Uni පටන් ගත්ත නිසා ඒ වැඩයි ,ගෙදර වැඩයි ,රස්සාවට යන්නයි මේ ඔක්කොම නිසා ටික දවසකින් මේ පැත්තට එන්න බැරි උනා.ඇවිත් බලනකොට මෙන්න මේකේ කට්ටිය ඔක්කොටොම ඉර පෑනක් නිසා හිත රිදිලා යන්නම යන්න හදනවා.හුගක් දුක හිතුනා.එත් අනික් පිටු කියවද්දී ඔයාලා අයිමත් මේක පටන් අරන් තියෙනවා දැක්කහම ලොකු සතුටක් දැනුනා. එක එක්කෙනා කියන දේවල් වලට හිත රිදුනට මේක දල යන්න එපා.ඔයාලට පොස්ට් වැඩි කරගන්න ඕනි නම් මේ හැම ත්‍රෙඩ් 1 කටම බුම්ප් 1 ක් ගෙන ගියත් ඔයාලගේ පොස්ට් වැඩි වෙනවා කියල අපි දන්නවා.ඉතින් මේ වගේ කට්ටක් කාගෙන මේ කරන සත් ක්‍රියාව පොස්ට් වැඩි කරගන්න කරන දෙයක් කියල නම් අපිට හීනෙන්වත් හිතෙන්නේ නෑ.අපි ඒ ගැන දන්නවා.අනික පොස්ට් වැඩි උනා කියල කන්නද? එක බකමුනෙක්ගේ කතා අහල අපිව අයෙමත් සැරයක් අතරමං කරන්න එකක් නැ කියල මන් හිතනවා.
අපි uni ගිහින් වැඩටත් ගිහින් ගෙදර එනකොට රැ 12 විතර වෙනවා. කාල එහෙම තමයි මේක කියවන්න එන්නේ.ඔය වෙලාවට ඉර පනවල් අහන්න ගියොත් නිකන්ම නින්ද යනවා තියෙන මහන්සියට.එත් මට නම් මේක කියවද්දී එහෙම වෙන්නේ නැ.කියවන්න කියවන්න අසයි.අනික අහනවට වඩා කියවද්දී දෙයක් තේරුම් ගන්න ලේසියි,අහල ලබන රසයට වඩා කියවද්දී දැනෙන රසය ගොඩක් වෙනස්.අනික ඔයාලා කරන මේ සත් ක්‍රියාවෙන් අපි ගීත වල තේරුම විතරක් නෙවි, අපේ සිංහල භාෂාව ඉතාම ලස්සනට තැනට උචිත පරිදි ගලපන හැටි පවා ඉගන ගන්නවා.ඉතින් නිතර නිතර එන්න බැරි උනාට මේ නුලට comment කරන්න බැරි උනාට, හොරෙන් ඇවිත් බලල ගියාට ,මේ නුලට මම නම් හුගක් ආදරෙයි.මේක නවත්තන්නේ නැතුව කරගෙන යන්න ඔයාලා ඔක්කොටොම ශක්තිය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා..







