දෙන්නම ඉන්නවා..... ටිකක් බිසී.... ඉක්මනින්ම එකක් දෙන්නම්....මුන්ට මොනව වෙලාද ? කෝ කිඹුලා ? සස්ලිට් ?

දෙන්නම ඉන්නවා..... ටිකක් බිසී.... ඉක්මනින්ම එකක් දෙන්නම්....![]()

ATTHENMAmatath a tikama thama ban
mehema innakota melo rahak na ban jeewithe kocchara salli hamba karath![]()
කලකට පෙර අපගේ ආයතනයට අලුතින් කිහිපදෙනෙකු බදවාගනු ලැබුවා. මේ අතර මුල්ම හමුවීමෙන්ම මගේ හදවත සොරාගත් දෑසක් ද විය... අවාසනාවකට ඇය මගේ සහයිකාව ලෙස පත්ව තිබිනි. කාලය ගෙවෙද්දී මිතුදමට වඩා වැඩි මොකක්දෝ හැගීමක් මා තුල ඇය කෙරෙහි දලුලා වැඩී තිබිනි. ඇගේ රූපය ගතිගුන මෙන්ම ඇයගේ යම් යම් ඉගිද ඒයට සරු පස සපයන්නට ඇත......... .....................................
...................................

කලකට පෙර අපගේ ආයතනයට අලුතින් කිහිපදෙනෙකු බදවාගනු ලැබුවා. මේ අතර මුල්ම හමුවීමෙන්ම මගේ හදවත සොරාගත් දෑසක් ද විය... අවාසනාවකට ඇය මගේ සහයිකාව ලෙස පත්ව තිබිනි. කාලය ගෙවෙද්දී මිතුදමට වඩා වැඩි මොකක්දෝ හැගීමක් මා තුල ඇය කෙරෙහි දලුලා වැඩී තිබිනි. ඇගේ රූපය ගතිගුන මෙන්ම ඇයගේ යම් යම් ඉගිද ඒයට සරු පස සපයන්නට ඇත.
ඇගේ කැපවීම්, මග පෙන්වීම් හා දිරිගැන්වීම් නිසා ආයතනයේන් මට උසස්වීමක් ලැබුනේ ඇයටත් මා පෙර දැරූ නිලයට උසස්වීමක් ලබාදෙමිනි. එදින ඇය කෙරෙහි මගේ සුබපැතුම සමග ඇය කෙරෙහිවූ මගේ හැගීමද ප්‍රකාෂ කෙරිනි. මගේ ඇස් දිහා මදවේලාවක් බලාසිටි ඇය හඩමින් විවේකාගාරය දෙසට දිවගිය අයුරු සිහිවනවිට අදටත් මට දැනෙන්නේ මහා වරදකාරී හැගීමකි... මක්නිසාදයත් අද ඇය එදා අපට නොකියාම විවාහ ගිවිසගෙන සිටි පුද්ගලයා සමග දුර රටක පදිංචියට ගොසින්ය.
එදිනට පසුවද සමුගැන්ම තෙක් ආයතනයේදී වෙනදා මෙන් වෙනසක් නොවී මට උපරිමයෙන් සහය දුන් ඇයගේ සිදුවූ එකම වෙනස නම් මා දකින සැම විටම පාහේ නෙතට කදුලු ඒම පමනකි. ඇගේ සමුගැනීමේ දිනයේදී මාගේ මේසය මත ඇගේ අකුරින් ගීතයක කොටසක් ලියූ කඩදාසියක් විය.. එනම්....................
ගැ : සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරු දම් විනා
නෞකාවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ
ඇත සමුදුරේ යාත්‍රාකරන නෞකාවකට ගොඩබිමේ ඇති පහන් වැටකින් සිදුවන්නේ මගපෙන්වීමම නොවේද... නමුත් ඇය මෙලෙස ජීවිතේ දුක සැප බෙදාගන්නට සූදානම් වන්නේ ඔහුගේ පෙම්වතිය හෝ බිරිද වෂයන් නොව හොද මිතුරියක් ලෙසය.........
