සුන්දර ගීයක ඇරබුම,..

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ඔන්න කාලෙකට පස්සෙ නිදාන කතාවක් අරගෙන ආව අපේ යාළුවන්ට... කියවලම බලන්නකෝ... මේ ගීතය මෙම නූල තුල සදහන් වෙලා තිබුණද කියල මට මතකයක් නෑ යාලුවනේ... එහෙම කලින් දමා තිබුනනම් නැවත දැමීම ගැන මට සමාවන්න ඔබ සියළු දෙනාම..

ඔන්න දවසක් අපේ ගී පද රචකයෙක් බොරැල්ලෙ ඉදල දෙමටගොඩ පැත්තට යනවලු බයික් එකෙන් එයාගේ රාජකාරි වැඩකට... ඒ වෙලාවෙදී එකපාරටම මහා වැස්සක් කඩාවැටෙනවා... අපේ මේ ගී පද රචකයට කරන්න දෙයක් නෑ... හොදටම තෙමෙනවා පාර අයිනෙ බයික් එක නවත්වපු අපේ මේ පද රචකයා දිවගෙන ගියා ලොකූ ගහක් යටට... ගහ යටට ගිහින් වැස්සෙන් බේරුන මොහුට අවට ටිකක් විපරම් කලා ලග තියෙන කඩේ හොදට හුරු පුරුදුයි, අවට පරිසරයත් හොදට පුරුදුයි... ටිකක් ඔහු ඔළුව උස්සලා බැලුවා.... දෙවියනේ ඒ ගසත් ඔහුට හොදට පුරුදුයි... අහම්බෙන් වැස්සට මුවාවෙන්න ගොඩවුනත් මේ ගසත් අවට පරිසරයත් ඔහුට හොදටම හුරු පුරුදුයි. ඔහු ඔහුගේ තරුණවියට එක තත්පරයෙන් රැගෙන ගියා මෙන්න මේ විදියට.....

ඔහුගේ තරුණ වයසේදී ආදරවන්තියක් එක්ක ඇවිදගෙන යනවා මේ දෙමටගොඩ පාරේම... ඒ ආදරණීය ගමනෙදිත් හදිසියේ වැටුනු වැස්සකට ඔවුන් මේ ගස යටටම ගොඩ වෙනවා... ඒ විතරක් නෙමෙයි ඇය සීතල පින්න නිසා ඔහුට ටිකෙන් ටික ලං වෙනවා උණුසුමට... ඒ උනුසුම සෙනෙහස සහ අද දවසේ මේ ගස යටදී ඇය නොමැතිව මේ පද රචකයා තනිවීම මෙන්න මේ විදියටයි අපිට පවසන්නේ...

විවාහයට කලින් මගේ ලොකු ප්‍රේම සම්බන්ධයක් තිබුණා. මම ඒ කාන්තාවගේ වගතුග කියන්නේ නෑ. බොහෝ අය ඇය ගැන දන්න නිසා. එයාගෙයි මගෙයි ප්‍රේම සම්බන්ධය අවුරුදු දෙකහමාරක් විතර තිබුණා. ඒ නිසා තමයි මම අශෝකල ගෙදරින් අයින්වෙලා මරදානේ බෝඩිමකට ගියෙත්. එයා හිටියේ දෙමටගොඩ. එයා චරිතවත් ළමයෙක්. වල් ළමයෙක් නෙවෙයි. එයා හිටියේ දෙමටගොඩ ගෙවල් පේලියක. එයාට ඕනේ වුණේ විවාහය තුළින් නාගරික සුඛෝපභෝගී පරිසරයක ජීවත්වෙන්න යන්න. අපේ සම්බන්ධය යන අතරේ ඇය තක්සේරු කළා මම වගේ ගමේ මිනිහෙක් කසාඳ බැදගන ඒ සිහින ලෝකයට යන්න බෑ කියලා. ඒ නිසා පස්සේ එයා මාව විසිකරලා දැම්මා. ඒකෙන් මම විශාල මානසික පීඩාවකට පත්වුණා. හුගාක් දුක් වින්දා. මම පසුකාලෙක නවකතා පොතක් ලිව්වා සිහින කුමරු සහ ඕ තොමෝ කියලා. මේ ගීතයට ඒ අත්දැකීම පාදක වුණා.

ඒ කාන්තාව විසිකර දැමූ ආදරවන්තයා නම් අංජන්තා රණසිංහයන්. ඒ ඉතිහාසය ආවර්ජනය කල ගස දෙමටගොඩ පාරේ පිහිටා ඇති විශාල මැයි ගසයි.... ගීතය මේ මැයි ගහ යට දවසක්දා වැස්සට අපි උන්නා...

Last edited:
  • Like
Reactions: chamal89

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඔන්න කාලෙකට පස්සෙ නිදාන කතාවක් අරගෙන ආව අපේ යාළුවන්ට... කියවලම බලන්නකෝ... මේ ගීතය මෙම නූල තුල සදහන් වෙලා තිබුණද කියල මට මතකයක් නෑ යාලුවනේ... එහෙම කලින් දමා තිබුනනම් නැවත දැමීම ගැන මට සමාවන්න ඔබ සියළු දෙනාම..

    නියමයි මචන් අජන්තා රනසිංහ මහත්තයා මෙ කතාව දවසක් කීවා සාකච්චාවකදිත් එල එල ස්තුතියි:):):)
     
    user52

    Member
    Jan 25, 2012
    135
    36
    0
    [FONT=&quot]කොමිටල් ගීතයකින් ඇඳෙන සමාජ, දේශපාලන විග්‍රහයක වක්‍රය....................[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ජෝන් සීzනා...අපෙ පොඩි එකාට ගහලා........!!!!!!![/FONT]

    [FONT=&quot]වර්තමාන තරුණ පරම්පරාව කොතරම් ඥානාන්විතව අමෙරිකානු ව්‍යාප්තවාදය හදුනාගෙන තිබේද යන්නටත්, මෙවන් ගීත නියම වූ හදුනා ගැනීමකින් තොරව ගර්හිත ගීත ලෙස දක්වමින් විචාරයේ දංගෙඩිය මත තබන විචාරක පරම්පරාවේ කුණු වූ “ඉව”ටත් හොදම නිදර්ශනයක් නොවේද මේ ගීතය?[/FONT]

    නියමයි... මම දන්න ආකාරයට මේ ගීත්ය ගායනා කරන්නේ අමිල සදරුවන් ඔහු කැලනිය විශ්ව විද්‍යාලයේ සෞන්දර්ය කලා අංශයේ සිසුවෙක්... දන්න විදිහට ඔහු මේ ගීතය එලිදක්වන්නේ යම් පර්යේෂනයක් විදිහට මේ ගීතය ගායනා කරන ආකාරය, සංගීතය, පද රචනය, ගීතයේ වීඩියෝව හා එයට ගායකයා පෙනීසිටින ආකාරය පවා ලොකු වෙනසක් වෙන්නෙ ඒ අත්හදා බැලීම නිසා.
    මේක තමයි වෙන්න ඔනේ අපි දකින හැම දේකින්ම අපේ ජීවිතයට යමක් එකතු කරගන්න ඔන..... කිසිම ගීතයක් නොවැදගත් නෑ... හැම ගීතයකින්ම ගන්න දෙයක් තියනවා.... අඩුම තරමේ සමහර ගීත ඇහුවාම මේවගේ මොලේ අමාරුකාරයොත් සමාජයේ ඉන්නව කියල හරි ජීවිතේට ගන්න පුලුවන්:P
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    [FONT=&quot]කොමිටල් ගීතයකින් ඇඳෙන සමාජ, දේශපාලන විග්‍රහයක වක්‍රය....................[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ජෝන් සීzනා...අපෙ පොඩි එකාට ගහලා........!!!!!!![/FONT]

    [FONT=&quot]ජෝන් සීzනා - අපෙ පොඩි එකාට ගහලා[/FONT]
    [FONT=&quot]ජෝන් සීzනා - අපෙ පොඩි එකාගෙ ඔළුවට ගහලා[/FONT]

    [FONT=&quot]පාඩම් වැඩකුත් නෑ - කන්නෙ බොන්නෙ නෑ[/FONT]
    [FONT=&quot]බලා ගත්තු අතේ ඌ බලං ඉන්නවා........[/FONT]

    [FONT=&quot]පාරෙ යන්න බෑ - දත් මිටි කනවා[/FONT]
    [FONT=&quot]රෑට රෑට ඌ හීනෙන් බෙරිහන් දෙනවා.......[/FONT]

    [FONT=&quot]ජෝන් සීzනා..............................!!!!![/FONT]

    [FONT=&quot]ජෝන් සීzනා - අපෙ පොඩි එකාට ගහලා[/FONT]
    [FONT=&quot]ජෝන් සීzනා - අපෙ පොඩි එකාගෙ ඔළුවට ගහලා[/FONT]

    [FONT=&quot]ඇහුවා මං දොස්තරගෙන්[/FONT]
    [FONT=&quot]“මොකක්ද කරන්නේ මූට?”[/FONT]
    [FONT=&quot]කිව්වා එයා - ගහපං උඹත් [/FONT]
    [FONT=&quot]මිට මොළවාලා[/FONT]
    [FONT=&quot]උගෙ ඉහ මොළ හෙලවෙන්ට.......[/FONT]

    [FONT=&quot]ජෝන් සීzනා..........[/FONT]
    [FONT=&quot]දෑතම බදලා.......[/FONT]
    [FONT=&quot]මිට මොළවාලා......[/FONT]
    [FONT=&quot]අපෙ පොඩි එකා ගේ.....[/FONT]
    [FONT=&quot]ඔළුවට ම ගහලා..........[/FONT]
    [FONT=&quot]හ්ම්........................!!!!!![/FONT]

    [FONT=&quot]සුභාවිත ගීත පමණක් ම මෙතක් විග්‍රහ කළ, වින්දනය කළ මේ හුයට දත් කිඹුළා මේ කරන්නට යන කෙංගෙඩිය කුමක්දැයි මෙය කියවන අපේ සහෘදයන් දැන් වික්ෂිප්තව සිටිනු ඇත. ඇත්තෙන්ම මා කලින් පළ කළ ලෙසට ම, මේ ගීතය පිළිබද ව යම් අරුත් ගැන්වීමක් පළකරන්නට මා තීරනය කගේ මෙහි යටි පෙළ අර්ථය තුළ සගවා ඇති තිත්ත ඇත්ත සහ විය යුත්ත වෙනදාටත් වඩා අද දින අප අත්දකිමින් සිටීම නිසාය.[/FONT]

