You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මිත්‍රත්වය නිසා ලෝකෙ කොතරම් නම් සුන්දර වෙනවද....? මිත්‍රත්වය මිතුරන්ට කොතරම් නම් දැනෙනවද..... මිතුරුතුමෝ දුක සැප දෙකෙහිම පැවතී..... බිතිසිතුවම් රූමෙන් පිටු නොපායතී..... කියනවනේ...... අද ඔබට මම ගෙන එන්නේ සංවේදී කතාවක්... කියවලම බලන්නකෝ....
මේ කතාව බිහිසුණු යුද්දධය ගැන සත්‍යකතාවක්... අතිජාත මිත්‍රයන් දෙන්නෙක් ඉන්නව එකම බලඇණියක... දෙන්නම වැටෙනව යුද්ධයේ ඉදිරියෙන්ම සටන් කරන්න. ඉතින් සිය අතිජාත මිත්‍රයට මේ යුද්ධයේ අතර මගදි වෙඩි වැදිල බිම ඇදගෙන වැටෙනව... යම් ආරක්ෂිත ස්ථානයකට ආවම ජීවත්වෙන මිත්‍රයට ඕන කරන්නෙ අර වෙඩි වැදුන මිත්‍රය ලගට යන්න... මිත්‍රය වෙඩි පහර වැදිල වැටෙන හැටි හා මේ වෙනකොට යුද්ධයේ දරුණු කම තේරුම්ගත් මේ බලඇණියේ අණ දෙන ලෙෆ්ටිනන්වරය කියනව...
මේ ගමන යන්න එපා... උඹේ මිත්‍රය මැරුණ.... ඉස්සරහ ආරක්ෂිතයි බය නෑ.... ආපිටනම් යන එක මාරාන්තිකයි.... ඒ නිසා ආයෙ යන්න එපා....
නමුත් අර වෙඩි වැදුණ යාළුව ගැන හිතනකොට ජීවත්වෙන මිත්‍රයාට මිත්‍රත්වය මත මරණය හුස්ම පොදක් විතරයි...
මට යන්න ඔන සර්.... ඒ ගමන මට වගේම එයාටත් වටිනව.....
ඔබගෙ මිත්‍රය මැරිල.... ඔය මාරාන්තික ගමන ගියොත් ඔබටත් වෙන්නෙ ඔහු ගිය ලෝකෙටම යන්න..... උඹට කවදාවත් ආපහු එන්න ලැබෙන්නෙ නෑ......
ඒකට කමක් නෑ.... මම යන්න ඕන සර්..........
මෙහෙම කියපු අර යාළුව යනව වෙඩි වැදිල වැටුන යාළුව හොයාගෙන..... මේ ප්‍රාතිහාර්යාත්මක ගමනෙ මිත්‍රයට හානියක් වෙන්නෙ නෑ... ඔහු නිරුපද්‍රිතව වෙඩි වැදුන මිතුරා ලගට ලගා වෙනව...... ගන්නව ඔහුව කරට.... දෙවියනේ.... යාළුව මැරිල නෑ... පණ තියෙනව.... යාළුවව කරට අරගෙන මේ බිහිසිණු ගමන කෙසේ හෝ නිරුපද්‍රිතව යාළුව ආපසු එනව කූඩාරමට.... වෛද්‍යවරය වෙඩි වැදුණු යාළුවව පරීක්ෂාකරනව....
මෙයා මැරිල......................................
නෑ වෙන්න බෑ.... මෙයාට පණ තිබුණ මම කරට ගන්නකොට.....
ඔව් වෙන්න ඇති..... ඒත් දැන් මොහු මැරිල.....
මම ඔබට කිවුව ඔය පිස්සු බූරු ගමන වැඩක් වෙන්නෙ නෑ කියල.... (ලෙෆ්ටිනන් බෙරිහන් දෙනව....)
නෑ සර්... ඒක වටිනව....
ඒ කොහොමද.... මෙයා මැරිල...... උඹටත් වෙඩි වැදුනනම්.....
ඇත්ත... ඒත් ඔහු මගේ කරට ගනිද්දි පණ තිබුණ.... ඔහු මාත් එක්ක කතා කලා.... ඔහු මට වෙවුලන ස්වරයෙන් වේදනාවෙන් මෙහෙම කිව්වා......
මම දන්නව මචන් මේ ලෝකෙ කවුරු නාවත්...... උඹ මාව හොයාගෙන එන බව.............
ඒ නිසා ඒ ගමන මගේ ජීවිතේට වැඩියෙ මට වටිනව සර්......
අපි අපේ හැමදේම බෙදාගන්නෙ යාළුවන් එක්ක නේද.... අපිට ඒ සදහා යාළුවො ඕනමයි.... යාළුවෙක් නැති ජීවිතයක් හරියට හබලක් නැති ඔරුවක් වගේ....යාළුකම් ගැන ගීත අනන්තවත් ඇතිනේ.... එහෙනම් මේ ගීතයත් අහනගමන් අපේ යාළුවො .... ඔයාලගෙ යාළුවොටික මතක් කරගන්නකෝ............ මේ වගේ යාළුවො ඇති නේද.....?
(කතාව සත්‍ය සිදුවීමක් ඇසුරින් උපුටා ගැනීමක්)
මචන් මාර යාලුවෙක්..මෙහෙම අය අද කාලේ හොයා ගන්න ලේසිනෑ...

අපි නොදිටි දෙයක් නොවේද????
නව දැළි හේනක............
නව දැලි හේනක - පෑව වැදිරි රැව
ලෙස උවමින් දෙනුවන් රවටා
මා පෙම් කළ ජනපද කළාණිට
හිමියනි මට කල නොහැක නිගා.......
