ පුතා ගැන කියන්න දෙයක් නෑ නේ... ඔහු උසස් පෙල විභාගයෙන් ලංකාවේ ගණිත අංශයෙන් දෙවෙනිය. පස්සෙ තාත්ත ඔහුව ඕස්ට්‍රේලියවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයට යවනව වැඩිදුර අධ්‍යාපනයට... එහිදී ඔහු ඉංජිනේරු අංශයෙන් විශ්ව විද්‍යාලයේ පළවෙනිය වෙනව. පශ්චාත් උපාධිය සදහා ඔහු පියාබනවා එංගලන්තයේ ඔක්සෆර්ඩ් සරසවියට.
මේ අතරෙදී මහාචාර්ය තාත්තට හදිසි හර්දයාබාධයක් හැදෙනව. මේ නිසා සෑහෙන්න කාලෙකට පස්සෙ තාත්තව බලන්න පුතා ලංකාවට එනව. එවෙලෙදි මේ තාත්තට හිතෙනව ඉගෙන ගන්න කියල මම මගේ එකම පුතා රට යවපු එක බුද්ධියට අනුව නිවැරදි උවත් හැගීම්වලට අනුව අපරාධයක්නේ කියල. මහාචාර්ය කෙනෙක් නිසා තාත්තට පුළුවනිද හැගීම් වලට වහල් වෙන්න. ඒත් තාත්ත දන්නව පුතා ආයෙත් යනව.... ගියායින් පස්සෙ කොච්චර කාලෙකින්ද ආයෙත් එන්නෙ... සමහර විට මම එතකොට ජීවත්වෙලා ඉදීද දන්නෙත් නෑ කියල.... තාත්තගෙ හිතට හරිම දුකයි.... ඒත් දුක යටපත් කරගන්නව පුතාගෙ අනාගතේ ගැන හිතල.
ඒ අතර පුතා හිතනව මම කොච්චර ඉංජිනේරු පට්ටම් ගැහුවත් තාත්තට බෙහෙත් කරන්න බැරි උනානේ.... ඉතින් මේ උපාධියේ ඇති වැඩේ මොකද්ද... මම කොහොම හරි කරනව වෛද්‍ය උපාධිය.. එතකොට මට තාත්ත ගැන බලන්නත් පුළුවන් කියල. ආයෙත් එංගලන්තයට යන මේ පුතා පටන් ගන්නව වෛද්‍ය උපාධියත් කරන්න. පුදුමත් හිතෙනව අවුරුදු 25දි ඉංජිනේරු උපාධිය ගන්න මේ පුතා මෙන්න අවුරුදු 29දි වෛද්‍ය උපාධිය අරගෙන වෛද්‍යවරයෙක් වෙනව.... උපාධි දෙකක්....
ඉතිං එංගලන්තයේ නොටිංහැම් රෝහලේ හොද ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක් වෙන මේ පුතාට තාත්තව බලන්න නිතරම එන්න වෙන්නෙ නෑ.. තාත්ත ලග ඉන්න වෙන්නෙ නෑ. කාර්ය බහුලයි... තාත්ත එන්න කියන්නෙත් නෑ... මහාචාර්ය කෙනෙකුට බොළද වෙන්න බෑනේ... ඒත් හැම තාත්ත කෙනෙක් වගේම සමහරවිට ඊටත් වඩා බොලද විදියට මේ මහාචාර්ය තාත්ත දුක්වෙනව එකම පුතා ලග නැති එක ගැන.
