සුන්දර ගීයක ඇරබුම,..

thomian

Well-known member
  • May 20, 2011
    12,300
    17,233
    113
    සඳ දිය දෙවුන සේ සිනහව......

    සඳ දිය දෙවුන සේ සිනහව පිපුනාම
    නුඹ කොයි තරම් සුවඳද මගෙ හිත ගාව
    දෑ කුල සිරිත් සිටි සද මග අවුරාන
    හමුවී වැලපෙමුද මෙලෙසින් හැමදාම

    නෑඹුල් පැතුම් අහසට නැග රහසේම

    දිලිසෙන්නේ ද පුර පස දිළි සඳ ගාව
    එ හද ඇයි ද දියවක දී මුළු රෑම
    දිය වී ගිහින් රැඳුනේ තරු ඇස ගාව

    ලය මත පිපුණු උණුසුම් සුසුමක සුවඳ

    සෝදා හල හැකිද ගැරහුම් රළ ගාව
    කඩ ඉම ළඟ ඉඳන්වත් නුඹ හැමදාම
    මට අත වන පන් නලියන නළ සේම

    ගායනය- අසංක ප්‍රියමන්ත පීරිස් සහ මාලනි බුලත්සිංහල

    සහෝලා පුලුවන්නම් මේ ගීතයටත් විචාරයක් දෙන්න...:):):)
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    මේක මට එවල තිබුනේ එළකිරි එකේ neoo1 කියල සහෝදරයෙක්, මේක තමයි සින්දුවේ හරි තේරුම. මේක අරගෙන තිබුනේ මේ බ්ලොග් ඒකෙන් (http://geethayakatawediyamak.blogspot.com/2011/09/ma-ahase-liyu-de.html)

    maa+ahasea+liyoo+dhea.jpg

    මම මේක මේ thread එකේ දාන්නේ මේ thread එකේ ඉන්න කාටවත් අපහස කරන්න නෙමෙයි, අපි හැමෝම එකතුවෙලා කතාකරල, හොයල මේ දේවල් දැනගන්න එක හොඳ නිසයි.

    'හරි තෙරුමක්' කියා යමක් තිබේ නම් එවෑනි නිර්මානයක් අපට ච්‍යිතසිකමය ගනුදෙනුවකට හෝ එතුලින් ගම්‍ය වන්නාවු අම රසය වින්දනයට හෝ ඉඩක් නොතබයි. තම තම නෑණ පමනින් විවරනය කරන්නට හෑකිවීම සහ ව්‍යන්ගය සුභාවිත ගීතය හා බෑදී පවතී.

    සුභාවිතයේ හා මෙලෝ රහක් නෑති ගීතයේ වෙනස පහතින් විදින්න...

    ප්‍රාර්ථනා මහ කන්දේ
    කලුවර පාමුල උන්නේ මන්
    නුබේ නුරා තරු එලියේ
    කදු මුදුනට ගෙන නොගියා නම්

    මට ඔයාව මතක් වෙනවා හෑම මොහොතකම
    හිත හදාගන්න බෑලුවත් බෑ එහෙම කරන්න
    එක සිදුවීමක් ඈති ආදරෙ තව වෑඩිවෙන්න
    මම ආදරෙයි දෑන් වෙනදාට වෑඩියෙන් ඔබට

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මට මේ ගීතය ගැන ලියන්න හිතුන විශේශ හේතුවක් තියනවා. ඒ හේතුව අන්තිමට ලියන්නම්. නමුත් බලන්න තමන්ගේ හිතේ තියන දේවල් තවත් කෙනෙකුට දැනෙන්න කියන්න අපි කොතරම් නම් ක්‍රම පාවිච්චි කරනවද කියල. සමහර විට අදාල සිදුවීම හා උදාහරණය අහසට පොලව වගේ...
    මේකට සිංහල ගීතයේ ගනිත පාඩම කියමුකෝ......

    සමකෝණී ත්‍රිකෝණයකි
    ඔබත් මාත් ඇයත් තිදෙන
    ඔබ එක මුල්ලක සිටියා
    ඇය තව මුල්ලක හිටියා
    නෙත් හතරක පහස ලබා
    මම මේ මුල්ලේ හිටියා

    ඔබ දෙදෙනා සහ මම සමකෝණී ත්‍රිකෝණයක එකිනෙක දිහා බලාසිටින ශීර්ශ වැනිය. ඔබ දෙදෙනාගෙම නෙත් යුග වල පහස මට හිමිවූවත් මට ඔබ දෙදෙනාම සමාන දුරකින් පෙනෙන්නේ සමකෝණී ත්‍රිකෝණයක අනිවාර්යයෙන්ම පාද දිගින් සමාන වන නිසාය......

    ඔබ මගෙ ආදරය පතයි
    ඇය මගෙ ආදරය පතයි
    දෙදෙනාටම මාත් හිතයි
    ත්‍රිකෝණයේ පාද සමයි

    ඔබ දෙදෙනාම මගෙන් ආදරය බලාපොරොත්තුවෙන් මාදෙස බලා සිටියද ඔබ දෙදෙනා කෙරෙහි මගේ ඇති හැගීමෙහි එකිනෙකාට වෙනසක් නොවන්නේ ත්‍රිකෝණයේ පාද සමවන්නා සේමය.....

    සමච්ඡේදනය කරලා
    දෙන්නට බෑ පෙම බෙදලා
    අපි තුන්මුල්ලටම වෙලා
    ඉමු මුහුණට මුහුණ බලා

    සමපාද ත්‍රිකෝණයක් සමච්ඡේදනය කරලා නිවැරදිව බෙදන්න පුලුවන් වුනත් මේ හැගීම කෙසේනම් සමානව බෙදාම් ද. නමුත් කාලය බොහෝදේ විසදාවි එතෙක් මේ දිගින් සමාන වූ පාද තුන එලෙසම තියේවි......

    පද රචනය -සමන් චන්ද්‍රනාත් වීරසිංහ
    සංගීතය හා ගායනය – දයාරත්න රණතුංග

    රචකයා ගිතයෙ මුල පදවලදී යොදා ඇති උපමාව හා සිදුවීම දකින ආකාරය අනූව යම් බොලද පුද්ගල යෙකු යැයි හැගේ නමුත් අවසාන පද කිහිපය තුල ඔහු මේ ගැටලුව දෙස බලන ආකාරය හා දෙනු ලබන විසදුම අනූව යම් වියත් භාවයක් ද පෙන්නුම් කෙරේ......

    මේ ගීතය මා විශාල අවකාශයක් තුල අතරමං කිරීමට තරම් දරුනු චිත්ත රූප මාතුල මවන්නට විය. රචකයා සැබැවින්ම ත්‍රිකෝණය මේ සදහා භාවිත කලේ හුදු ගීතයට අපූර්වත්වයක් එක් කිරීමටද? නැතහොත් මහා ගැබුරක් මතු කිරීමටද? එසේනම් මෙම ත්‍රිකෝණයේ පාද දෙකක් පමනක් සමාන නොවුනේ ඇයි. පාද තුනම සමාන වීම තුලින් රචකයා මෙහි ඔබ යන්නෙන් අමතන්නේ කාටද යන පැනය මනසේ දෝංකාර නොදෙන්නේ ද?.... තවත් සරලව කියන්නේ නම් ඇය ඇයක්මය නමුත් ඔබ............

    මා අවසාන පැවසූවෙහි අරමුන එකම දෙයක ඇති විවිධ පැති පෙන්වීම හා උපමා භාවිතයේ ගැබුර හා යම්තාක් දුරට එහි භයානක භාවය පෙන්වීම මිස කාගේ හෝ මනො විකෘතිතාවයක් පෙන්වීමට නොවන බැවින් වරදක් ඇතොත් සමාවෙන්න.......

    kalayakin dakke .. uparimayi yalu
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචං, මම නම් මේ ත්‍රෙඩ් එකට අමුණ‍න්නේ සිංදුවල තේරුම් නෙවෙයි. විචාර, නැත්තම් මා ඒ ගීතය විදින සංවේදී ආකාරය. මම මේ ගීතය විදින්නේ යමුනා මේ ගීය ලියපු හේතුව තුළ නෙවෙයි. කලාකෘතියක් තේරුම් ගන්න ඕන නෑ, විදින්නයි ඕන. මම විදින විදිය මම දානවා. අපේ මිතුරන්ටත් ඒ ඔස්සේ යම් වින්දනයක් අරමුණු කරගැනීමට. ඉතින් ඔබතුමා කියල තියෙන්නේ මේ ගීතයේ "හරි තේරුම". (ඒ කියන්නේ මම තියල තියන "තේරුම" වැරදියි!!) මම තේරුම් නෙවෙයි ලියන්නේ. කලින් ම එය "තේරුම්" ගන්න............!!!!!!!

    ඒක අපි දන්නව යාලු.. ඔබතුමන්ගෙන් විචාර ඉදිරියටත් බලාපොරොත්තු වෙනව
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,300
    17,233
    113
    මචං, මම නම් මේ ත්‍රෙඩ් එකට අමුණ‍න්නේ සිංදුවල තේරුම් නෙවෙයි. විචාර, නැත්තම් මා ඒ ගීතය විදින සංවේදී ආකාරය. මම මේ ගීතය විදින්නේ යමුනා මේ ගීය ලියපු හේතුව තුළ නෙවෙයි. කලාකෘතියක් තේරුම් ගන්න ඕන නෑ, විදින්නයි ඕන. මම විදින විදිය මම දානවා. අපේ මිතුරන්ටත් ඒ ඔස්සේ යම් වින්දනයක් අරමුණු කරගැනීමට. ඉතින් ඔබතුමා කියල තියෙන්නේ මේ ගීතයේ "හරි තේරුම". (ඒ කියන්නේ මම තියල තියන "තේරුම" වැරදියි!!) මම තේරුම් නෙවෙයි ලියන්නේ. කලින් ම එය "තේරුම්" ගන්න............!!!!!!!

    :yes::yes::yes:
     
    nalaka526

    Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala
    'හරි තෙරුමක්' කියා යමක් තිබේ නම් එවෑනි නිර්මානයක් අපට ච්‍යිතසිකමය ගනුදෙනුවකට හෝ එතුලින් ගම්‍ය වන්නාවු අම රසය වින්දනයට හෝ ඉඩක් නොතබයි. තම තම නෑණ පමනින් විවරනය කරන්නට හෑකිවීම සහ ව්‍යන්ගය සුභාවිත ගීතය හා බෑදී පවතී.

    සුභාවිතයේ හා මෙලෝ රහක් නෑති ගීතයේ වෙනස පහතින් විදින්න...

    ප්‍රාර්ථනා මහ කන්දේ
    කලුවර පාමුල උන්නේ මන්
    නුබේ නුරා තරු එලියේ
    කදු මුදුනට ගෙන නොගියා නම්

    මට ඔයාව මතක් වෙනවා හෑම මොහොතකම
    හිත හදාගන්න බෑලුවත් බෑ එහෙම කරන්න
    එක සිදුවීමක් ඈති ආදරෙ තව වෑඩිවෙන්න
    මම ආදරෙයි දෑන් වෙනදාට වෑඩියෙන් ඔබට

    එකත් හරි... :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කෙල්ලෙකුයි කොල්ලෙකුයි සංසාර ගානක් පතාගෙන ආපු භාවමය හැගීමක ප්‍රතිථලය විදිහට ආදරය හැදින්නුවොත් එහි අග්‍රථලය විදිහට විවාහය හදුන්වන්න පුලුවන්. ජීවිතේ ලස්සනම කාලෙදි ආදරෙන් බැදිලා... ඒ සුන්දර ජීවිතේ අවසානය අත් දකිනකං ප්‍රේමයෙන් , සහජීවනයෙන් විවාහ ජීවිතය තුල දිවි ගෙවන අය දැන් කාලෙ ටිකක් අඩු උනත්... මේ ගීතයෙන් කියවෙන්නෙ අන්න ‍එහෙම දෙන්නෙක් ගැන වෙන්න ඕනෙ.
    අඹු සැමි ආද‍රයේ සංඛේතය - දරු සම්පත. ඉතිං මෙන්න මේ දරු දැරියන් අර ආදර වන්තයින් දෙන්නා අතරට ආවහම එයා‍ලගේ පුංචි ලෝකය ටික ටික විශාල වෙන්න ගන්නවා..... අම්මෙක්ට පුංචි පුතෙක් ලැබුනම හිතෙනවලු ලෝකයක් දිනුවා කියලා.... ඉතිං ඒ හින්දා වෙන්න ඇති නේද පොඩ්ඩා නිසා ගෙදර අනිත් එක්කෙනාව එයාට අමතක වෙන්නෙ.... ආදරේ මදිකම නිසා නෙවෙයි... ආදරේ ලබන්න ඕන අනිත් කෙනාටත් ඒක දෙන්න ඕන නිසා...

    කොහොම උනත්... මේ කථාවෙ ලොක්කා... එහෙමත් නැත්තං මහත්තයා නං .. නෝනා හාමිනේගෙ ලගකදි ඉදං වෙච්ච මේ විපර්යාසයට එච්චර කැමති පාටක් පෙන්වන්නෙ නෑ වගේ.....

    එයා උත්සහ කරනවා එයාට එයාගෙ නෝනව මුලින්ම හමු උන ඒ සොදුරු පාසල් සමය ගැන මතක් කරන්න....ලස්සන සුදු ගව්මක් අදං පොත් මිටියක් අරං පාසල වෙත පියනැගපු ඒ ආදරනීය තරුණියව මතක් වෙනවා.... ‍ඒකාලෙ දෙන්නා කථා කරපු හැටි... එහේ මෙහේ ඇවිදපු හැටි මතක් උනා වෙන්නත් පුලුවන්... අනේ.. ඒ කාලෙත් එක්ක බැලුවම එයා ගොඩක් වෙනස්වෙලා නේද කියලා මේ මහත්තයට හිතෙනවා...
    ඒ ඔක්කොටම හේතුව මෙන්න මේ පොඩි පැටියා නේද කියලා මහත්තයට හිතෙනවා.... හැබැයි තරහකින් නම් නෙවෙයි.....

    මේ

    දයාරත්න රණතුංගයන් ගායනා කරන ගීතයක්

    රූං පෙත්ත කැරකෙනවා කෝම් පිට්ටු ඉඳිවෙනවා
    අම්මි නුඹට සුරංගනා කතා කියනවා

    පුංචි පුතේ නුඹ ආපසු
    අම්මි හුඟක් වෙනස් වෙලා එදා වගේ නෑ...
    මාත් එක්ක බොළඳ වඳන් දැන් කියන්නේ නෑ

    සුදු කොට රැළි ගවුම ඇඳන් පාසැල් ගිය කාලේ වගේ
    හිනා වෙන්නේ නෑ
    නුරා රැඳුනු කෝළ බැලුම් දැන් හෙලන්නේ නෑ

    • Like
    Reactions: sasliit

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    ලොකු හයියක් ඔබවැන්නෙකු ගීත ගැන අරුත් පසදලීම... :):):):)
     
    11.gif
    11.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දනුෂ සංකල්ප සොයුරා මෙම ත්‍රෙඩ් එකට පැමිණීම අතිශය අගය කොට සළකමි...........:)
    දිගින් දිගටම මේ හුය සමග සම්බන්ධවන්න..............:)
    ජීවිතය විදින්න.........:)
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    ඇර කිඹුළා!!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    @dath kimbula

    "එහෙව් නුඹට නොදැනුනේ නුඹට දුන්න හිත තමයි කියල" කියන්නෙ ඇයි ??

    මෙය විග්‍රහ කරගැනීමට නම් මුල් පද කීපයද සිහි කල යුතුය.......
    මා අහසේ ලියූ දේ - පෙනුනෙ නුඹට විතරමයි
    මා සුළගට කියූ දේ - ඇසුවෙ කවුද නුඹ තමයි.......
    මේ තරුණිය ගේ සියළු ම සිතැගි, අහසේ ලියන, සුළගට කියන දේ පවා දකින්නට, අසන්නට තරම්, ඇය සිතන විදියට ඇය "ආදරෙයි" කීම ඇසෙන්නට පවා,ඔහු ඇයට ළංවී හිදින්නෙක්........නමුත්....

    එහෙව් නුඹට නොදැනුනේ නුඹට දුන්න හිත තමයි........!!!!!!

    'හරි තෙරුමක්' කියා යමක් තිබේ නම් එවෑනි නිර්මානයක් අපට ච්‍යිතසිකමය ගනුදෙනුවකට හෝ එතුලින් ගම්‍ය වන්නාවු අම රසය වින්දනයට හෝ ඉඩක් නොතබයි. තම තම නෑණ පමනින් විවරනය කරන්නට හෑකිවීම සහ ව්‍යන්ගය සුභාවිත ගීතය හා බෑදී පවතී.

    සුභාවිතයේ හා මෙලෝ රහක් නෑති ගීතයේ වෙනස පහතින් විදින්න...

    ප්‍රාර්ථනා මහ කන්දේ
    කලුවර පාමුල උන්නේ මන්
    නුබේ නුරා තරු එලියේ
    කදු මුදුනට ගෙන නොගියා නම්

    මට ඔයාව මතක් වෙනවා හෑම මොහොතකම
    හිත හදාගන්න බෑලුවත් බෑ එහෙම කරන්න
    එක සිදුවීමක් ඈති ආදරෙ තව වෑඩිවෙන්න
    මම ආදරෙයි දෑන් වෙනදාට වෑඩියෙන් ඔබට

    ඈස් යූෂුවල්, ඩොන්03 සොයුරා කියා තිබෙනවා කිව යුතු දේ එම ලෙසටම.
    කිව යුත් දේවල් සියළු දෙනාම එකවිට පවසන විට ඝෝෂාවක් නැගෙන බැවින්ද, මා ඝෝෂාවන්ට පෞද්ගලිකව අකමැති බැවින් ද, ඩොන් ගේ හඩට ඉඩ දි නිහඩවෙමි..........!!!!!
     
    P_Namal

    Active member
  • Oct 19, 2007
    862
    224
    43
    කෙල්ලෙකුයි කොල්ලෙකුයි සංසාර ගානක් පතාගෙන ආපු භාවමය හැගීමක ප්‍රතිථලය විදිහට ආදරය හැදින්නුවොත් එහි අග්‍රථලය විදිහට විවාහය හදුන්වන්න පුලුවන්. ජීවිතේ ලස්සනම කාලෙදි ආදරෙන් බැදිලා... ඒ සුන්දර ජීවිතේ අවසානය අත් දකිනකං ප්‍රේමයෙන් , සහජීවනයෙන් විවාහ ජීවිතය තුල දිවි ගෙවන අය දැන් කාලෙ ටිකක් අඩු උනත්... මේ ගීතයෙන් කියවෙන්නෙ අන්න ‍එහෙම දෙන්නෙක් ගැන වෙන්න ඕනෙ.
    අඹු සැමි ආද‍රයේ සංඛේතය - දරු සම්පත. ඉතිං මෙන්න මේ දරු දැරියන් අර ආදර වන්තයින් දෙන්නා අතරට ආවහම එයා‍ලගේ පුංචි ලෝකය ටික ටික විශාල වෙන්න ගන්නවා..... අම්මෙක්ට පුංචි පුතෙක් ලැබුනම හිතෙනවලු ලෝකයක් දිනුවා කියලා.... ඉතිං ඒ හින්දා වෙන්න ඇති නේද පොඩ්ඩා නිසා ගෙදර අනිත් එක්කෙනාව එයාට අමතක වෙන්නෙ.... ආදරේ මදිකම නිසා නෙවෙයි... ආදරේ ලබන්න ඕන අනිත් කෙනාටත් ඒක දෙන්න ඕන නිසා...

    කොහොම උනත්... මේ කථාවෙ ලොක්කා... එහෙමත් නැත්තං මහත්තයා නං .. නෝනා හාමිනේගෙ ලගකදි ඉදං වෙච්ච මේ විපර්යාසයට එච්චර කැමති පාටක් පෙන්වන්නෙ නෑ වගේ.....

    එයා උත්සහ කරනවා එයාට එයාගෙ නෝනව මුලින්ම හමු උන ඒ සොදුරු පාසල් සමය ගැන මතක් කරන්න....ලස්සන සුදු ගව්මක් අදං පොත් මිටියක් අරං පාසල වෙත පියනැගපු ඒ ආදරනීය තරුණියව මතක් වෙනවා.... ‍ඒකාලෙ දෙන්නා කථා කරපු හැටි... එහේ මෙහේ ඇවිදපු හැටි මතක් උනා වෙන්නත් පුලුවන්... අනේ.. ඒ කාලෙත් එක්ක බැලුවම එයා ගොඩක් වෙනස්වෙලා නේද කියලා මේ මහත්තයට හිතෙනවා...
    ඒ ඔක්කොටම හේතුව මෙන්න මේ පොඩි පැටියා නේද කියලා මහත්තයට හිතෙනවා.... හැබැයි තරහකින් නම් නෙවෙයි.....

    මේ

    දයාරත්න රණතුංගයන් ගායනා කරන ගීතයක්

    රූං පෙත්ත කැරකෙනවා කෝම් පිට්ටු ඉඳිවෙනවා
    අම්මි නුඹට සුරංගනා කතා කියනවා

    පුංචි පුතේ නුඹ ආපසු
    අම්මි හුඟක් වෙනස් වෙලා එදා වගේ නෑ...
    මාත් එක්ක බොළඳ වඳන් දැන් කියන්නේ නෑ

    සුදු කොට රැළි ගවුම ඇඳන් පාසැල් ගිය කාලේ වගේ
    හිනා වෙන්නේ නෑ
    නුරා රැඳුනු කෝළ බැලුම් දැන් හෙලන්නේ නෑ

    niyamai machan endenawaa...
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මා ඔබට පෙන්වීමට සූදානම් වන්නේ ගීපද, තනු නිර්මාණ හා හඩ පෞර්ෂයේ තිබෙන අප හදවත් තෙත් කිරීමේ හැකියාවයි... මා ඔබට ලබාදෙන ගීත දෙකෙහි මා පවසන කාරණා සමග ඒ ගීතවල ප්‍රධාන චරිතවලට ගැලපෙන පරිදි සංගීතය, පද හා කටහඩ යොදාගෙන ඇති සුන්දරත්වය ඔබම රසවිදින්න...

    යාළුවෙක් මීට පෙර පවසා තිබුණා ලෝකයේ පහලවූ සුන්දරම අමරණීයවූ ප්‍රේමවන්තයින් දෙපල ගැන.... වෙන කවුරුවත් නෙමෙයි අපේ බුදු හිමියන් හා යසෝධරාවන්....

    සිදුහත් කුමාරයා ගිහිගෙය අත්හැරල ගියේ යසෝධරාවට රාහුල කුමරු උපන් රාත්‍රියේමයි... “රාහුලෝ ජාතං බන්ධනං ජාතං” කියල උන්වහන්සේ කීවේ... ඒ කියන්නෙ රාහුලගේ ඉපැදීමෙන් බැදීමක් ඇතිඋනා කියන එකයි... ඒ බන්ධනය වර්ධනය වෙන්ට කලින් මිදෙන්න ඕනි නිසා තමයි රහසේම නික්මුනේ....

    නමුත් දැන් යසෝධරාවන්ට ඒ දුක විදින්න පුළුවන්ද.... ඇයට රාහුලව දීල සිදුහත් කුමරු ගිහින්... බෝසත් කෙනෙක් උනත් ඇයට බෝසතාණන් වහන්සේ කියන්නෙ සිය සැමියා.... ඉතින් බලන්න ඇයට මේවගේ අදහසක් සිතිනෙ එක වැරදිද කියලා.....? ඇය මෙහිදී සිතන දේවල් කොතරම් නම් අහිංසකද....? ඇය රජ කුමාරිකාවක් උනත් සාමාන්‍ය හැගීම් දැනීම් තිබෙන ගැහැණියක් නොවෙද...? ඉතින් ඇය සිතනවා මේ විදියට.....

    මහා අභිනිෂ්ක්‍රමණය සමග යශෝධරාවන්ගේ වැලපීම....
    11-416x500.jpg

    නොකියාම එදා ඇසළ මහේ සඳ ඇති පායා
    මහ රෑක මොකෝ යන්න ගියේ මා හැරදාලා...//

    නින්දේය එදා හිමි ඔබ යනවිට මා උන්නේ
    දැනුණානම් පැනයන බව නෑ යන්නට දෙන්නේ...//

    මේ මාළිගයේ...
    මේ මාළිගයේ දැන් මට මොන සැපතද ඇත්තේ
    මා තාම නැතේ සඳළු තලෙන් පහලට බැස්සේ
    පොඩි රාහුල පුතු හා මට දුක් ගින්දර දිලා
    ගියෙ ඇයිද තපස් රැකුමට සිදුහත් හිමි රජා

    සන්සාර සැපේ කළකිරුණලු ඇත්තද ඒක
    සිදුවීද නැතොත් මාගෙන් වරදක් කිසි දාක...//

    ගලවාල දමා...
    ගලවාල දමා කණකර අබරණ හැමදාක
    වැළපේවි යසෝදරා සොහොන් පිටියකි මේක
    නින්දාව නිසා කපිලවස්තු පුර බැහැ ඉන්න
    නොපමාවම ඇවිදින් අපවද ඔහි ගෙනියන්න

    මෙහෙම පවසලා පාඩුවේ සිටි බිරිදක් නෙමේ යශෝධරාව කියන්නේ.... බෝසතාණන් වහන්සේ කහ සිවුරක් ඇදගෙන ඉන්නෙ කියල ආරංචි උනාම ඇයත් කහපාටින් ඇදගෙන ජීවත් උනා.... බෝසතාණන් වහන්සේ භාවනා කරනවා කියල දැනගත්තම ඇයත් බාවනා කලා... ආභරණ පැලදීම ප්‍රතික්ෂේප කලා.... බෝසතාණන් වහන්සේ දුෂ්කර ජීවිතියක් ගෙවනවා කියලා සැල උනාම ඇයත් දියර වර්ග විතරක් පාවිච්චි කරමින් ජීවත් වෙන්න උනා... බෝසතාණන් වහන්සේ වසර ගණනක් බෝ ගහක්යට ඉන්නවා කියල සැල උනාම ඇයත් සිය කාමරයෙන් එළියට නෑවිත් ජීවත් වෙන්න උනා.... කෙතරම් නම් කැපකිරීමක් ද....?

    මෙහෙම කාලය ගෙවෙද්දි අපේ බෝසතාණන් වහන්සේ උතුම් වූ බුද්ධත්වය ලගත්ත.... ඉතින් කාලෙකට පස්සෙ උන්වහන්සේ පැමිණියා රජ මැදුරට... සුද්ධෝධන රජු ඇතුළු හැමෝම හිටියත් යශෝධරාව පහලට පැමිණියේ නෑ... ඇය සිය කාමරයේ... ඔබම හිතන්න මෙච්චර සිය සැමියා වෙනුවෙන් කැප කිරීම් කරපු ඇය කාමරයට වෙලා ඉන්න ඇත්තෙ කොතරම් නම් දුකක් හිතේ තියාගෙනද... ඇය බුදු හිමි බලන්න පැමිණියේ නෑ.... දුක වැඩිකමටම සහ ආදරේ වැඩි කමටම ඇයට පහලට එන්න ශක්තියක් නැතිව ඇති......

    නමුත් අපේ බුදු හිමියන් සුද්ධෝධන රජතුමා සමගින් ඇය සිටි කුටිය වෙත වැඩම කලා... බුදු කෙනෙක් උනත් මේ ඇයගේ සැමියා... ඇය බුදු හිමි දුටු ගමන් හදවතේ ආදරය සියලුම බැදීම් වලට වඩා වැඩි උනා... ඇයට ඇයම පාලනය කරගන්න බැරිව දුවගෙන ඇවිත් බුදු හිමිගේ පාද මත වැටුනා.... බුදු හිමිගේ ශ්‍රී පාදය ඉබිමින් ඇය අඩා වැටෙනවා මෙතෙක් කල් දරාගෙන සිටි දුක පිට කරමින්... බුදු හිමියන්ගේ ශ්‍රී පාදය තෙත් වෙනවා ඇයගේ කදුළු වලින්. සුද්ධෝධන රජතුමා මෙය එතරම් හොද වැඩක් නොවෙයි මේ බුදු කෙනෙක්නේ කියල හිතනවා.......

    බුදු හිමියන් එවිට පවසනවා මහ රජ මේ බවයේ නෙමෙයි ලේන කුලයේ ඉදලම සෑම ආත්මයකම මේ උත්තමාවිය මගේ බිරිද... ඇයට අඩන්නට ඉඩ දෙන්න... ඇය මගේ ලග සෙවනැල්ලක් වගේ හැම බවයකම සිටියා.... මට ඇය වැනි උතුම් බිරිදක් නොලැබුනේ නම් මා හට එකදු පාරමිතාවක්වත් පුරන්නට ලැබෙන්නේ නෑ.... ඇය අඩන්නේ මේ භවයේ ඇතිවූ දුකට නොවෙයි... හැම ආත්මයකම මගේම බිරිද වෙලා ජීවත් වෙන්න පැතූ මේ උතුම් කාන්තාව දන්නව ඒ පැතුම මේ බවයෙන් අවසන් කියල.... ඇය අඩන්නේ ඒ සංසාරගත බැදීමේ පුරුද්දට..... සසර පුරා අපි අත්වැල් බැද ආ ගමන මේ බවයෙන් අවසන්. ඒ දුකටයි මැය වැලපෙන්නේ.....

    යශෝධරාවන්ගේ ගුණ වර්ණනා කිරීම...

    ලා දළු බෝපත් සෙමින් සැලෙන සේ යසෝදරා දේවී
    වාවනු බැරි තැන රහසේ හැඬුවා
    පෙර සංසාරේ ඇසුර මතක් වී
    ලා දළු බෝපත් සෙමින් සැලෙන සේ

    ලේන කුලේ සිට ආ ගිය මග තොට
    සිටියා නොසැලෙන පහන් ටැඹක් වී
    නිවන් දකින තුරු මේ සංසාරේ
    පසුපස ආවා සෙවනැල්ලක් වී

    තැලී සෙනේ සිත සැලී හඬන විට
    වැටී දෙපා ළඟ යසෝදරාවෝ
    පිපී නිවන් මල් සාදුකාර දී
    නිවී පහන් විය උදෑසනක් සේ

    ගායනය-කරුණාරත්න දිවුල්ගනේ
    පද රචනය-රඹුකන සිද්ධාර්ථ හිමි
    තනුව-එච්.එම්.ජයවර්ධන

    මා පෙර පැවසූ පරිදි මේ ගීත දෙකෙහි සංගීත විවිධත්වය... හඩ... ගැන හොදට අවධානය යොමු කලොත් ඔබට වැටහේවි එයින් මේ චරිත දෙක නිරූපණය කිරීමට උත්සාහකර ඇති බව. පළමු ගීතයනම් හින්දි තනුවක් එහි පද තමා ඉතාම සුන්දර... නමුත් මට අවැසි උනේ දෙවැනි ගීතයට සැසදීමක් කලහැකි ගීතයක් ගෙන ඒමටයි... මගේ අදහස අනුව ලාදළු බෝතපත් ගීතයට ඉතාම ගැලපෙන ගීතය නොකියාම එදා ගීතය බැවින් ඔබවෙත විචාරය සදහා ගෙන ආවා... තවත් ගීතයකින් හමුවෙමු...
     
    Last edited:

    බුදු හිමියන් යශෝධරාවන් වර්ණනා කිරීම...

    ගොඩක් ස්තූතියි:):)
     
    Last edited:

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    කෙල්ලෙකුයි කොල්ලෙකුයි සංසාර ගානක් පතාගෙන ආපු භාවමය හැගීමක ප්‍රතිථලය විදිහට ආදරය හැදින්නුවොත් එහි අග්‍රථලය විදිහට විවාහය හදුන්වන්න පුලුවන්. ජීවිතේ ලස්සනම කාලෙදි ආදරෙන් බැදිලා... ඒ සුන්දර ජීවිතේ අවසානය අත් දකිනකං ප්‍රේමයෙන් , සහජීවනයෙන් විවාහ ජීවිතය තුල දිවි ගෙවන අය දැන් කාලෙ ටිකක් අඩු උනත්... මේ ගීතයෙන් කියවෙන්නෙ අන්න ‍එහෙම දෙන්නෙක් ගැන වෙන්න ඕනෙ.
    අඹු සැමි ආද‍රයේ සංඛේතය - දරු සම්පත. ඉතිං මෙන්න මේ දරු දැරියන් අර ආදර වන්තයින් දෙන්නා අතරට ආවහම එයා‍ලගේ පුංචි ලෝකය ටික ටික විශාල වෙන්න ගන්නවා..... අම්මෙක්ට පුංචි පුතෙක් ලැබුනම හිතෙනවලු ලෝකයක් දිනුවා කියලා.... ඉතිං ඒ හින්දා වෙන්න ඇති නේද පොඩ්ඩා නිසා ගෙදර අනිත් එක්කෙනාව එයාට අමතක වෙන්නෙ.... ආදරේ මදිකම නිසා නෙවෙයි... ආදරේ ලබන්න ඕන අනිත් කෙනාටත් ඒක දෙන්න ඕන නිසා...

    කොහොම උනත්... මේ කථාවෙ ලොක්කා... එහෙමත් නැත්තං මහත්තයා නං .. නෝනා හාමිනේගෙ ලගකදි ඉදං වෙච්ච මේ විපර්යාසයට එච්චර කැමති පාටක් පෙන්වන්නෙ නෑ වගේ.....

    එයා උත්සහ කරනවා එයාට එයාගෙ නෝනව මුලින්ම හමු උන ඒ සොදුරු පාසල් සමය ගැන මතක් කරන්න....ලස්සන සුදු ගව්මක් අදං පොත් මිටියක් අරං පාසල වෙත පියනැගපු ඒ ආදරනීය තරුණියව මතක් වෙනවා.... ‍ඒකාලෙ දෙන්නා කථා කරපු හැටි... එහේ මෙහේ ඇවිදපු හැටි මතක් උනා වෙන්නත් පුලුවන්... අනේ.. ඒ කාලෙත් එක්ක බැලුවම එයා ගොඩක් වෙනස්වෙලා නේද කියලා මේ මහත්තයට හිතෙනවා...
    ඒ ඔක්කොටම හේතුව මෙන්න මේ පොඩි පැටියා නේද කියලා මහත්තයට හිතෙනවා.... හැබැයි තරහකින් නම් නෙවෙයි.....

    මේ

    දයාරත්න රණතුංගයන් ගායනා කරන ගීතයක්

    රූං පෙත්ත කැරකෙනවා කෝම් පිට්ටු ඉඳිවෙනවා
    අම්මි නුඹට සුරංගනා කතා කියනවා

    පුංචි පුතේ නුඹ ආපසු
    අම්මි හුඟක් වෙනස් වෙලා එදා වගේ නෑ...
    මාත් එක්ක බොළඳ වඳන් දැන් කියන්නේ නෑ

    සුදු කොට රැළි ගවුම ඇඳන් පාසැල් ගිය කාලේ වගේ
    හිනා වෙන්නේ නෑ
    නුරා රැඳුනු කෝළ බැලුම් දැන් හෙලන්නේ නෑ

    මම අසම කරන ගීතයක්,,මේ ගීතයේ මෙන්න මේ පේලිය ඇරෙන්න අනිත් සේරම මම අද අත්දකිනවා.ගොඩක් ස්තුතියි විචාරයට...(මගේ බිරිද මට මුණ ගැසුනේ රැකියව කරන අතරතුරය););)
    Code:
    සුදු කොට රැළි ගවුම ඇඳන් පාසැල් ගිය කාලේ වගේ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    [FONT=&quot]පීතෘ ප්‍රේමයේ අනුවේදනය.........[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]දරු දුක උහුලා තනිව වැළපෙනා.............[/FONT]

    [FONT=&quot]දරුවන් තුරුල්ලේ ඉන්නා ක‍ලේයා[/FONT]
    [FONT=&quot]දරු සැප තරම් අන් නිවනක් නැතේයා[/FONT]
    [FONT=&quot]දරු ගින්දර වැද හදවත දැවේයා[/FONT]
    [FONT=&quot]දරු දුක තරම් ගින්නක් ලොව නැතේයා[/FONT]

    [FONT=&quot]දරු දුක උහුලා - තනිව වැළපෙනා[/FONT]
    [FONT=&quot]බුදු බව ලබනා - පියවරු වෙසෙනා[/FONT]
    [FONT=&quot]පූජා.........[/FONT]
    [FONT=&quot]පූජාවේවා......!!!!!!!![/FONT]

    [FONT=&quot]මහමෙර වැනි බර සිතින් උහුලනා[/FONT]
    [FONT=&quot]කදුළැලි සමුදුර නෙතින් සගවනා[/FONT]

    [FONT=&quot]මව් ඇති දාටත් සෙනෙහස පුදනා[/FONT]
    [FONT=&quot]මව් නැති දාටත් තුරුලේ රකිනා[/FONT]
    [FONT=&quot]සසර ගෙවෙන තුරු දරුවන් රකිනා[/FONT]

    [FONT=&quot]හෙල සුභාවිත ගීතාවලියෙහි පිය ගුණ ගී ඉතාමත් අල්පය. පියාණෙනි මා නැවත උපන්නොත්, අම්මා සදකි, පියාණෙනි ඔබ මෙතේ බුදුන් ලෙස වැනි අතලොස්සක් වූ පිය ගුණ ගී අතර මා දකින ලෙසට ප්‍රථම ස්ථානයේ වැජඹෙන්නේ ගයාමන් දිසානායක පැබැදූ, ගුණදාස කපුගේ සංගිතවත් කල, ක්‍රිශාන්ත එරන්දක ගායනා කරන “අව්වේ මුතු ඇට වපුරා” ගිතය සහ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් සංගිතවත් කල, ධර්මසිරි ගමගේ පදරචනා කල, පද්ම ශ්‍රී,පණ්ඩිත්, ආචාර්ය අමරදේවයන් ගායනා කරන මේ “දරු දුක උහුලා” නම් පූජා චිත්‍රපටයේ එන ගීතයත්ය.[/FONT]

    [FONT=&quot]ගීතයට පූර්විකාවක් ලෙස ගැයෙන මේ කව බලන්න......[/FONT]

    [FONT=&quot]දාරක ප්‍රේමය සම්, මස්,නහර, ඇට විනිවිද ගොස් ඇට මිදුළුවෙහි ම රැදි පවතින බව කීවෝ මෙයට වසර දෙදහස හත් සියයකට පමන පෙර, සිද්ධාර්ථ ගෞතමයන් ගේ පියාණන් වන සුද්ධෝදන රජතුමන්ය. දරු දුක තරම් ලොව ගින්නක් නැතේයා කියා රචකයා මේ පල කරන්නේ වසර දෙදහස සත්සියයකට පෙර දරු සෙනෙහස පිළිබද ව එතෙක් මෙතෙක් පල කොට ඇති ඒ අතිවිශිෂ්ටතම ප්‍රකාශය නොවේද? [/FONT]
    [FONT=&quot]බොහෝ පියවරුන් ඇත්තෙන් ම මේ ආකාරයේ නොවේද?[/FONT]

    [FONT=&quot]පියවරු බොහෝවිට සිය හැගීම් පිටතට නොපෙන්වති. ඒ ඔවුන් ගේ පුරුෂථාමයට කැළලක් වේ යයි සිතන බැවිනි. නමුත් සත්‍යය නම් බොහෝ පියවරු දරු දුක නිසා තනිව වැළපෙන බවය. ඒ කදුළු කෙදිනකවත් අප නොදකිමු. මා නම් පෞද්ගලිකව සිතන්නේ මෙලොව කිසිදු රුවනකට වඩා ඒ කදුළ වටනා නිසා දෙවියන් ඒ කදුළ අප දකින්නට පෙර ම පැහැරගන්නවා යයි කියාය.[/FONT]

    [FONT=&quot]ඇත්තටම අපේ බොහෝ පියවරුන් මේ ලෙස නොවේද? තමා ප්‍රිය කරන අහර වෙනුවට දරුවන් කැමති අහර ගෙනවිත් දෙන, ඒ තම දරුවන් බුදිනු බලා සැනසෙන පියවරුන් නොවේද අප දකින්නේ. වසර ගනනකින් අළුත් ඇදුමක් නොගෙන තම දරුවන් නව ඇදුමින් සැරසෙනු බලා සැනහෙන පියවරුන් අප දැක නැතිද? දරුවන් ගේ සියලු ම දුක් දොම්නස් තනිවම ඉවසමින්, විදිමින්, දරුවන් ගේ දුක් වලදි උපදනා කදුළු සයුරම නෙත් කෙවෙනි තුළ ම සගවා ගනිමින් දිරිය ම අවිය කොට ගෙන දිවිය සමග සටන් කරන පියවරුන් කොතරම් මග අපට හමුවී ඇත්ද? ඇත්තෙන් ම දරු දුක උහුලා තනිව වැළපෙනා අප පියවරු සුදුසු සම්බුද්ධත්වයට විනා වෙන කවරකටද?[/FONT]

    [FONT=&quot]බොහෝ දරුවන් ළග මවටය. නමුත් මව් ඇති කල ද අප්‍රකාශිතවම සිය දරු පෙම නිසා දිවියෙහි දුක් විදින පියවරු වෙත්. මව් ඇති කලක ඔහු පුදන්නේ සෙනෙහස පමණි. නමුත් මව් නැති දාක ඔහු මව් සේම දරුවන් ඇකයෙහි හොවා මවක මෙන් දරුවන් රකී. ඒ අර සුද්ධෝදන රජු කී සම්, මස්,නහර, ඇට විනිවිද ගොස් ඇට මිදුළුවෙහි ම රැදි පවතින දාරක ස්නේහය නිසාමය. පියවරුන් මේ සසරට බැද තබන හුය වන්නේ මේ පුත්‍ර ස්නේහය මිස අන් කවරක්ද? සිය සසර ගෙවෙන තුරු දරුවන් රකිනා අප පියවරුන් හට මේ ගීතය ඇත්තෙන්ම පූජාර්හ ස්තෝත්‍රයකි.[/FONT]
    [FONT=&quot]අමරදේවයන් ගේ ගායනයේත්, කේමදාසයන් ගේ භාව විරේචක සංගීතයේත් කූඨ ප්‍රාප්තිය ලෙස මා සළකන්නේ මේ ගීතයයි. එසේම වසර ගණනක් ගේය පද රචනා කල, හෙල සුභාවිත ගීතයේ පතාකයෙක් වන ධර්මසිරි ගමගේ මහත්මාණන් ගේ සියළු ම ගේය පද රචනා අතර මම මේ රචනය, කිසිදු පැකිලීමකින් තොරවම මුල් තැන තබමි. මේ ගීතය සුනිල් එදිරිසිංහ සහ නන්දා මාලිනී යන දෙපල ද මේ සංගීතයට ම ගායනා කර ඇත. ඒවායේ ඉහල තත්ත්වයන් සහිත සියළු ම හඩ ගොණු මා සතුය. නමුත් වඩා විශිෂ්ට වූ අමරදේවයන් ගයන මේ ගීතයේ ඉහල මට්ටමක තත්ත්වයේ හඩ ගොනුවක් සොයා ගැනීමට තවම වෙහෙසෙමි. එය ඇති සුධීන් අප ගේ සහ සුභාවිත සංගීතයේ පහන් සංවේග පිනිස එය අප සමග බෙදා හදා ගනිත්වා!!!!!!!![/FONT]

    [FONT=&quot]මේ ගීතයේ අරුත ඔබේ හදවත විදින ආකාරය ගැන දැන ගැනීමට කැමති නම්, ඔබේ පියා ජීවත්ව සිට ඔබ ළග නොමැතිව ගිය දිනයක් පිළිබදව සංකල්පනාවක් උපදවා ගන්න. ඔබ හදවත මේ ගීතයට කීරි ගැසෙන බවට සහ ඒ දිනය ඔබට සිතා ගැනීමටවත් නොහැකිවන බවට මෙන්න පරදු!!!!!!!!!!![/FONT]
     
    පූජා චිත්‍රපටයේ මෙම කොටස නරබන නරබන වාරයක් පාසා ඈස් වලට උනන කදුලු හන්ගගන්නේ අමාරුවෙන්.. ලාන්කීය සිනමාවේ නෑරබූ චිත්‍රපට වලින් සන්වේදීම රන්ගනය.එයටම නොදෙවනි කිබුලාගේ විවරණය. 'මෙන්න නලුවෝ' කියලා තමයි කියන්න තියෙන්නේ.

    සියලුම පියවරුන්ට මෙය උපහාරයක්ම වේවා!
     
    Last edited: