සුන්දර ගීයක ඇරබුම,..

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි නොදිටි දෙයක් නොවේද????

    නව දැළි හේනක............

    නව දැලි හේනක - පෑව වැදිරි රැව
    ලෙස උවමින් දෙනුවන් රවටා
    මා පෙම් කළ ජනපද කළාණිට
    හිමියනි මට කල නොහැක නිගා.......

    සුරගන රෑ සිරි දුටිමි හැදින්නෙමි
    සිත් ලෙස දෙනුවන් බදුන් පුරා
    මා හදුනන මගේ හද ගත් කළනිය
    මට නුදුරුයි සුරඹුනට වඩා

    මා සිත සුවපත් කරවනු නොහැකිය
    සෝ ළතැවුල් දෙයි රැයද දිවා
    නෙත දුටු සුරගන රෑ සිරු කුමටද
    හද දුටු ජනපද කළණ නිසා

    බෞද්ධ සාහිත්‍යයේ එන නන්ද තෙරණුවන් සම්බන්ද කතාව ඔබ දනිමියි සිතමි. බුදුන් වහන්සේ මෞලි මංගල්‍යය, ගෘහ ප්‍රවේශ මංගල්‍යය සහ විවාහ මංගල්‍යය තිබු දිනම සිය භාග සොයුරා වූ නන්ද කුමරාණන් ගේ ගෘහයට වැඩම කොට, දන් වළදා අවසන ඔහු අතට පාත්‍රය දී නික්මී එන අතර, පාත්‍රය අතින් ගෙන බුදුරදුන් පිටුපස යන නන්ද කුමරාණන් හට ඔහු ගේ පියඹ වන්නට සිටින රූපත් ජනපද කළ්‍යාණිය "අනේ හිමියනි, විගසින් නැවත එන්න"යි පවසයි. බුදුන් වහන්සේ පසුපසින් යන නන්ද කුමරාණන් බුද්ධ ගෞරවයද, සහෝදර ගෞරවයද නිසා මහණ වුවත්, කෙළෙසුන් නැසීමට නොහැකි වන්නේ තම පියඹ ගේ නැවත එන ලෙස කරන ලද ඉල්ලිම සිහිපත් වන බැවිනි. මේ පිළිබදව දුටු බුදුරදුන් වරෙක නන්ද ස්වාමින් වහන්සේ දෙව්ලොව වෙත කැදවා යන අතර එහිදි උන්වහන්සේ ශක්‍රයා ගේ රූපත් අඹුවන් දකි. නැවත අරම වෙත වඩින බුදුන් වහන්සේ දැවී ගිය හේනක යමක් කමින් සිටින වැදිරියක් පා. "නන්දයෙනි, දැන් ඔබට ජනපද කළ්‍යානිය පෙනෙන්නේ මේ ලෙස නොවේදැ" යි විමසයි. රූපයේ නිස්සාරත්වය අරමුණු වන නන්ද ස්වාමින් වහන්සේ එය ම අරමුනු කොට බවුන් වඩා මග පල අවබෝදකොට ගත් බවය බොදු සාහිතයේ එන්නේ.

    නමුදු මේ ගී පද රචනය නන්ද තෙරනුවන් ගේ ඇතුලු හද පෙන්වන්නක් වෙයි. ප්‍රේමය රුධිරයට වඩා ගනකම් බව ය, ‍උන්වහන්සේ මෙහි දි පවසන්නේ.....

    නව දැලි හේනක - පෑව වැදිරි රැව
    ලෙස උවමින් දෙනුවන් රවටා
    මා පෙම් කළ ජනපද කළාණිට
    හිමියනි මට කල නොහැක නිගා.......

    දා ගිය හේනක වු වැදිරියකට උපමා කළද තමා ගේ සිත තුල වු ප්‍රේමය නිසා ම තමා පෙම් කල ඇයට නිගරු කල නොහැකි බව ගෞරව පූර්වකව උන් වහන්සේ තෙපළති.

    සුරගන රෑ සිරි දුටිමි හැදින්නෙමි
    සිත් ලෙස දෙනුවන් බදුන් පුරා
    මා හදුනන මගේ හද ගත් කළනිය
    මට නුදුරුයි සුරඹුනට වඩා

    කෙතරම් සුරගනන් බදු රූපත් කතුන් දුටුවද, තමා හදුනන, තමා ගේ හදවත පැහැර ගත් කත මේ සියළු රූමතියන් පරයා තමා හදවත රැදෙන බව උන්වහන්සේ කියති. ඇත්තෙන් ම අපිද කෙතරම් රුමත් කතුන් දුටුවද, අපට ආදරය කරන, අප විසින් ආදරය කරනු ලබන පෙම්වතියන්, පියඹුන් දමා උන් පසුපස නොයන්නේ මේ නිසා ම නොවේද සකියෙනි. අප හද ගත් අය, සුරගනන් බදු වුවන් හට වඩා අප හදට නුදුරු නොවේද?