සුරගන රෑ සිරි දුටිමි හැදින්නෙමි
සිත් ලෙස දෙනුවන් බදුන් පුරා
මා හදුනන මගේ හද ගත් කළනිය
මට නුදුරුයි සුරඹුනට වඩා
මා සිත සුවපත් කරවනු නොහැකිය
සෝ ළතැවුල් දෙයි රැයද දිවා
නෙත දුටු සුරගන රෑ සිරු කුමටද
හද දුටු ජනපද කළණ නිසා
බෞද්ධ සාහිත්‍යයේ එන නන්ද තෙරණුවන් සම්බන්ද කතාව ඔබ දනිමියි සිතමි. බුදුන් වහන්සේ මෞලි මංගල්‍යය, ගෘහ ප්‍රවේශ මංගල්‍යය සහ විවාහ මංගල්‍යය තිබු දිනම සිය භාග සොයුරා වූ නන්ද කුමරාණන් ගේ ගෘහයට වැඩම කොට, දන් වළදා අවසන ඔහු අතට පාත්‍රය දී නික්මී එන අතර, පාත්‍රය අතින් ගෙන බුදුරදුන් පිටුපස යන නන්ද කුමරාණන් හට ඔහු ගේ පියඹ වන්නට සිටින රූපත් ජනපද කළ්‍යාණිය "අනේ හිමියනි, විගසින් නැවත එන්න"යි පවසයි. බුදුන් වහන්සේ පසුපසින් යන නන්ද කුමරාණන් බුද්ධ ගෞරවයද, සහෝදර ගෞරවයද නිසා මහණ වුවත්, කෙළෙසුන් නැසීමට නොහැකි වන්නේ තම පියඹ ගේ නැවත එන ලෙස කරන ලද ඉල්ලිම සිහිපත් වන බැවිනි. මේ පිළිබදව දුටු බුදුරදුන් වරෙක නන්ද ස්වාමින් වහන්සේ දෙව්ලොව වෙත කැදවා යන අතර එහිදි උන්වහන්සේ ශක්‍රයා ගේ රූපත් අඹුවන් දකි. නැවත අරම වෙත වඩින බුදුන් වහන්සේ දැවී ගිය හේනක යමක් කමින් සිටින වැදිරියක් පා. "නන්දයෙනි, දැන් ඔබට ජනපද කළ්‍යානිය පෙනෙන්නේ මේ ලෙස නොවේදැ" යි විමසයි. රූපයේ නිස්සාරත්වය අරමුණු වන නන්ද ස්වාමින් වහන්සේ එය ම අරමුනු කොට බවුන් වඩා මග පල අවබෝදකොට ගත් බවය බොදු සාහිතයේ එන්නේ.
නමුදු මේ ගී පද රචනය නන්ද තෙරනුවන් ගේ ඇතුලු හද පෙන්වන්නක් වෙයි. ප්‍රේමය රුධිරයට වඩා ගනකම් බව ය, උන්වහන්සේ මෙහි දි පවසන්නේ.....
නව දැලි හේනක - පෑව වැදිරි රැව
ලෙස උවමින් දෙනුවන් රවටා
මා පෙම් කළ ජනපද කළාණිට
හිමියනි මට කල නොහැක නිගා.......
දා ගිය හේනක වු වැදිරියකට උපමා කළද තමා ගේ සිත තුල වු ප්‍රේමය නිසා ම තමා පෙම් කල ඇයට නිගරු කල නොහැකි බව ගෞරව පූර්වකව උන් වහන්සේ තෙපළති.
සුරගන රෑ සිරි දුටිමි හැදින්නෙමි
සිත් ලෙස දෙනුවන් බදුන් පුරා
මා හදුනන මගේ හද ගත් කළනිය
මට නුදුරුයි සුරඹුනට වඩා
කෙතරම් සුරගනන් බදු රූපත් කතුන් දුටුවද, තමා හදුනන, තමා ගේ හදවත පැහැර ගත් කත මේ සියළු රූමතියන් පරයා තමා හදවත රැදෙන බව උන්වහන්සේ කියති. ඇත්තෙන් ම අපිද කෙතරම් රුමත් කතුන් දුටුවද, අපට ආදරය කරන, අප විසින් ආදරය කරනු ලබන පෙම්වතියන්, පියඹුන් දමා උන් පසුපස නොයන්නේ මේ නිසා ම නොවේද සකියෙනි. අප හද ගත් අය, සුරගනන් බදු වුවන් හට වඩා අප හදට නුදුරු නොවේද?
මා සිත සුවපත් කරවනු නොහැකිය
සෝ ළතැවුල් දෙයි රැයද දිවා
නෙත දුටු සුරගන රෑ සිරු කුමටද
හද දුටු ජනපද කළණ නිසා
වියෝ වේ තරම පෙන්වන මේ පදය බලන්න. කෙතරම් වුවද මා සිත සුවපත් කරවනු නොහැකිය. ඒ නෙත දුටු රුපත් සුරගනන් නිසා නොව වියෝ වි ඇත්තේ තම හද දුටු, තම දිවිය හදුනන, තම සෙනෙහස හදුනන ජනපද කළ්‍යාණිය නිසාය.
බොදු දසුනේ එන බැදිම නැති කිරිම නම් සංකල්පයට රැහැනිව උඩුගං බලා පීනන්නකි මේ පබැදුම. මේ බැදීම ගැනමය, මහැදුරු සරච්චන්ද්‍රයන් "නැත ලොවේ අන් රසදුනා - ආදරේ සේ සුව දෙනා" යනුවෙන් වරෙක සිංහබාහු නාටකයේ කියා පෑවේ. මේ බැදීම කොතරම් චමත්කාරද, සිත් නළවන - අලවන සුළු ද යන්න, අතිශය රමනිය ලෙස විග්‍රහ කෙරෙන මෙවන් දුළබ ගී පබැදුම් වලින් සරු හෙළ ගි කෙත ඇසුරු කිරිමට, හෙළයෙකු වී හෙල බිමේ මෙසේ ජනිත වීමද පිනක් මය යන්න, මේ ගීතය ශ්‍රවණය කරන මා හට සිතේ...........!!!!

කලකට පෙර අපගේ ආයතනයට අලුතින් කිහිපදෙනෙකු බදවාගනු ලැබුවා. මේ අතර මුල්ම හමුවීමෙන්ම මගේ හදවත සොරාගත් දෑසක් ද විය... අවාසනාවකට ඇය මගේ සහයිකාව ලෙස පත්ව තිබිනි. කාලය ගෙවෙද්දී මිතුදමට වඩා වැඩි මොකක්දෝ හැගීමක් මා තුල ඇය කෙරෙහි දලුලා වැඩී තිබිනි. ඇගේ රූපය ගතිගුන මෙන්ම ඇයගේ යම් යම් ඉගිද ඒයට සරු පස සපයන්නට ඇත.
ඇගේ කැපවීම්, මග පෙන්වීම් හා දිරිගැන්වීම් නිසා ආයතනයේන් මට උසස්වීමක් ලැබුනේ ඇයටත් මා පෙර දැරූ නිලයට උසස්වීමක් ලබාදෙමිනි. එදින ඇය කෙරෙහි මගේ සුබපැතුම සමග ඇය කෙරෙහිවූ මගේ හැගීමද ප්‍රකාෂ කෙරිනි. මගේ ඇස් දිහා මදවේලාවක් බලාසිටි ඇය හඩමින් විවේකාගාරය දෙසට දිවගිය අයුරු සිහිවනවිට අදටත් මට දැනෙන්නේ මහා වරදකාරී හැගීමකි... මක්නිසාදයත් අද ඇය එදා අපට නොකියාම විවාහ ගිවිසගෙන සිටි පුද්ගලයා සමග දුර රටක පදිංචියට ගොසින්ය.
