මම මචං අවුරුදු හතරක් ලව් කරා... මම පුදුම විදියට එයාට ආදරේ කරා, මට දැනුන විදියට එයත් මට ගොඩක් ආදරේ කලා... අපි අතරේ පොඩි පොඩි ප්ර ශ්ණ තිබ්බා, රණ්ඩු වෙනවා යාලු වෙනවා... ආපහු රණ්ඩු වෙනවා... මම හිතන්නේ හැමෝම එහෙම තමයි... එයාගේ ගෙදර අය වගේම අපේ ගෙදර අයත් අපේ සම්බන්දය දන්නවා මම හැංගි හොරා ලව් කරේ නැහැ... කෙල්ල කැමතියි කියපු හැටියෙම මම එයාගේ අම්මගෙන් තාත්තගෙන් කැමැත්ත ගත්තා...
ඒ උනාට අද වෙනකොට කෙල්ල මාව එපා කියනවා... මට කරන්න කිසිම දෙයක් ඉතුරුවෙලා නැහැ... මම එයාට ගොඩාක් තේරුම් කලා මම එයාට කොච්චර ආදරේද කියල ඒත් එයා පුදුම විදියට මාව ප්රැතික්ෂේප කරනවා... එයාව එපා වෙන විදියට තමයි වැඩ කරන්නේ... මාත් එක්ක කතා කරන්නවත් කැමති නැහැ... පුදුම තරහකින් ඉන්නේ... මට හිතාගන්න බැහැ එයා කොහොමද මේ විදියට වෙනස් උනේ කියලා... මෙහෙම වෙන්න හේතුවවත් එයා මට කියන්නේ නැහැ...
මම දන්නවා මොකක් හරි ලොකු හේතුවක් ඇති එයාට නැත්තම් එයාට බැහැ මට මෙහෙම දෙයක් කරන්න...
මම දන්නවා එයා ගැන... එහෙම නැත්නම් එයා අවුරුදු හතරක් තිස්සේ කරලා තියෙන්නේ බොරුවක්...
මම තවම උත්සහ කරන්නේ එයාට මේ ගැන තේරුම් කරල දෙන්න... බලමු එයා මේක තේරුම් ගනීද කියලා...
මගේ හිතේ තිබුන මේ ප්රයශ්නය කතා කරන්න මේ වගේ නූලක් දාපු Fire Eye සහෝදරයාට thank you වෙන්න ඕන..
ඔයාලගේ අදහස මොකක්ද මේ ගැන...

ඕක හේතු 3ක් තියෙන්න පුළුවන් බං...
මේවායෙන් මොකක්ද කියන එක තමා මචං ප්‍රශ්ණේ...
- කෙල්ලට උඹට වඩා හොඳයි කියල හිතෙන කෙනෙක් සෙට් වීම...
- උඹේ මොකාක් හරි වැරැද්දක් තවදුරටත් ඉවසාගෙන ඉන්න බැරිවීම...
- කෙල්ල උඹට අවුරුදු හතර පුරාම බොරුවක් කරල තියන එක...
අඩෝ අපරාදේ අවුරුදු 4ක සම්බන්ධයක් කැඩිල යන්න දෙන්න එපා
පොඩ්ඩක් කෙල්ල එක හෙමින් සීරුවෙ කථා කරල අහපන් කො ඇයි එහෙම උඹට කරන්නෙ,උඹව ප්‍රතික්ෂෙප කරන්න හේතුව.හේතුව නොදැන පිළිතුරක් හොයන්න අමාරුයි බන්
අමු කැවිලද මන්ද
කොහොමද මචං අවුරුදු හතරක් බොරු කරන්නේ... මගෙන් වැරද්දක් වුනානම් ඒක මාත් එක්ක කතා කරලා හදාගන්න අවස්ථාවක් දෙන්න ඕනනේ... (මෙහෙම වෙන්න හේතුවවත් එයා මට කියන්නේ නැහැනේ) අනික මට වඩා හොඳ කෙනෙක් සෙට් උනාද කියන එක තවම මම දන්නේ නැහැ මම ඒක ගැන ටිකක් හොයල බැලුව හැබැයි එහෙම එකක් තවම නැහැ... මොකද මචන් මම කරන්නේ... මේව ගැන හිතුවම නිකන් පිස්සු වගේ...
වෙලාවකට හිතෙනවා එයාට මාව එපානම් මට මොකටද කියලා... ඒත් මට එහෙම කරන්න බැහැ... මට හැම වෙලාවෙම එයාවම තමයි මතක් වෙන්නේ...
මම මචන් දන්න හැම විදියටම ඇහුවා... ගෙදර ගිහිල්ලත් කතා කරා... කිසිම ප්‍රගතියක් නැහැ... ඇයි බන් එහෙම වෙන්නේ... කෙල්ලො හිතන්නේ පිරිම් අපි කිසිම් හැඟීමක් දැනීමක් නැති උන් කියලද...
උන්ට විතරයි අඬන්න පුලුවන් අපිට ඇඬෙන්නේ නැහැ කියලද...
ඕකට උත්තරේ ඒ කෙල්ලගෙන්ම තමයි බන් ගන්න ඕනා
හේතුවක් නැති ප්‍රශ්නයක් තියෙන්නෙ විදියක් නෑ නේ
කෙල්ල උඹව ප්‍රතික්ෂෙප කරනව නම් අනිව පැහැදිලි හේතුවක් තියෙන්නෙ ඔනේ.අඩුගානේ ගිනි ඇස් සහෝ කිව්ව විදියේ හේතුවක් වත්
කෙල්ලගෙ ගෙදරින් දැන් ඔය ඇතිවෙලා තියෙන තත්වය දන්නෙ නැද්ද එතකොට
ඔහොම කෙල්ලෙක් ගැන ඇහුවමයිගෙදර අය දන්නවා... ඒ උනාට එයාලට කරන්න දෙයක් නැහැ මචන්... කෙල්ල බැහැම කියල කියන්නේ... අම්මලා තවම මට කැමතියි ඒත් කෙල්ලගේ අකමැත්තෙන් මුකුත් කරන්න බැහැනේ... එයාලටත් හිතාගන්න බැහැ මොකද උනේ කියලා...

