මගෙන් සමහර සොයුරන් පී එම් කරල අහල තිබ්බා "උඹ සන්නස්ගල සර් එක්ක මොකක්ද තියන අරෝව?" කියලා. ඒකත් කියන්නම් කෝ මෙහෙම්ම ම..........
මම උසස් පෙළට කලේ ජීව විද්‍යා විෂයන්. නමුත් මට පුදුම ඇම්මක් තිබ්බා විජාතිකයෙක් වෙච්ච බුද්ධඝෝස හිමියන් පවා "සිහල භාසං-මනෝරමං භාසං" කියල වර්ණනා කරපු මගේ ආදරණීය මව්බස හදාරන්න. මේ නිසා ම මම සන්නස්ගල ඇදුරුපාණන් ගේ සිංහල පන්තියකට ගියා.
ඔය පන්ති වලට යනකොට තියනවා නොවැ පුරවන්න ඉල්ලුම් පත්‍රයක්. ඒකෙ තියනව කරන අනෙතුක් විෂයන් දාන්නත්. මම ඉතිං දෙයියනේ සංහල කරන එකක්යැ අසස් පෙළට? ලිව්වා, අනෙකුත් විෂයන් වලට ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව -තරුවක් කාරිය දමල ලිව්වා රසයන විද්‍යාව කියලා.....!!!
කොහොමින් කොහොමින් හරි මේක යන්න ඇති එතුමා ගාවට. මාස 3 කුත් සති දෙක තුන කට පස්සේ එතුමා මට ප්‍රසිද්ධ කින්ඩියක් දැම්මා. පන්තියෙදිම.....
"මේකේ ඉන්නවා කහන එකෙක්. නැත්තං සෙවලයෙක්. මොකද මිනිහ කරන්නේ බයෝ සයන්ස්. නමුත් මේකට රිංගනවා එක්කෝ සෙවල හලන්න. නැත්තං බයෝ කරන්න බැරුව කහනවට. සෙවල හලනව නම් පාරේ ඉදගෙන පන්තිය ඉවර වුනාම හලපිය මං කියන්නේ, කාලෙ කන්න මේකේ අස්සට වැදිලා සෙවල පෙරන්නේ නැතුව........."
ඔන්න ඕකයි සිද්දිය.........ඉන් පස්සේ මම ඒ පන්තියට ගියේ නැත...........නමුත් මගේ මව්බස ගැන හැදෑරීම අතහැරියේ ද නැත.........
කොහොම නමුත් ඒ මොන කිංඩි ටෝක් දැම්මද එතුමා විශිෂ්ට ගුරුවරයෙකු බව නම් ඕනෑම තැනක කියමි........!!!!!!!!