සුන්දර ගීයක ඇරබුම,..

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    ඉල්ලීම් අනුවනේ ලියන්නෙ බන්... හරි එහෙනම් ඊලග ගීතය වෙනසක් කරන්නම් උඹ කියනවනම්...

    ඕකනේ ඉතින් ,නිකමට මම එහෙම ඇහුවේ..වැඩිය හිතන්න එහෙම එපා හොඳේ..:D:D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දරු දුක උහුලා - පණ්ඩිත් අමරදේව
    ඔබ බලාපොරොත්තු වන ගුණාත්මක භාවය මෙම mp3 එකෙහි ඇතිදැයි සැක ඇත ත්, “අවශ්‍ය ඇත්තෝ ලබා ගනිත්වා“ යන චේතනාවෙන් උඩුගත කර මෙහි සබැඳිය යෙදුවෙමි.

    දරු දුක උහුලා ගීතය අඩංගු වන්නේ ධර්මසිරි ගමගේ මහතාගේ පූජා චිත්‍රපටයේ (1986). ජෝ අබේවික්‍රමයන්ගේ විශිෂ්ටතම රංගන ප්‍රතිභාවක් පිළිබිඹු වන මෙම රූප රාමු පෙල සිංහල සිනමාවේ අමරණීය සටහනක් බව නිසැකයි. රූප රාමු පෙළ සමග ගීතය ඇසුවේ නැතිනම්, නැවත වරක් නරඹන්න. 1986 වසරේ දී සරසවිය සම්මාන උලෙළේ දී හොඳම නළුවාට හිමි සම්මානය හිමි වූයේ කාටදැයි දැන් අමුතුවෙන් කිව යුතු නැහැ නේද?

    ධර්මසිරි ගමගේ සහ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස දෙපල සිංහල සංගීතය තුල හොඳ සුසංයෝගයක් බවට ඔවුන‘තින් හැඩ ගැන්වුණු, අම්මාවරුණේ (නන්දා මාලනී - යස ඉසුරු චිත්‍රපටයෙන්), ආදර නිල් දෑසේ (නාරද දිසාසේකර), සුළං කුරුල්ලෝ (හරූන් ලන්ත්‍රා කුමාරගේ), රුං රුං රුං රුං මී මැස්සෝ ( වික්ටර් රත්නායක/නන්දා මාලනී), රෑණ ගිරා ජෝඩුවයි (පණ්ඩිත් අමරදේව/නන්දා මාලනී - රෑණ ගිරව් (1967) චිත්‍රපටයෙන්) වැනි ගීතවලින් හොඳින් පසක් වෙනවා. මේ හරබර සොඳුරු බව නැවත සිහි කැඳවූවාට තුති!
    මේ උත්සාහය වෙනුවෙන් තුති සහෝදරයාණෙනි. නමුත් මේ ගීතය මා සතුවද තිබේ. අපෙ අවාසනාවේ දිග පළල පෙන්වමින් මෙම සුන්දර, ඉහල ගුණාත්මයකින් යුතු වූ ගොනුව යම් දේවදත්තයෙකු විසින් "රිවර්බ් මියුසික් එකක්" උඩින් පටිගත කොට කෙළෙසා ඇත...........
    මා සොයන්නේ මෙසේ දූෂ්‍ය නොකොට පවතින, මුල් පටිගත කිරීමය. ඔබේ වෙර උදෙසා මෙන්න මගෙන් තිලිණයක්.
    නන්දා මාලිනිය ගයන නොඇසෙන ගීතයක්.......

    සිරිපොද වැස්සේ රාත්‍රියේ.............
     
    mmsuranjith

    Active member
  • Oct 20, 2011
    508
    20
    28
    colombo
    සොරිය...අප නොවේ මම විය යුතුය.............!!!!
    පැරණි මළවුන් අළුත් මළවුන්ට ඉඩ දිය යුතුය යන පැරණි අප්‍රිකානු ආතෝපදේශය මම පිලිගනිමි.

    අප දිගටම මෙහි එල්ලි හිදිම ට වඩා අලුත් අය මේ දෙයට පොළඹව මෙයින් යාමට පුලුවන් නම් හොද යයි සිතමි.

    kibolooooooo,
     
    mmsuranjith

    Active member
  • Oct 20, 2011
    508
    20
    28
    colombo
    ඔබ මතක නැති කරන්නට මට මතකනැති වුනා.....

    කොච්චරනම් ආදරය කලත් අපි බලපොරොත්තුවන විදියටම ජීවිතය ගලාගෙන යන්නෙ නෑ.. හිතන්න අපි හැමදාම උදේට ගුවන්විදුලියෙන් අපි අහනව ඔබේ පැතුම් ඉටුවන සුභම සුබ දවසක් වේවා..! කියල... ඒත් අපි හිතන පතන විදියටම දවස ගෙවෙනවද....? ආදරයත් එහෙමයි අපි අවංකව ආදරය කරනවානම් කරන්නෙ ආයෙ වෙන්වීමක් ගැන හීනෙන්වත් දකින්නෙ නැතිව... කොතරම්නම් අපි සිහින මාලිගා හදනවද...? මුලින්ම ඇය ව හමුවන විදිය...? හමු උනාම හැසිරෙන විදිය...? සම්බන්ධය ගලාගෙන යද්දි ඇය නිසා අපි වෙනස් වෙන විදිය...? කොතරම් නම් සුන්දරද....? සැබැවින්ම ආදරයෙන් වෙලුනොතින් උදේ නින්දෙන් අවදිවූ විගසම අපේ සිහියට එන පලමු වෙනි සිතුවිල්ල තමයි... ඇය.

    මේ වගේ සිය ජීවිතය දෙවැනි කරල ආදරයක් කරල, ඒ ආදරය බිදිල ගියොත් ඇතිවන හැගීම් වචනයට පෙරලන්නෙ කොහොමද...? හිතාගන්නවත් බෑ... ඒත් සිය ආදරවන්තිය තමාව තනිකලාම... තමාව දමා ගියාම... යාළුවො සමාජය ඉස්සරහ බොරුවට දුකක් නෑ වගේ ඉන්න පුළුවන්.. බැරි උනත් කොහොමහරි ඉන්නවා... හිතයටින් ගිණි ගොඩක් හංගගෙන ඉන්නවා... නමුත් අපි මොහොතකට හෝ තනි උනොතින්නම්.... වස බෝතලයක් දෙනවනම් රස කර කර උනත් බීගෙන බීගෙන යන්න පුළුවන්... මේක බොලද කමක් නෙමෙයි.. ඇයට තිබෙන ආදරයේ ප්‍රබලකම.. ඇය නැතිවීමෙන් දැනෙන තනිකමේ වේදනාවේ ප්‍රබලකම. ඒ වේදනාව, තනිකම දරාගන්න හරිම අමාරුයි...