එදිනට පසුවද සමුගැන්ම තෙක් ආයතනයේදී වෙනදා මෙන් වෙනසක් නොවී මට උපරිමයෙන් සහය දුන් ඇයගේ සිදුවූ එකම වෙනස නම් මා දකින සැම විටම පාහේ නෙතට කදුලු ඒම පමනකි. ඇගේ සමුගැනීමේ දිනයේදී මාගේ මේසය මත ඇගේ අකුරින් ගීතයක කොටසක් ලියූ කඩදාසියක් විය.. එනම්....................
ගැ : සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරු දම් විනා
නෞකාවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ
ඇත සමුදුරේ යාත්‍රාකරන නෞකාවකට ගොඩබිමේ ඇති පහන් වැටකින් සිදුවන්නේ මගපෙන්වීමම නොවේද... නමුත් ඇය මෙලෙස ජීවිතේ දුක සැප බෙදාගන්නට සූදානම් වන්නේ ඔහුගේ පෙම්වතිය හෝ බිරිද වෂයන් නොව හොද මිතුරියක් ලෙසය.........
පි : තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ
දැඩි සිතකින් දුර ගමන යමි ඉතින්
කිසිදින අප හමු නොවන බව දනිමි
සිහිනය මිය යා යුතු ය මේ ලෙසින්
යලිත් කිසිදින දෙදෙනා හමුනොවන නිසා ඔහු මැවූ සිහිනය මියයා යුතුමය. ඒ සදහා ඇය අමතක කල යුතුය. ඒන්ම් නැවට පහන්ටැබ මෙන් ජීවිතයට අරමුන වූ ඇය අමතක කල යුතුය. න්මුත් ඔහුගේ ජීවිතය නැමති නෞකාවට අහසේ තරු පාර කියාවි. නමුත් ගොඩබිම පහන්ටැබ නොසලකා තරැ එලියට ගමන් කරන නැවක ගමන අසාර්ථක විය හැක. නමුත් එසේ කල යුතුව ඇත..
ගැ : දිවයුරු සැඟවෙන මොහොතක තනිවී
ඉකි බිඳිමින වියරුවේ පාළුවෙන්
එය දසුනකි තනි සිතක නොමැකෙනා
නෙතු වෙහෙසුණි යළි දකින තුරු දුරින්
ඔහු හිරු සැගවෙන සැදෑ කාලයේදී පාලුවෙන් මනෝලොකයක තනිවන අයුරු ඇයගේ සිත් පාරන කාරනයක්මය. මක්නිසාදයත් ඇගේ යටිහිතේ ඔහු ගැන යම් හැගීමක් ඇති නිසාය. ඒ හැගීමම ඇයට යලි ඔහු හමුවීමට බල කරයි නමුත් ඒ ඇයට දුරින්ය. ඔහුට ඇය වෙත ලංවීම තහනම්ය......
පද :- කපිල කුමාර කාලිංග
තනු :- රෝහණ වීරසිංහ
හඩ :- ලක්ෂ්මන් විජේසේකර, ප්‍රදීපා ධර්මදාස
මේ ගීතය සදහා රචකයාගේ නිමිත්ත හරිහැටි නොදන්නා නමුත් මේ ගීතය පුරාවටම ඇසේන්නේ මේ ඇයගේ පසුතැවීමක් වැනි හැගීමක් යැයි මට සිතේ. මක්නිසාදයත් මේ ගීතය් පුරාවටම ඇසෙන්නේ ප්‍රදීපා ධර්මදාස මහත්මියගේ හඩ වීමයි. ලක්ෂ්මන් විජේසේකර යන්ගේ හඩ ඇසෙන්නේ එක් සීමිත අවස්තාවකදී පමනි. තවද ඇය ඔහුට ළං නොවන කරුණ රචකයා පැහැදිලි නොකරයි. රචකයා මෙහිදී විචාරන්නේ මේ අවස්ථාව හා ඒ හැගීම් පමනකි. එහෙයින් මේ ගීතය බොහෝ දෙනෙකුගේ අත්දැකීම් හා ගලපාගත හැකිය.......
කවුරුන් කෙසේ මේ ගීතය අරුත් ගැන්වුවද මට මෙන්ම ලොකයේ කොහේ හෝ සිටින තවත් කෙනෙකුට අතීතාවර්ජනයක්ම වන්නේය...
ජිවිතේ හරිම පුදුමයි මචන්..

ඔන්න යාළුවනේ.... ටික දිනකට පස්සෙ අපි ආවා එළකිරිය පැත්තෙ ගීතයකුත් අරගෙන....
පහුගිය පෙබරවාරි 18 වෙනිදා කොළඹ නෙළුම් පොකුණ රංග ශාලාවේ පැවැත්වුනා උත්සවයක්.... ප්‍රදීපා ධර්මදාස මහත්මිය වසර හතකට පසුව සිය ගීත ප්‍රසංගයක් එහි පැවැත්වීමට කටයුතු සංවිධානය කරල තිබුණ. එහි සංගීතය අධ්‍යක්ෂණය කිරීමේ කටයුතු භාරව සිටියේ අපේ ප්‍රවීණ රෝහණ වීරසිංහ සංගීතඥයායි....
ඉතින් ඔන්න සියළුම වැඩ කටයුතු සූදානම් කරල උත්සවය ආරම්භ කිරීමට සූදානම් උනා...... ඒත් ගීත ගායනයක් නෑ.... මෙන්න අපේ රෝහණ වීරසිංහයන් හොරෙන් වෙනත් වැඩක් සංවිධානය කරල...... ඔහු කලාකරුවන් විසින් සංගීතයට කල මෙහෙය වෙනුවෙන් ප්‍රදීපා ධර්මදාස කලා ශිල්පිනියට දෙන්න සම්මානයක් සූදානම් කරල...... මොනව කරන්නද අත්පොළසන්හඩ මැද්දෙ ප්‍රදීප පුදුමෙන් වගේ ඇවිත් රෝහණ වීරසිංහයන්ට වැදල ඒ සම්මානය ලබා ගත්ත...... පස්සෙ සංවේදී කතාවකුත් කලා සිය ගුරුවරයානන් වන රෝහණ වීරසිංහයන් ගැන.... පස්සෙ උත්සවය පටන් ගන්න සියළුදෙනා සිය වගකීම් ඉටුකිරීමට අදාල ස්ථානයන් වෙත ගියා....
කෝ ඒත් ප්‍රදීපගේ ගීත ප්‍රසංගය නෑ..... මෙන්න ප්‍රදීපත් හොරෙන් වෙනත් වැඩක් සංවිධානය කරල..... අපේ නිවේදකතුමා මෙන්න මෙහෙම කියනවා......
මේ සේරම ප්‍රදීපගෙ සිරිසර අතරෙ තව පුංචි හොරකමක් කරල, අන්න අර පැත්තෙ කෙනෙක් හැංගිල ඉන්නව.... අද ඔහුගෙ උපන්දිනේ..... ඒත් සද්දයක් නැතිව ඉන්නව.... උපන්දින වෙනුවෙන් ලියපු ගීත ගැන මා එතරම් දන්නෙ නෑ.... ඒත් මහාචාර්ය කාලෝෆොන්සේකා ලියපු මේ උපන්දින ගීතය විතර උපන්දින ගීතයක් අපිට දැනිලත් නෑ ඇත්තෙත් නෑ..... ඒනිසා අපි උපන්දින ලාභියට නොහොත් රෝහණ වීරසිංහයන්ට ගෞරවයෙන් වේදිකාවට ආරාධනා කරනව තමුන්ම ගයපු ඒ උපන්දින ගීතය තමුන්ගෙම උපන්දිනය දවසෙ මදකට අහන්න එන්න කියල.....
මෙන්න හිමීට ඇහෙන්න පටන්ගන්නවා ගීතයක්............. දෙවියනේ.... මුළු සභාවම නැගිටල අත්පොලසන් දෙනව....... ඒත් රෝහණ වීරසිංහයන් එන්නෙ නෑ..... කැමරාව වේදිකාව කොනේ සැගවිලා සිටින රෝහණ වීරසිංහයන් වෙත යොමුවෙනව....... මහා ශ්‍රේෂ්ඨ තනු, ගීත රාශියක් අපේ සිංහල සංගීත කලාවට බිහිකල මේ ශ්‍රේෂ්ඨ සංගීතඥයා කදුළු පුරවගෙන ඉන්නවා. ඔහුගේ නෙත්වලින් කදුළු ගලනවා කැමරාවට පවා හොදට පේනව... මීට වඩා තවත් වටින උපන්දින තෑග්ගක් නෑ කියල ඔහුට හිතෙන්න ඇති... සභාවෙත් ගොඩාක් දෙනෙක්ගෙ නෙත්වල කදුළු........
මෙතරම් සංවේදීකමක් රෝහණ වීරසිංහයන්ට ගෙනාවෙ අපේ කාලෝෆොන්සේකා මහාචාර්යතුමා රචනා කල ඒ උපන්දින ගීතය නිසයි..... අනික ඒ ගීතය ගායනා කරන්නෙත් රෝහණ වීරසිංහයන්මයි...... ඉතින් සියළු උපන්දින සමරන්නන් වෙනුවෙන් ඔහු ගැයූ ගීතයක් ඔහුව පුදුම කරමින් ඔහුගේ උපන්දිනය වෙනුවෙන් ගැයෙන එක එතුමාට අහගෙන ඉන්න පුළුවන් තරම් ශක්තිමත් හිතක් තිබුනෙ නෑ...... ඔහු අහිංසක විදියට ඉල්ලුවා දැන් ඇති ගීතය නවත්වන්න කියලා... ගීතය නැවතුනා.....
කලාකරුවන්, සංවේදී හදවත් ඇත්තවුන් කියන්නෙ මහ පුදුමදෙයක්.... මෙය අපේ යාළුවන්ට මා නිතරම කියනා දෙයක්..... බලන්න රෝහණ වීරසිංහයන් සහ පිරිසක් හොරෙන්ම ප්‍රදීපාට සම්මානයක් සූදානම් කරල.... එකෙන් ප්‍රදීපා පුදුම වුනා... රෝහණ වීරසිංහයන් ලග ඇය වැද වැටුනා......
ප්‍රදීපා ඇතුලු පිරිස හොරෙන්ම රෝහණ වීරසිංහයන්ට උපන්දින සුභපැතුමක් සූදානම් කරල..... මෙය රෝහණ වීරසිංහයන්ට පුදුමයක්.... ඒනිසා ඔහුගෙ නෙත් තෙමුණා....
මේ සුන්දර හොරකම් දෙකම දන්න පිරිස එය දෙදෙනාටම සගවාගෙන සිටිය.... මේ පුදුමසහගත හොරකම් දෙකම සභාගත වෙද්දි හැබැහින් අත්විදි ප්‍රේක්ෂකයින්ගෙ දෙනෙත් සංවේදී කමට තෙත්වෙලා....... කොයිතරම්නම් සුන්දරද..... මේවගේ දේවල් අහන්න දකින්න තියෙන අපේ රට කොතරම් වාසනාවන්තද.... අපේ මිනිස්සු කොතරම් නම් නිරහංකාර අහිංසක සංවේදී මිනිසුන්ද...... මේ හැමදේම අපට ලබා දුන්නෙ සුන්දර ගීතයම නොවේද....? මෙන්න එහෙනම් අහල බලන්නකො ඒ උපන්දින ගීතය....
ආසිරිවන් ආයුබොවන් දිනෙහි ඔබ උපන්
සව් සිරින් සව් බෙලෙන් වෙසෙනු රත්තරන්
ඔබට ජයම වේ
ඔබට සැපම වේ
සැම උවදුරු දුරුව යේ
මිත් කැලන් පිරිවරින් වෙසෙනු සිත් තොසින්
ගුණය දියුණු වේ
නුවණ තියුණු වේ
විසකුරු දන බැහැර යේ
මොහඳුරින් ධන ලොබින් මනස නොවනසන්
භාගත කරගන්න
http://www.mediafire.com/?r9i1yxp54ei6o2h
තවත් ගීතයකින් හමුවෙමු.............
කිව්වත් වගේ මචන් සින්දුව අදමයි ඇහුවේ..
මටත් සෑහෙන උවමනාවක් තියෙනවා බන් "ස", මියැසි තටාකය , වගේ ප්‍රස0ගයක් බලන්න යන්න..
ඒත් තනියම යන්න කම්මැලි නිසා ඉන්නවා..
මේ වගේ කතා ඇහුවාම යන්නමයි හිත..
