සුන්දර ගීයක ඇරබුම,..

thomian

Well-known member
  • May 20, 2011
    12,306
    17,248
    113
    බලපියව් පණ්ඩිතකම් කියයවන්න කලින් මේ පෝස්ට්එක දමන වෙලාව....

    රෑ ඉර පානෙන් කිවුවත් එකයි නැතත් එකයි මම දානව මගේ 62වන විචාරය....

    සීමාවක් මායිමක් නැතැයි කී සෙනෙහස ඇයි දෙතැනක තනිවී......

    ආදර වන්තයා...
    ආදරේ ආහිමිවුන ආදරවන්තයෙකුට හෝ ආදරවන්තියෙකුට පට්ට විදියට අසමින් අඩන්න පුළුවන් ගීතයක් තමයි මේ ගීතය යාළුවනේ... මේ ගීතය හොදට අහන්න... ආදරවන්තයෙක්ට මීට වඩා අඩා වැටෙන්න බෑ... අඩා වැටුනත් මේ තරම් සංවේදී විදියට මේ ගීතය ලියන්න බෑ. නමුත් සුනිල් ආරියරත්නයන් ඒ දේ කලා.. ලිවුවත් මේ තරම් සංවේදී සංගීතයක් තනන්ට බෑ.. නමුත් ඒ දේ මහින්ද බණ්ඩාරයන් කලා.... අපේ බාසාවෙන් කියනවානම් මුන් තුන්දෙනාම පට්ට බූට් කාපු තුන්දෙනෙක් වෙන්න ඔනි... නමුත් මුලින් ආ චෝදනා නිසාම මම මේ ගීතය පැහැදිල කිරන්නෙ මගේ ක්‍රෙම්ට මට දැනුන විදියට......

    ආදරෙකියන්නෙ අපි අපිට දැනෙන දෙයක් කෙල්ලෙ... මම උදේට නැගිටින්නෙ ඔයා නිසානම්.... අදින ඇදුම ඔයාට පේනන ඔයා නිසා තෝරනවනම් මට ඊට එහා දෙයක් නෑ.... මගේ ආදරේ එතන... බොලදයි වගේද.. නෑ ලොකු පණ්ඩිතයොත් සමාජයට හැංගුවට ඔහොම තමා.... ඉතිං මම ඔයත් එක්ක කොච්චර ආදරේ කලාද...? අපි කොච්චරනම් සැන්දෑයාමෙ වෙරල අයිනෙ කතා කර කර හිටියද..? මතකද ච්න්ඩිය වගේ තනි තරුවේ.... කියල ඈත තියෙන තරු පෙන්නුව මට තුරුලු වෙවී..... එත් කෝ ඒ ආදරේ... තනි තරුවනම් ඈත ඉන්නව... ඊට අමතරව තව තරු දහස් ගණනක් ඈත ඉන්නව ... ඒත් කෝ ඔයා මගේ ලග නෑනේ.... මම ඔයාට ලෝකයක් තරම් කියපු ආදරේ... කෝ.......(අහසේ තරුගැන්නා, වෙරලේ රල මැන්නා යැයි යොදන්නේ ආදර වන්තයා සිය ආදර වන්තිය ලබාගන්නට කරන ලද කැප කිරීම් වල පුමාණය නාතහොත් කාපු කට්ට පැවසීමටය.)

    සෙනෙහසකට අරුතක් පුරවන්නට
    අහසේ තරු ගැන්නා
    වෙරළේ රළ මැන්නා
    සීමාවක් මායිමක් නැතැයි කී
    සෙනෙහස ඇයි දෙතැනක තනිවී...

    ඔයා මට ආදරෙයි... පණ වගේ ආදරෙයි... ඒත් කෙල්ලෙ ඔයා ආවෙ ආයෙ හරිගස්සන්න බැරි වැරැද්දක් කරල... ඉතින් මම වගේ අහිංසකයෙක් මොනව කරන්නද....? හරියට බිදුණු වීදුරුවක් ආයෙ ඇලෙවුවත් පැල්ලම් තියෙනව වගේ ඔයා කරපු දේවල් අපිට එලව එලව වද දෙනවා.... මම ආදරේ නාමයෙන් ඒක ඉවසන්නම්.... ඒත් මටත් වඩා ඔයා මට ආදරෙයි... ඔයා කැමති නෑ... ඔයා නිසා මට කැලලක් වෙනවට... අනේ රත්තරං මම කියනදේ අහන්න... පණ්ඩිතය වෙන්න අපා... මට ඒක ගානක් නෑ දරුවෝ.... ඒත් ඉතිං ඔයා අහන්නෙ නෑ නේ.. ඔයාගෙ අතීත වැරදි වලට ඔයා දුක්වෙනවා... අනේ මට ඒකෙන් ඔයානේ නැති වෙන්නේ.....

    කඳුළක් විලසින් හදවත පිපුණු
    කඳුළෙන් කටු මත විෂ තිබුණා
    බිඳුණොත් බඳුනක් පිරියම් කරනට
    බැරි කැළලක් මතුවී තිබුණා

    අපි විතරක් නෙමෙයි කෙල්ලෙ ... ඉතිහාසයේ ඉදලාම කොතරම් නම් ආදරවන්තයින් එකට එකතුවෙන්න හිතන්න ඇද්ද... ඔයා දන්නවද් අදටත් ආදර වන්තයින් එකට එක් වෙන්න බැරිනම් එකට මියැදෙනව... මමත් ඒකට සූදානම වෙද්දි... ඔයාමට ඉඩ දෙන්නෙ නෑ... ඔයා තනියම මැරෙන්න හදනව ඔයාගෙ වැරදි කිය කියා... මම ඒවට සමාව දුන්න දරුවෝ....

    මේක ඔයා විතරක් නෙමෙයි මමත් පෙර ආත්මයේ කරපු පවක්... ඒ නිසයි අපි දෙදෙනාටම එක්වෙන්න මේ සමාජය ඉඩදෙන්නෙ නැත්තෙ... අපි එක් වෙනකොට මොනවහරි ප්‍රශ්ණයක්... අනේ දෙවියො ඔයාව මැවුවෙ මට නෙමෙයි කියල හිතනකොටත් මට පුදුම වේදනාවක් කෙල්ලෙ... මම ඔයාට ලංවෙන්න හදන හැම වෙලාවෙම මොනවහරි දෙයක් අපි දෙන්නව ඈත් කරනව... මට ඔයා ලැන ආදරේට එහා ගිය දුකක් එනව කෙල්ලේ.......

    පවකින් පෙර අත්භවයක සිදු වූ
    සිතකින් සිතකට දුක පිරුණා
    මගෙ අත දිගු කළ හැකි හැම තැනදී
    ඔබ අත මා දුරකින් තිබුණා

    ආදරවන්තිය-
    කමක් නෑ මම පරාද වෙන්නෙ නෑ.. මහාලොකුවට අසංක ප්‍රියමන්ත පීරිස් ගීතයක් කියල මාව පරද්දන්න හදනව... ඒක කියල මගේ අයියත් මාව රිද්දනව .. මගේ ආදරේ බොරු නෑ අයියේ.. මෙහෙම ප්‍මේවතියකගේ ආදරය ලඝු කරන්න එපා... මට ඔයා වෙනුවෙන් දැනෙන දුතට තමයි මහා රල නැගෙන්නෙ... ඒ නැගෙන රලට දියකදක් වෙන්නෙ මගේ කදුළු.. ඒ තරම් මගේ දුකත් සීමා මායිමක් නෑ....

    පෙම්වතියන්ගේ
    පෙම්වතියන්නේ
    මහා සාගරේ
    කඳුළෙන් ජල කඳ සැදුණේ
    සුසුමෙනි රළ නැඟුණේ
    පෙම්වතියෝ...
    (ගායනය – ඇන්ජලීන් ගුණතිලක)

    නෑ මම පරාද වෙන්නෙ නෑ මම කොහොම හරි මට නැති උන ආදරේ දිනනව... මොකද දන්නවද... ඇන්ජලීන් ගුණතිලකත් ඉස්සර මේ වගේ සිද්දියකටම ගීතයක් ලිවුවනේ... ඉතින් එයා හොදින් ඉන්නව... එහෙනම් මගේ අතින් මකන්න බැරි වැරදි උනා කියල මම මැරෙන්නෙ නෑ... මම වෙනුවෙන් ආදරේ පුදන අයියට මම මෙහෙම කියනව... ඒ කියනදේ තේරුම් අරන් අයිය ආවොතින් එයාගෙත් මගෙත් ජීවිතේ සුරංගනාලෝකයක්ම වෙයි........

    සදා දුකට පත් ආදරවන්තයින්ගේ ගීතය............ සදා දුකට පත් ආදරවන්තියන්ගේ ගීතය...

    ඔන්න එහෙනම් කමෙන්ට් දාන්න පටන්ගමු යාළුවනේ ආයෙත්....

    සුපිරිනේ...ඔය තියෙන්නෙ වැඩ.:yes::yes::yes:..බොහොම ස්තුති සහෝ.....
    1.gif
     
    Halloween

    Member
    Nov 2, 2007
    601
    2
    0
    සෙනෙහසකට අරුතක් පුරවන්නට
    අහසේ තරු ගැන්නා...වෙරළේ රළ මැන්නා...

    මමත් ඔහොම කරපු කාලයක් තිබුණ...
    ස්තුතියි ඔබේ විචාරයට සස්ලිට්.

    අමතක කරපු අතීතයට මම ආපහු ගියා...
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    වික්ටර්ගෙ සින්දු වලින් මම ගොඩක්ම අසා සින්දුවක් මේක...
    බෝතලයක් මැදින් තියාගෙන කයියක් ගහන වෙලාවක තමා මේ කතාව අහුලා ගත්තේ.

    මේ සිද්ධිය වෙන්නෙ නිලාවෙලි වෙරළෙ...මීට ආසන්න කාලේකදිම තම ප්‍රේමකීර්ති බිරිඳගෙන් වෙන් වෙන්නෙත්. ප්‍රේමකීර්ති සහ සෙට් එක ඒ පැත්තෙ ඉන්න යාලුවෙකුගෙ ගෙදර ගිහින් තියෙනවා...මධු විතත් කතබහත් අතරේ රෑ වෙනවා.අමු තිත්ත කලුවරේ ප්‍රේමකීර්ති යනවා වෙරළ දිහාවට.ගල් පරයක් උඩට වෙලා මුහුදත් අහසෙ තනිඋන සිකුරු තරුවත් දිහා බලන් ඉඳලා එකපාරටම කෑ ගහනවා...

    තනිතරුවේ...

    මේ සද්දෙ ඇහිලා එලියට එන යාලුවන්ගෙන් ඉල්ලන්නෙ කොලේකුයි පෑනකුයි...මේටික ලැබුනත් කලුවරේ කොහොමද ලියන්නේ...මිත්‍රයා අතෙ තිබුණ දුම්වැටිය උරද්දි මතුවෙන මද එලියෙන්,

    තනි තරුවේ
    ඔබත් ඔහොම ඔතන ඉන්න
    මමත් මෙහෙම මෙතන ඉන්නවා...

    කියන පද ටික ලියවෙනවා.පස්සෙ ගීතය වික්ටර් කියද්දි තනිතරුවේ කියල කෑගහල කියන්නෙ ඒ හින්දලු...

    යාලු ඔයාව සාදරයෙන් පිලිගන්නව මේ පිටුවට.. ඉදිරියත මේ පිටුව හාරෑදෙන්න කියල ඉල්ලා සිටිනව
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    බලපියව් පණ්ඩිතකම් කියයවන්න කලින් මේ පෝස්ට්එක දමන වෙලාව....

    රෑ ඉර පානෙන් කිවුවත් එකයි නැතත් එකයි මම දානව මගේ 62වන විචාරය....

    සදා දුකට පත් ආදරවන්තයින්ගේ ගීතය............ සදා දුකට පත් ආදරවන්තියන්ගේ ගීතය...

    ඔන්න එහෙනම් කමෙන්ට් දාන්න පටන්ගමු යාළුවනේ ආයෙත්....

    උපරිමයි යාලු.... උඅපරිමයි.. මේ ගීත ගෑල පීම අපිට හිතාගන්නවත් බෑ.. පින් මචන්..
    හෑබෑයි හෑම ආදාර වන්තියම ඔය වගේ නෑ.. යලූ 90% ම ඉන්නෙ චපල අය.. එක්කතාවක් තියනව 100% ඈත්ත ... මම ඒකත් මේකෙ දාන්නම්
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    කඳුළක් විලසින් හදවත පිපුණු
    කඳුළෙන් කටු මත විෂ තිබුණා
    බිඳුණොත් බඳුනක් පිරියම් කරනට
    බැරි කැළලක් මතුවී තිබුණා

    කැකුලක් සිඳුනේන් හදවත පිපුණු:yes::yes::yes:

    බොහොම ස්තුතියි සහෝ විචාරයට!!! :)
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    අවසන් පෝසට් එක යැයි කියූ ලෙසම සස්ලිට් හා දත් කිඹුලා නිහඩවී සිටියෙමු... නමුත් අහිංසකයන් අසරණ කිරීම මට කෙසේ වෙතත් දත් කිඹුලා වැනි රට ජාතිය වෙනුවෙන් පණ උනත් කැප කරන සහෘදයෙකුට අපහසුතාවයෙකි... එනිසා දෙදෙනාම යලි පැමිනෙන්නෙමු... සස්ලිට් කෙසේවෙතත් දත් කිඹුලා වැනි දත්ත ගබඩාවක තොරතුරු අදිනු නියා වත්, අපි වෙනුවෙන් සිටින රසිකයන් නිසාවත් බලෙන් හෝ දත් කිඹුලාවැනි ජංගම පුස්ථකාලයක් කෙසේහෝ කැන්දාගෙන එමි. අපි ආවේ පෝසට් වත් අතාමාර්ථකාමීකම නිසාවත් නොව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බොක්කවල් නිසා කියනු රිසියෙමි... මෙය ස්ත්‍රී පුරුෂ දෙවර්ගයාටම කැපය. (මෙය කවුරුනිසාදැයි දන්නෝ දනිති...!)

    සෙනෙහසකට අරුතක් පුරවන්නට
    අහසේ තරු ගැන්නා
    වෙරළේ රළ මැන්නා
    සීමාවක් මායිමක් නැතැයි කී
    සෙනෙහස ඇයි දෙතැනක තනිවී...

    ගීතයෙහි විචාරය බලාපොරොත්තු වන්න....ටිකක් කාලය දෙමි රෑ ඉරපානේ කීවානම් මුලින් කියන්න... ඊට දිනක කාලයක් ඉඩ තබමි...... ඉන්පසුව දමමි....

    මීට අමතරව ගීත ගබඩාව වන දත් කිඹුලාද මේ මතයේ බව තේරුම් ගන්න... ඉල්ලා මිස බලයෙන් ඔහුගේ ගීත ගබඩාවේ ඇති ගීත 6000 තේරුම් ලබා ගත නොහැකි නිසා එය ගනුවස් මා යළි පැමිණියෙමි......

    අම්මෝ දැනුයි ඇඟට ලේ ටිකක් ආවේ..වෙන්න ගිය මහා විනාසයක් යන්තම් වැලකුනා,, මචන් උඹල දෙන්න මේ කරන්නේ කියන්න බැරිතරම් වටිනා වැඩක්..එක නිසා ඉඳලා හිටලා වෙන දේවල් එච්චර ගණන් ගන්න එපා මචන්..දෙන්නටම ජය වේවා...:):)
     
    Last edited:

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    සඳකඩ පහනක කැටයම් ඔපලා ගීතයේ පද වලට ගැලපෙන සංගීතයකුත් උඩින් බැලුවට තේරුම් ගන්න බැරි ගැඹුරු තේරුමකුත් තියෙනවා.මම දන්න විදියට අහල තියෙන විදියට මේ සිංදුවේ තේරුම කියන්නම්.
    සදකඩ පහණ කියන්නේ කලා කරුවෙක් අතින් නිර්මාණය වන අපූරු දෙයක්.මේකෙ සදකඩ පහනට ආරෝපණය කරල තියෙනනෙ ඉතාමත් ලස්සන, සැමියා අහිමි, කුඩා දියනියක් සිටින කාන්තාවක්.
    සදකඩ පහනක කැටයම් ඔපලා පාවෙන දේදුනු ලැගුම් ගනී,තනිව සිටින මේ කාන්තාවගේ ඇසුරට මිනිසුන් එනවා.පාවෙන දේදුනු කියල උපමා කරන්නෙ ඒ මිනිසුනට.
    කැලැතුනු රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක තනිවේ,මේ තහනම් ඇසුර කැලැතුනු රසය ගැන දන්නෙ පැමිනෙන මිනිසාත් ගැහැනියත් පමනයි.සදකඩ පහන කොතරම් අනගි නිර්මානයක් උනත් ඒක පයට පෑගෙනව.ඒ වගේම මේ කාන්තාව කොච්චර ලස්සන වුනත් සමාජයේ ගැරහුමට ලක්වෙනව.
    යුගයෙන් යුගයට නොමියෙන දහනක දිවියක පදනම මතු වෙද්දී නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා සියුමැලි කැකුලක් මැල වෙදදී,මේ විදියට දිගින් දිගටම මිනිස්සු ඇසුරු කරද්දි මේ කාන්තාවගේ රැකියාව ගණිකා සේවය බවට පත් වෙනව.ඈ ඇසුරට එන මිනිසුන් ඈ ඇසුරු කරන්න ඇයව නිවසින් පිටතට ගෙනියනව.එතකොට ඒ ගැහැනියගේ දරුවා නිවසේ තනි වෙනව.කැකුලකට ආරෝපණය කරල තියෙන්නේ ඒ දියනිය.අම්මව ඇසුරුකරන්න ළමයට තියෙන කාලය සීමා වෙනව.

    දහසක් පෙතිමත රහසක් මුමුනා තුඩින් තුඩට ගෙන යන බිංදූ ,ඈව ඇසුරු කරපු මිනිස්සු තමන්ගෙ යාළුවන්ටත් ඇය ගැන කියනව,ඇය ගැන ආරංචිය රහසක් විදියට පැතිරෙනව.
    ගව්වක් ඉහලට ගොනුකොට රදවා පොපියන දෙතොලක් එහි කැන්දූ,ඈ ගැන ආරංචි වුනු මිනිස්සු ගව්වක් ඉහලට බලාපොරොත්තු තියා ගෙන තමා ඈ ගාවට එන්නෙ.ඒ කියන්නෙ ඇගෙන් ලැබෙන සුවය ගැන ලොකුවට බලාපොරොත්තු තියාගෙන තමා එන්නෙ.
    අහසත් ගුගුරා කළුවක් වපුරා ඒ හා මුහුවුනු වැහි බිංදූ,නමුත් මේ කාන්තාව මේ කටයුත්ත කරනනේ කැමැත්තෙන් නෙමෙයි.තමන්ගෙයි දරුවගෙයි ජීවිතය වෙනුවෙන්.ඒක මේ පදයෙන් ගම්‍ය වෙනවා.
    ඈ ගෙන යද්දී නටඹුන් අතරින් තවකෙක් ඈ වෙත හද රැන්දූ,ඒ පැමිණෙන පුද්ගලයා ඇසුරු කරලා ඉවර වුනු ගමන් ඈ ඇසුරු කරන්න තවත් පුද්ගලයෙක් එනව.මේ විදියට ඈට තම ජීවිතය ගැට ගහගන්න මිනිස්සු රාශියකගෙ ආශාවන් පිරිමහන්න වෙනව.

    හදවිල ඉපැදුනු කැකුලක් නොකලට නටුවෙන් ගලවා ඉවත යවා,ඇගේ රැකියාව නිසා දරුවාට සිදුවන අවමානය නැති කරන්න තමන්ගෙ දියණියව ඈතකට යවන්න මේ කාන්තාවට සිදු වෙනව.දියනියට සිදුවෙනව අකාලයේ අම්මව අතහැරල ඈතකට යන්න.
    මිහිලිය තෙත්කොට ගිලිහුනු කදුලක් සත්සමුදුරකට මුහුව ගියා,මේ කාන්තාව තමන්ගෙ දියණිය වෙන තැනකට යවන්නෙ ගොඩක් දුකෙන්.ඒත් ඇයට ඒක තවත් එක් දුකක් පමණයි.කදුලක් සත්සමුදුරකට එකතු වෙනව වගේ ඇගේ දුක් සමුදායෙන් එක් දෙයක් බවට ඇගේ දියනිය ඈතකට යැවීමට සිදුවීම දක්වන්න පුළුවන්.
    ඔබට උරුම වුනු රිදුනු තැවුනු හද එක්ටැම් මැදුරක කවුලු අරා රුවන් විමානෙන් පියඹා එනතුරු පොපියන හදවත සිටියි බලා,මේ කාන්තාව තමන්ගෙ දියණිය හොදින් ඉගෙන ගෙන ලොකු තැනකට ගිහින් තමන්ගෙ අම්මව මේ දුක්බර ජීවිතයෙන් මුදවා ගන්න එනකම් හුදෙකලාව ඇගිලි ගනිමින් බලා ඉන්නවා.

    මම දන්න විදියට මේ ගීතයේ තේරුම ගොනුකරා.වැරදි එහෙම තියෙනවනම් සමාව ඉල්ලනවා.

    ලස්සනට ලියල තියෙනවා සහෝ.....මේ සින්දු ඔහේ අහන්නං වාලේ ඇහුවට මේ වගේ කතාවක් මේ සිංදුවල ගැබ් වෙලා තිබ්බ කියල දැනගත්තේ අද...බොහොම ස්තුති!!! :)
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මම එලකිරෙකට එන්න මූලික හේතුව මේ නූල.. මේක බලන්න එදිදි ඔය කතාවක් කවියක් හරි මොකක් හරි වෑදගත් නූලක් හරි දෑක්කොත් හරි දෑම්මට.. මූලික දේ මේක.. ඉතින් මේ නූලෙ ප්‍රදාන කර්යබාරයක් කරන දෙදෙනාම මෙය අත හෑර දෑම්මා කිව්වහම මට පුදුම දුකක් දෑනුන...

    ඒත් ආපේ සසිලිට් සහෝදරය රෑ1.30 මට කෝල්කරල කිව්වහම ආයෙමත් ඔහු සහ දත් කිබුල සහෝදාය එලකිරීකට එනව කියල මට පුදුම සතුටට්ක් දෑනුන.. වචනයෙන් කියාගන්න බෑරි සතුටක් දෑනුන..

    අපි දිගටම මේක කරගෙනයමු.. මම මේකෙන් ලබන දෑනුම සතුට සහ වින්දනය අන් කිසිම දෙයකට සම කරන්න බෑ..
    මේ නූල තුල හෝ සයිබර් අවකාශය තුල හෝ සෑබෑ ලොව තුල හෝ ඔබලාට අවශය ඕනෑම

    සහයෝගයක් ලබාදෙන්නට අපි ඔබලා සමග සිටිනව (අපි යනු කවුරුන්ද ය්නන ඔබලා දන්නවනේ)

    අවසාන වශයෙන් නෑවතත් මෙහි පෝස්ට දෑමීමට තරම් කාරුනික වූ සසිලිට් සොහොයුරාටද දත් කිබුලාටද පින් දෙමි
    එල එල දැන් ආයෙත් එළකිරියෙන් යන කතා බෑ හරි ද :rofl::rofl:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    බලපියව් පණ්ඩිතකම් කියයවන්න කලින් මේ පෝස්ට්එක දමන වෙලාව....

    රෑ ඉර පානෙන් කිවුවත් එකයි නැතත් එකයි මම දානව මගේ 62වන විචාරය....

    සීමාවක් මායිමක් නැතැයි කී සෙනෙහස ඇයි දෙතැනක තනිවී......

    ආදර වන්තයා...
    ආදරේ ආහිමිවුන ආදරවන්තයෙකුට හෝ ආදරවන්තියෙකුට පට්ට විදියට අසමින් අඩන්න පුළුවන් ගීතයක් තමයි මේ ගීතය යාළුවනේ... මේ ගීතය හොදට අහන්න... ආදරවන්තයෙක්ට මීට වඩා අඩා වැටෙන්න බෑ... අඩා වැටුනත් මේ තරම් සංවේදී විදියට මේ ගීතය ලියන්න බෑ. නමුත් සුනිල් ආරියරත්නයන් ඒ දේ කලා.. ලිවුවත් මේ තරම් සංවේදී සංගීතයක් තනන්ට බෑ.. නමුත් ඒ දේ මහින්ද බණ්ඩාරයන් කලා.... අපේ බාසාවෙන් කියනවානම් මුන් තුන්දෙනාම පට්ට බූට් කාපු තුන්දෙනෙක් වෙන්න ඔනි... නමුත් මුලින් ආ චෝදනා නිසාම මම මේ ගීතය පැහැදිල කිරන්නෙ මගේ ක්‍රෙම්ට මට දැනුන විදියට......

    ආදරෙකියන්නෙ අපි අපිට දැනෙන දෙයක් කෙල්ලෙ... මම උදේට නැගිටින්නෙ ඔයා නිසානම්.... අදින ඇදුම ඔයාට පේනන ඔයා නිසා තෝරනවනම් මට ඊට එහා දෙයක් නෑ.... මගේ ආදරේ එතන... බොලදයි වගේද.. නෑ ලොකු පණ්ඩිතයොත් සමාජයට හැංගුවට ඔහොම තමා.... ඉතිං මම ඔයත් එක්ක කොච්චර ආදරේ කලාද...? අපි කොච්චරනම් සැන්දෑයාමෙ වෙරල අයිනෙ කතා කර කර හිටියද..? මතකද ච්න්ඩිය වගේ තනි තරුවේ.... කියල ඈත තියෙන තරු පෙන්නුව මට තුරුලු වෙවී..... එත් කෝ ඒ ආදරේ... තනි තරුවනම් ඈත ඉන්නව... ඊට අමතරව තව තරු දහස් ගණනක් ඈත ඉන්නව ... ඒත් කෝ ඔයා මගේ ලග නෑනේ.... මම ඔයාට ලෝකයක් තරම් කියපු ආදරේ... කෝ.......(අහසේ තරුගැන්නා, වෙරලේ රල මැන්නා යැයි යොදන්නේ ආදර වන්තයා සිය ආදර වන්තිය ලබාගන්නට කරන ලද කැප කිරීම් වල පුමාණය නාතහොත් කාපු කට්ට පැවසීමටය.)

    සෙනෙහසකට අරුතක් පුරවන්නට
    අහසේ තරු ගැන්නා
    වෙරළේ රළ මැන්නා
    සීමාවක් මායිමක් නැතැයි කී
    සෙනෙහස ඇයි දෙතැනක තනිවී...

    ඔයා මට ආදරෙයි... පණ වගේ ආදරෙයි... ඒත් කෙල්ලෙ ඔයා ආවෙ ආයෙ හරිගස්සන්න බැරි වැරැද්දක් කරල... ඉතින් මම වගේ අහිංසකයෙක් මොනව කරන්නද....? හරියට බිදුණු වීදුරුවක් ආයෙ ඇලෙවුවත් පැල්ලම් තියෙනව වගේ ඔයා කරපු දේවල් අපිට එලව එලව වද දෙනවා.... මම ආදරේ නාමයෙන් ඒක ඉවසන්නම්.... ඒත් මටත් වඩා ඔයා මට ආදරෙයි... ඔයා කැමති නෑ... ඔයා නිසා මට කැලලක් වෙනවට... අනේ රත්තරං මම කියනදේ අහන්න... පණ්ඩිතය වෙන්න අපා... මට ඒක ගානක් නෑ දරුවෝ.... ඒත් ඉතිං ඔයා අහන්නෙ නෑ නේ.. ඔයාගෙ අතීත වැරදි වලට ඔයා දුක්වෙනවා... අනේ මට ඒකෙන් ඔයානේ නැති වෙන්නේ.....

    කඳුළක් විලසින් හදවත පිපුණු
    කඳුළෙන් කටු මත විෂ තිබුණා
    බිඳුණොත් බඳුනක් පිරියම් කරනට
    බැරි කැළලක් මතුවී තිබුණා

    අපි විතරක් නෙමෙයි කෙල්ලෙ ... ඉතිහාසයේ ඉදලාම කොතරම් නම් ආදරවන්තයින් එකට එකතුවෙන්න හිතන්න ඇද්ද... ඔයා දන්නවද් අදටත් ආදර වන්තයින් එකට එක් වෙන්න බැරිනම් එකට මියැදෙනව... මමත් ඒකට සූදානම වෙද්දි... ඔයාමට ඉඩ දෙන්නෙ නෑ... ඔයා තනියම මැරෙන්න හදනව ඔයාගෙ වැරදි කිය කියා... මම ඒවට සමාව දුන්න දරුවෝ....

    මේක ඔයා විතරක් නෙමෙයි මමත් පෙර ආත්මයේ කරපු පවක්... ඒ නිසයි අපි දෙදෙනාටම එක්වෙන්න මේ සමාජය ඉඩදෙන්නෙ නැත්තෙ... අපි එක් වෙනකොට මොනවහරි ප්‍රශ්ණයක්... අනේ දෙවියො ඔයාව මැවුවෙ මට නෙමෙයි කියල හිතනකොටත් මට පුදුම වේදනාවක් කෙල්ලෙ... මම ඔයාට ලංවෙන්න හදන හැම වෙලාවෙම මොනවහරි දෙයක් අපි දෙන්නව ඈත් කරනව... මට ඔයා ලැන ආදරේට එහා ගිය දුකක් එනව කෙල්ලේ.......

    පවකින් පෙර අත්භවයක සිදු වූ
    සිතකින් සිතකට දුක පිරුණා
    මගෙ අත දිගු කළ හැකි හැම තැනදී
    ඔබ අත මා දුරකින් තිබුණා

    ආදරවන්තිය-
    කමක් නෑ මම පරාද වෙන්නෙ නෑ.. මහාලොකුවට අසංක ප්‍රියමන්ත පීරිස් ගීතයක් කියල මාව පරද්දන්න හදනව... ඒක කියල මගේ අයියත් මාව රිද්දනව .. මගේ ආදරේ බොරු නෑ අයියේ.. මෙහෙම ප්‍මේවතියකගේ ආදරය ලඝු කරන්න එපා... මට ඔයා වෙනුවෙන් දැනෙන දුතට තමයි මහා රල නැගෙන්නෙ... ඒ නැගෙන රලට දියකදක් වෙන්නෙ මගේ කදුළු.. ඒ තරම් මගේ දුකත් සීමා මායිමක් නෑ....

    පෙම්වතියන්ගේ
    පෙම්වතියන්නේ
    මහා සාගරේ
    කඳුළෙන් ජල කඳ සැදුණේ
    සුසුමෙනි රළ නැඟුණේ
    පෙම්වතියෝ...
    (ගායනය – ඇන්ජලීන් ගුණතිලක)

    නෑ මම පරාද වෙන්නෙ නෑ මම කොහොම හරි මට නැති උන ආදරේ දිනනව... මොකද දන්නවද... ඇන්ජලීන් ගුණතිලකත් ඉස්සර මේ වගේ සිද්දියකටම ගීතයක් ලිවුවනේ... ඉතින් එයා හොදින් ඉන්නව... එහෙනම් මගේ අතින් මකන්න බැරි වැරදි උනා කියල මම මැරෙන්නෙ නෑ... මම වෙනුවෙන් ආදරේ පුදන අයියට මම මෙහෙම කියනව... ඒ කියනදේ තේරුම් අරන් අයිය ආවොතින් එයාගෙත් මගෙත් ජීවිතේ සුරංගනාලෝකයක්ම වෙයි........

    සදා දුකට පත් ආදරවන්තයින්ගේ ගීතය............ සදා දුකට පත් ආදරවන්තියන්ගේ ගීතය...

    ඔන්න එහෙනම් කමෙන්ට් දාන්න පටන්ගමු යාළුවනේ ආයෙත්....
    මචන් උඹේ විචාර ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ,,විශිෂ්ඨයි....:):)
     
    Sep 4, 2006
    59
    2
    0
    ටික දවසකින් නූල බලන්න බැරිවුනා. කව්දෝ එකෙක් කියල තිබුන දේකට සස්ලිට් සහ දත් කිඹුලා අඉන් වෙනවා කියල තිබ්බම පුදුම දුකක් දැනුනා. සස්ලිට් ට චෝදනා කරපු එකාට පලු යන්න බනින්න හිතන් අනිත් පිටු ටික කියෙව්වේ. ආයෙත් හැමදේම යථා තත්වෙට පත්වෙලා තියෙනවා දැක්කම දැනුන සතුටනම් කියල නිම කරන්න බෑ.

    කෙනෙක් ට මානසික තෘප්තියක් ලබාදෙන්න පුළුවන් නම් ඒක ලොකු පිනක්. කොයි තරම් පිරිසක් මේ නූල කියවලා ඒ තෘප්තිය ලබනවද. ඒ සඳහා තමන්ගේ කාලය වැය කරන සස්ලිට්, දත් කිඹුලා ප්‍රධාන හැමෝටම ඒ පින් අත් වෙනවා. ඒවගේම මෙතරම් හොඳ දෙයක් කඩාකප්පල් කරන්න හදන උන්ට.. (මම මෙතන කියන්නේ නෑ මොනවද වෙන්න ඕනේ කියල...)

    මම කියලම මගේ යාළුවො කීප දෙනෙක්ම මේ නූල කියවනවා. නවත්තන්නනම් එපා. දිගටම යමු. පුළුවන් උපරිමයෙන් ඔගොල්ලොන්ව දිරිමත් කරන්නම්. ජයවේවා!
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,512
    5,948

    :yes::yes::yes::yes::yes::yes: aniwaa
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    .: ගී පද වැලක සැඟවූණු අරුත්බර කතන්දර :.

