[FONT="]පීතෘ ප්‍රේමයේ අනුවේදනය.........[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]දරු දුක උහුලා තනිව වැළපෙනා.............[/FONT]
[FONT="]දරුවන් තුරුල්ලේ ඉන්නා කලේයා[/FONT]
[FONT="]දරු සැප තරම් අන් නිවනක් නැතේයා[/FONT]
[FONT="]දරු ගින්දර වැද හදවත දැවේයා[/FONT]
[FONT="]දරු දුක තරම් ගින්නක් ලොව නැතේයා[/FONT]
[FONT="]දරු දුක උහුලා - තනිව වැළපෙනා[/FONT]
[FONT="]බුදු බව ලබනා - පියවරු වෙසෙනා[/FONT]
[FONT="]පූජා.........[/FONT]
[FONT="]පූජාවේවා......!!!!!!!![/FONT]
[FONT="]මහමෙර වැනි බර සිතින් උහුලනා[/FONT]
[FONT="]කදුළැලි සමුදුර නෙතින් සගවනා[/FONT]
[FONT="]දරු දුක උහුලා - තනිව වැළපෙනා[/FONT]
[FONT="]බුදු බව ලබනා - පියවරු වෙසෙනා[/FONT]
[FONT="]පූජා.........[/FONT]
[FONT="]පූජාවේවා......!!!!!!!![/FONT]
[FONT="]මව් ඇති දාටත් සෙනෙහස පුදනා[/FONT]
[FONT="]මව් නැති දාටත් තුරුලේ රකිනා[/FONT]
[FONT="]සසර ගෙවෙන තුරු දරුවන් රකිනා[/FONT]
[FONT="]බුදු බව ලබනා - පියවරු වෙසෙනා[/FONT]
[FONT="]පූජා.........[/FONT]
[FONT="]පූජාවේවා......!!!!!!!![/FONT]
[FONT="]හෙල සුභාවිත ගීතාවලියෙහි පිය ගුණ ගී ඉතාමත් අල්පය. පියාණෙනි මා නැවත උපන්නොත්, අම්මා සදකි, පියාණෙනි ඔබ මෙතේ බුදුන් ලෙස වැනි අතලොස්සක් වූ පිය ගුණ ගී අතර මා දකින ලෙසට ප්‍රථම ස්ථානයේ වැජඹෙන්නේ ගයාමන් දිසානායක පැබැදූ, ගුණදාස කපුගේ සංගිතවත් කල, ක්‍රිශාන්ත එරන්දක ගායනා කරන “අව්වේ මුතු ඇට වපුරා” ගිතය සහ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් සංගිතවත් කල, ධර්මසිරි ගමගේ පදරචනා කල, පද්ම ශ්‍රී,පණ්ඩිත්, ආචාර්ය අමරදේවයන් ගායනා කරන මේ “දරු දුක උහුලා” නම් පූජා චිත්‍රපටයේ එන ගීතයත්ය.[/FONT]
[FONT="]ගීතයට පූර්විකාවක් ලෙස ගැයෙන මේ කව බලන්න......[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]දරුවන් තුරුල්ලේ ඉන්නා කලේයා[/FONT]
[FONT="]දරු සැප තරම් අන් නිවනක් නැතේයා[/FONT]
[FONT="]දරු ගින්දර වැද හදවත දැවේයා[/FONT]
[FONT="]දරු දුක තරම් ගින්නක් ලොව නැතේයා[/FONT]
[FONT="]දාරක ප්‍රේමය සම්, මස්,නහර, ඇට විනිවිද ගොස් ඇට මිදුළුවෙහි ම රැදි පවතින බව කීවෝ මෙයට වසර දෙදහස හත් සියයකට පමන පෙර, සිද්ධාර්ථ ගෞතමයන් ගේ පියාණන් වන සුද්ධෝදන රජතුමන්ය. දරු දුක තරම් ලොව ගින්නක් නැතේයා කියා රචකයා මේ පල කරන්නේ වසර දෙදහස සත්සියයකට පෙර දරු සෙනෙහස පිළිබද ව එතෙක් මෙතෙක් පල කොට ඇති ඒ අතිවිශිෂ්ටතම ප්‍රකාශය නොවේද? [/FONT]
[FONT="]බොහෝ පියවරුන් ඇත්තෙන් ම මේ ආකාරයේ නොවේද?[/FONT]
[FONT="]දරු දුක උහුලා - තනිව වැළපෙනා[/FONT]
[FONT="]බුදු බව ලබනා - පියවරු වෙසෙනා[/FONT]
[FONT="]පියවරු බොහෝවිට සිය හැගීම් පිටතට නොපෙන්වති. ඒ ඔවුන් ගේ පුරුෂථාමයට කැළලක් වේ යයි සිතන බැවිනි. නමුත් සත්‍යය නම් බොහෝ පියවරු දරු දුක නිසා තනිව වැළපෙන බවය. ඒ කදුළු කෙදිනකවත් අප නොදකිමු. මා නම් පෞද්ගලිකව සිතන්නේ මෙලොව කිසිදු රුවනකට වඩා ඒ කදුළ වටනා නිසා දෙවියන් ඒ කදුළ අප දකින්නට පෙර ම පැහැරගන්නවා යයි කියාය.[/FONT]
[FONT="]මහමෙර වැනි බර සිතින් උහුලනා[/FONT]
[FONT="]කදුළැලි සමුදුර නෙතින් සගවනා[/FONT]
[FONT="]දරු දුක උහුලා - තනිව වැළපෙනා[/FONT]
[FONT="]බුදු බව ලබනා - පියවරු වෙසෙනා[/FONT]
[FONT="]ඇත්තටම අපේ බොහෝ පියවරුන් මේ ලෙස නොවේද? තමා ප්‍රිය කරන අහර වෙනුවට දරුවන් කැමති අහර ගෙනවිත් දෙන, ඒ තම දරුවන් බුදිනු බලා සැනසෙන පියවරුන් නොවේද අප දකින්නේ. වසර ගනනකින් අළුත් ඇදුමක් නොගෙන තම දරුවන් නව ඇදුමින් සැරසෙනු බලා සැනහෙන පියවරුන් අප දැක නැතිද? දරුවන් ගේ සියලු ම දුක් දොම්නස් තනිවම ඉවසමින්, විදිමින්, දරුවන් ගේ දුක් වලදි උපදනා කදුළු සයුරම නෙත් කෙවෙනි තුළ ම සගවා ගනිමින් දිරිය ම අවිය කොට ගෙන දිවිය සමග සටන් කරන පියවරුන් කොතරම් මග අපට හමුවී ඇත්ද? ඇත්තෙන් ම දරු දුක උහුලා තනිව වැළපෙනා අප පියවරු සුදුසු සම්බුද්ධත්වයට විනා වෙන කවරකටද?[/FONT]
[FONT="]මව් ඇති දාටත් සෙනෙහස පුදනා[/FONT]
[FONT="]මව් නැති දාටත් තුරුලේ රකිනා[/FONT]
[FONT="]සසර ගෙවෙන තුරු දරුවන් රකිනා[/FONT]
[FONT="]බුදු බව ලබනා - පියවරු වෙසෙනා[/FONT]
[FONT="]බොහෝ දරුවන් ළග මවටය. නමුත් මව් ඇති කල ද අප්‍රකාශිතවම සිය දරු පෙම නිසා දිවියෙහි දුක් විදින පියවරු වෙත්. මව් ඇති කලක ඔහු පුදන්නේ සෙනෙහස පමණි. නමුත් මව් නැති දාක ඔහු මව් සේම දරුවන් ඇකයෙහි හොවා මවක මෙන් දරුවන් රකී. ඒ අර සුද්ධෝදන රජු කී සම්, මස්,නහර, ඇට විනිවිද ගොස් ඇට මිදුළුවෙහි ම රැදි පවතින දාරක ස්නේහය නිසාමය. පියවරුන් මේ සසරට බැද තබන හුය වන්නේ මේ පුත්‍ර ස්නේහය මිස අන් කවරක්ද? සිය සසර ගෙවෙන තුරු දරුවන් රකිනා අප පියවරුන් හට මේ ගීතය ඇත්තෙන්ම පූජාර්හ ස්තෝත්‍රයකි.[/FONT]
[FONT="]අමරදේවයන් ගේ ගායනයේත්, කේමදාසයන් ගේ භාව විරේචක සංගීතයේත් කූඨ ප්‍රාප්තිය ලෙස මා සළකන්නේ මේ ගීතයයි. එසේම වසර ගණනක් ගේය පද රචනා කල, හෙල සුභාවිත ගීතයේ පතාකයෙක් වන ධර්මසිරි ගමගේ මහත්මාණන් ගේ සියළු ම ගේය පද රචනා අතර මම මේ රචනය, කිසිදු පැකිලීමකින් තොරවම මුල් තැන තබමි. මේ ගීතය සුනිල් එදිරිසිංහ සහ නන්දා මාලිනී යන දෙපල ද මේ සංගීතයට ම ගායනා කර ඇත. ඒවායේ ඉහල තත්ත්වයන් සහිත සියළු ම හඩ ගොණු මා සතුය. නමුත් වඩා විශිෂ්ට වූ අමරදේවයන් ගයන මේ ගීතයේ ඉහල මට්ටමක තත්ත්වයේ හඩ ගොනුවක් සොයා ගැනීමට තවම වෙහෙසෙමි. එය ඇති සුධීන් අප ගේ සහ සුභාවිත සංගීතයේ පහන් සංවේග පිනිස එය අප සමග බෙදා හදා ගනිත්වා!!!!!!!![/FONT]
[FONT="]මේ ගීතයේ අරුත ඔබේ හදවත විදින ආකාරය ගැන දැන ගැනීමට කැමති නම්, ඔබේ පියා ජීවත්ව සිට ඔබ ළග නොමැතිව ගිය දිනයක් පිළිබදව සංකල්පනාවක් උපදවා ගන්න. ඔබ හදවත මේ ගීතයට කීරි ගැසෙන බවට සහ ඒ දිනය ඔබට සිතා ගැනීමටවත් නොහැකිවන බවට මෙන්න පරදු!!!!!!!!!!![/FONT]

කියන්න දෙයක් නෑ හැමදාම වගේ උපරිමයි..