    දකින දකින තැන්වල පෙනෙන්නෙ ඔබේ රූපය... හැම සිදුවීමක්ම ඔබ හා ඉබේම ගැලපෙනවා... කොතරම් මතක නැති කරන්න උත්සාහ කලත් කොහොමද දෙවියනේ මතකනැතිකරන්නෙ... ඔන්න හිතාගන්නව ආයෙ ඔබව මතක්කරන්නෙ නෑ කියල... මොහොතයි හොරෙන්ම හෙමින් හෙමින් ඔයා මගේ සිහියට ඇවිත්... ඇස්කෙවෙණි ලගට කදුලක් එන්න හදනකොට හෝ හයියෙන් කෑ ගහල අඩන්න හිතෙනකොට තමා මතක් වෙන්නෙ මම ආයෙත් ඔයාව සිහිකරනව නේද කියල....?

    ඇස රැදුන රැදුන තැන්වල මුව මඩල හිනහුනා
    ඔබ මතක නැති කරන්නට මට මතකනැති වුනා.....

    මගේ හදවත අසරණවෙලා.... තනි වෙලා... මේ පාලු හදවත නැමති අම්බලමේ දුක නැමති පැදුර එලල තියෙනවා... ඒත් මට එහි නිදියන්න බෑ... මට දුක එපා... ඔයා නැතිව බෑ මට.. ඒ නිසා මම නිදියන්නෙ නෑ.... ඔයා ගැනම සිතමින් මම මුළු රෑම ගෙවන්නම්... මේ රැය කියන එක ලෝකයට උදා නොවෙනවනම්... මට ගෙවාගන්නම ආමාරු කාලය මේ රාත්‍රිය... සිතුවිලිවලට නිදහසේ දුවන්න පුළුවන්නේ... සිතුවිලිත් මාව රිද්දන්නද කොහෙදො දුවන්නෙ ඔයාව සොයාගෙනමයි.... ඒ නිසා මම නිදන්නෙ නෑ... කමක් නෑ... මම නිදන්නෙ නැතිව වේදනා විද විද හරි ඉන්නව.... වෙන මොනව කරන්නද... හිත් තියෙන්නෙ රිදෙන්න නේ.. ඔහේ රිදුනදෙන්...

    දුක් පැදුර දිගැර අලසව ඇත හද ගිමන්හලේ
    නින්දකට නොවැටි තැවි තැවි මුලු රැය පහන්කලේ.

    සිතුවිල ගලනවා ඉවරයක් නෑ... ඔයාව සිහිවෙනවා කෙලවරක් නෑ... මතක ගලාගෙන එනවා අවසානයක් නෑ.... මේ හැම එකකින්ම මගේ ගලන කදුළුවල නිමක් නෑ... ඒ අතරෙදි මට මගේ කණට සියුම් දෝංකාරයක් වගේ හඩක් ඇහෙනවා... මොනවද කියන්නෙ... කවුද ඒ කතාකරන්නෙ... ඔයාද වෙන කවුරුවත්ද...? ඒ හඩ කොහෙන් ආවත් ඇත්ත එයා කියනදේ ඇත්ත... එයා කියනව අනංගයා විදපු මල් හී අපතේ ගියානේද කියලා...? අනංගයාටත් බැරිවෙලා අපි දෙන්නව එක් කරන්න... ඒ තරමටම මම පෙර ආත්මයේ පවක් කරල ඇති... මම එහෙම හිතාගෙනවත් හිත හදාගන්න උත්සාහ කරන්නද...?

    රෑ කවුද හෙමින් එලැඹී මගේ කනට මුවතියා
    මින්දදගෙ දුන්නෙ මලිහී අහකැයි කියා ගියා ..
    .

    ඉතින් කලින් කිවුව වගේ අනංගයාටත් බැරි උනා, මල් හී අපතෙ ගියා කියල හිතාගෙන හිත හදාගන්න මම උත්සාහ කලත් එයත් හරියන්නෙ නෑ වගේ... මේ වේදනාව කොහොමද මම විදින්නෙ... වෙලාවකට හිතෙනවා මුළු ලෝකෙන්ම සැගවිලා යන්න... උඩුහිත නම් මම කියන විදියට අහගෙන නිහඩව ඉන්නවා... ඒත් යටිහිත මට පාලනය කරන්න බෑ... මගේ යටි හිත ඔයා හොරකම් කරල... හරියට පොඩි දරුවෙක් අම්මව සොයනව වගේ... ‍මගේ යටි හිතත් හැම තත්පරයකම ඔයාව විමසනවා... මම මොනව කරන්නද..? මේ ලොකෙන්ම සැගවෙන්න ඕන.. නැතිනම් ඒත් මේ ලෝකෙන්ම සැගවෙන්න ඕනි... ඒත් ඔයාට තිබෙන ආදරයම එයට බාධාවක් වෙලා...

    වැසු විමන් පියන් පියවා සගවන්න මට හිතයි
    උඩු හිතට වැඩිය ඔබ ගැන විමසන්නෙ යටිහිතයි

    හරිම අහින්සක විදියට තමාව දමා ගිය ආදරවන්තිය වෙනුවෙන් අඩා වැටෙන දුක්වෙන ගීතයක්. මේ ගීතයේ තිබෙන විශේෂතා දෙකක් තමයි, අංශු මාත්‍රයකුදු සිය ආදරවන්තිය ගැන අහිතක් හිතන්නෙනෑ.. තනිවම ඉතාම අසරණ ලෙසට තනිවෙලා දුක්වෙනව... අනිත් කාරණය තමයි ගීතයටත් එහා ගිහින් සංගීතය අඩා වැලපෙනවා.. මෙහි එන බටනලා වාදනය සහා වයිලීන් ගිටාර් වාදන අපේ ඇටමස් ලේ නහර විදගෙන යනවා හරියට හී සැරයක් වගේ... අපේ යාළුවො කියවල බලල අදහසක් දෙන්න හොදේ...

    ඇද රැදුන රැදුන තැන්වල මුව මඩල හිනහුනා
    ඔබ මතක නැති කරන්නට මට මතකනැති වුනා.....

    දුක් පැදුර දිගැර අලසව ඇත හද ගිමන්හලේ
    නින්දකට නොවැටි තැවි තැවි මුලු රැය පහන්කලේ.

    රෑ කවුද හෙමින් එලැඹී මගේ කනට මුවතියා
    මින්දදගෙ දුන්නෙ මලිහී අහකැයි කියා ගියා ...

    වැසු විමන් පියන් පියවා සගවන්න මට හිතයි
    උඩු හිතට වැඩිය ඔබ ගැන විමසන්නෙ යටිහිතයි......

    මේ විරහව තනිකම උරුම පෙම්වතුන්ට විතරක් නෙමෙයි... මේ දුක ගැහැණු පිරිමි දෙපක්ෂටම පොදුයි... පිරිමෙයෙක් ඉහතින් සදහන් කල විදියට හරිම අහින්සක විදියට අඩා වැටෙද්දි... ආදරෙන් පැරදුන ප්‍රේමවන්තියක් දුක්වෙනව මුළු ලෝකයම වේදනාවෙන් ගිගුම් දෙන ලෙසට...

    නිදිවර්ජිතව තම අහිමිවූ ආදරේ නාමයෙන් දුක්වෙන ඇය පාළු සීත රාත්‍රියෙන්, නිසලව සිටින ගස් කොලන් වලින්, තරු කැට වලින්, අදුරු අහසින්, මිලාන වූ සදෙන් , පිළිතුරු දෙන්න බැරි ප්‍රශ්ණයක් අහනවා.....

    “ අනේ ඔයාලගෙන් කවුරු හරි මට කියන්න... මගේ සිත ඔහුගේ සුසුම සොයනවා, ඔහුගේ දෙනෙත් සොයනවා... මට තේරෙන්නෙ නෑ... ප්‍රේමය කියන්නේ මොකද්ද මට තේරෙන්නෙ නෑ... ඔයාලවත් මට කියල දෙන්න. මෙහෙම දුක්විදීම ප්‍රේමයද...? ”

    මේ පාළු සීත රාත්‍රියේ ...
    කියා දෙන්න රහසින්...
    ප්‍රේමය නම් කිමැයි කියා....

    mama harima asaama geethayak

    thanks my sahoo........ohoma yannn...
     
  • Jul 4, 2009
    7,259
    462
    83

    එකෝස්ටික්/ අන්පග්ඩ් විදිහට වගේ හෑදුවනම් මේවා තරුනයො අතරට යයි. මොකද ගෝශා කාරි සන්ගීතයෙන් පිරුනු කන්.. ඒ වගේ ගීත වලයන්නෙ.. ඔවුන්ටත් හොරෙන්මයි..

    උදාහරන ලෙස.. ග්‍රේශා ගායනාකරන ගග අද්දර, පේශල /සමිතා රහසේ හඩනා/, තුසිත් කරපු නිරෝශගෙ සිත හඩයි.. ශිහාන්ගෙ රෑ සිහිනෙන්.. වගේ ගීත ගන්න පුලුවන්

    ඒ උනත් මචන් මේ සිංදුවල පරන සිංදු කොයිතරම් ලස්සනද ?

    ඒවයෙ තියෙන ඒ ලස්සන මමනම් මේ remake වල දකින්නෙ නෑ. අනික තමයි remake කරල ඒව රේඩියෝ එකේ යනකොට ගොඩක් දැන් කාලෙ අය හිතන්නෙ මේ සිංදු කියන්නෙ මේ අලුත් ගායකයො කියලයි. ඒක පරණ කලාකරුවන්ට කරන අසාධාරණයක් කියලයි මමනම් දකින්නෙ.

    බලපන් මචන් රහසේ හඬනා අප හැඟුම් සින්දුව. ක්ලැරන්ස්ගෙ කොටස කියන එකාගෙ එක. ක්ලැරන්ස්ගෙ වගේ පිරිමි කටහඬක් විදියට මටනම් ඒක දැනෙන්නෙ නෑ.

    මීට වඩා තාක්ෂණය අඩු කාලෙත් ඒ මිනිස්සු කරපු සින්දුවල quality එක කියල නිම කරන්න බෑ.

    බලපන් ක්ලැරන්ස්ගෙ පොප් මියුසික් දැන් තියෙන ඒවට වඩා ලස්සන නැද්ද කියලා.
     
    Last edited:
  • Jul 4, 2009
    7,259
    462
    83
    මංගෝ කළු නැන්දේ මොකදෑ මේ පැත්තේ...

    මම අහල තියෙන විදියට මේ සිංදුවෙ කතාව කියන්නම්.

    ඒ කාලෙ තමයි ක්ලැරන්ස් විජේවර්ධනට ඇනස්ලිව මුණ ගැහෙන්නෙ. ඉතින් දවසක් ඇනස්ලි ක්ලැරන්ස්ගෙ ගෙදර ආපු වෙලාවක මේ ගීතය ඇනස්ලිට දුන්නලු ටිකක් හයියෙන් කියපන් කියලා. ඇනස්ලිත් ඉතින් මේ සිංදුව හයියෙන්ම ගායනා කරාලු. ටික වෙලාවකින් ක්ලැරන්ස්ගෙ ගෙදර වැඩට හිටපු කාන්තාව ඇවිත් මේ දෙන්නව හොඳට අමතලා ගියාළු. ඇනස්ලි එතකොටලු දන්නෙ ක්ලැරන්ස් මේ සිංදුව ලිව්වෙ එයාගෙ ගෙදර වැඩට හිටපු කාන්තාවට කියල.
     
    • Like
    Reactions: Yastysan

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    සුදු මහත්තයා;12373334 said:
    මචන් මමනම් අහල තියෙන්නෙ ආදරේ කරල වෙන්වෙන්න සිද්ද වෙච්ච දෙන්නෙක් ඊලඟ ආත්මෙ සහෝදර සහෝදරියො වෙන්න කියල කරන ප්‍රාර්ථනාවක් තමයි මේ ගීයෙන් කියවෙන්නෙ. එයාලා එයාලගෙ මතු ආත්මෙ දකින විදිහ තමයි මේ ගීයෙන් කියවෙන්නෙ.
    ඔව් එහෙම වෙන්න ඇති බන්:) මට හිතුන විදියක් කීවේ
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    නුඹලා බඩවල් කපා ගනීද නැතහොත් මට බඩ කපා ගන්නට සිදුවේ දැයි යන උභතෝකෝටිකය නැගෙනු නොඅනුමානය......!!!!!!:baffled:
    බඩ කපා ගන්නවද දත ගලවගන්නවද බලන්න දාමුද ලොක්කා. අපි බලන් ඉන්නෙ :yes::yes:
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    මම දන්න සින්දුවක් දාන්නද , අමරදේවගේ එකක්

    පෙර දිනයක මා පෙම් කල යුවතිය
    සිය පුතු නලවනවා...

