සුන්දර ගීයක ඇරබුම,..

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අපේ යාළුවෙක් මුතුකුඩ ඉහලන මල් වරුසාවේ ගීතයේ සබෑ හා සාර්ථක විචාරය මෙහි දමා තිබුනා... එය නොකියවා මෙම විචාරය ඔබට තේරුම් ගැනීමට නොහැකි වේවි... ඒ නිසා පළමුව එය කියවා ඉන්න... මෙන්න ලින්ක් එක එම විචාරයට.... http://www.elakiri.com/forum/showpost.php?p=12072578&postcount=1695

    මා අන්තර්ජාලයේ සැරි සරණ විටදි දුටුව එක් කාන්තාවක් ඒ ගීතයෙන් නොකියවෙන රියතුල සිටින ප්‍රේමවන්තියගෙ වේදනාව ගැන කතාකරල තිබෙනවා... ඒ කියන්නෙ යාළුවනේ .... රියතුල ඉන්න සිය පැරණි ආදරවන්තිය දුටුවම පැරණි පෙම්වතානේ මේ ගීතය කියන්නෙ.... නමුත් දැන් මේ කතාකරන්නෙ රිය තුල ඉන්න පැරණි පෙම්වන්තිය.... කියවලම බලන්නකෝ... (මෙය ගීත විචාරය කිරීමේ බහුලව දක්නට නොලැබෙන තවත් එක් ක්‍රමයක්... ගීතයට මූලාශ්‍ර වු දෙවන පාර්ශවයේ කෝණයෙන් ගීතය විචාරීමයි මෙහිදී සිදුකරණු ලබන්නේ....)

    මුතු කුඩ ඉහලන මල් වරුසාවේ
    උඩ ඉගිළෙන විට වැහි ලේනී
    එබී බලා රිය කවුළු දොරින්
    යටගිය දවසේ දෑස ගියා ඉගිළී

    එදා මහ වැස්සක් ඇදන් වැටෙන වෙලාවේ ..ඔයා තෙමයි කියලා බයට... කිසිම අව්වකට වැස්සකට මම ඉහලන්නේ නැති කුඩේ එලි‍යට ඇදගත්තු මම ඔයාව ඒ කුඩේ යට හංගන්න හැදූ හැටි ඔයාට අමතක ඇති.ඒත් ඒ කුඩේ ඇදල අරන් අකුලපු ඔයා තෙමි තෙමී යමු කිව්වම,ඒ දගකාර හිනාවට වශී උනු මම,එලියට ගත්තු කුඩේ ඒ වේගයෙන්ම ඇතුලට දාගෙන,පිස්සුවෙන් වගේ වැස්සේ තෙමුනු හැටි මට අද වගේ මතකයි. වැස්ස ලාවට තුරල් වේගෙන එනකොට ඈත අහසේ පායපු දේදුන්න පෙන්නල හිනා උනු ඔයාගේ හුරතල් මූණ ඇස් වහගත්තම අදටත් මට මවාගන්න පුලුවන්.ඔයාට අමතක උනාට,ඔයා නොදැක්ක උනාට,මම බලාන හිටියේ දේදුන්න දිහා නෙමෙයි, ඊට වඩා එලියට දිලිසෙන ඔයාගේ ඔය ඇස් දෙක දිහාව.දේදුන්න දිහා මිස මගේ දිහා බලාන නොහිටි ඔයා ඒක දකින්න නැතුව ඇති.

    මතකද ...

    මතකද ඔයාට ...

    අඳුරු ලලා සෙංකඩගල වැස්සේ
    දිය දහරා පාටයි දේදුන්නේ
    තෙමී තෙමී ආදර මධු වැස්සේ
    ගිය දෙදෙනා අද යනවා දෙමං තලේ

    මගෙත් එක්ක එහෙම ගියා ඔයාම ... මම බලාගෙන ඉදිද්දි තවත් කෙනෙක් එක්ක අත්වැල් පටලගෙන ගිය අපූරුව? ඔයාට මතකද ඒ යන දිහාව මම පාරේ අයිනේ ඉදන් බලාගෙන හිටපු හැටි?දකින්න නැතුව ඇති මාව.ඔයාගේ ඇස් දෙක තිබුනේ එයාගේ මූනෙම විතරනේ.. මගේ ඇස් වලින් ආපු කඳුලු,එක දිගට හෝ හෝ ගාල ගලාගෙන ආපු කඳුලු වැස්සත් එක්කම සේදිලා ගියා.ඔයාටත් මුලු ලෝකෙටත් හොරෙන්. ඔයා කියනවා නේද එදා එකට ගිය අපි අද දෙමංසලේ යනවා කියලා.කවුද ඒ තීරනය ගත්තේ?කව්ද දෙමංසලේ යන්න තීරනය කලේ..? මමද ඔයාද? ඔයා බලපොරොත්තු උනේ ඔයා ඔයාගේ අලුත් කෙනා එක්ක යද්දි මමත් ඒ පාරෙම ඔයාගේ පිටිපස්සෙන් එයි කියලද?මම එහෙමත් ආව..ඒත් ඔයාට එක විනාඩියක් තිබුනද පිටිපස්සෙන් එන මම දිහා හැරිලා බලන්න.ඔයාගේ ගමන ඔයා ගියා.දෙමංසල තෝරගත්තු ඔයාම අද කියනවා එදා එකට ගිය දෙන්නා අද දෙමංසලේ යනවලු .... කවුද වැරදි .. ?

    රිය ඇතුළේ උණුසුම ඔබට දිදී
    නහවයි මා රියසක මඩ වතුරේ
    නෑ හිත රිදුනේ අදත් එදා සිහි වී
    අපේ සබඳකම් නෑ රිය සක දන්නේ

    ඇත්ත... මම මගේ තඩි වාහනෙන් එබිලා පාරේ අයිනේ ඉන්න ඔයා දිහා බැලුවා. දෑස පියාගෙන ආයෙම අහක බලාගත්තා.. ඔයා ඒක දැක්කා..ඒ ගැන ලෝකෙට කියන්න,ඔයා ඔයාගේ කථාව කවි පද පේලියකට හැරෙව්වා.ඒත්..එක තත්පරයක් හිතුවද මම ඇයි එහෙම කලේ කියලා..ඇයි මම අහක බලාගත්තේ කියලා.නෑ..ඔයා හිතුවේ නෑ.ඔයා ඔයා කල හැමදේම සාධාරණීකරනය කරලා ඔයාගේ දුක කියලා සිංදුවක් ලිව්වා.හරි සරලයි නේද ජීවිතේ එහෙම බැලුවම ... ?

    මම කියන්නම්... අහගන්න ...

    වාහනේ කවුලුවෙන් එබිලා බැලුවේ ඔයාගේ මූන දකින්න.අවුරුදු ගනනාවකට පස්සෙ අහම්බෙන් දැකපු,මම හැම අගලක්ම දැනගෙන හිටි මූන දකින්නයි එබිලා බැලුවේ.ඒත් එතන එහා පැත්තේ ඔයගේ අතේ එල්ලිලා හිටපු කෙනාගේ මූණ දකින්න මට උවමනාවක් තිබුනේ නෑ.අන්න ඒකයි ඇස් දෙක වහගත්තේ.

    රිය ඇතුලේ හරිම උණුසුමයි කියලා නේද හිතුවේ. ඔයාගේ උරහිසේ ඔලුව තියාගෙන ඉදිද්දි දැනුනු උණුසුම මගේ ජීවිතකාලෙටම මට ආයෙම කවමදාකවත් දැනුනේ නෑ.රියෙන් බැහැලා ඒ මල් වැස්සේ ආයෙම ඔයත් එක්ක තෙමෙන්න තිබුන නම් මට ඇත්ත උණුසුම දැනේවි.කවදාවත් මාව හරියට නොදැකපු ඔයා කොහොම මගේ සිතිවිලි තේරුම් ගන්නද....

    මඩ ඉහුනා නේද මගේ වාහනෙන්. දකින්න ඇති නේද මම නෙමෙයි වාහනේ පැදගෙන ගියේ කියලා. මාව සින්නකර විකුනපු මගේ ශරීරයේ භාරකාරයා වාහනේ සුක්කානම අල්ලගෙන හිටි බව පේන්න ඇති නේද... මම ඒ වාහනේ ඇතුලේ කූඩු කරගෙන ගිය සුරතල් සතෙක් විතරයි...

    අපේ සබඳකම් රිය සක දන්නේ කොහොමද .... ඔයාවත් දැනගෙන නොහිටි අපේ බැඳීම රබර් වලින් හදපු ටයර් එකක් කොහොම දැනගෙන ඉන්නද ... ?