කෙල්ලගෙ ගෙදරින් විමසුවෙ නැද්ද මොකුත්
නිකන් එහෙම ක්‍රියාකරන්නෙ නෑ නේ කවුරුත්
මානසික රෝගියෙක් වෙන්න ඕන එහෙම නම්
මොකක්ම හරි හේතුවක් ඇති
හෙතුව නොදැන පිළිතුරු සොයන්න අමාරුයි බන්
උඹල දෙන්නම එකතුවෙලා ඕනේ ඕක විසදගන්න
අහපන් මොකද කියල එහෙම කරන්නෙ
උඹ නොහොබිනා වැඩක් එහෙම කරලවත්ද දන්නෙ නෑ නේ
මට තේරෙනවා මචන් හේතුව තමයි මමත් අහන්නේ... ඒක නොදැන මටත් මුකුත් කරන්න බැහැනේ... ඒ උනාට කෙල්ල හේතුව කියන්නෙම නැහැ...
මම දන්න විදියට මම එහෙම් නොහොබිනා වැඩ කරල නැහැ සහෝ... එහෙම කරල මෙහෙම උනානම් තව කමක් නැහැ... මගේ උත්සහය තවම නවත්තලා නැහැ... ආපහු ගෙදර ගිහිල්ලා කතා කරනවා... ඕනම එකකට උත්තරයක් තියෙන්න ඕනනේ...
ඔහොම කෙල්ලෙක් ගැන ඇහුවමයි
පුදුම කෙල්ලොනෙ බන් ඉන්නෙ
බයත් හිතෙනව මට නම්![]()
මට දැනුන විදියටමම මචන් කෙල්ලට පුදුම විදියට ආදරේ කලා... ඒ උනාට ඒක එයාට දැනිලා නැහැ...
ලව් කරන හැමෝටම කියන්න තියෙන්නේ අපි කොච්චර හිතාගෙන හිටියත් අපි ලවි කරනවා කියලා ඒක එයාට දැනෙන්නේ නැත්තම් කොච්චර කලත් වැඩක් නැහැ... හරියට හිල් කලයට වතුර දානවා වගේ වැඩක්... හැමෝම කැපකිරීම් කරන්න කැමති නැහැ... හැමදාම එක්කෙනෙක් විතරක් කැපකිරීම් කලාට වැඩකුත් නැහැ... එතකොට අනෙකාට ඒකෙ අගේ නැති වෙනවා...

කෙල්ලගෙ කටින්ම අහගනින් සීන් එක
ඊට පස්සෙ බලමු මොකද වෙන්නෙ කියල
පිස්සුද දන්නෙ නෑ පොඩ්ඩක් බලපන් අනේ මන්ද
මුන්ගෙ හිත් වෙනස් වෙන්නෙ මාර විදියටනෙ ඕයි
හිතාගන්න බැහැ... තව උත්සහකරල බලමු... උපදෙස්වලට ස්තුතියි සහෝදරයා... ආපහු එන්නම්... අතීතය මතක් වෙනකොටත් දුකයි...

වැඩ්ඩා;12139396 said:ඔන්න වැඩ්ඩා කාලෙකට පස්සේ ආයෙත් ආවා !! මාර වැඩ වගයක් ඉවර කරලා......මමත් කතාවක් කියන්නම් කට්ටිය අහගෙන ඉන්නවද ??
මේක මම බච්චා කාලේ (පොඩි කාලේ) උන සීන් එකක් .... මගේ පළමු කුලුදුල් ප්‍රථම සත්‍ය ආදරය (ඒක බොහෝ විට ආකාර්ෂණයක් වෙන්නත් පුලුවන්)
ඒක ගැන මම මෙතන කියන්නද ?? මල් බබා අයියාගෙන් පොරොන්දුවක් ඔනේ මේක ගන කාටත් කියන්නේ නැහැ කියලා මොකද වැඩිය මේ සීන් එක ගැන කවුරුත් දන්නේ නැහැ!!!
මෙතන කියන්නද මගේ දුක්බර කතාව ??![]()