    [FONT=&quot]කවුද ජෝන් සීzනා? wwc මල්ලව පොර නරඹන අපේ අයට හැඩි දැඩි ජෝන් සීzනා අමුත්තකු නොවේ. නමුත් ඇයි ඔහු අපේ පොඩි එකා ගේ ඔලුවට ගසා ඇත්තේ? අප ඇත්තෙන් ම සිතන්නේ අපේ යෞවනයන් සේම මේ “රෙස්ලින් උණ” වැළදුන පොඩි එකෙකු පිළිබදව කරන ලද රචනයක්ය කියාය. නමුත් ගීත රචකයා මේ හුදු ලඝු කාරණය මත අමෙරිකානු ආධිපත්‍යයේ ප්‍රසාරණය සහ එහි ආචරණය මොනවට දක්වා ඇති උපහාසාත්මක පදවැලක් තුළ, සිය අමෙරිකානු විරෝධී පොරව භයානක ලෙස සගවා තබා ඇති හැටි දැකීමට නම්, මේ ගීතය හුදු කොමිටලයක් ය යන මනෝභාවයෙන් මිදිය යුතුය.[/FONT]

    [FONT=&quot]රචකයා කෙලින් ම ජෝන් සීzනා නම් චරිතය අපට නොපෙනෙන අමෙරිකානු සමාජ, සංස්කෘතික සහ ආර්ථික ආක්‍රමණයේ හැඩය බවට පත් කරයි. ඔහු ඉතා කුඩා වපසරියකට හිමිකම් වී ඇති අපේ සමාජ, සංස්කෘතික සහ ආර්ථික පොඩි එකා ගේ ඔළුවට ගසයි. අමෙරිකාවේ කොකා-කෝලා/කේඑෆ්සී සංස්කෘතිය ඔළුවට ගැසු අපේ ඇත්ත පොඩි උන්ට වෙන දේ ඔහු කියයි. උන් ඉගෙන ගන්නේ නැත. උගැන්මේ වටිනා කමක් උන්ට නැත. මෙරට උපදනා බත් කෑමට ද උන්ට වුවමනාවෙක් නැත. අමෙරිකානු සිහිනය දකිමින් බලාගත්තු අත බලා සිටින අපේ නූතන පරම්පරාවේ ඛේදවාචකය මෙය නොවේද?[/FONT]

    [FONT=&quot]එපමණක් ද නොවේ, පාරෙ යන කල උන් දත්මිටි කති. ඒ වෙළෙදසැල් වලින් ලාබයට පෙන්වන අමෙරිකානු සිහිනයේ වස්ත්‍රාභරණ පේන බැවිනි. ඒවා ලබා ගැනීමට නොහැකියාව පිළිබදව ද, ඒවා ලබා නොදෙන ස්වීය මව්පියන් පිළිබදව ද උපන් කෝපයෙන් අපේ වත්මන් පරපුර දත්මිටි කති. එපමණක් නොව අමෙරිකානු සිහිනය දකින සමස්ත සමාජය ම ද, මේ ආකාරයට ම උපභෝග පරිභෝග භාණ්ඩ ලෝලත්වයෙන් ද, ඒවා ලගාකර ගැනීමට නොහැකියාව පිළිබද ව ද මෙසේ දත්මිටි කති. එමතු ද නොව මේ පහර කෑ සියළු දෙනාම රෑ නින්දෙන් පවා ඒ අතිභයානක සිහිනය නිසා වෙන් වෙලෙවිව බෙරිහන් දෙති. මේ බෙරිහන්දීමේ දිග පළල මේ දිනවල දී තරම් හොදට දැනෙන අන් කාලයක් නොමැති තරම්ය.[/FONT]

    [FONT=&quot]රචකයා අවසන දී අසයි...........[/FONT]

    [FONT=&quot]ඇහුවා මං දොස්තරගෙන්[/FONT]
    [FONT=&quot]“මොකක්ද කරන්නේ මූට?”[/FONT]
    [FONT=&quot]කිව්වා එයා - ගහපං උඹත් [/FONT]
    [FONT=&quot]මිට මොළවාලා[/FONT]
    [FONT=&quot]උගෙ ඉහ මොළ හෙලවෙන්ට.......[/FONT]

    [FONT=&quot]මේ රෝගය සදහා වන ප්‍රතිකාරය ප්‍රබල අමෙරිකානු විරෝධයක් සගවමින් රචකයා පෙන්වයි. කුමක් ද මේ ප්‍රතිකාරය? “ගහපන් උඹත්-උගෙ ඉහ මොල හෙලවෙන්ට” යනුවෙන් රචකයා ගම්‍ය කරන්නේ මේ පුබල ප්‍රහාරයෙන් මිදීමට නම්, ඉන් පහර ලැබීම වැළැක්වීමට නම් ඉහමොළ හෙලවෙන ආකාරයේ ප්‍රබල වූ ජාතික ව්‍යාපාරයක අවශ්‍යතාවය නොවේද? ඒ ජාතිකත්ව ව්‍යාපාරය දැඩි වූ ජාතිකත්ව ප්‍රහාරයක් එල්ල කල බව යුතු නොවේද?[/FONT]
    [FONT=&quot]අවසන දී ගායකයා පිට කරන සුසුම බලන්න. මේ සියළු ම ඛේදවාචකය පිටුපස ඇති වේදනාව මේ සුසුම තුල පවතිනවා නොවේද?[/FONT]

    [FONT=&quot]වර්තමාන තරුණ පරම්පරාව කොතරම් ඥානාන්විතව අමෙරිකානු ව්‍යාප්තවාදය හදුනාගෙන තිබේද යන්නටත්, මෙවන් ගීත නියම වූ හදුනා ගැනීමකින් තොරව ගර්හිත ගීත ලෙස දක්වමින් විචාරයේ දංගෙඩිය මත තබන විචාරක පරම්පරාවේ කුණු වූ “ඉව”ටත් හොදම නිදර්ශනයක් නොවේද මේ ගීතය?[/FONT]

    හෆ්ෆා .. ඈත්තටම මම හිතන් හොටියෙ මේක කොමිටල් සින්දුවක් කියාය... ස්තූතී සහෝ..

    අනේ කරුමෙක මහත පත බොරුවක් කියල දෑන දෑනත් රෙස්ලින් වලින් ඈත්වෙන්න බෑනෙ මට ශිකේ
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඔන්න කාලෙකට පස්සෙ නිදාන කතාවක් අරගෙන ආව අපේ යාළුවන්ට... කියවලම බලන්නකෝ... මේ ගීතය මෙම නූල තුල සදහන් වෙලා තිබුණද කියල මට මතකයක් නෑ යාලුවනේ... එහෙම කලින් දමා තිබුනනම් නැවත දැමීම ගැන මට සමාවන්න ඔබ සියළු දෙනාම..

    ඔන්න දවසක් අපේ ගී පද රචකයෙක් බොරැල්ලෙ ඉදල දෙමටගොඩ පැත්තට යනවලු බයික් එකෙන් එයාගේ රාජකාරි වැඩකට... ඒ වෙලාවෙදී එකපාරටම මහා වැස්සක් කඩාවැටෙනවා... අපේ මේ ගී පද රචකයට කරන්න දෙයක් නෑ... හොදටම තෙමෙනවා පාර අයිනෙ බයික් එක නවත්වපු අපේ මේ පද රචකයා දිවගෙන ගියා ලොකූ ගහක් යටට... ගහ යටට ගිහින් වැස්සෙන් බේරුන මොහුට අවට ටිකක් විපරම් කලා ලග තියෙන කඩේ හොදට හුරු පුරුදුයි, අවට පරිසරයත් හොදට පුරුදුයි... ටිකක් ඔහු ඔළුව උස්සලා බැලුවා.... දෙවියනේ ඒ ගසත් ඔහුට හොදට පුරුදුයි... අහම්බෙන් වැස්සට මුවාවෙන්න ගොඩවුනත් මේ ගසත් අවට පරිසරයත් ඔහුට හොදටම හුරු පුරුදුයි. ඔහු ඔහුගේ තරුණවියට එක තත්පරයෙන් රැගෙන ගියා මෙන්න මේ විදියට.....

    ඔහුගේ තරුණ වයසේදී ආදරවන්තියක් එක්ක ඇවිදගෙන යනවා මේ දෙමටගොඩ පාරේම... ඒ ආදරණීය ගමනෙදිත් හදිසියේ වැටුනු වැස්සකට ඔවුන් මේ ගස යටටම ගොඩ වෙනවා... ඒ විතරක් නෙමෙයි ඇය සීතල පින්න නිසා ඔහුට ටිකෙන් ටික ලං වෙනවා උණුසුමට... ඒ උනුසුම සෙනෙහස සහ අද දවසේ මේ ගස යටදී ඇය නොමැතිව මේ පද රචකයා තනිවීම මෙන්න මේ විදියටයි අපිට පවසන්නේ...

    විවාහයට කලින් මගේ ලොකු ප්‍රේම සම්බන්ධයක් තිබුණා. මම ඒ කාන්තාවගේ වගතුග කියන්නේ නෑ. බොහෝ අය ඇය ගැන දන්න නිසා. එයාගෙයි මගෙයි ප්‍රේම සම්බන්ධය අවුරුදු දෙකහමාරක් විතර තිබුණා. ඒ නිසා තමයි මම අශෝකල ගෙදරින් අයින්වෙලා මරදානේ බෝඩිමකට ගියෙත්. එයා හිටියේ දෙමටගොඩ. එයා චරිතවත් ළමයෙක්. වල් ළමයෙක් නෙවෙයි. එයා හිටියේ දෙමටගොඩ ගෙවල් පේලියක. එයාට ඕනේ වුණේ විවාහය තුළින් නාගරික සුඛෝපභෝගී පරිසරයක ජීවත්වෙන්න යන්න. අපේ සම්බන්ධය යන අතරේ ඇය තක්සේරු කළා මම වගේ ගමේ මිනිහෙක් කසාඳ බැදගන ඒ සිහින ලෝකයට යන්න බෑ කියලා. ඒ නිසා පස්සේ එයා මාව විසිකරලා දැම්මා. ඒකෙන් මම විශාල මානසික පීඩාවකට පත්වුණා. හුගාක් දුක් වින්දා. මම පසුකාලෙක නවකතා පොතක් ලිව්වා සිහින කුමරු සහ ඕ තොමෝ කියලා. මේ ගීතයට ඒ අත්දැකීම පාදක වුණා.

    ඒ කාන්තාව විසිකර දැමූ ආදරවන්තයා නම් අංජන්තා රණසිංහයන්. ඒ ඉතිහාසය ආවර්ජනය කල ගස දෙමටගොඩ පාරේ පිහිටා ඇති විශාල මැයි ගසයි.... ගීතය මේ මැයි ගහ යට දවසක්දා වැස්සට අපි උන්නා...

    මම කොහේදි හරි කාගෙන් හරි ඔය කතාව අහල තියනව.. හරියට මතක නෑ.. ගොඩක් ස්තුති සහෝ.. මතකය අලුත් කරල දුන්නට
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අපේ කිඹුල සහෝදරයාගෙන් ගත් ආදර්ශයක් ඔස්සේ වෙනත් වෙබ් අඩෙවියකින් ලබාගෙන මා සතුව තිබූ සම්මතයෙන් අසම්මත විචාරයක් ඔබගේ දැන ගැනීම සදහා මෙම හුයට එක් කරමි.....

    මෙය බැලූ බැල්මටම මහා පිස්සු බයිලාවකි... නටන්ටනම් ටොප්ය.... චණ්ඩියන්ගේ ජාතික ගීය බවට පත්වී ඇත. එහෙත් මා පෙර පැවසූ පරිදි සම්මතයෙන් අසම්මතයට ගොස් මේ සම්බන්ධව සුපිරිම ගනයේ විචාරයක් එක් අවස්ථාවක සිංහල ආචාර්ය සන්නස්ගලයන් විසින් කරන ලදී... එමෙන්ම මෙහි සදහන් දොරේ යන වචනය ගැනද ඔහු විසින් ප්‍රභල විග්‍රහයක් කරන ලදී... (මේ වනවිට මට එය නිවැරදිව මතක නැත).

    ඔහු පැවසූ පරිදි අද සමාජයේ දක්නට නොලැබෙන අවංක, පිරිසිදු, කෙලින් වැඩ කරන, සංවේදී දුප්පතාගේ හිතවතකු ගැන මෙම ගීතයෙන් විග්‍රහ කරනු ලබයි....

    වර්ෂ 1978 දී ලාංකීය කැසට් විප්ලවයේ පුරෝගාමියා වූ විජේ රාමනායක විසින් තරංගා ලේබලය යටතේ මුල් වරට කැසට් පට 10 නිකුත් කෙරිණ. ඉන් එකක් වූයේ Nihal volume 02 කැසට් පටය යි. "මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ" ගීතය අන්තර්ගත වන්නේ එකී කැසට් පටය තුළයි.

    හැත්තෑව දශකය අග භාගායේදී සමාජ, ආර්ථික, සංස්කෘතික සහ දේශපාලනික ව්‍යුහයන්ගේ පිබිදීම්, නැගිටීම්, නැගීම් - බැසීම්, මෙන්ම පුනරුප්පත්තීන් සහ සංස්කෘතික තලයේ ආධ්‍යාත්මික සුඛාස්වාදයන් අද මෙන් විකාර සහගත නොවුනත් නිරවුල්ව නිර්මලව පැවතුණි. (අදට සාපේක්ෂව) ගීත ඇසීම විඳීම පෞද්ගලිකව ද සාමුහීකව ද ප්‍රවණතාමය දිගුවක් තුළ සිදුවුණි.

    බජව් සංගීතයත් බජව් කාමරත් මරදාන සහ ඒ අවට පුරා ව්‍යාප්ත වෙද්දී ඒහා බැඳුණු උප සංස්කෘතික තත්ත්වයක් නිරායාසයෙන් උත්පාදනය විය. මෙවැනි වූ බජව් කාමරයකට භෞතිකව අයිතිවාසිකම් ඇත්තෙකු සිටියි. ඔහු එය නිවැරදිව පරිපාලනය කිරීම සඳහා ආරෝපිත මෙන්ම සාධිත තත්ත්වයක් නිර්මාණය කර ගන්නා අතර නොඑසේනම් එවැනි වූ තත්ත්වයක් එළියෙන් ඔහුට පිරිනමයි.

    අරක්කු බොන නිශේධනයෙන් පරිබාහිරව ගංජා සංස්කෘතියක් තුළ වින්දනය කේන්ද්‍රගත වීම සහ ශාස්ත්‍රීය තලයේ සිට රසවින්දන පරාසයන් නොයෙක් දිශානතියට විහිදිණ. මේ ගීතය හා සබැඳි ගැඹුරු කතිකාමය තත්ත්වය එයයි. අද මෙන් එදා දියුණු නොවුව ද (සමාවන්න අද ද දියුණු නැත. සමහරවිට එදාටත් වඩා අන්තය. නමුදු මේ වියමනට අනුව කෙසේ හෝ අපි එසේ සිතමු.) එදා සිට පැවතුණු මෙකී සැප නවාතැන්, ආතල් ස්පොට් හෙවත් අර හන්දියෙ අර අයියගෙ පොට් එක ලෙසින් හඳුන්වනු ලබන තැන් අදත් එසේම පවතී. වෙනසකට ඇත්තේ අද ඒ ඒ සථාන තුළ පාතාල ලෝකයට වැඩි ඉඩ අවකාශයක් නිරිමාණය වී තිබීමයි. නමුත් ගුණෙ අයියගෙ කාමරය ඊට වඩා හාත් පසින්ම වෙනස්ය.

    ඔහු ජනතාවාදියෙකි.
    දුකට සැපට මම එන්ටර් මගෙ නෑ බොරු පොත....

    සියල්ල පිරිසිඳ දත්තෙකි.
    ඔය කාගෙත් වතගෙත මගෙ ෆයිල් එකේ ඇත....

    නිර්භීතකාමියෙකි.
    පේස්ටු පේස් එනවා නම් වැඩ අතින් පයින්....

    සංවේදී හදවතක් ඇත්තෙකි.
    බ්ලේඩ් වලින් කැපෙන්නෙ නැහැ කෙනෙකුගෙ හොඳ හිත...

    ආගන්තුක සත්කාර දත්තෙකි.
    අගුල් දාල නැහැ දොරේ....

    කාමරයට පැමිණෙන්නන් බොහෝ ය. නන් විධ මිනිසුන්ගේ විවිධත්වය තුළ ඇති ඒකමිතික භාවය ගුණේ අයියගෙ කාමරය හරහා වැටී ඇති පාරයි. ගුණෙ අයියගෙ කාමරයට දේශීය මෙන්ම විදේශීය ආගමන ද සිදු වී ඇත. ඔවුන් ද මේ නිරාමිස සුවය ලබා පිට වී ඇත. “බර පොරවල් ෆොරින් කකුල් එකට වැටීලා“..

    ගුණේ අයියා නම් යථාර්ථමය තත්ත්වය හෝ උතෝපියානු වපසරියේ ආශ්චර්යය කෙබඳු ද? කෙනෙකුට මෙවැනි වූ සාමූහික රස වින්දනාත්මක මර්මස්ථානයකට වැදීම නේරංජනාවෙන් එතෙර වී ඇසතු බෝ රුක මුල නිරාමිස සුව ලැබුවාක් වැනි වූ ආධ්‍යාත්මක ගැඹුරක් විය හැක. නිහාල් නෙල්සන් විසින් ගීත රචක හේමසිරි හල්පිට කරළියට කැන්දාගෙන එනු ලබන්නේ මෙම ගීතයත් සමගිනි. මෙය හල්පිටගේ ප්‍රථම ගීතයයි. එසේම එවැනි සමාජමය තත්ත්වයකට වත්සුණු තැවරූ එදා ඒ සමාජයට කරළියක් හැදූ තවමත් පවතින ප්‍රථම හා එකම ගීතය මෙයයි.

    සොමියට වරෙන් පුතා අගුල් දාලා නෑ දොරේ
    අහපන් රියල් කතා ගුණෙ අයියගෙ කාමරේ
    හිටපන් සයිඩ් එකේ වාඩි වෙලා සුමිතුරේ
    මස්කට් පැණි බූන්දි තියෙනව මගෙ කාමරේ
    මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ

    පච්ච සිරා ලා එතකොට කොච්චි එළා ලා
    ගුස්පි රොබාලා එහි මෙහි සොමිය සොයාලා
    සැප විඳලා මෂා වෙලා පීචං වීලා
    කැපිල යන්නෙ සක්විති සුව මෙහෙන් වළඳලා

    නළු මන්ට් ලා රිලි මන්ට් ලා කැමර කටා ලා
    අලි වංශෙං වැඩ පෙන්නන සුපර් මෑන්ස් ලා
    බර පොරවල් ෆොරින් කකුල් එකට වැටීලා
    ටූ තව්සන් ත්‍රී තව්සන් යයි විසිකරලා

    මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ

    ටින්කිරි ටින් එකෙන් නැතිනම් ටොනික් ඩප්පියෙන්
    පේස්ටු පේස් එනවා නම් වැඩ අතින් පයින්
    සෙවල කිරල වැක්කෙරුවොත් තෙල් බීඩා ගමින්
    වැලි ගල් කටු බොරු නෑ මගෙ වැඩ රාත්තලෙන්

    කොත නං කොත කුරුස වලට මගෙ ළඟ නෑ ඉඩ
    ඔය කාගෙත් වත ගොත මගෙ ෆයිල් එකේ ඇත
    දුකට සැපට මම එන්ටර් මගෙ නෑ බොරු පොත
    බ්ලේඩ් වලින් කැපෙන්නෙ නෑ කෙනෙකුගෙ හොඳ හිත

    මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ

    ගායනය- නිහාල් නෙල්සන්
    තනු- නිහාල් නෙල්සන්
    සංගීතය- ලාල් තේනබදු
    රචනය- හේමසිරි හල්පිට

    ගත්තේ මෙතනින් - networkedblogs.com/6yqqx
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මෙය බැලූ බැල්මටම මහා පිස්සු බයිලාවකි... නටන්ටනම් ටොප්ය.... චණ්ඩියන්ගේ ජාතික ගීය බවට පත්වී ඇත. එහෙත් මා පෙර පැවසූ පරිදි සම්මතයෙන් අසම්මතයට ගොස් මේ සම්බන්ධව සුපිරිම ගනයේ විචාරයක්
    මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ
    ඕනෑම ගීයක ඇතුලාන්තය සහ නාඩිය අල්ලන්නට මේ හුයෙන් ඉටු කරනු ලබන මෙවැනි විචාර අතිශය අලහාදජනක බව නොපවසාම බැරිය. ගුනේ අයිය ගේ කාමරයේ මෙවැනි යටිපෙළක් පෙන්වා දුන් සොයුර..පින්ය..............!!!!!
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අපේ කිඹුල සහෝදරයාගෙන් ගත් ආදර්ශයක් ඔස්සේ වෙනත් වෙබ් අඩෙවියකින් ලබාගෙන මා සතුව තිබූ සම්මතයෙන් අසම්මත විචාරයක් ඔබගේ දැන ගැනීම සදහා මෙම හුයට එක් කරමි.....

    මෙය බැලූ බැල්මටම මහා පිස්සු බයිලාවකි... නටන්ටනම් ටොප්ය.... චණ්ඩියන්ගේ ජාතික ගීය බවට පත්වී ඇත. එහෙත් මා පෙර පැවසූ පරිදි සම්මතයෙන් අසම්මතයට ගොස් මේ සම්බන්ධව සුපිරිම ගනයේ විචාරයක් එක් අවස්ථාවක සිංහල ආචාර්ය සන්නස්ගලයන් විසින් කරන ලදී... එමෙන්ම මෙහි සදහන් දොරේ යන වචනය ගැනද ඔහු විසින් ප්‍රභල විග්‍රහයක් කරන ලදී... (මේ වනවිට මට එය නිවැරදිව මතක නැත).

    ඔහු පැවසූ පරිදි අද සමාජයේ දක්නට නොලැබෙන අවංක, පිරිසිදු, කෙලින් වැඩ කරන, සංවේදී දුප්පතාගේ හිතවතකු ගැන මෙම ගීතයෙන් විග්‍රහ කරනු ලබයි....