බොහෝම පින් මචෝ මෙහෙම අපි අහපු නැති සි0දු බෙදාදෙනවාට
කලකට පෙර අපගේ ආයතනයට අලුතින් කිහිපදෙනෙකු බදවාගනු ලැබුවා. මේ අතර මුල්ම හමුවීමෙන්ම මගේ හදවත සොරාගත් දෑසක් ද විය... අවාසනාවකට ඇය මගේ සහයිකාව ලෙස පත්ව තිබිනි. කාලය ගෙවෙද්දී මිතුදමට වඩා වැඩි මොකක්දෝ හැගීමක් මා තුල ඇය කෙරෙහි දලුලා වැඩී තිබිනි. ඇගේ රූපය ගතිගුන මෙන්ම ඇයගේ යම් යම් ඉගිද ඒයට සරු පස සපයන්නට ඇත.
ඇගේ කැපවීම්, මග පෙන්වීම් හා දිරිගැන්වීම් නිසා ආයතනයේන් මට උසස්වීමක් ලැබුනේ ඇයටත් මා පෙර දැරූ නිලයට උසස්වීමක් ලබාදෙමිනි. එදින ඇය කෙරෙහි මගේ සුබපැතුම සමග ඇය කෙරෙහිවූ මගේ හැගීමද ප්‍රකාෂ කෙරිනි. මගේ ඇස් දිහා මදවේලාවක් බලාසිටි ඇය හඩමින් විවේකාගාරය දෙසට දිවගිය අයුරු සිහිවනවිට අදටත් මට දැනෙන්නේ මහා වරදකාරී හැගීමකි... මක්නිසාදයත් අද ඇය එදා අපට නොකියාම විවාහ ගිවිසගෙන සිටි පුද්ගලයා සමග දුර රටක පදිංචියට ගොසින්ය.
එදිනට පසුවද සමුගැන්ම තෙක් ආයතනයේදී වෙනදා මෙන් වෙනසක් නොවී මට උපරිමයෙන් සහය දුන් ඇයගේ සිදුවූ එකම වෙනස නම් මා දකින සැම විටම පාහේ නෙතට කදුලු ඒම පමනකි. ඇගේ සමුගැනීමේ දිනයේදී මාගේ මේසය මත ඇගේ අකුරින් ගීතයක කොටසක් ලියූ කඩදාසියක් විය.. එනම්....................
ගැ : සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරු දම් විනා
නෞකාවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ
ඇත සමුදුරේ යාත්‍රාකරන නෞකාවකට ගොඩබිමේ ඇති පහන් වැටකින් සිදුවන්නේ මගපෙන්වීමම නොවේද... නමුත් ඇය මෙලෙස ජීවිතේ දුක සැප බෙදාගන්නට සූදානම් වන්නේ ඔහුගේ පෙම්වතිය හෝ බිරිද වෂයන් නොව හොද මිතුරියක් ලෙසය.........
පි : තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ
දැඩි සිතකින් දුර ගමන යමි ඉතින්
කිසිදින අප හමු නොවන බව දනිමි
සිහිනය මිය යා යුතු ය මේ ලෙසින්
යලිත් කිසිදින දෙදෙනා හමුනොවන නිසා ඔහු මැවූ සිහිනය මියයා යුතුමය. ඒ සදහා ඇය අමතක කල යුතුය. ඒන්ම් නැවට පහන්ටැබ මෙන් ජීවිතයට අරමුන වූ ඇය අමතක කල යුතුය. න්මුත් ඔහුගේ ජීවිතය නැමති නෞකාවට අහසේ තරු පාර කියාවි. නමුත් ගොඩබිම පහන්ටැබ නොසලකා තරැ එලියට ගමන් කරන නැවක ගමන අසාර්ථක විය හැක. නමුත් එසේ කල යුතුව ඇත..
ගැ : දිවයුරු සැඟවෙන මොහොතක තනිවී
ඉකි බිඳිමින වියරුවේ පාළුවෙන්
එය දසුනකි තනි සිතක නොමැකෙනා
නෙතු වෙහෙසුණි යළි දකින තුරු දුරින්
ඔහු හිරු සැගවෙන සැදෑ කාලයේදී පාලුවෙන් මනෝලොකයක තනිවන අයුරු ඇයගේ සිත් පාරන කාරනයක්මය. මක්නිසාදයත් ඇගේ යටිහිතේ ඔහු ගැන යම් හැගීමක් ඇති නිසාය. ඒ හැගීමම ඇයට යලි ඔහු හමුවීමට බල කරයි නමුත් ඒ ඇයට දුරින්ය. ඔහුට ඇය වෙත ලංවීම තහනම්ය......
පද :- කපිල කුමාර කාලිංග
තනු :- රෝහණ වීරසිංහ
හඩ :- ලක්ෂ්මන් විජේසේකර, ප්‍රදීපා ධර්මදාස
මේ ගීතය සදහා රචකයාගේ නිමිත්ත හරිහැටි නොදන්නා නමුත් මේ ගීතය පුරාවටම ඇසේන්නේ මේ ඇයගේ පසුතැවීමක් වැනි හැගීමක් යැයි මට සිතේ. මක්නිසාදයත් මේ ගීතය් පුරාවටම ඇසෙන්නේ ප්‍රදීපා ධර්මදාස මහත්මියගේ හඩ වීමයි. ලක්ෂ්මන් විජේසේකර යන්ගේ හඩ ඇසෙන්නේ එක් සීමිත අවස්තාවකදී පමනි. තවද ඇය ඔහුට ළං නොවන කරුණ රචකයා පැහැදිලි නොකරයි. රචකයා මෙහිදී විචාරන්නේ මේ අවස්ථාව හා ඒ හැගීම් පමනකි. එහෙයින් මේ ගීතය බොහෝ දෙනෙකුගේ අත්දැකීම් හා ගලපාගත හැකිය.......
කවුරුන් කෙසේ මේ ගීතය අරුත් ගැන්වුවද මට මෙන්ම ලොකයේ කොහේ හෝ සිටින තවත් කෙනෙකුට අතීතාවර්ජනයක්ම වන්නේය...
නියමයි මචෝ
තරු කඩා වැටෙන අහසක අතරමං වූ යෞවනියක ගේ බලාපොරොත්තුවේ විලාපය.......
දූවිල්ලෙන් වත්සුනු තවරා.............
දූවිල්ලෙන් වත්සුනු තවරා
කුමර කුමරියන් වී ලෙංගතු ඇසුරේ
වහස් බැළුම් දෙන හැන්දෑවේ..........
නන්නාදුනනා
කය මිස සිත නැති පුරවරයේ
කවුරුන් හෝ තුරුලේ
නිමේශයක්.....