    ඔන්න මම ෆෙස්බුකියේ ග්රූප් එකක් හැදුව....සහෝල මේකෙත් ඔය ගී පද විචාර දායි කියල මම හිතනවා....ස්තුතියි!!! :)

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දිවයින පත්‍රයකින් තමයි මේ ගීතය ගැන විස්තර ලැබුනේ....
    thanks kgp89dc

    මේ ගීතයේ විචාරය දැමීමට කලින් මම අපේ යාළුවන්ගෙන් ඉල්ලීමක් කරනව... ඒ තමා යාළුවනේ මේ ගී පද රචකයා වසන්ත කුමාර කොබවක... ඔහුගේ ගීත අධ්‍යනය කරන්න... පුදුම සුන්දර ගීත රචනා කලාවක් ඔහු සතුව තිබෙන්නෙ... විශේෂයෙන්ම ගැමි පරිසරය, ගැමි සුන්දරත්වය හා ගැමි අත් දැකීම් ඇසුරින් තමා ඔහු සෑම ගීතයක්ම රචනා කරල තියෙන්නෙ... වනේ වන ඵල මියුරු වූ දා නැතේ ලඟ සියොතුන්, පලංචියේ ලී ඉරුවේ අපි එකට, ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ, මලින් මලට ඉගිළුණාට සමණළයින් නොවේ…, වෙරළු ගෙඩිය හරි අඩකට වැනි ඔහුගේ ගීත මුළු මනින්ම අපිව අපේ පුංචි ගම්මාන වෙතට ක්ෂණයකින් රැගෙන යනවා... එහෙනම් ඔබත් ඒ සුන්දරත්වය විදින්න...

    රූකඩ මඩු යාග පොළේ
    කෝළ නුඹේ රුවට ලොලේ
    ආලපිරූ මා ගැන දැන්
    නැද්ද නිනව්වක්‌........

    ඈත ලන්ද දියමංකඩ
    බෝම පිපී තිබුණු මලට
    ආලවන්ත බහක්‌ දෙන්න
    ආ බඹරින්දු........
    මලට ලොලේ පිනි කඳුලේ
    නිතර රැඳී උන් බඹරින්දු
    ආලපිරූ මා ගැන දැන්
    නැද්ද නිනව්වක්‌........

    යායපුරා මල් උතුරා
    කෝල දැරිවි කුමරි වෙලා
    මාල හතක වරම ගන්න
    දෑත් වනන්නා....
    නිබඳ මගේ පිරිණු සෙනේ
    නුඹ නොදනී මල් මද ලන්දු
    ආලපිරූ මා ගැන දැන්
    නැද්ද නිනව්වක්‌........

    ගායනය හා සංගීතය - වික්‌ටර් රත්නායක
    424176_10150568226635922_320718185921_9100463_70400751_n.jpg

    පදමාලාව - වසන්ත කුමාර කොබවක
    Wasantha.jpg

    දැන් වගේ නොවේ එදා. ගමේ පෙම්වතුන් ආදරය කළේ හරිම විනීත ආකාරයට. ගමේ නම රැකගෙන මේ පෙම්වතුන් බොහෝ විට හමුවන්නේ ගමේ යාග පොළේ.
    වචනයක්‌ දෙකක්‌ නිදහසේ දොඩන්න බැරිනම්.... නෙතින් නෙත යාවී හෝ නිහඬව ආදර පණිවිඩයක්‌ දෙන්න පුලුවන් තැනක්‌ තමයි මේ යාගපොළ. මේ අත්දැකීම අදකාලෙ අයටනම් ගොඩාක් නෑ... මටත් පුංචියට වගේ මතකයේ තියෙන්නෙ ඉස්සරම අපේ ගම් පැත්තෙ මේ යාග පොල පැවැත්වෙන හැටි.

    ගමේ තරුණියන් බොහෝ විට ගමටම තමයි දීග යන්නේ.... ගම තුළම දෙදෙනාගේ ආදරය මෝරා වැඩෙනවා.... ඒත් සමහර වේලාවට ගමේ පෙම්වතාව තනි කරලා පෙම්වතියට ගමෙන් පිට යන්න වෙනවා.
    ඒ විශ්වවිද්‍යලයට එහෙම යන්න වුණාම. එවිට ඇය ගමේ පෙම්වතාගෙන් දුරස්‌ වෙනවා. ඊට පස්‌සේ ඇයට ඔහු ගැන නිනව්වක්‌ නැහැ.... සරසවි බිමේදීම තවත් පෙම්වතෙක්‌ හමුවෙනවා... විවාහ වෙලා යාන වාහනවලින් ගමටත් එනවා. ඒවා දකින පෙම්වතා තනිකඩව හූල්ලනවා....

    රූකඩ මඩු යාග පොළේ
    කෝළ නුඹේ රුවට ලොලේ
    ආලපිරූ මා ගැන දැන්
    නැද්ද නිනව්වක්‌........

    වසන්ත කුමාර කොබවක කළුතර ඈත ගමක, පාහියංගල ගල්ලෙන ආශ්‍රිත ගම්මානයක ඉපදුන කෙනෙක්‌. ඒ නිසා ඔහුට මේ අපි කී අත්දැකීම වඩාත් දැනුනා....

    මගේ එකම අක්‌කා විශ්වවිද්‍යාලයට තේරුනා... මමත් අම්මාත්, තාත්තාත් ගෙදර තනිවුණා.... අක්‌කාගේ හිනාව ගෙදර හැම තැනම... අම්මා බය වුණා අක්‌කා විශ්වවිද්‍යාලයේ පෙම්හබයක පැටලේවි කියලා. අම්මට එහෙමනම්... පෙම්වතෙක්‌ නම් ඒ දුක කොහොම විඳිනවා ඇත්ද.... මේවා මගේ හිතේ තැන්පත් වුණා... පාසල් කාලයේ ඉඳලාම මම ගීත ලියුවා... "වෙරළු ගෙඩිය හරි අඩකට" සිංදුව සුනිල් එදිරිසිංහට දෙන්න ගියාම වික්‌ටර් රත්නායකයන්ව හඳුනා ගත්තා... "රූකඩ මඩු" සිංදුවත් තවත් සිංදු හතකුත් මම ඔහුට දුන්නා.... ඔහුගේ දෑස්‌ දීප්තියෙන් බැබලුනා... මල්ලී අපි දිගටම වැඩකරමු කියලා... මගේ ගීත හතෙන් හතරක්‌ම ගායනා කළා..... ප්‍රචාරය වූදා ඒ කියන්නේ 1985 වසරේ සිට අද දක්‌වාම මේ ගීතය ජනප්‍රියයි....

    ඈත ලන්ද දියමංකඩ
    බෝම පිපී තිබුණු මලට
    ආලවන්ත බහක්‌ දෙන්න
    ආ බඹරින්දු ......

    ලන්දේ ඈත... පිරිසිදු දිය ගලා බසින වැව... සමහර වෙලාවට නාමල් නෙලන්න ගැමි තරුණියෝ වැවට එනවා... පෙම්වතියන් සමග කතාබහ කරන්න ගමේ පෙම්වතුන්ද වැව වටා සැරි සරනවා.

    හරියට දියමංකඩ පිපී හිනැහෙන මලට සෙනෙහෙවන්ත කම් පාන බඹරෙක්‌ වගේ... මේ ගැමි යුවතියන් මල් නම්.... ඒ ආසන්නයේම බඹරුන් සැරිසරනවා.... මේ බඹරුන් මල් වලට ආදරෙයි... රොන් නොගත්තත් මල වටා නිතර රැඳී ඉන්නවා....

    යායපුරා මල් උතුරා
    කෝල දැරිවි කුමරි වෙලා
    මාල හතක වරම ගන්න
    දෑත වනන්නා....

