[FONT="]එක යායේ කකා වැටී එකා වගේ එකට හිටී[/FONT][FONT="]
[/FONT][FONT="]එක පවුලේ උපන් ලෙසේ කළ ආරස්සා[/FONT][FONT="]
[/FONT][FONT="]නාස් ලනුව දමනවාලු කරත්තයක බඳිනවාලු[/FONT][FONT="]
[/FONT][FONT="]අපට හිටිය ළපටි කැකුළු නාඹර වස්සා[/FONT][FONT="]
[/FONT][FONT="]මෙම ගීතය මිතුරන් කීප[/FONT][FONT="]දෙනෙකු තමන්ගේ ඉතා කුළුපග මිතුරෙකු අලලා කරන කතාබහක් බව මෙම ගීතය[/FONT][FONT="]ආරම්බයේදීම අපට පැහැදිලි වේ. මොවුන්ගේ මිතුරුකම කොතෙක්ද යත් මොවුත්[/FONT][FONT="]සියල්ලෝම ඉතාමත් එකමුතුව සහයෝගයෙන් කටයුතු කරන්නෝ වෙති.[/FONT][FONT="]“[/FONT][FONT="]එක යායේ කකා වැටී - එකා වගේ එකට හිටී[/FONT][FONT="]”[/FONT][FONT="]යනුවෙන්[/FONT][FONT="]පැවසීමෙන් එය පැහැදිලි වේ. මේ මිතුරන්ගෙන් කෙනෙක් විවාහ වීමට සූදානම්[/FONT][FONT="]වෙයි. හෙට දිනයේ විවාහ වන්නට සූදානම්වන මේ මිතුරා කෙබඳු පුද්ගලයෙකුදැයි[/FONT][FONT="]“[/FONT][FONT="]අපට හිටිය ළපටි කැකුළු නාඹර වස්සා[/FONT][FONT="]” [/FONT][FONT="]යෙදුමින්[/FONT][FONT="]පැහැදිලිවේ. මොහු ඉතා යොවුන් වියේ පසුවන තරුණයෙකි. නිදහස උපරිමයෙන්ම[/FONT][FONT="]බුක්ති විඳින්නෙකි. හෙට දින මොහු විවාහ වී තම බිරිඳ නිවසට කැඳවාගෙන එයි.[/FONT][FONT="]
[/FONT][FONT="]හෙට ආ කළ ටිකිරිලියා නුඹ වේවිලු කබරගොයා[/FONT][FONT="]
[/FONT][FONT="]ළිඳට ගියත් අවසරයක් ගන්නට වේවී[/FONT][FONT="]
[/FONT][FONT="]දළ ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා[/FONT][FONT="]
[/FONT][FONT="]පනවාලා දරුණු දණ්ඩ බන්ධන නීතී[/FONT][FONT="]
[/FONT][FONT="]කබරගොයා යනු සමාජයෙන්[/FONT][FONT="]කිසිඳු වටිනාමක් නොලැබෙන සතෙකි. කබරගොයාට අව්ව[/FONT][FONT="], [/FONT][FONT="]වැස්ස[/FONT][FONT="], [/FONT][FONT="]පින්න ගානක් නැත.[/FONT][FONT="]ඔනෑම රළු දෙයක් විඳ ගත හැකිය. ඒ අනුව හෙට දින බිරිඳ නිවසට පැමිණි විට මේ[/FONT][FONT="]නිදහස උපරිමයෙන්ම බුක්ති විඳි කෙළිලොල් තරුණයාට සිදුවන්නේ කබරගොයෙකු මෙන්[/FONT][FONT="]ඕනෑම දේකට ඔරොත්තු දෙන ලෙස හැඩගැසීමටය. මොහු පෙර සිටියේ තම තරුණ කමින් ඔද[/FONT][FONT="]වැඩුණු ඇතෙකු මෙනි. ඇතෙක් සතුව ඇති වටිනාම වස්තුව උගේ දළ යුවළයි. මේ[/FONT][FONT="]තරුණයාද ඇතෙකු මෙන් ස්වාධීනව කෙළිලොල්ව ජීවත් වෙයි. නමුත් බිරිඳ මොහුව යටත්[/FONT][FONT="]කරගනියි. ඔහුට සිදුවන්නේ තම බිරිඳට අවශ්‍ය ලෙස හැඩගැසීමටය. බිරිඳ කියන ලෙස[/FONT][FONT="]ජීවත්වීමටය. එනම් බිරිඳ පවුලේ ප්‍රධානියා බවට පත්වෙයි.[/FONT][FONT="]
[/FONT][FONT="]වලට වැටුණ එකා යකා වලටම ඇදගනු මිසෙකා[/FONT][FONT="]
[/FONT][FONT="]වලෙන් උඩට එන්නට අත දෙන්නට කැමති[/FONT][FONT="]
[/FONT][FONT="]නෑදෑ හිතවතෙක් නැතී ඒ ගැන හිතුවොත් යෙහෙකි[/FONT][FONT="]
[/FONT][FONT="]කසාදෙ නම් කසාය හරි තිත්ත බෙහෙතකී[/FONT]
[FONT="]විවාහ වන්නෝ තමන් විවාහ වූවාට පසු විඳින්නට සිදුවන මෙවන් පීඩාවන් දැන දැනත් අලුතෙන් විවාහවන්නට සැරසෙන පිරිස ඒ සඳහා උනන්දු කරති. නෑදැයන් හිතවතුන් කිසිවෙක් විවාහ වූවාට පසු සිදුවන විපත ගැන නොසලකා අලුත විවාහ වන්නෝ තම වලටම ඇදගනිති. විවාහ වූ පසුව කොතෙකුත් කරදර බාධක පැමිණියත් ඉවසීමෙන්[/FONT][FONT="], බුද්ධියෙන් ඒ සියල්ල විසඳාගෙන ඉදිරියට යා යුතුවේ. විවාහය යනු ඉතා තිත්ත බෙහෙතක් යැයි ගීත රචකයා පවසන්නේ එබැවිනි. නමුත් ඒ බෙහෙත තිත්ත වුවද අප සියල්ලන්ටම බීමට සිදුවේ.[/FONT]
ගීත ගායනය - එඩ්වඩ් ජයකොඩි, බන්දුල විජේවීර, සුනිල් එදිරිසිංහ
සංගීතය - එච්. එම්. ජයවර්ධන
චිත්‍රපටය - මංගල තෑග්ග
අධ්‍යක්ෂණය - එච්. ඩී. ප්‍රේමරත්න
[FONT="]* මේ ගීතය විචාරය කිරීමට සහය දුන් saslit සහෝට ගොඩක් ස්තූතියි.
[/FONT]
lassanata liyala thiyenewa ..