    ඔයාගේ සිංදුව හැමෝම ඇහුවා.මඩ ඉහගෙන ඉගිල්ලුනු මට මුලු ලෝකයක්ම සාප කලා,බැන්න,අපහාස කලා. සතුටින් ඉන්න,ඔයා නිදහස්...... ඒත් මම.

    උබනම් මාරයි මාරයි කියන්නේ මාරම මාරයි
    හරියට නිකන් සින්දුවේ නිධාන කතාව පිළිබද පැය ගානක ෆිල්ම් එකක් බැලුවා වගේ සහෝ
    ගීතයක් අහන්න කලින් ඒ ගීතයේ නිධානය ඇසුවාම ඒ ගීතය කොච්චර රසවත්ද කියා උබ කොච්ච්චාර අපුරුවට මේකේ සාක්ෂාත් කරලා තියෙනවද
    මේකේ විචාරය ගත්තම සින්දුව ලියපු බුලත්සිංහල මහතාවත් මේ ආකාරයට විචාරාත්මක කෝණයකින් මේ ගීතයට සදරනයක් කලද කියා සැකයි
    මගේ ඉල්ලීම ඉටු කලට උබට බොහොම තුති ඒ වගේම උබේ විච්ච්රත්මක හැකියාව ගැන පුදුම ආඩම්බරයක් ඇති වෙනවා
    :):)
     
    sadeeep

    Well-known member
  • Aug 24, 2007
    6,168
    1,013
    113
    www.youtube.com
    අපේ යාළුවො මේක කියවන්නෙ නැද්ද දැන්.......???????????????

    එහෙම කියන්න එපා සහෝ,,,මේක කියවන අය ඉන්නව...මට මතකයි එක යාලුවේක් කියල තිබ්බා මේ නූලේ පිටුවක් දෙකක් කියෙවුවොත් අනිවර්යෙන් මුලු පොස්ට් එකම කියවනව කියල,,,ඒ කතව සහතික ඇත්ත...මම සාමන්යෙන් කියවන්න කමති කෙනෙක් නෙමෙයි,,,එත් මම මුල ඉදල අගටම කියෙවුව..කවුරු නැතත් මේක කියවන කියවන අය අනිව කියවනව,,,ජය...
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අපේ යාළුවෙක් මුතුකුඩ ඉහලන මල් වරුසාවේ ගීතයේ සබෑ හා සාර්ථක විචාරය මෙහි දමා තිබුනා... එය නොකියවා මෙම විචාරය ඔබට තේරුම් ගැනීමට නොහැකි වේවි... ඒ නිසා පළමුව එය කියවා ඉන්න... මෙන්න ලින්ක් එක එම විචාරයට.... http://www.elakiri.com/forum/showpost.php?p=12072578&postcount=1695
    maxxa bro:P
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    රන් තාරකාවන් දිලෙන රැයේ
    සේපාලිකාවන් පිපෙන පැයේ
    හදවතට ලංවෙන්න කාටත් හොරා
    සිහිනයක දැවටී වෙලී...

    මා දෙනෙත අඩ අඳූරේ රඳවා තියා
    සඳවතිය පාවී ගියා
    පිලිගන්න පුලූවන්ද සඳ දෙව්ඳූවක්
    මේ හැටිම නපුරුයි කියා

    රන් තාරකාවන් දිලෙන රැයේ
    සේපාලිකාවන් පිපෙන පැයේ
    හදවතට ලංවෙන්න කාටත් හොරා
    සිහිනයක දැවටී වෙලී...

    මා උන්නෙ දොර කවුළු හැරදා තියා
    ඔබ සුවද ඒ යැයි කියා
    නිදි නොමැති නෙත් අගට කඳූලක් තියා
    මුලු රෑම ගෙවිලා

    රන් තාරකාවන් දිලෙන රැයේ
    සේපාලිකාවන් පිපෙන පැයේ
    හදවතට ලංවෙන්න කාටත් හොරා
    සිහිනයක දැවටී වෙලී...
     
    uggahakumbura

    Member
    Feb 4, 2008
    48
    3
    0
    :lol::lol::lol::lol: apoi. e kala grungaara rasaya unath eliyata demme theren nethi widihata. eth ada kaale " thol pethi witharak palamu haduwen themanna"
    AMu amuwe eliyata daanawa

