මේ ගීතය ආදර ගීතයක්ද...?
ඔන්න යාළුවනේ තවත් ගීතයක් අරගෙන ආවා.... මේ ගීතයේ මම විචාරයක් කරන්නෙ නෑ... අපේ යාළුවෝ ඒ විචාරය කරන්න... හැමදාම විචාරයම කරන නිසා පොඩි වෙනසකටත් එක්කයි මම මේ ගීතය අරගෙන අවේ... මේ අදහස ආවේ අපේ මේ නූල ආරම්භ කල ධනුෂ්ක සහෝදයා නිසා....
මේ ගීතය ආදර ගීතයක්ද...? අපේ යාළුවෝ ගොඩාක් දෙනෙක් සිතාගෙන ඉන්නෙ මේ ගීතය ආදරවන්තයෙක් සිය ආදරවන්තිය ගැන තිබෙන ආදරය ගැන පවසන ගීතයක් කියලා.
නමුත් මේ ගීතයේ කොතැනකදිවත් ආදරයක් ගැන පවසන්නෙ නෑ... මේ ගීතයේ කොතනකදිවත් ඇයට කරන ආදරයක් ගැන පවසන්නෙ නෑ.... ගීතය ලියල තියෙන්නෙ මහාචාර්ය කාලෝෆොන්සේකා. ඔහු සිය දියණිය නිසා ඇතිවන සතුට හා සිතේ ඇතිවන හැගීම් තමා මෙහි ප්‍රකාශ කරල තියෙන්නේ...
මේ විෂ පිරුණු සමාජයේ ඔබ ප්‍රවේසමෙන් ඉන්නවා.. ඒ විතරක් නෙමෙයි ඒ නරක සමාජයේ හොද මනුස්සයෙක් වෙලා ඔබ දිදුලනවා... එය මට මිල කල නොහැකි සන්තෝෂයක් දුවේ. මගේ හදවතේ වටිනාම තැන ඉන්නෙ ඔයා දෝනි... මම ඒ වටිනාම තැන තියෙන ඔබව නිතරම සිහි කරල සතුටු වෙනවා... ඒ සතුට පියෙකුට මෙච්චරයි කියල කියන්න බෑ...
පියෙකුට දියෙණියක් කියන්නෙ මුළු ලෝකයක්ම.. අන්න ඒ ලෝකයේ මම නුඹ වෙනුවෙන් ආඩම්බර වෙවී... සතුටු වෙවී ඉන්නම්.... මගේ දෙනෙත් පියවෙනතුරාවටම නුඹ වෙනුවෙන් විදින ඒ සතුට හොදටෝම ඇති.... මගේ හදවත නුඹ දකින විටදිත් ලොව්තුරා සුවයකින් නැහැවෙනවා... ඔබේ රුව, ඔබේ හඩ මට අමාසුවයක් දුවේ... ඒ සුවය මාව සුවපත් කරයි මේ ජීවිතය පුරාවටම...
රුදුරු තුරු වදුලේ
තියුණු කටු අතරේ
දිලෙන සියුමැලියේ
ඔබයි ජීවන සුවඳ දෙන්නේ
රෝස කුසුම මගේ //
මහදේ රන්සුමු ගේ ඔබ තබලා
නිරන්තරේ රැක ගනිමි පුබුදුවලා
සුවඳ විඳිමින් ඉඳිමි සැමදා
දෑස වැසෙන තුරා //
මිහිරී රූසිරී
මිහිරී ජනනියේ
සිත සැනසේ ඔබ දසුනේ
මුදුමතී, මුදුමතී
සිත සැනසේ ඔබ දසුනේ
රුදුරු තුරු වදුලේ...
පද රචනය: කාලෝ ෆොන්සේකා
සංගීතය: රෝහණ වීරසිංහ
ගායනය : සුනිල් එදිරිසංහ
මේ ගීතය ගායනා කරන්නේ සුනිල් එදිරිසංහයන්. ඒ විතරක් නෙමෙයි විදේශිකයන් පවා ඉතාම ඇළුම්කරන සංගීතයක් තමා රෝහණ වීරසිංහයන් මේ ගීතයට යොදා තිබෙන්නේ... පහලින් තිබෙන වීඩියෝව නරඹන්න... බලන්න විදේශිකයන් මේ ගීතයට සංගීතය ලබාදෙන්න දරණ උත්සාහය.. ඒ විතරක් නෙමෙයි විදේශිකයන් උනත් ඔවුන් මේ ගීතය විදින අපූරුව... අපි අපේ සංගීතය අමතක කරන කාලයේ විදේශිකයන් අපේ සංගීතයට ඇළුම්කිරීම එක අතකින් අපි ලැජ්ජාවිය යුතුයි... ඒ විතරක් නෙමෙයි විදේශිකයන්ට ඔවුන්ගේ ආසාව අනුව සංගීතය ලබාදීමට ඉඩදී ඔවුන් හා මේ ගායනා කිරීම ගැන සුනිල් එදිරිසිංහයන්ට ස්තූතිවන්ත වියයුතුයි මම හිතන්නේ...
මොකද හිතන්නෙ දැන් අපේ යාළුවෝ... පියෙක් දියණියකටද...? ආදරවන්තයෙක් ආදරවන්තියටද මේ ගීතයෙන් කියන්නේ...... ?

Last edited: