෴ ♥ සමනල වසන්තය ♥ ෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෴ ♥ සමනල වසන්තය ♥ ෴

    Cover-01.jpg


    01.png


    නින්ද යන්නෙ නැතිකමට උදේම නැගිටලා ඉස්කෝලෙට ආවට මං ආවා වේලාසන වැඩියි කියලා හිතුනෙ පාළුවට ගිය පිට්ටනිය දකිද්දියි. අපේ සෙට් එකේ එකෙක් එනකල් පොත් ටිකත් ඩෙක්ස් එක උඩට දාලා මං කොරිඩෝවට ආවා. ඔන්න එතකොට විහගයා එනවා හතරවටේට ඇන්ටනාව දාගෙන.


    "මොකද මල්ලී උඹ සී.අයි.ඩී ගේමකට බැහැල වගේ උදේ පාන්දරම.."


    "මචං උඹ එද්දි තව කවුරුවත් ඇවිත් හිටියද..?"


    මූ පංතියට ගොඩ උනේ ප්‍රශ්නාර්තෙකුත් දාගෙන.

    "ඇයි බං තව කවුරුහරි හිටියනං මං පෙට්‍රල් පුච්චගෙන පාර දිහා බලන් ඉදියිද.."


    මමත් තදයා වගේ තවත් ප්‍රශ්නෙකින්ම උත්තර දුන්නා.


    "හරි හරි බං, ඕකට ඉතිං වලිගෙ පාගගන්න ඕනෙ නැහැනේ. උඹගැන වෙන්න ඇති කියන්න ඇත්තේ. වරෙන් යං."


    මූ මගේ අතින් ඇදගෙන ඔෆිස් රූම් එක පැත්තට යන්න හැදුවේ. මමත් අත ගසලා දාලා බඩගින්නෙ හිටපු නරියා කුකුළෙක් දිහා බලනවා වගේ විහගයා දිහා බැලුවා.


    "මොකද උඹ කන්න වගේ මගේ දිහා බලන්නේ..? වරෙන් යන්න.."


    බලපල්ලකො මුගේ කතාව. හරියට යන තැනක් නොකියා මේ පාන්ද මාව තාත්තා වගේ ඇදගෙන යනවා. ඒ මදිවට තව සද්දෙකුත් දාගෙන.


    "උඹ සේරටම කලින් කියපං මාව කොහෙද මේ මරන්න ගෙනියන හරකා වගේ ඇදගෙන යන්නෙ කියලා.."


    "මචං මං එද්දි ප්‍රින්ස් දැකලා කිව්වා යාළුවත් අඩගහගෙන එයාගෙ රූම් එකට එන්න කියලා.."


    ඌ ප්‍රින්ස් කියලා හැදින්වුයෙ අපේ ප්‍රින්සිපල්ව. අපි විතරක් නෙමෙයි ගොඩක් දෙනෙක් එයාව හැදින්වුයෙ අකුරු දෙකකින්. අපි ප්‍රින්ස් කිව්වෙ කට්ටිය ගැවසෙන තැන් වලදි විතරයි. දැන් මෙතන ඉන්නෙ අපි දෙන්නා විතරක් උනාට විහගට හිතෙන්න ඇති මේ බුදුන් වදින උදේ පාන්දර අකුරු දෙකකින් අමතන්න හොද නෑ කියලා. නැතුව උගේ තියෙන හැදිච්ච කමට නෙමෙයි.


    "අපිට එන්න කිව්වෙ උඹ පෙරලපු බාල්දියක් ගැන කතා කරන්නද, මං පෙරලපු එකක් ගැන කතා කරන්නද දන්නෙ නෑ.. අපරාදේ අද යටට ෂෝටවල් දෙකතුනක් ඇදගෙන එන්න තිබුණා.."


    මං කිව්වෙ පස්ස අතගාන ගමන්.


    "මට හිතෙන්නෙ එහෙම අවුලක් වෙන එකක් නෑ. අද සර්ගෙ මූඩ් එක හොදයි වගේ.."


    මට එහෙම කිව්වට මොකද දැනටමත් මුගේ මූණත් තහඩුව ටිකක් ඇදවෙලා.


    "මචං උඹ ඉස්සර වෙලා පලයං.."


    මූ දොර ළගදි මාව ඉස්සරහට දාන ගමන් කිව්වා. ඌ තදයා වගේ මාවත් ඇදගෙන ආවට එද්දි තිබ්බ ගට දැන් බැහැලා. මං විහගගේ අතත් අල්ලගෙන ප්‍රින්සිපල්ගෙ කාමරේ දොර තල්ලු කරා.


    "ගුඩ් මෝනිං සර්.."


    අපිත් අර කරාටේ ක්‍රීඩකයො තරගෙ ආරම්භ කරද්දි වගේ දෙකට නැමිලා කිව්වා.


    "ආ.. ගුඩ් මෝනිං, පුතාලා ඉදගන්න.."


    පිස්සු පපඩම් කිව්වලු. වෙනදට සත්තු වත්තෙන් බාගෙකම නම් කියන සර් අද පුතාලා කියලා කතා කලා. විහගයා උගේ සාක්කුවෙ තිබුණ හඩු ලේන්සුවත් අරගෙන ඇස් දෙකම පිහදාලා සර් දිහා බැලුවෙ මේ එයාමද කියලා දැනගන්න. මොනව උනත් සර්ට අපෙන් කරගන්න ලොකු වැඩක් තියෙන පාටයි.


    "මං ඔයාලාට එන්න කිව්වෙ වැදගක් කාරණයක් ගැන කතා කරන්න. හෙට ඒ ලෙවල් වලට අලුතෙන් ළමයි ගන්නවා. ඒකටත් ඔයාලගෙ උදව් ඕනේ. අනිත් ප්‍රධානම දේ තමයි හේෂාන්, අනිද්දා උදේම උසස් පෙළ ළමයි හැමෝටම මීටින් එකක් ලෑස්ති කරන්න ඕනෙ.."


    ඔය පැන්නෙ බළලා මල්ලෙන් එළියට. ඒක සර් මගේ මූණ දිහා බලාගෙන කිව්වෙ මං ශිෂ්‍ය සමිතියෙ සභාපති නිසා වෙන්න ඇති. එහෙනං අලුත් නැව එන්නයි හදන්නේ. මොනව උනත් ඒ නිව්ස් එක කණට මී පැණි වත්කලා වගේ. විහගත් පැණි බේරෙන හිනාවක් දාලා මගේ දිහා බැලුවෙ ගිය පාර නැවටට දීපු රැග් එක මතක් වෙලා විතරක්ම වෙන්න බෑ. මං දන්නවනේ සතා මොකාද කියලා.


    "හැබැයි හේෂාන්, ඒ ළමයින්ට රැග් කරන්න දෙන්න එපා. ගිය පාරත් මට ඒ වගේ ආරංචි ආවා. මේක කැම්පස් එකක් නෙමෙයි."


    පුදපු ගමන් කාපි යකා වගේ සර් ඒක මූණටම කිව්ව කැත. බබා හම්බවෙන්න කලින් නැති කරගන්නයි මෙයා හදන්නේ. අනික ඉතිං රැග් කරන්න එපා කියලා අපි කාට කියන්නද..? ඒක කරන්නෙත් ඉතිං අපිමනේ..


    ඉස්කෝලෙ ශිෂ්‍ය නායකයො උන අපි මොනතරම් බාල්දි පෙරලුවත් වගකීමෙන් වැඩ කරනවා කියලා ප්‍රින්සිපල් දන්නවා. ඒ නිසා කවදාවත් අපේ බැජ් කට්ට ගැලවුනේ නෑ. ප්‍රින්සිපල්ගෙ දේශනාවට සවන් දීලා අපි එද්දි අපේ සෙට් එකේ ඉතුරු ටිකත් ඇවිත්. පංතියට ගිය ගමන් විහගයා කලේ ගුරු මේසේ උඩ තිබුණු මල් වාස් එක අනිත් පැත්ත පෙරළලා අරන් සභාව අමතපු එක.


    "අසව්... අසව්... අසව්..."


    මූ යටි ගිරියෙන් බෙරිහන් දුන්නට කවුරුවත් අහන පාටක් නං පෙනුනෙ නෑ.


    "මෙන්න අපේ හැන්ඩි මල්ලිලාට නාග සලං නිව්ස් එකක්.."


    ඒක කියද්දි නං එකා දෙන්නා විහග දිහාට හැරුණා.


    "හෙට උදෑසන උසස් පෙළ අලුත් නැව සෙන්ට්‍රල් වරායෙ නැංගුරම් ලන බව නිසි බලධාරියා විසින් පවසන ලදී."


    ඌට කතාවෙ ඉතුරු ටික කියා ගන්න හම්බ උනේ නෑ. අපේ ගැන්සිය කෑගහලා නටන්න පටන් ගත්තා. අපේ පරණ නංගිලාට ඉතිං සොරිම තමා.


    "මචං විහගයො, උඹේ සුනඛ අසිපතට මොකද වෙන්නෙ එතකොට..?"


    ෂෝටා ඒ ඇහුවෙ මහේෂා ගැන. ඒකි කට්ට කලුයි. සුදකට කියලා තියෙන්නෙ හිනාවෙද්දි පේන දත් පේළිදෙක විතරයි. ඉතිං අපේ කොල්ලො ටික දාපු නම තමයි ඒ. ඒක තුන් තේරවිල්ලක් විදිහට දාලා තියෙන්නෙ මහේෂාව එක පාරටම චාටර් කරන එක හොද නැති නිසා. මොනව උනත් සුනඛ අසිපත කියන්නෙ බලු කඩුව කියලා දන්නෝ දනිති.


    කොහොම හරි එදා ඉස්කෝලෙ ඇරිලා අපි ගියේ හෙට දහසක් බලාපොරොත්තු තියාගෙන අනේ අනිච්චං කියලා මේ සෙන්ට්‍රල් භූමියට ගොඩ වදින පුංචි ඈයො ටික පිළිගන්න ලොකු බැනර් එකකුත් මේන් ගේට් එක ළග දාලා ඉවර වෙලයි. වෙනදට දාහක් ලෙඩ හැදෙන අපේ ඒ ලෙවල් තදයො ටික හෙටනං ගංවතුර ගැලුවත් ඉස්කෝලෙ එන විත්තිය මට ෂුවර්.


    මමත් සුපුරුදු විදිහටම විහගයා එක්ක පාරට බැස්සෙ හෙට දවස ගැන කතා කර කර. හැමදාම උදේට බස් එකේ ඉස්කෝලෙ එන මං හවස ගෙදර ගියේ විහගගෙ බයිසිකල් කට්ටෙ. ඌ හැමදාම ඒකෙ ඇවිත් ඉස්කෝලෙ ළග තියෙන කමියුනිකේෂන් එකේ පිටිපස්සෙ ලෑලි මඩුවෙ ඒක දාලා තමයි ඉස්කෝලෙට එන්නේ. ඒක නියම බ්‍රෑන්ඩ් නිව් බඩුවක් නිසා මේ වෙනකල් කවුරුවත්ම උස්සලා නෑ.


    *********************************


    ඔන්න ඉතිං උදේ පාන්දරම නැගිටපු මම වෙනදට වඩා හොදට ඇදුමක් මැදලා ලෑස්ති උනේ ටිකක් කලින් යන්නයි. අවුරුද්දෙ දවස් 365න් හොදම දවස අද කියලා හිතලා මම නමෝ විත්තියෙන් දකුණු කකුල පෙරට තියලා එළියට බහිද්දි විහගයා දොරකඩ.


    වෙනදට කෙලින්ම ඉස්කෝලෙට යන මූ අද මේ පැත්තට පා වෙලා ආවෙ ඇයි කියල අහන්න හිටියත් මට උගේ සැබෑ වෙනස දැකලා ඒ ප්‍රශ්නෙත් අමතක වෙලා ගියා. පොර ජෙල් ගාලා කොණ්ඩෙ උඩට පීරලා, ඇදුම හොදට මැදලා විතරක් නෙමේ කිරි ටොයිස් වගේ සපත්තු දෙකකුත් දාලා. මූ නං ෂුවර් එකට පෝය දවසෙ කළුතර බෝධිය පැත්තෙවත් ගිහින් තියෙන පාටයි.


    "මොකෝ බං බය වෙලා වගේ..? මං හරියට රිතික් රෝෂන් වගේ නේද..?"


    මූ කමීස කොලර් එකත් උස්සලා මගෙන් ඇහුවා.


    "පුහ්... රිතික් දන්නවනං කිචි කවාගෙන මැරෙනවා. ඒක නෙමේ අද මොකෝ මේ පැත්තේ..?"


    "නෑ බං මට හිතුනා අද උඹ බස් එකේ ගිහින් ඇදුම් තලාගෙන, දාඩියපෙරාගෙන එන එක හරි නෑ කියලා. ඉතිං මං මගේ රථයෙන් උඹව කැන්දන් යන්න ආවා."


    අම්මද බොල කිව්වලු. මූත් හරියට බුදුවෙන්න වේටින් ලිස්ට් එකේ ඉන්න ගානට කතාව. ඒ තරම් සත්ව කරුණාව.


    "අඩෝ මේ, බස් එකේ ගියොත් වෙන්නෙ ඇදුම් තැලෙන එකයි දාඩිය දාන එකයි විතරයි. ඒ වගේද උදේ පාන්දර මේකෙ නැගලා ගියොත් ඔය කියපු දෙකට අමතරව මජං ගාගෙන, තල්ලු කරගෙන, පිටගැස්ම හදාගනෙ....."


    "ඇති ඇති මං යනවා, උඹ වරෙං බස් එකේ. හැබැයි මල්ලි හවසටත් මං නෑ හරි.."


    විහගයට තද උනා වගේ පෙන්නුවට ඌට තද වෙන්නෙ නෑ කියලා මං අත්දැකීමෙන් දන්නවා. මොකද මූ අවුරුදු ගානක්ම මගේ බඩ බැදගෙන ඉන්න අතීසාර මිත්‍රයනේ. ඉතිං මං මිනිහව තවත් බයිට් එකට ගන්නෙ නැතුව බයිසිකලේ පොල්ලෙ ඉදගත්තා.


    ඉස්කෝලෙ ගාවින් බහිද්දි පශ්චාත් භාගය තිබුණෙ දත් ගලවන්න ඉන්ජෙක්ෂන් ගහපු ගානට. කොටින්ම කියනවානං නෑ වගේ.


    අද නං සෙන්ට්‍රල් එක හරියට පේරාදේණිය මල් වත්ත වගේ. අළුත් කොල්ලො කෙල්ලො විතරක් නමෛයි උන්ගෙ අම්මලා තාත්තලා පාට පාටින් දිලිසි දිලිසි තැන් තැන්වල. විහගගෙ කටත් පන්සලේ පිං කැටේ වැගේ නොන්ස් ටොප් ඇරිලා.


    "මචං ඔය ලේන්සුව අරගෙන නිකට හරිය පිහිද ගනිං.."


    "ඇයි රන්දු මොනවද..?"


    මූ කලබල උන පාරට අත් දෙකෙන්ම කට වටේ පිහදනවා.


    "නෑ මචං පැණි බේරෙනවා."


    මං ඒක කිව්වෙ ටිකක් විතර ඈත් වෙලා.


    "රන්දු උඹට මං......."


    ඒක කියාගෙන මූ මගේ පස්සෙන් එළවගෙන ආවා.


    ගුරුවරු සේරම හේෂාන් කියලා කථා කලාට යාළුවො හැමෝම මට කිව්වෙ රන්දු කියලා. ඒකට හේතුව තමයි මගේ නම හේෂාන් රන්දුල උන එක. කොහොමහරි මූ මගේ නමත් කියාගෙන පස්සෙන් එන නිසා මං ග්‍රවුන්ඩ් එක පැත්තට දුවන්න හැදුවා. හැබැයි අහල බලාගෙන ගිය මං නතර උනේ කාගෙන ඇගේ දඩාස් ගාලා හැප්පිලා. මං බයෙන් වගේ හැරිලා බැලුවෙ මාව හැප්පුනේ කලු මහත් ඇන්ටි කෙනෙක්ගෙ ඇගේද දන්නෙ නැති නිසා.


    හත්වලාමයි.......... මලක් වගේ සුදු කෙල්ලෙක්. හරියට නිකං රාණි මුකර්ජී වගේ. විහගයත් ඉදලා ඉදලා කලේ කියලවත් කර ගන්න බැරි වැඩක්. ඒත් ඉතිං මමත් විහග වගේ ඇඹලය වෙලා බැහැනේ.


    "අයි ඇම් වෙරි සොරි නංගි.."


    මම ඩීසන්ට් පිටම කිව්වා. ඒකි මගේ මූණ දිහා බලලා මල් මල් හිනාවක් දැම්මා. වචන දාහකට වඩා ඒක වටිනවා.


    මොනව උනත් විහගයගෙ මූණේ ඉරිසියාව දෝරෙ ගලනවා. මං ආයෙත් අර සුදු කෙල්ල දිහා බලලා විහගයවත් ඇදගෙන පංතියට ආවා. අද පංතියෙ කොල්ලෙ සේරම කලින් ඇවිත්. ඒ මදිවට එක එකා ළගින් එක එක සුවදවල් එනවා. අපේ කට්ටිය අද ගෙදර අක්කලා අයියලගෙ සුවද කුප්පි ටිකට ගේම දීලා තියෙන පාටයි.


    අලුත් ළමයි බාරගන්න වැඩ වලට වෙන් කරලා තිබුණේ මේන් හෝල් එකේ. ඊයේ ප්‍රින්සිපල් සර් කිව්ව නිසා මමයි විහගයයි ෂෝටායි, නිරෝධයයි කට්ටියම ඒ පැත්තට ගියා. ළමයි සීයට අනූවක් විතර බයෙන් වගේ හිටියත් ටික දෙනෙක් හිටියෙ තදයො වගේ. බලමුකො මල්ලිලා පස්සෙ හැප්පෙමු කියලා හිතලා අපි ඇතුළටම ගියා. ඒ වෙද්දිත් ප්‍රින්සිපල් සර් ඇවිත් හිටියෙ. මෑන් මොනව උනත් වෙලාවට වැඩ. අපිත් ඒ හරියට ගිහින් වැඩ වලට හොට දැම්මා. නන්දනී මිස් දිග මේසෙක වාඩිවෙලා පොතක ලිය ලිය අප්ලිකේෂන් භාර ගන්නවා. විහගත් එතනම ඉදගෙන වැඩ පටං ගත්තා.


    මමයි ෂෝටයි සෙට් උනේ ඒ ඇප්ලිකේෂන් ටික සෙක්ෂන් වලට බෙදන්න. අපි ඒවා සෙක්ෂන් වලට වෙන් කරපු ෆයිල් ඇතුලෙන් දාද්දි සමහර ළමයි ඇවිත් එබිලා බැලුවෙ තමන්ගෙ නම හරි සෙක්ෂන් එකට යනවද කියලා දැනගන්න.


    මං එක ඇප්ලිකේෂන් එකක් අරන් බලද්දි ඒකෙ තෝරාගන්නා අංශය කියන තැන හිස්තැනක් තිබුණා. මේක පුරවපු එකාට මෙලෝ සිහියක් නෑ කියලා මං නම කියලා කෑ ගහන්න හදද්දිම කවුද කතා කලා.


    "අයියෙ මේක කලා අංශයට දාන්න.."


    මයිගෝඩ්.! ඒ අර සුදු නංගි.

    "හරි නංගි, මං දාන්නම් ඔයා යන්න.."


    මං ඉක්මනට එයාව යවාගත්තෙ ඒ ඇප්ලිකේෂන් එකේ විස්තර ටිකක් බලාගන්න.


    නම : දුෂාන් සංජුලා මොරගොඩ
    උපන්දිනය : මැයි 21

    හැබැයි සුදූ, ඒ නම නං ඔයාට ගැලපෙන්නෙ නෑ කියලා මට නිකං හිතුනා. ඒත් ඉතිං ගතිම වැඩේ කියන්නෙ අද මැයි විස්ස උන එක. ඒ කියන්නෙ හෙට ඔයාගෙ උපන්දිනේ නේ. අදට වඩා හෙට හොදයි කියනවනේ. අපි බලමුකෝ. ඒත් කවුද අප්පා අපි කොමර්ස් කරද්දි මේ රාණි මුකර්ජිව කලා අංශෙට දාලා හිත හදාගන්නෙ කොහොමද..? මං අර ප්‍රින්ටින් මිස්ටේක් එකක් උනා වගේ හෙමීට ඒක වාණිජ අංශය කියන ෆයිල් එකට දාලා වටපිට බැලුවා. අවුලක් නෑ කෙල්ල මාව විශ්වාස කරලා එතනින් ගිහින්. මගේ සීන් කෝන් එක දැක්කෙ ෂෝටා විතරයි.
     
    • Like
    Reactions: Rosswell

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "මාර පාර නේද බං..? "

    ඌ ඒ ඇහුවෙ කෙල්ල ගැන.


    "ඔව් බං, තාර පාර වගේ.. කිසි ඇදක් නෑ."


    "දැන් එතකොට ඒකි හෙට ඉදලා කොමර්ස් ක්ලාස් එකේ..
    "

    "ඇයිත් අහලා. පස්සෙ ඒකි මිස්ලාට කියලා ඕක හදාගනී. ඒත් ටික දවසක්වත් අපේ එකේ ඉදියිනේ.."


    "ටික දවසක් ඉදලා ඒකි දිගටම කොමර්ස් කරන්න ඕනෙ කිව්වොත් මරේ මරු."


    මූත් ඉදගෙන දවල් හීන දකිනවා. කොහොම හරි ඒ හීනෙ හැබෑ වෙනවානම් මාර ගති. කොහොමටත් සියළු සයන්ස් කාරයෝ නැසෙන සුළුය. නොපමාව කොමර්ස් කරන්න කියලා කතාවකුත් තියෙනවනේ.


    අපි උදේ පීරියඩ් දෙකම වගේ හිටියෙ හෝල් එක ඇතුලෙ. එළියට ඇවිත් බලද්දි ගොඩක් අම්මලා තාත්තලා ගිහින්. ඒත් ඉතිං සමහර අය හරියට මොන්ටිසෝරියට ළමයි දාලා යන්න දුකෙන් ඉන්නවා වගේ තාම ගේට්ටුව ළග. යකෝ මෙහෙම පුරුදු කරගත්තොත් එහෙම මුං බැදලා යන දවසටත් අම්මලා තාත්තලා පස්සෙන් යයි.


    දවල් වෙනකල්ම චාටර් කාපු අපි මොනවහරි ටිකක් ආමාශගත කරගන්න පංතියට ආවා. ඒ වෙද්දි අපේ කට්ටිය අළුත් නැවේ දිග පළල හොයාගෙන ඉවරයි.


    "මචං ලස්සනම කෙල්ලො ටික ආර්ට් එකේ බං.."


    නිරෝධගෙ ශෝක ජනක කටහඩ මුලින්ම ඇහුනා.


    "ඒත් බං රාණි නං අපේ සෙක්ෂන් එකේ.."


    ෂෝටා පැනලා දුන්නා.


    "ඊයා බං මහ ගොඩේ නමක්නේ.. ෂුවර් එකටම ඒකි අනුරාධපුර, පොළොන්නරු පැත්තෙ ඩයල් එකක් වෙන්නැති."


    අඩේ.! මූ හිතං ඉන්නෙ රාණි කියන්නෙ ඒකිගෙ ඇත්ත නම කියලා. ෂෝටා දෙකට නැමිලා හිනා උනා.


    "ඒයි නිරෝධයෝ, රාණි කිව්වේ ඒකිගෙ නම නෙමෙයි බොල. රාණි කිව්වෙ රාණි මුකර්ජී කියන එක. ඒකි සිරාවටම ලස්සනයි."


    "මචං අපේ සෙක්ෂන් එකටත් ඇවිල්ලා ඉන්නවා නිකං කාජල් වගේ දැක්කම ඇගපත මෙව්වා වෙලා යන කෙල්ලෙක්."


    ඒක කිව්වෙ ආර්ට් එකේ ඉදං ආපු සාරංගයා. මෙහෙම යද්දි තව එකෙක් කියයිද දන්නෑ ප්‍රියංකා චොප්රත් ඇවිත් හිටිය කියලා. බලං යද්දි නිලියො සේරම ටික සෙන්ට්‍රල් එකේ. පිස්සු පීකුදු වෙනවා. අදනං කට්ටියට බඩගිනි නැති පාටයි.


    ******************************


    ඊයෙ වගේම අපි සෙට් එක උදේම ඉස්කෝලෙට ආවෙ අද ඒ ලෙවල් මීටින් එක ලෑස්ති කරන එකටත් වඩා ඊයෙ ආපු කැකුලියො ටික උදේම බලාගන්න.


    "රන්දු මට අර කෙල්ල ගැන දුකයි බං. පව් ඒකි උඹට හිතෙන් බැන බැන කොමර්ස් ක්ලාස් එකේ ඇති.."


    ෂෝටා උදේම ඒ මතක් කලේ අපේ රාණි හෙවත් සුදු නංගිව. එතකොටයි මට මතක් උනේ අද මැයි 21 කියලා.


    "මචං අද එයාගෙ උපන්දිනේ. දෙමුද පොඩි ගේමක්..?"


    අපිත් ඉතිං ඔඔය වගේ පොඩි පොඩි චාන්ස් මිස් කරගන්නෙ නෑනේ.


    "උඹ කොහොම ඒක දන්නේ..?"


    "ඇයි බං ඒක ඇප්ලිකේෂන් එකේ තිබුණනේ.."


    "හරි හරි, උඹ තත්පරෙන් ෆෝල්ඩර් එකම කොපි පේස්ට් කරගත්තා වගේ. යමං යමං අපි උන්ගෙ පංති පැත්තෙන්ම මේන් හෝල් එකට යමු."


    අපි දොළහ වසරෙ කොමර්ස් ක්ලාස් තුනම බලාගෙන ගියාට ඒ එකකවත් එයා හිටියෙ නෑ. ඇවිත් හිටපු ළමයිත් අවතාර දැකලා වගේ පුටුවල ඇලිලා බලාගෙන ඉන්නවා. අපිව දැක්ක සමහර අය ගුඩ් මෝනිං අයියෙ කියලා පටුවෙන් නැගිටලම කිව්වෙ ඊයෙ දැකලා පුරුදු නිසා වෙන්න ඇති. අනික ඉතිං ෂෝටයි මමයි හතරරියන් සහ දෙරියන් වගේ නිසා කොහොමත් මතක හිටිනවනේ.


    "කෝ බං නෑනේ.."


    ෂෝටා හතර වටේම කරකව කරකව හිටපු ඇස් දෙක මගේ දිහාට හරවලා කිව්වා.


    "තව වෙලා තියෙනවනේ. ඒකි එයි බං.. යමු.. මෙලහකටත් අරුන් ටික මේන් හෝල් එකේ ඇති.."


    අපි යද්දි කට්ටිය හයහත් දෙනෙක්ම ඇවිත් වැඩ. විහගයා නිරෝධ එක්ක පේළියට පුටු හදනවා. මහේෂයි ජනාලියි දෙන්න අතුගානවා. අපිත් ගිහින් මයික් සෙට් කරලා ස්ටේජ් එක ලෑස්ති කරන්න ගත්තා. පොඩි වෙනසකටත් එක්ක බැලුම්බෝල ටිකක් එහෙම පුම්බලා ක්‍රේප් පටි දාලා එල්ලලා තිබ්බෙ පොඩි ළමයි පිළිගන්න ඊට වඩා හොද විදියක් නැති නිසා. ඒ අතරෙ සාරංගයා දුවගෙන ඇවිත් නිරෝධට ඇහැක් ගැහුවා. මූත් එක පාරටම අතේ තිබුණ වයර් ටික බිම අතෑරලා දිව්වෙ අපි මූණට මූණ බලාගෙන ඉද්දි. මුන් දෙන්නගෙ මොකක් හරි සතරකන් මන්ත්‍රණයක් තියෙනවා කියලා තේරුන මං විහග එක්ක හෙමීට පස්සෙන් යන්න ගත්තා. මුන් කොහෙද අපේ කනෙන් රිංගන්න කියලා හිතලා දොර ළගට යන්න උනේ නෑ ප්‍රින්ස් ඇතුලට එනවා.


    "ෂා නියමයි. කට්ටිය උදේම ඇවිත් වැඩේ ලස්සනට කරලා. එහෙනම් මේ මල් ටිකත් ඔයාලම ඇරෙන්ජ් කරන්නකෝ."


    ප්‍රින්සිපල් පොඩි පංති වල නංගිලා දෙන්නෙක් ගෙනාපු මල් බෑග් ටිකක් අපිට දීලා මාරු උනා.


    "බලපං ඉතිං.! අපි මේ ෂර්ලොක් හෝම්ස් වගේ පොඩි ගේමකට සෙට් වෙන්න හදද්දිම පරාල ඇනයක් සෙට් උනානේ.


    විහගට තද වෙලා.


    අන්තිමට ඉතිං සාරංගලා පස්සෙන් යන එක පැත්තකින් තියලා අපි ෆාම්ස් අතුයි ඇන්තූරියම් මල් ටිකයි ඇරේන්ජ් කරන වැඩේ බාර ගත්තා. බෙල් කරන්න විනාඩි පහක් තියෙද්දි අපේ වැඩ ඉවරයි. හෝල් එක ඇත්තටම ලස්සනයි කියලා හිතුනෙ දොර ළගට ඇවිත් බලද්දියි. වැඩේ ඉවර වෙද්දිම සාරංගයි නිරෝධයි කුටු කුටු ගගා එනවා දැක්කා. ඒත් එක්කම අපේ මිස්ලා අළුත් ළමයි කට්ටිය පේළියට එක්කගෙන ඇවිත් හෝල් එකේ ඉන්දෙව්වා. අපේ දහතුන වසරෙ කට්ටිය ඉදගත්තෙ පිටිපස්සෙන්. ඒ ලෙවල් ගුරුවරුත් ආවට පස්සෙ අපි රැස්වීම පටන් ගත්තා. ප්‍රින්සිපල් සර්ගෙ කතාව යන අතරෙ මම හෙව්වෙ බර්ත්ඩේ ගර්ල්ව. එයා හරි තැන්පත් විදියට සර්ගෙ කතාව අහගෙන ඉන්නවා. විශේෂාංග වටයෙදි හැමදාම පුරුදු විදියට මයික්‍රෆෝනය ආවෙ මගේ අතට."


    "ඉතිං ආදරණිය සහෝදරවරුනි. අපේ විදුහල්පති ගුරු පියාණන්ගෙ හරවත් දේශනයෙන් ඔබ අපේ පාසල ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගන්න ඇති. අපි අද මේ රැස්වීම විශේෂයෙන්ම සූදානම් කලේ අපේම නංගිලා මල්ලිලා විදියට මේ විදුබිමට පා නැගූ ඔබ පිළිගන්නයි. ඉතිං අපි ඔබ වෙනුවෙන් කල මේ ඇගයිමට ඔබගේ දායකත්වය අප වෙත ලබා දෙන්න කියලා සහෝදරත්වයේ දෑත දිගුකර මං ඉල්ලා හිටිනවා. ඒ වෙනුවෙන් මියුරු ගීයකින් අප පිනවන ලෙස මං ආරාධනා කරනවා අද උපන් දිනය සමරන නවක සිසුවියක් වන දුෂානි සංජුලා නංගිට."


    අපේ කට්ටිය කෑ ගහලා විසිල් පාරවල් දෙකතුනකුත් ගහලා සපෝට් එක දුන්නා. ප්‍රින්සිපල් සර්රුත් හිනාවෙවී බලන් ඉන්නවා.


    හැබැයි සිංදුව කියන්න නැගිටලා ස්ටේජ් එකට ආවෙ අර සුදු නංගි නෙමෙයි. එයා ළග ඉදගෙන හිටපු මහත කෙල්ල. උනේ මොකක්ද කියලා හිතාගන්න බැරුව මං ෂෝටා දිහා බැලුවා. ඌත් හරියට හොල්මනකට බයවෙලා වගේ. එතකොට ඇත්ත දුෂානි සංජුලා මෙයාද..? අර නංගි මගේ අතට දුන්නෙ එයාගෙ ඇප්ලිකේෂන් එක නෙමෙයිද..? මං එයා කියලා හිතල කොමර්ස් ක්ලාස් එකට දාගත්තෙ මෙයාවද..? මගේ ප්‍රශ්න තොගයක් මගේ ඔළුවෙ කැරකෙන්න ගත්තා. ෂෝටත් හරියට බහුවර්ණ ප්‍රශ්න පත්තරේ වගේ ප්‍රශ්න හතලියක් විතර මූණෙ තියන් අර මහත කෙල්ල දිහා බලන් ඉන්නවා. ස්ටේජ් එකට ඇවිත් මගේ අතින් මයික් එක ගත්තු එයාගෙ අත වෙව්ලනවා කියලා මට දැනුනා.


    "නංගි ඔයාද සංජුලා..?"


    මං සැකය නැති කරගන්න ඇහුවා.
    "ඔව්" කියලා හෙමීට කොදුරලා එයා සිංදුව කියන්න ගත්තා.

    "තරුද නිදන මහ රෑ

    නිදමි මහද නිදි නෑ.................."


    සංජුලාගෙ ගීතවත් හඩ ශාලාව පුරාම රැව්දෙද්දි හිනාඋන අපේ කොල්ලො ටික මියට පිම්බා වගේ නිශ්ශබ්ද උනා. ඇත්තටම කෙල්ලගෙ පෙනුමට හිනාඋන එක ගැන මටම ලැජ්ජාවක් ඇතිවුනා. එයා ඒ තරමටම දක්ෂ කෙල්ලෙක්. ඒ අතරෙ සාරංග ඇවිත් මගේ අතට කොලයක් දුන්නා.


    "මචං මේ අපේ සෙක්ශන් එකේ කාජල්. ඒකිවත් ගෙන්නපං.."


    මං හෙමීට කොලේ ඇරලා බැලුවා. 'නෙත්මි අහිංසා ඉද්දමල්ගොඩ' මොනව උනත් සිරා නමක්. සංජුලාගෙ සිංදුව ඉවර උනාම මං ඒ නම කතා කලා. එතකොට නැගිට්ටෙ කාජල් නෙමෙයි. අපේ රාණි මුකර්ජි. දැන්නම් මගෙයි ෂෝටගෙයි මොලේ කොලොප්පං වෙන එක හොදටම ෂුවර්. බලාගෙන යද්දි සාරංග කියපු කාජලුයි අපේ රාණියි දෙන්නම එක්කෙනෙක්. පත්තරේ විස්තරේ පස්සෙ දිග අරින්න හිතාගෙන අපි සිංදුව අහන්න සෙට් උනා.


    "අම්මාවරුනේ..... අම්මාවරුනේ......

    සම්මා සම්බුදු අම්මාවරුනේ............."


    ඒ හඩ සංජුලාගෙ කටහඩටත් වඩා මාර ගති. එයා හරියන්නෙ කොමර්ස් වලට වඩා ආර්ට් වලට තමයි.


    කොහොම හරි රැස්වීම ඉවර කරන්න උනේ මටත් සිංදුවක් කියන්න උනාට පස්සේ. ප්‍රින්සිපල් සර් මගේ නම කියලා කතා කලේ වෙනදටත් සමිතිවල වගේ සිංදුවක් අනිවාර්ය නිසා වෙන්න ඇති. මං කිව්වෙ අමරදේව මහත්තයගෙ සද තරු නිහඩයි කියන සිංදුව. පිටි පස්සෙම පේළීවල හිටපු අපේ කට්ටිය සිංදුවට තාලය සපයද්දි හැමෝම ඒකට එකතුවුණා.


    "මචං උඹේ සිංදුව නම් මාර සිරා..."


    විහගයා පංතියට යන ගමන් මගේ කරට අත දාලා කිව්වා. ඒත් ඒ වෙලාවෙම මගේ හිතේ තිබුණෙ සංජුලාගෙයි අර නංගිගෙයි නම් වල අවුල ගැන. මොනව උනත් උන් දෙන්නටම ලස්සනට සිංදු නම් කියන්න පුළුවන්. ඒක ඉතිං කිරි ගහට පොල්ලෙන් ගැහුවා වගේ බුදු ෂුවර්. මං ෂෝටා දිහා බැලුවා. මූත් හරියට අර අන්දරේ වගේ නිකටට අත තියාන කල්පනාව.


    "මොකක්ද බං අර උන චාටර් සීන් එක..?"


    මං උගේ ළගට ගිහින් හිමීට ඇහුවා.


    "ඒයි රන්දු උඹලා කියපු අර රාණි මුකර්ජීද පළවෙනි සිංදුව කිව්වේ..? උඹ උපන් දිනයක් ගැනත් කිව්වේ. ඒකි නං නියම බැරල් බාගේ. ඒ වගේද අපේ අයිටම් එක, මාර කොලිටි. බෙස්ට් ෆිගර්.."


    සාරංගයා හෙන සද්දෙකුත් දාගෙන පංතියට කඩාපාත් උනා. ෂෝටගෙ මූණ ඇඹුල් වෙලා. වෙච්ච සීන් එක මූට කියනවට වඩා හොදයි ඉරිදා පත්තරේට දාන එක. චාටර් අපිටම නිසා කතාව අනිත් පැත්ත ගහන එක ඇගට ගුණයි.


    "නෑ බං ඊයෙ ආපු ඒ කෙල්ල අද ඇවිත් ඉන්නවා දැක්කෙ නෑ. සමහර විට ඊයෙම හැරිලා ගියාද කියලා කවුද දන්නේ.."


    "අඩේ මල්ලි බොරු එපා නිකං.. නෙත්මි වගේ ලස්සන කෙල්ලෙක් වෙන එක පන්තියකටවත් ආවෙ නෑ. පුළුවන් නම් පෙන්නපං.."


    සාරංග චැලේන්ජ් කරද්දිම අපේ පංතියට මිස් ආවා.


    "ආ... මේ මොකද ආර්ට් එකේ ළමයි මේ පැත්තේ..?"


    "සහෝදර ප්‍රේමයනේ මිස් දන්නෙ නැද්ද..?"


    කියාගෙනම සාරංග මාරු උනා. හොද වෙලාවට මිස් ආවෙ. නැත්තං ඉතිං ඌ අපිව තවත් බයිට් කරනවා. කොහොම උනත් මේ කෙල්ලො දෙන්නම හම්බවෙලා මේ ගැටේ ලිහාගන්න ඕන.


    "ළමයි උදේ පීරියඩ් දෙක තුනම මග ඇරුනා නේද..? කමක් නැහැ, ඔයාලා තමයි දැන් මේ ඉස්කෝලෙ ඉන්න ලොකුම ළමයි ටික. ඔයාලගෙ ඔලුවෙ ලොකු වගකීමක් තියෙනවා ඉස්කෝලෙ ගැන වගේම විභාගෙ ගැන."


    මිස් කියද්දි විහග ඔළුව අතගානවා මං දැක්කා. ඌ හොයන්න ඇති ඔය කියන වගකීම කොයි හරියෙද තියෙන්නෙ කියලා.


    "උසස් පෙළ පංතියෙ අවුරුද්දක්ම ගෙවිලා ඉවරයි. දැන් මේ ඉතුරු අවුරුද්දත් හොදට සැලසුම් කරලා පාඩම් කරන්න පටන්ගන්න. මං හිතන්නෙ මේ පංතියෙ කවුරුවත්ම නෑ විභාගෙ ෆේල් වෙන මට්ටමේ. ඒ නිසා ඔයාලා හැමෝම අධිෂ්ඨානෙ වෙන්න ඕනෙ සරසවි පිවිසුම. තේරුණා නේද..? දැන්ම ඉදලා කාල සටහනකට අනුව වැඩ කරන්න පටන් ගන්න. එතකොට විබාගෙ කිට්ටු වෙලා දුම් දාගෙන පාඩම් කරන්න ඕනෙ නැහැ."