    මා සිත සුවපත් කරවනු නොහැකිය
    සෝ ළතැවුල් දෙයි රැයද දිවා
    නෙත දුටු සුරගන රෑ සිරු කුමටද
    හද දුටු ජනපද කළණ නිසා

    වියෝ වේ තරම පෙන්වන මේ පදය බලන්න. කෙතරම් වුවද මා සිත සුවපත් කරවනු නොහැකිය. ඒ නෙත දුටු රුපත් සුරගනන් නිසා නොව වියෝ වි ඇත්තේ තම හද දුටු, තම දිවිය හදුනන, තම සෙනෙහස හදුනන ජනපද කළ්‍යාණිය නිසාය.

    බොදු දසුනේ එන බැදිම නැති කිරිම නම් සංකල්පයට රැහැනිව උඩුගං බලා පීනන්නකි මේ පබැදුම. මේ බැදීම ගැනමය, මහැදුරු සරච්චන්ද්‍රයන් "නැත ලොවේ අන් රසදුනා - ආදරේ සේ සුව දෙනා" යනුවෙන් වරෙක සිංහබාහු නාටකයේ කියා පෑවේ. මේ බැදීම කොතරම් චමත්කාරද, සිත් නළවන - අලවන සුළු ද යන්න, අතිශය රමනිය ලෙස විග්‍රහ කෙරෙන මෙවන් දුළබ ගී පබැදුම් වලින් සරු හෙළ ගි කෙත ඇසුරු කිරිමට, හෙළයෙකු වී හෙල බිමේ මෙසේ ජනිත වීමද පිනක් මය යන්න, මේ ගීතය ශ්‍රවණය කරන මා හට සිතේ...........!!!!
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,103
    16,873

    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    අපි නොදිටි දෙයක් නොවේද????

    නව දැළි හේනක............

    නව දැලි හේනක - පෑව වැදිරි රැව
    ලෙස උවමින් දෙනුවන් රවටා
    මා පෙම් කළ ජනපද කළාණිට
    හිමියනි මට කල නොහැක නිගා.......

    සුරගන රෑ සිරි දුටිමි හැදින්නෙමි
    සිත් ලෙස දෙනුවන් බදුන් පුරා
    මා හදුනන මගේ හද ගත් කළනිය
    මට නුදුරුයි සුරඹුනට වඩා

    මා සිත සුවපත් කරවනු නොහැකිය
    සෝ ළතැවුල් දෙයි රැයද දිවා
    නෙත දුටු සුරගන රෑ සිරු කුමටද
    හද දුටු ජනපද කළණ නිසා

    My favourite song...thank you so much..
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අපි නොදිටි දෙයක් නොවේද????

    නව දැළි හේනක............

    නියමයි කිබුල.. මේ නූල නවතින්න දෙන්න එපා... දිගටම දාමු අපි හෑමදාමත්ම ඉන්නව... ඕන දෙයක් වෙද්දෙන් කියල ඔන්න මම ආව....
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මේක එන්න එන්න පල්ලෑහාට යනව බලන් ඉන්න බෑරිම තෑන තමා මම ආයෙත් ආවෙ වෙනදෙයක් වෙච්චදෙය් කියල... මේක පටන්ගද්දඉ හිටපු හුගදෙනෙක් දෑන් මේක දකින්නවත් නෑ... ගොඩක් වෙලාවට ඒ අය මේක එනව ඈති.. ඈවිත් නිකන්ම යනව ඈති... එහෙම නොකර එකම එක වචනයකින් හරි විචාරකරුවන්ව දිරිමත් කරල යමු.. මොකද අපි දාන එක වචනයක් ඔවුන්ට ඈති... තව විචාරයක් දාන්න ගට ගන්න...

    ඈස් රිදෙනකම් මොනිටරය දිහාබලාගෙන අත් රිදෙනකම් ටයිප් කරගෙන ඔවුන් මේ විචාර දාන්නෙ කිසිම ලාබයක් බලගෙන නෙමේ... අපේ දෑනුමට යමක් දෙන්න.. කල්පනා කරල බලන්න ඕගොල්ලෝම... අපිවෙනුවෙන් තම්න්ගෙ කාලය වෑය කරන ඔවුන්ට අපි ස්තූතී වත් නොකිය යන එක එක කොච්චර පහත් වෑඩක්දකියල...

    user52

    Member
    Jan 25, 2012
    135
    36

    එල එල දැන් සනීපද මචන්....... උබ හින්දම තව ගීතයක් ගැන අදහසක් දාන්නම්
     
    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    අපි නොදිටි දෙයක් නොවේද????

    නව දැළි හේනක............