මුමුණාවී රහසින්
ආගිය උන් හිටි තැන් සගවා.............
ගිනි කදු සිරසේ- මළ පුඩු අතරේ
කැදළි සදාවී - මොණර කිරිල්ලී........
රැයකින් රැයකට කුස පිරෙනා
සද සෙවනැල්ලේ..........
සිත ඇති - කය නැති
මිටියාවත ඉවුරේ........
වහස් බැලුම් සගවා......
උකුසු ඇසක් ගෙන ගුරුළු වෙසක් ගෙන
පියඹා යාවී.......
මොණර කිරිල්ලී.........
සැඩ සුළගේ......
මුල් ඉදිරී යන් ගස මුදුනේ
නූපන් දවසේ
රන් කිරි කදුළේ......
සිහින දකී වී මොණර කිරිල්ලී..................
සිහින දකී වී.......මොණර කිරිල්ලී............
සමාජය විසින් ඇතිකළ ආර්ථික අමාරුකම් සමහන් කිරීමට ලොව පැරනි ම වෘත්තිය තෝරාගත් යෞවනියක ගේ ශෝකාලාපය, හද පාරවන ලෙස ගෙන එන්නකි, මේ ගීතය. මේ ගායකයා ගැන යමක් කිව යුතුමය. මොරිස්, අපට ආගන්තුක ගායකයෙකු වී නමුදු, අග නුවර තරු හෝටලවල නිශාචර දිවියක් ගෙවන, ගෙවූ අයට නම් ආගන්තුකයෙකු නොවේ. බොක්ස් ගිතාරයක් පමනක් තම ආත්ම කථනය කොට ගෙන තරු හෝටලවල රාත්‍රියෙහි මන්ද්‍ර ස්වරයෙන් ජිම් රීව්ස් ගේ ගීත ගයන ඔහු ගේ ගායනා මා බොහෝ කොට රස විද ඇත්තෙමි. මොරිස් සිංහල ගීත ගයා ඇත්තේ දෙකක් පමනි. මේ ගීතය සහ "ඔබ එන්න-ඔබ ඇවිත් යන්න එන්න" ඒ ගිත දෙකයි. මෙවන් සාධනීය , මධුර, ගැඹුරු ස්වරයක් අපේ හෙල ගිත සදහා අහිමි වීම අප කල කුමන නම් පාපයක් දැයි මට ඔහු ගේ ගීත අසන බොහෝ වර සිහි වෙයි.
දැන් ගීතය.............
සැදැ යාමයේ වීදි බසින පුරගනන් ඇසුරු නොකර වුවද ඔබ දැක ඇතැයි සිතමි. වත්සුණු සහ අනෙක් රූපාලංකරන ද්‍රව්‍ය තවරා ලෙන ඔවුන් තම වෘත්තිය සදහා සවස්යම විදි බසිත්. රචකයා මෙම වත්සුනු දකින්නේ දුවිලි ලෙසටය. ඔවුන් වැටි සිටින අගාධයේ තරම පෙන්වන පළමු යෙදුම රචකයා එලෙස යොදයි. මේ දූලි මුහුනේ තවරා ගෙන කුමර කුමරියන් සේ ඔවුන් නුරා, අහංකාර බැනුම් හෙලමින් තම ගොදුරු සොයා යති. මේ පුරවරය පැහෙන නරකයෙහි යමපල්ලන් බදු ඇග මසට ලොබ බැදි නිරිසතුන් මේ යෞවනියන් පහස පතා ඇදෙති. ඔවුන් ගෙ රැකියාව එයයි. මේ නාදුනන පුරයෙහි, සිත ඇතිවන ආශාවන් පසෙක තබා කය පමණක් සරණ කොටගෙන, කවුරුන් හෝ සළෙලෙක් ගේ තුරුලෙහි, තමා කවුද, කොයිබින් ආවේද යන්න සගවා ඔවුහු තම කය විකුණති.
ගිනි කදු සිරසේ- මළ පුඩු අතරේ
කැදළි සදාවී - මොණර කිරිල්ලී........
රැයකින් රැයකට කුස පිරෙනා
සද සෙවනැල්ලේ..........
සිත ඇති - කය නැති
මිටියාවත ඉවුරේ........
වහස් බැලුම් සගවා......
උකුසු ඇසක් ගෙන ගුරුළු වෙසක් ගෙන
පියඹා යාවී.......
මොණර කිරිල්ලී.........
ගණිකා වෘත්තියෙහි අද පවතින සංකීර්ණ සංවිධානාත්මක තත්ත්වය ඔබද දන්නවා ඇත. මේ නාරාවලෙන් මිදී යන තරුනියන් අවසන් වන්නේ නාදුනන මරණයකිනි. නැතහොත් දාමරිකයන් රැසක් අතින් දූෂ්‍ය වීමෙනි. මෙවන් තරුණියන් තම අනාගතය ගැන මවන සිතුම්, විවාහ දිවිය ගැන දකින සිහින රචකයා දකින්නේ ගිනි කදු සිරසේ ද මල පුඩු අතරේ ද කැදළි තැනීමක් ලෙසටය. මේ ජීවිතවල පවතින සැබෑ තත්ත්වය එදිනෙදා යැපීම පමණි. තම සිරුර මෙන්ම තම දිවියද තමාට හිමි නැති බව සංවිධානාත්මක ගණිකා ව්‍යාපාරවල ගොදුරු වු තරුණියෝ දනිති. එනිසා ඔවුන් කරන්නේ තම සිත උදුරා දමා කය පමණක් වහල් කොට ගෙන මුදල් ඉපයිමය. මේ ගීතයේ ප්‍රස්තූතය වන තරුණිය මේ නරාවලින් මිදිමට දරන වෙර, රචකයා උකුසු ඇසක් ගෙන ගුරුලු වෙසක් ගෙන පියඹා යාමට තැත් කිරීමක් ලෙස දකී.
මෙලෙස වෘත්තිය හැරපියා ඉගිල ගිය යුවතියන් පවා අවසන දී තම අතිතය හෙළිවිමෙන් පසුව මුහුණ දෙන ව්‍යසනය, රචකයා කදිමට පෙලගස්වන්නේ පහත පරිදිය.
සැඩ සුළගේ......
මුල් ඉදිරී යන ගස මුදුනේ
නූපන් දවසේ
රන් කිරි කදුළේ......
සිහින දකී වී මොණර කිරිල්ලී..................
සිහින දකී වී.......මොණර කිරිල්ලී............