    මේක ඇහෙද්දී ගොඩක් දෙනෙක් හිතන්නේ ආදරේ කරපු කෙල්ල දැන් වෙන කෙනෙක්ව බැඳලා , දරුවෙකුත් ලැබිල , දැන් ඒ දරුවාව නලවනවා කියලනේ..
    එත් මෙතන වෙන්නේ මේකයි , පෙර දිනයේ මම පෙම් කරලා තියෙන්නේත් , මම බැඳලා තියෙන්නෙත් , දැන් මේ දරුවා නලවන්නෙත් එකම කාන්තාවක්.

    මගේම ගීයක් , නැලවිලි ස්වරයෙන්
    ඈතින් මතුවෙනවා..

    දරුවා නලවන්න මෙයා කියන ගීතයත් මම මෙයාට කලින් කියපු එකක්ම තමා .

    නුරාව වෙනුවට ඉදුනිල් දෙනයන
    දයාව වෑහෙනවා ...

    ඉස්සර වගේ නුරාවෙන් රාගයෙන් මෙය දිහා බලනවා වෙනුවට දැන් බලන්නේ දයාවෙන් , සෙනෙහසින් , දැන් වගකීම් වැඩියි , මෙය මගේ බිරිද , මගේ දරුවාගේ අම්ම ..

    ඉතුරු ටික තේරුම් ගනිල්ලා , ටයිප් කරද්දී දෙක දෙල් වෙනවා :no::no::no:

    රූම් පෙත්ත කැරකෙනවා
    කෝම් පිට්ටු ඉදිවෙනවා
    අම්මි පුතුට සුරංගනා කතා කියනවා.....
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ඔබ මතක නැති කරන්නට මට මතකනැති වුනා.....

    කොච්චරනම් ආදරය කලත් අපි බලපොරොත්තුවන විදියටම ජීවිතය ගලාගෙන යන්නෙ නෑ.. හිතන්න අපි හැමදාම උදේට ගුවන්විදුලියෙන් අපි අහනව ඔබේ පැතුම් ඉටුවන සුභම සුබ දවසක් වේවා..! කියල... ඒත් අපි හිතන පතන විදියටම දවස ගෙවෙනවද....? ආදරයත් එහෙමයි අපි අවංකව ආදරය කරනවානම් කරන්නෙ ආයෙ වෙන්වීමක් ගැන හීනෙන්වත් දකින්නෙ නැතිව... කොතරම්නම් අපි සිහින මාලිගා හදනවද...? මුලින්ම ඇය ව හමුවන විදිය...? හමු උනාම හැසිරෙන විදිය...? සම්බන්ධය ගලාගෙන යද්දි ඇය නිසා අපි වෙනස් වෙන විදිය...? කොතරම් නම් සුන්දරද....? සැබැවින්ම ආදරයෙන් වෙලුනොතින් උදේ නින්දෙන් අවදිවූ විගසම අපේ සිහියට එන පලමු වෙනි සිතුවිල්ල තමයි... ඇය.

    මේ වගේ සිය ජීවිතය දෙවැනි කරල ආදරයක් කරල, ඒ ආදරය බිදිල ගියොත් ඇතිවන හැගීම් වචනයට පෙරලන්නෙ කොහොමද...? හිතාගන්නවත් බෑ... ඒත් සිය ආදරවන්තිය තමාව තනිකලාම... තමාව දමා ගියාම... යාළුවො සමාජය ඉස්සරහ බොරුවට දුකක් නෑ වගේ ඉන්න පුළුවන්.. බැරි උනත් කොහොමහරි ඉන්නවා... හිතයටින් ගිණි ගොඩක් හංගගෙන ඉන්නවා... නමුත් අපි මොහොතකට හෝ තනි උනොතින්නම්.... වස බෝතලයක් දෙනවනම් රස කර කර උනත් බීගෙන බීගෙන යන්න පුළුවන්... මේක බොලද කමක් නෙමෙයි.. ඇයට තිබෙන ආදරයේ ප්‍රබලකම.. ඇය නැතිවීමෙන් දැනෙන තනිකමේ වේදනාවේ ප්‍රබලකම. ඒ වේදනාව, තනිකම දරාගන්න හරිම අමාරුයි...

    දකින දකින තැන්වල පෙනෙන්නෙ ඔබේ රූපය... හැම සිදුවීමක්ම ඔබ හා ඉබේම ගැලපෙනවා... කොතරම් මතක නැති කරන්න උත්සාහ කලත් කොහොමද දෙවියනේ මතකනැතිකරන්නෙ... ඔන්න හිතාගන්නව ආයෙ ඔබව මතක්කරන්නෙ නෑ කියල... මොහොතයි හොරෙන්ම හෙමින් හෙමින් ඔයා මගේ සිහියට ඇවිත්... ඇස්කෙවෙණි ලගට කදුලක් එන්න හදනකොට හෝ හයියෙන් කෑ ගහල අඩන්න හිතෙනකොට තමා මතක් වෙන්නෙ මම ආයෙත් ඔයාව සිහිකරනව නේද කියල....?

    ඇස රැදුන රැදුන තැන්වල මුව මඩල හිනහුනා
    ඔබ මතක නැති කරන්නට මට මතකනැති වුනා.....

    මගේ හදවත අසරණවෙලා.... තනි වෙලා... මේ පාලු හදවත නැමති අම්බලමේ දුක නැමති පැදුර එලල තියෙනවා... ඒත් මට එහි නිදියන්න බෑ... මට දුක එපා... ඔයා නැතිව බෑ මට.. ඒ නිසා මම නිදියන්නෙ නෑ.... ඔයා ගැනම සිතමින් මම මුළු රෑම ගෙවන්නම්... මේ රැය කියන එක ලෝකයට උදා නොවෙනවනම්... මට ගෙවාගන්නම ආමාරු කාලය මේ රාත්‍රිය... සිතුවිලිවලට නිදහසේ දුවන්න පුළුවන්නේ... සිතුවිලිත් මාව රිද්දන්නද කොහෙදො දුවන්නෙ ඔයාව සොයාගෙනමයි.... ඒ නිසා මම නිදන්නෙ නෑ... කමක් නෑ... මම නිදන්නෙ නැතිව වේදනා විද විද හරි ඉන්නව.... වෙන මොනව කරන්නද... හිත් තියෙන්නෙ රිදෙන්න නේ.. ඔහේ රිදුනදෙන්...

    දුක් පැදුර දිගැර අලසව ඇත හද ගිමන්හලේ
    නින්දකට නොවැටි තැවි තැවි මුලු රැය පහන්කලේ.

    සිතුවිල ගලනවා ඉවරයක් නෑ... ඔයාව සිහිවෙනවා කෙලවරක් නෑ... මතක ගලාගෙන එනවා අවසානයක් නෑ.... මේ හැම එකකින්ම මගේ ගලන කදුළුවල නිමක් නෑ... ඒ අතරෙදි මට මගේ කණට සියුම් දෝංකාරයක් වගේ හඩක් ඇහෙනවා... මොනවද කියන්නෙ... කවුද ඒ කතාකරන්නෙ... ඔයාද වෙන කවුරුවත්ද...? ඒ හඩ කොහෙන් ආවත් ඇත්ත එයා කියනදේ ඇත්ත... එයා කියනව අනංගයා විදපු මල් හී අපතේ ගියානේද කියලා...? අනංගයාටත් බැරිවෙලා අපි දෙන්නව එක් කරන්න... ඒ තරමටම මම පෙර ආත්මයේ පවක් කරල ඇති... මම එහෙම හිතාගෙනවත් හිත හදාගන්න උත්සාහ කරන්නද...?

    රෑ කවුද හෙමින් එලැඹී මගේ කනට මුවතියා
    මින්දදගෙ දුන්නෙ මලිහී අහකැයි කියා ගියා ..
    .

    ඉතින් කලින් කිවුව වගේ අනංගයාටත් බැරි උනා, මල් හී අපතෙ ගියා කියල හිතාගෙන හිත හදාගන්න මම උත්සාහ කලත් එයත් හරියන්නෙ නෑ වගේ... මේ වේදනාව කොහොමද මම විදින්නෙ... වෙලාවකට හිතෙනවා මුළු ලෝකෙන්ම සැගවිලා යන්න... උඩුහිත නම් මම කියන විදියට අහගෙන නිහඩව ඉන්නවා... ඒත් යටිහිත මට පාලනය කරන්න බෑ... මගේ යටි හිත ඔයා හොරකම් කරල... හරියට පොඩි දරුවෙක් අම්මව සොයනව වගේ... ‍මගේ යටි හිතත් හැම තත්පරයකම ඔයාව විමසනවා... මම මොනව කරන්නද..? මේ ලොකෙන්ම සැගවෙන්න ඕන.. නැතිනම් ඒත් මේ ලෝකෙන්ම සැගවෙන්න ඕනි... ඒත් ඔයාට තිබෙන ආදරයම එයට බාධාවක් වෙලා...

    වැසු විමන් පියන් පියවා සගවන්න මට හිතයි
    උඩු හිතට වැඩිය ඔබ ගැන විමසන්නෙ යටිහිතයි

    හරිම අහින්සක විදියට තමාව දමා ගිය ආදරවන්තිය වෙනුවෙන් අඩා වැටෙන දුක්වෙන ගීතයක්. මේ ගීතයේ තිබෙන විශේෂතා දෙකක් තමයි, අංශු මාත්‍රයකුදු සිය ආදරවන්තිය ගැන අහිතක් හිතන්නෙනෑ.. තනිවම ඉතාම අසරණ ලෙසට තනිවෙලා දුක්වෙනව... අනිත් කාරණය තමයි ගීතයටත් එහා ගිහින් සංගීතය අඩා වැලපෙනවා.. මෙහි එන බටනලා වාදනය සහා වයිලීන් ගිටාර් වාදන අපේ ඇටමස් ලේ නහර විදගෙන යනවා හරියට හී සැරයක් වගේ... අපේ යාළුවො කියවල බලල අදහසක් දෙන්න හොදේ...

    ඇද රැදුන රැදුන තැන්වල මුව මඩල හිනහුනා
    ඔබ මතක නැති කරන්නට මට මතකනැති වුනා.....

    දුක් පැදුර දිගැර අලසව ඇත හද ගිමන්හලේ
    නින්දකට නොවැටි තැවි තැවි මුලු රැය පහන්කලේ.

    රෑ කවුද හෙමින් එලැඹී මගේ කනට මුවතියා
    මින්දදගෙ දුන්නෙ මලිහී අහකැයි කියා ගියා ...

    වැසු විමන් පියන් පියවා සගවන්න මට හිතයි
    උඩු හිතට වැඩිය ඔබ ගැන විමසන්නෙ යටිහිතයි......

    මේ විරහව තනිකම උරුම පෙම්වතුන්ට විතරක් නෙමෙයි... මේ දුක ගැහැණු පිරිමි දෙපක්ෂටම පොදුයි... පිරිමෙයෙක් ඉහතින් සදහන් කල විදියට හරිම අහින්සක විදියට අඩා වැටෙද්දි... ආදරෙන් පැරදුන ප්‍රේමවන්තියක් දුක්වෙනව මුළු ලෝකයම වේදනාවෙන් ගිගුම් දෙන ලෙසට...

    නිදිවර්ජිතව තම අහිමිවූ ආදරේ නාමයෙන් දුක්වෙන ඇය පාළු සීත රාත්‍රියෙන්, නිසලව සිටින ගස් කොලන් වලින්, තරු කැට වලින්, අදුරු අහසින්, මිලාන වූ සදෙන් , පිළිතුරු දෙන්න බැරි ප්‍රශ්ණයක් අහනවා.....

    “ අනේ ඔයාලගෙන් කවුරු හරි මට කියන්න... මගේ සිත ඔහුගේ සුසුම සොයනවා, ඔහුගේ දෙනෙත් සොයනවා... මට තේරෙන්නෙ නෑ... ප්‍රේමය කියන්නේ මොකද්ද මට තේරෙන්නෙ නෑ... ඔයාලවත් මට කියල දෙන්න. මෙහෙම දුක්විදීම ප්‍රේමයද...? ”

    මේ පාළු සීත රාත්‍රියේ ...
    කියා දෙන්න රහසින්...
    ප්‍රේමය නම් කිමැයි කියා....

    සස්ලිට් සහෝ නිර්මාණය කල තවත් රසවත් ගීත විචාරයක්...
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ටිකක් ‍වෙනස් ගීතයක් ගෙන ඒමට සිතා ගෙන සිටිමි.
    ඒ ගිතය කොතරම් වෙනස් දැයි කිව හොත් මට ගුටි කන්නට සිදු වේ දැයි බියෙන් සිටිමි.:dull::baffled:
    නමුත් උඩින් පෙනෙන කොමිටල් අර්ථයට සම්පූර්ණයෙන් වෙනස් පුදුම වූ සමාජ, දේශපාලන අර්ථයක් ඒ ගීතය පිළිබද ව මගේ කියවීමෙහි තිබේ............!!!:dull::yes:
    ගුටි කැවත් කමක් නැත එය දමමි........!!!:baffled:

    දාන්න ලොක්කා බලන් ඉන්නව
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    [FONT=&quot]එක යායේ කකා වැටී එකා වගේ එකට හිටී[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]එක පවුලේ උපන් ලෙසේ කළ ආරස්සා[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]නාස් ලනුව දමනවාලු කරත්තයක බඳිනවාලු[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]අපට හිටිය ළපටි කැකුළු නාඹර වස්සා[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]මෙම ගීතය මිතුරන් කීප[/FONT][FONT=&quot]දෙනෙකු තමන්ගේ ඉතා කුළුපග මිතුරෙකු අලලා කරන කතාබහක් බව මෙම ගීතය[/FONT][FONT=&quot] ආරම්බයේදීම අපට පැහැදිලි වේ. මොවුන්ගේ මිතුරුකම කොතෙක්ද යත් මොවුත්[/FONT][FONT=&quot]සියල්ලෝම ඉතාමත් එකමුතුව සහයෝගයෙන් කටයුතු කරන්නෝ වෙති. [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]එක යායේ කකා වැටී - එකා වගේ එකට හිටී[/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot]යනුවෙන්[/FONT][FONT=&quot] පැවසීමෙන් එය පැහැදිලි වේ. මේ මිතුරන්ගෙන් කෙනෙක් විවාහ වීමට සූදානම්[/FONT][FONT=&quot]වෙයි. හෙට දිනයේ විවාහ වන්නට සූදානම්වන මේ මිතුරා කෙබඳු පුද්ගලයෙකුදැයි [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]අපට හිටිය ළපටි කැකුළු නාඹර වස්සා[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]යෙදුමින්[/FONT][FONT=&quot] පැහැදිලිවේ. මොහු ඉතා යොවුන් වියේ පසුවන තරුණයෙකි. නිදහස උපරිමයෙන්ම [/FONT][FONT=&quot]බුක්ති විඳින්නෙකි. හෙට දින මොහු විවාහ වී තම බිරිඳ නිවසට කැඳවාගෙන එයි.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]හෙට ආ කළ ටිකිරිලියා නුඹ වේවිලු කබරගොයා[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ළිඳට ගියත් අවසරයක් ගන්නට වේවී[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]දළ ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]පනවාලා දරුණු දණ්ඩ බන්ධන නීතී[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]කබරගොයා යනු සමාජයෙන්[/FONT][FONT=&quot] කිසිඳු වටිනාමක් නොලැබෙන සතෙකි. කබරගොයාට අව්ව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වැස්ස[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පින්න ගානක් නැත. [/FONT][FONT=&quot]ඔනෑම රළු දෙයක් විඳ ගත හැකිය. ඒ අනුව හෙට දින බිරිඳ නිවසට පැමිණි විට මේ[/FONT][FONT=&quot] නිදහස උපරිමයෙන්ම බුක්ති විඳි කෙළිලොල් තරුණයාට සිදුවන්නේ කබරගොයෙකු මෙන් [/FONT][FONT=&quot]ඕනෑම දේකට ඔරොත්තු දෙන ලෙස හැඩගැසීමටය. මොහු පෙර සිටියේ තම තරුණ කමින් ඔද[/FONT][FONT=&quot]වැඩුණු ඇතෙකු මෙනි. ඇතෙක් සතුව ඇති වටිනාම වස්තුව උගේ දළ යුවළයි. මේ [/FONT][FONT=&quot]තරුණයාද ඇතෙකු මෙන් ස්වාධීනව කෙළිලොල්ව ජීවත් වෙයි. නමුත් බිරිඳ මොහුව යටත් [/FONT][FONT=&quot]කරගනියි. ඔහුට සිදුවන්නේ තම බිරිඳට අවශ්‍ය ලෙස හැඩගැසීමටය. බිරිඳ කියන ලෙස[/FONT][FONT=&quot] ජීවත්වීමටය. එනම් බිරිඳ පවුලේ ප්‍රධානියා බවට පත්වෙයි.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]වලට වැටුණ එකා යකා වලටම ඇදගනු මිසෙකා[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]වලෙන් උඩට එන්නට අත දෙන්නට කැමති[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]නෑදෑ හිතවතෙක් නැතී ඒ ගැන හිතුවොත් යෙහෙකි[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]කසාදෙ නම් කසාය හරි තිත්ත බෙහෙතකී[/FONT]

    [FONT=&quot]විවාහ වන්නෝ තමන් විවාහ වූවාට පසු විඳින්නට සිදුවන මෙවන් පීඩාවන් දැන දැනත් අලුතෙන් විවාහවන්නට සැරසෙන පිරිස ඒ සඳහා උනන්දු කරති. නෑදැයන් හිතවතුන් කිසිවෙක් විවාහ වූවාට පසු සිදුවන විපත ගැන නොසලකා අලුත විවාහ වන්නෝ තම වලටම ඇදගනිති. විවාහ වූ පසුව කොතෙකුත් කරදර බාධක පැමිණියත් ඉවසීමෙන්[/FONT][FONT=&quot], බුද්ධියෙන් ඒ සියල්ල විසඳාගෙන ඉදිරියට යා යුතුවේ. විවාහය යනු ඉතා තිත්ත බෙහෙතක් යැයි ගීත රචකයා පවසන්නේ එබැවිනි. නමුත් ඒ බෙහෙත තිත්ත වුවද අප සියල්ලන්ටම බීමට සිදුවේ.[/FONT]

    ගීත ගායනය - එඩ්වඩ් ජයකොඩි, බන්දුල විජේවීර, සුනිල් එදිරිසිංහ
    සංගීතය - එච්. එම්. ජයවර්ධන
    චිත්‍රපටය - මංගල තෑග්ග
    අධ්‍යක්ෂණය - එච්. ඩී. ප්‍රේමරත්න

    [FONT=&quot]* මේ ගීතය විචාරය කිරීමට සහය දුන් saslit සහෝට ගොඩක් ස්තූතියි.
    [/FONT]
    අපේ ගීත විචාර පවුලට ඔබව සාදරයෙන් පිලිගන්නව
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    පළමුව ඔබේ විචාරය සහ රසවින්දනය පසසමි.......!!!
    තව දුරටත් මෙසේ ලියනු ඇතැයි බලාපොරොත්තු වෙමි......!!!
    දැන් අප මෙයින් ගියද කම් නැතැයි සිතමි...අපි කරගෙන ආ කාරියය කරගෙන යාමට සමත් පිරිසක් මෙය වටා රොක්වී සිටිති.
    කෙසේ වුවත් පැරනි මලවුන් අළුත් මලවුන් හට ඉඩදිය යුතු නොවැ........:)
    අන්න ... එකග වෙන්න බෑ සහෝදරය.. අලුතින් සියත් දෙනෙකු පෑමිනියද ඔවුන්ගේ ගීත විචාර වල අඩු පාඩු පෙන්වාදෙන්නට ඔබ වන් කෙනෙකුන් හෝ සිටිය යුතුය... ඔබ,සසිලිට් සහෝදරය වෑන්නන්ගෙන් ඔවුන් ලබ අවවාද අනුශාසනා ඔවුන් ටද මහ මෙරක් වටිනා බවනම් නොඅනුමානය
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113

    මගුලක් කියනවා,ඔයා ඔය කියන කතාවට මම එකඟ වෙනවා අපේ ගීත සාහිත්‍යයේ තියෙන්නේ ගීත පහක් හයක් උනා නම් ,මොකද ඔයාල ඒ ගීත විචාරය කලාම අලුත් අයට නැතිවෙනවනේ.:P:P.ඒ උනාට දෙයනේ කියල අපේ ගීත සාහිත්‍යයේ තාමත් විචාරයට නොකළ ගීත ඕන තරම් තියෙනවා,,ඒක නිසා අලුත් අය ඒවාගෙන ගීත තෝරාගෙන විචාරය කරයි..ඔය අයියා මෙතෙක් කරගෙන ආපු වැඩේ අපේ ලේ රත්කරන්නේ නැතුව කරගෙන යන්න...:frown::frown:
    අත පය හතර පමනක්ම නොව.. ඉස්සෙන සියලු දේම උස්සා අනුමත කරමි
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    [FONT=&quot]මේ අපට දුර පියෙකු ගැනය.......[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]අව්වේ මුතු ඇට වපුරා.................[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]අව්වේ මුතු ඇට වපුරා - ඒ මුතු පනමට හරවා[/FONT]
    [FONT=&quot]අපේ කුසේ ගිනි නිවලා නුඹ කුස ගින්නේ[/FONT]
    [FONT=&quot]ඉද හිනැහෙන්නේ අපෙ අප්පච්චී[/FONT]
    [FONT=&quot]නුඹ කුසගින්නේ අපෙ අප්පච්චී..................[/FONT]

    [FONT=&quot]අපා දෙපා සිව්පාවුන් - ගෙන එන විණ වළකන්නට[/FONT]
    [FONT=&quot]සනසා නුඹ අප වටකර දඩු වැට වෙච්චී[/FONT]
    [FONT=&quot]මහ කැලේට ඇස් මානා අපෙ අප්පච්චී............[/FONT]

    [FONT=&quot]ජීවිතයේ බඹර හෙලේ - පැණි හොයලා රූටන්නේ[/FONT]
    [FONT=&quot]හිත හයියට කළ වැල් පොට වරපට වෙච්චී[/FONT]
    [FONT=&quot]විරිය පාරමිතා පුරන අපෙ අප්පච්චී..............[/FONT]

    [FONT=&quot]සුභාවිත ගීතයේ ඉදිරියෙන් ම වැජඹෙන පිය ගුණ ගීත දෙකක් මා විස්වාස කරන අයුරින් පවතින බව මම ඔබට එම ගීත දෙකෙහි මුල් තැන තිබෙන ගීතය වන “දරු දුක උහුලා” ගීතය පිළිබද රස මං සොයාගිය ලිපියෙහි පැවසූයෙමි. මේ එවන් ගීත අතලොස්සේ දෙවන තැන ඇති යයි මා විශ්වාස කරන ගීතයයි. මේ ගීතය මදක් අපෙන් දුරස් වූ අත්දැකීමක් ගෙන එන නිසා දෝ හෝ රසවිදීමට යම් බාධාවක් ගෙන එයි. එනිසා ම මෙම හුය කියවන අපේ සාධු ජනයා ගේ පහන් සංවේග පිණිසම මේ ගීතයේ පසුබිම සහ රසවින්දනය පිළිබද මගේ අදහස මෙසේ මෙහි හොවමි.[/FONT]

    [FONT=&quot]ගීතය ලියවී ඇත්තේ අ‍පට මදක් දුර වූ භූ මානව අර්ථයකින්ය. ගීතයට ප්‍රස්තූතය වන්නේ නුවර කලාවියේ වියළි කටුක පරිසරයක සිය සුතඹුවන් වැර වෑයමින් රකිනා පියෙකු පිලිබදවය. ඒ පියා අප මේ ගෙන්දම් පොළවේ දකින පියා සේම සිය දරුවන් වෙනුවෙන් අප්‍රමාණ වූ කැපකිරිම් කරමින් දහඩිය වගුරුවයි.[/FONT]

    [FONT=&quot]අව්වේ මුතු ඇට වපුරා - ඒ මුතු පනමට හරවා[/FONT]
    [FONT=&quot]අපේ කුසේ ගිනි නිවලා නුඹ කුස ගින්නේ[/FONT]
    [FONT=&quot]ඉද හිනැහෙන්නේ අපෙ අප්පච්චී[/FONT]
    [FONT=&quot]නුඹ කුසගින්නේ අපෙ අප්පච්චී..................[/FONT]

    [FONT=&quot]නුවර කාලාවියේ ගැමියන් ගේ ප්‍රධාන ජීවිකාව මහපොලෙව සමග හරි හරියට ඔට්ටු වෙමින් කෘෂිකර්මයෙහි යෙදීමය. රචකයා මේ කාෂ්ඨ පොලව සමග ඔවුන් කරන ගණුදෙනුව පලමු පදයෙන්ම ගෙන හැර පාන්නේ තම අප්පච්චී අව්වේ තම දහඩිය මුතු ඇට වපුරන බව කියමිනි. කොතරම් මනරම්, හදවතෙහි ගැඹුරෙහිම ඇනෙන උපමාවක් ද මේ. අප්පච්චි අවුවේ වපුරන මුතු ඇට, අස්වැන්න ලෙස ගෙන පනමට හුවමාරු කරයි. නමුත් ඒ “පනම” වචනයේ අර්ථයෙන් ම “පනමකි”, එනම් සොච්චම් මුදලකි. රචකයා නුවර කලාවයේ ගොවියන් ගේ සදාකාලික අර්බුදය වන අස්වැන්න කුණු කොල්ලයට විකිණෙන ඛේදවාචකය මෙයින් මොනවට ඉදිරිපත් කරයි. මා මෙම රචනය අප සුභාවිත ගීයෙහි පිය ගුණ ගී අතර මුල් පෙලක රදවන්නේ පළමු පද දෙකෙන් ම පමණක්, පියෙකු ගේ වෙර පමනක් නොව සමාජ අසාධාරණය ද තත්ත්වාකාරයෙන්, අතිශෝක්තියෙන් තොරව රසික මනස තුළ ගින්නක් කොට අවුලවන මේ දක්ෂ-පක්ෂ භාවය නිසාමය. මෙසේ සියලු ම අසාධාරණකම් හමුවේදීත් තම දහඩිය වෙනුවෙන් ලබන සොච්චමින් ඔහු තම දරුවන් ගේ කුසගිනි නිවාලයි. නමුත් ඒ සියළු ම දෙනා ගේ කුස් පිරවීමට තරම් පමන නැත. එනිසා ම මේ අප්පච්චි කුසගින්නේය. නමුත් ඔහු කුසගින්නේ හිද වුවද තම දරුවන් ගේ කුස් පිරවෙනු බලා හිනැහෙයි. තම කුසගිනි දාරක ප්‍රේමයේ මහිමය නිසා ම ඔහුට නොනැගේ. සොයුරනි, බහුතරයක් අප පියවරුන් මේ අප්පච්චී පසුපස සිටින බව ඔබට පෙනෙන්නේද?[/FONT]

    [FONT=&quot]අපා දෙපා සිව්පාවුන් - ගෙන එන විණ වළකන්නට[/FONT]
    [FONT=&quot]සනසා නුඹ අප වටකර දඩු වැට වෙච්චී[/FONT]
    [FONT=&quot]මහ කැලේට ඇස් මානා අපෙ අප්පච්චී............[/FONT]

    [FONT=&quot]දරුවන් හට එන ආපත්ති-විපත්ති වලින් උන් වලකාලීමට මේ අප්පච්චි, නුවර කලාවියේ හේනක් වටා දැඩිව බදින දඩු වැටකට රචකයා උපමා කරයි. ඒ දරුවන් හට “අපා-දෙපා-සිවුපා” සියලු ම “සතුන්” ගෙන් වන විපත්ති වලට රැහැණිවය. මේ සමාජය මහ කැලයක් ලෙස දකින රචකයා, එහි සතුන් ගෙන් වන විපත් ගැන නිතොරව ම සෝදිසියෙන් සිටින තම පියා මේ මහා සමාජ වනයට ඇස් මානාගෙන හිදින බව දක්වන්නේ, පියෙකු ගේ ආරක්ෂාව තරම් අන්අස්වැසිල්ලක් දරුවන් හට නැති බව පසක් කරදෙමිනි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ජීවිතයේ බඹර හෙලේ - පැණි හොයලා රූටන්නේ[/FONT]
    [FONT=&quot]හිත හයියට කළ වැල් පොට වරපට වෙච්චී[/FONT]
    [FONT=&quot]විරිය පාරමිතා පුරන අපෙ අප්පච්චී..............[/FONT]

    [FONT=&quot]මේ පියා පුරන්නේ බෝසත් වරුන් බුද්ධත්වය පතා කරන වීර්යය පාරමිතාව බව ය රචකයා පවසන්නේ. ඊට ඔහු යොදනා උපමාව වර්ණනාවිෂයක්‍රාන්තය. ජීවිතය බඹර හෙලක් බව ඔහු කියයි. බඹරුන් වද බදින්නේ මහා ගිරි කුළු ප්‍රපාත වලය. මේ බඹර වද වල බඹර පැනි ගැරිමට යන්නෝ උස් ගිරි පව්වේ උඩ සිට තනි වැල් පොටකින් එල්ලී පහලට රූටති. බඹර කපන්නා ගේ එකම වහල සහ පිලිසරණ මේ වැල්පට ම පමනි. මේලෙස ජීවිතය අනතුරේ හොවා බඹර කපන්නෙකුට තම අප්පච්චි උපමා කරන රචකයා, ඔහු ගේ එකම රැකියාව වන ගොවිතැන, දුර්වල කළ වැල් පොටක් බදු එකම ජීවිකාව, හයිය හත්තිය ඇති මීමුන් ආංබාං කරන වර පොටකට පෙරලා ගෙන ඇති බව කියන මේ පද දෙක, අප තුල ඇති කරන්නේ අප පියවරුන් ගැන අප හද තුළ ඇති අප්‍රකාශිත සෙනෙහසට විරේචකයක් නොවේද?[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]පිය සෙනෙහසක් පිලිබදව මෙතරම් අර්ථරූපී, භාවරූපී රචනයක් ගෙන ආ විශිෂ්ටතම ගේය පද රචකයෙකු වන මහින්ද දිසානායකයන් ගේ පුත් ගයාමන් දිසානායකයන් හට ද, පොහොසත් සංගිතයක් මේ ගීයට ලබා දුන් අභාවප්‍රාප්ත ගුණදාස කපුගේ සහෘදයාණන් හටද, ගීතය ගයන ක්‍රිෂාන්ත එරන්දක හටද සුභාවිත හෙළ ගීතයේ ප්‍රගමනය ප්‍රාර්ථනා කරන ඔබ අප සැම ගේ ප්‍රණාමයද, පිං පෙත් අනුමෝදනාවද විය යුතු බව හගිමි.[/FONT]

    දොස්තර මහත්තයෝ...ඔබට පින්
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඔබ මතක නැති කරන්නට මට මතකනැති වුනා.....
    ]

    ඈත්තටම මේ ගීත ගෑල පීම ගෑන සිතන විට සිතෙන එකම ප්‍රශ්නයක් ඈත.. මේවගේ ගීත ගෑලපීමට ඔබට දෑනුම ආවෙකොහොමද ??? පොඩි කාලෙ වෑරදිලා පපඩම් කියල සී.ඩී තෑටිවත් බෑද ගෙන කෑවාද???
    විශිස්ටයියාලු.. අතිවිශිස්ටයි..