    අපේ..! මිස් පංතියට ආපු ගමන් දිගට හරහට දේශනේ. හැබැයි ඉතිං මිස් කියපු දේවල් සීයට සීයක් ඇත්ත. මීට වඩා උනන්දු වෙලා පාඩම් කරන්න ඕනෙ කියලා මටත් හිතුනා. අපි සෙට් එක හැමදාම හිතනවා කට්ටිය එකතුවෙලා පාඩම් කරන්න. ඒත් ඒක බාලගිරි දෝෂය වගේ තමයි.


    ආර්ට් සෙක්ෂන් එකේ ඉන්න සාරංග, දිනූක, අචිනි, ජනාලි එහෙම එක වසරෙ ඉදලා අපේ පංතියෙ හිටපු කට්ටිය. කොයිතරම් මරාගත්තත් අපි අතරෙ වලි හරියට සෝඩා බෝතලේ ඇරියා වගේ තමයි. එකෙක්ට ප්‍රශ්නයක් උන වෙලාවට බොක්ක දෙන්න උනත් අනිත් කට්ටිය ඉන්නවා. අපේ පංතියෙ ඉන්න විහග, ෂෝටා, නිරෝධ සචිනි, මහේෂා සහ මම තමයි අපි දහදෙනාගෙ ඉතුරු ගැන්සිය. සෙක්ෂන් එක වෙනස් උනාට අපි තාම බුදු ෆිට්.


    ******************************
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගෙදර ඇවිත් නාපු ගමන්ම මට යකෙක් කන්න බඩගින්නක් ආවා. මං කොහොමත් වැඩ ගොඩක් කරන්න ඔලුවෙ තියාගෙන අද ආවෙ. ඒ නිසා ඉක්මනට කාලා පිගානෙ බත් කටක් විතර ඉතුරු කරලා ඒක ගිහින් කුස්සියෙන් තිබ්බා. ඒ වෙන මොකටවත් නෙමෙයි. පිගාන හෝදන්න තියෙන කම්මැලිකමට. නැතුව පිදුරුතලාගල වගේ බත් එකක් ගිලපු මට ඔය බත් කට මහ කජ්ජක්ද..?

    උදේම මිස්ගෙ දේශනාව අහපු මට ඇත්තටම හිතුනා හොදට පාඩම් කරලා කැම්පස් යන්න ඇත්නම් කියලා. ඒකට ඉතිං මුලින්ම මේ යකා නටල තියෙන පොත් මිටි පිළිවෙලකට අස් කරලා මිස් කිව්වා වගේ පාඩම් කරන්න ටයිම් ටේබල් එකක් හදාගන්න ඕනේ. ඒති ඉතිං ඔය සේරටම කලින් ගිලපු බත් එක දිරවගන්න එපැයි. මම ෆෑන් එකත් දාලා ටිකක් ඇදේ ඇලවුනා.


    "ඒයි නැගිටපං බං. මොකද මේ මහ දවල් කුම්භකරණයා වගේ නිදි.."


    ඇස් ඇරලා බලද්දි ෂෝටා ඇදට පැනලත් ඉවරයි. අම්මපා මේ අපතයා නිදහසේ නිදියන්නවත් දෙන්නැති හැටි.


    "මොකද බං ඉස්කෝලෙදිත් වද දීලා ගෙදර ඇවිල්ලවත් ඉන්න දෙන්නැද්ද..? උඹලගෙ ගෙවල් තෙමෙනවද..?"


    මං තවත් කොට්ටයක් අරන් මූණ වහන ගමන් කිව්වා.


    "ඒ රන්දු නැගිටපං. මං උඹේ රාණි මුකර්ජිගෙ ෆිල්ම් එකේ විස්තර හොයාගත්තා."


    ඒක ඇහුවාම නම් මගේ නිදිමත ගියා. එතකොට අම්මා පැෂන් වීදුරු දෙකක් අරන් කාමරේට ආවා. ඒ කියන්නෙ මූ අම්මා ගාවටත් ගිහින් පොත අත්සන් කරලා ඇවිත් තියෙන්නේ.


    "ඔන්න පුතාට රස්නෙයි කියපු නිසා මම කූල් එකක් හදාගනෙ ආවා."


    අපේ අම්මා මට වගේම මගේ යාළුවො ටිකටත් හරි ආදරෙයි.


    "ඒකනේ ඇන්ටි මූ ඉතිං ආපු වෙලේ ඉදලා කරන්නේ බනින එක. ඒත් ඇන්ටි අපිට සලකනවා කියලා අපි දන්නවා."


    අප්පා.! මූ එනගමන් කඩේකට රිංගලා හෙන බටර් තලියක් ගෙනත් හෝ ගාලා උලනවා. අම්මා උගේ ඔලුවත් අතගාගෙනමයි ගියේ. පොර මගේ දිහා බලලා කොලර් එක උස්ස ගත්තා.


    "මේකයි බං සීන් එක. අර සුදු කෙල්ල නෙත්මියි බැරල් බාගෙ හෙවත් සංජුලයි දෙන්නම හොදම යාළුවෝ. උන් කලින් ගිහින් තියෙන්නෙ රත්නපුරේ ඉස්කෝලෙකට. උන් දෙන්නම ඒ ඉස්කෝලෙන් සමත්සත ලංකා ගායනා තරග වලටත් ගිහින් තියෙනවා. කොහොම හරි නෙත්මි එයාගෙ ෆෝම් එක භාරදීලා තියෙන්නෙ කලා අංශය කියලා දාලා. ඒත් ඒකිගෙ යාළුවට ඒක දාන්න අමතක වෙලා. ඒකි උඹ ළගට ඇවිත් කලා අංශෙට දාන්න කියලා තියෙන්නෙ එයාගෙ ෆෝම් එක නෙමෙයි යාළුවගෙ ෆෝම් එක. උඹත් ඉතිං ගුලිය කාලා ලස්සන කෙල්ලව කලා අංශෙට දාලා බැරල් බාගෙ අපේ එකට ගත්තා."


    මළකෙලියයි එහෙනං ඒක තමයි මේ වැඩේ චකබ්ලාස් වෙලා තියෙන්නෙ. ඒත් මූ කොහොමද මේ විස්තරේ මේ තරම් හොදට හොයාගෙන තියෙන්නේ..


    "දැන් සීන් එක හරිනේ මල්ලී.. දැන් උඹ අහන්න යන්නෙ මං මේක දැනගත්තෙ කොහොමද කියලනේ..?"


    මූට නම් දිවැස් තියෙනවා. ඇග පොඩි උනාට මොලේ පොඩි නෑ.


    "එහෙනං ඉතිං අගේ නොකර කියපං.."


    "උඹ දන්නවනේ අපේ චූටි නැන්දගෙ දුව පවිත්‍රා. මේකිත් ඒ ලෙවල් වලට අපේ ඉස්කෝලෙට රිංගලා. එයත් ආර්ට් ක්ලාස් එකේ. මං දැන් එන ගමන් එහෙ ගියා. ඒකි මගෙන් අහනවා අපි කොහොමද නෙත්මිට සිංදු කියන්න පුළුවන් කියලා දැනගෙන එයාව ස්ටේජ් එකට ගෙන්නුවෙ කියලා."


    "ඒ කියන්නෙ උඹලගෙ නංගි ඉන්නෙ නෙත්මිගෙ පංතියෙද..?"


    "ඔව් බං.. කෙල්ල අඩනවලු එයාගෙ පොඩිකාලෙ ඉදලා හිටපු යාළුවව කොමර්ස් ක්ලාස් එකට දාලා කියලා. ඒ විතරක් නෙමෙයි. ඒකි කිව්වලු අර අමරදේවගෙ සිංදුව කියු අයියා තමයි ඒ වැරැද්ද කරලා තියෙන්නෙ කියලා."


    මිල්ක් ෆාදර්ට ඩෝග්ස්ලා බාකිං කිව්වලු. බලපං මේ කෙල්ල මාව පාවලා දීලා තියෙන කැත විතරක්. මට වැරදිලා යාලුවව දාලා එහෙම අඩනවා නම් කොමර්ස් ක්ලාස් වලට දැම්මනං කොහොම වෙයිද..?


    "උඹලගෙ නංගිත් ඒ පංතියට වැටුණු එක එළකිරි මචං. දැන් ඉතිං අපිට ඒකිගෙ නිව්ස් ගන්න පුළුවං සිං සිං ගාලා."


    "අනේ පලයන් බං යන්න. උඹ නම් කියයි. මෙච්චර කාලයක් මගේ තිබ්බ ස්වෛරීභාවය දැන් ඉතිං කම්බස්. අපේ හැම මගෝඩි වැඩක්ම මේකි ගෙදර ගිහින් චූටි නැන්දා එක්ක කියයි."


    කතාව නං ඇත්ත තමයි. ඒත් මට ඒකෙන් ආබාධයක් නැහැනේ. අනික මූට කුඩු වෙන්න තරම් කාඩ් එකක් තියෙන එකක්යෑ.


    "ඒක නෙමෙයි බං අපි මෙහෙම හැමදාම පිස්සු නටලා හරියන්නෑ. අපි සෙට්එක එකතුවෙලා පාඩම් කරමු. අපිට සචිනිලව ගන්න බැරි උනත් අනිත් කට්ටිය හරි එයිනේ.. උඹ මොකද කියන්නේ..?"


    මං පොඩි සීරියස් කතාවක් දැම්මා ෂෝටගෙ අදහස් දැනගන්න. පාඩම් කිරිල්ල කෙසේ වෙතත් අපේ කට්ටිය සෙට් කරගන්න එක නම් ඒ තරම් අමාරු වෙන්නෑ.


    "ඕක ඉතිං හැමදාම ගහන බයිලාවනේ.. අපි සෙට් උනාට කවද්ද පාඩම් කලේ..?"


    "ඒක නිසා තමයි ගොනෝ කිව්වෙ දැන්වත් පාඩම් කරමු කියලා.."


    "හරි හරි උඹලා මොකටද ගොන්නු එක්ක පාඩම් කරන්නේ.. ඕන මගුලක් කරගනින්.. මං එන්නෑ..."


    "උඹ නැතුව කොහොමද බං මගුල කරන්නේ, එතකොට ලකවුද මගේ පේජ් බොයිට ඉන්නේ..?"


    ෂෝටගෙ රතු කට්ට පන්නන්න හිතාගෙන මං කිව්වා. ඌ හරිම අකමැතියි ඌ පොඩියි කොටයි කියලා කියනවට. ඒත් ෂෝටා කියන නමටනං ඌ දැන් පුරුදු වෙලා.


    "අනේ පලයං පොළොස් කොට්ටෝරුවා යන්න. බලපං මං කවදා හරි බාල්කෙ එල්ලිලා හරි උස යනවා."


    පොඩි එකාගෙ හිත රිද්දන්න හොද නැති නිසා මං කට වහගෙන හිටියා. කොයි තරම් තද උනත් මූ ගියේ අපේ අම්මා හවස දීපු වැලිතලප වලටයි, තේ එකටයිත් වැඩේ දීලා.


    *****************************


    ෂෝටා ගියාට පස්සෙ මං කාමරේ අස්කරන්න පටන්ගත්තා. පොත් මේසේ ඇදලා දාලා තිබුණ නිසා පොත් ටික පිළිවෙලකට අස් කරලා පොත් බෑග්, සපත්තු එහෙම රැක් එකේ තට්ටු වල වෙන වෙනම තිබ්බා. මගේ කාමරේ අනිත් කාමර වලට වඩා ටික්ක ලොකු නිසා ඕන දෙයක් හිතේ හැටියට එහෙමෙහෙ කරන්න ඉඩ තියෙනවා. වෙනසකටත් එක්ක ඇදත් පැත්ත මාරු කලා. අමාරුම වැඩේ තමයි ඇදුම් රැක් එක අස් කරන එක. සති ගානක් ඇදපු ඩෙනිම්, ටී ෂර්ට්, ජොක්ස්ලා තාම රැක් එකේ. හෙට නිවාඩු නිසා මේ ටික අපේ අක්කණ්ඩිට කියලා හොදලා දාගන්න ඕනේ. කිලුටු ඇදුම් සේරම ටික ගිහින් රෙදි බේසමට දාලා ආවට පස්සෙයි මෙච්චර දවසක් කාමරේ තිබුණ මගේ ජීවන ගද අඩුවෙලා ගියේ. ඇදට අළුත් බෙඩ් ෂිට් එකක් දාලා, කාමරේ අතුගාලා ඉවර වෙද්දි ලොකු කුණු ගොඩක් එකතුවෙලා තිබුණා.


    "ආ.... හලෝ මොකක්ද මේ සැබෑ වෙනස..?"


    අක්කා කාමරේට ආවෙ මම සේරම අස් කරලා ඉවර උනාට පස්සේ.


    "මේකනේ සහෝදරී, අද ඉදලා ඔයාගෙ මල්ලි ගේමට බැස්සා. ඒකට ඉතිං පොඩි සපෝට් එකක් ඕනේ."


    "මුලින්ම කියනවා මොකක්ද ඔය බැහැපු ගේම කියලා.."


    "අපි මේ පාර ඒ ලෙවල් ලියන කොල්ලොනේ හලෝ.. ඒ නිසා අපි කට්ටිය කැම්පස් ගේමට බැහැලා ඉන්නේ.."


    "ෂා......... අහන්නත් සතුටුයි. දැන් මොකක්ද ඕන සපෝට් එක කියන්න. මගේ මල්ලි කැම්පස් යනවා නම් මම ඕනම සපෝට් එකක් දෙන්නම්."


    අක්කා ඒක කිව්වෙ බොක්කෙන්ම කියලා මං දන්නවා. මට ඉස්සර ටොකු ඇන ඇන පාඩම් කියලා දුන්නෙත් එයා. අනික අද එයා පාසල් ගුරුවරියක්. හැබැයි තාම පොඩි එකෙක් වගේ. කොටින්ම පිස්සු කෝච්චියක්.


    "දැනට ඕනෙ එක උදව්වයි. හෙට නිවාඩු නිසා මගේ අර රෙදි ටික හෝදලා දාන්න පුළුවන්ද..?"


    මං රෙදි ටික කියලා කිව්වෙ අක්කා ඒ දන්නැති නිසා. දැක්කනම් අහයි ඒ රෙදි කන්දට ටික කිව්වෙ ඇයි කියලා. මොනව උනත් දැන් ඒ වැඩෙත් ෂේප්. එයාෆ්‍රෙෂ්නර් බෝතලේ ගෙනත් අක්කා කාමරේ වටේටම ස්ප්‍රේ කලා.


    "ඔන්න ලස්සන වෙලා විතරක් මදි. හඩු ගද යන්නත් එක්ක මේක කාමරෙන්ම තියාගන්න."


    එහෙම කියලා අලුත්ම බෝතලේ මගේ අතට දීලා ගියා. මේක අක්කා ගිය සතියෙ ගෙනාපු එකද කොහෙද. එයා පව් කියලා මට හිතුනා.


    ටයිම් ටේබල් හදලා පාඩම් කරන්න කිව්වට අපි කවදාවත් ඒ විදියට වෙලාවට පාඩම් කරන්නෙ නැති නිසා මං ඒ අදහස අතෑරලා දැම්මා. බොරුවට කොලේකට විතරක් සීමා උන කාල සටහන් නැතුවට පුළුවන් හැම වෙලාවකම පාඩම් කරන්න ඕනෙ. දැන් තියෙන්නෙ ගේම පටන් ගන්න එක විතරයි.


    "පොඩි පුතා..... ඔයා වැඩක්ද..?"


    තාත්තා එහෙම අහගෙන කාමරේට ආවා..

    "ෂා... නියමයිනේ.. ඔයාටත් පිළීවෙලකට වැඩක් කරන්න හිතිලා වගේ.."


    තාත්තා කාමරේ වටේම බලලා පොඩි නෝන්ඩියක් දැම්මා. මං කොච්චර පිළීවෙලවට වැඩ කලත් එයා කවදාවත්ම ඒකෙ පිළීවෙලක් දැක්කෙ නෑ. හැමදාම කිව්වෙ ඇදක්ම තමයි. හැබැයි අම්මා නං කිව්වෙ තාත්තා එහෙම කරන්නෙ තරහට නෙමෙයි මාව හදන්න කියලා. අපේ තාත්තා නං ඇත්තටම මං වගේ නෙමෙයි. මාර නීට්..


    "මේක අද මට බැංකුවෙන් හම්බ උනා. ඒත් මේක ඔයාගෙ ජාතික ඇදුමෙ අනිවාර්ය අගයක් නිසා ඔයාට තමයි හොද.. ආ...."


    එහෙම කියලා මගේ අතට දුන්නෙ එළකිරි වගේ ගති කැප් එකක්. ඒක දිලා තාත්තා යන්න හදලත් දොර ගාවට ගිහින් ආපහු හැරිලා බැලුවා.


    "පොඩි පුතා පිස්සු නැටුවට කමක් නෑ. කොල්ලො උනාම දග නැත්තං ඒ ලෙඩක්. ඒති විබාගෙ අනාගන්න එපා. ඔයාට මොනවා හරි ඕනෙනං මට බැරිනං අම්මට හරි කියන්න. ඔයා කවදහරි මටත් වඩා ඉහළ තැනකට යනවා බලන්නයි මට ඕනේ."


    තාත්තා අන්තිම ටික කිව්වෙ හරිම හැගීම්බර හඩින්. එයා බැංකුවක මැනේජර් කෙනෙක්. ඒ නිසා අපිට පොඩි කාලේ ඉදලා කිසිම දේක අඩුවක් කලේ නෑ. මං තාත්තට වඩා ඉහල තැනකට යන්න විභාගෙ හොදට පාස් වෙන්නම ඕනෙ. බැරි වුනොත් නම් එඩ්මන් හිලරි වගේ එවරස්ට් නගින්නවත් යන්න වෙනවා. මොකද අපේ තාත්තා සිරීපාදෙට වඩා ඉහළ තැනකට ගිහින් නෑ.


    Mathusambandai.gif



     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Waste Of a time ,,,,,,,
    උඹලා වගේ ගොන්නුන්ට කියවන්න නෙමෙයි දැම්මේ.. :yes::yes:

    oya ehenam ahaka yana tinkiri puke gaganne nathuwa yanawada?:angry::angry::angry:
    :yes::yes::yes: අනිවා මචං..

    BUMP BUMP BUMP!!!!!!!!!!
    Thanks මචං..

    niyama story 1...! Digata ma liyanna api balagena innawa :yes:
    Thanks මචං..

    Ela ela,mekath kiyawamu.rep++
    Thanks මචං..

    අ බෝල මෙච්චරද තව දාපන්කෝ..පට්ට
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    :D:Dඅනිවා දානව මචෝ.. තාම ලියනවා.. :yes::yes:


    11.gif
    11.gif

    නියමයි මචන්.මේකත් අර සොඳුරු නවෝදය වගේ ලස්සන කතාවක් නේද ? :):):):) හැබැයි ඒක වගේ බාගෙට නවත්තන්න නම් එපා කොල්ලෝ..... :baffled::baffled::baffled::baffled:
    නෑ නෑ මේක ලියනවා.. :yes::yes:

    මෙම නව කතාව, පො*නයින් සහ සමලිංගිකයින් සඳහා නොවේ !! :growl::growl::growl::growl::growl:

    This thread is not for ponce and Gay fu*kers !! :growl::growl::growl::growl::growl:
    අනිවා මචෝ...


    11.gif
    11.gif
    11.gif


    Down karanna bahanee..MEdiafire reload wenawa witharaiiii :(
    වැඩ කරනවා මචෝ.. මම දැනුත් චෙක් කරලා බැලුවා.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-02.jpg


    02.png


    අද සෙනසුරාදා. ඒ කියන්නෙ අපි වල බහින දවස. අපිට උදේ නමයෙ ඉදලා හවස හතර වෙනකල් නුගේගොඩ ක්ලාස්. ඊයෙ හෝදන්න දාද්දි ඉතුරු උන එකම කලිසමයි ටී ෂර්ට් එකකුයි ඇදලා මං තාත්තා දීපු කැප් එකත් දාගත්තා. අම්මගෙන් පොඩි ගානකුත් කඩාගෙන මං පාරට ආවෙ විහග එයිද බලන්න. ඌ බයිසිකලේ ඉස්කෝලෙ ආවට පන්ති යන්න එන්නෙ බස් එකේ. එදාට අපි කට්ටියම සෙට් වෙන දවස නිසා වැඩි හරියක් පන්ති යන්නෙ නැහැනේ. ඉතිං වලක් බහින්න ඒ බයිසිකලේ පට්ට වදයක්. අනික මල් මල් වනයක් වගේ තියෙන නුගේගොඩ හන්දියට ඒකෙ එනවට වැඩිය හොදයි කලිසම නැතුව පයින් යනවා. මං කල්පනා කර කර බස් ඉද්දිම බස් එකත් ඇවිත් නතර කලා කකුල් දෙක ළගම.

    "රන්දු නැගිටපං බං ඉක්මනට.."

    විහගයා ජනේලිකින් බෙල්ල දාලා කෑ ගහද්දි මම ෆුට් බෝඩ් එකේ එල්ලුනා. හයිලෙවල් පාරට ඇවිත් බස් එකෙන් බහිද්දිම ජනාලියි මහේෂයි ඉස්සර වෙලා යනවා දැක්කා.

    "අන්න උඹේ සුනඛ අසිපත.."

    මං විහගට මහේෂාව පෙන්නන ගමන් කිව්වා.

    "ඒකි මොකද ජනාලිට සෙට් වෙලා. අද කිඹුල්ලු නෑ වගේ."

    විහග ඇහුවෙ සචිනියි, අචිනියි ගැන. උන් දෙන්නා නිවුන්නු. මෙලෝ යකෙක්ට අදුරන්න බෑ. ඒ තරමට එක වගේ. හැබැයි පොඩි කාලෙ ඉදලම එකට ඉදලා අපිට ලාවට වගේ නෝට්. ඒත් ඈතට දැක්ක ගමන් අපිත් ලණුව කනවා. ඒ ලේවල් වලට ආවට පස්සෙ සචිනි වාණිජ තෝර ගත්තා. අචිනි කලා තෝර ගත්තා. ඒ නිසා සචිනි වැටුනෙ අපේ පන්තියට. එයා මහේෂා එක්ක ක්ලාස් යද්දි අචිනි ගියේ ජනාලි එක්ක ආර්ට් වලට.

    "ඒයි ජනා.. කෝ බං අද සචීලා නැද්ද..?"

    විහග ජනාලිට ළංවෙලා ඇහුවා. ඒකිගෙ මූණත් ටිකක් අප්සට් පාටයි.

    "ඊයෙ හවස ක්ලාස් ඇරිලා යද්දි අචිනි බස් එකෙන් වැටිලා.."

    ජනාලි හෙන දුකින් කිව්වා. ෂුවර් එකටම එහෙනං සචිනිත් ඇති කරකවලා අතෑරියා ගානට. උන් දෙන්නගෙ පුදුම බැදීමක් තිබුණෙ.

    "එතකොට උඹලා දෙන්නා අද ක්ලාස් යන්නැතුව එහෙ යනවද..?"

    "අද උදේ සිංහල පංතියට යන්නම ඕනෙ. දොළහට පංති ඉවර උනාම යනවා.."

    මං අහපු ප්‍රශ්නෙට උත්තර දුන්නෙ ජනාලි. අචිනි තුවාල වෙලා කිව්වම නොගිහිනුත් බෑ. මේකිගෙ කකුල කැඩිලද දන්නෙත් නෑනේ. ඒත් ඔය ප්‍රශ්නෙ දැන් අහන්න ගියොත් මුන් දෙන්නා මගේ කම්මුල ස්පර්ශ කරන්නත් බැරි නෑ.

    "හරි හරි.. මුලින්ම යමු නුගේගොඩට.."

    එකසිය තිස් අට බස් එකකට අත දාන ගමන් මං කිව්වා. අපි කට්ටිය නුගේගොඩ හන්දියෙන් බහිද්දි ෂෝටා නිරෝධ එක්ක බෝ ගහ යට ඉදලා අපිට අත වැනුවා.

    "ආ... නංගිලා...... කෝ අපේ ටූ සිස්ටර්ස්ලා..?"

    ෂෝටා ජනාලියි මහේෂයි දිහා බලලා ඇහුවා.

    "අචී ඊයෙ බස් එකෙන් වැටිලලු බං.."

    "එහෙනං ඒකි හන්දියෙ බාර් එක පැත්තෙ ගිහින් ටිකක් වැඩි වෙන්න ඇති.."

    මුගේ වාචාල කටටත් බ්‍රේක් නෑ. ඔහේ කියවනවා. ජනාලි ෂෝටා දිහා රවලා බලපු පාර ඌ ජෝක් එකට වගේ මගේ පිටි පස්සෙ හැංගුනා.

    "අපි කට්ටිය එහෙනං දවල්ට උන්ගෙ ගෙදර යං, දොළහට පංති ඉවර උනාම මෙතනට සෙට් වෙමු."

    අපි කිව්වට පස්සෙ ජනාලියි මහේෂයි දෙන්නා දෙපැත්තට බෙදිලා එයාලගෙ පංති වලට ගියා. අපිට උදේ තිබුණෙ ආර්ථික විද්‍යාව පංතිය. හවස ව්‍යාපාර අධ්‍යනය නිසා ඒක මග ඇරුණට ලොකු පාඩුවක් වෙන්නෑ.

    "ෂෝටා උඹේ නංගි ක්ලාස් යන්නෙ කොහෙද දන්නෑ නේද..?"

    "මේ අහන ප්‍රශ්නෙ කෙලින් අහපං බං. උඹට දැන් දැනගන්න ඕන රාණි යන පංතියනෙ නේද..?"

    මූටත් හැමදේම ගොනාට වගේ තේරෙන හැටි බලපංකෝ.

    "අපි වෙලාවක යන්ද උඹලගෙ නෑනගෙ ගෙවල් පැත්තේ.."

    මං දෙවනි ප්‍රශ්නෙත් ඇහුවෙ මුගෙන් උත්තරයක් නැති නිසා.

    "උඹලා හදන්නෙ මාව ගෙදරිනුත් එළවන්නද..? උඹට දැනගන්න ඕන විස්තර මං සදුදට අහලා කියන්නම්. එතකල් ඉවසපං පපුව කියලා ඉදපං.."

    අපේ කතාවට විහගයා කොරවෙලා. ඌ දන්නෑ ෂෝටගෙ නැන්දගෙ දුවගෙ ජාතක කතාව. දැන් අටටත් කිට්ටුයි. ඕක කියන්න ගියොත් අද පංති යන්න වෙන්නෑ. අපි හතර දෙනා පුරුදු විදියට තෝස පාරකුත් දාලා කොහුවල පැත්තට ඇවිදගෙන ආවා ක්ලාස් එකට යන්න.

    පංතියට යද්දි වෙනදා ඉන්න හරියෙ ඉඩ නෑ. බුද්ධිමතුන් බිහිවන්නෙ පසුපස පේළීවලිනි කියලා අපි කට්ටිය පිටි පස්සටම ගිහින් ඉදගත්තා. හය දෙනෙක්ට ඉද ගන්න පුලුවන් ඩෙස්ක් එකේ කොහොම හරි දහයක් ඉන්දවන්න ටික්කො ටික හෙන ගේම. මුං ගිය ආත්මෙ සැමන් ටින් කරපු එවුන්ද කොහෙද. අපිත් ඇරියෙ නෑ. බූරු ඇදවල් ටික දිග ඇරලා ටිකක් සැප පහසුවට ඉදගත්තා.

    "ඔය මල්ලිලා ටිකක් ළං වෙලා ඉදගෙන මේ පොඩි මල්ලිටත් ඉඩ ටිකක් දෙන්නකෝ.."

    එහෙම කියපු ටික්කා ෂෝටව අපි හිටපු පැත්තට තල්ලු කරලා දැම්මෙ උගෙ බාප්පා වගේ. කොහොම හරි හතරට පහට ගුලිවෙලා ටියුට්ටිකත් බාගෙට දිගැරගෙන ටිකක් වෙලා ඉද්දි දාඩිය ගලන්න පටන් ගත්තා.

    "මචං පිට දිගේ දුන්හිද කඩං වැටෙනවා බං.."

    මං විහගගෙ කනට කරලා කිව්වේ ෂෝටට ඒක කියන්න බැරි නිසා. මොකද උගේ කණ තිබුණෙ ගොඩක් පහත.

    "ඔව් බං මේ ෆෑන් කට්ට වැඩ කරන්නෙ නැද්ද මන්දා.."

    ඌ එහෙම කියද්දි මමත් නිකමට වගේ උඩ බැලුවා. ෆෑන් එක කැරකෙනවා නිකං මට ඕනෑවට වගේ.

    "බලපං අනික් ෆෑන් ඔරේ රන් කියලා කැරකෙනවා. මූ ඒකට කැද ගහලා වගේ.."

    "දාමු සර්ට චීට් එකක්.."

    විහග කොලයක් කඩලා අරන් මොනවද ලියලා මට දුන්නා. 'සර් පිටිපස්සෙ පේළියෙ ෆෑන් එක කැරකෙන වේගෙට පෙති ගණන් කරන්න පුළුවං.' ඌ ලියලා තිබුණෙ ඒක. මමත් කොලේ රෝල් කරලා ඉස්සරහට යැව්වා.

    විනාඩි දහයකට විතර පස්සෙ සර් චීට් එක කියෙව්වා.

    "පිටි පස්ස පේළියෙ ඉන්න කවුද ෆෑන් එකේ පෙති ගණන් කරන්න හදන්නේ..?"

    සර් ඒක අහද්දි මුළු ක්ලාස් එකම වගේ පිටිපස්ස හැරුණා.

    "තමුසෙලා අමාරුවෙන් උඩ බලාගෙන ඕකෙ පෙති ගණන් කරන්න ඕනෙ නැහැ. ඕකෙ පෙති තුනයි තියෙන්නෙ. දැන් පාඩම අහගන්නවා.."

    මුළු පංතියම හයියෙන් හිනා උනා. ෂිට්.... චාටර් ගෝනියයි. අපිත් අපිට නෙමෙයි වගේ අනිත් උන් දිහා බලලා හිනා වෙන්න ගත්තා. හැබැයි සර් එවලේම ටික්කන්ට කියලා අපි ළග තිබුණ ෆෑන් එක වැඩි කලා.

    දවල් දොලහ වෙනකල්ම සාර්ව ආර්ථික ගැටලු කියලා දුන්නට පංතියෙන් එළියට එද්දි ඒ එක ගැටළුවක්වත් මටනං මතක තිබුණෙ නෑ. මගේ ඔළුවෙ තිබුණෙ වෙනමම ගැටළු ටිකක්. අපි සෙට් එක කොහුවල ඉදලා නුගේගොඩ බෝගහ ළගට ගිහින් අනිත් කට්ටිය එනකන් පොඩි කට්ටක් කෑවා. කට්ටක් කිව්වට පංති ඇරෙන වෙලාවට නුගේගොඩ ඉන්න එක කට්ටක්ම නෙමෙයි. හවස හතර පහ විතර වෙද්දි මේ හරියෙ මාර ත්‍රිල් එකක් තියෙන්නෙ. ගිය ආත්මෙ ඉදලා මේ සැපට පුරුදු එවුන් මැරිලා කාක්කො වෙලා ඉපදිලා අපේ ඔළු වලට ජරා කර කර තාම පාර දිහා බලං ඉන්නවා.

    "නිරෝධ මොකද අද උඹේ ටකරම වැහිලා..?"

    බල කල්පනාවක හිටපු නිරෝධගෙ පිටට තට්ටුවක් දාලා ෂෝටා අහද්දි ඌ උඩ ගියා.

    "පස්සෙ කියන්නම් බං.."

    ඌ ඒක කියපු විදියට ඌට දිරව ගන්න බැරි ප්‍රශ්නයක් තියෙන පාටයි.

    "අපි ගොඩක් පරක්කුද..?"

    ජනාලි එහෙම අහගෙන ආවෙ තනියෙම නෙමෙකි සාරංගයි දිනුකයි එක්ක. දිනුකගෙනම් මූණ දාහට අරන් නිකංවත් දෙන්න බැරි තරමට කළු වෙලා. ඒක එහෙම නොවුනනම් තමයි පුදුමෙ. මොකද මූ අචිනිගෙ සත්‍ය ප්‍රේම බ්‍රැංග රාජයනේ. ඒ සීන් එක පටන් ගත්තෙ ඒ ලෙවල් කරන්න පටන් ගත්තට පස්සේ.

    "ඕවා ඔහොම තමයි මස්සිනා.. අල වගේද ගෝවා.."

    කියල දිනූකයව ෂේප් කරන්න විහග බණ කියවන්න ගත්තා. මහේෂත් ආවට පස්සෙ අපි අට දෙනාම සචීලගෙ ගෙදර යන්න රෙඩි උනා. ලෙඩෙක් බලන්න යද්දි අපතයො ටික වගේ අතපය වන වන යන්න හොද නැති නිසා අපි ගෙනියන්න දෙයක් කල්පනා කලා.

    "දවල්ට කාලත් නෑ බං.. කන්න තියෙන සල්ලි වලින් තමයි මොනව හරි ගන්න තියෙන්නේ.."

    ෂෝටා එහෙම කියලා ඌගෙ හිගන පර්ස් එක දිගෑරියා. ඒකෙ කවමදාකවත් රුපියල් සීයකට වඩා තියෙනවා මම දැකලා නෑ.

    "රයිට් එහෙනං පින්වතුන් පොඩි ආධාරයක් කරන්න බලන්න.."

    මම දාගෙන හිටපු තොප්පිය ගලවලා පොඩි කලෙක්ෂන් පාරක් දාන්න යද්දි විහගයා සිංදුවක් කියන්න පටන් ගත්තා.

    "සද හිරු තරු පවතින තරු
    ෆේල් වෙන්නෙ නෑ...
    සෙන්ට්‍රල් බිමේ කොල්ලො අපි
    ඒ හතරක් අපිට හිමි...
    ෆේල් වෙන්නෙ නෑ...//"

    ඌ ඒක කියන අතරෙ මං තොප්පිය අරන් එක එකා ළගට ගියා. දිනූකයා තදයා වගේ කෙලින්ම රුපියල් සීයෙ පටියක් දාලා ස්ටාට් එක දුන්නා. මහේෂා ජනාලි දෙන්නත් සීය ගානෙ දැම්මට අපේ අනිත් උන්ගෙන්නම් පනහකට වඩා ගන්න බැරි උනා. අපි දිහා හිනාවෙවී බල බල හිටපු ආච්චි කෙනෙක් ළගටත් මං නිකමට වගේ ගිහින් තොප්පිය දික් කලා. දත් නැති කට පුරෝලා හිනාඋන ඒ ආච්චි තංගල්ල බැංකුවෙන් විත්ඩ්‍රෝ කරලා පටස් ගාලා රුපියල් පනහක් දැම්මා.

    "පිනට කැමති මේ අම්මට බුද්ධං සරණේ සරණයි.."

    විහග ආච්චි ළග වටයක් කැරකිලා තවත් සිංදුවක් කියන්න පටන් ගත්තා.

    "එහෙම කියපු ඔය කොලුවට ධම්මං සරණේ සරණයි.."

    ෂෝටා විහග ළගට ගිහින් කියද්දි අර ආච්චි ෂෝටා දිහා බලලා හිනා උනා. සමහර විට ආච්චිට ෂෝටා දකිද්දි ශිෂ්‍යත්වෙ ලියන මුණුඹුරෙක් මතක් වෙන්න ඇති. කොහොම හරි සිංදුව කියලා ඉවර වෙද්දි මගේ පින්වන්ත කැප් එක ඇතුලෙ රුපියල් පන්සියයක් විතර එකතු වෙලා තිබුණා.

    "මොනවද බං මේකෙන් අරගෙන යන්නේ..?"

    සල්ලි ටික ගණන් කරලා මං විහගගෙන් ඇහුවා.

    "කේක් බිස්කට් වගේ දෙයක් ගත්තොත් ඕක එන්න කලින් අපිම කාලා ඉවර කරයි. ජනා කෙල්ල කැමති මොනවටද බං..?"

    ඌ කෙලින්ම ප්‍රශ්නෙ ජනාලිට යොමු කලා.

    "කෙල්ලො කැමති මොනවද කියලා කෙල්ලන්ට වඩා හොදට දන්නෙ කොල්ලොනේ.."

    ජනාලිගෙ කතාවෙත් ඇත්තක් තියෙනවා. එහෙනම් මේ ප්‍රශ්නෙ අහන්න හොදම කෙනා දිනුක. අචිනි කැමති ඒවා ඌ නොදැන ඉන්න විදියක් නෑනේ.

    "දිනුක උඹවත් කියපංකෝ අචිනිට දෙන්න හොද දෙයක්.."

    "අපි ඔය ගානට පොඩි ටෙඩි බෙයාර් කෙනෙක් අරං යන්.."

    "ඔන්න බලපං සැබෑ ස්වාමිපුරුෂයන්ගේ ලක්ෂණ.."

    විහග දිනුකගෙ කරට අත දාලා කියද්දි උගේ මූණෙ තිබ්බ මූඩ් එක මංචි ජින්ජර් බිස්කට් එකක් කෑවා වගේ වෙනස් උනා. කොහොමටත් කෙල්ලො ටෙඩි බෙයාර්ලට ආසයි කියලා මමත් දන්නවා. මොකද අපේ සහෝදරියගෙ කාමරෙත් හැම තැනම ටෙඩීලා. නිදියන්නෙත් තඩි වලහෙක්ව තුරුළු කරන්. ලස්සන ටෙඩියෙක් අරන් එන්න කියලා අපි මහේෂටයි ජනාලිටයි සල්ලි දීලා යැව්වා. ටික වෙලාවකින් උන් දෙන්නා ආවෙ ලස්සන රෝස පාටයි සුදු පාටයි ටෙඩියෙක් අරන්. උන්ගෙ සිලෙක්ෂන් වලට අපි කට්ටියම සැටිස්.

    හන්දියෙ ඉදලා සචීලගෙ ගෙදරට බස් හෝල්ට් දෙකක් විතර දුරයි. අපි කට්ටිය පොඩි කෝප්පයක් හෝදන ගමන් ඒ දුර පයින්ම ගෑටුවා. එකහමාර විතර වෙද්දි අපි එහේ.

    අපිව දැක්කා විතරයි ගේ ඉස්සරහ හිටපු සචී දුවලා ඇවිත් ජනාගෙයි මහේෂගෙයි අත්දෙකෙන් අල්ල ගත්තා. ඒකිගෙ ඇස් දෙක රතුවෙලා. ඒ කියන්නෙ දැන් ටිකකට කලින් සචී අඩලා තියෙනවා.

    "කෝ බං අචිනි, එයාට ගොඩක් අමාරුද..?"

    දිනුකට අහන්න තදියමේ හිටපු ප්‍රශ්නෙ ඇහුවෙ ජනාලි..

    "යංකො ගෙට. එයා ඉන්නවා.."

    අපි කට්ටියම සාලෙට යද්දි අචිනි සෙටියෙ වාඩිවෙලා කකුල් දෙක ස්ටූල් එකක් උඩ තියාගෙන හිටියා. එක කකුලක් විලුඹ හරියෙන් දිගටම බැන්ඩේජ් කරලා. අනිත් කකුල දනිස්ස ළග බැන්ඩේජ් කරලා. මේකි එක් අන්ඩක් නෙමෙයි අඩු දෙකම කඩාගෙන වගෙයි. මොනව උනත් අපිව දැක්ක ගමන් කෙල්ලගෙ ඇස් දෙකට කදුළු පිරුණා.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "ඔයාට ගොඩක් අමාරුද අචිනි..?"

    එයා ළගින්ම ඉදගෙන අතකුත් අල්ලගන්න ගමන් ජනාලි ඇහුවා.

    "නෑ.."

    කියලා එයා ඔළුව වැනුවා. එහෙනං අඩන්නෙ මොන මගුලකටද දන්නෑ කියලා අහන්න හිතුනත් මං නිකං හිටියා.

    "ආ... පුතාලා දැන්ද ආවේ..? ඒත් මෙයාලා කිව්වා අද සමහර විට යාළුවො ටික එයි කියලා.."

    සචීලගෙ අම්මා ඇවිත් අපිව ආදරයෙන් පිළිගත්තා. ඉස්සරත් මුන්ගෙ උපන්දින වලට එහෙම ඇවිත් අපි කට්ටියම සචීලගෙ ගෙදර අය හොදට දන්නවා.

    "ඔයාලා පංති ගිය ගමන්මනේ එන්න ඇත්තේ. මං කන්න මොනාහරි ලෑස්ති කරන්නම්.."

    අපේ කට්ටියගෙ බඩවල් ගැන නොදැන වගේ ඇන්ටි කෑම ලෑස්ති කරන්න හදන්නේ. අට දෙනෙක්ට කන්න දෙන එකත් දානයක් දෙනව වගේ වැඩක් තමයි. ඒ අතරෙ ජනාලි අචිනිගෙන් කතන්දරේ අහන්න පටන්ගත්තා.

    "ඊයෙ ඔයා බහිද්දිත් හොදටම වැස්සනේ ජනාලි. මමත් බස් එකෙන් බහිද්දි පාර පේන්නැති තරමට වැස්ස. මං බැස්සෙ ඇන්ටිලා දෙන්නෙක් බැස්සට පස්සෙ අන්තිමට. ඒත් මං බහිනවා දැක්කෙ නැතුව ඩ්‍රයිවර් බස් එක ඇද්දුවා. මං බහින්න ලෑස්තිවෙලා ෆුට් බෝඩ් එකේනේ හිටියේ. සෙරෙප්පුව ලිස්සලා මං එකපාරටම බිමට වැටුණා. අර ඇන්ටිලා දෙන්නා තමයි මාව ත්‍රීවිල් එකක දාගෙන ගෙදර එක්කං ආවේ.."

    "ඉතිං ඔච්චර දෙයක් වෙලත් ඒ බස් කාරයා නැවැත්තුවෙ නැද්ද..?"

    ෂෝටට තද වෙලා ඇහුවා.

    "බස් එකේ මිනිස්සු දැකලා කෑ ගැහුවා. ඒත් ඩ්‍රයිවර් නැවැත්තුවෙ නෑ.."

    "ඔය කාලකන්නි හැත්ත ඔහොම්මයි. උඹට බස් එක මතක නැද්ද..? අඩුගානෙ අංකෙවත් බලාගත්තෙ නැද්ද..?"

    සාරංගත් අහන්නෙ මාර ප්‍රශ්න. ඔය වගේ මහ වැස්සට නතර නොකරන බස් එකක අංකෙ බලන්න වැටුන එකාට පුළුවන්ද..? අනික මතක තියාගන්න මේ පාරේ 138 බස් කීයක් කියලා තියෙනවද..?

    අචිනි කකුල බිම තියන්න හදලා ආව් කියලා ආපහු උඩට ගත්තා. පෙන්නුවෙ නැතුවට ඒකිට ටිකක් අමාරු පාටයි.

    "ඔහොම හිටපං බං අචී දගලන්නෙ නැතුව. අපි හිටියට කමක් නෑ. උඹ පහසු විදියට හිටපං.."

    ඒක තවත් අප්සට් කරන්න ඕනෙ නැති නිසා මං කිව්වා. එතකොටම අපි ගත්තු ටෙඩිබෙයාව දිනුක ගෙනැල්ලා අචිනිගෙ අතට දුන්නා. දැන්නම් ඒකිගෙ මූණෙ බලබ් වැලක් එල්ලුවා වගේ පාට වැටිලා.

    "අනේ හරි ෂෝක්.."

    එහෙම කියපු අචිනි ටෙඩීට කිස් එකක් දුන්නෙ අපි ඉන්නකොට දිනුකට කිස් එකක් දෙන්න බැරි නිසා වෙන්න ඇති. මොනව උනත් කොල්ලා යෝජනා කරපු තෑග්ග සීයට සීයක් සාර්ථකයි කියලා මට හිතුනෙ අචිනි ඒක ආදරෙන් තුරුළු කර ගන්න විදිය දැක්කමයි.

    "උඹලට කොස් කිරන්න ඕනෙ නම් අපි අහක බලාගන්නම්.."

    දිනුකගෙ මූණ දිහා බලලා නිරෝධ අපහු විදියට අචිනිට ලැජ්ජ හිතිලා. ඒකිගෙ සුදු මූණ රතු වෙලා. ඒ අතරෙ සචී බීම ටේ එකක් අරගෙන ඇවිත් අපිට ඇල්ලුවා. ඊට පස්සෙ ඉතුරු උන බීම එක අචිනිගෙ අතට දීලා එයත් අචිනි ළගින්ම ඉදගත්තා. ඔහොම ළංවෙලා ඉද්දි තමයි මුන් දෙන්නගෙ ගතිය වැඩි. ඇතත්ටම ඩබල හරියට බෝනික්කො දෙන්නෙක් වගේ. හරිම ලස්සනයි.

    ඒත් අර නිතර දෙවේලෙ දකින කුකුළගෙ කරමලේ සුදුයි වගේ උන්ගෙ ලස්සන අපිට ඒ තරම් ගානක් නෑ. අපිට නොදැනුනාට උන්ගෙ අගේ දිනුකට නං දැනිලා තියෙනවා.

    "බලන්න රන්දු අපිට ලොකු ප්‍රශ්නයක්.."

    "ඇයි බං මොකක්ද කේස් එක..?"

    "අක්කි ලබන සතියෙ සමස්ත ලංකා නැටුම් තරගෙට නුවර යන්න හිටියෙ. එයා පහුගිය ටිකේම ඒකට ප්‍රැක්ටිස් කලා. අපරාදෙ දැන් ඒකටත් යන්න බැරි වෙනවා."

    අචිනිටයි, සචිනිටයි පොඩි කාලෙ ඉදලම හොදට නටන්න පුළුවන්. උන් දෙන්නා එකාට එකා දෙවැනි නෑ. ඒත් සචී ඒ ලෙවල් කොමර්ස් තෝරගත්තට පස්සෙ නැටුම් තරග වලට ගියේ නෑ. ගිය අවුරුද්දෙ ඉදිරිපත් උනේ අචිනි විතරයි. එයා මීට මාස දෙකකට විතර කලින් දිස්ත්‍රික් තරග වලට ඉදිරිපත් වෙලා කොළඹ දිස්ත්‍රික්කේ පළවෙනි තැනට තේරුණා. එදත් අපි කට්ටියම මෙහෙ ඇවිත් සතුට සමරලා පොඩි බජව්වක් දාලා ගියේ.

    "ඉතිං අපි කලිනුත් ඔය විදියෙ ගේම් දීලා තියෙනවනේ. අචී වෙනුවට සචී ගියා නම් වැඩේ ගොඩ.."

    මං කිව්වෙ අපේ කට්ටියගෙම මූණු දිහා බලලා. අපි දහ දෙනාට රහස් රකින එක ප්‍රශ්නයක් නෙමෙයි.

    "එහෙම බෑනේ රන්දු. අකික් පුරුදු උන නැටුම මං දන්නෑනේ. අනික අපිට ලබන සතියෙ විභාගෙතියෙනවනේ.."

    සචී බයවෙලා කිව්වා.

    "මේ සීන් එක තාම ඉස්කෝලෙන් දන්නෑනේ. අපි කියමු බස් එකෙන් වැටුනෙ සචී කියලා. ඉතුරු ටික ස්ටෙප් බයි ස්ටෙප් ප්ලෑන් කරමු.."

    විහගත් ඕන දේකට ෆුල් සපෝට්. කොහොම හරි මේ තරගෙට සචීව යවන්න අපි හිතාගත්තා. වැඩේ ටිකක් අමාරුයි තමයි. ඒත් කොහොම හරි වැඩේ ගොඩ දාගන්න අපි කට්ටියම අතට අත දාලා ගිවිස ගත්තා. අමාරුම වැඩේ උනේ සචීලගෙ අම්මලව කැමති කරගන්න එක.

    "මං නම් ඔය වැඩේට කැමති නැහැ පුතා. අනික ගුරුවරු රවට්ටලා ඔය වගේ දෙයක් කරන්න අනුබල දෙන්න අපිට කීයටවත් බෑ. අංකලගෙනුත් මට බැනුම් අහන්න වෙයි."

    අපි ටොප් ගියර් එකට දාලා පාගන්න හදද්දි ඇන්ටි රිවස් එකටමයි කතාව.

    "මේකනේ ඇන්ටි සචිනිටත් හොදට නටන්න පුළුවන් එකෙ එයාට නැටුම පුරුදු කරන එක විතරයි තියෙන්නේ. අනික මේ තරගෙ තියෙන්නෙ නුවර නේ. කවුරුවත් සචිනිව අදුරගන්න එකක් නෑ.. "

    "එතකොට ඇන්ටි ගුරුවරුන්ව රැවටීමක් වෙන්නෙ නෑ නේ.."

    "ඒ වගේම සචිනි දින්නොත් එහෙම අපේ ඉස්කෝලෙට වගේම ඇන්ටිලටත් කොයි තරම් ආඩම්බරයක්ද..?"

    අපේ එකෙක් නවත්තද්දි අනිකා කියවන්න ගන්නවා. ඇන්ටිට එක වචනයක් කියන්න ඉඩ දුන්නෑ. අන්තිමට ලාවට වගේ ඇන්ටිව අපේ පැත්තට නම්ම ගන්න අපිට පුළුවන් උනා.

    "අනේ මන්දා ඔයාලා කරන දෙයක් අංකල්ගෙනුත් අහලා කරන්න. හැබැයි පරිස්සමින්.."

    එහෙම කියලා ඇන්ටි ගිහින් කෑම මේසෙ ලෑස්ති කලා. අපි කට්ටිය කන ගමනුත් කතා කලේ අපේ ප්ලෑන ගැන.

    "එතකොට නංගි නුවර යනවා නම් මං එයා වෙනුවට එක්සෑම් එකට ලියන්න ඕනෙද..?"

    අචිනි බයවෙලා වගේ ඇහුවා. ඒකි බයවෙන එක සාධාරණයි. වෙච්චර දවසක් ආර්ට් ඉගෙනගෙන එක පාරටම කොමර්ස් විභාගයක් ලියන්න උනොත් අන්තිමට කෙල්ලට ඇඩ්රසුත් නැතිවෙනවා.

    "අනේ මං කොමර්ස් ගැන මුකුත් දන්නෙ නෑනේ.."

    "උඹ බයවෙන්නෙපා බං. ඒකට තමයි අපි සෙට් එක ඉන්නේ. උඹට තියෙන්නෙ විභාගෙට එන එක විතරයි. ඉතුරු ටික අපි බලාගන්නම්.."

    සචී කවදත් ඉගෙනගන්න දක්ෂයි. එයා වෙනුවට අචිනි විභාගෙට ඉන්නවානං හොදට ලකුණු ගන්න වෙනවා. ඒකට අචිනිට අනිවාර්‍යයෙන් කොපි කරන්න වෙනවා. නැතුව වෙන කිසිම විකල්පයක් නෑ. දැන් වැඩේට බැහැපු එකේ බොරු දාහක් කරලා හරි මේක ගොඩ දාගන්න ඕන.

    "අපිට නැටුම් කරන කුමුදු මිස් නෙමෙයි මට මේක ප්‍රැක්ටිස් කලේ. එයා කලායතනයක අක්කා කෙනෙක්ව ගෙනාව මට නැටුමක් පුරුදු කරන්න. ප්‍රින්සිපල් සර්ගෙනුත් අහලා තමයි එයා ඇවිත් තියෙන්නේ."

    ඒ කියන්නෙ මේ කතන්දරේ ඇතුලෙ තවත් චරිතයක් ඉන්නවා. ඇත්ත නොකිය මේක ආපහු මුල ඉදලා පුරුදු වෙන්න බෑ. අපේ සෙට් එකේ දහයයි සචීලගෙ අම්මයි තාත්තයි ඇරුනම දහතුන් වෙනියටත් බොරුව කියන්න වෙනවා. දහතුන් දෙනෙක් අතර රහසක් රකින එක මළාට කරන්න බැරි වැඩක්. අපි දහදෙනා අපිට ෂුවර් උනාට ඉතුරු අය කොහොම වෙයිද දන්නෙ කවුද.

    ඔය නැටුම් පුරුදු කරන අක්කගෙ කටින් ඕක නටුම් මිස්ට යන්න බැරි නෑ. කොහොමත් ඔය ගෑනුන්ට කටවල් පරිස්සම් කරගෙන ඉන්න හරි අමාරුයි නේ. තමන් දන්න රහසක් අනිකට කියනකල් උණ ගැනිලා වගේ දගලන්නේ. අන්තිමට ඒ අක්කා ගාවට ගිහින් වැඩේ ෂේප් කරගන්න එක මහේෂායි, ජනාලියි බාරගත්තා. දැන් වැඩේ සීයට අසූවක් විතර ප්ලෑන් කරලා ඉවරයි. හෙට කලායතනයට යන වැඩේ දාගනෙ අපි කට්ටිය ගෙදර එන්න ලෑස්ති උනා. දිනූකයට ඒත් නිකං හිටියා මදි වගේ. තාම අචිනි ළගට වෙලා ඉදගෙන ඉන්නවා.

    "උඹ එන්නැතුව අද බින්න බහින්නද කල්පනාව. යකෝ ඇන්ටි ඉලපත ගන්න කලින් වරෙන් යන්න. දැන් හොදටම හවස් වෙලා."

    ෂෝටගෙ වැඩේ දිනූකව පල් කරන එක. අපි යන්න මිදුලට බහිද්දිත් අචිනි ඇස්වල කදුළු පුරෝගෙන. මේ කෙල්ලො හැම ඉලව්වකටම අඩන එකනේ කරන්නේ. අපි එහෙම හිතුවට දිනූකගෙ ඇස් වලත් කදුළු තියෙනවා දැක්කෙ පාරට ආවට පස්සේ. ඌට දුක ඇති ඒ තරම් අමාරුවෙන් ඉදපු කෙල්ලව දාලා එන්න සිද්ධවෙච්ච එකට. අපි පාරට එද්දි හවස හයටත් කිට්ටුයි. අපි මුලින්ම කලේ ජනාලිවයි මහේෂවයි ගෙවල් වලට යන්න බස් වලට දාපු එක. ඒක අපේ ඉස්සර ඉදල තිබ්බ පුරුද්දක්. අන්තිමට මම විහග එක්ක ඇවිත් අපේ ගේ ළගින් බහිද්දිත් කළුවර වැටිලා.

    "අනේ.. අනේ.. හොදයි කොල්ලො ගෙදර එන වෙලාව.."

    මිදුලෙ තිබුණ ගල් බංකුවක වාඩිවෙලා හිටපු අපේ අක්කා මාව දැක්ක ගමන් පුපුරන්න ගත්තා. මෙයත් හරියට චීනපටස් එකක් වගේ තමයි. ළගින් ගියොත් ඇහැක් නෑ.

    "තමුසෙ අද කොහෙද ගියේ..?"

    කිසිම ගැලවීමක් නෑ වගේ. මම පොඩි ෂේප්මන්ට් එකක් දාගන්න එයා ළගට ගියා. එතකොටයි මං දැක්කෙ අපේ අක්කා ළග තව කෙල්ලෙක් ඉන්නවා.

    "බලන්න හංසි, මෙයා මට හෝදන්න කියලා පත රෙදි ගොඩකුත් දාලා පංති යනවා කියලා උදේම ගියා. දැන් එනවා මෙතන රස්තියාදු ගහලා."

    එහෙනම් මෙයයි අපේ අක්කගෙ බ්‍රැකට් එක හංසි. නම අහලා තිබුණට ඔයාව අදනේ දැක්කෙ බබෝ. ඒත් මෙයා ඉස්සරහ අක්කට සෙකන්ඩ් වෙලා බැහැනේ.

    "පංති තමයි හලෝ ගියේ. බොරුනං ඔය ටියුට් එක අරගෙන බලනවා.."

    එහෙම කියලා මම සාක්කුවෙ දාගෙන ඉදපු ඉකෝන් ටියුට් එක එයාගෙ ඔඩොක්කුවට විසි කලා.

    "බලනවා ඉතිං ඉගෙන ගන්න එවුන් ටියුට් ගෙනියන ලස්සන. සුරුට්ටුවක් වගේ රෝල් කරලා සාක්කුවෙ දාගනෙ."

    එයා ආපහු ටියුට් එක මගේ පැත්තට විසි කරලා දැම්මා. අක්කයි මමයි දිගට හරහට ගේම ඉල්ලනවා. හංසි බයවෙලා අපි දිහා බලන් ඉන්නවා.

    "බලන්න අක්කෙ ඔයාගෙ යාළුවා හැමදාම ඔහොම්මයි. ගෙට ගොඩවෙද්දිම බොරුවට බෙරිහන් දෙනවා.."

    මං හංසි දිහාට හැරිලා කිව්වේ යාළුවෙක් ළග ඉන්නවා කියලා මතක් කරලා දෙන්නයි.

    "කවුද බොරුවට බෙරිහන් දෙන්නේ..? තමුසෙ පංති ගියානං කොහොමද දවල් පාරෙ සිංදු කිය කිය තොප්පි අරන් සල්ලි එකතු කලේ..?"

    චිකේයියා..! කවුරුහරි ගෝතයෙක් සීන් එක අක්කගෙ කනේ තියලා තියෙනවා. නිකං නෙමෙයි එක දහය කරලා ගින්න දීලා තියෙන්නේ. ඌ හිතුවද දන්නෑ මං පාරෙ හිගාකෑවා කියලා.

    "හලෝ මේ තමුසෙගෙ ඔය රොයිටරයට කියනවා බොරු කියලා අඩු කඩාගන්නෙපා කියලා. මං පාරෙ හිගාකෑවෙ නෑ. අපේ යාළුවෙක් ඇක්සිඩන්ට් වෙලා. ඌව බලන්න යන්න ප්‍රසන්ට් එකට සල්ලි එකතු කලා. හැබැයි පාරෙ හිටපු එවුන්ගෙන් නෙමෙයි. අපේම යාළුවන්ගෙන්. එච්චරයි හරිද..?"
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තිබ්බ කේන්තියට දිගට හරහට කියවගෙන ගිය මං දෙන්නගෙ මූණවත් නොබල කාමරේට ගියා. ඇදුම් ටික ගලවලා තුවායක් ඇදගෙන බාත්රූම් එකට ගියේ අක්කට කේලම කියපු එකා ගැන හිත හිත. හැබැයි ඒ කේලමා හංසි වෙන්න බෑ. මොකද මෙයා මාව කලින් අදුනන්නෙ නෑ නේ. ඒ වගේම අද මෙයා මොකද අපේ ගේ අස්සෙ රිංගලා ඉන්නෙ කියන ප්‍රශ්නයත් මගේ ඔලුවට ආවා. මම ඇග හෝදලා කාමරේට එද්දි අම්මා තේ එකත් අතේ තියාගෙන කාමරේ.

    "පොඩි පුතා පරක්කු උන නිසා අපි කලින් තේ බිව්වා. මේක බීලම ඔයා කන්න එන්න.."

    මට හවසට ගෙදර ආපු ගමන් තේ එක ඕනෙමයි කියලා අපේ අම්මා දන්නවා. එයා මගේ අතට තේ එක දීලා කාමරෙන් ගියේ මගේ ඔළුවත් අතගාගෙනමයි. අම්මා යද්දි චීන පටස් එක ආපහු කාමරේට ආවා.

    "මල්ලි ඔයා මගෙත් එක්ක තරහද..?"

    එහෙම අහගෙන ආපු එයා කෙලින්ම මගේ ඇදෙන් ඉදගත්තා. මං ඇහුනෙ නෑ වගේ තේ එක බොන ගමන් බිත්තියෙ ගහලා තිබ්බ ටයිටැනික් නැවේ ලොකු පිංතුරෙ දිහා බලාගෙන හිටියා.

    "ඔයා පරක්කු උන නිසයි මං බැන්නේ. ඔයාගෙ යාළුවෙක් ඇක්සිඩන්ට් වෙලා කියලා මං දන්නෑ.."

    මම තාමත් පිංතූරෙ දිහා බලාගත්තු ගමන්මයි. හැබැයි දැන්නම් තේක ඉවරයි. අක්කා ඇදෙන් නැගිටලා ඇවිත් මගේ උරහිසට අත තිබ්බා.

    "කවුද මල්ලි ඇක්සිඩන්ට් උන යාළුවා..? දවල්ට ඔයා එක්ක එන මල්ලිද..?"

    අපේ අක්කා හදන්නෙ යස අගේට අතපය හතර තියාගෙන ඉන්න විහගයව හප්පන්න. ඌ දන්නව නම් මෙයාට නඩු දානවා.

    "ඌට මුකුත් වෙලා නෑ. අචිනි ඊයෙ බස් එකෙන් වැටිලා.."

    "අචිනි කිව්වේ..?"

    "අචිනි කිව්වේ ටුවින්ස්ලගෙන් එක්කෙනෙක්.."

    "අනේ අර ලස්සන නංගිලා නේද..? අර අපේ ගෙදර ඇවිත් තියෙන්නේ.."

    "ඔව් ඔව් උන් තමයි.. දැන් යනවා හලෝ වද නොදී.. තමුසෙගෙ යාලුවා බලාගෙන ඇති.."

    "එයා තව ටිකකින් අම්මලා ආවාම යයි.."

    "ආ ඇත්තද..? මං හිතුවා ගෙදරින් එළවලා කියලා.."

    අක්කා කාමරෙන් ගියාට පස්සෙ මං තුවාය ගලවලා සරමට බැස්සා. හෙට උදේ පංති යන වෙලාවට විහග එයි. ඒත් හෙට පංති කට් කරලා ජනාලියි මහේෂයි කලායතනයට යනවා කිව්වනේ. කොයි එකටත් උන්ගෙ සපෝට් එකට අපිත් ගියානම් හොදයි. ඔය නැට්ටුක්කාරි මොන වගේ ඩයල් එකක්ද කියලා දන්නෙත් නෑනේ. මං ටීවි එක බලන්න හිතලා සාලෙට යද්දි අක්කලා බඩල පතරංග වගේ දිග නාට්ටියක් බලනවා.

    "අනේ මල්ලි මං අම්මා එක්ක කෑම ටික ලෑස්ති කරනකල් ඔයා හංසි එක්ක ටිකක් කතා කර කර ඉන්නකෝ.."

    මාව දැක්ක විතරයි එහෙම කියල අපේ අක්කා වාෂ්ප උනා. මං මොන කෙහෙල්මලකටද මෙච්චර ලොකු කෙල්ලන්ට තනි රකින්නේ. එයා මේ තරම් ආසාවෙන් බලන නාට්ටිය බල බල ඉන්නෙ නැතැයි. මමත් කට වහගෙන ටීවී එක බලන්න ගත්තා.

    "මල්ලි ඔයා හිතන්නෙ අක්කට ඔයා ගැන කේලම් කිව්වෙ මං කියලද..?"

    "නෑ එහෙම හිතන්න ඔයා මීට ඉස්සර මාව දැකලා තිබුණෙ නෑනේ.."

    "මං ඔයාට ෆොටෝ වලින් දැකලා තියෙනවා. අක්කා නිතරම ඔයා ගැන කියනවා. එයා ඔයාගෙ ඇල්බම් එකක්ම මට පෙන්නුවා."

    අපේ අක්කටත් ඕන්නැති මගුලක් නෑ. හැම අටමගලයක්ම යාළුවන්ට පෙන්නනවා. ඉතිං පාරෙ තොටේ ඉන්න එවුන්ගෙන් බාගයක්ම මාව දන්නවා ඇති.

    "එයාගෙ වැඩේ ඉතිං මට බනින එකනේ. ඔයාට ෆොටෝ පෙන්නලා කියන්න ඇති මේ ඉන්නේ අපේ ගෙදර එකම වසවර්ථියා කියලා."

    "ඔයා එහෙම හිතුවට අක්කා ඔයාට ගොඩක් ආදරෙයි. කටේම තියෙන්නෙ මගේ මල්ලි කියන එක.."

    "අපෝ බොරුවට මිනිස්සුන්ට ඇහෙන්න එහෙම කිව්වට. දැක්කනේ ගෙදර ඉන්නකොට මාව කන්න හදනවා.."

    "ඇත්තටම ඔයාගෙ යාළුවෙක් ඇක්සිඩන්ට් වෙලාද..?"

    "ඇයි ඔයත් හිතන්නෙ බොරු කියනව කියලද..? මේ කෙල්ලො ඔක්කොම එකයි.."

    "අක්ක කිව්ව එක ඇත්ත. ඔයාට පොඩ්ඩ ඇත්තං තරහ යනවනේ.."

    මං කිව්වෙ නැද්ද අපේ අක්කා මගේ වැරදි සේරම යාළුවන්ගෙ කනේ තියලා. අක්කා ඉක්මනට කන්න දීලා මේකිව යැව්වනං ඉවරයි. මොකද දන්නෑ අද මෙයාට මේ පැත්ත මතක් උනේ.

    "ඔයා මීට කලින් මෙහෙ ඇවිත් නෑ නේද..?"

    "මං දවස් දෙකක් ඇවිත් තියෙනවා. ඒත් ඒ එක දවසකවත් ඔයා හිටියෙ නෑ.."

    "එතකොට අද මොකද මේ රෑ වෙලා..?"

    "අපේ අම්මලා අද ගාල්ලෙ මළ ගෙදරක ගියා. එද්දි රෑ වෙයි කිව්ව නිසා මං මෙහෙ ආවා.."

    අක්කා කෑම ලෑස්ති කරලා කතා කරපු නිසා අපේ කඩේ නැවතුනා. කාලා කාමරේට ගිහින් පාඩම් කරන්න හැදුවට අද හතර වටේ පයින් ඇවිදලා ඇගට අමාරුයි වගේ. ඉතිං බාලගිරි දෝෂය අද නොවේ හෙට කියලා මං පොත වහලා ඇදට පැන්නා.


    Mathusambandai.gif