    බොදු දසුනේ එන බැදිම නැති කිරිම නම් සංකල්පයට රැහැනිව උඩුගං බලා පීනන්නකි මේ පබැදුම.
    :yes: මම ආසම ගීතයක් වගේම මම ආසම ගායන ශිල්පියෙක් සෝමතිලක ජයමහ මහත්මයා. කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ ඒ කටහඬ. සුනිල්වන් නුවන් යුග කියන ගීතයක් හරිම ලස්සනයි. :D
    මේ ගී පද රචනය කාගෙද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes: මම ආසම ගීතයක් වගේම මම ආසම ගායන ශිල්පියෙක් සෝමතිලක ජයමහ මහත්මයා. කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ ඒ කටහඬ. සුනිල්වන් නුවන් යුග කියන ගීතයක් හරිම ලස්සනයි. :D
    මේ ගී පද රචනය කාගෙද?
    මම දන්න තරමින් මේක වන් මෑන් ෂෝ එකක්........
    ගේය පද, සංගීතය වගේම ගායනයත් සෝමතිලක ජයමහ ගායකයාණක් ගේය.........:D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    නියමයි කිබුල.. මේ නූල නවතින්න දෙන්න එපා... දිගටම දාමු අපි හෑමදාමත්ම ඉන්නව... ඕන දෙයක් වෙද්දෙන් කියල ඔන්න මම ආව....
    නවතින්න නම් දෙන්නේ නෑ මචං...නමුත් කාලය තමා ප්‍රශ්නේ.......
    අනුන් සුවපත් කරන මේ වෘත්තිය පුදුම විඩාකාරී එකක්.......!!!!!!:(:dull:
     
    user52

    Member
    Jan 25, 2012
    135
    36
    0
    ලංකාවේ කලා කෙතට පවතින නිර්මාන එක්කල, සමාජය අතරම පොලවේ පයගසා ජීවත්වන බොහෝ සාර්ථක මිනිසුන් බොහොවිට බිහිවන්නේ කොළබින් පිට බව නොකිවමනාය. රංබන්ඩා සෙනෙවිරත්න මහතාද එවැන්නෙකි. හරි හැටි ආහාරයක් වත් නොමැතිව දිනකට සැත්පුම් 8ක් පමන පයින්ම ඇවිද පාසල් ගොස් අකුරු කල එතුමා වෘත්තියෙන් අධිනීතීඥ වරයකු වන්නට පසුකර ආවේ කටුක මාවත්ය. නමුත් එතුමාගේ පන්හිදෙන් අප චිත්ත සංතානය තුල එතුමා ගීත ලෙසින් කැටයම් කරන්නේ එම කටුකත්වය හා ඒ හා බැදුනු අත්දැකීම්ය
    එතුමා පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාරන කාලය තුලදී එතුමා තමන්ගේ ප්‍රේම කතාවට අත්පොත් තබා තිබිනි. ඒ තමන්ගේම ඇවැස්ස නෑනා සමගින් වන අතර ඇය නමින් සුමනා විය. අවාසනාවකට එතුමාගේ විශ්වවිද්‍යාලයේ විභාග කටයුතු සිදුවන කාලසීමාව තුලදී එතුමාගේ පෙම්වතිය වන සුමනා මා අසා ඇති අයුරින් මැලේරියාව වැලදී ජීවිතයෙන් සමුගන්නවා. එතුමාගේ අධ්‍යාපන කටයුතු වලට බාදා වෙතැයි බියෙන් මේ වියෝව පවුලේ පිරිස විසින් එතුමාගෙන් සගවනු ලබනවා.
    ඉතින් විභාග කටයුතු අවසන් කර තම පෙම්වතියට තෑගි බොගද එයටත් වඩා බලාපොරොත්තුද රැගෙන ඇය සොයා පැමිනෙන මෙතුමාට හමුවූ පෙර මග සලකුනු සතුටුදායක නොවිනි. අවසානයේ පවුලේ පිරිසගේන් මේ දුක්මුසු ආරංචිය දැන ගන්නා එතුමා තමාට දැනුනු ඒ දුක, තනිකම පිරුනු ඒ හැගීම පිටකිරීම තම පන්හිදට භාරදේ. ඒ අවසරයෙන් එතුමාගේ පන්හිදෙන් කැටයම් වන්නේ මේ ගීතයයි.....

    පබලු නගේ නාමල් තිලකේ ..
    පුංචි ඔසරි මැණිකේ...
    සුමනෝ....
    උඹ ඇයි නැත්තේ...

    නමින් ඇය සුමනා මුත් ඔහුගේ ආදරයට ඇය පබලු නගාය. එදා ඔහුත් සමග සිටි පබලු නගාය. නමුත් අද ඇය ඔහු සමග නැත...

    වැවේ දියේ ඇති නිකින් නිණිල්ලේ..
    අඩහඳ යායට කෙකෙටිය පිපිලා..
    වැව් කන්දේ බෝගස් හෙවනේ...
    මම අද තනියම ඔළිඳ ගනිනවා
    වෙනදා වාගෙම තල මල පිපිලා
    තිබුණට ඇල ළඟ වත්තේ
    සුමනෝ..
    උඹ ඇයි නැත්තේ...

    වටපිටාව තවම ලස්සනයි අඩසද එලියට වැව් දිය හැඩවෙලා. ලස්සනට කෙකටිය පිපිලා. වෙනදා වගේම හැමොටම පේන්න තලමල පිපිලා. නමුත් හිතේ ඇති පාලුව තනිකම ඒ සැමදේයටම වඩා අදුරුම නොවෙද..... සුමනෝ........... ඇයි නුබ අද මගේ ලගින් නැත්තේ..........

    මළ හිරු එළියෙන් කොක්කු ගියාදෝ..
    මිහින්තලා ගල පැත්තේ …..
    පිරුවට ඇඳ පෙට්ටියක තියාලා..
    පහන් දෙකක එලි මැද්දේ …..
    මදටිය වැටෙද්දි හඳ කැලතෙන ඇල
    ඒදන්ඩේ ඉස්මත්තේ …
    සුමනෝ.....
    උඹ ඇයි නැත්තේ...
    සුමනෝ.....
    උඹ ඇයි නැත්තේ...

    වෙනදට සවස් කාලයට ඇලේ ඒදන්ඩ ඉස්මත්තට එන නුබ අද පෙට්ටියක පහන් දෙකක එලි මැද......... සුමනෝ.................. ඇයි මේ.......... ඇයි නුබ මාලග නැත්තේ.......

    පද :- රංබන්ඩා සෙනෙවිරත්න
    තනු හා ගායනය :- ගුණදාස කපුගේ

    සෙනෙවිරත්න මහතා අතින් ලියවුනු ගීත වලට පදනම් වන අත්දැකීම් වල ඇති කටුකත්වය නිසාම කපුගේ මහතාගේ කටහඩින් ඒවාට ඉටුවන සාධාරනය පැසසිය යුතුය. එමෙන්ම තනු නිර්මානය කිරීමේදීත් ගීතයේ ගැබ්ව ඇති කතාව අසන්නාට මැනවින් ග්‍රහනය වන පරිදි නිර්මානය වීමද අගය කල යුතුය. එයට හොදම උදාහරය මේ ගීතය සපයනු ඇත එනම් මේ ගීතයේ තනුවට පාදක වන්නේ මළ බෙර වාදනයකි.......
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    එල එල දැන් සනීපද මචන්....... උබ හින්දම තව ගීතයක් ගැන අදහසක් දාන්නම්

    මට තේරෙන විදිහට දෑන් මට ටිකක් විතර හොදයි.. 25 තම හරියටම කියන්නවෙන්නෙ ... ගොඩක් ස්තූතී යාලුව...
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    නවතින්න නම් දෙන්නේ නෑ මචං...නමුත් කාලය තමා ප්‍රශ්නේ.......
    අනුන් සුවපත් කරන මේ වෘත්තිය පුදුම විඩාකාරී එකක්.......!!!!!!:(:dull:

    තේරෙනව දෝස්තර මහත්යෝ.. රත්තරන් වලටත් වඩා ඔබට වටින කාලය අපි වෙනුවෙන් කෑප කිරීම වෙනුවෙන් සිය දහස් වරක් ස්තූතිවන්ත වෙනවා... ඒවගේම ඔලුව නවල ප්‍රනාමය පුදකරසිටිනව
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ලංකාවේ කලා කෙතට පවතින නිර්මාන එක්කල, සමාජය අතරම පොලවේ පයගසා ජීවත්වන බොහෝ සාර්ථක මිනිසුන් බොහොවිට බිහිවන්නේ කොළබින් පිට බව නොකිවමනාය. රංබන්ඩා සෙනෙවිරත්න මහතාද එවැන්නෙකි. හරි හැටි ආහාරයක් වත් නොමැතිව දිනකට සැත්පුම් 8ක් පමන පයින්ම ඇවිද පාසල් ගොස් අකුරු කල එතුමා වෘත්තියෙන් අධිනීතීඥ වරයකු වන්නට පසුකර ආවේ කටුක මාවත්ය. නමුත් එතුමාගේ පන්හිදෙන් අප චිත්ත සංතානය තුල එතුමා ගීත ලෙසින් කැටයම් කරන්නේ එම කටුකත්වය හා ඒ හා බැදුනු අත්දැකීම්ය
    එතුමා පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාරන කාලය තුලදී එතුමා තමන්ගේ ප්‍රේම කතාවට අත්පොත් තබා තිබිනි. ඒ තමන්ගේම ඇවැස්ස නෑනා සමගින් වන අතර ඇය නමින් සුමනා විය. අවාසනාවකට එතුමාගේ විශ්වවිද්‍යාලයේ විභාග කටයුතු සිදුවන කාලසීමාව තුලදී එතුමාගේ පෙම්වතිය වන සුමනා මා අසා ඇති අයුරින් මැලේරියාව වැලදී ජීවිතයෙන් සමුගන්නවා. එතුමාගේ අධ්‍යාපන කටයුතු වලට බාදා වෙතැයි බියෙන් මේ වියෝව පවුලේ පිරිස විසින් එතුමාගෙන් සගවනු ලබනවා.
    ඉතින් විභාග කටයුතු අවසන් කර තම පෙම්වතියට තෑගි බොගද එයටත් වඩා බලාපොරොත්තුද රැගෙන ඇය සොයා පැමිනෙන මෙතුමාට හමුවූ පෙර මග සලකුනු සතුටුදායක නොවිනි. අවසානයේ පවුලේ පිරිසගේන් මේ දුක්මුසු ආරංචිය දැන ගන්නා එතුමා තමාට දැනුනු ඒ දුක, තනිකම පිරුනු ඒ හැගීම පිටකිරීම තම පන්හිදට භාරදේ. ඒ අවසරයෙන් එතුමාගේ පන්හිදෙන් කැටයම් වන්නේ මේ ගීතයයි.....

    පබලු නගේ නාමල් තිලකේ ..
    පුංචි ඔසරි මැණිකේ...
    සුමනෝ....
    උඹ ඇයි නැත්තේ...