පි : තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ
දැඩි සිතකින් දුර ගමන යමි ඉතින්
කිසිදින අප හමු නොවන බව දනිමි
සිහිනය මිය යා යුතු ය මේ ලෙසින්
යලිත් කිසිදින දෙදෙනා හමුනොවන නිසා ඔහු මැවූ සිහිනය මියයා යුතුමය. ඒ සදහා ඇය අමතක කල යුතුය. ඒන්ම් නැවට පහන්ටැබ මෙන් ජීවිතයට අරමුන වූ ඇය අමතක කල යුතුය. න්මුත් ඔහුගේ ජීවිතය නැමති නෞකාවට අහසේ තරු පාර කියාවි. නමුත් ගොඩබිම පහන්ටැබ නොසලකා තරැ එලියට ගමන් කරන නැවක ගමන අසාර්ථක විය හැක. නමුත් එසේ කල යුතුව ඇත..
ගැ : දිවයුරු සැඟවෙන මොහොතක තනිවී
ඉකි බිඳිමින වියරුවේ පාළුවෙන්
එය දසුනකි තනි සිතක නොමැකෙනා
නෙතු වෙහෙසුණි යළි දකින තුරු දුරින්
ඔහු හිරු සැගවෙන සැදෑ කාලයේදී පාලුවෙන් මනෝලොකයක තනිවන අයුරු ඇයගේ සිත් පාරන කාරනයක්මය. මක්නිසාදයත් ඇගේ යටිහිතේ ඔහු ගැන යම් හැගීමක් ඇති නිසාය. ඒ හැගීමම ඇයට යලි ඔහු හමුවීමට බල කරයි නමුත් ඒ ඇයට දුරින්ය. ඔහුට ඇය වෙත ලංවීම තහනම්ය......
පද :- කපිල කුමාර කාලිංග
තනු :- රෝහණ වීරසිංහ
හඩ :- ලක්ෂ්මන් විජේසේකර, ප්‍රදීපා ධර්මදාස
මේ ගීතය සදහා රචකයාගේ නිමිත්ත හරිහැටි නොදන්නා නමුත් මේ ගීතය පුරාවටම ඇසේන්නේ මේ ඇයගේ පසුතැවීමක් වැනි හැගීමක් යැයි මට සිතේ. මක්නිසාදයත් මේ ගීතය් පුරාවටම ඇසෙන්නේ ප්‍රදීපා ධර්මදාස මහත්මියගේ හඩ වීමයි. ලක්ෂ්මන් විජේසේකර යන්ගේ හඩ ඇසෙන්නේ එක් සීමිත අවස්තාවකදී පමනි. තවද ඇය ඔහුට ළං නොවන කරුණ රචකයා පැහැදිලි නොකරයි. රචකයා මෙහිදී විචාරන්නේ මේ අවස්ථාව හා ඒ හැගීම් පමනකි. එහෙයින් මේ ගීතය බොහෝ දෙනෙකුගේ අත්දැකීම් හා ගලපාගත හැකිය.......
කවුරුන් කෙසේ මේ ගීතය අරුත් ගැන්වුවද මට මෙන්ම ලොකයේ කොහේ හෝ සිටින තවත් කෙනෙකුට අතීතාවර්ජනයක්ම වන්නේය...
ඔන්න යාළුවනේ.... ටික දිනකට පස්සෙ අපි ආවා එළකිරිය පැත්තෙ ගීතයකුත් අරගෙන....
පහුගිය පෙබරවාරි 18 වෙනිදා කොළඹ නෙළුම් පොකුණ රංග ශාලාවේ පැවැත්වුනා උත්සවයක්.... ප්‍රදීපා ධර්මදාස මහත්මිය වසර හතකට පසුව සිය ගීත ප්‍රසංගයක් එහි පැවැත්වීමට කටයුතු සංවිධානය කරල තිබුණ. එහි සංගීතය අධ්‍යක්ෂණය කිරීමේ කටයුතු භාරව සිටියේ අපේ ප්‍රවීණ රෝහණ වීරසිංහ සංගීතඥයායි....
ඉතින් ඔන්න සියළුම වැඩ කටයුතු සූදානම් කරල උත්සවය ආරම්භ කිරීමට සූදානම් උනා...... ඒත් ගීත ගායනයක් නෑ.... මෙන්න අපේ රෝහණ වීරසිංහයන් හොරෙන් වෙනත් වැඩක් සංවිධානය කරල...... ඔහු කලාකරුවන් විසින් සංගීතයට කල මෙහෙය වෙනුවෙන් ප්‍රදීපා ධර්මදාස කලා ශිල්පිනියට දෙන්න සම්මානයක් සූදානම් කරල...... මොනව කරන්නද අත්පොළසන්හඩ මැද්දෙ ප්‍රදීප පුදුමෙන් වගේ ඇවිත් රෝහණ වීරසිංහයන්ට වැදල ඒ සම්මානය ලබා ගත්ත...... පස්සෙ සංවේදී කතාවකුත් කලා සිය ගුරුවරයානන් වන රෝහණ වීරසිංහයන් ගැන.... පස්සෙ උත්සවය පටන් ගන්න සියළුදෙනා සිය වගකීම් ඉටුකිරීමට අදාල ස්ථානයන් වෙත ගියා....
කෝ ඒත් ප්‍රදීපගේ ගීත ප්‍රසංගය නෑ..... මෙන්න ප්‍රදීපත් හොරෙන් වෙනත් වැඩක් සංවිධානය කරල..... අපේ නිවේදකතුමා මෙන්න මෙහෙම කියනවා......
මේ සේරම ප්‍රදීපගෙ සිරිසර අතරෙ තව පුංචි හොරකමක් කරල, අන්න අර පැත්තෙ කෙනෙක් හැංගිල ඉන්නව.... අද ඔහුගෙ උපන්දිනේ..... ඒත් සද්දයක් නැතිව ඉන්නව.... උපන්දින වෙනුවෙන් ලියපු ගීත ගැන මා එතරම් දන්නෙ නෑ.... ඒත් මහාචාර්ය කාලෝෆොන්සේකා ලියපු මේ උපන්දින ගීතය විතර උපන්දින ගීතයක් අපිට දැනිලත් නෑ ඇත්තෙත් නෑ..... ඒනිසා අපි උපන්දින ලාභියට නොහොත් රෝහණ වීරසිංහයන්ට ගෞරවයෙන් වේදිකාවට ආරාධනා කරනව තමුන්ම ගයපු ඒ උපන්දින ගීතය තමුන්ගෙම උපන්දිනය දවසෙ මදකට අහන්න එන්න කියල.....
මෙන්න හිමීට ඇහෙන්න පටන්ගන්නවා ගීතයක්............. දෙවියනේ.... මුළු සභාවම නැගිටල අත්පොලසන් දෙනව....... ඒත් රෝහණ වීරසිංහයන් එන්නෙ නෑ..... කැමරාව වේදිකාව කොනේ සැගවිලා සිටින රෝහණ වීරසිංහයන් වෙත යොමුවෙනව....... මහා ශ්‍රේෂ්ඨ තනු, ගීත රාශියක් අපේ සිංහල සංගීත කලාවට බිහිකල මේ ශ්‍රේෂ්ඨ සංගීතඥයා කදුළු පුරවගෙන ඉන්නවා. ඔහුගේ නෙත්වලින් කදුළු ගලනවා කැමරාවට පවා හොදට පේනව... මීට වඩා තවත් වටින උපන්දින තෑග්ගක් නෑ කියල ඔහුට හිතෙන්න ඇති... සභාවෙත් ගොඩාක් දෙනෙක්ගෙ නෙත්වල කදුළු........
මෙතරම් සංවේදීකමක් රෝහණ වීරසිංහයන්ට ගෙනාවෙ අපේ කාලෝෆොන්සේකා මහාචාර්යතුමා රචනා කල ඒ උපන්දින ගීතය නිසයි..... අනික ඒ ගීතය ගායනා කරන්නෙත් රෝහණ වීරසිංහයන්මයි...... ඉතින් සියළු උපන්දින සමරන්නන් වෙනුවෙන් ඔහු ගැයූ ගීතයක් ඔහුව පුදුම කරමින් ඔහුගේ උපන්දිනය වෙනුවෙන් ගැයෙන එක එතුමාට අහගෙන ඉන්න පුළුවන් තරම් ශක්තිමත් හිතක් තිබුනෙ නෑ...... ඔහු අහිංසක විදියට ඉල්ලුවා දැන් ඇති ගීතය නවත්වන්න කියලා... ගීතය නැවතුනා.....