    හැබැයි ඔය තොල් පෙති විතරක් කියන ගීතය ලියලා තියෙන්නෙත් බිම්බරක් සෙනග ගීතය ලියපු කෙනාම තමයි. වැරදිනම් කියන්න දන්න කෙනෙක්. මම අහලා තියන විදිහට එයා තමා.
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    :yes::yes::yes::D:D:D:yes::yes::yes::D:D:D:yes::yes::yes:
     
    uggahakumbura

    Member
    Feb 4, 2008
    48
    3
    0
    ස්තූතියි සහෝදරවරුනි අපේ පිටිපස්සෙන් ඉදගෙන අපිව දිරිමත් කරනවට....

    මම එලකිරි එකට ජොයින් වුනේ 2008 දී. ඒ වුනාට දාලා තියන පොස්ට් ගනන පේනවනේ. ඒකට හේතුව මට නොතේරුනත් මේකට රිප්ලයි දෙන්න ඕනේ හේතුව අමුතුවෙන් කියන්න ඔනේ නැහැනේ. මම තාම 100 වැනි පිටුවේ. sasliit සහෝදරයා සහා dath kimbula ඇතුළු අනෙක් අය තාම මේක කරනවද කියලා බලන්න ඕනේ නිසයි, අන්තිම පිටුව පැත්තේ රවුමක් දැම්මේ. අන්තිම රිපලයි එක තිබුනේ sasliit සහොදරයගෙන් නිසා ලොකු සතුටක් දැනුනා. ඒ මේ නූල තාම සජීවි කියලා හැගුන නිසා. මටත් ගීයක් තියනවා විචාරයක් කරගන්නග එතනට එන්න කලින් ඉතුරු පිටු 75 කියවලාම එන්නම් . දිගටම අපි මේ සමග ඉන්නවා. ඔබට ජය හා සතුට...
     
    Last edited:

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    අපේ යාළුවෙක් මුතුකුඩ ඉහලන මල් වරුසාවේ ගීතයේ සබෑ හා සාර්ථක විචාරය මෙහි දමා තිබුනා... එය නොකියවා මෙම විචාරය ඔබට තේරුම් ගැනීමට නොහැකි වේවි... ඒ නිසා පළමුව එය කියවා ඉන්න... මෙන්න ලින්ක් එක එම විචාරයට.... http://www.elakiri.com/forum/showpost.php?p=12072578&postcount=1695

    මා අන්තර්ජාලයේ සැරි සරණ විටදි දුටුව එක් කාන්තාවක් ඒ ගීතයෙන් නොකියවෙන රියතුල සිටින ප්‍රේමවන්තියගෙ වේදනාව ගැන කතාකරල තිබෙනවා... ඒ කියන්නෙ යාළුවනේ .... රියතුල ඉන්න සිය පැරණි ආදරවන්තිය දුටුවම පැරණි පෙම්වතානේ මේ ගීතය කියන්නෙ.... නමුත් දැන් මේ කතාකරන්නෙ රිය තුල ඉන්න පැරණි පෙම්වන්තිය.... කියවලම බලන්නකෝ... (මෙය ගීත විචාරය කිරීමේ බහුලව දක්නට නොලැබෙන තවත් එක් ක්‍රමයක්... ගීතයට මූලාශ්‍ර වු දෙවන පාර්ශවයේ කෝණයෙන් ගීතය විචාරීමයි මෙහිදී සිදුකරණු ලබන්නේ....)

    මුතු කුඩ ඉහලන මල් වරුසාවේ
    උඩ ඉගිළෙන විට වැහි ලේනී
    එබී බලා රිය කවුළු දොරින්
    යටගිය දවසේ දෑස ගියා ඉගිළී