    නමින් ඇය සුමනා මුත් ඔහුගේ ආදරයට ඇය පබලු නගාය. එදා ඔහුත් සමග සිටි පබලු නගාය. නමුත් අද ඇය ඔහු සමග නැත...

    වැවේ දියේ ඇති නිකින් නිණිල්ලේ..
    අඩහඳ යායට කෙකෙටිය පිපිලා..
    වැව් කන්දේ බෝගස් හෙවනේ...
    මම අද තනියම ඔළිඳ ගනිනවා
    වෙනදා වාගෙම තල මල පිපිලා
    තිබුණට ඇල ළඟ වත්තේ
    සුමනෝ..
    උඹ ඇයි නැත්තේ...

    වටපිටාව තවම ලස්සනයි අඩසද එලියට වැව් දිය හැඩවෙලා. ලස්සනට කෙකටිය පිපිලා. වෙනදා වගේම හැමොටම පේන්න තලමල පිපිලා. නමුත් හිතේ ඇති පාලුව තනිකම ඒ සැමදේයටම වඩා අදුරුම නොවෙද..... සුමනෝ........... ඇයි නුබ අද මගේ ලගින් නැත්තේ..........

    මළ හිරු එළියෙන් කොක්කු ගියාදෝ..
    මිහින්තලා ගල පැත්තේ …..
    පිරුවට ඇඳ පෙට්ටියක තියාලා..
    පහන් දෙකක එලි මැද්දේ …..
    මදටිය වැටෙද්දි හඳ කැලතෙන ඇල
    ඒදන්ඩේ ඉස්මත්තේ …
    සුමනෝ.....
    උඹ ඇයි නැත්තේ...
    සුමනෝ.....
    උඹ ඇයි නැත්තේ...

    වෙනදට සවස් කාලයට ඇලේ ඒදන්ඩ ඉස්මත්තට එන නුබ අද පෙට්ටියක පහන් දෙකක එලි මැද......... සුමනෝ.................. ඇයි මේ.......... ඇයි නුබ මාලග නැත්තේ.......

    පද :- රංබන්ඩා සෙනෙවිරත්න
    තනු හා ගායනය :- ගුණදාස කපුගේ

    සෙනෙවිරත්න මහතා අතින් ලියවුනු ගීත වලට පදනම් වන අත්දැකීම් වල ඇති කටුකත්වය නිසාම කපුගේ මහතාගේ කටහඩින් ඒවාට ඉටුවන සාධාරනය පැසසිය යුතුය. එමෙන්ම තනු නිර්මානය කිරීමේදීත් ගීතයේ ගැබ්ව ඇති කතාව අසන්නාට මැනවින් ග්‍රහනය වන පරිදි නිර්මානය වීමද අගය කල යුතුය. එයට හොදම උදාහරය මේ ගීතය සපයනු ඇත එනම් මේ ගීතයේ තනුවට පාදක වන්නේ මළ බෙර වාදනයකි.......

    ඈත්ත... පද,තනුව සහ ගායන... සියලුදේම එකට පෑහුනු විට.. ඒ සින්දුව ගීතයක් වේ,, ස්තූතී
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තරු කඩා වැටෙන අහසක අතරමං වූ යෞවනියක ගේ බලාපොරොත්තුවේ විලාපය.......

    දූවිල්ලෙන් වත්සුනු තවරා.............

    දූවිල්ලෙන් වත්සුනු තවරා
    කුමර කුමරියන් වී ලෙංගතු ඇසුරේ
    වහස් බැළුම් දෙන හැන්දෑවේ..........
    නන්නාදුනනා
    කය මිස සිත නැති පුරවරයේ
    කවුරුන් හෝ තුරුලේ
    නිමේශයක්.....
    මුමුණාවී රහසින්
    ආගිය උන් හිටි තැන් සගවා.............

    ගිනි කදු සිරසේ- මළ පුඩු අතරේ
    කැදළි සදාවී - මොණර කිරිල්ලී........
    රැයකින් රැයකට කුස පිරෙනා
    සද සෙවනැල්ලේ..........
    සිත ඇති - කය නැති
    මිටියාවත ඉවුරේ........
    වහස් බැලුම් සගවා......
    උකුසු ඇසක් ගෙන ගුරුළු වෙසක් ගෙන
    පියඹා යාවී.......
    මොණර කිරිල්ලී.........

    සැඩ සුළගේ......
    මුල් ඉදිරී යන් ගස මුදුනේ
    නූපන් දවසේ
    රන් කිරි කදුළේ......
    සිහින දකී වී මොණර කිරිල්ලී..................
    සිහින දකී වී.......මොණර කිරිල්ලී............

    සමාජය විසින් ඇතිකළ ආර්ථික අමාරුකම් සමහන් කිරීමට ලොව පැරනි ම වෘත්තිය තෝරාගත් යෞවනියක ගේ ශෝකාලාපය, හද පාරවන ලෙස ගෙන එන්නකි, මේ ගීතය. මේ ගායකයා ගැන යමක් කිව යුතුමය. මොරිස්, අපට ආගන්තුක ගායකයෙකු වී නමුදු, අග නුවර තරු හෝටලවල නිශාචර දිවියක් ගෙවන, ගෙවූ අයට නම් ආගන්තුකයෙකු නොවේ. බොක්ස් ගිතාරයක් පමනක් තම ආත්ම කථනය කොට ගෙන තරු හෝටලවල රාත්‍රියෙහි මන්ද්‍ර ස්ව‍රයෙන් ජිම් රීව්ස් ගේ ගීත ගයන ඔහු ගේ ගායනා මා බොහෝ කොට රස විද ඇත්තෙමි. මොරිස් සිංහල ගීත ගයා ඇත්තේ දෙකක් පමනි. මේ ගීතය සහ "ඔබ එන්න-ඔබ ඇවිත් යන්න එන්න" ඒ ගිත දෙකයි. මෙවන් සාධනීය , මධුර, ගැඹුරු ස්වරයක් අපේ හෙල ගිත සදහා අහිමි වීම අප කල කුමන නම් පාපයක් දැයි මට ඔහු ගේ ගීත අසන බොහෝ වර සිහි වෙයි.
    දැන් ගීතය.............:D

    සැදැ යාමයේ වීදි බසින පුරගනන් ඇසුරු නොකර වුවද ඔබ දැක ඇතැයි සිතමි. වත්සුණු සහ අනෙක් රූපාලංකරන ද්‍රව්‍ය තවරා ලෙන ඔවුන් තම වෘත්තිය සදහා සවස්යම විදි බසිත්. රචකයා මෙම වත්සුනු දකින්නේ දුවිලි ලෙසටය. ඔවුන් වැටි සිටින අගාධයේ තරම පෙන්වන පළමු යෙදුම රචකයා එලෙස යොදයි. මේ දූලි මුහුනේ තවරා ගෙන කුමර කුමරියන් සේ ඔවුන් නුරා, අහංකාර බැනුම් හෙලමින් තම ගොදුරු සොයා යති. මේ පුරවරය පැහෙන නරකයෙහි යමපල්ලන් බදු ඇග මසට ලොබ බැදි නිරිසතුන් මේ යෞවනියන් පහස පතා ඇදෙති. ඔවුන් ගෙ රැකියාව එයයි. මේ නාදුනන පුරයෙහි, සිත ඇතිවන ආශාවන් පසෙක තබා කය පමණක් සරණ කොටගෙන, කවුරුන් හෝ සළෙලෙක් ගේ තුරුලෙහි, තමා කවුද, කොයිබින් ආවේද යන්න සගවා ඔවුහු තම කය විකුණති.

    ගිනි කදු සිරසේ- මළ පුඩු අතරේ
    කැදළි සදාවී - මොණර කිරිල්ලී........
    රැයකින් රැයකට කුස පිරෙනා
    සද සෙවනැල්ලේ..........
    සිත ඇති - කය නැති
    මිටියාවත ඉවුරේ........
    වහස් බැලුම් සගවා......
    උකුසු ඇසක් ගෙන ගුරුළු වෙසක් ගෙන
    පියඹා යාවී.......
    මොණර කිරිල්ලී.........

    ගණිකා වෘත්තියෙහි අද පවතින සංකීර්ණ සංවිධානාත්මක තත්ත්වය ඔබද දන්නවා ඇත. මේ නාරාවලෙන් මිදී යන තරුනියන් අවසන් වන්නේ නාදුනන මරණයකිනි. නැතහොත් දාමරිකයන් රැසක් අතින් දූෂ්‍ය වීමෙනි. මෙවන් තරුණියන් තම අනාගතය ගැන මවන සිතුම්, විවාහ දිවිය ගැන දකින සිහින රචකයා දකින්නේ ගිනි කදු සිරසේ ද මල පුඩු අතරේ ද කැදළි තැනීමක් ලෙසටය. මේ ජීවිතවල පවතින සැබෑ තත්ත්වය එදිනෙදා යැපීම පමණි. තම සිරුර මෙන්ම තම දිවියද තමාට හිමි නැති බව සංවිධානාත්මක ගණිකා ව්‍යාපාරවල ගොදුරු වු තරුණියෝ දනිති. එනිසා ඔවුන් කරන්නේ තම සිත උදුරා දමා කය පමණක් වහල් කොට ගෙන මුදල් ඉපයිමය. මේ ගීතයේ ප්‍රස්තූතය වන තරුණිය මේ නරාවලින් මිදිමට දරන වෙර, රචකයා උකුසු ඇසක් ගෙන ගුරුලු වෙසක් ගෙන පියඹා යාමට තැත් කිරීමක් ලෙස දකී.
    මෙලෙස වෘත්තිය හැරපියා ඉගිල ගිය යුවතියන් පවා අවසන දී තම අතිතය හෙළිවිමෙන් පසුව මුහුණ දෙන ව්‍යසනය, රචකයා කදිමට පෙලගස්වන්නේ පහත පරිදිය.

