සුන්දර ගීයක ඇරබුම,..

hrm

Well-known member
  • Mar 19, 2008
    5,989
    3,448
    113
    Battaramulla, Sri Lanka
    [FONT=&quot]මේ අපට දුර පියෙකු ගැනය.......[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]අව්වේ මුතු ඇට වපුරා.................[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]අව්වේ මුතු ඇට වපුරා - ඒ මුතු පනමට හරවා[/FONT]
    [FONT=&quot]අපේ කුසේ ගිනි නිවලා නුඹ කුස ගින්නේ[/FONT]
    [FONT=&quot]ඉද හිනැහෙන්නේ අපෙ අප්පච්චී[/FONT]
    [FONT=&quot]නුඹ කුසගින්නේ අපෙ අප්පච්චී..................[/FONT]

    [FONT=&quot]අපා දෙපා සිව්පාවුන් - ගෙන එන විණ වළකන්නට[/FONT]
    [FONT=&quot]සනසා නුඹ අප වටකර දඩු වැට වෙච්චී[/FONT]
    [FONT=&quot]මහ කැලේට ඇස් මානා අපෙ අප්පච්චී............[/FONT]

    [FONT=&quot]ජීවිතයේ බඹර හෙලේ - පැණි හොයලා රූටන්නේ[/FONT]
    [FONT=&quot]හිත හයියට කළ වැල් පොට වරපට වෙච්චී[/FONT]
    [FONT=&quot]විරිය පාරමිතා පුරන අපෙ අප්පච්චී..............[/FONT]

    [FONT=&quot]සුභාවිත ගීතයේ ඉදිරියෙන් ම වැජඹෙන පිය ගුණ ගීත දෙකක් මා විස්වාස කරන අයුරින් පවතින බව මම ඔබට එම ගීත දෙකෙහි මුල් තැන තිබෙන ගීතය වන “දරු දුක උහුලා” ගීතය පිළිබද රස මං සොයාගිය ලිපියෙහි පැවසූයෙමි. මේ එවන් ගීත අතලොස්සේ දෙවන තැන ඇති යයි මා විශ්වාස කරන ගීතයයි. මේ ගීතය මදක් අපෙන් දුරස් වූ අත්දැකීමක් ගෙන එන නිසා දෝ හෝ රසවිදීමට යම් බාධාවක් ගෙන එයි. එනිසා ම මෙම හුය කියවන අපේ සාධු ජනයා ගේ පහන් සංවේග පිණිසම මේ ගීතයේ පසුබිම සහ රසවින්දනය පිළිබද මගේ අදහස මෙසේ මෙහි හොවමි.[/FONT]

    [FONT=&quot]ගීතය ලියවී ඇත්තේ අ‍පට මදක් දුර වූ භූ මානව අර්ථයකින්ය. ගීතයට ප්‍රස්තූතය වන්නේ නුවර කලාවියේ වියළි කටුක පරිසරයක සිය සුතඹුවන් වැර වෑයමින් රකිනා පියෙකු පිලිබදවය. ඒ පියා අප මේ ගෙන්දම් පොළවේ දකින පියා සේම සිය දරුවන් වෙනුවෙන් අප්‍රමාණ වූ කැපකිරිම් කරමින් දහඩිය වගුරුවයි.[/FONT]

    [FONT=&quot]අව්වේ මුතු ඇට වපුරා - ඒ මුතු පනමට හරවා[/FONT]
    [FONT=&quot]අපේ කුසේ ගිනි නිවලා නුඹ කුස ගින්නේ[/FONT]
    [FONT=&quot]ඉද හිනැහෙන්නේ අපෙ අප්පච්චී[/FONT]
    [FONT=&quot]නුඹ කුසගින්නේ අපෙ අප්පච්චී..................[/FONT]

    [FONT=&quot]නුවර කාලාවියේ ගැමියන් ගේ ප්‍රධාන ජීවිකාව මහපොලෙව සමග හරි හරියට ඔට්ටු වෙමින් කෘෂිකර්මයෙහි යෙදීමය. රචකයා මේ කාෂ්ඨ පොලව සමග ඔවුන් කරන ගණුදෙනුව පලමු පදයෙන්ම ගෙන හැර පාන්නේ තම අප්පච්චී අව්වේ තම දහඩිය මුතු ඇට වපුරන බව කියමිනි. කොතරම් මනරම්, හදවතෙහි ගැඹුරෙහිම ඇනෙන උපමාවක් ද මේ. අප්පච්චි අවුවේ වපුරන මුතු ඇට, අස්වැන්න ලෙස ගෙන පනමට හුවමාරු කරයි. නමුත් ඒ “පනම” වචනයේ අර්ථයෙන් ම “පනමකි”, එනම් සොච්චම් මුදලකි. රචකයා නුවර කලාවයේ ගොවියන් ගේ සදාකාලික අර්බුදය වන අස්වැන්න කුණු කොල්ලයට විකිණෙන ඛේදවාචකය මෙයින් මොනවට ඉදිරිපත් කරයි. මා මෙම රචනය අප සුභාවිත ගීයෙහි පිය ගුණ ගී අතර මුල් පෙලක රදවන්නේ පළමු පද දෙකෙන් ම පමණක්, පියෙකු ගේ වෙර පමනක් නොව සමාජ අසාධාරණය ද තත්ත්වාකාරයෙන්, අතිශෝක්තියෙන් තොරව රසික මනස තුළ ගින්නක් කොට අවුලවන මේ දක්ෂ-පක්ෂ භාවය නිසාමය. මෙසේ සියලු ම අසාධාරණකම් හමුවේදීත් තම දහඩිය වෙනුවෙන් ලබන සොච්චමින් ඔහු තම දරුවන් ගේ කුසගිනි නිවාලයි. නමුත් ඒ සියළු ම දෙනා ගේ කුස් පිරවීමට තරම් පමන නැත. එනිසා ම මේ අප්පච්චි කුසගින්නේය. නමුත් ඔහු කුසගින්නේ හිද වුවද තම දරුවන් ගේ කුස් පිරවෙනු බලා හිනැහෙයි. තම කුසගිනි දාරක ප්‍රේමයේ මහිමය නිසා ම ඔහුට නොනැගේ. සොයුරනි, බහුතරයක් අප පියවරුන් මේ අප්පච්චී පසුපස සිටින බව ඔබට පෙනෙන්නේද?[/FONT]

    [FONT=&quot]අපා දෙපා සිව්පාවුන් - ගෙන එන විණ වළකන්නට[/FONT]
    [FONT=&quot]සනසා නුඹ අප වටකර දඩු වැට වෙච්චී[/FONT]
    [FONT=&quot]මහ කැලේට ඇස් මානා අපෙ අප්පච්චී............[/FONT]

    [FONT=&quot]දරුවන් හට එන ආපත්ති-විපත්ති වලින් උන් වලකාලීමට මේ අප්පච්චි, නුවර කලාවියේ හේනක් වටා දැඩිව බදින දඩු වැටකට රචකයා උපමා කරයි. ඒ දරුවන් හට “අපා-දෙපා-සිවුපා” සියලු ම “සතුන්” ගෙන් වන විපත්ති වලට රැහැණිවය. මේ සමාජය මහ කැලයක් ලෙස දකින රචකයා, එහි සතුන් ගෙන් වන විපත් ගැන නිතොරව ම සෝදිසියෙන් සිටින තම පියා මේ මහා සමාජ වනයට ඇස් මානාගෙන හිදින බව දක්වන්නේ, පියෙකු ගේ ආරක්ෂාව තරම් අන්අස්වැසිල්ලක් දරුවන් හට නැති බව පසක් කරදෙමිනි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ජීවිතයේ බඹර හෙලේ - පැණි හොයලා රූටන්නේ[/FONT]
    [FONT=&quot]හිත හයියට කළ වැල් පොට වරපට වෙච්චී[/FONT]
    [FONT=&quot]විරිය පාරමිතා පුරන අපෙ අප්පච්චී..............[/FONT]

    [FONT=&quot]මේ පියා පුරන්නේ බෝසත් වරුන් බුද්ධත්වය පතා කරන වීර්යය පාරමිතාව බව ය රචකයා පවසන්නේ. ඊට ඔහු යොදනා උපමාව වර්ණනාවිෂයක්‍රාන්තය. ජීවිතය බඹර හෙලක් බව ඔහු කියයි. බඹරුන් වද බදින්නේ මහා ගිරි කුළු ප්‍රපාත වලය. මේ බඹර වද වල බඹර පැනි ගැරිමට යන්නෝ උස් ගිරි පව්වේ උඩ සිට තනි වැල් පොටකින් එල්ලී පහලට රූටති. බඹර කපන්නා ගේ එකම වහල සහ පිලිසරණ මේ වැල්පට ම පමනි. මේලෙස ජීවිතය අනතුරේ හොවා බඹර කපන්නෙකුට තම අප්පච්චි උපමා කරන රචකයා, ඔහු ගේ එකම රැකියාව වන ගොවිතැන, දුර්වල කළ වැල් පොටක් බදු එකම ජීවිකාව, හයිය හත්තිය ඇති මීමුන් ආංබාං කරන වර පොටකට පෙරලා ගෙන ඇති බව කියන මේ පද දෙක, අප තුල ඇති කරන්නේ අප පියවරුන් ගැන අප හද තුළ ඇති අප්‍රකාශිත සෙනෙහසට විරේචකයක් නොවේද?[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]පිය සෙනෙහසක් පිලිබදව මෙතරම් අර්ථරූපී, භාවරූපී රචනයක් ගෙන ආ විශිෂ්ටතම ගේය පද රචකයෙකු වන මහින්ද දිසානායකයන් ගේ පුත් ගයාමන් දිසානායකයන් හට ද, පොහොසත් සංගිතයක් මේ ගීයට ලබා දුන් අභාවප්‍රාප්ත ගුණදාස කපුගේ සහෘදයාණන් හටද, ගීතය ගයන ක්‍රිෂාන්ත එරන්දක හටද සුභාවිත හෙළ ගීතයේ ප්‍රගමනය ප්‍රාර්ථනා කරන ඔබ අප සැම ගේ ප්‍රණාමයද, පිං පෙත් අනුමෝදනාවද විය යුතු බව හගිමි.[/FONT]

    pattai kiyanna wachana ne... :(
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    නෑ මචං එහෙම දෙයක් නෙවෙයි....නමුත් තව අයත් මේකට පෝස්ට් දැමීමට පෙළඹෙන්න ඕන නේද? මොකද "මං පොර" වෙලා හරියන්නේ නෑනේ..........
    අළුතෙන් එන උන්ට ගුරු උපදේශ ලෙස දෙයක් දෙමින්, අළුත් අය මේක පවත්වාගෙන යනු දැකීමයි මගේ සතුට........
    අපි අලුත් පරම්පරාවට ඉඩ දෙන්න ඕන නේද???????????

    ඔව් ඒත්, එළකිරියන් ළඟ කොච්චර වානේ වගේ හැකියාවන් තිබ්බත් ඒ වානේ පන්නරය ලබන්න නම් ඔයාල වගේ අය ඉන්න ඕනෙ දිගටම. :yes:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔබ මතක නැති කරන්නට මට මතකනැති වුනා.....

    කොච්චරනම් ආදරය කලත් අපි බලපොරොත්තුවන විදියටම ජීවිතය ගලාගෙන යන්නෙ නෑ.. හිතන්න අපි හැමදාම උදේට ගුවන්විදුලියෙන් අපි අහනව ඔබේ පැතුම් ඉටුවන සුභම සුබ දවසක් වේවා..! කියල... ඒත් අපි හිතන පතන විදියටම දවස ගෙවෙනවද....? ආදරයත් එහෙමයි අපි අවංකව ආදරය කරනවානම් කරන්නෙ ආයෙ වෙන්වීමක් ගැන හීනෙන්වත් දකින්නෙ නැතිව... කොතරම්නම් අපි සිහින මාලිගා හදනවද...? මුලින්ම ඇය ව හමුවන විදිය...? හමු උනාම හැසිරෙන විදිය...? සම්බන්ධය ගලාගෙන යද්දි ඇය නිසා අපි වෙනස් වෙන විදිය...? කොතරම් නම් සුන්දරද....? සැබැවින්ම ආදරයෙන් වෙලුනොතින් උදේ නින්දෙන් අවදිවූ විගසම අපේ සිහියට එන පලමු වෙනි සිතුවිල්ල තමයි... ඇය.

    මේ වගේ සිය ජීවිතය දෙවැනි කරල ආදරයක් කරල, ඒ ආදරය බිදිල ගියොත් ඇතිවන හැගීම් වචනයට පෙරලන්නෙ කොහොමද...? හිතාගන්නවත් බෑ... ඒත් සිය ආදරවන්තිය තමාව තනිකලාම... තමාව දමා ගියාම... යාළුවො සමාජය ඉස්සරහ බොරුවට දුකක් නෑ වගේ ඉන්න පුළුවන්.. බැරි උනත් කොහොමහරි ඉන්නවා... හිතයටින් ගිණි ගොඩක් හංගගෙන ඉන්නවා... නමුත් අපි මොහොතකට හෝ තනි උනොතින්නම්.... වස බෝතලයක් දෙනවනම් රස කර කර උනත් බීගෙන බීගෙන යන්න පුළුවන්... මේක බොලද කමක් නෙමෙයි.. ඇයට තිබෙන ආදරයේ ප්‍රබලකම.. ඇය නැතිවීමෙන් දැනෙන තනිකමේ වේදනාවේ ප්‍රබලකම. ඒ වේදනාව, තනිකම දරාගන්න හරිම අමාරුයි...

    දකින දකින තැන්වල පෙනෙන්නෙ ඔබේ රූපය... හැම සිදුවීමක්ම ඔබ හා ඉබේම ගැලපෙනවා... කොතරම් මතක නැති කරන්න උත්සාහ කලත් කොහොමද දෙවියනේ මතකනැතිකරන්නෙ... ඔන්න හිතාගන්නව ආයෙ ඔබව මතක්කරන්නෙ නෑ කියල... මොහොතයි හොරෙන්ම හෙමින් හෙමින් ඔයා මගේ සිහියට ඇවිත්... ඇස්කෙවෙණි ලගට කදුලක් එන්න හදනකොට හෝ හයියෙන් කෑ ගහල අඩන්න හිතෙනකොට තමා මතක් වෙන්නෙ මම ආයෙත් ඔයාව සිහිකරනව නේද කියල....?

    ඇස රැදුන රැදුන තැන්වල මුව මඩල හිනහුනා
    ඔබ මතක නැති කරන්නට මට මතකනැති වුනා.....

    මගේ හදවත අසරණවෙලා.... තනි වෙලා... මේ පාලු හදවත නැමති අම්බලමේ දුක නැමති පැදුර එලල තියෙනවා... ඒත් මට එහි නිදියන්න බෑ... මට දුක එපා... ඔයා නැතිව බෑ මට.. ඒ නිසා මම නිදියන්නෙ නෑ.... ඔයා ගැනම සිතමින් මම මුළු රෑම ගෙවන්නම්... මේ රැය කියන එක ලෝකයට උදා නොවෙනවනම්... මට ගෙවාගන්නම ආමාරු කාලය මේ රාත්‍රිය... සිතුවිලිවලට නිදහසේ දුවන්න පුළුවන්නේ... සිතුවිලිත් මාව රිද්දන්නද කොහෙදො දුවන්නෙ ඔයාව සොයාගෙනමයි.... ඒ නිසා මම නිදන්නෙ නෑ... කමක් නෑ... මම නිදන්නෙ නැතිව වේදනා විද විද හරි ඉන්නව.... වෙන මොනව කරන්නද... හිත් තියෙන්නෙ රිදෙන්න නේ.. ඔහේ රිදුනදෙන්...

    දුක් පැදුර දිගැර අලසව ඇත හද ගිමන්හලේ
    නින්දකට නොවැටි තැවි තැවි මුලු රැය පහන්කලේ.

    සිතුවිල ගලනවා ඉවරයක් නෑ... ඔයාව සිහිවෙනවා කෙලවරක් නෑ... මතක ගලාගෙන එනවා අවසානයක් නෑ.... මේ හැම එකකින්ම මගේ ගලන කදුළුවල නිමක් නෑ... ඒ අතරෙදි මට මගේ කණට සියුම් දෝංකාරයක් වගේ හඩක් ඇහෙනවා... මොනවද කියන්නෙ... කවුද ඒ කතාකරන්නෙ... ඔයාද වෙන කවුරුවත්ද...? ඒ හඩ කොහෙන් ආවත් ඇත්ත එයා කියනදේ ඇත්ත... එයා කියනව අනංගයා විදපු මල් හී අපතේ ගියානේද කියලා...? අනංගයාටත් බැරිවෙලා අපි දෙන්නව එක් කරන්න... ඒ තරමටම මම පෙර ආත්මයේ පවක් කරල ඇති... මම එහෙම හිතාගෙනවත් හිත හදාගන්න උත්සාහ කරන්නද...?

    රෑ කවුද හෙමින් එලැඹී මගේ කනට මුවතියා
    මින්දදගෙ දුන්නෙ මලිහී අහකැයි කියා ගියා ..
    .

    ඉතින් කලින් කිවුව වගේ අනංගයාටත් බැරි උනා, මල් හී අපතෙ ගියා කියල හිතාගෙන හිත හදාගන්න මම උත්සාහ කලත් එයත් හරියන්නෙ නෑ වගේ... මේ වේදනාව කොහොමද මම විදින්නෙ... වෙලාවකට හිතෙනවා මුළු ලෝකෙන්ම සැගවිලා යන්න... උඩුහිත නම් මම කියන විදියට අහගෙන නිහඩව ඉන්නවා... ඒත් යටිහිත මට පාලනය කරන්න බෑ... මගේ යටි හිත ඔයා හොරකම් කරල... හරියට පොඩි දරුවෙක් අම්මව සොයනව වගේ... ‍මගේ යටි හිතත් හැම තත්පරයකම ඔයාව විමසනවා... මම මොනව කරන්නද..? මේ ලොකෙන්ම සැගවෙන්න ඕන.. නැතිනම් ඒත් මේ ලෝකෙන්ම සැගවෙන්න ඕනි... ඒත් ඔයාට තිබෙන ආදරයම එයට බාධාවක් වෙලා...

    වැසු විමන් පියන් පියවා සගවන්න මට හිතයි
    උඩු හිතට වැඩිය ඔබ ගැන විමසන්නෙ යටිහිතයි

    හරිම අහින්සක විදියට තමාව දමා ගිය ආදරවන්තිය වෙනුවෙන් අඩා වැටෙන දුක්වෙන ගීතයක්. මේ ගීතයේ තිබෙන විශේෂතා දෙකක් තමයි, අංශු මාත්‍රයකුදු සිය ආදරවන්තිය ගැන අහිතක් හිතන්නෙනෑ.. තනිවම ඉතාම අසරණ ලෙසට තනිවෙලා දුක්වෙනව... අනිත් කාරණය තමයි ගීතයටත් එහා ගිහින් සංගීතය අඩා වැලපෙනවා.. මෙහි එන බටනලා වාදනය සහා වයිලීන් ගිටාර් වාදන අපේ ඇටමස් ලේ නහර විදගෙන යනවා හරියට හී සැරයක් වගේ... අපේ යාළුවො කියවල බලල අදහසක් දෙන්න හොදේ...

    ඇද රැදුන රැදුන තැන්වල මුව මඩල හිනහුනා

    මින්දදගෙ දුන්නෙ මලිහී අහකැයි කියා ගියා ...

    වැසු විමන් පියන් පියවා සගවන්න මට හිතයි
    උඩු හිතට වැඩිය ඔබ ගැන විමසන්නෙ යටිහිතයි......

    මේ විරහව තනිකම උරුම පෙම්වතුන්ට විතරක් නෙමෙයි... මේ දුක ගැහැණු පිරිමි දෙපක්ෂටම පොදුයි... පිරිමෙයෙක් ඉහතින් සදහන් කල විදියට හරිම අහින්සක විදියට අඩා වැටෙද්දි... ආදරෙන් පැරදුන ප්‍රේමවන්තියක් දුක්වෙනව මුළු ලෝකයම වේදනාවෙන් ගිගුම් දෙන ලෙසට...

    නිදිවර්ජිතව තම අහිමිවූ ආදරේ නාමයෙන් දුක්වෙන ඇය පාළු සීත රාත්‍රියෙන්, නිසලව සිටින ගස් කොලන් වලින්, තරු කැට වලින්, අදුරු අහසින්, මිලාන වූ සදෙන් , පිළිතුරු දෙන්න බැරි ප්‍රශ්ණයක් අහනවා.....

    “ අනේ ඔයාලගෙන් කවුරු හරි මට කියන්න... මගේ සිත ඔහුගේ සුසුම සොයනවා, ඔහුගේ දෙනෙත් සොයනවා... මට තේරෙන්නෙ නෑ... ප්‍රේමය කියන්නේ මොකද්ද මට තේරෙන්නෙ නෑ... ඔයාලවත් මට කියල දෙන්න. මෙහෙම දුක්විදීම ප්‍රේමයද...? ”

    මේ පාළු සීත රාත්‍රියේ ...
    කියා දෙන්න රහසින්...
    ප්‍රේමය නම් කිමැයි කියා....

    Last edited:

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela

    මචං අන්තිම ගීතයට නම් මම පුදුම විදියට ආසයි..ඇයි බන් විරහව ගැනම ලියන්නේ ???:rolleyes::rolleyes:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    සිරා මචන්, මගේ හිතේ සිහින දෙව්දුව තාමත් මගේ මනසේ කොනක ඉදන් හිනාවෙනවා, ඈ මගේ නොවුනත් කවදා හරි මගේම වෙයි කියනවා වගේ...:love::love::love:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මචං අන්තිම ගීතයට නම් මම පුදුම විදියට ආසයි..ඇයි බන් විරහව ගැනම ලියන්නේ ???:rolleyes::rolleyes:
    ආදරයට වඩා කෙනෙක්ගෙ හදවතේ සියුම් අදහස් ස්පර්ෂ වෙන්නේ විරහා දුකේදී..:)
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මචං අන්තිම ගීතයට නම් මම පුදුම විදියට ආසයි..ඇයි බන් විරහව ගැනම ලියන්නේ ???:rolleyes::rolleyes:

    ඉල්ලීම් අනුවනේ ලියන්නෙ බන්... හරි එහෙනම් ඊලග ගීතය වෙනසක් කරන්නම් උඹ කියනවනම්...
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ආදරය සෙනෙහස ප්‍රේමය ගැන කියනවිට අඩුවෙන්ම කතා බහට ලක්වන්නේ සහොදර සෙනෙහස,ප්‍රේමය බව කිව යුතුමය එනමුදු එකම පවුලක සහොදර සහොදරියන් අතර බැදීම සෙනෙහස කෙසෙ නම් අවතක්සේරු කරන්නද.වෙසෙසින්ම පවුලක වැඩිමහල් සොයුරන් සොයුරුයන් සිය බාල සොයුරු සොයුරියන් කෙරෙහි රදවන අපරිමිත සෙනෙහස ප්‍රෙමය සදාකලිකවම විදගන්නට නැගෙනියක් සිය වැඩිමහල් සොයුරා ගැන ගයන්නෙ මෙසේය

    පාරමි දම් පුරමු අප දෙදෙනා මටම අයියන්ඩියක වි ඔබ
    නැගනි වි මා එකම මවි කුස සසර මතුදා උපත ලබනට
    පාරමි දම් පුරමු අප දෙදෙනා............

    කුඩා කල සිටම අපරිමිත් සෙනෙහසකින් තම නැගනිය රැකබලා ගන්නා අය්යන්ඩියගෙ සෙනෙහස විස්තර කරන්නට ඔහු ගැන ආචාර්ය අජන්තා රණසිංහයන් ලියු මෙම ගිතයෙ පලමු අන්තරා කොටස ප්‍රමානවත්ය

    ගවුම් පොඩියක් මටත් අන්දා කොණ්ඩ කරලක් හිස පලන්දා
    යනෙන මාවත දකුනු පැත්තෙන් මාව පාසල් එක්කරන් යන මටම ඔබ අයියන්ඩියක වෙවා ජාති ජාතිත් සංසාරේ

    මෙම ගිතයෙ සුවිශේශම කොටස ඇරබෙන්නෙ මෙතැන් සිටය මෙවන් සෙනෙහසක් සිය නැගනිය කෙරෙහි සොයුරා තුල ජනිත වන්නේ කුමක් නිසාද ඔවුන් දෙදෙනම එකම මවකගෙ එකම පියෙකුගෙ ලෙ වලින් ජීවය ලැබූවන් නිසාම පමනක් නොව අනන්ත සංසාරේ කිසියම් හො භවයක මොවුන් දෙදෙන ප්‍රේමවන්තයන් වි සිටින්නට ඇති දෛවයෙ සරදමකට එදා ඔවුන්ගේ ප්‍රේම ලොකය බිදී ගියත් හදවත්හී ජනිත වු සෙනෙහස අතීත මතකයන් සමග මුසුවි සොයුරු පෙමක් ලෙසින් අද මල්දරා ඇත අතීත පෙම්වතුන් අද සොයුරු සොයුරියන්ය. දිනෙක නැගෙනිය ලොකු මහත් වි කුල ගෙයින් නිකිමි යන මොහොතෙ ඔවුන්ගේ ප්‍රේමය සිහිනයක් ලෙස බොදවි යාවි ප්‍රේමයෙ අප නොසිතනා මානයක් කරා අජන්තා රනසිංග ශුරින් අපව රැගෙන යන්නේ මෙ පද හතරින්ය

    ලමා විය ඉක්මවා දවසක පංච කල්යානියක වි මා
    සිරිත් ලෙස කුල ගෙයට යනදා හිනයක් සේ මතක් වෙයි මට
    අපෙ අසරන බිදුනු පෙම් ලෝකෙ පූර්ව ආත්මෙක සංසාරේ

    ප්‍රේමයෙ අප නොසිතනා මානයක් කරා අජන්තා රනසිංග ශුරින් අපව
    රැගෙන යන්නේ මෙ පද හතරින්ය

    ..........

    අපෙ අසරන බිදුනු පෙම් ලෝකෙ පූර්ව ආත්මෙක සංසාරේ.........

    ගායනය- නිලා වික්‍රමසිංහ
    පද රචනය- ආචාර්ය අජන්තා රණසිංහ

    :(:(:(

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    ඔබ මතක නැති කරන්නට මට මතකනැති වුනා.....

    කොච්චරනම් ආදරය කලත් අපි බලපොරොත්තුවන විදියටම ජීවිතය ගලාගෙන යන්නෙ නෑ.. හිතන්න අපි හැමදාම උදේට ගුවන්විදුලියෙන් අපි අහනව ඔබේ පැතුම් ඉටුවන සුභම සුබ දවසක් වේවා..! කියල... ඒත් අපි හිතන පතන විදියටම දවස ගෙවෙනවද....? ආදරයත් එහෙමයි අපි අවංකව ආදරය කරනවානම් කරන්නෙ ආයෙ වෙන්වීමක් ගැන හීනෙන්වත් දකින්නෙ නැතිව... කොතරම්නම් අපි සිහින මාලිගා හදනවද...? මුලින්ම ඇය ව හමුවන විදිය...? හමු උනාම හැසිරෙන විදිය...? සම්බන්ධය ගලාගෙන යද්දි ඇය නිසා අපි වෙනස් වෙන විදිය...? කොතරම් නම් සුන්දරද....? සැබැවින්ම ආදරයෙන් වෙලුනොතින් උදේ නින්දෙන් අවදිවූ විගසම අපේ සිහියට එන පලමු වෙනි සිතුවිල්ල තමයි... ඇය.

    මේ වගේ සිය ජීවිතය දෙවැනි කරල ආදරයක් කරල, ඒ ආදරය බිදිල ගියොත් ඇතිවන හැගීම් වචනයට පෙරලන්නෙ කොහොමද...? හිතාගන්නවත් බෑ... ඒත් සිය ආදරවන්තිය තමාව තනිකලාම... තමාව දමා ගියාම... යාළුවො සමාජය ඉස්සරහ බොරුවට දුකක් නෑ වගේ ඉන්න පුළුවන්.. බැරි උනත් කොහොමහරි ඉන්නවා... හිතයටින් ගිණි ගොඩක් හංගගෙන ඉන්නවා... නමුත් අපි මොහොතකට හෝ තනි උනොතින්නම්.... වස බෝතලයක් දෙනවනම් රස කර කර උනත් බීගෙන බීගෙන යන්න පුළුවන්... මේක බොලද කමක් නෙමෙයි.. ඇයට තිබෙන ආදරයේ ප්‍රබලකම.. ඇය නැතිවීමෙන් දැනෙන තනිකමේ වේදනාවේ ප්‍රබලකම. ඒ වේදනාව, තනිකම දරාගන්න හරිම අමාරුයි...

    දකින දකින තැන්වල පෙනෙන්නෙ ඔබේ රූපය... හැම සිදුවීමක්ම ඔබ හා ඉබේම ගැලපෙනවා... කොතරම් මතක නැති කරන්න උත්සාහ කලත් කොහොමද දෙවියනේ මතකනැතිකරන්නෙ... ඔන්න හිතාගන්නව ආයෙ ඔබව මතක්කරන්නෙ නෑ කියල... මොහොතයි හොරෙන්ම හෙමින් හෙමින් ඔයා මගේ සිහියට ඇවිත්... ඇස්කෙවෙණි ලගට කදුලක් එන්න හදනකොට හෝ හයියෙන් කෑ ගහල අඩන්න හිතෙනකොට තමා මතක් වෙන්නෙ මම ආයෙත් ඔයාව සිහිකරනව නේද කියල....?

    ඇස රැදුන රැදුන තැන්වල මුව මඩල හිනහුනා
    ඔබ මතක නැති කරන්නට මට මතකනැති වුනා.....

    මගේ හදවත අසරණවෙලා.... තනි වෙලා... මේ පාලු හදවත නැමති අම්බලමේ දුක නැමති පැදුර එලල තියෙනවා... ඒත් මට එහි නිදියන්න බෑ... මට දුක එපා... ඔයා නැතිව බෑ මට.. ඒ නිසා මම නිදියන්නෙ නෑ.... ඔයා ගැනම සිතමින් මම මුළු රෑම ගෙවන්නම්... මේ රැය කියන එක ලෝකයට උදා නොවෙනවනම්... මට ගෙවාගන්නම ආමාරු කාලය මේ රාත්‍රිය... සිතුවිලිවලට නිදහසේ දුවන්න පුළුවන්නේ... සිතුවිලිත් මාව රිද්දන්නද කොහෙදො දුවන්නෙ ඔයාව සොයාගෙනමයි.... ඒ නිසා මම නිදන්නෙ නෑ... කමක් නෑ... මම නිදන්නෙ නැතිව වේදනා විද විද හරි ඉන්නව.... වෙන මොනව කරන්නද... හිත් තියෙන්නෙ රිදෙන්න නේ.. ඔහේ රිදුනදෙන්...

    දුක් පැදුර දිගැර අලසව ඇත හද ගිමන්හලේ
    නින්දකට නොවැටි තැවි තැවි මුලු රැය පහන්කලේ.

    සිතුවිල ගලනවා ඉවරයක් නෑ... ඔයාව සිහිවෙනවා කෙලවරක් නෑ... මතක ගලාගෙන එනවා අවසානයක් නෑ.... මේ හැම එකකින්ම මගේ ගලන කදුළුවල නිමක් නෑ... ඒ අතරෙදි මට මගේ කණට සියුම් දෝංකාරයක් වගේ හඩක් ඇහෙනවා... මොනවද කියන්නෙ... කවුද ඒ කතාකරන්නෙ... ඔයාද වෙන කවුරුවත්ද...? ඒ හඩ කොහෙන් ආවත් ඇත්ත එයා කියනදේ ඇත්ත... එයා කියනව අනංගයා විදපු මල් හී අපතේ ගියානේද කියලා...? අනංගයාටත් බැරිවෙලා අපි දෙන්නව එක් කරන්න... ඒ තරමටම මම පෙර ආත්මයේ පවක් කරල ඇති... මම එහෙම හිතාගෙනවත් හිත හදාගන්න උත්සාහ කරන්නද...?

    රෑ කවුද හෙමින් එලැඹී මගේ කනට මුවතියා
    මින්දදගෙ දුන්නෙ මලිහී අහකැයි කියා ගියා ..
    .

    ඉතින් කලින් කිවුව වගේ අනංගයාටත් බැරි උනා, මල් හී අපතෙ ගියා කියල හිතාගෙන හිත හදාගන්න මම උත්සාහ කලත් එයත් හරියන්නෙ නෑ වගේ... මේ වේදනාව කොහොමද මම විදින්නෙ... වෙලාවකට හිතෙනවා මුළු ලෝකෙන්ම සැගවිලා යන්න... උඩුහිත නම් මම කියන විදියට අහගෙන නිහඩව ඉන්නවා... ඒත් යටිහිත මට පාලනය කරන්න බෑ... මගේ යටි හිත ඔයා හොරකම් කරල... හරියට පොඩි දරුවෙක් අම්මව සොයනව වගේ... ‍මගේ යටි හිතත් හැම තත්පරයකම ඔයාව විමසනවා... මම මොනව කරන්නද..? මේ ලොකෙන්ම සැගවෙන්න ඕන.. නැතිනම් ඒත් මේ ලෝකෙන්ම සැගවෙන්න ඕනි... ඒත් ඔයාට තිබෙන ආදරයම එයට බාධාවක් වෙලා...

    වැසු විමන් පියන් පියවා සගවන්න මට හිතයි
    උඩු හිතට වැඩිය ඔබ ගැන විමසන්නෙ යටිහිතයි

    හරිම අහින්සක විදියට තමාව දමා ගිය ආදරවන්තිය වෙනුවෙන් අඩා වැටෙන දුක්වෙන ගීතයක්. මේ ගීතයේ තිබෙන විශේෂතා දෙකක් තමයි, අංශු මාත්‍රයකුදු සිය ආදරවන්තිය ගැන අහිතක් හිතන්නෙනෑ.. තනිවම ඉතාම අසරණ ලෙසට තනිවෙලා දුක්වෙනව... අනිත් කාරණය තමයි ගීතයටත් එහා ගිහින් සංගීතය අඩා වැලපෙනවා.. මෙහි එන බටනලා වාදනය සහා වයිලීන් ගිටාර් වාදන අපේ ඇටමස් ලේ නහර විදගෙන යනවා හරියට හී සැරයක් වගේ... අපේ යාළුවො කියවල බලල අදහසක් දෙන්න හොදේ...

    ඇද රැදුන රැදුන තැන්වල මුව මඩල හිනහුනා
    ඔබ මතක නැති කරන්නට මට මතකනැති වුනා.....

    දුක් පැදුර දිගැර අලසව ඇත හද ගිමන්හලේ
    නින්දකට නොවැටි තැවි තැවි මුලු රැය පහන්කලේ.

    රෑ කවුද හෙමින් එලැඹී මගේ කනට මුවතියා
    මින්දදගෙ දුන්නෙ මලිහී අහකැයි කියා ගියා ...

    වැසු විමන් පියන් පියවා සගවන්න මට හිතයි
    උඩු හිතට වැඩිය ඔබ ගැන විමසන්නෙ යටිහිතයි......

    මේ විරහව තනිකම උරුම පෙම්වතුන්ට විතරක් නෙමෙයි... මේ දුක ගැහැණු පිරිමි දෙපක්ෂටම පොදුයි... පිරිමෙයෙක් ඉහතින් සදහන් කල විදියට හරිම අහින්සක විදියට අඩා වැටෙද්දි... ආදරෙන් පැරදුන ප්‍රේමවන්තියක් දුක්වෙනව මුළු ලෝකයම වේදනාවෙන් ගිගුම් දෙන ලෙසට...

    නිදිවර්ජිතව තම අහිමිවූ ආදරේ නාමයෙන් දුක්වෙන ඇය පාළු සීත රාත්‍රියෙන්, නිසලව සිටින ගස් කොලන් වලින්, තරු කැට වලින්, අදුරු අහසින්, මිලාන වූ සදෙන් , පිළිතුරු දෙන්න බැරි ප්‍රශ්ණයක් අහනවා.....

    “ අනේ ඔයාලගෙන් කවුරු හරි මට කියන්න... මගේ සිත ඔහුගේ සුසුම සොයනවා, ඔහුගේ දෙනෙත් සොයනවා... මට තේරෙන්නෙ නෑ... ප්‍රේමය කියන්නේ මොකද්ද මට තේරෙන්නෙ නෑ... ඔයාලවත් මට කියල දෙන්න. මෙහෙම දුක්විදීම ප්‍රේමයද...? ”

    මේ පාළු සීත රාත්‍රියේ ...
    කියා දෙන්න රහසින්...
    ප්‍රේමය නම් කිමැයි කියා....

    එල කොල්ලෝ එල........
    11.gif
    11.gif
    11.gif

    මට වදන් නැත පවසන්න ..........
    REP
    :D:D:D:D:D
    11.gif
    11.gif
     
    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    ආදරය සෙනෙහස ප්‍රේමය ගැන කියනවිට අඩුවෙන්ම කතා බහට ලක්වන්නේ සහොදර සෙනෙහස,ප්‍රේමය බව කිව යුතුමය එනමුදු එකම පවුලක සහොදර සහොදරියන් අතර බැදීම සෙනෙහස කෙසෙ නම් අවතක්සේරු කරන්නද.වෙසෙසින්ම පවුලක වැඩිමහල් සොයුරන් සොයුරුයන් සිය බාල සොයුරු සොයුරියන් කෙරෙහි රදවන අපරිමිත සෙනෙහස ප්‍රෙමය සදාකලිකවම විදගන්නට නැගෙනියක් සිය වැඩිමහල් සොයුරා ගැන ගයන්නෙ මෙසේය

    පාරමි දම් පුරමු අප දෙදෙනා මටම අයියන්ඩියක වි ඔබ
    නැගනි වි මා එකම මවි කුස සසර මතුදා උපත ලබනට
    පාරමි දම් පුරමු අප දෙදෙනා............

    කුඩා කල සිටම අපරිමිත් සෙනෙහසකින් තම නැගනිය රැකබලා ගන්නා අය්යන්ඩියගෙ සෙනෙහස විස්තර කරන්නට ඔහු ගැන ආචාර්ය අජන්තා රණසිංහයන් ලියු මෙම ගිතයෙ පලමු අන්තරා කොටස ප්‍රමානවත්ය

    ගවුම් පොඩියක් මටත් අන්දා කොණ්ඩ කරලක් හිස පලන්දා
    යනෙන මාවත දකුනු පැත්තෙන් මාව පාසල් එක්කරන් යන මටම ඔබ අයියන්ඩියක වෙවා ජාති ජාතිත් සංසාරේ

    මෙම ගිතයෙ සුවිශේශම කොටස ඇරබෙන්නෙ මෙතැන් සිටය මෙවන් සෙනෙහසක් සිය නැගනිය කෙරෙහි සොයුරා තුල ජනිත වන්නේ කුමක් නිසාද ඔවුන් දෙදෙනම එකම මවකගෙ එකම පියෙකුගෙ ලෙ වලින් ජීවය ලැබූවන් නිසාම පමනක් නොව අනන්ත සංසාරේ කිසියම් හො භවයක මොවුන් දෙදෙන ප්‍රේමවන්තයන් වි සිටින්නට ඇති දෛවයෙ සරදමකට එදා ඔවුන්ගේ ප්‍රේම ලොකය බිදී ගියත් හදවත්හී ජනිත වු සෙනෙහස අතීත මතකයන් සමග මුසුවි සොයුරු පෙමක් ලෙසින් අද මල්දරා ඇත අතීත පෙම්වතුන් අද සොයුරු සොයුරියන්ය. දිනෙක නැගෙනිය ලොකු මහත් වි කුල ගෙයින් නිකිමි යන මොහොතෙ ඔවුන්ගේ ප්‍රේමය සිහිනයක් ලෙස බොදවි යාවි ප්‍රේමයෙ අප නොසිතනා මානයක් කරා අජන්තා රනසිංග ශුරින් අපව රැගෙන යන්නේ මෙ පද හතරින්ය

    ලමා විය ඉක්මවා දවසක පංච කල්යානියක වි මා
    සිරිත් ලෙස කුල ගෙයට යනදා හිනයක් සේ මතක් වෙයි මට
    අපෙ අසරන බිදුනු පෙම් ලෝකෙ පූර්ව ආත්මෙක සංසාරේ

    ප්‍රේමයෙ අප නොසිතනා මානයක් කරා අජන්තා රනසිංග ශුරින් අපව
    රැගෙන යන්නේ මෙ පද හතරින්ය

    පාරමි දම් පුරමු අප දෙදෙනා මටම අයියන්ඩියක වි ඔබ
    නැගනි වි මා එකම මවි කුස සසර මතුදා උපත ලබනට
    පාරමි දම් පුරමු අප දෙදෙනා............

    ගවුම් පොඩියක් මටත් අන්දා කොණ්ඩ කරලක් හිස පලන්දා
    යනෙන මාවත දකුනු පැත්තෙන් මාව පාසල් එක්කරන් යන මටම ඔබ අයියන්ඩියක වෙවා ජාති ජාතිත් සංසාරේ
    ..........

    ලමා විය ඉක්මවා දවසක පංච කල්යානියක වි මා
    සිරිත් ලෙස කුල ගෙයට යනදා හිනයක් සේ මතක් වෙයි මට
    අපෙ අසරන බිදුනු පෙම් ලෝකෙ පූර්ව ආත්මෙක සංසාරේ.........

    ගායනය- නිලා වික්‍රමසිංහ
    පද රචනය- ආචාර්ය අජන්තා රණසිංහ

    :(:(:(

    11.gif
    11.gif
    11.gif
    11.gif

    ඒ වගේද...
    පොඩි කලේ මරද වැල්ලේ
    .......
    buha buha

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    :(
    :(:(

    නියමයි සහෝ
    :nerd:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ටිකක් ‍වෙනස් ගීතයක් ගෙන ඒමට සිතා ගෙන සිටිමි.
    ඒ ගිතය කොතරම් වෙනස් දැයි කිව හොත් මට ගුටි කන්නට සිදු වේ දැයි බියෙන් සිටිමි.:dull::baffled:
    නමුත් උඩින් පෙනෙන කොමිටල් අර්ථයට සම්පූර්ණයෙන් වෙනස් පුදුම වූ සමාජ, දේශපාලන අර්ථයක් ඒ ගීතය පිළිබද ව මගේ කියවීමෙහි තිබේ............!!!:dull::yes:
    ගුටි කැවත් කමක් නැත එය දමමි........!!!:baffled:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉල්ලීම් අනුවනේ ලියන්නෙ බන්... හරි එහෙනම් ඊලග ගීතය වෙනසක් කරන්නම් උඹ කියනවනම්...

    Matath oka hithuna..... Boot kawath dan mata Boot sindu ahala athiwela thiyenne... ara Kapuge mahathayage "Dawasak Pala nathi hene wage" sindudth dammoth narakada?
     
    classiclM

    Member
    Jan 1, 2012
    27
    5
    3
    පූජා වේවා

    [FONT=&quot]පීතෘ ප්‍රේමයේ අනුවේදනය.........[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]දරු දුක උහුලා තනිව වැළපෙනා.............[/FONT]

    [FONT=&quot]දරුවන් තුරුල්ලේ ඉන්නා ක‍ලේයා[/FONT]
    [FONT=&quot]දරු සැප තරම් අන් නිවනක් නැතේයා[/FONT]
    [FONT=&quot]දරු ගින්දර වැද හදවත දැවේයා[/FONT]
    [FONT=&quot]දරු දුක තරම් ගින්නක් ලොව නැතේයා[/FONT]

    [FONT=&quot]දරු දුක උහුලා - තනිව වැළපෙනා[/FONT]
    [FONT=&quot]බුදු බව ලබනා - පියවරු වෙසෙනා[/FONT]
    [FONT=&quot]පූජා.........[/FONT]
    [FONT=&quot]පූජාවේවා......!!!!!!!![/FONT]

    [FONT=&quot]මහමෙර වැනි බර සිතින් උහුලනා[/FONT]
    [FONT=&quot]කදුළැලි සමුදුර නෙතින් සගවනා[/FONT]

    [FONT=&quot]මව් ඇති දාටත් සෙනෙහස පුදනා[/FONT]
    [FONT=&quot]මව් නැති දාටත් තුරුලේ රකිනා[/FONT]
    [FONT=&quot]සසර ගෙවෙන තුරු දරුවන් රකිනා[/FONT]

    [FONT=&quot]හෙල සුභාවිත ගීතාවලියෙහි පිය ගුණ ගී ඉතාමත් අල්පය. පියාණෙනි මා නැවත උපන්නොත්, අම්මා සදකි, පියාණෙනි ඔබ මෙතේ බුදුන් ලෙස වැනි අතලොස්සක් වූ පිය ගුණ ගී අතර මා දකින ලෙසට ප්‍රථම ස්ථානයේ වැජඹෙන්නේ ගයාමන් දිසානායක පැබැදූ, ගුණදාස කපුගේ සංගිතවත් කල, ක්‍රිශාන්ත එරන්දක ගායනා කරන “අව්වේ මුතු ඇට වපුරා” ගිතය සහ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් සංගිතවත් කල, ධර්මසිරි ගමගේ පදරචනා කල, පද්ම ශ්‍රී,පණ්ඩිත්, ආචාර්ය අමරදේවයන් ගායනා කරන මේ “දරු දුක උහුලා” නම් පූජා චිත්‍රපටයේ එන ගීතයත්ය.[/FONT]

    [FONT=&quot]ගීතයට පූර්විකාවක් ලෙස ගැයෙන මේ කව බලන්න......[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]දරුවන් තුරුල්ලේ ඉන්නා ක‍ලේයා[/FONT]
    [FONT=&quot]දරු සැප තරම් අන් නිවනක් නැතේයා[/FONT]
    [FONT=&quot]දරු ගින්දර වැද හදවත දැවේයා[/FONT]
    [FONT=&quot]දරු දුක තරම් ගින්නක් ලොව නැතේයා[/FONT]

    [FONT=&quot]දාරක ප්‍රේමය සම්, මස්,නහර, ඇට විනිවිද ගොස් ඇට මිදුළුවෙහි ම රැදි පවතින බව කීවෝ මෙයට වසර දෙදහස හත් සියයකට පමන පෙර, සිද්ධාර්ථ ගෞතමයන් ගේ පියාණන් වන සුද්ධෝදන රජතුමන්ය. දරු දුක තරම් ලොව ගින්නක් නැතේයා කියා රචකයා මේ පල කරන්නේ වසර දෙදහස සත්සියයකට පෙර දරු සෙනෙහස පිළිබද ව එතෙක් මෙතෙක් පල කොට ඇති ඒ අතිවිශිෂ්ටතම ප්‍රකාශය නොවේද? [/FONT]
    [FONT=&quot]බොහෝ පියවරුන් ඇත්තෙන් ම මේ ආකාරයේ නොවේද?[/FONT]

    [FONT=&quot]දරු දුක උහුලා - තනිව වැළපෙනා[/FONT]
    [FONT=&quot]බුදු බව ලබනා - පියවරු වෙසෙනා[/FONT]

    [FONT=&quot]පියවරු බොහෝවිට සිය හැගීම් පිටතට නොපෙන්වති. ඒ ඔවුන් ගේ පුරුෂථාමයට කැළලක් වේ යයි සිතන බැවිනි. නමුත් සත්‍යය නම් බොහෝ පියවරු දරු දුක නිසා තනිව වැළපෙන බවය. ඒ කදුළු කෙදිනකවත් අප නොදකිමු. මා නම් පෞද්ගලිකව සිතන්නේ මෙලොව කිසිදු රුවනකට වඩා ඒ කදුළ වටනා නිසා දෙවියන් ඒ කදුළ අප දකින්නට පෙර ම පැහැරගන්නවා යයි කියාය.[/FONT]

    [FONT=&quot]මහමෙර වැනි බර සිතින් උහුලනා[/FONT]
    [FONT=&quot]කදුළැලි සමුදුර නෙතින් සගවනා[/FONT]
    [FONT=&quot]දරු දුක උහුලා - තනිව වැළපෙනා[/FONT]
    [FONT=&quot]බුදු බව ලබනා - පියවරු වෙසෙනා[/FONT]

    [FONT=&quot]ඇත්තටම අපේ බොහෝ පියවරුන් මේ ලෙස නොවේද? තමා ප්‍රිය කරන අහර වෙනුවට දරුවන් කැමති අහර ගෙනවිත් දෙන, ඒ තම දරුවන් බුදිනු බලා සැනසෙන පියවරුන් නොවේද අප දකින්නේ. වසර ගනනකින් අළුත් ඇදුමක් නොගෙන තම දරුවන් නව ඇදුමින් සැරසෙනු බලා සැනහෙන පියවරුන් අප දැක නැතිද? දරුවන් ගේ සියලු ම දුක් දොම්නස් තනිවම ඉවසමින්, විදිමින්, දරුවන් ගේ දුක් වලදි උපදනා කදුළු සයුරම නෙත් කෙවෙනි තුළ ම සගවා ගනිමින් දිරිය ම අවිය කොට ගෙන දිවිය සමග සටන් කරන පියවරුන් කොතරම් මග අපට හමුවී ඇත්ද? ඇත්තෙන් ම දරු දුක උහුලා තනිව වැළපෙනා අප පියවරු සුදුසු සම්බුද්ධත්වයට විනා වෙන කවරකටද?[/FONT]

    [FONT=&quot]මව් ඇති දාටත් සෙනෙහස පුදනා[/FONT]
    [FONT=&quot]මව් නැති දාටත් තුරුලේ රකිනා[/FONT]
    [FONT=&quot]සසර ගෙවෙන තුරු දරුවන් රකිනා[/FONT]
    [FONT=&quot]බුදු බව ලබනා - පියවරු වෙසෙනා[/FONT]

    [FONT=&quot]බොහෝ දරුවන් ළග මවටය. නමුත් මව් ඇති කල ද අප්‍රකාශිතවම සිය දරු පෙම නිසා දිවියෙහි දුක් විදින පියවරු වෙත්. මව් ඇති කලක ඔහු පුදන්නේ සෙනෙහස පමණි. නමුත් මව් නැති දාක ඔහු මව් සේම දරුවන් ඇකයෙහි හොවා මවක මෙන් දරුවන් රකී. ඒ අර සුද්ධෝදන රජු කී සම්, මස්,නහර, ඇට විනිවිද ගොස් ඇට මිදුළුවෙහි ම රැදි පවතින දාරක ස්නේහය නිසාමය. පියවරුන් මේ සසරට බැද තබන හුය වන්නේ මේ පුත්‍ර ස්නේහය මිස අන් කවරක්ද? සිය සසර ගෙවෙන තුරු දරුවන් රකිනා අප පියවරුන් හට මේ ගීතය ඇත්තෙන්ම පූජාර්හ ස්තෝත්‍රයකි.[/FONT]
    [FONT=&quot]අමරදේවයන් ගේ ගායනයේත්, කේමදාසයන් ගේ භාව විරේචක සංගීතයේත් කූඨ ප්‍රාප්තිය ලෙස මා සළකන්නේ මේ ගීතයයි. එසේම වසර ගණනක් ගේය පද රචනා කල, හෙල සුභාවිත ගීතයේ පතාකයෙක් වන ධර්මසිරි ගමගේ මහත්මාණන් ගේ සියළු ම ගේය පද රචනා අතර මම මේ රචනය, කිසිදු පැකිලීමකින් තොරවම මුල් තැන තබමි. මේ ගීතය සුනිල් එදිරිසිංහ සහ නන්දා මාලිනී යන දෙපල ද මේ සංගීතයට ම ගායනා කර ඇත. ඒවායේ ඉහල තත්ත්වයන් සහිත සියළු ම හඩ ගොණු මා සතුය. නමුත් වඩා විශිෂ්ට වූ අමරදේවයන් ගයන මේ ගීතයේ ඉහල මට්ටමක තත්ත්වයේ හඩ ගොනුවක් සොයා ගැනීමට තවම වෙහෙසෙමි. එය ඇති සුධීන් අප ගේ සහ සුභාවිත සංගීතයේ පහන් සංවේග පිනිස එය අප සමග බෙදා හදා ගනිත්වා!!!!!!!![/FONT]

    [FONT=&quot]මේ ගීතයේ අරුත ඔබේ හදවත විදින ආකාරය ගැන දැන ගැනීමට කැමති නම්, ඔබේ පියා ජීවත්ව සිට ඔබ ළග නොමැතිව ගිය දිනයක් පිළිබදව සංකල්පනාවක් උපදවා ගන්න. ඔබ හදවත මේ ගීතයට කීරි ගැසෙන බවට සහ ඒ දිනය ඔබට සිතා ගැනීමටවත් නොහැකිවන බවට මෙන්න පරදු!!!!!!!!!!![/FONT]

    දරු දුක උහුලා - පණ්ඩිත් අමරදේව
    ඔබ බලාපොරොත්තු වන ගුණාත්මක භාවය මෙම mp3 එකෙහි ඇතිදැයි සැක ඇත ත්, “අවශ්‍ය ඇත්තෝ ලබා ගනිත්වා“ යන චේතනාවෙන් උඩුගත කර මෙහි සබැඳිය යෙදුවෙමි.

    දරු දුක උහුලා ගීතය අඩංගු වන්නේ ධර්මසිරි ගමගේ මහතාගේ පූජා චිත්‍රපටයේ (1986). ජෝ අබේවික්‍රමයන්ගේ විශිෂ්ටතම රංගන ප්‍රතිභාවක් පිළිබිඹු වන මෙම රූප රාමු පෙල සිංහල සිනමාවේ අමරණීය සටහනක් බව නිසැකයි. රූප රාමු පෙළ සමග ගීතය ඇසුවේ නැතිනම්, නැවත වරක් නරඹන්න. 1986 වසරේ දී සරසවිය සම්මාන උලෙළේ දී හොඳම නළුවාට හිමි සම්මානය හිමි වූයේ කාටදැයි දැන් අමුතුවෙන් කිව යුතු නැහැ නේද?

    ධර්මසිරි ගමගේ සහ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස දෙපල සිංහල සංගීතය තුල හොඳ සුසංයෝගයක් බවට ඔවුන‘තින් හැඩ ගැන්වුණු, අම්මාවරුණේ (නන්දා මාලනී - යස ඉසුරු චිත්‍රපටයෙන්), ආදර නිල් දෑසේ (නාරද දිසාසේකර), සුළං කුරුල්ලෝ (හරූන් ලන්ත්‍රා කුමාරගේ), රුං රුං රුං රුං මී මැස්සෝ ( වික්ටර් රත්නායක/නන්දා මාලනී), රෑණ ගිරා ජෝඩුවයි (පණ්ඩිත් අමරදේව/නන්දා මාලනී - රෑණ ගිරව් (1967) චිත්‍රපටයෙන්) වැනි ගීතවලින් හොඳින් පසක් වෙනවා. මේ හරබර සොඳුරු බව නැවත සිහි කැඳවූවාට තුති!
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ටිකක් ‍වෙනස් ගීතයක් ගෙන ඒමට සිතා ගෙන සිටිමි.
    ඒ ගිතය කොතරම් වෙනස් දැයි කිව හොත් මට ගුටි කන්නට සිදු වේ දැයි බියෙන් සිටිමි.:dull::baffled:
    නමුත් උඩින් පෙනෙන කොමිටල් අර්ථයට සම්පූර්ණයෙන් වෙනස් පුදුම වූ සමාජ, දේශපාලන අර්ථයක් ඒ ගීතය පිළිබද ව මගේ කියවීමෙහි තිබේ............!!!:dull::yes:
    ගුටි කැවත් කමක් නැත එය දමමි........!!!:baffled:

    දාමු බලන්න ඒකත් :yes::yes:
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    ආදරය සෙනෙහස ප්‍රේමය ගැන කියනවිට අඩුවෙන්ම කතා බහට ලක්වන්නේ සහොදර සෙනෙහස,ප්‍රේමය බව කිව යුතුමය එනමුදු එකම පවුලක සහොදර සහොදරියන් අතර බැදීම සෙනෙහස කෙසෙ නම් අවතක්සේරු කරන්නද.වෙසෙසින්ම පවුලක වැඩිමහල් සොයුරන් සොයුරුයන් සිය බාල සොයුරු සොයුරියන් කෙරෙහි රදවන අපරිමිත සෙනෙහස ප්‍රෙමය සදාකලිකවම විදගන්නට නැගෙනියක් සිය වැඩිමහල් සොයුරා ගැන ගයන්නෙ මෙසේය

    පාරමි දම් පුරමු අප දෙදෙනා මටම අයියන්ඩියක වි ඔබ
    නැගනි වි මා එකම මවි කුස සසර මතුදා උපත ලබනට
    පාරමි දම් පුරමු අප දෙදෙනා............

    කුඩා කල සිටම අපරිමිත් සෙනෙහසකින් තම නැගනිය රැකබලා ගන්නා අය්යන්ඩියගෙ සෙනෙහස විස්තර කරන්නට ඔහු ගැන ආචාර්ය අජන්තා රණසිංහයන් ලියු මෙම ගිතයෙ පලමු අන්තරා කොටස ප්‍රමානවත්ය

    ගවුම් පොඩියක් මටත් අන්දා කොණ්ඩ කරලක් හිස පලන්දා
    යනෙන මාවත දකුනු පැත්තෙන් මාව පාසල් එක්කරන් යන මටම ඔබ අයියන්ඩියක වෙවා ජාති ජාතිත් සංසාරේ

    මෙම ගිතයෙ සුවිශේශම කොටස ඇරබෙන්නෙ මෙතැන් සිටය මෙවන් සෙනෙහසක් සිය නැගනිය කෙරෙහි සොයුරා තුල ජනිත වන්නේ කුමක් නිසාද ඔවුන් දෙදෙනම එකම මවකගෙ එකම පියෙකුගෙ ලෙ වලින් ජීවය ලැබූවන් නිසාම පමනක් නොව අනන්ත සංසාරේ කිසියම් හො භවයක මොවුන් දෙදෙන ප්‍රේමවන්තයන් වි සිටින්නට ඇති දෛවයෙ සරදමකට එදා ඔවුන්ගේ ප්‍රේම ලොකය බිදී ගියත් හදවත්හී ජනිත වු සෙනෙහස අතීත මතකයන් සමග මුසුවි සොයුරු පෙමක් ලෙසින් අද මල්දරා ඇත අතීත පෙම්වතුන් අද සොයුරු සොයුරියන්ය. දිනෙක නැගෙනිය ලොකු මහත් වි කුල ගෙයින් නිකිමි යන මොහොතෙ ඔවුන්ගේ ප්‍රේමය සිහිනයක් ලෙස බොදවි යාවි ප්‍රේමයෙ අප නොසිතනා මානයක් කරා අජන්තා රනසිංග ශුරින් අපව රැගෙන යන්නේ මෙ පද හතරින්ය

    ලමා විය ඉක්මවා දවසක පංච කල්යානියක වි මා
    සිරිත් ලෙස කුල ගෙයට යනදා හිනයක් සේ මතක් වෙයි මට
    අපෙ අසරන බිදුනු පෙම් ලෝකෙ පූර්ව ආත්මෙක සංසාරේ

    ප්‍රේමයෙ අප නොසිතනා මානයක් කරා අජන්තා රනසිංග ශුරින් අපව
    රැගෙන යන්නේ මෙ පද හතරින්ය

    පාරමි දම් පුරමු අප දෙදෙනා මටම අයියන්ඩියක වි ඔබ
    නැගනි වි මා එකම මවි කුස සසර මතුදා උපත ලබනට
    පාරමි දම් පුරමු අප දෙදෙනා............

    ගවුම් පොඩියක් මටත් අන්දා කොණ්ඩ කරලක් හිස පලන්දා
    යනෙන මාවත දකුනු පැත්තෙන් මාව පාසල් එක්කරන් යන මටම ඔබ අයියන්ඩියක වෙවා ජාති ජාතිත් සංසාරේ
    ..........

    ලමා විය ඉක්මවා දවසක පංච කල්යානියක වි මා
    සිරිත් ලෙස කුල ගෙයට යනදා හිනයක් සේ මතක් වෙයි මට
    අපෙ අසරන බිදුනු පෙම් ලෝකෙ පූර්ව ආත්මෙක සංසාරේ.........

    ගායනය- නිලා වික්‍රමසිංහ
    පද රචනය- ආචාර්ය අජන්තා රණසිංහ

    :(:(:(

    මචන් මමනම් අහල තියෙන්නෙ ආදරේ කරල වෙන්වෙන්න සිද්ද වෙච්ච දෙන්නෙක් ඊලඟ ආත්මෙ සහෝදර සහෝදරියො වෙන්න කියල කරන ප්‍රාර්ථනාවක් තමයි මේ ගීයෙන් කියවෙන්නෙ. එයාලා එයාලගෙ මතු ආත්මෙ දකින විදිහ තමයි මේ ගීයෙන් කියවෙන්නෙ.