කලාකරුවන්, සංවේදී හදවත් ඇත්තවුන් කියන්නෙ මහ පුදුමදෙයක්.... මෙය අපේ යාළුවන්ට මා නිතරම කියනා දෙයක්..... බලන්න රෝහණ වීරසිංහයන් සහ පිරිසක් හොරෙන්ම ප්‍රදීපාට සම්මානයක් සූදානම් කරල.... එකෙන් ප්‍රදීපා පුදුම වුනා... රෝහණ වීරසිංහයන් ලග ඇය වැද වැටුනා......
ප්‍රදීපා ඇතුලු පිරිස හොරෙන්ම රෝහණ වීරසිංහයන්ට උපන්දින සුභපැතුමක් සූදානම් කරල..... මෙය රෝහණ වීරසිංහයන්ට පුදුමයක්.... ඒනිසා ඔහුගෙ නෙත් තෙමුණා....
මේ සුන්දර හොරකම් දෙකම දන්න පිරිස එය දෙදෙනාටම සගවාගෙන සිටිය.... මේ පුදුමසහගත හොරකම් දෙකම සභාගත වෙද්දි හැබැහින් අත්විදි ප්‍රේක්ෂකයින්ගෙ දෙනෙත් සංවේදී කමට තෙත්වෙලා....... කොයිතරම්නම් සුන්දරද..... මේවගේ දේවල් අහන්න දකින්න තියෙන අපේ රට කොතරම් වාසනාවන්තද.... අපේ මිනිස්සු කොතරම් නම් නිරහංකාර අහිංසක සංවේදී මිනිසුන්ද...... මේ හැමදේම අපට ලබා දුන්නෙ සුන්දර ගීතයම නොවේද....? මෙන්න එහෙනම් අහල බලන්නකො ඒ උපන්දින ගීතය....
ආසිරිවන් ආයුබොවන් දිනෙහි ඔබ උපන්
සව් සිරින් සව් බෙලෙන් වෙසෙනු රත්තරන්
ඔබට ජයම වේ
ඔබට සැපම වේ
සැම උවදුරු දුරුව යේ
මිත් කැලන් පිරිවරින් වෙසෙනු සිත් තොසින්
ගුණය දියුණු වේ
නුවණ තියුණු වේ
විසකුරු දන බැහැර යේ
මොහඳුරින් ධන ලොබින් මනස නොවනසන්
භාගත කරගන්න
http://www.mediafire.com/?r9i1yxp54ei6o2h
තවත් ගීතයකින් හමුවෙමු.............

යූසර් 52 සහ මම ගීත දෙකක් දාල නමුත් ප්‍රතිචාරනම් බොහොම මදි.... කෝ අපේ යාළුවො ටික.... කමක්නෑ... මම දන්නව ඔයාලට වැඩ ගොඩාක් ඇති..... අපේ යුතුකම ඔයාලට අපි දන්න දේ දෙනඑක.... එහෙනම් ඉතින් යාළුවනේ ගිතයක් දාල එහි උණුසුම යන්න මත්තෙනුත් තව ගීතයක් දමන්නෙ අපි ටික දිනක් නිහඩවෙලා හිටි නිසා.... ඔන්න කියවලා රස වින්දනයක් ලැබුවොත් පොඩි අදහසක් දීලම යන්න.....
මේ ගීතය ආදර ගීතයක්.... හැබැයි මේ ගීතය ගොඩාක් අය මව්ගුණ ගීතයක් කියල වරද්දගෙන.... සමහරු හිතාගෙන ඉන්නෙ තමාගෙ දෙමාපියන්ගැන තමා මේ ගීතයෙන් කියන්නෙ කියල.... මොකද මේ ගීතයෙ කියනව හැදූ මවුණි පියතුමණි කරුණාව පාලා කියල.......... ඉතින් මේ පද ටික ඇහුණ ගමන් මවු ගුණ ගීයක් කියල හිතාගෙන අපේ ආදරවන්තොයො ටික මේ ගීතයෙන් අයින්වෙනව.....
ඒත් ආදරවන්තයිනේ ඔබලා දන්නවද තමා ආදරය කරන කෙල්ලගේ අත ගන්න ආදරවන්තයට ඔහුගේ දෙමාපියන් ඉඩක් දෙන්නෙ නෑ.... කෙල්ල දුප්පත් උනත් ඔහුම පතාගෙන දුක්වෙනව.... කොල්ල කතරක තනිවෙලා දුප්පත් අහින්සක කෙල්ලවත් ඕනි.... දෙමාපියන්ව රිද්දන්නත් බෑ.... ඉතින් ඔහු මෙහෙම කියනව.....
කුල-මල මිල-මුදල් වගේ නොයෙකුත් දේවල් මූලිකවෙලා අපේ ආදරේ දිනාගන්න ඔවුන් අපිට ඉඩ දෙන්නෙ නෑ..... ඉතින් ආදරවන්තය කියනව මගේ කෙල්ල අඩනව උඹලට ඒක පේන්නෙ නැද්ද? ඔය කුල මල, ජාති බේද, මිල මුදල් වලට වඩා මගේ අහිංසක කෙල්ලගෙ කදුළු වටිනව..... අනේ මම උඹලට ආදරෙයි අම්මෙ තාත්තේ.... ඔය ගල් හිත අර අහිංසක කෙල්ල වෙනුවෙන් මොලොක් කරගන්න. අපිට කරුණාව දක්වලා ඇයට කැමතිවෙන්න.....
සුනිල්වන් නුවන් යුග වසා උතුර උතුරා
ගැලූ කඳුළු ගංගාවේ ඇය දැන් කිඳීලා
ඔබේ වරය දෙනු මැනවි තව දුක නොදීලා
හැදූ මවුනි පියතුමනි කරුණාව පාලා
ඇය මම නැති දුකෙන් මාව නොලැබෙන දුකෙන් විරහ වේදනා විදිනවා.... මම කොහොමද අම්මේ ඈ විදින වේදනාව ඉවසගෙන ඉන්නෙ.... පුතේ කාපන් බීපන් කියල කිවුවට මගේ මුළු හුස්මම තියෙන්නෙ අර අහිංසකාවි ලග කියල ඔයාලට තේරෙන්නෙ නැද්ද.... මාව තේරුම් ගන්න. අම්මේ තාත්තේ ඔයාලට තියෙන ගෞරවයට ආදරයට මම අහක බලාගෙන හිටියට මගේ හිත තවමත් ඇය ළගයි.... දෙවියනේ එය තේරුම් අරගෙන මාව තේරුම් අරගෙන මට කැමැත්ත දෙන්න ඇයව ලගට ගන්න.....මම කොහොමද අම්මේ ඈ විදින දුක බලාගෙන ඉන්නේ...... මට දැන් මේ ගෙදර හිර ගෙදරක් වගේ... කදුලයි සතුටයි මට එක විදියට විදින්න බෑ.... මට සැනසීමක් නෑ... අනේ අම්මෙ තාත්තේ යහපත ගැන හිතල මටත් ඇයටත් එක්වෙන්න ආශිර්වාද කරන්න.....
මට මේක දඟ ගේකි දෙන වේදනාවන්
සතුටයි දුකයි කඳුල එක සේ දරා මම්
සැනසී සිටින්නෙම්ද ඇගෙ දුක බලා දැන්
සුවසෙත පතා දෙන්න ආසිරි දයාවෙන්
අම්මේ තාත්තේ... ඇය දුප්පත් උනාට ඇයට මිල මුදල් නැති උනාට කමක් නෑ... අපිට ඕනෙ සුවිසල් මාලිගා නොවේ.... කාන්තාරයක උනත් ඇය මට දිය බිදක්.... මට ඒකෙන් ඇය හා ජිවත් වෙන්න පුළුවන්.... ඇය හිටියොතින් මගේ මුළු ජීවිතයම වාසනාවන්ත වෙයි කියල මම දන්නව අම්මේ තාත්තේ.... මම අහිංසක විදියට ඔයාලගෙ ලග ආදරයෙන් ඉල්ලන්නෙ... නමුත් ඒ දේ දෙන්න අකමැතිනම් මම වෛර කරන්නෙ නෑ ඔයාලට... ඒත් ඔයාල මේදේ හොදට අහගන්න මගේ මේ ජීවිතය නැමති ගීයට ඇගේ හඩ මුසු නොවුනොත්...... මගේ හදවත නැමති වීණාවේ තත් සදාකාලිකවම නිහඩවේවි.... ඔයාල දෙන්න කලාපනා කරන්න මම මේ කිව්වෙ මොකද්ද කියලා (ඇය නොලැබුනොත් මම මැරිලා ගියදෙන් කියන එකයි).....
රජ දහන වැලි කතර වුව උරුමවේ නම්
මට ඈගේ පිලිසරණ මතු වාසනාවන්
මගේ ජීවනේ ගීයෙ ඇගේ හඬ නොවේනම්
හද වෙණෙහි සත්සර සදා ගොළු වුණාදෙන්
ඉතින් ඔන්න ඕක තමා ගීතය....... හිතුවද අපේ යාළුවො මෙහෙම දෙයක් ගීතයෙහි තියෙනව කියල.... හරි දැන් මම කියන්න යන්නෙ මීට එහා ගිය කතාවක්.... මේ ගීතයේ පද රචනය, තනුව හා ගායනය තුනම සෝමතිලක ජයමහ ශූරීන්ගේ... ඔහු 1969 ස්වදේශීය සේවයට තමා මේ ගීතය ගායනා කලේ... ඔහු විසින් රචනා කරල ගායනා කල පළමු ගීතය තමා මේ ගීතය..... නමුත් මේ ගීතය මුලින්ම 1969දී ස්වදේශීය සේවයේ ගීතය ගායනා කරන මොහොතේ ඔහු රජ දහන වැලි කතර වුව උරුමවේ නම් කියන පද හතර වෙනුවට ගායනා කලේ...
හිරු දහක් නැගුණු සද නුබ ගැබ වසාලා
සද දහක් නුගුණු සද තරු වැල් මවාලා
දහක් මිණි පහන් රන් වැටෙහි දිදුලු දීලා
මහද කුටියෙහි අදුර නොමියෙයි සිදීලා
කියන කොටස.... ඒත් ඔහුට පසුව හිතුනලු ඔහු විසින් දෙන්න බලාපොරොත්තු වෙන පිරිමියෙකුගේ වේදනාව, දෙමාපියන්ට තියෙන ආදරය සහ තම ප්‍රාණ හා සමාන ආදරවන්තිය ගැන තමාගේ හිතේ තියෙන හැගීම හා ඇය වෙනුවෙන් මැරෙන්න සූදානම්බව ඒ පද හතරෙන් ජනිත වෙනව මදි කියල.... ඉතින් නැවත ඔහු ලිවුවලු රජ දහන වැලි කතර වුව උරුමවේ නම් නැමති පද හතර... ඒ පද තමා අපි අදට අහන්නෙ.....
තවත් දෙයක් යාළුවනේ... සෝමතිලක ජයමුහ ශූරීන් කියනව ඔහු ලියූ මේ ගීතයේ ඔහුට අදටත් ගායනා කරද්දි හදවතට දැනෙන පද පේලිය තමයිලු මගේ ජීවනේ ගීයෙ ඇගේ හඬ නොවේනම්
හද වෙණෙහි සත්සර සදා ගොළු වුණාදෙන් කියන කොටස (ඇය නොලැබුනොත් මම මැරිලා ගියදෙන් කියන එකයි)... මොකද ආදරෙන් දෙමාපියන්ගෙන් අවසරේ ඉල්ලනව... අවසරේ දේනනම බැරිනම් මම මැරෙනව කියල දෙමාපියන්ගෙ හිත නොරිදා කියනව....... ලස්සනයි නේද...?
එහෙනම් අහමු අපි ගීතය......
සුනිල්වන් නුවන් යුග වසා උතුර උතුරා
ගැලූ කඳුළු ගංගාවේ ඇය දැන් කිඳීලා
ඔබේ වරය දෙනු මැනවි තව දුක නොදීලා
හැදූ මවුනි පියතුමනි කරුණාව පාලා
මට මේක දඟ ගේකි දෙන වේදනාවන්
සතුටයි දුකයි කඳුල එක සේ දරා මම්
සැනසී සිටින්නෙම්ද ඇගෙ දුක බලා දැන්
සුවසෙත පතා දෙන්න ආසිරි දයාවෙන්
රජ දහන වැලි කතර වුව උරුමවේ නම්
මට ඈගේ පිලිසරණ මතු වාසනාවන්
මගේ ජීවනේ ගීයෙ ඇගේ හඬ නොවේනම්
හද වෙණෙහි සත්සර සදා ගොළු වුණාදෙන්
ඔන්න කියවන හැම කෙනාම කමෙන්ට් එකක් දාල යන්න..... නැත්නම් අපිට කම්මැලි හිතෙයි.....![]()