    සැඩ සුළගේ......
    මුල් ඉදිරී යන ගස මුදුනේ

    අතීතය හෙලිවිමෙන් පසුව ඇය විවාහ දිවිය තුළ සැඩ සුළගකට මුහුණ දිය යුතුය. එවිට විවාහ දිවියෙහි මුල් ඉදිරීයයි. මේ වැනි ගසක් මුදුනේ වුවද කැදලි තනා ඇය දකින්නේ මවක් වීමේ කිරි සිහිනයයි. ඇය ඒ නූපන් දවස සහ දරුවෙකු පිලිබද ව සිහින දකී............

    සංකීර්ණ සමාජ භාවිතයක් බවට වර්තමානයේ පත්වි ඇති ගණිකා වෘත්තියත්, එහි ඇති අනනුකම්පිය, අමන ස්වරූපයත්, එයින් පලා යාමට සිදුරු සොයනා යුවතියක ගේ කදුල සහ සුසුමත්, බලාපොරොත්තුවත් රචකයා මොනවට සනිටුහන් කොට ඇති සෙයක් දක්නට ලැබෙන ගියකි මෙය.
     
    • Like
    Reactions: xxc

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    පබලු නගේ නාමල් තිලකේ ..
    පුංචි ඔසරි මැණිකේ...
    සුමනෝ....
    උඹ ඇයි නැත්තේ...

    එයට හොදම උදාහරය මේ ගීතය සපයනු ඇත එනම් මේ ගීතයේ තනුවට පාදක වන්නේ මළ බෙර වාදනයකි.......
    මේ ගිතය සම්බන්ධව කීමට ඇති විහේෂිතම කරුන වන්නේ මේ ගීතයට කපුගේ එක්කරන මළ බෙර ආශ්‍රය කරගත් ස්වර රටාවය...........
    එය මේ ගීතයේ අර්ථය අප මසැස සිදුරු කර, අධ්‍යාත්මය සිදුරු කර, අපේ සියළු ශෝකී භාවයන් ප්‍රකම්පනය කිරිමට සමත්ය.........
    මේ ගීතය සිහිපත් වන සැම වරෙකම. මේ ගීතයේ මේ ශෝකී ස්වර මාලාව මා දෙසවන තුල නිංනාදවනු ඇසේ.............
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    තරු කඩා වැටෙන අහසක අතරමං වූ යෞවනියක ගේ බලාපොරොත්තුවේ විලාපය.......

    දූවිල්ලෙන් වත්සුනු තවරා.............

    දූවිල්ලෙන් වත්සුනු තවරා
    කුමර කුමරියන් වී ලෙංගතු ඇසුරේ
    වහස් බැළුම් දෙන හැන්දෑවේ..........
    නන්නාදුනනා
    කය මිස සිත නැති පුරවරයේ
    කවුරුන් හෝ තුරුලේ
    නිමේශයක්.....
    මුමුණාවී රහසින්
    ආගිය උන් හිටි තැන් සගවා.............

    ගිනි කදු සිරසේ- මළ පුඩු අතරේ
    කැදළි සදාවී - මොණර කිරිල්ලී........
    රැයකින් රැයකට කුස පිරෙනා
    සද සෙවනැල්ලේ..........
    සිත ඇති - කය නැති
    මිටියාවත ඉවුරේ........
    වහස් බැලුම් සගවා......
    උකුසු ඇසක් ගෙන ගුරුළු වෙසක් ගෙන
    පියඹා යාවී.......
    මොණර කිරිල්ලී.........

    සැඩ සුළගේ......
    මුල් ඉදිරී යන් ගස මුදුනේ
    නූපන් දවසේ
    රන් කිරි කදුළේ......
    සිහින දකී වී මොණර කිරිල්ලී..................
    සිහින දකී වී.......මොණර කිරිල්ලී............

    සමාජය විසින් ඇතිකළ ආර්ථික අමාරුකම් සමහන් කිරීමට ලොව පැරනි ම වෘත්තිය තෝරාගත් යෞවනියක ගේ ශෝකාලාපය, හද පාරවන ලෙස ගෙන එන්නකි, මේ ගීතය. මේ ගායකයා ගැන යමක් කිව යුතුමය. මොරිස්, අපට ආගන්තුක ගායකයෙකු වී නමුදු, අග නුවර තරු හෝටලවල නිශාචර දිවියක් ගෙවන, ගෙවූ අයට නම් ආගන්තුකයෙකු නොවේ. බොක්ස් ගිතාරයක් පමනක් තම ආත්ම කථනය කොට ගෙන තරු හෝටලවල රාත්‍රියෙහි මන්ද්‍ර ස්ව‍රයෙන් ජිම් රීව්ස් ගේ ගීත ගයන ඔහු ගේ ගායනා මා බොහෝ කොට රස විද ඇත්තෙමි. මොරිස් සිංහල ගීත ගයා ඇත්තේ දෙකක් පමනි. මේ ගීතය සහ "ඔබ එන්න-ඔබ ඇවිත් යන්න එන්න" ඒ ගිත දෙකයි. මෙවන් සාධනීය , මධුර, ගැඹුරු ස්වරයක් අපේ හෙල ගිත සදහා අහිමි වීම අප කල කුමන නම් පාපයක් දැයි මට ඔහු ගේ ගීත අසන බොහෝ වර සිහි වෙයි.
    දැන් ගීතය.............:D

    සැදැ යාමයේ වීදි බසින පුරගනන් ඇසුරු නොකර වුවද ඔබ දැක ඇතැයි සිතමි. වත්සුණු සහ අනෙක් රූපාලංකරන ද්‍රව්‍ය තවරා ලෙන ඔවුන් තම වෘත්තිය සදහා සවස්යම විදි බසිත්. රචකයා මෙම වත්සුනු දකින්නේ දුවිලි ලෙසටය. ඔවුන් වැටි සිටින අගාධයේ තරම පෙන්වන පළමු යෙදුම රචකයා එලෙස යොදයි. මේ දූලි මුහුනේ තවරා ගෙන කුමර කුමරියන් සේ ඔවුන් නුරා, අහංකාර බැනුම් හෙලමින් තම ගොදුරු සොයා යති. මේ පුරවරය පැහෙන නරකයෙහි යමපල්ලන් බදු ඇග මසට ලොබ බැදි නිරිසතුන් මේ යෞවනියන් පහස පතා ඇදෙති. ඔවුන් ගෙ රැකියාව එයයි. මේ නාදුනන පුරයෙහි, සිත ඇතිවන ආශාවන් පසෙක තබා කය පමණක් සරණ කොටගෙන, කවුරුන් හෝ සළෙලෙක් ගේ තුරුලෙහි, තමා කවුද, කොයිබින් ආවේද යන්න සගවා ඔවුහු තම කය විකුණති.

    ගිනි කදු සිරසේ- මළ පුඩු අතරේ
    කැදළි සදාවී - මොණර කිරිල්ලී........
    රැයකින් රැයකට කුස පිරෙනා
    සද සෙවනැල්ලේ..........
    සිත ඇති - කය නැති
    මිටියාවත ඉවුරේ........
    වහස් බැලුම් සගවා......
    උකුසු ඇසක් ගෙන ගුරුළු වෙසක් ගෙන
    පියඹා යාවී.......
    මොණර කිරිල්ලී.........

    ගණිකා වෘත්තියෙහි අද පවතින සංකීර්ණ සංවිධානාත්මක තත්ත්වය ඔබද දන්නවා ඇත. මේ නාරාවලෙන් මිදී යන තරුනියන් අවසන් වන්නේ නාදුනන මරණයකිනි. නැතහොත් දාමරිකයන් රැසක් අතින් දූෂ්‍ය වීමෙනි. මෙවන් තරුණියන් තම අනාගතය ගැන මවන සිතුම්, විවාහ දිවිය ගැන දකින සිහින රචකයා දකින්නේ ගිනි කදු සිරසේ ද මල පුඩු අතරේ ද කැදළි තැනීමක් ලෙසටය. මේ ජීවිතවල පවතින සැබෑ තත්ත්වය එදිනෙදා යැපීම පමණි. තම සිරුර මෙන්ම තම දිවියද තමාට හිමි නැති බව සංවිධානාත්මක ගණිකා ව්‍යාපාරවල ගොදුරු වු තරුණියෝ දනිති. එනිසා ඔවුන් කරන්නේ තම සිත උදුරා දමා කය පමණක් වහල් කොට ගෙන මුදල් ඉපයිමය. මේ ගීතයේ ප්‍රස්තූතය වන තරුණිය මේ නරාවලින් මිදිමට දරන වෙර, රචකයා උකුසු ඇසක් ගෙන ගුරුලු වෙසක් ගෙන පියඹා යාමට තැත් කිරීමක් ලෙස දකී.
    මෙලෙස වෘත්තිය හැරපියා ඉගිල ගිය යුවතියන් පවා අවසන දී තම අතිතය හෙළිවිමෙන් පසුව මුහුණ දෙන ව්‍යසනය, රචකයා කදිමට පෙලගස්වන්නේ පහත පරිදිය.

    සැඩ සුළගේ......
    මුල් ඉදිරී යන ගස මුදුනේ
    නූපන් දවසේ
    රන් කිරි කදුළේ......
    සිහින දකී වී මොණර කිරිල්ලී..................
    සිහින දකී වී.......මොණර කිරිල්ලී............

    අතීතය හෙලිවිමෙන් පසුව ඇය විවාහ දිවිය තුළ සැඩ සුළගකට මුහුණ දිය යුතුය. එවිට විවාහ දිවියෙහි මුල් ඉදිරීයයි. මේ වැනි ගසක් මුදුනේ වුවද කැදලි තනා ඇය දකින්නේ මවක් වීමේ කිරි සිහිනයයි. ඇය ඒ නූපන් දවස සහ දරුවෙකු පිලිබද ව සිහින දකී............

    සංකීර්ණ සමාජ භාවිතයක් බවට වර්තමානයේ පත්වි ඇති ගණිකා වෘත්තියත්, එහි ඇති අනනුකම්පිය, අමන ස්වරූපයත්, එයින් පලා යාමට සිදුරු සොයනා යුවතියක ගේ කදුල සහ සුසුමත්, බලාපොරොත්තුවත් රචකයා මොනවට සනිටුහන් කොට ඇති සෙයක් දක්නට ලැබෙන ගියකි මෙය.
    ඈත්තටම... ගොඩක් අසකරන ගීතයක්... ස්තූතී විචාරය කලාට...