    යෞවනිය තරුණියක්‌ වෙලා.... යායම මලින් පිරිලා නිසි කල වයස ඇවිත්.... දැන් ඇගේ දෙමව්පියන් දීග දෙන්න සූදානම.... මාලහතක වරම ගන්න දෑත වනන්නා.... ගමේ පෙම්වතාගේ සෙනෙහෙවන්ත කම තවමත් ඒ වගේමයි... ඒත් ඇයට ඒ ගැන නිනව්වක්‌ නැහැ...

    ඇය සමහරවිට මේ සමාජ තලයේ ඉදිරියට ආ එකියක්‌ වෙන්නත් ඇති.... ගමේ පෙම්වතාට වඩා වැඩි සමාජ තත්ත්වයක්‌ ඇයට ඇති... ඇයගේ මතකයේ ඔහු ඉන්නවා.... ඒත් නිනව්වක්‌ නැහැ....

    මේ ගීතයේ වයලීනයේ වාදනය වෙන්නේ බෙරතාල - වික්‌ටර් රත්නායකයන්ට ජනශ්‍රැතිය ගැන තිබෙන මනා දැනුම ගීතයේ සැඟවුන අදහස සමග හොඳින් ගැළපුන බවයි. වසන්ත කුමාර කොබවත කියන්නේම කොබවකගේ පදමාලාවත්, වික්‌ටර්ගේ ගායනය හා තනු නිර්මාණයත්... ඒ කියන්නේ මේ ගීයේ තුන් ඈඳුතු සම්මාදම නියම විදිහට සමබරව තිබෙනවා.... ඒ නිසාම තමයි "රූකඩ මඩුයාගපොළේ" ගීතය අවුරුදු විසිහතක් පරණ වුණත් මෙතරම් ජනප්‍රිය....

    Last edited:

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    Uni පටන් ගත්ත නිසා ඒ වැඩයි ,ගෙදර වැඩයි ,රස්සාවට යන්නයි මේ ඔක්කොම නිසා ටික දවසකින් මේ පැත්තට එන්න බැරි උනා.ඇවිත් බලනකොට මෙන්න මේකේ කට්ටිය ඔක්කොටොම ඉර පෑනක් නිසා හිත රිදිලා යන්නම යන්න හදනවා.හුගක් දුක හිතුනා.එත් අනික් පිටු කියවද්දී ඔයාලා අයිමත් මේක පටන් අරන් තියෙනවා දැක්කහම ලොකු සතුටක් දැනුනා. එක එක්කෙනා කියන දේවල් වලට හිත රිදුනට මේක දල යන්න එපා.ඔයාලට පොස්ට් වැඩි කරගන්න ඕනි නම් මේ හැම ත්‍රෙඩ් 1 කටම බුම්ප් 1 ක් ගෙන ගියත් ඔයාලගේ පොස්ට් වැඩි වෙනවා කියල අපි දන්නවා.ඉතින් මේ වගේ කට්ටක් කාගෙන මේ කරන සත් ක්‍රියාව පොස්ට් වැඩි කරගන්න කරන දෙයක් කියල නම් අපිට හීනෙන්වත් හිතෙන්නේ නෑ.අපි ඒ ගැන දන්නවා.අනික පොස්ට් වැඩි උනා කියල කන්නද? එක බකමුනෙක්ගේ කතා අහල අපිව අයෙමත් සැරයක් අතරමං කරන්න එකක් නැ කියල මන් හිතනවා.
    අපි uni ගිහින් වැඩටත් ගිහින් ගෙදර එනකොට රැ 12 විතර වෙනවා. කාල එහෙම තමයි මේක කියවන්න එන්නේ.ඔය වෙලාවට ඉර පනවල් අහන්න ගියොත් නිකන්ම නින්ද යනවා තියෙන මහන්සියට.එත් මට නම් මේක කියවද්දී එහෙම වෙන්නේ නැ.කියවන්න කියවන්න අසයි.අනික අහනවට වඩා කියවද්දී දෙයක් තේරුම් ගන්න ලේසියි,අහල ලබන රසයට වඩා කියවද්දී දැනෙන රසය ගොඩක් වෙනස්.අනික ඔයාලා කරන මේ සත් ක්‍රියාවෙන් අපි ගීත වල තේරුම විතරක් නෙවි, අපේ සිංහල භාෂාව ඉතාම ලස්සනට තැනට උචිත පරිදි ගලපන හැටි පවා ඉගන ගන්නවා.ඉතින් නිතර නිතර එන්න බැරි උනාට මේ නුලට comment කරන්න බැරි උනාට, හොරෙන් ඇවිත් බලල ගියාට ,මේ නුලට මම නම් හුගක් ආදරෙයි.මේක නවත්තන්නේ නැතුව කරගෙන යන්න ඔයාලා ඔක්කොටොම ශක්තිය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා..
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    දිවයින පත්‍රයකින් තමයි මේ ගීතය ගැන විස්තර ලැබුනේ....

    මේ ගීතයේ විචාරය දැමීමට කලින් මම අපේ යාළුවන්ගෙන් ඉල්ලීමක් කරනව... ඒ තමා යාළුවනේ මේ ගී පද රචකයා වසන්ත කුමාර කොබවක... ඔහුගේ ගීත අධ්‍යනය කරන්න... පුදුම සුන්දර ගීත රචනා කලාවක් ඔහු සතුව තිබෙන්නෙ... විශේෂයෙන්ම ගැමි පරිසරය, ගැමි සුන්දරත්වය හා ගැමි අත් දැකීම් ඇසුරින් තමා ඔහු සෑම ගීතයක්ම රචනා කරල තියෙන්නෙ... වනේ වන ඵල මියුරු වූ දා නැතේ ලඟ සියොතුන්, පලංචියේ ලී ඉරුවේ අපි එකට, ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ, මලින් මලට ඉගිළුණාට සමණළයින් නොවේ…, වෙරළු ගෙඩිය හරි අඩකට වැනි ඔහුගේ ගීත මුළු මනින්ම අපිව අපේ පුංචි ගම්මාන වෙතට ක්ෂණයකින් රැගෙන යනවා... එහෙනම් ඔබත් ඒ සුන්දරත්වය විදින්න...

    රූකඩ මඩු යාග පොළේ
    කෝළ නුඹේ රුවට ලොලේ
    ආලපිරූ මා ගැන දැන්
    නැද්ද නිනව්වක්‌........

    ඈත ලන්ද දියමංකඩ
    බෝම පිපී තිබුණු මලට
    ආලවන්ත බහක්‌ දෙන්න
    ආ බඹරින්දු........
    මලට ලොලේ පිනි කඳුලේ
    නිතර රැඳී උන් බඹරින්දු
    ආලපිරූ මා ගැන දැන්
    නැද්ද නිනව්වක්‌........

    යායපුරා මල් උතුරා
    කෝල දැරිවි කුමරි වෙලා
    මාල හතක වරම ගන්න
    දෑත් වනන්නා....
    නිබඳ මගේ පිරිණු සෙනේ
    නුඹ නොදනී මල් මද ලන්දු
    ආලපිරූ මා ගැන දැන්
    නැද්ද නිනව්වක්‌........