    එදා මහ වැස්සක් ඇදන් වැටෙන වෙලාවේ ..ඔයා තෙමයි කියලා බයට... කිසිම අව්වකට වැස්සකට මම ඉහලන්නේ නැති කුඩේ එලි‍යට ඇදගත්තු මම ඔයාව ඒ කුඩේ යට හංගන්න හැදූ හැටි ඔයාට අමතක ඇති.ඒත් ඒ කුඩේ ඇදල අරන් අකුලපු ඔයා තෙමි තෙමී යමු කිව්වම,ඒ දගකාර හිනාවට වශී උනු මම,එලියට ගත්තු කුඩේ ඒ වේගයෙන්ම ඇතුලට දාගෙන,පිස්සුවෙන් වගේ වැස්සේ තෙමුනු හැටි මට අද වගේ මතකයි. වැස්ස ලාවට තුරල් වේගෙන එනකොට ඈත අහසේ පායපු දේදුන්න පෙන්නල හිනා උනු ඔයාගේ හුරතල් මූණ ඇස් වහගත්තම අදටත් මට මවාගන්න පුලුවන්.ඔයාට අමතක උනාට,ඔයා නොදැක්ක උනාට,මම බලාන හිටියේ දේදුන්න දිහා නෙමෙයි, ඊට වඩා එලියට දිලිසෙන ඔයාගේ ඔය ඇස් දෙක දිහාව.දේදුන්න දිහා මිස මගේ දිහා බලාන නොහිටි ඔයා ඒක දකින්න නැතුව ඇති.

    මතකද ...

    මතකද ඔයාට ...

    අඳුරු ලලා සෙංකඩගල වැස්සේ
    දිය දහරා පාටයි දේදුන්නේ
    තෙමී තෙමී ආදර මධු වැස්සේ
    ගිය දෙදෙනා අද යනවා දෙමං තලේ

    මගෙත් එක්ක එහෙම ගියා ඔයාම ... මම බලාගෙන ඉදිද්දි තවත් කෙනෙක් එක්ක අත්වැල් පටලගෙන ගිය අපූරුව? ඔයාට මතකද ඒ යන දිහාව මම පාරේ අයිනේ ඉදන් බලාගෙන හිටපු හැටි?දකින්න නැතුව ඇති මාව.ඔයාගේ ඇස් දෙක තිබුනේ එයාගේ මූනෙම විතරනේ.. මගේ ඇස් වලින් ආපු කඳුලු,එක දිගට හෝ හෝ ගාල ගලාගෙන ආපු කඳුලු වැස්සත් එක්කම සේදිලා ගියා.ඔයාටත් මුලු ලෝකෙටත් හොරෙන්. ඔයා කියනවා නේද එදා එකට ගිය අපි අද දෙමංසලේ යනවා කියලා.කවුද ඒ තීරනය ගත්තේ?කව්ද දෙමංසලේ යන්න තීරනය කලේ..? මමද ඔයාද? ඔයා බලපොරොත්තු උනේ ඔයා ඔයාගේ අලුත් කෙනා එක්ක යද්දි මමත් ඒ පාරෙම ඔයාගේ පිටිපස්සෙන් එයි කියලද?මම එහෙමත් ආව..ඒත් ඔයාට එක විනාඩියක් තිබුනද පිටිපස්සෙන් එන මම දිහා හැරිලා බලන්න.ඔයාගේ ගමන ඔයා ගියා.දෙමංසල තෝරගත්තු ඔයාම අද කියනවා එදා එකට ගිය දෙන්නා අද දෙමංසලේ යනවලු .... කවුද වැරදි .. ?

    රිය ඇතුළේ උණුසුම ඔබට දිදී
    නහවයි මා රියසක මඩ වතුරේ
    නෑ හිත රිදුනේ අදත් එදා සිහි වී
    අපේ සබඳකම් නෑ රිය සක දන්නේ

    ඇත්ත... මම මගේ තඩි වාහනෙන් එබිලා පාරේ අයිනේ ඉන්න ඔයා දිහා බැලුවා. දෑස පියාගෙන ආයෙම අහක බලාගත්තා.. ඔයා ඒක දැක්කා..ඒ ගැන ලෝකෙට කියන්න,ඔයා ඔයාගේ කථාව කවි පද පේලියකට හැරෙව්වා.ඒත්..එක තත්පරයක් හිතුවද මම ඇයි එහෙම කලේ කියලා..ඇයි මම අහක බලාගත්තේ කියලා.නෑ..ඔයා හිතුවේ නෑ.ඔයා ඔයා කල හැමදේම සාධාරණීකරනය කරලා ඔයාගේ දුක කියලා සිංදුවක් ලිව්වා.හරි සරලයි නේද ජීවිතේ එහෙම බැලුවම ... ?

    මම කියන්නම්... අහගන්න ...

    වාහනේ කවුලුවෙන් එබිලා බැලුවේ ඔයාගේ මූන දකින්න.අවුරුදු ගනනාවකට පස්සෙ අහම්බෙන් දැකපු,මම හැම අගලක්ම දැනගෙන හිටි මූන දකින්නයි එබිලා බැලුවේ.ඒත් එතන එහා පැත්තේ ඔයගේ අතේ එල්ලිලා හිටපු කෙනාගේ මූණ දකින්න මට උවමනාවක් තිබුනේ නෑ.අන්න ඒකයි ඇස් දෙක වහගත්තේ.

    රිය ඇතුලේ හරිම උණුසුමයි කියලා නේද හිතුවේ. ඔයාගේ උරහිසේ ඔලුව තියාගෙන ඉදිද්දි දැනුනු උණුසුම මගේ ජීවිතකාලෙටම මට ආයෙම කවමදාකවත් දැනුනේ නෑ.රියෙන් බැහැලා ඒ මල් වැස්සේ ආයෙම ඔයත් එක්ක තෙමෙන්න තිබුන නම් මට ඇත්ත උණුසුම දැනේවි.කවදාවත් මාව හරියට නොදැකපු ඔයා කොහොම මගේ සිතිවිලි තේරුම් ගන්නද....

    මඩ ඉහුනා නේද මගේ වාහනෙන්. දකින්න ඇති නේද මම නෙමෙයි වාහනේ පැදගෙන ගියේ කියලා. මාව සින්නකර විකුනපු මගේ ශරීරයේ භාරකාරයා වාහනේ සුක්කානම අල්ලගෙන හිටි බව පේන්න ඇති නේද... මම ඒ වාහනේ ඇතුලේ කූඩු කරගෙන ගිය සුරතල් සතෙක් විතරයි...

    අපේ සබඳකම් රිය සක දන්නේ කොහොමද .... ඔයාවත් දැනගෙන නොහිටි අපේ බැඳීම රබර් වලින් හදපු ටයර් එකක් කොහොම දැනගෙන ඉන්නද ... ?

    ඔයාගේ සිංදුව හැමෝම ඇහුවා.මඩ ඉහගෙන ඉගිල්ලුනු මට මුලු ලෝකයක්ම සාප කලා,බැන්න,අපහාස කලා. සතුටින් ඉන්න,ඔයා නිදහස්...... ඒත් මම.

    කියල වැඩක් නෑ මචන් උපරිමයි..
    11.gif
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අපි කවුරුත් දන්නවනේ හෙන්රි ජයසේන මහතමයව.... හුණු වටයේ කතාව වේදිකා නාට්‍යය එහෙම හැදුවෙ.... එතුමා සමග තවත් මහාචාර්ය කෙනෙක් (කැළණිය විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා කථිකාචාර්ය වරයෙක්. මේ වනවිට මට නම මතන නෑ.) වත්මන් ලාංකීය සමාජය මැයෙන් දේශණයක් පැවුත්වූවා. (මේ වන විට හෙන්රි ජයසේන මැතිතුමාගේ බිරිදගේ අභාවය සිදුවී ටික කලක්...) එම දේශණයට සහභාගී වූ මා අත්විදි සන්වේදනීය අවස්ථාවක් ඔබට ගෙන එන්නටයි මේ උත්සාහ කරන්නෙ... කතාව කෙටියි.. නමුත් හිතන්න දේවල් බොහොමයි...

    ඒ අවස්ථාවේදී මුල්ම දේශණය පැවැත්වූයේ අර කියපු මහාචාර්යතුමා. එතුමා මෙහෙම කියනව...

    බලන්න අද වෙන කොට සිංහල සාහිත්‍යයය කොච්චර පහත් තැනකට වැටිලද... සිංහල භාෂාව කියන්නෙ ලෝකේ තියෙන උතුන්ම භාෂාවක්... හැගීම් කියනදේ ප්‍රකාශ කරන්න කොතරම් නම් වචන තියෙනවද... වෙන ලෝකෙ කිසිම රටකට අපිට තරම් වචනවලින් පොහොසත් භාෂෘවක් නෑ... ලෝකෙටම නැති දෙයක් සිංහල භාෂාව ඔස්සේ අපිට ලැබිල තිබෙනව.....

    උදාහරණයක් විදියට ඔබට දැනෙන තේරෙන ආකාරයෙන් කියනවනම් ඔබට තරහ ආවොතින් ඒ තරහේ ප්‍රමාණය අනුව බනින්න වචන අපේ බාෂාව සතුයි.... ඒ කියන්නෙ අපේ හැගීම්වල තරම අපිට වචන වලින් පෙන්වන්න පුළුවන්... කවුද කියන්නෙ හැගීම් වලට මිණුම් දඩු නෑ කියල.... මිණුම් දඩු නැත්තෙ පර සුද්දොන්ගෙ භාෂාවෙ... උන්ට බනින්න තියෙන්නෙ වචන 4ක් 5ක්... හැම එකටම ඒ වචන 4,5 තමා මාරු කර කර දාන්නෙ... අපේ භාෂාව එහෙම නෑ... ඔයා, යුෂ්මතා, තමුසෙ, උඹ, අඩෝ.... කියල පටන් ගත්තම..... සත්තු කිහිපදෙනෙකුත් මතක් කරගෙනම.... හොද කුණු හරුප කියල උඹෙ අම්මට කියල නවත්තනකල් වචන සිය ගණනක් අපේ බාෂාවෙ තියෙනව.... නමුත් එහෙම තියෙද්දිත් අපේ ළමයි ෆක් යූ.... කියනව..... (ශාලාවම දෙවනත් වෙන්න සිනාසෙයි....)

    ඔන්න බබෝ ඇතින්නියා ගල් අරඹේ සිටින්නියා..... එදත් ළමයි නළවන විටදි මේ කවිය තමා කියන්නෙ... අදත් මේ කවිය.... හෙටත් මේ කවියමයි.... අපේ ගීත සාහිත්‍යයයේ කොතරම් නම් නැළවිල ගීත තියෙනවද.... ඇතින්නියෙකුයි... අම්ම කිරි ගේන්න ගියපු කතාවකුයි.... ගගට උඩින් කොක්කු ගියපු කතාවකුයි... අම්ම කොහෙද ගියපු කතාවකුයි.... මොනවද මේ.... ඒ කාලෙ අම්මල හරි... මොකද එයාල තරමක නූගත්... නමුත් දරුවනේ උඹල ඉන්නෙ අලුත් ලෝකෙක උඹලත් ඕකමද කියන්නෙ... සිංහල සංගීතයේ උඹලට ළමයි නලවන්න වෙන ගීතයක් ඇත්තෙම නැද්ද.... ඔය ගීතයේ ළමයට ගන්න දෙයක් තියෙනවද.... පොඩි කාලෙ ඉදලම ඔයවගේ අරුත්සුන් ගීත ඇහුනම ලොකු වෙනනකොට ළමයත් එහෙම තමා. අරුත් සුන්... ළමයත් සුන්... සමාජයත් සුනේ සුන්.... ඔබ උගත් හොද විචාරශීලී පුද්ගලයෙක් නම් දැන්වත් මේ පිළිබදව හිතන්න....

    මේ ආකාරයෙන් බොහෝ කරුණු පිළිබද දේශණය පැවැත්වූ එතුමාගෙන් පසුව හෙන්රි ජයසේන මැතිතුමා පැමිණිය සිය දේශණය සදහා වේදිකාවට.... ඇවිත් මයික්‍රෆෝනය අසල සිටගත්තත් එතුමා නිහඩයි... ටික වෙලාවක් බිම බලාගෙන සිටි එතුමා සිය හඩ වෙව්ලන ස්වරයෙන් අවදි කලා.... අර මහාචාර්යතුමා දිහා නෙත් යොමු කරපු හෙන්රි ජයසේන මහත්මා වෙවුලන ස්වරයෙන් මෙහෙම කියනව.....

    මහාචාර්යතුමණි, ඔබ පැවසූ වදන් ඊයම් බරු වගේ මගේ හදවත පසාරු කලා.... ඒ මට මගේ ප්‍රිය බිරිද මානෙල් ජයසේනව සිහිපත් වීම නිසා.... මට පුදුම අභිමානයක් දැනෙනව මගේ සදාදරණීය බිරිද පිළිබදව.... මතු භවයේදීත් ඇය මටත් මගේ සුධීර පුතාට මවක් වේවායි මා මේ මොහොතේ ප්‍රාර්ථනා කරනව. මොකද මට මතකයි ඇය මගේ බිළිදු සුධීර පුතු නැලවූ අයුරු... ඇය දොයි දොයි දොයිය බබා කීවෙ නෑ.... බයි බයි බයි බයිය බබා කීවෙ නෑ..... පුතු නළවන විටදි ඇය ඉතා මිහිරි හඩින් ගායනා කලේ.........