දුක දරාගෙන ඉන්න බැරිම තැන කවදාවත් කවි ලියල නැති මේ මහාචාර්ය තාත්ත... පුංචි කවි පන්තියක් ලියනව දුක නිවෙන්න. හැමෝටම හොරා අඩනව. හැමෝටම හොරා දුක්වෙනව. ඒත් දුක නිවෙන්නෙ නෑ... එන්න එන්න වැඩි වෙනව.. මේක දරාගෙන ඉන්න බැරි තැන තම ළගම මිතුරු කායික විද්‍යා මහාචාර්ය වරයෙකුට ඔහු මේ කවි පන්තිය පෙන්නල තමන්ගෙ දුක කියනව. ඒ මහාචාර්යවරය නම් සංගීතය හා ලැදි මහාචාර්යවරයෙක්. ඔහු මේ කවි පන්තියෙන් ගීතයක හැඩතල දකිනව.. පස්සෙ ඔහු මේ කවි පන්තියට තනුවක් දාල ගීතයක් බවට පත්කරනව.... දෙන්න එක්ක ගිහින් රෝහණ වීරසිංහයන් මුණ ගැහිල සංගීතය හා හඩ මුසු කරල ගීතය නිර්මාණය කරගන්නව. කෙටියෙන් හා සරලව ඔය විදියට තමා යාළුවනේ මේ ගීතය නිර්මාණය වෙන්නෙ.....
හරි... එහෙමනම් ඇයි මේක ඔබට ගුවන් විදුලියේ අහන්න ලැබුනෙ නැත්තෙ....? ඒක තමා මේ ගීතයේ තිබෙන වටිනාම කතාව යාළුවනේ... තම පුතා වෙනුවෙන් තැනූ මේ ගීතය අපේ මහාචාර්ය පියා තනිවම අසමින් හිටිය මිසක් මාධ්‍යයට දෙන්න උනන්දු උනේ නෑ.... වැඩිපුරම මාධ්‍යයට නොදුන්නෙ ඔහුගේ බොළද බව එළිවෙන නිසයි... හැබැයි අන්තිමේදි ඔහු තීරණය කලා හැම පියෙකුටම හැම පුතෙකුටම දැනෙන්න මේ ගීතය එකවරක් හෝ ප්‍රචාරය කලයුතුයි කියල....
තව දෙයක් මෙම කතාවට සම්බන්ධ මහාචාර්ය පියා - මහාචාර්ය කුලරත්න, ඔහුගේ හිතවත් සගයා - මහාචාර්ය කාලෝෆොන්සේකා බව මතක්කල යුතුමයි... මොකද එවිටදියි ඒ පුද්ගලයන් ගැන තවතවත් අපේ හිතේ ගෞරවයක් උපදින්නෙ....... මෙන්න මේක තමා මෙතුවක් කල් අපට අහන්න නොලැබුණු ගීතය.... රසවිදල බලන්නකො අපේ එළකිරි යාළුවො.....
ඈත දුරු රටේ සීතල දැනෙනවද....
රස මසවුලු ඔබෙ බඩගිනි නිවනවද....
පුතේ...
දුක සැප බලන්නට කිසිවෙක් සිටිනවද
දෙමාපියන් හීනෙන්වත් පෙනෙනවද....
ගිය මග වෙනස් කර සෙවූ නව මග හරිද
ලක්බිම නොවේ ලොව ඔබෙ මව්බිම උනිද
ජීවයේ සැබෑ තතු ඔබ නිති සොයනවද...
ඔබ එන තුරු බලා සිටියම වැරදියිද...
පුංචිම කාලෙදි පෑ දස්කම් මතකයි පුතුනි..
දුරු රට ගියේ විදු සක්විති දෙන්නද සුදු පුතුනේ
ඔබ ගැන මතක හිත පාරයි රන් පුතුනේ
ඉර හඳ නොපායයි ඔබ එනතුරු පුතුනේ...//
එහෙනම් මෙතනින් ගිහින් ගීතය අහල බලන්නකො යාළුවනේ...
http://soundcloud.com/sasliit/from-sasliit/s-z48Y2
මෙතෙනින් බාගත කරගන්න....
http://www.mediafire.com/?kuycup1flqg6esl
(ගුවන් විදුලියේ විකාශය වූ වැඩ සටහනකින් තමා මම පටිගත කරගත්තේ.)
මොකද හිතෙන්නෙ ඔයාලට.... කලින් අහල තිබුනද.... අදහස් ටිකක් දාමුද.......... ඔන්න එහෙනම් මගේ 50වන ගීතයත් මේ විදියට අවසන් කරනවා.... ස්තූතියි ඔබ සැමට මෙතෙක් ලබා දුන් සහායට.....