    වර්ෂ 1978 දී ලාංකීය කැසට් විප්ලවයේ පුරෝගාමියා වූ විජේ රාමනායක විසින් තරංගා ලේබලය යටතේ මුල් වරට කැසට් පට 10 නිකුත් කෙරිණ. ඉන් එකක් වූයේ Nihal volume 02 කැසට් පටය යි. "මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ" ගීතය අන්තර්ගත වන්නේ එකී කැසට් පටය තුළයි.

    හැත්තෑව දශකය අග භාගායේදී සමාජ, ආර්ථික, සංස්කෘතික සහ දේශපාලනික ව්‍යුහයන්ගේ පිබිදීම්, නැගිටීම්, නැගීම් - බැසීම්, මෙන්ම පුනරුප්පත්තීන් සහ සංස්කෘතික තලයේ ආධ්‍යාත්මික සුඛාස්වාදයන් අද මෙන් විකාර සහගත නොවුනත් නිරවුල්ව නිර්මලව පැවතුණි. (අදට සාපේක්ෂව) ගීත ඇසීම විඳීම පෞද්ගලිකව ද සාමුහීකව ද ප්‍රවණතාමය දිගුවක් තුළ සිදුවුණි.

    බජව් සංගීතයත් බජව් කාමරත් මරදාන සහ ඒ අවට පුරා ව්‍යාප්ත වෙද්දී ඒහා බැඳුණු උප සංස්කෘතික තත්ත්වයක් නිරායාසයෙන් උත්පාදනය විය. මෙවැනි වූ බජව් කාමරයකට භෞතිකව අයිතිවාසිකම් ඇත්තෙකු සිටියි. ඔහු එය නිවැරදිව පරිපාලනය කිරීම සඳහා ආරෝපිත මෙන්ම සාධිත තත්ත්වයක් නිර්මාණය කර ගන්නා අතර නොඑසේනම් එවැනි වූ තත්ත්වයක් එළියෙන් ඔහුට පිරිනමයි.

    අරක්කු බොන නිශේධනයෙන් පරිබාහිරව ගංජා සංස්කෘතියක් තුළ වින්දනය කේන්ද්‍රගත වීම සහ ශාස්ත්‍රීය තලයේ සිට රසවින්දන පරාසයන් නොයෙක් දිශානතියට විහිදිණ. මේ ගීතය හා සබැඳි ගැඹුරු කතිකාමය තත්ත්වය එයයි. අද මෙන් එදා දියුණු නොවුව ද (සමාවන්න අද ද දියුණු නැත. සමහරවිට එදාටත් වඩා අන්තය. නමුදු මේ වියමනට අනුව කෙසේ හෝ අපි එසේ සිතමු.) එදා සිට පැවතුණු මෙකී සැප නවාතැන්, ආතල් ස්පොට් හෙවත් අර හන්දියෙ අර අයියගෙ පොට් එක ලෙසින් හඳුන්වනු ලබන තැන් අදත් එසේම පවතී. වෙනසකට ඇත්තේ අද ඒ ඒ සථාන තුළ පාතාල ලෝකයට වැඩි ඉඩ අවකාශයක් නිරිමාණය වී තිබීමයි. නමුත් ගුණෙ අයියගෙ කාමරය ඊට වඩා හාත් පසින්ම වෙනස්ය.

    ඔහු ජනතාවාදියෙකි.
    දුකට සැපට මම එන්ටර් මගෙ නෑ බොරු පොත....

    සියල්ල පිරිසිඳ දත්තෙකි.
    ඔය කාගෙත් වතගෙත මගෙ ෆයිල් එකේ ඇත....

    නිර්භීතකාමියෙකි.
    පේස්ටු පේස් එනවා නම් වැඩ අතින් පයින්....

    සංවේදී හදවතක් ඇත්තෙකි.
    බ්ලේඩ් වලින් කැපෙන්නෙ නැහැ කෙනෙකුගෙ හොඳ හිත...

    ආගන්තුක සත්කාර දත්තෙකි.
    අගුල් දාල නැහැ දොරේ....

    කාමරයට පැමිණෙන්නන් බොහෝ ය. නන් විධ මිනිසුන්ගේ විවිධත්වය තුළ ඇති ඒකමිතික භාවය ගුණේ අයියගෙ කාමරය හරහා වැටී ඇති පාරයි. ගුණෙ අයියගෙ කාමරයට දේශීය මෙන්ම විදේශීය ආගමන ද සිදු වී ඇත. ඔවුන් ද මේ නිරාමිස සුවය ලබා පිට වී ඇත. “බර පොරවල් ෆොරින් කකුල් එකට වැටීලා“..

    ගුණේ අයියා නම් යථාර්ථමය තත්ත්වය හෝ උතෝපියානු වපසරියේ ආශ්චර්යය කෙබඳු ද? කෙනෙකුට මෙවැනි වූ සාමූහික රස වින්දනාත්මක මර්මස්ථානයකට වැදීම නේරංජනාවෙන් එතෙර වී ඇසතු බෝ රුක මුල නිරාමිස සුව ලැබුවාක් වැනි වූ ආධ්‍යාත්මක ගැඹුරක් විය හැක. නිහාල් නෙල්සන් විසින් ගීත රචක හේමසිරි හල්පිට කරළියට කැන්දාගෙන එනු ලබන්නේ මෙම ගීතයත් සමගිනි. මෙය හල්පිටගේ ප්‍රථම ගීතයයි. එසේම එවැනි සමාජමය තත්ත්වයකට වත්සුණු තැවරූ එදා ඒ සමාජයට කරළියක් හැදූ තවමත් පවතින ප්‍රථම හා එකම ගීතය මෙයයි.

    සොමියට වරෙන් පුතා අගුල් දාලා නෑ දොරේ
    අහපන් රියල් කතා ගුණෙ අයියගෙ කාමරේ
    හිටපන් සයිඩ් එකේ වාඩි වෙලා සුමිතුරේ
    මස්කට් පැණි බූන්දි තියෙනව මගෙ කාමරේ
    මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ

    පච්ච සිරා ලා එතකොට කොච්චි එළා ලා
    ගුස්පි රොබාලා එහි මෙහි සොමිය සොයාලා
    සැප විඳලා මෂා වෙලා පීචං වීලා
    කැපිල යන්නෙ සක්විති සුව මෙහෙන් වළඳලා

    නළු මන්ට් ලා රිලි මන්ට් ලා කැමර කටා ලා
    අලි වංශෙං වැඩ පෙන්නන සුපර් මෑන්ස් ලා
    බර පොරවල් ෆොරින් කකුල් එකට වැටීලා
    ටූ තව්සන් ත්‍රී තව්සන් යයි විසිකරලා

    මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ

    ටින්කිරි ටින් එකෙන් නැතිනම් ටොනික් ඩප්පියෙන්
    පේස්ටු පේස් එනවා නම් වැඩ අතින් පයින්
    සෙවල කිරල වැක්කෙරුවොත් තෙල් බීඩා ගමින්
    වැලි ගල් කටු බොරු නෑ මගෙ වැඩ රාත්තලෙන්

    කොත නං කොත කුරුස වලට මගෙ ළඟ නෑ ඉඩ
    ඔය කාගෙත් වත ගොත මගෙ ෆයිල් එකේ ඇත
    දුකට සැපට මම එන්ටර් මගෙ නෑ බොරු පොත
    බ්ලේඩ් වලින් කැපෙන්නෙ නෑ කෙනෙකුගෙ හොඳ හිත

    මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ

    ගායනය- නිහාල් නෙල්සන්
    තනු- නිහාල් නෙල්සන්
    සංගීතය- ලාල් තේනබදු
    රචනය- හේමසිරි හල්පිට

    Ela ela me thiyenne mage jathika geethaya! ;)

    mekata mehema depth ekak thiyena bawa danagathe adai.............! :)
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    [FONT=&quot]කොමිටල් ගීතයකින් ඇඳෙන සමාජ, දේශපාලන විග්‍රහයක වක්‍රය....................[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ජෝන් සීzනා...අපෙ පොඩි එකාට ගහලා........!!!!!!![/FONT]

    කිව්වට හිනා වෙන්න එපා. මේ කියන ජෝන් Zඊනා ගැන මම දන්නෙ නෑ. මම රෙස්ලිං බලන්නෙ නෑ. නමුත් මේ සින්දුව ඉතා වටිනා අර්ථරසයෙන් යුත් එකක්. මම හිතුවෙ ජෝන් Zඊනා කියන්නෙ නාට්‍යයක චරිතයක්, මේක නාට්‍යයක සිංදුවක් කියලයි.

    ඇස් පෑදුවාට ස්තුතියි.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඔන්න කාලෙකට පස්සෙ නිදාන කතාවක් අරගෙන ආව අපේ යාළුවන්ට... කියවලම බලන්නකෝ... මේ ගීතය මෙම නූල තුල සදහන් වෙලා තිබුණද කියල මට මතකයක් නෑ යාලුවනේ... එහෙම කලින් දමා තිබුනනම් නැවත දැමීම ගැන මට සමාවන්න ඔබ සියළු දෙනාම..

    ඔන්න දවසක් අපේ ගී පද රචකයෙක් බොරැල්ලෙ ඉදල දෙමටගොඩ පැත්තට යනවලු බයික් එකෙන් එයාගේ රාජකාරි වැඩකට... ඒ වෙලාවෙදී එකපාරටම මහා වැස්සක් කඩාවැටෙනවා... අපේ මේ ගී පද රචකයට කරන්න දෙයක් නෑ... හොදටම තෙමෙනවා පාර අයිනෙ බයික් එක නවත්වපු අපේ මේ පද රචකයා දිවගෙන ගියා ලොකූ ගහක් යටට... ගහ යටට ගිහින් වැස්සෙන් බේරුන මොහුට අවට ටිකක් විපරම් කලා ලග තියෙන කඩේ හොදට හුරු පුරුදුයි, අවට පරිසරයත් හොදට පුරුදුයි... ටිකක් ඔහු ඔළුව උස්සලා බැලුවා.... දෙවියනේ ඒ ගසත් ඔහුට හොදට පුරුදුයි... අහම්බෙන් වැස්සට මුවාවෙන්න ගොඩවුනත් මේ ගසත් අවට පරිසරයත් ඔහුට හොදටම හුරු පුරුදුයි. ඔහු ඔහුගේ තරුණවියට එක තත්පරයෙන් රැගෙන ගියා මෙන්න මේ විදියට.....

    ඔහුගේ තරුණ වයසේදී ආදරවන්තියක් එක්ක ඇවිදගෙන යනවා මේ දෙමටගොඩ පාරේම...

    මම හිතන් හිටියෙ මේකත් මිල්ටන්ගෙ ආදර කතාවෙම තවත් එක් අත්දැකීමක් කියල. :shocked::shocked::shocked:
     
    chamira85

    Active member
  • Sep 28, 2007
    253
    187
    43
    ඉතාලියේ සිට පැමිණි තරුණයෙකු තමා දහසකුත් දුක් විඳ උපයාගත් මුදලින් තමන්ගේ කියල උත්සවසාලාවක් අරම්භකරනවා.කලය කෙමෙක් ගෙවියද්දී එක් දිනක රාත්‍රි කාලය වෙන්කෙරෙනවා මංගල්‍යය උත්සවයක දෙවෙනි දිනය සඳහා.

    මේ තරුණයත් තමන්ගේ උත්සවසාලාවක් වැඩකටයුත් වෙනුවෙන් එදින පැමිණෙනවා..ඔහු කිසිසේත්ම බලාපොරොත්තු නොවූ එහෙත් කාලයක් තමන්ගේ මුලු ලොකයම වු ඒ සුන්දර ඇස් ඔහුට සඳ එළියෙන් පෙනෙනවා..ඔහුට දැනෙන්නේ ඒ ඇස් ඔහුට සඳඑළිය ඇවිදින්න කතා කරනවා වගේ..ඔහුට හිතෙනවා ලඟට ගිහින් වචනයක් ඇත් එක්ක කතා කරන්න.ඒත් ඔහුට ඒකට අවසර නෑ..මේ කිසිම දෙයක් නොදන්නා කෙනෙකු දැමු මාලයක් ඇගේ ගෙලේ පලඳල...

    ඔව් ඇය දැන් ඔහුට අයිති නෑ,,ඇය දිහා බලනවා නම් බලන්න වෙන්නේ හොරෙන්.නැවැති ඇතැයි සිතූ කාලය කොතරම් නම් ඉක්මනට ගෙවියනවාද..ඔහු දුටු මුළු විශ්වයම ගෙනල්ල ඔහු ඉදිරියේ තැබුවත් මේ සිදුවන සිදු වීම් ඔහුට හිතා ගන්න බෑ..ඔවුන් දෙදෙටම පමණක් රහසක් වු දේවල් තව දුරටත් රහසක් මද ?? වරක් ඇය ආඩම්බරෙන් ඇගේ රතුපාට සාරිය දිහා බලා පවසන්න උත්සාහ කලේ ඇය වැරැද්ද නිවැරදි කරගත් බවද ?? ඒ එක බැල්මකින් ඇය පැවසිමට උත්සහා කල දේ තේරුම කරගැනීමට නොහැකිව ඔහු මුළු රාත්‍රිය ලතවිල්ලේන් ගෙවී යයි..

    පින්පාට ඇස් එක්ක - රන්පාට සඳඑළිය
    ඇවිදින්න රහසින් කතා..
    සපුරාම තහනම්ද - මේ මොහොත අද්දරට
    අතුරන්න සෙවනැලි රටා..
    පිනි සීත උදුරන්න - ළඟපාත දැවටෙද්දි
    දඟකාර සුළඟක් හමා..
    මේ හාදකම් මොටද - නන්නාදුනන සුළඟ
    කරගාව කෙහෙරැලි වටා..

    හොරැහින් බලා
    රතුපාට සාරිය දිහා
    ආඩම්බරේ...
    නිල් දෑස දෝරේ ගලා
    කොච්චර හෙමින් ආව කාලයද මේ
    හැල්මේ දුවයි හතිදමා

    විශ්වය නෙලා
    මා ගාව තැබුවා වගේ
    අදහන්න බෑ...
    කිමිදෙන්නෙ රහසක් ලොවේ
    බැල්මක ලියා තියෙන පද පේළියේ
    සිරගතව මම රාත්‍රියේ
    පින්පාට ඇස්......

    මේ ගීතය විචරයට තොරතුරු ලබාදුන් chamira85 සහෝදරයට ස්තුතියි වන්ත වැඩ අතර මෙහි අඩුපාඩු පෙන්නා දෙන මෙන් අපේ අනිත් සොයුරන්ගෙන් එල්ල සිටිනවා..

    http://www.youtube.com/watch?v=La_LQBLXMRk
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113

    සොමියට වරෙන් පුතා අගුල් දාලා නෑ දොරේ
    අහපන් රියල් කතා ගුණෙ අයියගෙ කාමරේ
    හිටපන් සයිඩ් එකේ වාඩි වෙලා සුමිතුරේ
    මස්කට් පැණි බූන්දි තියෙනව මගෙ කාමරේ
    මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ

    පච්ච සිරා ලා එතකොට කොච්චි එළා ලා
    ගුස්පි රොබාලා එහි මෙහි සොමිය සොයාලා
    සැප විඳලා මෂා වෙලා පීචං වීලා
    කැපිල යන්නෙ සක්විති සුව මෙහෙන් වළඳලා

    නළු මන්ට් ලා රිලි මන්ට් ලා කැමර කටා ලා
    අලි වංශෙං වැඩ පෙන්නන සුපර් මෑන්ස් ලා
    බර පොරවල් ෆොරින් කකුල් එකට වැටීලා
    ටූ තව්සන් ත්‍රී තව්සන් යයි විසිකරලා

    මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ

    ටින්කිරි ටින් එකෙන් නැතිනම් ටොනික් ඩප්පියෙන්
    පේස්ටු පේස් එනවා නම් වැඩ අතින් පයින්
    සෙවල කිරල වැක්කෙරුවොත් තෙල් බීඩා ගමින්
    වැලි ගල් කටු බොරු නෑ මගෙ වැඩ රාත්තලෙන්

    කොත නං කොත කුරුස වලට මගෙ ළඟ නෑ ඉඩ
    ඔය කාගෙත් වත ගොත මගෙ ෆයිල් එකේ ඇත
    දුකට සැපට මම එන්ටර් මගෙ නෑ බොරු පොත
    බ්ලේඩ් වලින් කැපෙන්නෙ නෑ කෙනෙකුගෙ හොඳ හිත

    මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ

    ගායනය- නිහාල් නෙල්සන්
    තනු- නිහාල් නෙල්සන්
    සංගීතය- ලාල් තේනබදු
    රචනය- හේමසිරි හල්පිට
    නියමයි.. ඕකෙ හෑම කොටසකම මොනා හරි තේරුමක් තියනව කියල අහලතිබුනා.. ස්තූතී
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    කුමරියක පා සළඹ සැලුනා

    මේක තමා මම මුලින්ම පොස්ට් කරන ගීතය. වැරදි ඇතොත් සමාවෙලා මාව නිවැරදි කරන්න.

    මේ ගීතය ලියූ පදරචකයා බෞද්ධ සාහිත්‍යයෙන් පෝශණය ලබා, බොදු බණ පිළිබඳව කිසියම් දැනුමක් ඇත්තෙක්. බොදු බණ අනුව අපේ හිතේ හටගන්නා හැඟීම් අවස්ථා තුනක් පසුකරනවා. ඒවා නම්:

    • 'උත්පාද - පංචේන්ද්‍රියෙන් ලබාගත් සංඤාවන් විඤ්ඤාණය හා ගැටීම සමඟ සිතක් හටගැනීම'
    • 'තිථි - සිතිවිල්ල පැවතීම, රමණය හෙවත් රසවිඳින අවස්ථාව'
    • 'භංග - සිතිවිල්ල අවසානය, ක්ෂය වී යෑම'
    මේ ගීතයේ chorus එකෙන් උත්පාද අවස්ථාවත්, පළවෙනි verse එකෙන් තිථි අවස්ථාවත්, දෙවෙනි verse එකෙන් භංග අවස්ථාවත් කියන අවස්ථා තුනම පිළිබිඹු කරනවා.

    කුමරියක පා සළඹ සැලුනා

    වසා සිටි නෙතු පියන් ඇරුනා
    කුමර බඹසර අසපුවේ මා
    සමවැදී උන් දැහැන් බිඳුනා

    මේ සිංදුවෙන් කියවෙන්නෙ නව යොවුන් වියේ ඉන්න තරුණයෙකුගෙ හිතේ ඇතිවෙන නැවුම් ආදර හැඟීමක් ගැන. කුමර බඹසර අසපුව කියන එකෙන් ඒ ගැන අපට ඉඟියක් දෙනවා. මේ තරුණයාට ගීතයෙ කියවෙන තරුණිය ගැන ආල හැඟීමක් ඇතිවුනාම ඔහුම කල්පනා කරනවා, මට මෙච්චරකල් මෙහෙම හැඟීමක් ඇතිවුනේ නැත්තෙ ඇයි කියල. 'මේ කෙල්ල මෙච්චරකල් කොහෙද හිටියෙ? ඇයි මට ඇයව මීට කලින් මෙහෙම පෙනුනෙ, දැනුනෙ නැත්තෙ?'. ඒක හරියට වහගෙන හිටපු ඇස් දෙකක් එකපාරටම ඇරලා බැලුවා වගෙයි. ඔහු සමවැදී උන් ළමාවියේ දැහන බිඳී ගිහින්, හිතේ අර තරුණිය ගැණ ආදර හැඟීමක් ඉපදිලා. ඔන්න ආදර හැඟීම් සහිත වූ සිතේ උත්පාද අවස්ථාව.

    පණ්ඩිත් අමරදේවයන්ගේ ළයාන්විත හඬින් මේ පද පෙළ අහනකොට ඕනැම කොල්ලෙක්ට ත්මන්ගෙ හිතේ ඇතිවෙච්ච පළවෙනි ආදර හැඟීම, ඒ තරුණිය මතක් වෙනව. සැහැල්ලුවෙන් ගෙවිල ගිය ඒ කාලෙ හිතට එන මේ නැවුම් ආදර හැඟීම මොනතරම් සුන්දරද?

    උකුළ ලැම හස මලවි කරළිය
    මුවාකල ඇගෙ දුහුල් සළු තිර
    විවර කෙරුවා මනස් සළෙලුන්
    උමතු වූ දෙනුවන් රැහැන් ඇද
    මෙමා අබියස මැවුනු තුසිතය
    සුරන් නැළවූ... සුයාමය

    මේ පද පෙළින් කියවෙන්නෙ අර තරුණියව මේ තරුණයාට පෙනුනු ආකාරයත් ඒ දැක්මෙන් හිතේ උපන් නුහුරු රාග මිශ්‍රිත හැඟීම් සමුදාය ගැනත්. 'උකුළ ලැම හස මලවි කරළිය' කියන පද පේලියෙන් අර තරුණිය ගැන සවිස්තර විස්තරයක් අපේ හිතේ උපදවන්න තරම් පදරචකයා දක්ශ වෙනවා. 'මුවාකල ඇගෙ දුහුල් සළු තිර' - ඇය ඇඳ සිටින සරළ ඇඳුම පවා තරුණයාගෙ හිතේ රාගික හැඟීම් පුබුදු කරනවා. ඒ ගැන ඊලඟ පද දෙපේළියෙන් 'විවර කෙරුවා මනස් සළෙලුන්, උමතු වූ දෙනුවන් රැහැන් ඇද' කියල මුළු සංවේදී අත්දැකීමම සම්පූර්ණ කරනවා. ඊළඟ පද දෙපේලිය තමයි මේ ගීතයෙ වටිනාම කොටස වෙත අපිව ගෙනියන්නෙ. මේ තරුණයා මේ අත්දැකීමට දුන් වටිනාකම ඉතා ඉහළයි. මේ අත්දැකීම සුරලොවක් වගෙයි ඔහුට පේන්නෙ. ඔහු හිතනව 'මේ සුරයින් පවා නැළවිය හැකි සුරඟනක්ය' කියල. තුසිත දෙව්ලොව වෙත තමා ගියා වගේ හිතෙනව. තුසිත දෙව්ලොව කියන්නේ සුර සැපෙන් ආඪ්‍ය වූ තැනක්. එහි සුර අඟනුන් ඉතා ඉහළ රූ සපුවෙන් යුක්ත යැයි සැළකෙනවා.