    ගායනය හා සංගීතය - වික්‌ටර් රත්නායක
    424176_10150568226635922_320718185921_9100463_70400751_n.jpg

    පදමාලාව - වසන්ත කුමාර කොබවක
    Wasantha.jpg

    දැන් වගේ නොවේ එදා. ගමේ පෙම්වතුන් ආදරය කළේ හරිම විනීත ආකාරයට. ගමේ නම රැකගෙන මේ පෙම්වතුන් බොහෝ විට හමුවන්නේ ගමේ යාග පොළේ.
    වචනයක්‌ දෙකක්‌ නිදහසේ දොඩන්න බැරිනම්.... නෙතින් නෙත යාවී හෝ නිහඬව ආදර පණිවිඩයක්‌ දෙන්න පුලුවන් තැනක්‌ තමයි මේ යාගපොළ. මේ අත්දැකීම අදකාලෙ අයටනම් ගොඩාක් නෑ... මටත් පුංචියට වගේ මතකයේ තියෙන්නෙ ඉස්සරම අපේ ගම් පැත්තෙ මේ යාග පොල පැවැත්වෙන හැටි.

    ගමේ තරුණියන් බොහෝ විට ගමටම තමයි දීග යන්නේ.... ගම තුළම දෙදෙනාගේ ආදරය මෝරා වැඩෙනවා.... ඒත් සමහර වේලාවට ගමේ පෙම්වතාව තනි කරලා පෙම්වතියට ගමෙන් පිට යන්න වෙනවා.
    ඒ විශ්වවිද්‍යලයට එහෙම යන්න වුණාම. එවිට ඇය ගමේ පෙම්වතාගෙන් දුරස්‌ වෙනවා. ඊට පස්‌සේ ඇයට ඔහු ගැන නිනව්වක්‌ නැහැ.... සරසවි බිමේදීම තවත් පෙම්වතෙක්‌ හමුවෙනවා... විවාහ වෙලා යාන වාහනවලින් ගමටත් එනවා. ඒවා දකින පෙම්වතා තනිකඩව හූල්ලනවා....

    රූකඩ මඩු යාග පොළේ
    කෝළ නුඹේ රුවට ලොලේ
    ආලපිරූ මා ගැන දැන්
    නැද්ද නිනව්වක්‌........

    වසන්ත කුමාර කොබවක කළුතර ඈත ගමක, පාහියංගල ගල්ලෙන ආශ්‍රිත ගම්මානයක ඉපදුන කෙනෙක්‌. ඒ නිසා ඔහුට මේ අපි කී අත්දැකීම වඩාත් දැනුනා....

    මගේ එකම අක්‌කා විශ්වවිද්‍යාලයට තේරුනා... මමත් අම්මාත්, තාත්තාත් ගෙදර තනිවුණා.... අක්‌කාගේ හිනාව ගෙදර හැම තැනම... අම්මා බය වුණා අක්‌කා විශ්වවිද්‍යාලයේ පෙම්හබයක පැටලේවි කියලා. අම්මට එහෙමනම්... පෙම්වතෙක්‌ නම් ඒ දුක කොහොම විඳිනවා ඇත්ද.... මේවා මගේ හිතේ තැන්පත් වුණා... පාසල් කාලයේ ඉඳලාම මම ගීත ලියුවා... "වෙරළු ගෙඩිය හරි අඩකට" සිංදුව සුනිල් එදිරිසිංහට දෙන්න ගියාම වික්‌ටර් රත්නායකයන්ව හඳුනා ගත්තා... "රූකඩ මඩු" සිංදුවත් තවත් සිංදු හතකුත් මම ඔහුට දුන්නා.... ඔහුගේ දෑස්‌ දීප්තියෙන් බැබලුනා... මල්ලී අපි දිගටම වැඩකරමු කියලා... මගේ ගීත හතෙන් හතරක්‌ම ගායනා කළා..... ප්‍රචාරය වූදා ඒ කියන්නේ 1985 වසරේ සිට අද දක්‌වාම මේ ගීතය ජනප්‍රියයි....

    ඈත ලන්ද දියමංකඩ
    බෝම පිපී තිබුණු මලට
    ආලවන්ත බහක්‌ දෙන්න
    ආ බඹරින්දු ......

    ලන්දේ ඈත... පිරිසිදු දිය ගලා බසින වැව... සමහර වෙලාවට නාමල් නෙලන්න ගැමි තරුණියෝ වැවට එනවා... පෙම්වතියන් සමග කතාබහ කරන්න ගමේ පෙම්වතුන්ද වැව වටා සැරි සරනවා.

    හරියට දියමංකඩ පිපී හිනැහෙන මලට සෙනෙහෙවන්ත කම් පාන බඹරෙක්‌ වගේ... මේ ගැමි යුවතියන් මල් නම්.... ඒ ආසන්නයේම බඹරුන් සැරිසරනවා.... මේ බඹරුන් මල් වලට ආදරෙයි... රොන් නොගත්තත් මල වටා නිතර රැඳී ඉන්නවා....

    යායපුරා මල් උතුරා
    කෝල දැරිවි කුමරි වෙලා
    මාල හතක වරම ගන්න
    දෑත වනන්නා....

    යෞවනිය තරුණියක්‌ වෙලා.... යායම මලින් පිරිලා නිසි කල වයස ඇවිත්.... දැන් ඇගේ දෙමව්පියන් දීග දෙන්න සූදානම.... මාලහතක වරම ගන්න දෑත වනන්නා.... ගමේ පෙම්වතාගේ සෙනෙහෙවන්ත කම තවමත් ඒ වගේමයි... ඒත් ඇයට ඒ ගැන නිනව්වක්‌ නැහැ...

    ඇය සමහරවිට මේ සමාජ තලයේ ඉදිරියට ආ එකියක්‌ වෙන්නත් ඇති.... ගමේ පෙම්වතාට වඩා වැඩි සමාජ තත්ත්වයක්‌ ඇයට ඇති... ඇයගේ මතකයේ ඔහු ඉන්නවා.... ඒත් නිනව්වක්‌ නැහැ....

    මේ ගීතයේ වයලීනයේ වාදනය වෙන්නේ බෙරතාල - වික්‌ටර් රත්නායකයන්ට ජනශ්‍රැතිය ගැන තිබෙන මනා දැනුම ගීතයේ සැඟවුන අදහස සමග හොඳින් ගැළපුන බවයි. වසන්ත කුමාර කොබවත කියන්නේම කොබවකගේ පදමාලාවත්, වික්‌ටර්ගේ ගායනය හා තනු නිර්මාණයත්... ඒ කියන්නේ මේ ගීයේ තුන් ඈඳුතු සම්මාදම නියම විදිහට සමබරව තිබෙනවා.... ඒ නිසාම තමයි "රූකඩ මඩුයාගපොළේ" ගීතය අවුරුදු විසිහතක් පරණ වුණත් මෙතරම් ජනප්‍රිය....

    මචන් මෙහෙම වචන කොහෙන් එනවද දන්නෑ නේද බන්.උඹේ විචාරත් එක්ක බලනකොට පුදුම හැගීමක හිතට එන්නේ...:):)