    මුණි සිරිපා සිඹිමින්නේ..
    සමනොළ ගිරි පෙදෙසින්නේ..
    මඳ සුළඟයි මේ එන්නේ..
    මගේ පුතා නැළැවෙන්නේ..​

    ................ සභාවම මීයට පිම්බ වගේ නිහඩයි.... සමහරුන්ගෙ නෙතග කදුලු.. තවත් අය බිම බලාගෙන කදුළු පිහදනවා..... කෙතරම් නම් සංවේදීද...? අද සමාජයේ ගැවසෙන ඔබ මේ දේශණය ගැන මොකද හිතන්නෙ....

    මුණි සිරිපා සිඹිමින්නේ..
    සමනොළ ගිරි පෙදෙසින්නේ..
    මඳ සුළඟයි මේ එන්නේ..
    මගේ පුතා නැළැවෙන්නේ..

    ජාතික රණ දෙරණ මතේ...
    ගැටී වැටී මළ මොහොතේ..
    සුන්දර සුරඹුන්ගෙ අතේ...
    නැළැවෙන බව සිතනු පුතේ...

    නිදහස් හිරු පායනවා...
    දෑ බැති මල් පිබිදෙනවා...
    සිරිලක් මව හිනැහෙනවා...
    මගේ පුතා නැළැවෙනවා...

    කැප්පෙටිපොළ සෙනෙවිසුරු...
    කර රුපුසෙන් මං දැදුරු...
    අභිරුවිකුම් පෑ අයුරූ...
    නුඹට පුතේ වෙයි මියුරූ...

    ජාතිය රන් විමනක් වේ...
    ආගම මිණි පහනක් වේ...
    එය රැක ගන්නට මෙලොවේ...
    සමත් වෙතොත් පුත නුඹ වේ...

    පද රචනය - එස් . මහින්ද හිමි ( ජාතික තොටිල්ල කාව්‍ය ග්‍රන්ථය )
    සංගීතය - පණ්ඩිත් අමරදේව

    තවත් ගීතයකින් හමුවෙමු..................
     
    • Like
    Reactions: nisha500

    thomian

    Well-known member
  • May 20, 2011
    12,103
    16,873

    නියමයි සහෝ....:):):)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මම එලකිරි එකට ජොයින් වුනේ 2008 දී. ඒ වුනාට දාලා තියන පොස්ට් ගනන පේනවනේ. ඒකට හේතුව මට නොතේරුනත් මේකට රිප්ලයි දෙන්න ඕනේ හේතුව අමුතුවෙන් කියන්න ඔනේ නැහැනේ. මම තාම 100 වැනි පිටුවේ. sasliit සහෝදරයා සහා dath kimbula ඇතුළු අනෙක් අය තාම මේක කරනවද කියලා බලන්න ඕනේ නිසයි, අන්තිම පිටුව පැත්තේ රවුමක් දැම්මේ. අන්තිම රිපලයි එක තිබුනේ sasliit සහොදරයගෙන් නිසා ලොකු සතුටක් දැනුනා. ඒ මේ නූල තාම සජීවි කියලා හැගුන නිසා. මටත් ගීයක් තියනවා විචාරයක් කරගන්නග එතනට එන්න කලින් ඉතුරු පිටු 75 කියවලාම එන්නම් . දිගටම අපි මේ සමග ඉන්නවා. ඔබට ජය හා සතුට...
    :yes::yes::yes::yes::yes::yes:
    ජස්ටින් අය්යලගේ සින්දුවලින් මොලේ මත් උන
    උන විකාරයෙන් කැ ගහන කළු ඇමරිකන් කාරයෝ කුණු හරුපෙන් පටන් ගන්න
    සිංදුවල මුල නොතේරෙන හින්ද අන්තිම තේරෙන ඔහ් ඔහ් බේබි බේබි පමණක් කියන්න පුළුවන් සමාජයක උබල සෙට් එක මාරයි
    මාරයි කියන්නේ මාරම මාරයි
    දිගටම කරගෙන යමු සහෝ " එළකිරියේ සොදුරු නවාතැන සුන්දර ගීයක ඇරබුම,..
    ."
    සරස්වතිය හා අප සැමදා ඔබ සමගයි
     
    • Like
    Reactions: Chinthaka_tc