    ඔන්න ආදර හැඟීම් සහ ඒ හා මිශ්‍ර වූ රාගික හැඟීම් රමණය කරමින් හිතෙන් සතුටුවන අවස්ථාව - තිථි.

    ගීතයෙ මේ කොටසට එනකොට අපි ආදරෙන් රාගයෙන් මත්වෙලා, පොපියන සිතකින් ඉන්නේ. මේ තරුණයත් එහෙමයි. නමුත් ගීත රචකයා මෙතැන් පටන් ඉතා ප්‍රබල උපමාරූපක යොදල අපි හිතේ මවාගත්තු තුසිතය පිටින්ම බිමට ඇදල දානව.

    නිසල ජීවන තපෝ වනමැද
    හැඟුම් ගජසෙන් යදම් බිඳවැද
    තළා සිඳ කම්පණය කරවයි
    ළපලු තුරුවැල් කැකුළු මල් පෙති
    මෙමා හඬවයි බිඳුනු තුසිතය

    සුරන් නැළවූ... සුයාමය

    තරුණයට එක්වරම මතක් වෙනවා ඔහු මෙතෙක් කල් ගෙවූ සොඳුරු ළමාවිය. ඒ කාලය කොච්චර අහිංසක, සැහල්ලු කාලයක්ද? අද මේ පැන්න කඩුල්ල එසේ මෙසේ එකක් නොවන වග ඔහුට පසක් වෙනව. මේ සුරසැප වගේ පේන දේ විඳින්න ගිහින් ඔහුට නැතිවුනු ළමාවිය, ඒ ළාමක අහිංසක හැඟීම් ගැන ඔහු දුක්වෙනවා. මෙතෙක් කල් ඔහුගෙ තපෝ වනයක් බඳු නිසංසල හිත, ළාබාල වියෙ කැකුළු මල් වැනි අහිංසක හැඟීම්, ඔහුගෙම ආදර/රාගික හැඟීම් කියන හස්තියන්ගෙන් ආරක්ෂා වුනේ
    අහිංසක කෙළිලොල් ළමාවියේ යදමින් බැඳ තිබූ නිසයි. අද ඒ යදම් බිඳී ගිහින් ඒ ආවෙගශීලී සිතුවිළි හස්ති සෙනාව කෙළිලොල් අහිංසක ළමා සිතුවිලි කියන කැකුළු මල් පොඩිකරල මුළු තපෝ වනයම දෙවනත් කරනව. මේ නුහුරු හැඟීම ඔහුගෙ මුළු හදවතම කම්පනයට පත්කරල. මේ පද පේළි වල ඇත්තටම හස්ති සේනාවක තියෙන ප්‍රබල ශක්තිය ගැබ් වෙනව. තවදුරටත් තමාට ඒ හැඟීම් පාලනය කරගන්න බැහැ. බලන්න කොයිතම් ලස්සනට ගීත රචකයා අර තරුණයගේ හිතේ ඇතිවූ නැවුම් සිතිවිළි වල ව්‍යාකූලත්වය අපිට කියනවද?

    ආපහු බැලුවම තමයි මේ තරුණයට පෙනෙන්නෙ තමන් මේ අළුත් තුසිතයට ආවෙ තවත් තුසිතයක ඉඳල නේද කියල. මේ අලුත් නව යොවුන් තුසිතය ලබාගන්න ඔහුට ඔහුගේ ළමාවිය කියන තුසිතය බිඳගන්න වෙනව. ඔහුගෙ සිත හඬනව නැතිවුනු සැප සම්පත් දැකල. ඔහුට පුදුම හිතෙනව මේ අර සුරයන් නැළවූවා කියල හිතපු සිතිවිල්ලම නේද කියල මා හිටි දිව්‍ය විමානෙම බිඳල දැම්මෙ. මේ අවස්ථාව අර මුලින් හිතේ ඇතිවෙච්චි රසබර හැඟීමේ භංග කියන අවස්ථාව පිළිබිඹු කරනව. ආයෙ කවදාවත් අර සිතුවිල්ල මුලින් ඇතිවුනු තරම් රසවත්ව මේ තරුණයගෙ හිතේ ඇතිවෙනෙ නෑ. ඒකයි අපි කාටවත් ප්‍රථම ප්‍රේමය කියන රසවත් අත්දැකීම මැරෙනකම්ම අමතක කරන්න බැරි.

    http://www.youtube.com/watch?v=_MbNvZlNccg&feature=player_detailpage

    දැන් කියාපල්ල බලන්න ඉංග්‍රීසි සින්දුවක් හරි, රැප්, හිපොප්, මෙකී නොකී අනිත් සින්දු අහල කවද්ද ඇහැට මේ විදිහට කඳුලක් ඉනුවෙ කියල?
    :)

    කුමරියක පා සළඹ සැලුනා

    කුමරියක පා සළඹ සැලුනා
    වසා සිටි නෙතු පියන් ඇරුනා
    කුමර බඹසර අසපුවේ මා
    සමවැදී උන් දැහැන් බිඳුනා
    කුමරියක පා සළඹ සැලුනා...

    උකුළ ලැම හස මලවි කරළිය
    මුවාකල ඇගෙ දුහුල් සළු තිර
    විවර කෙරුවා මනස් සළෙලුන්
    උමතු වූ දෙනුවන් රැහැන් ඇද
    මෙමා අබියස මැවුනු තුසිතය
    සුරන් නැළවූ... සුයාමය

    කුමරියක පා සළඹ සැලුනා...

    නිසල ජීවන තපෝ වනමැද
    හැඟුම් ගජසෙන් යදම් බිඳවැද
    තළා සිඳ කම්පණය කරවයි
    ළපලු තුරුවැල් කැකුළු මල් පෙති
    මෙමා හඬවයි බිඳුනු තුසිතය

    සුරන් නැළවූ... සුයාමය

    පද රචනය: කේ.ඩී.කේ. ධර්මවර්ධණ
    සූරීන්
    සංගීතය: විශාරද වික්ටර් රත්ණායක සූරීන්
    ගායනය: පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව සූරීන්
     
    Last edited:
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    20.jpg

    මදහස් පාලම නැගලා එන්නට නොකියා මට කිවා.......
    හිතුවක්කාරෙට සිතනම් ඈතට කොහෙදෝ පිය මැන්නා.......
    දෙනුවන් චාමර සැලෙනා තාලෙට රහසක් එහි රන්දා.......
    මෙතුවක් ඈතට මා ගෙන ආවට දැනුනේ නෑ සීමා.....

    සඳ ගත් රැයකදි තාරුකා සරදම් ඉවසා........
    හිරිකඩ සීතල ගෑවිලා ආදරේ දැනුනා.........
    දැනුනා........
    ජීවිතේ පිරුනා ..................

    නවතින්න නො අසා ලමැදේ ඉඩ දුන්නේ කවුරුන්දෝ
    සිත දුන්නේ නෑ ඉන්නත් පි‍ටුපා..........
    මට මේ තරම් බර සුසුමක් බොරුවක් කියන්නට ඇතිදෝ
    නිස්කාරණේ.........
    සිමා බදීවි අලුතෙන්............

    සංසාර දු‍ටු කාලේ දැනුනාම හුරු පුරුදු
    ඔය ඇස් කතා කෙරුවා දැවටී............
    අදහන්න හැකිදෝ කියලා මම මාගෙන් අහාපු......
    බව දන්නේ නෑ.................
    ඔබ දන්නවාද කියලා........

    මදහස් පාලම නැගලා එන්නට නොකියා මට කිවා.......
    හිතුවක්කාරෙට සිතනම් ඈතට කොහෙදෝ පිය මැන්නා.......
    දෙනුවන් චාමර සැලෙනා තාලෙට රහසක් එහි රන්දා.......
    මෙතුවක් ඈතට මා ගෙන ආවට දැනුනේ නෑ සීමා.....

    සඳ ගත් රැයකදි තාරුකා සරදම් ඉවසා........
    හිරිකඩ සීතල ගෑවිලා ආදරේ දැනුනා.........
    දැනුනා......................

    ජීවිතේ දැනුනා ..................

    Thilina R ft Kushani
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මේක තමා මම මුලින්ම පොස්ට් කරන ගීතය. වැරදි ඇතොත් සමාවෙලා මාව නිවැරදි කරන්න.

    මේ ගීතය ලියූ පදරචකයා බෞද්ධ සාහිත්‍යයෙන් පෝශණය ලබා, බොදු බණ පිළිබඳව කිසියම් දැනුමක් ඇත්තෙක්. බොදු බණ අනුව අපේ හිතේ හටගන්නා හැඟීම් අවස්ථා තුනක් පසුකරනවා. ඒවා නම්:

    • 'උත්පාද - පංචේන්ද්‍රියෙන් ලබාගත් සංඤාවන් විඤ්ඤාණය හා ගැටීම සමඟ සිතක් හටගැනීම'
    • 'තිථි - සිතිවිල්ල පැවතීම, රමණය හෙවත් රසවිඳින අවස්ථාව'
    • 'භංග - සිතිවිල්ල අවසානය, ක්ෂය වී යෑම'
    මේ ගීතයේ chorus එකෙන් උත්පාද අවස්ථාවත්, පළවෙනි verse එකෙන් තිථි අවස්ථාවත්, දෙවෙනි verse එකෙන් භංග අවස්ථාවත් කියන අවස්ථා තුනම පිළිබිඹු කරනවා.

    කුමරියක පා සළඹ සැලුනා

    වසා සිටි නෙතු පියන් ඇරුනා
    කුමර බඹසර අසපුවේ මා
    සමවැදී උන් දැහැන් බිඳුනා

    මේ සිංදුවෙන් කියවෙන්නෙ නව යොවුන් වියේ ඉන්න තරුණයෙකුගෙ හිතේ ඇතිවෙන නැවුම් ආදර හැඟීමක් ගැන. කුමර බඹසර අසපුව කියන එකෙන් ඒ ගැන අපට ඉඟියක් දෙනවා. මේ තරුණයාට ගීතයෙ කියවෙන තරුණිය ගැන ආල හැඟීමක් ඇතිවුනාම ඔහුම කල්පනා කරනවා, මට මෙච්චරකල් මෙහෙම හැඟීමක් ඇතිවුනේ නැත්තෙ ඇයි කියල. 'මේ කෙල්ල මෙච්චරකල් කොහෙද හිටියෙ? ඇයි මට ඇයව මීට කලින් මෙහෙම පෙනුනෙ, දැනුනෙ නැත්තෙ?'. ඒක හරියට වහගෙන හිටපු ඇස් දෙකක් එකපාරටම ඇරලා බැලුවා වගෙයි. ඔහු සමවැදී උන් ළමාවියේ දැහන බිඳී ගිහින්, හිතේ අර තරුණිය ගැණ ආදර හැඟීමක් ඉපදිලා. ඔන්න ආදර හැඟීම් සහිත වූ සිතේ උත්පාද අවස්ථාව.

    පණ්ඩිත් අමරදේවයන්ගේ ළයාන්විත හඬින් මේ පද පෙළ අහනකොට ඕනැම කොල්ලෙක්ට ත්මන්ගෙ හිතේ ඇතිවෙච්ච පළවෙනි ආදර හැඟීම, ඒ තරුණිය මතක් වෙනව. සැහැල්ලුවෙන් ගෙවිල ගිය ඒ කාලෙ හිතට එන මේ නැවුම් ආදර හැඟීම මොනතරම් සුන්දරද?

    උකුළ ලැම හස මලවි කරළිය
    මුවාකල ඇගෙ දුහුල් සළු තිර
    විවර කෙරුවා මනස් සළෙලුන්
    උමතු වූ දෙනුවන් රැහැන් ඇද
    මෙමා අබියස මැවුනු තුසිතය
    සුරන් නැළවූ... සුයාමය

    මේ පද පෙළින් කියවෙන්නෙ අර තරුණියව මේ තරුණයාට පෙනුනු ආකාරයත් ඒ දැක්මෙන් හිතේ උපන් නුහුරු රාග මිශ්‍රිත හැඟීම් සමුදාය ගැනත්. 'උකුළ ලැම හස මලවි කරළිය' කියන පද පේලියෙන් අර තරුණිය ගැන සවිස්තර විස්තරයක් අපේ හිතේ උපදවන්න තරම් පදරචකයා දක්ශ වෙනවා. 'මුවාකල ඇගෙ දුහුල් සළු තිර' - ඇය ඇඳ සිටින සරළ ඇඳුම පවා තරුණයාගෙ හිතේ රාගික හැඟීම් පුබුදු කරනවා. ඒ ගැන ඊලඟ පද දෙපේළියෙන් 'විවර කෙරුවා මනස් සළෙලුන්, උමතු වූ දෙනුවන් රැහැන් ඇද' කියල මුළු සංවේදී අත්දැකීමම සම්පූර්ණ කරනවා. ඊළඟ පද දෙපේලිය තමයි මේ ගීතයෙ වටිනාම කොටස වෙත අපිව ගෙනියන්නෙ. මේ තරුණයා මේ අත්දැකීමට දුන් වටිනාකම ඉතා ඉහළයි. මේ අත්දැකීම සුරලොවක් වගෙයි ඔහුට පේන්නෙ. ඔහු හිතනව 'මේ සුරයින් පවා නැළවිය හැකි සුරඟනක්ය' කියල. තුසිත දෙව්ලොව වෙත තමා ගියා වගේ හිතෙනව. තුසිත දෙව්ලොව කියන්නේ සුර සැපෙන් ආඪ්‍ය වූ තැනක්. එහි සුර අඟනුන් ඉතා ඉහළ රූ සපුවෙන් යුක්ත යැයි සැළකෙනවා.

    ඔන්න ආදර හැඟීම් සහ ඒ හා මිශ්‍ර වූ රාගික හැඟීම් රමණය කරමින් හිතෙන් සතුටුවන අවස්ථාව - තිථි.

    ගීතයෙ මේ කොටසට එනකොට අපි ආදරෙන් රාගයෙන් මත්වෙලා, පොපියන සිතකින් ඉන්නේ. මේ තරුණයත් එහෙමයි. නමුත් ගීත රචකයා මෙතැන් පටන් ඉතා ප්‍රබල උපමාරූපක යොදල අපි හිතේ මවාගත්තු තුසිතය පිටින්ම බිමට ඇදල දානව.

    නිසල ජීවන තපෝ වනමැද
    හැඟුම් ගජසෙන් යදම් බිඳවැද
    තළා සිඳ කම්පණය කරවයි
    ළපලු තුරුවැල් කැකුළු මල් පෙති
    මෙමා හඬවයි බිඳුනු තුසිතය

    සුරන් නැළවූ... සුයාමය

    තරුණයට එක්වරම මතක් වෙනවා ඔහු මෙතෙක් කල් ගෙවූ සොඳුරු ළමාවිය. ඒ කාලය කොච්චර අහිංසක, සැහල්ලු කාලයක්ද? අද මේ පැන්න කඩුල්ල එසේ මෙසේ එකක් නොවන වග ඔහුට පසක් වෙනව. මේ සුරසැප වගේ පේන දේ විඳින්න ගිහින් ඔහුට නැතිවුනු ළමාවිය, ඒ ළාමක අහිංසක හැඟීම් ගැන ඔහු දුක්වෙනවා. මෙතෙක් කල් ඔහුගෙ තපෝ වනයක් බඳු නිසංසල හිත, ළාබාල වියෙ කැකුළු මල් වැනි අහිංසක හැඟීම්, ඔහුගෙම ආදර/රාගික හැඟීම් කියන හස්තියන්ගෙන් ආරක්ෂා වුනේ
    අහිංසක කෙළිලොල් ළමාවියේ යදමින් බැඳ තිබූ නිසයි. අද ඒ යදම් බිඳී ගිහින් ඒ ආවෙගශීලී සිතුවිළි හස්ති සෙනාව කෙළිලොල් අහිංසක ළමා සිතුවිලි කියන කැකුළු මල් පොඩිකරල මුළු තපෝ වනයම දෙවනත් කරනව. මේ නුහුරු හැඟීම ඔහුගෙ මුළු හදවතම කම්පනයට පත්කරල. මේ පද පේළි වල ඇත්තටම හස්ති සේනාවක තියෙන ප්‍රබල ශක්තිය ගැබ් වෙනව. තවදුරටත් තමාට ඒ හැඟීම් පාලනය කරගන්න බැහැ. බලන්න කොයිතම් ලස්සනට ගීත රචකයා අර තරුණයගේ හිතේ ඇතිවූ නැවුම් සිතිවිළි වල ව්‍යාකූලත්වය අපිට කියනවද?

    ආපහු බැලුවම තමයි මේ තරුණයට පෙනෙන්නෙ තමන් මේ අළුත් තුසිතයට ආවෙ තවත් තුසිතයක ඉඳල නේද කියල. මේ අලුත් නව යොවුන් තුසිතය ලබාගන්න ඔහුට ඔහුගේ ළමාවිය කියන තුසිතය බිඳගන්න වෙනව. ඔහුගෙ සිත හඬනව නැතිවුනු සැප සම්පත් දැකල. ඔහුට පුදුම හිතෙනව මේ අර සුරයන් නැළවූවා කියල හිතපු සිතිවිල්ලම නේද කියල මා හිටි දිව්‍ය විමානෙම බිඳල දැම්මෙ. මේ අවස්ථාව අර මුලින් හිතේ ඇතිවෙච්චි රසබර හැඟීමේ භංග කියන අවස්ථාව පිළිබිඹු කරනව. ආයෙ කවදාවත් අර සිතුවිල්ල මුලින් ඇතිවුනු තරම් රසවත්ව මේ තරුණයගෙ හිතේ ඇතිවෙනෙ නෑ. ඒකයි අපි කාටවත් ප්‍රථම ප්‍රේමය කියන රසවත් අත්දැකීම මැරෙනකම්ම අමතක කරන්න බැරි.

    දැන් කියාපල්ල බලන්න ඉංග්‍රීසි සින්දුවක් හරි, රැප්, හිපොප්, මෙකී නොකී අනිත් සින්දු අහල කවද්ද ඇහැට මේ විදිහට කඳුලක් ඉනුවෙ කියල?
    :)

    කුමරියක පා සළඹ සැලුනා

    කුමරියක පා සළඹ සැලුනා
    වසා සිටි නෙතු පියන් ඇරුනා
    කුමර බඹසර අසපුවේ මා
    සමවැදී උන් දැහැන් බිඳුනා
    කුමරියක පා සළඹ සැලුනා...

    උකුළ ලැම හස මලවි කරළිය
    මුවාකල ඇගෙ දුහුල් සළු තිර
    විවර කෙරුවා මනස් සළෙලුන්
    උමතු වූ දෙනුවන් රැහැන් ඇද
    මෙමා අබියස මැවුනු තුසිතය
    සුරන් නැළවූ... සුයාමය

    කුමරියක පා සළඹ සැලුනා...

    නිසල ජීවන තපෝ වනමැද
    හැඟුම් ගජසෙන් යදම් බිඳවැද
    තළා සිඳ කම්පණය කරවයි
    ළපලු තුරුවැල් කැකුළු මල් පෙති
    මෙමා හඬවයි බිඳුනු තුසිතය

    සුරන් නැළවූ... සුයාමය

    පද රචනය: කේ.ඩී.කේ. ධර්මවර්ධණ
    සූරීන්
    සංගීතය: විශාරද වික්ටර් රත්ණායක සූරීන්
    ගායනය: පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව සූරීන්
    හරවත් විචාරයට ස්තුතියි..දිගටම අපිත් එක්කහිදිමින් මේ වගේ විචාර වල යෙදෙන්න...
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ඔබ තරම් පෙම් කල කිසිවෙක්
    නැති තරම් මේ ලෝකයේ කොහෙවත්
    ඔබට මං ආදරේ බව මෙතරම්
    වැටහුනේ ඔබ වෙන්වී ගිය දා
    ඔය නෙතු හැඩ වු තරම්
    ඔබ පෙම් කෙරු තරම්
    අදහන්නත් බෑ කොහෙ තිබුණාදැයි
    මේ තරම් ආදරේ... මේ තරම් ආදරේ

    ‍රැය පුරා ඉකිගසා රතට හැරි දෙනුවන් පුරා
    මල් සිනා මැවෙනවා ගිලන්වි හද පාරලා
    ආයෙත් ඔබ මට හිමිවෙයි නම් ආත්මයෙන් ඔබ අදහන්නම්
    තවකෙකු හට හිත දි ඇත්නම් සුභ පතලා ඇතට වෙන්නම්

    තනිවෙලා මා ඔවේ හිරු නොනගින මේ වසන්තේ
    දිවිතුර විදවමි අහිමි කරන් මගේ ආදරේ
    ආයෙත් ඔබ මට හිමිවෙයි නම් ආත්මයෙන් ඔබ අදහන්නම්
    තවකෙකු හට හිත දී ඇත්නම් සුභ පතලා ඈතට වෙන්නම්

    - Theekshana Anuradha​
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,989
    3,448
    113
    Battaramulla, Sri Lanka
    මේක තමා මම මුලින්ම පොස්ට් කරන ගීතය. වැරදි ඇතොත් සමාවෙලා මාව නිවැරදි කරන්න.

    මේ ගීතය ලියූ පදරචකයා බෞද්ධ සාහිත්‍යයෙන් පෝශණය ලබා, බොදු බණ පිළිබඳව කිසියම් දැනුමක් ඇත්තෙක්. බොදු බණ අනුව අපේ හිතේ හටගන්නා හැඟීම් අවස්ථා තුනක් පසුකරනවා. ඒවා නම්:

    • 'උත්පාද - පංචේන්ද්‍රියෙන් ලබාගත් සංඤාවන් විඤ්ඤාණය හා ගැටීම සමඟ සිතක් හටගැනීම'
    • 'තිථි - සිතිවිල්ල පැවතීම, රමණය හෙවත් රසවිඳින අවස්ථාව'
    • 'භංග - සිතිවිල්ල අවසානය, ක්ෂය වී යෑම'
    මේ ගීතයේ chorus එකෙන් උත්පාද අවස්ථාවත්, පළවෙනි verse එකෙන් තිථි අවස්ථාවත්, දෙවෙනි verse එකෙන් භංග අවස්ථාවත් කියන අවස්ථා තුනම පිළිබිඹු කරනවා.

    කුමරියක පා සළඹ සැලුනා

    වසා සිටි නෙතු පියන් ඇරුනා
    කුමර බඹසර අසපුවේ මා
    සමවැදී උන් දැහැන් බිඳුනා

    මේ සිංදුවෙන් කියවෙන්නෙ නව යොවුන් වියේ ඉන්න තරුණයෙකුගෙ හිතේ ඇතිවෙන නැවුම් ආදර හැඟීමක් ගැන. කුමර බඹසර අසපුව කියන එකෙන් ඒ ගැන අපට ඉඟියක් දෙනවා. මේ තරුණයාට ගීතයෙ කියවෙන තරුණිය ගැන ආල හැඟීමක් ඇතිවුනාම ඔහුම කල්පනා කරනවා, මට මෙච්චරකල් මෙහෙම හැඟීමක් ඇතිවුනේ නැත්තෙ ඇයි කියල. 'මේ කෙල්ල මෙච්චරකල් කොහෙද හිටියෙ? ඇයි මට ඇයව මීට කලින් මෙහෙම පෙනුනෙ, දැනුනෙ නැත්තෙ?'. ඒක හරියට වහගෙන හිටපු ඇස් දෙකක් එකපාරටම ඇරලා බැලුවා වගෙයි. ඔහු සමවැදී උන් ළමාවියේ දැහන බිඳී ගිහින්, හිතේ අර තරුණිය ගැණ ආදර හැඟීමක් ඉපදිලා. ඔන්න ආදර හැඟීම් සහිත වූ සිතේ උත්පාද අවස්ථාව.

    පණ්ඩිත් අමරදේවයන්ගේ ළයාන්විත හඬින් මේ පද පෙළ අහනකොට ඕනැම කොල්ලෙක්ට ත්මන්ගෙ හිතේ ඇතිවෙච්ච පළවෙනි ආදර හැඟීම, ඒ තරුණිය මතක් වෙනව. සැහැල්ලුවෙන් ගෙවිල ගිය ඒ කාලෙ හිතට එන මේ නැවුම් ආදර හැඟීම මොනතරම් සුන්දරද?

    උකුළ ලැම හස මලවි කරළිය
    මුවාකල ඇගෙ දුහුල් සළු තිර
    විවර කෙරුවා මනස් සළෙලුන්
    උමතු වූ දෙනුවන් රැහැන් ඇද
    මෙමා අබියස මැවුනු තුසිතය
    සුරන් නැළවූ... සුයාමය

    මේ පද පෙළින් කියවෙන්නෙ අර තරුණියව මේ තරුණයාට පෙනුනු ආකාරයත් ඒ දැක්මෙන් හිතේ උපන් නුහුරු රාග මිශ්‍රිත හැඟීම් සමුදාය ගැනත්. 'උකුළ ලැම හස මලවි කරළිය' කියන පද පේලියෙන් අර තරුණිය ගැන සවිස්තර විස්තරයක් අපේ හිතේ උපදවන්න තරම් පදරචකයා දක්ශ වෙනවා. 'මුවාකල ඇගෙ දුහුල් සළු තිර' - ඇය ඇඳ සිටින සරළ ඇඳුම පවා තරුණයාගෙ හිතේ රාගික හැඟීම් පුබුදු කරනවා. ඒ ගැන ඊලඟ පද දෙපේළියෙන් 'විවර කෙරුවා මනස් සළෙලුන්, උමතු වූ දෙනුවන් රැහැන් ඇද' කියල මුළු සංවේදී අත්දැකීමම සම්පූර්ණ කරනවා. ඊළඟ පද දෙපේලිය තමයි මේ ගීතයෙ වටිනාම කොටස වෙත අපිව ගෙනියන්නෙ. මේ තරුණයා මේ අත්දැකීමට දුන් වටිනාකම ඉතා ඉහළයි. මේ අත්දැකීම සුරලොවක් වගෙයි ඔහුට පේන්නෙ. ඔහු හිතනව 'මේ සුරයින් පවා නැළවිය හැකි සුරඟනක්ය' කියල. තුසිත දෙව්ලොව වෙත තමා ගියා වගේ හිතෙනව. තුසිත දෙව්ලොව කියන්නේ සුර සැපෙන් ආඪ්‍ය වූ තැනක්. එහි සුර අඟනුන් ඉතා ඉහළ රූ සපුවෙන් යුක්ත යැයි සැළකෙනවා.

    ඔන්න ආදර හැඟීම් සහ ඒ හා මිශ්‍ර වූ රාගික හැඟීම් රමණය කරමින් හිතෙන් සතුටුවන අවස්ථාව - තිථි.

    ගීතයෙ මේ කොටසට එනකොට අපි ආදරෙන් රාගයෙන් මත්වෙලා, පොපියන සිතකින් ඉන්නේ. මේ තරුණයත් එහෙමයි. නමුත් ගීත රචකයා මෙතැන් පටන් ඉතා ප්‍රබල උපමාරූපක යොදල අපි හිතේ මවාගත්තු තුසිතය පිටින්ම බිමට ඇදල දානව.

    නිසල ජීවන තපෝ වනමැද
    හැඟුම් ගජසෙන් යදම් බිඳවැද
    තළා සිඳ කම්පණය කරවයි
    ළපලු තුරුවැල් කැකුළු මල් පෙති
    මෙමා හඬවයි බිඳුනු තුසිතය

    සුරන් නැළවූ... සුයාමය

    තරුණයට එක්වරම මතක් වෙනවා ඔහු මෙතෙක් කල් ගෙවූ සොඳුරු ළමාවිය. ඒ කාලය කොච්චර අහිංසක, සැහල්ලු කාලයක්ද? අද මේ පැන්න කඩුල්ල එසේ මෙසේ එකක් නොවන වග ඔහුට පසක් වෙනව. මේ සුරසැප වගේ පේන දේ විඳින්න ගිහින් ඔහුට නැතිවුනු ළමාවිය, ඒ ළාමක අහිංසක හැඟීම් ගැන ඔහු දුක්වෙනවා. මෙතෙක් කල් ඔහුගෙ තපෝ වනයක් බඳු නිසංසල හිත, ළාබාල වියෙ කැකුළු මල් වැනි අහිංසක හැඟීම්, ඔහුගෙම ආදර/රාගික හැඟීම් කියන හස්තියන්ගෙන් ආරක්ෂා වුනේ
    අහිංසක කෙළිලොල් ළමාවියේ යදමින් බැඳ තිබූ නිසයි. අද ඒ යදම් බිඳී ගිහින් ඒ ආවෙගශීලී සිතුවිළි හස්ති සෙනාව කෙළිලොල් අහිංසක ළමා සිතුවිලි කියන කැකුළු මල් පොඩිකරල මුළු තපෝ වනයම දෙවනත් කරනව. මේ නුහුරු හැඟීම ඔහුගෙ මුළු හදවතම කම්පනයට පත්කරල. මේ පද පේළි වල ඇත්තටම හස්ති සේනාවක තියෙන ප්‍රබල ශක්තිය ගැබ් වෙනව. තවදුරටත් තමාට ඒ හැඟීම් පාලනය කරගන්න බැහැ. බලන්න කොයිතම් ලස්සනට ගීත රචකයා අර තරුණයගේ හිතේ ඇතිවූ නැවුම් සිතිවිළි වල ව්‍යාකූලත්වය අපිට කියනවද?

    ආපහු බැලුවම තමයි මේ තරුණයට පෙනෙන්නෙ තමන් මේ අළුත් තුසිතයට ආවෙ තවත් තුසිතයක ඉඳල නේද කියල. මේ අලුත් නව යොවුන් තුසිතය ලබාගන්න ඔහුට ඔහුගේ ළමාවිය කියන තුසිතය බිඳගන්න වෙනව. ඔහුගෙ සිත හඬනව නැතිවුනු සැප සම්පත් දැකල. ඔහුට පුදුම හිතෙනව මේ අර සුරයන් නැළවූවා කියල හිතපු සිතිවිල්ලම නේද කියල මා හිටි දිව්‍ය විමානෙම බිඳල දැම්මෙ. මේ අවස්ථාව අර මුලින් හිතේ ඇතිවෙච්චි රසබර හැඟීමේ භංග කියන අවස්ථාව පිළිබිඹු කරනව. ආයෙ කවදාවත් අර සිතුවිල්ල මුලින් ඇතිවුනු තරම් රසවත්ව මේ තරුණයගෙ හිතේ ඇතිවෙනෙ නෑ. ඒකයි අපි කාටවත් ප්‍රථම ප්‍රේමය කියන රසවත් අත්දැකීම මැරෙනකම්ම අමතක කරන්න බැරි.

    දැන් කියාපල්ල බලන්න ඉංග්‍රීසි සින්දුවක් හරි, රැප්, හිපොප්, මෙකී නොකී අනිත් සින්දු අහල කවද්ද ඇහැට මේ විදිහට කඳුලක් ඉනුවෙ කියල?
    :)

    කුමරියක පා සළඹ සැලුනා

    කුමරියක පා සළඹ සැලුනා
    වසා සිටි නෙතු පියන් ඇරුනා
    කුමර බඹසර අසපුවේ මා
    සමවැදී උන් දැහැන් බිඳුනා
    කුමරියක පා සළඹ සැලුනා...

    උකුළ ලැම හස මලවි කරළිය
    මුවාකල ඇගෙ දුහුල් සළු තිර
    විවර කෙරුවා මනස් සළෙලුන්
    උමතු වූ දෙනුවන් රැහැන් ඇද
    මෙමා අබියස මැවුනු තුසිතය
    සුරන් නැළවූ... සුයාමය

    කුමරියක පා සළඹ සැලුනා...

    නිසල ජීවන තපෝ වනමැද
    හැඟුම් ගජසෙන් යදම් බිඳවැද
    තළා සිඳ කම්පණය කරවයි
    ළපලු තුරුවැල් කැකුළු මල් පෙති
    මෙමා හඬවයි බිඳුනු තුසිතය

    සුරන් නැළවූ... සුයාමය

    පද රචනය: කේ.ඩී.කේ. ධර්මවර්ධණ
    සූරීන්
    සංගීතය: විශාරද වික්ටර් රත්ණායක සූරීන්
    ගායනය: පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව සූරීන්

    very well written. Well done machan !
     
    • Like
    Reactions: ColdBreath

    wel come bro keep posting