අතීතය හෙලිවිමෙන් පසුව ඇය විවාහ දිවිය තුළ සැඩ සුළගකට මුහුණ දිය යුතුය. එවිට විවාහ දිවියෙහි මුල් ඉදිරීයයි. මේ වැනි ගසක් මුදුනේ වුවද කැදලි තනා ඇය දකින්නේ මවක් වීමේ කිරි සිහිනයයි. ඇය ඒ නූපන් දවස සහ දරුවෙකු පිලිබද ව සිහින දකී............
සංකීර්ණ සමාජ භාවිතයක් බවට වර්තමානයේ පත්වි ඇති ගණිකා වෘත්තියත්, එහි ඇති අනනුකම්පිය, අමන ස්වරූපයත්, එයින් පලා යාමට සිදුරු සොයනා යුවතියක ගේ කදුල සහ සුසුමත්, බලාපොරොත්තුවත් රචකයා මොනවට සනිටුහන් කොට ඇති සෙයක් දක්නට ලැබෙන ගියකි මෙය.
කාලීන ගීතයක් මචන්..
ගැ : සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරු දම් විනා
නෞකාවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ
ඇත සමුදුරේ යාත්‍රාකරන නෞකාවකට ගොඩබිමේ ඇති පහන් වැටකින් සිදුවන්නේ මගපෙන්වීමම නොවේද... නමුත් ඇය මෙලෙස ජීවිතේ දුක සැප බෙදාගන්නට සූදානම් වන්නේ ඔහුගේ පෙම්වතිය හෝ බිරිද වෂයන් නොව හොද මිතුරියක් ලෙසය.........
පි : තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ
දැඩි සිතකින් දුර ගමන යමි ඉතින්
කිසිදින අප හමු නොවන බව දනිමි
සිහිනය මිය යා යුතු ය මේ ලෙසින්
යලිත් කිසිදින දෙදෙනා හමුනොවන නිසා ඔහු මැවූ සිහිනය මියයා යුතුමය. ඒ සදහා ඇය අමතක කල යුතුය. ඒන්ම් නැවට පහන්ටැබ මෙන් ජීවිතයට අරමුන වූ ඇය අමතක කල යුතුය. න්මුත් ඔහුගේ ජීවිතය නැමති නෞකාවට අහසේ තරු පාර කියාවි. නමුත් ගොඩබිම පහන්ටැබ නොසලකා තරැ එලියට ගමන් කරන නැවක ගමන අසාර්ථක විය හැක. නමුත් එසේ කල යුතුව ඇත..
ගැ : දිවයුරු සැඟවෙන මොහොතක තනිවී
ඉකි බිඳිමින වියරුවේ පාළුවෙන්
එය දසුනකි තනි සිතක නොමැකෙනා
නෙතු වෙහෙසුණි යළි දකින තුරු දුරින්
ඔහු හිරු සැගවෙන සැදෑ කාලයේදී පාලුවෙන් මනෝලොකයක තනිවන අයුරු ඇයගේ සිත් පාරන කාරනයක්මය. මක්නිසාදයත් ඇගේ යටිහිතේ ඔහු ගැන යම් හැගීමක් ඇති නිසාය. ඒ හැගීමම ඇයට යලි ඔහු හමුවීමට බල කරයි නමුත් ඒ ඇයට දුරින්ය. ඔහුට ඇය වෙත ලංවීම තහනම්ය......
පද :- කපිල කුමාර කාලිංග
තනු :- රෝහණ වීරසිංහ
හඩ :- ලක්ෂ්මන් විජේසේකර, ප්‍රදීපා ධර්මදාස
මේ ගීතය සදහා රචකයාගේ නිමිත්ත හරිහැටි නොදන්නා නමුත් මේ ගීතය පුරාවටම ඇසේන්නේ මේ ඇයගේ පසුතැවීමක් වැනි හැගීමක් යැයි මට සිතේ. මක්නිසාදයත් මේ ගීතය් පුරාවටම ඇසෙන්නේ ප්‍රදීපා ධර්මදාස මහත්මියගේ හඩ වීමයි. ලක්ෂ්මන් විජේසේකර යන්ගේ හඩ ඇසෙන්නේ එක් සීමිත අවස්තාවකදී පමනි. තවද ඇය ඔහුට ළං නොවන කරුණ රචකයා පැහැදිලි නොකරයි. රචකයා මෙහිදී විචාරන්නේ මේ අවස්ථාව හා ඒ හැගීම් පමනකි. එහෙයින් මේ ගීතය බොහෝ දෙනෙකුගේ අත්දැකීම් හා ගලපාගත හැකිය.......
කවුරුන් කෙසේ මේ ගීතය අරුත් ගැන්වුවද මට මෙන්ම ලොකයේ කොහේ හෝ සිටින තවත් කෙනෙකුට අතීතාවර්ජනයක්ම වන්නේය...
මම පුදුම විදියට ආදරය කරන ගීතයක් මචන්.user52 උබට ගොඩාක් පින්
ආසිරිවන් ආයුබොවන් දිනෙහි ඔබ උපන්
සව් සිරින් සව් බෙලෙන් වෙසෙනු රත්තරන්
ඔබට ජයම වේ
ඔබට සැපම වේ
සැම උවදුරු දුරුව යේ
මිත් කැලන් පිරිවරින් වෙසෙනු සිත් තොසින්
ගුණය දියුණු වේ
නුවණ තියුණු වේ
විසකුරු දන බැහැර යේ
මොහඳුරින් ධන ලොබින් මනස නොවනසන්
භාගත කරගන්න
http://www.mediafire.com/?r9i1yxp54ei6o2h
තවත් ගීතයකින් හමුවෙමු.............
sasliit මචන් මේවාගේ දේවල්වලින් අපිව උබ තවත් සංවේදි කරවනවා.අපි මහා කලාකුරුවො නොවුනට කඩචොරු සංගිත රස වින්දනයෙන් මිදිලා සුභාව්ත ගීතයට ආදරය කරන එක ගැන අපි අපි ගැනම නිහතමානි ආඩම්බරයක් තියෙනවා.එ අතරින් උබ ගැන මට ලොකු ගෙෘරවයක් ඇති වෙනවා මචන්
විරහව කොතරම් නම් වේදනාකාරීද...... ඇතැම්විට ජීවිතයක් නැතිකරන්න තරම්... නමුත් මේ වේදනාවෙන් දැවෙන කෙනෙකුට ඇත්ත ආදරය නැවත ජීවිතයට හමුවුනොත් එය සැබැවින්ම කතරට වන් දියපොදක්ම නොවන්නේද.......
ඔහු ආදරය දැක්කේ බොහෝ ගෞරවනීය හා උතුම් හැගීමකින්මය. ඒ උත්තරීතර වූ ආදරය ඔහු පිදුවේ මුලු හදවතින්මය. නමුත් ඔහුට කලකට පසුව අත්විදීමට ලැබුනේ අතිෂය වේදනාකාරි විරහවමය. ඔහු මේ විරහ ගින්නෙන් දැවෙමින් සිටි කාලයේදී ඔහුට ඇය හමුවිනි. ඔහුගේ ජීවිත කතරට වැසි වැටුනි. ඇය කෙරෙහි ඔහුගේ වූ ඒ උත්තම ආදරය ගීයක පදවැලක් විනි. ඔහු සෝමපාල ලීලානන්ද මහතාය ඇය දැන් එතුමාගේ බිරිදය....
"සැරයටියෙන් අපි යනෙනතුරා
සංසාරෙත් අපි එකට ඉමු"
මේ ගීතයේ පදවැල මෙලෙස කැටයම් වන්නට එතුමාට තවත් නිමිත්තක් ගුරුහරුකම් සපයන ලදී. එනම් එතුමාගේ නිවසේ පොල් කැඩීමට පැමිනි වයසින් වැඩි යුවලක්ය. මේ පිරිමියාට ඇස් නොපෙනුනි මේ නිසා ගැහැනු කෙනා විසින ඔහුව පොල්ගස ලගට සැරයටියක් ආදාරයෙන් කැදවාගෙන යනු ලබීමය.........
සැරයටියෙන් අපි යනෙන තුරා
සංසාරේ අපි එකට ඉමු
සංසාරෙන් අපි සමුගන්නාදා
ඒ ගමනත් අපි එකට යමු
මේ අපේක්ෂිත බැදීම මරණයෙන් කෙලවර වන්නක් නොවේ. සසර පුරාවටම එකට සිටීමට කරන්නාවු ආරාදනයකි. යම් අයුරකින් සසර ගමන නිමා වන්නේ නම් ඒ එයද එහිදීද දෙදෙනාම ඒක්ව සිටීමට තරම් සිදුවන්නාවු බැදීමකි.
මේය රචකයා තුලින් ඇය කෙරෙහි හටගන්නාවූ දැඩි ලොබකමක් යැයි මට හැගේ නමුත් රචකයාට මේ ලැබූ ආදරය කොතරම් අස්වැසිල්ලක් සහනයක් වූවාද මෙයින් මනාව කියවේ........
පි :ජීවන මංපෙත මලින් සැදීගිය
යුගයක නොව ඔබ හමුවුයේ
කටුකොහොලින් පිරි කලල් දියේ මා
තනිව මියෙද්දිය හමුවූයේ
විරහ ගින්නෙන් දැවෙමින් මියයමින් සිටින ජීවිතයකට ප්‍රාන වායුව එක්කරන්නේ මේ ආදරයමය. එනම් මේ ආදරය ඔහුගේ ජීවිතයමය. ජීවිතයේ එකම අරමුනමය.
ගැ :මින් මතු මංපෙත මලින් සදන්නම්
ලතැවුල් සෝගී නැසෙනසේ
පමනක් නොව මේ සංසාරේ
උපදින වුව මතු සංසාරේ
ඇයගේන් සිදුවන මේ පොරොන්දුව නම් ඔහුගේ කටුක අතීතය අමතක කරලීමට හා අනාගතය සුවපත් කරලීමට කැපවන බවයි. තවද මේ පොරොන්දුව සසර පුරාවටම රැකගන්නා බවයි..
ඇගේ ආදරය හමුවේ රචකයා ලබන පහස මගින් ඔහුගේ චිත්ත සංතානය තුල ඇය හා ඇය නිසා ඔහුගේ අනාගතය ගැන මැවෙන චිත්ත රුප පද වැලක කැටයම්වේ..
පි :මතු සංසාරේ මා හුරුබුහුටිව
පෙම් කරනා කල එලබෙනදා
කුලුදුල් නැකතින් හමුවන පැතුමන්
පතමුව සසරින් නික්මෙන දා
මේ ප්‍රාර්ථනය නම් යලි උපදින මතු භවයකදී හෝ ඇය ඔහුගේ ප්‍රථම ප්‍රේමය වන්නටය. මක්නිසාදයත් විරහව නිසා හටගන්නා දුක මතු භවයකදීවත් යලිත් නොපතන නිසාමය..
ඔහුගේ විරහව කොතරම් වේදනාකාරී වන්නට ඇත්ද.... එතරම් වේදනා ලබන්නට ඔහු කොතරම් ආදරය කරන්නට ඇත්ද..........
ගැ :සංසිදුවා සිතු පහන් කරන්නෙමි
මේ පෙම කුලුදුල් පෙමය සිතා
එන්නෙමි පසුපස සංසාරේ
කැපවෙමි ඔබෙ සිතු ගැනම සිතා
ඔහුගේ සිතුවිලි තේරුම්ගන්නා ඇය ඔහුට නැවතත් පොරොන්දුවන්නේ ඔහුට කටුක අතීතය අමතක වන අයුරින් ඔහුගේ සියලු සිතිවිලි, අවශ්‍යතා සංසිදුවා පහන් කරන බවටය.. එමේන්ම මතු උපදින ආත්මයන් හිද ඇය ඔහුගේම වන බවටය.......
රචකයා ස්ත්‍රියට මුල්තැන සපයමින් මේ පද ගෙත්තම් කල අයුරක් පෙනේ. ඒ ඇයගේ කැපකිරීම් වලට උපහාර කරනුවස් යැයි මට හැගේ.......
පද :- සෝමපාල ලීලානන්ද
තනු :- සරත් දසනායක
හඩ :- විජය කුමාරතුංග හා චන්ද්‍රලේඛා පෙරේරා
ගීතය තුලින් මතුකිරීමට උත්සහදරන ආදරයේ නව සතුටුදායක හැගීම සදහා මේ ගීතයේ තනුව මෙන්ම ගායක යුවලගේ හඩද මනා දායකත්වයක් සපයයි. නමුත් පෞද්ගලිකව මට හැගේන අයුරින් පද රචනයේදී සොමපාල මහතා එක් තැනකදී හැරුනුකොට අනෙක් සියලු තැන් හි "සසර" හා "ජීවිතය හෝ භවය" යන පද වල අරුත පටලවාගේන ඇතිසේය.. මෙය ඇතැම්විට මාගේ භාශා නොහැකියාව නිසා හැගෙන්නක් දැයි නොදනී.............
Last edited: