[FONT="]මේ අපට දුර පියෙකු ගැනය.......[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]අව්වේ මුතු ඇට වපුරා.................[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]අව්වේ මුතු ඇට වපුරා - ඒ මුතු පනමට හරවා[/FONT]
[FONT="]අපේ කුසේ ගිනි නිවලා නුඹ කුස ගින්නේ[/FONT]
[FONT="]ඉද හිනැහෙන්නේ අපෙ අප්පච්චී[/FONT]
[FONT="]නුඹ කුසගින්නේ අපෙ අප්පච්චී..................[/FONT]
[FONT="]අපා දෙපා සිව්පාවුන් - ගෙන එන විණ වළකන්නට[/FONT]
[FONT="]සනසා නුඹ අප වටකර දඩු වැට වෙච්චී[/FONT]
[FONT="]මහ කැලේට ඇස් මානා අපෙ අප්පච්චී............[/FONT]
[FONT="]ජීවිතයේ බඹර හෙලේ - පැණි හොයලා රූටන්නේ[/FONT]
[FONT="]හිත හයියට කළ වැල් පොට වරපට වෙච්චී[/FONT]
[FONT="]විරිය පාරමිතා පුරන අපෙ අප්පච්චී..............[/FONT]
[FONT="]සුභාවිත ගීතයේ ඉදිරියෙන් ම වැජඹෙන පිය ගුණ ගීත දෙකක් මා විස්වාස කරන අයුරින් පවතින බව මම ඔබට එම ගීත දෙකෙහි මුල් තැන තිබෙන ගීතය වන “දරු දුක උහුලා” ගීතය පිළිබද රස මං සොයාගිය ලිපියෙහි පැවසූයෙමි. මේ එවන් ගීත අතලොස්සේ දෙවන තැන ඇති යයි මා විශ්වාස කරන ගීතයයි. මේ ගීතය මදක් අපෙන් දුරස් වූ අත්දැකීමක් ගෙන එන නිසා දෝ හෝ රසවිදීමට යම් බාධාවක් ගෙන එයි. එනිසා ම මෙම හුය කියවන අපේ සාධු ජනයා ගේ පහන් සංවේග පිණිසම මේ ගීතයේ පසුබිම සහ රසවින්දනය පිළිබද මගේ අදහස මෙසේ මෙහි හොවමි.[/FONT]
[FONT="]ගීතය ලියවී ඇත්තේ අපට මදක් දුර වූ භූ මානව අර්ථයකින්ය. ගීතයට ප්‍රස්තූතය වන්නේ නුවර කලාවියේ වියළි කටුක පරිසරයක සිය සුතඹුවන් වැර වෑයමින් රකිනා පියෙකු පිලිබදවය. ඒ පියා අප මේ ගෙන්දම් පොළවේ දකින පියා සේම සිය දරුවන් වෙනුවෙන් අප්‍රමාණ වූ කැපකිරිම් කරමින් දහඩිය වගුරුවයි.[/FONT]
[FONT="]අව්වේ මුතු ඇට වපුරා - ඒ මුතු පනමට හරවා[/FONT]
[FONT="]අපේ කුසේ ගිනි නිවලා නුඹ කුස ගින්නේ[/FONT]
[FONT="]ඉද හිනැහෙන්නේ අපෙ අප්පච්චී[/FONT]
[FONT="]නුඹ කුසගින්නේ අපෙ අප්පච්චී..................[/FONT]
[FONT="]නුවර කාලාවියේ ගැමියන් ගේ ප්‍රධාන ජීවිකාව මහපොලෙව සමග හරි හරියට ඔට්ටු වෙමින් කෘෂිකර්මයෙහි යෙදීමය. රචකයා මේ කාෂ්ඨ පොලව සමග ඔවුන් කරන ගණුදෙනුව පලමු පදයෙන්ම ගෙන හැර පාන්නේ තම අප්පච්චී අව්වේ තම දහඩිය මුතු ඇට වපුරන බව කියමිනි. කොතරම් මනරම්, හදවතෙහි ගැඹුරෙහිම ඇනෙන උපමාවක් ද මේ. අප්පච්චි අවුවේ වපුරන මුතු ඇට, අස්වැන්න ලෙස ගෙන පනමට හුවමාරු කරයි. නමුත් ඒ “පනම” වචනයේ අර්ථයෙන් ම “පනමකි”, එනම් සොච්චම් මුදලකි. රචකයා නුවර කලාවයේ ගොවියන් ගේ සදාකාලික අර්බුදය වන අස්වැන්න කුණු කොල්ලයට විකිණෙන ඛේදවාචකය මෙයින් මොනවට ඉදිරිපත් කරයි. මා මෙම රචනය අප සුභාවිත ගීයෙහි පිය ගුණ ගී අතර මුල් පෙලක රදවන්නේ පළමු පද දෙකෙන් ම පමණක්, පියෙකු ගේ වෙර පමනක් නොව සමාජ අසාධාරණය ද තත්ත්වාකාරයෙන්, අතිශෝක්තියෙන් තොරව රසික මනස තුළ ගින්නක් කොට අවුලවන මේ දක්ෂ-පක්ෂ භාවය නිසාමය. මෙසේ සියලු ම අසාධාරණකම් හමුවේදීත් තම දහඩිය වෙනුවෙන් ලබන සොච්චමින් ඔහු තම දරුවන් ගේ කුසගිනි නිවාලයි. නමුත් ඒ සියළු ම දෙනා ගේ කුස් පිරවීමට තරම් පමන නැත. එනිසා ම මේ අප්පච්චි කුසගින්නේය. නමුත් ඔහු කුසගින්නේ හිද වුවද තම දරුවන් ගේ කුස් පිරවෙනු බලා හිනැහෙයි. තම කුසගිනි දාරක ප්‍රේමයේ මහිමය නිසා ම ඔහුට නොනැගේ. සොයුරනි, බහුතරයක් අප පියවරුන් මේ අප්පච්චී පසුපස සිටින බව ඔබට පෙනෙන්නේද?[/FONT]
[FONT="]අපා දෙපා සිව්පාවුන් - ගෙන එන විණ වළකන්නට[/FONT]
[FONT="]සනසා නුඹ අප වටකර දඩු වැට වෙච්චී[/FONT]
[FONT="]මහ කැලේට ඇස් මානා අපෙ අප්පච්චී............[/FONT]
[FONT="]දරුවන් හට එන ආපත්ති-විපත්ති වලින් උන් වලකාලීමට මේ අප්පච්චි, නුවර කලාවියේ හේනක් වටා දැඩිව බදින දඩු වැටකට රචකයා උපමා කරයි. ඒ දරුවන් හට “අපා-දෙපා-සිවුපා” සියලු ම “සතුන්” ගෙන් වන විපත්ති වලට රැහැණිවය. මේ සමාජය මහ කැලයක් ලෙස දකින රචකයා, එහි සතුන් ගෙන් වන විපත් ගැන නිතොරව ම සෝදිසියෙන් සිටින තම පියා මේ මහා සමාජ වනයට ඇස් මානාගෙන හිදින බව දක්වන්නේ, පියෙකු ගේ ආරක්ෂාව තරම් අන්අස්වැසිල්ලක් දරුවන් හට නැති බව පසක් කරදෙමිනි.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ජීවිතයේ බඹර හෙලේ - පැණි හොයලා රූටන්නේ[/FONT]
[FONT="]හිත හයියට කළ වැල් පොට වරපට වෙච්චී[/FONT]
[FONT="]විරිය පාරමිතා පුරන අපෙ අප්පච්චී..............[/FONT]
[FONT="]මේ පියා පුරන්නේ බෝසත් වරුන් බුද්ධත්වය පතා කරන වීර්යය පාරමිතාව බව ය රචකයා පවසන්නේ. ඊට ඔහු යොදනා උපමාව වර්ණනාවිෂයක්‍රාන්තය. ජීවිතය බඹර හෙලක් බව ඔහු කියයි. බඹරුන් වද බදින්නේ මහා ගිරි කුළු ප්‍රපාත වලය. මේ බඹර වද වල බඹර පැනි ගැරිමට යන්නෝ උස් ගිරි පව්වේ උඩ සිට තනි වැල් පොටකින් එල්ලී පහලට රූටති. බඹර කපන්නා ගේ එකම වහල සහ පිලිසරණ මේ වැල්පට ම පමනි. මේලෙස ජීවිතය අනතුරේ හොවා බඹර කපන්නෙකුට තම අප්පච්චි උපමා කරන රචකයා, ඔහු ගේ එකම රැකියාව වන ගොවිතැන, දුර්වල කළ වැල් පොටක් බදු එකම ජීවිකාව, හයිය හත්තිය ඇති මීමුන් ආංබාං කරන වර පොටකට පෙරලා ගෙන ඇති බව කියන මේ පද දෙක, අප තුල ඇති කරන්නේ අප පියවරුන් ගැන අප හද තුළ ඇති අප්‍රකාශිත සෙනෙහසට විරේචකයක් නොවේද?[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]පිය සෙනෙහසක් පිලිබදව මෙතරම් අර්ථරූපී, භාවරූපී රචනයක් ගෙන ආ විශිෂ්ටතම ගේය පද රචකයෙකු වන මහින්ද දිසානායකයන් ගේ පුත් ගයාමන් දිසානායකයන් හට ද, පොහොසත් සංගිතයක් මේ ගීයට ලබා දුන් අභාවප්‍රාප්ත ගුණදාස කපුගේ සහෘදයාණන් හටද, ගීතය ගයන ක්‍රිෂාන්ත එරන්දක හටද සුභාවිත හෙළ ගීතයේ ප්‍රගමනය ප්‍රාර්ථනා කරන ඔබ අප සැම ගේ ප්‍රණාමයද, පිං පෙත් අනුමෝදනාවද විය යුතු බව හගිමි.[/FONT]
pattai kiyanna wachana ne...








